Friday, March 24, 2023

1971 පෙබරවාරි 11 තිරගත වන්නේ සිංහල සිනමාවේ 226 වන චිත්‍රපටයයි.

 1971 පෙබරවාරි 11 තිරගත වන්නේ  සිංහල සිනමාවේ 226 වන චිත්‍රපටයයි.එය තිමති වීරරත්නයන් ගේ අධ්‍යක්ෂනයක්  වූ - දැවෙන පිපාසය - චිත්‍රපටය වේ.පැසිපියා පිල්ම්ස් වෙනුවෙන්  පබ්ලික් දොඩන්ගොඩ ගේ නිෂ්පාදනයක් වේ. කතාව සහ දෙබස් සහ ගීත රචනය හෙන්රි ධර්මසේන ගෙනි.සංස්කරණය කරනු ලැබුවේ ඒ.ඒ. අමරදාස විසිනි.තිර රචනය ,කැමරා අධ්‍යක්ෂණය තිමති වීරරත්න වේ.සංස්කරණයට ද තිමති වීරරත්න දායකව තිබේ.ගීතනු සහ සංගීත අධ්‍යක්ෂණය පී.වී.නන්දසිරි විසිනි. ලතා වල්පොල ,පී.වී.නන්දසිරි, එච්.ආර්.ජෝතිපාල ,ශ්‍රීමති තිලකරත්න පසුබිම් ගායනා කරන ලදී.ගීත 4 අඩංගු විය.මේ මහා ජීවන කතරේ,ලස්සන ලස්සන මල්වාගේ,රිදී වලා තුලින් එබී ,තෘෂ්ණා පිපාසේ  කාම පිපාසේ මේ ගීත වේ.මෙහි රිදී වලා තුලින් ගීතය පෙර නිර්මාණය කල කේවල ගීයකි.එය ලංකාවට පැමිණි භාරතීය කළා ශිල්පී බ්‍රිජු මොහාන් මහාරාජ් විසින් වේදිකා ප්‍රසංගයක දී ගයන  ලදී. එය මේ චිත්‍රපටයට එකතු කර තිබේ.කතා සාරාංශය මෙසේය. රහස් පරීක්ෂකයෙක් වන රොබින් - රොබින් ප්‍රනාන්දු - රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව නීලා - නිලන්ති විජේසිංහ - බෝඩිමට ඇරලවයි.කාමරයෙන් ඇසෙන ශබ්දයක් නිසා එතනින් ගමන් ගන්නා විසුළු ස්වභාවයේ පුද්ගලයන් දෙදෙනෙකු කාමරයට ඇතුළු වෙති.එම ශබ්දය එන්නේ නිලා සහ ඇගේ යෙහෙළිය අයිරින් - ගර්ලි ගුනවර්දන - අසමින් සිටින ගුවන් විදුලි නාටකයකිනි .රෝයි - රෝයි ද සිල්වා - හා ස්ටැන්ලි - ස්ටැන්ලි පෙරේරා - නම් මේ විසුළු ස්වභාවයේ දෙදෙනා නැතිවූ තරුණියන් සෙවීමේ නියුතු පෞද්ගලික රහස් පරීක්ෂකයන් දෙදෙනෙකි. - ටින් ටින් කතාවේ රහස් පරීක්ෂකයන් ඇසුරෙන් මෙය නිර්මාණය කොට තිබේ - .තරුණියන් වැඩිපුර නැතිවෙන්නේ බදුල්ල ප්‍රදේශයෙනි.ඒ පිළිබද පරීක්ෂණය රොබින් ට පැවරේ.බදුල්ලට යන රෝයි හා ස්ටැන්ලි සර්කස් පැසිපියා සංදර්ශනය නරබති.එහිදී ද තරුණියක පැහර  ගනී.මේ තරුණියන් පාලු නිවසක රදවා ගැනේ.ඔවුන් ගේ රැකවරණයට සැරපරුෂ ස්ත්‍රියක් වේ.- පර්ල් වාසුදේවි - නිවසේ කාමරයක විශාල චිත්‍රයක් තිබේ.ප්‍රධානියා අනදෙන්නේ මේ චිත්‍රයේ ඇස්දෙකෙන් නිරීක්ෂණය කරමිනි.තරුණියන්ට වධදෙන කණ්ඩායමේ නායකයා පියදාස - පියදාස ගුණසේකර - වේ.නිලා ගේ දෙමාපියන් නැත .ය තමා හදා වඩාගත් මාමා ජයසේකර - දොන් සිරිසේන - හා නැන්දා -ශාන්ති ලේඛා බැලීමට බදුලු යයි.නිලාගේ පියා විද්‍යා පරික්සකයෙකි .පරීක්ෂණයක් වැරදි ඔහු සමග නිවසත් විනාශවු බව කියයි.රොබින්  හා නිලා එක්ව  සිටිනු මාමාට හා නැන්දාට පෙන්වන්නේ නිලා හා විවාහ වීමට සිතා සිටින නොයෙල් ය.රොබින්  නිලා හා විවාහ වීමට අවසරය පතයි. විවාහ වී මධු සමයට යන අතර පාලු පෙදෙසදී රිය යාන්ත්‍රික දෝෂයකට ලක්වේ.අතර මග ඉන්ධන හලේ වෙස්වලාගෙන සිටින සාජන් දයානන්ද - දයානන්ද ජයවර්දන - හමුවේ.ඔහු ද තරුණියන් සෙවීමේ පරීක්ෂනයට සම්බන්ධව සිටි.රොබින් නිලා හා පරිසරයේ ඇවිදීමට යන අතර සිරෙන් පැනයන ලුකස් - එඩී ජුනියර් - හමුවේ..වැස්සක් කඩා වැටේ එයින් බේරීමට ලුකස් පෙන්වන කඩා වැටුණු නිවසකට දෙදෙනා යයි.දයානන්ද කැටිව ඒමට යන ලුකස් ව අතරමගදී මරා දැමේ.නිවසේදී නිලා ද අතුරුදන් වේ.දයානන්ද පැමිණේ රොබින් ඔහුව පොලිසිය කැදවා ගෙන ඒමට යවයි.අතර මගදී ඔහුව මරා දැමීමට කරන උත්සාහයෙන් ඔහු ගැලවේ.නිලාව ගෙන ගොස් අයට වධ දීමට පියදාස සැරසෙන විට පින්තුරයෙන් බලා සිටින ප්‍රභූ එය වලක්වයි.එවැන්නක් නතර කරන්නේ පළමු වතාවටය.පොලිස් පරීක්ෂක -බැසිල් ද සේරම් - කණ්ඩායම සමග කඩා වදී .රොබින් මැරයන් හා සටන් කර නිලා හා තරුණියන් බේරා ගනී.හසුවන් ප්‍රභූ - ශේන් ගුණරත්න - නිලා  තම දියණිය බව කියයි.අගේ කරේ තිබෙන මාලයේ ලොකට්ටුවේ පියාගේ හා මවගේ පින්තුර වේ.පියා දෙවන වරට විවාහ වන බිරිද තම දෙවැන්නා - ධම්ම ජාගොඩ - සමග අනියම් සබදතාවක් වේ.මෙය පියාට හසුවේ.තම දියණිය නැගණියට හදා ගැනීමට දේ .බිරිද  හා අනියම් සැමියා මරා දමයි.තමා ද මියගිය ලෙස ජීවත්වී තරුණියන්ට වැඩ හිංසා කරයි.ඒ බිරිග කෙරෙහි වූ ද්වේශය නිසාය.මේ පාපොච්චාරන්යෙන් පසු ව ඇගිල්ලේ වූ මුදුවේ වස පානය කර දිවි නසා ගනී.රොබින් ප්‍රනාන්දු ප්‍රධාන චරිතයක් කල පළමු චිත්‍රපටය මෙය වේ. අමතර රංගන යට පියදාස විජේකෝන්, විතාරණ ,පුජිත මෙන්ඩිස්,ශ්‍රියානි  පෙරේරා ,බන්දු මුණසිංහ,එච්.ආර්.ජෝතිපාල .ගුණසේකර කේ.පතිරණ, ස්ටැන්ලි ද .සිල්වා දායකව තිබේ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Wednesday, March 22, 2023

1971 ජනවාරි 04 තිරගත වන්නේ 225 චිත්‍රපටයයි.ඒ - පුජිතයෝ

 1971 ජනවාරි 04 තිරගත වන්නේ 225 චිත්‍රපටයයි.ඒ - පුජිතයෝ - චිත්‍රපටය වේ. වික්ටර් පෙරේරා ගේ නිෂ්පාදනයකි. ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා ගේ අධ්‍යක්ෂණයකි. ඇලන්සන්  මෙන්ඩිස් ගේ කතාවක් වේ.තිරනාටකය සහ දෙබස් සිරිල් හෙට්ටිගේ ගෙනි.කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ද  අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා ගෙනි .ශබ්ද පරිපාලනය මර්වින් රොඩ්රිගෝ වේ.වේශ නිරුපනය ඊබට් විජේසිංහ ගෙනි.මේ දශකයේ ප්‍රමුඛ පෙලේ සිනමා කරුවෙක් වන එච්.ඩී ප්‍රේමරත්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ සංස්කරණයට සහාය විය.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසයන් වේ.සිරිල් හෙට්ටි ගේ ,සිරිල් ඒ.සීලවිමල ,ධර්මසිරි ගමගේ, ධර්ම ශ්‍රී කල්දේරා ,සරත් විමලවීර,ලියු ගේය  පද ඩබ්ලිව් .ඩී .අමරදේව වික්ටර් රත්නායක , ,,ඒ.ජේ.කරීම්,ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න ,ජයතිස්ස හෙට්ටිආරච්චි ,මිල්ටන් මල්ලවආරච්චි,ලතා වල්පොල,සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළේය.මිල්ටන් මල්ලවආරචිචි  ගායනයට එක්වන්නේද මෙම චිත්‍ර පටයෙනි.කතා සාරාංශය මෙසේය.මණ්ඩාවල මුදලාලි -   එච්.ඩී .කුලතුංග - හා මැණිකේ ගේ -ශාන්ති ලේඛා  - දියණිය ඉන්ද්‍රා -  ස්වර්ණා කහවිට - පාසල් ශිෂ්‍යාවකි. ය පාසල් යන්නේ බණ්ඩා - දොන් සිරිසේන - සමගිනි.සිඩ්නි - ලයනල් දැරණියගල - ඉන්ද්‍රා විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන සිටි.ඉන්ද්‍රාත්  පියාත් එයට අකමැතිය.සල්ලාල පැවතුම් ඇති සිඩ්නි එම නිවසේ සේවිකාවට පවා රාගික බලපෑම් කරයි.මැන්ගෝ ගේ - දෙනවක හාමිනේ ගේ - පුතා ජයන්ත නොහොත් බිංදු - වොලී නානායක්කාර - වේ.දියණිය නීලා ය.- නිලන්ති විජේසිංහ - ඇගේ දෙනෙත අන්ධය .ඔවුනට පිහිට වන්නේ ඩයස් - ධර්මදාස කුරුප්පු - මාමා ය.බින්දු ගේ මිතුරු බන්දු  - ස්ටැන්ලි පෙරේරා - නිලාට පෙම් කරයි.දිනක් සිඩ්නි නිලාව බලයෙන් කාර්යට නංවා ගැනීමට උත්සාහ කරයි.ඊට මැදිහත් වන බිංදු හා බන්දු සිද්නිට පහර දෙයි.මේ නිසා සිඩ්නි ගේ මැරයෝ බින්දු හා බන්දු  සේවය කරන වෙඩි බෙහෙත් කම්හලට ගිනි තබයි.අනතුරට පත්වන බන්දු නිලා  වෛද්‍ය වරයෙක්  - ජෝ දඹුළුගල - ලගට රැගෙන යයි.එහි එන අක්ෂි වෛද්‍ය වරයෙක් වන මංගල - තිස්ස විජේසුරේන්ද්‍ර - නිලා සුවකළ හැකිබව පවසයි.රිකියාවක් සොයා මණ්ඩාවල නිවසට එන  බින්දුට ඉන්ද්‍රා මුණ ගැසේ .දෙදනා අතර පෙම් සබදතාවක් ඇතිවේ.බන්දුට වෛද්‍ය වරයා  ලග රැකියාවක් ලැබේ.මේ අතර සිඩ්නි වෛද්‍ය වරයා ළඟ ඇති ලිපියක් සොරා ගැනීමට උත්සාහ කරන්නේ මැණිකේ ගේ උපදෙස් අනුවය.මැදිහත් වන බඳු වෛද්‍ය වරයා බේරා ගනී.නිලා ගේ දෙනෙත් සුවකරන මංගල ඇයට නිවසට යාමට හෝ බඳු මුණ ගැසීමට ඉඩ නොදෙයි.ඒ මන්ගලද නිලාට පෙම් කරන බැවිනි.රාත්‍රී මණ්ඩාවල නිවසට පැමිණෙන සිද්නීරා පහර ගැනීමට සැරසෙන විට බිංදු මැදිහත් වේ.සිඩ්නි තබන වෙඩිපහරක් නිවසට පැමිණ සිටින මණ්ඩාවලගේ   ගේ සොහොයුරා ජගත්ට  - සතිස්චන්ද්‍ර එදිරිසිංහට - එල්ලවේ.ඔහු සිඩ්නි ගේ පියා බව හෙළිවේ.මේ අහර නීලා ද මංගල සමග එහි පැමිණේ.ජගත් ගේ පළමු බිරිය මියගිය පසු ඔහු බිමට ඇබ්බැහි වේ.ඔහුට පිහිට වන්නේ මැන්ගෝ ගේ දියණියයි.එහත දියණියන් දෙදෙනෙක් ලැබුණු පසු මව මිය යයි .එක දියණියක් මැන්ගෝ ලග වැඩෙන අතර අනෙක් දියණිය මණ්ඩාවල හදාගනි.මේ විස්තරයයි සොරා ගන්නට උත්සාහකල ලිපියේ ඇත්තේ.ඉන්ද්‍රා හා නිලා සිඩ්නි ගේ සොහොයුරියන්ය. මංගල සමග නීලා විවාහ වියයුතුයි සියලු දෙන අනුමත කලත් බඳු ගේ කටහඩ ඇසෙන නීලා බන්දුට සමීප වේ.ජෝ දඹුලුගල .සිනමාවට එක්වන්නේ ද මේ චිත්‍රපටයෙනි.අමතර රංගනයෙන් ෂේන් ගුණරත්න ,සෝනියා දිසානායක ,වයි.එම.කරුණාතිලක,පියදාස විජේකෝන්,විමල් කුමාර ද කොස්තා ,ලලිතා අල්මේදා ,ක්‍රිස්ටි පෙරේරා,වින්සන්ට් සේරසිංහ අද්දෙන දායකව තිබේ.


Monday, March 20, 2023

1970 දෙසැම්බර් තිරගත වූ - සුළි සුළං - චිත්‍රපටය සිංහල සිනමා වේ 224 වැන්නයි

    1970 දෙසැම්බර් තිරගත වූ -  සුළි සුළං -  චිත්‍රපටය  සිංහල සිනමා වේ 224 වැන්නයි .විජිත මල්ලිකා ඇන්ටන් ප්‍රනාන්දු දෙදෙනා  ගේ නිෂ්පාදනයක් වූ අතර ඇන්ටන් ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයකි.දීර්ග කාලයක් චිත්‍රපට නිෂ්පාදන අංශයට සම්බන්ධව සිටි ඔහුගේ පළමුවන හා එකම අධ්‍යක්ෂනය වේ.විජිත මල්ලිකා ගේ ප්‍රථම විවාහක ස්වාමියා ද ඇන්ටන් ප්‍රනාන්දු වේ.පිටපත හා දෙබස් රචනය කේ හියුගෝ ප්‍රනාන්දු ගෙනි.කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස් ගෙනි,සංස්කරණය බර්නාඩ් රෙජිනෝල්ඩ් වේ. නැටුම් අධ්‍යක්ෂණය හෙලන් කුමාරි ගෙනි.සංගීත අධ්‍යක්ෂණය ටී.එෆ්.ලටීෆ් වේ.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ ,සිරිල් ඒ.සීලවිමල ගෙනි.ලාසිලනියස් කණ්ඩායම තනුව නිර්මාණය කර ගැයූ පෙම්ලොවේ සුරතලා ගීතය ද මේ චිත්‍රපටයේ විය.ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක ,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල ,මොහිදීන් බෙග්,කැමිලස් පෙරේරා ආදීන පසුබිම්  ගායනා කළේය.කතා සාරාංශය මෙසේය.මාළු මුදලාලි ගේ - හියුගෝ ප්‍රනාන්දු - දියණිය මාලා - විජිත මල්ලිකා - රුවත්තියකි.තම පියා යටතේ සේවය කරන සිරිල් - වොලී නානායක්කාර - සමග ප්‍රේමයෙන් බැදේ .තරගකාරී මාළු වෙළෙන්දෙක් වන ඇඩා මහත්තයා - එච්.ඩී .කුලතුංග - සිරිල් සමග ගැටුමක් ඇතිවන්නේ අඩු මුදලට මාළු ගැනීමට යාමෙනි.ඒ අතර ඇඩා මහත්තයා මාලා ට ද පෙම් කරයි.මාලා ගේ මවගේ සොහොයුරා - ඩී .ආර්.නානායක්කාර - බීමට ඇබ්බැහි වූවෙකි.මාලා ගේ පියා තම ව්‍යාපාරයට මුදල් ලබා ගෙන තිබෙන්නේ තම ඉඩම ඇඩා මහත්තයා ලග උගස් තබාය.ඇඩා මහත්තයා මුදලාලි නිවසට  කැදවා බොන්න දී සිරිල්ව වාඩියෙන් පලවා හරින ලෙස ඉල්ලයි.එසිරිල් තමාට විරුධව පොලිසියට පැමිණිලි කල නිසාය.සිරිල්ට පිහිට වන්නේ මාලය.ඇගේ කනකර බඩු  දී ඔරුවක් ගන්න කියයි.සිරිල්ට  මුහුදේදී විශාල මාලුවෙක් හසුවේ.තවත් ඔරුවක  සිටින මැර ධීවරයෙක් වන - බන්දු මුණසිංහ - මාළුවා ඉල්ලයි. සිරිල් එය ප්‍රතික්ෂේප කරයි.වැල්ලේදී කිසිවෙක් මාළුවා මිලදී නොගනී.එහිදී ඇතිවන් අරගලයේ දී සිරිල් මැරයා ට  පිහියන් අනී . මේ අතර ඇඩා මහත්තයා මාලාට විවාහ යෝජනාවක් ගෙනෙයි.පියා එය ප්‍රත්ක්ෂේප කරයි. උපායෙන් ඇඩා මහත්තයා  පියාව කොළඹ ගෙනගොස් බීමට දී තරුණියක සමග සිටින ජායාරුප  ගනී.ඒවා පෙන්වා බියකර මාලාව තමාට විවාහ කරදෙන ලෙස ඉල්ලයි.මවට අසනීපව සිරිල් ගමට ගිය අතර ඇඩා මහත්තයා මාලාව විවාහ කර ගනී.සිරිල් ගේ ගමේ නැන්දා ගේ දුව කරුණා -ලීනා ප්‍රනාන්දු - හා විවාහ වීමට කල ඉල්ලීම නොතකා සිරිල් නැවත ධිවර ගමට එයි. මාලා ගේ පියා තමාට වූ පීඩා නිසා උමතුව සිටි.මාලා ගේ විවාහ දිවියද අසාර්ථකය.වෙරළේදී ඇඩා මහත්තයා හා සිරිල් අතර ගැටුමකදී මාලා ද එයට මැදිහත් වේ.සිරිල් එවිට මාලා ඇඩා මහත්තයා හා විවාහ බව දන ගනී.ඇඩා මාලාට කසයෙන් තලයි.මාලා සිරිල් ගෙන්  ඉල්ලා තමා බේරා ගන්නා ලෙසය.සිරිල් හා එක්වී ධිවර සංස්ථාවට මලු දෙන ධීවරයෝ ඇඩා ගේ ඒකාධිකාරය බිදී. ඇඩා වෙනත් තරුණියක සමග - පර්ල් කුරේ- නාන තැනට එන මාලා ට පහර දී පන්නා දමයි.මාලා මුහුදට පැන දිවිනසා ගනී.අමතර රංගනයට ඇන්තනි සී.පෙරේරා ,ලිලියන් එදිරිසිංහ , හෙලන් කුමාරි,සෝනියා දිසා ,ශ්‍රියානි ප්‍රනාන්දු,ප්‍රියන්ත ප්‍රනාන්දු ආදීන්ද දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Saturday, March 18, 2023

සුදේශ් ගුණරත්න

 

සුදේශ් ගුණරත්නඋඩුපුස්සෑල්ලාවේ උපතා ලබා කොටහේන ශාන්ත බෙනඩික් විදුහලෙන් අධ්‍යාපනය ලබා ගත්තේය.ගායන ශිල්පියෙක් වීමේ අභිලාසය විය.ලෙනින් මොරායස් සමග ලංකා චිත්රාගාරයට  ගියේ ඒ වෙනුවෙනි.නමුත් චිත්‍රපට නිෂ්පාදක රාජාබ් අලි සුදේශ් ව සිනමා නළුවෙක් කළේය. 1964 සිතක මහිම චිත්‍රපටයේ - පායන පුන්සද  - ගීත දර්ශනයේ  සුළු චරිතයකට පෙනී සිටියේය. 1965 ෆ්ලොරිඩා ජයලත් ගේ ස්වීප් ටිකට්ස් චිත්‍රපටයේ විජිත මල්ලිකා ගේ පෙම් වතා ලෙස  ප්‍රධාන චාරිතයක් රංගනය කළේය.1968 ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ  - ගොළු හදවත - හි වික්‍රම බෝගොඩ ගේ මිතුරා විය.1975 - ඇස් ඉදිරිපිට - ද රංගනය කළේය.1976 වාසනා චිත්‍රපටයේ මාලනීට යෝජිත පෙම්වතා වුවාය.1977 හිතුවක්කාරයෝ 1981 දයාබර නිලූ ,ජීවන්ති 1984 හදවතක වේදනා යන චිත්‍රපට ද සුදෙස් ගේ  විශේෂිත රංගන විය.සුදේශ් ගුණරත්නයන් මධුවිතට පෙම් නොබැන්දේ  නම් අවිවාහක ඔහු සිනමාවට අකාලයේ අහිමි නොවන්නට තිබිණි .

Friday, March 17, 2023

223 වන චිත්‍රපටය - වෙස්ගත්තෝ - වේ.තිරගතව තිබෙන්නේ 1970 දෙසැම්බර් 10

 223 වන චිත්‍රපටය - වෙස්ගත්තෝ - වේ.තිරගතව තිබෙන්නේ 1970 දෙසැම්බර් 10 දිනය.නිෂ්පාදනය ලීනස් දිසානායක සමග ලාල් දිසානායක වේ.අධ්‍යක්ෂණය වසන්ත ඔබේසේකර ගෙනි.සහාය අධ්‍යක්ෂණය සදහා සෝමසිරි දෙහිපිටිය සහ බන්දුල විතානගේ එක්ව තිබේ.කතාව, තිර නාටකය ,දෙබස් වසන්ත ඔබේසේකර ගෙනි."We are no Angles" ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි.කැමරා අධ්‍යක්ෂණය විලි බ්ලේක් ය.සංස්කරණය ලාල් දිසානායක ගෙනි. කළා අධ්‍යක්ෂණය චන්ද්‍රසිරි දෙහිපිටිය වේ.සංගීත අධ්‍යක්ෂණය සෝමදාස ඇල්විටිගල ගෙනි.මහගම සේකරයන්ගේ ගීත පදමාලාවන් වික්ටර් රත්නායකයන් ,වින්සන්ට් ප්‍රේමසිරි,බර්ටි රණසිංහ,පී.කේ .තිලකසිරි පසුබිම් ගායනා කළේය.අඩවන් දෑසින් පවසනු රහසින්,අපි සල්ලිකාරයෝ නම්බු කාරයෝ,කාගේද මේ කාසී දෙයියෝ දුන්න කාසි යන ගීත 3 විය.කතා සාරාංශය මෙසේය.මෙහි ප්‍රධාන චරිත වන්නේ හිරෙන් පැන යන සොරුන් තිදෙනෙකි.සිරිල් - සිරිල් වික්‍රමගේ - සෝමදාස - සෝමසිරි දෙහිපිටිය - ගුණදාස - නාමෙල් වීරමුනි තිදෙනා වේ.සමාජයට පැමිණියද සොරකම හැර කරන්නට වෙන රැකියාවක් නොවේ.ධනවතෙකු ගේ නිවසට ඇතුළුව සොරකම් කරන විට ධනවතාට හසුවේ.දාබරේ -පී.බී. මයිල්ලෑව - එම ධනවතා වේ.සමාජයේ ප්‍රභූ වරයෙක් වුවත් විදේශ විනිමය වංචා කාරයෙකි.මේ වංචා පිළිබද ලිපි ලේඛන සොලමන් සතුය.ඒ ලිපි ලේඛන සොරකම් කිරීමේ කොන්ත්‍රාත්තුව දාබරේ මේ තිදෙනාට පවරයි.දාබරේ ගේ ආධාරයෙන් සොරු තිදෙනා සමාජයේ ප්‍රභූ වරු ලෙස උසස් සමාජයට පිවිසේ.සොලමන් ඔවුන් ගේ ව්‍යාපාර ගැන අසන විට ඔවුන් කියන්නේ කොහු කර්මාන්තය බවයි.තමන්ට වඩා හොරු ප්‍රභූ සමාජයේ සිටින බව තිදෙනා පසක් කර ගන්නේ මේ ඇසුරු කිරීම් නිසාය.ලිපි ලේඛන සොරා ගැනීමට යාමේදී තිදෙනා නැවත පොලිසියට කොටුවේ.දාබරේ ගේ දියණිය - ප්‍රේමා ගනේගොඩ - හා ආයතන ලිපිකරු තරුණයෙකු - ලුෂන් බුලත්සිංහල - අහර පෙම් සබදතාවක් ගැන අතුරු කතාවක් ද මෙහි ඇතුලත් විය.අමතර රංගනයෙන් අයිවන් පණ්ඩිතරත්න,විමල් කුමාර ද කොස්තා ,දයා තෙන්නකෝන්,චන්ද්‍රපාල විජේසුරිය,කරුණා පාල ගමගේ,චන්ද්‍රිකා කෝන්ගහගේ ,ධර්මදාස කුරුප්පු ,චන්ද්‍රසිරි දෙහිපිටිය,පියසේන අහංගම ආදීන් දායක විය.මේ සමඟින් විමල් කුමාර් ද කොස්තා රඟපෑ නිහඬ අභිරූපන කෙටි චිත්‍රපටයක් ද පෙන්වීය.මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

ද සිල්වා රත්නා කුමාරි



 ද සිල්වා රත්නා කුමාරි 

නුවර එළියේ උපත ලද්දේය. එස්.එම් .නායගම් ගේ හදුන්වාදීමෙන් සිනමාවට අවතීර්ණ වුවාය.අති  සාර්ථක -බොක්ස් ඔපීස් වාර්තා තැබූ - 1954 තිරගතවූ -අහංකාර ස්ත්‍රී - පළමු චිත්‍රපටය වේ.රවීන්ද්‍ර රුපසේන  ගේ පෙම්වතිය නිර්මලා  ලෙස රංගනය වුවාය.1955 මෙතුමිය මාතලන් චිත්‍රපටයේ ද මහා මන්ත්‍රී දුෂ්ට බුද්ධි ගේ දියණිය මාතලන් ගේ පෙම්වතිය ලෙස රංගනය කළේය. එම චිත්‍රපටය ද අති  සාර්ථක -බොක්ස් ඔපීස් වාර්තා තැබූවේය.ඉන්පසුව 1957  කේ. වෙලින්ටන් සිල්වාගේ ලේ කදුළු -මිමි 1 6 වර්ණ - හි රංගනය කළේය .එම වසරේම -සුකුමලී -  චිත්‍රපටයේ සුළු චරිතයකින් පසුව සිනමාවෙන් සමුගත්තේය. එතුමියගේ තොරතුරු  වත්මනෙහි අප්‍රකටය .ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරිනි තොරතුරු ලබාගතිමි ජායාරුපය ඉසුරු වික්‍රමාරච්චි ගේ සිනමා එල්කේ වෙතිනි.


Wednesday, March 15, 2023

1970 නොවැම්බර් 18 සිංහල සිනමාවේ 222 වන චිත්‍රපටය දොරට වඩි

 1970 නොවැම්බර් 18 සිංහල සිනමාවේ 222 වන චිත්‍රපටය දොරට වඩි .සිනමාවට අලුත් අධ්‍යක්ෂක වරයෙක් එකතුවේ.ඒ රන්ජිත් ලාල් ය.රන්ජිත් ලාල් සිනමාවට පිවිසෙන්නේ 1966 දී - වෙර -වාර්තා චිත්‍රපටය සමගිනි එය මිමි 16 විනාඩි 16 සිනමා පටයක් විය.ආනන්ද විදුහලේ   උසස් පෙළ සිසුවෙකුව සිටියදී එහි තවත්  උසස් පෙළ සිසුවන් ද එයට එක්විය.ප්‍රේමකීර්ති ද අල්විස්,ආනන්ද නිලවීර,නම්මුණි ද සොයිසා ,චන්ද්‍රසිරි මුදන්නායක,ඩිල්මන් ජයරත්න,රන්ජිත්කුමාර ඒ  දායකයෝය. 222  - නිම් වළල්ල - චිත්‍රපටයට ද මේ දායකයන් ගේ එකතුවකි .සිසුන් පිරිසක් තැනු පළමු හා එකම චිත්‍රපටය ද මෙයයි.අධ්‍යක්ෂණය රන්ජිත ලාල් වේ.නිෂ්පාදනය සදහා රන්ජිත් ලාල්,ආනන්ද නිලවීර,පී.ටී.අමරසිරි,  නම්මුණි ද සොයිසා,චන්ද්‍රසිරි මුදන්නායක දායකව තිබේ.කතාව රචනා කලේ සුනිල මාධව ප්‍රේමතිලක වේ.තිර රචනය අසෝක ඩයස් වීරසිංහ වේ.කැමරා අධ්‍යක්ෂණය ද ආනාන්ද යේම සිසුවෙක් වූ ඩිල්මන් ජයරත්නය.කළා අධ්‍යක්ෂණය නාමාවලිය  රන්ජිත් කුමාර ගෙනි.මේ වනවිට මෙතුමා 1969 - මොකද වුනේ - නාමාවලි නිර්මාණ කර තිබිණි.සංස්කරණය  හා සංගීත අධ්‍යක්ෂණය ද රන්ජිත් ලාල් වේ.චිත්‍රපට අධ්‍යක්ෂක වරක් සංගීත අධ්‍යක්ෂණය කල පළමු අවස්තාව ද මෙයවේ.ගීත රචනා සුනිල් ආරියරත්න,මහින්ද අල්ගම,හා රන්ජිත් ලාල් ගෙනි.සුනිල් ආරියරත්නයන් එවකට විශ්ව විද්‍යාල සිසුවෙකි.වික්ටර් රත්නායකයන්,සී.ටී.ප්‍රනාන්දු සුරින් ,නෙවිල් ප්‍රනාන්දු ප්‍රධාන ලොස් කැබැල්ලොස් කණ්ඩායම ද එක්විය.හඳට අඬන කිරි දරුවෝ ,නිසයුරු මුතුලැල්, පිපෙන රැයේ ඇතුළත්වූ ගීත වේ ප්‍රධාන චරිතයකට තිස්ස විජේසුරේන්ද්‍ර තෝරා ගන්නා විට එතුමා ද නාලන්දා විදුහලේ සිසුවෙකි.ඒ වනවිට  - කලණ මිතුරෝ - හි රගපාමින් සිටියේය.නමුත් තිරගතවූ පළමු වැන්න නිම් වළල්ල  වේ.කතා සාරාංශය මෙසේය.සිසුවන් ගේ උසස් පෙළ ප්‍රතිපල නිකුත්වේ.ජිනේ - නිශ්සංක අමරසිංහ - අසමත්වේ.දුප්පත්  සිසුවෙක් වූ ජිනේ ජීවත්වන්නේ පියා - පියදාස ගුණසේකර - නැගණිය විමලා - දේවිකා කරුණාරත්න - මිත්තනිය - දෙනවක හාමිනේ -  සමගිනි.විබාග්‍ය අසමත් නිසා ජිනෙට පියාගේ  ඇනුම් බැනුම් වලට ලක්වේ.නැගණිය මුඩුක්කුවේ සිටින මදාවි සෝමේ - සිරිල් වික්‍රමගේ - නමැති මාරයා සමග සම්බන්ධකම් පවත්වයි ජිනේ ට එය නුරුස්සයි.ජිනෙට දයාවෙන් සලකන්නේ මිත්නිය පමණි.නැවත විබාගය ලියන්න සිතන ජිනේ සම්පත් -  තිස්ස විජේසුරේන්ද්‍ර -  ගේ නිවසට යයි.මිතුරන් වන ගීත් - අමරසිරි කලන්සුරිය - හා ආනන්ද - ආනන්ද නිලවීර - ද එකතුවේ.සම්පත් ගේ සොයුරිය චිත්‍රා - ස්වර්ණා මලල්වආරච්චි - විවාහය අසාර්ථකව සිටින  උපාධි ගුරුවරියකි.චිත්‍රා ද දෙමාපියන් සමග සිටි. සම්පත්  පොහොසත්ය.ඔහු ගේ මව - රුක්මනී දේවි - පියා - ජේ.බී.එල් .ගුණසේකර - සම්පත්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා තිබේ.සම්පත් ගේ උපන්දින සාදය දා ජිනේ සම්පත් ගේ 

නෑදෑ  සොයුරියක්  වන නිලූ - ජානකි කුරුකුලසූරිය - හදුනා ගනී.නිලූ එදිනෙදා ජීවිතය විනෝදයෙන් ගවන බරක් පතලක් නැති තරුණියකි. නිලූ ජිනේ ට ආදරය කරයි.එය හුදු විනෝදය පිණිස බවපෙනේ.ජිනේ නිලූ හා බැඩ්මින්ටන් ක්‍රීඩා කරන අතර චිත්‍රා ගෙන් පොත පත කරුණු ඉගෙන ගනී.මේ අතර නිලූ ගීත් සමග ද ප්‍රේම සම්බන්ධ්‍යක්පවත්වන බව සිතන ජිනේ ඒ ගැන කලකිරෙයි . චිත්‍රා ඇලුම් කරන්නේ ජිනේ ගේ සිරුරටයි.ඔහුගෙන් කාමාශාව සංසිදුවා ගැනීම ඇගේ අරමුණ  වේ.මේ තත්වය මත කලකිරෙන ජිනේ සම්පත් ගේ නිවාස හැර මිතුරෙකු ගේ  පියාට අයත් වතු යායක නැවතීමට යයි.එයින්ද පාලු ජීවිතේ හෙම්බත්ව නැවත තම නිවසට පැමිණේ.මිත්තනිය මිය ගොසිනි.විමලා මදාවි සෝමේ හා විවාහව සිටි.පියා දනිවස හැර ගොසිනි.ජිනේ නැවත සම්පත් සොයා යයි.හමුවන්නේ චිත්‍රා ය.ඇය ඔහුගෙන් තම ආශා සංසිදුවා ගනී.නිලූ ගේ ආදරයත් චිත්‍රා ගේ රාගයත් මැද අතරමං වන ජිනේ අලුතින් ජීවිතය ඇරබීමට ඉටා ගනී.රංගන දායකත්වයට මොනා මංගලා ,කිංස්ලි දිසානායක,රත්නසිරි රාජපක්ෂ ,බන්දුල සුරිය බණ්ඩාර සී.ටී.ප්‍රනාන්දු ආදීන්ද එක්විය.වෙළද පළේදී එවකට  - ඔහොම හොදද - චිත්‍රපටය සමග තරගකාරී පසුබිමක් විය දින 20 පමණ ප්‍රදර්ශනයට සීමාවිය.

                 මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී."සරාගී" - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය - රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි."මා වැනි බිළින්දා" - අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම - විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.

මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, March 13, 2023

තුං මං හන්දිය - චිත්‍රපටය සිංහල සිනමාවේ 221 වන චිත්‍රපටය වේ

 තුං මං හන්දිය - චිත්‍රපටය සිංහල සිනමාවේ 221 වන චිත්‍රපටය වේ.1970 ඔක්තෝම්බර් 23 තිරගත විය .චිත්‍රා බාලසුරිය නිෂ්පාදක වරයාවේ.ගීතය,නවකතාව ,ච්ත්‍ර ශිල්පය ,නාට්‍ය පෙළ රචනය, මුර්ති,කංචුක නිර්මාණ,පරිවර්තන,සහ පුවත් පත් කළා වේදය යන පුළුල්  ප්‍රතිභා වෙන් පෝෂිත වූ ලලිත කලයතානයේද විදුහල් පතිවු මහගම සේකරයන් මේ චිත්‍රපටයේ  අධ්‍යක්ෂක වරයාවේ. එතුමා ගේ තුං මං හන්දිය නවකතාව ඇසුරෙනි .සේකරයන් ගේ චරිතාපදානය මෙන්ම ස්වීය අත්දැකීම් වලින් නවකතාව පෝෂණය විය.   මෙහි තිරපිටපත හා දෙබස් ද මහගම සේකරයන් රචනා කළේය.කැමරා අධ්‍යක්ෂණය සුමිත්ත අමරසංහ වේ.සංස්කරණය ජයතිස්ස දිල්ලමුනිවේ. කළා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාලයන් ගෙනි.ඔහු සහාය අධ්‍යක්ෂක වරක්යෙක්  ද විය.රසායනාගාර පාලක එස්.තිරුනාවුකරසු වේ.ගීත පටිගත කිරීම් මර්වින් රොඩ්රිගෝ ගෙනි.වේශ නිරුපනය රත්නසිරි සේනාධීර ගෙනි.සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් අමරදේවයන් වේ.ගායනා විජේරත්න වරකාගොඩ සහ පණ්ඩිත් අමරදේවයන් වේ.පදමාලාවන් ද මහගම සේකරයන් ගෙනි.ගීත 3 ඇතුලත විය.යන්නෙම් දක්නාසේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී,අතීතයෙන්  ගඟ ගලා බසී,ඔබේ ඇසිනි මා දුටුවේ එම ගීත වේ.කතා සාරාංශය මෙසේය.අබිලින් අප්පුහාමි -ජෝ අබේවික්‍රම - කේන්ද්‍රීය චරිතයයි .අත්දැකීම් විකාශනය වන්නේ සොයුරිය ගේ - ශාන්ති ලේඛා - පුතා සිරිසේන දැක්මෙනි..- .කරුණාරත්න රණසිංහ - අබිලින් ගැමි කලාකරුවෙකි.පැතිරුණු ප්‍රතිභාවක් විය.සැමට පිහිට වන යහපත ගති පැවතුම් වලින් හෙබිය.සොයුරා සේතන් අප්පුහාමි -ධර්මදාස කුරුප්පු -වෙළෙන්දෙකි.ආත්මාර්ථකාමිය මසුරුය.සොයුරිය හා සැමියා - ඩී .ඒ.බාලසුරිය - අබිලින්ට හිතවත් වේ.සිරිසේන ඔවුන් ගේ පුත්‍රයාය.සේතන් ගේ ගෙදර මව ද - දෙනවක හාමිනේ - පදිංචිව සිටි.අබිලින් සොයුරිය ගේ නිවසේ සිටි. ගමේ සියලු කළා කටයුතු වලදී මගුල් මඩු,තොරන් ,අවමගුල්  උත්සව සැරසිලි, සියල්ලේදී ගම්මු අබිලින් සොයා එති.කිසිදු දෙයකට මුදල් අය  නොකරයි.නමුත් ගැමියන් බය පක්ෂ කම් දක්වන්නේ කාටවත් උදව්වක් නැති සේතන් ටය.අබිලින් සුදු මැණිකේ  - ගීතානි වික්‍රමසිංහ - සමහ සම්බන්ධකමක් වේ.ඇගේ පියා පොඩි මහත්තයා - චන්දරපාල විජේසුරිය - හා මව - සෝමා බෝපිටිය - විරුද්ද ය.සිරිසේන ද කල හැකියාවන් ඇත්තෙකි ඔහු මාමාට අත් උදව් වේ

අබිලින් එය සලකන්නේ තම කළා උරුමයේ ඊලග පරම්පරාව ලෙසය..සේතන් හා විවාහ වන යසවතී - ස්වර්ණා මල්ලවආරච්චි - ඔහුටම ගැලපේ.ආත්මාර්ථකාමී මසුරුය.අබිලින් රාලහාමි හා එක්ව චිටර් නාට්‍ය මඩුවක් පවත්වයි.එය අසාර්ථක වේ.සුදු මැණිකෙත් වෙනත් අයකු හා විවාහය අබිලින් ගේ කල ජීවිතයේත් පෞ ද්ගලික ජීවිතයේත් පරිවර්තනයක් වේ .එනිසා බීමටත් සුදුවටත් ඇබ්බැහිවේ.සුදුහමිනේ ගේ මගුලේදී විවිධ අලංකාර සැරසිලි භාවිතාවේ.ගම්මුන් ද ඒවාට යොමුවක් වේ.සිරිසේන මරදානේ ටෙක්නිකල් කොලිජියේ චිත්‍ර ඉගෙනීමට අවස්තාව ලබයි.අබිලින් සිරිසේනට  උදව්‍  කිරීම සදහා රාලහාමි ගේ වත්තේ වැඩට යයි.එහිදී නැවතත් බීමට ඇබ්බහි වේ.මේ නිසා ලෙඩ වෙන අබිලින්  රෝහලට ඇතුලත් කරයි.සිරිසේන ගේ චිත්‍රයක් ප්‍රදර්ශනයක දී පළමු ස්ථානය ලබයි.ඒ සතුට විදින්නට මාමා නැත සියල්ලන්  ඉදිරියේ අබිලින් රෝහලේදී මියයයි.අව්මගුලේදී රෙදි දැන්වීම් අදින්නේ සිරිසේනය . අව්සානයහි තුං මං හන්දියෙන් සිරිසේන බසයට නගින්නේ කොළඹට යාමට ඒ මාමා  අනුදත් මාර්ගය වේ. අමතර රංගන යට සෝමසිරි දෙහිපිටිය,කුමාර බාලසුරිය,ගැමුණු විජේසුරිය,ධර්මසේන හෙට්ටිආරච්චි,සුනිල්  ජයවීර, ශ්‍රීමත් බී .ලේකම් ගේ,බී ,එස්,කරුණාරත්න,චන්ද්‍රා කළුආරච්චි ,ධර්මසේන අතුකෝරල,නිමල් ගම්මුදලි ආදීන් දායක විය.ආදායම් උපයිමෙන් එතරම් සාර්ථක නොවීය.1971 සිව්වන විචාරක සම්මාන උළෙලේ දී හොදම චිත්‍රපටය,හොදම නළුවා, - ජෝ අබේවික්‍රම - හොදම අධ්‍යක්ෂණය - මහගම සේකර -   සම්මානයට පාත්‍රවිය.1972 දේශීය සිනමාවට 25 වසරක් පිරීම නිමිත්තෙන් විචාරක සංගමය හොදම චිත්‍රපටය තෝරන විට  තුං මං හන්දිය - චිත්‍රපටයසිව්වන ස්ථානයට තේරිණි.1980 කතෝලික සිනමා පර්ෂද උත්තමාචාර උළෙලේදී 70 දශකයේ විශිෂ්ටම නිර්මාණය ලෙස තුං මං හන්දිය - චිත්‍රපටය තේරිණි.1997 දේශීය සිනමාවේ එතෙක් නිර්මාණය වූ හොදම චිත්‍රපට තොරණ විට හයවන ස්ථානය තුං මං හන්දිය - චිත්‍රපටය ලබා ගත්තේය.1972 වසරේ  17 කාර්ලොච්වාරි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදීත් ,1973 ටෂ්කන්ට් අන්තර් ජාතික ආසියා අප්‍රිකානු සිනමා සම්මාන උළෙලේදීත්  තුං මං හන්දිය - චිත්‍රපටය තිරගත විය.ටෂ්කන්ට් උළෙලේ දීත් තුං මං හන්දිය - චිත්‍රපටය ඩිප්ලෝමා සහතිකයක් හිමිවිය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Thursday, March 9, 2023

220 වන සිංහල සිනමා පටය - ඔහොම හොදද -

 220 වන සිංහල සිනමා පටය  - ඔහොම හොදද  - චිත්‍රපටය වේ.ඒ.එස්.එම් .බුහාරි ගේ නිෂ්පාදනයකි.ජේකබ් සෙල්වරත්නම් ගේ අධ්‍යක්ෂණයකි.1970 ඔක්තෝම්බර් 11 තිරගත විය.1963 තිරගත  වූ  - පෙරිය ඉඩත්තු පෙන් - චිත්‍රපටය ඇසුරින් නිර්මාණය ව තිබේ.තිර රචනය කාර්මික අධ්‍යක්ෂණය ද සෙල්වරත්නම් වේ.සහය අධ්‍යක්ෂණය නිහාල් ඒ ජයසිංහ වේ.කතාව ඒ.එස්.එම් .බුහාරි වේ.සංගීත අධ්‍යක්ෂණය එම් .කේ.රොක්සාමි මාස්ටර් වේ.ගීත රචනා කරුණාරත්න අබේසේකර සමග නිහාල් ඒ ජයසිංහ වේ ගීත ගායනා එච්.ආර්.ජෝතිපාල,මිල්ටන් පෙරේරා ,මොහිදීන් බෙග්,සුජාතා අත්තනායක,ඇන්ජලින් ගුණතිලක ,ඇන්ටන් ජෝන්ස් දායකව තිබේ. කතා සාරාංශය මෙසේය.සංගීත වේදියෙක් වන ජෝකිනු මාස්ටර් - හියුගෝ ප්‍රනාන්දු - ගේ තරුණ පුතා සිරිමල් - ගාමිණී පොන්සේකා - සංගීතයට කැමති නැත.කොණ්ඩය බදින ඔතැනි තරුණයෙක් වන ඔහු රැකියාවක් කිරීමට කැමතිය.ජෝකිනු කොළඹ සිටින තමාගේ මිතුරු සේදිරිස් අප්පුහාමි - ඩී .ආර්.නානායක්කාර - වෙත සිරිමල් යවන්නේ කොණ්ඩය නොකපන ලෙස අවවාද කරමිනි . .දුම්රියෙන් යන ඔහුට නවීන පන්නයේ තරුණියන් පිරිසක් මුණගැසී ඔවුන් ගේ උසුළු විසුළු වලට ලක්වේ.ඒ කණ්ඩායමේ මුලිකයා තමා සොයා යන සේදිරිස් මුදලාලි ගේ දුව කාන්ති බව .- සෝනියා දිසා - සේදිරිස් ගේ නිවසට ගියවිට සිරිමල්  දැන  ගනී.සේදිරිස් ගේ පුතා සකලසේන   - බී.එස්. පෙරේරා - පික්චර් පිස්සෙකි.ඔහු සිරිමල් යොදවා වීර කොන්ඩයා  නමින් චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කරයි.ඔතැනි කම නිසා නිවසේ මෙහෙකරු තෙපානිස් - පිටිපන සිල්වා - ද සිරිමල්ට නොසලකයි.සේදිරිස් ගේ ව්‍යාපාරයේ අයකැමි ලෙස පත්වන සිරිමල් අවංක නිසා සේදිරිස් වඩාත් මනාපවේ.මේ අතර කොළඹ එන ජෝකිනු ද සිරිමල් කාන්ති හා විවාහ  වනු දැකීමට කැමතිය කාන්ති අකමැතිය..කාන්ති සමාජ ශාලා හිමියෙක් වන මොරිස් - බැප්ටිස් ප්‍රනාන්දු - සමග සබදතාවක් වේ.කාන්ති සමග සමාජ ශාලාවට යන සිරිමල් එහි නැටුමකදී තරුණියකට පහ්කස්යෙන් පහර දෙනු දැක එයට මැදිහත්ව මොරිස් ගෙන කසපාර කයි.මොරිස් ගේ ගෝලයන් සිරිමල් සමාජ ශාලාවෙන් එලියට දමනු  කාන්ති සිනාසිසී මෙය බලා සිටි.අසරණ සිරිමල්ට පිහිට වන නාගරික තරුණයෙක් - රොබින් ප්‍රනාන්දු - සිරිමල්ව ගෙනගොස් කොණ්ඩය කපා බටහිර ඇදුම් අන්දවා ආත්මාරක්ෂක සටන්ද පුහුණු කරවයි.බලගතු යන්ත්‍රයක් ද කරේ බද නිර්භීත තරුණයෙක්  බවට පත් කරයි. සමාජ ශාලාවට තම ගුරු සමග එන සිරිමල් කාන්ති ඉදිරියේම මොරිස්ට කසයෙන් තලයි.කාන්ති සිරි නම් මේ තරුණයා  හා මිත්‍ර වේ.මොරිස් ගේ ජාවාරම්වලට හවුල් වන සිරි ඔහුගී ජාවාරම් ද සගයන් ද  - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,බන්දු මුණසිංහ - නීතියට හසුකර දෙයි.මොරිස් තම රහස් හෙලිකල සේවකයෙක් - පුජිත් මෙන්ඩිස් - ද මරා දමයි.සේදිරිස් ගේ කළමනාකරු - මිල්ටන් ජයවර්දන - ගේ සහයෙන් මොරිස් කාන්ති පැහර ගෙනයයි. සිරිමල්  ඇය  ගලවා ගනී.තමා හා විවාහ වන ලෙස කාන්ති ඉල්ලා සිටියද සිරිමල් බොරු සෝබන කාරියන්ට අකමැති බව කියයි.සිරිමල් ගේ දෙපා නැමද සේදිරිස් හා ජෝකිනු ඉදිරියේ කාන්ති සමාව ඉල්ලයි.සිරිමල් අසතුටු බවම කියයි.සිරිමල් ගේ ගුරු මෙහිදී මැදිහත්ව සැබෑව හෙළි කරයි.කොණ්ඩය කපා දැමීම ගැන ජෝකිනු අසතුටු වේ.සිරිමල්  කාන්ති එක්වේ.අමතර රංගනයට පියදාස විජේකෝන්,හෙලන් කුමාරි,පරිනා ලායි ,ප්‍රෙඩී සිල්වා,දොන් සිරිසේන ,සහ  තවත් ය දායක විය .අනුකරන  ගීත රැසක් විය සෝනියා දිසා ප්‍රධාන චරිතයක් කල පළමු චිත්‍රපටය වේ.60 දශකයේ වීරයාට වඩා ගාමිණීගේ ක්‍රියාකාරකම් වෙනස් අලුත් විය.එම් .ජී.රාමචන්ද්‍රන් ලෙස  හිස් වැස්මක් පැලදුවත් එම් .ජී.ගේ රංග සොබා ගාමිණි අනුකරනය නොකළේය.මේ නිසා ජනප්‍රියත්වයේ ඉහලටම යාමට මේ චිත්‍රපටය ඉවහල් විය .අදායම් අතින් ද ඉහලම වාර්තා ලබා   ගත්තේය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, March 7, 2023

සිංහල සිනමාවේ 220 වන චිත්‍රපටය - ප්‍රියංගා - වේ

 සිංහල සිනමාවේ 219 වන චිත්‍රපටය -  ප්‍රියංගා - වේ.මෙය තිරගත වන්නේ 1970 - සැප්තැම්බර් 20 දිනදීය.මේ සමඟ ‘තවත් දවසක්’  කෙටි චිත්‍රපටය ද පෙන්වීය.නිෂ්පාදනය සිලෝන් තියටර්ස් වේ.අධ්‍යක්ෂණය අමරනාත ජයතිලක ගෙනි.පී.කේ.ඩී .සෙනෙවිරත්නයන් කතාව තිර රචනය සහ දෙබස් රචනා කළේය.එම් .එස්.ආනන්දන් කැමරා අධ්‍යක්ෂණය කළේය. සංස්කරණය එඩ්වින් ලිටින් විසිනි.ශබ්ද පරිපාලනය  නිමල් වීරක්කොඩි වේ.  සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන් ගෙනි.මෙහි ගීත අඩංගු නොවිණි .කතා සාරාංශය මෙසේය.ප්‍රියංගා - කාන්ත්හි ලංකා - සදසිලි - ශ්‍රියානි අමරසේන .දෙදෙනා සොයුරියන්ය. පියා  නැත මව සමග පියා ගේ විශ්‍රාම වැටුපෙන් යැපේ .ප්‍රියංගා දගකාරය, රුමත්ය . කෙලිලොල්ය.ජේස්ට විභාගයට ඉගෙන ගන්නා ඇය තමාට ලිපි එවන තරුණයන්  සැමට ලිපි ලියයි.විහිළු කර ප්‍රීති වෙයි.එහෙත අසංවර තරුණියක් ද නොවේ.සදසිලි ද  රුවතිය.විනිතය,නැගණිය ගේ සැහැල්ලු පැවතුම් විවේචනය කරයි.ප්‍රේමයට නිගා නොකරන ලෙස ඉල්ලයි.ය ප්‍රීති නම් නීති  සිසුවෙක් සමග සබදකම් පවත්වයි.ප්‍රීති සදසිල් සමග සම්බන්ධව සිටින්නේ දෙමාපිය අනුදැනුමෙන් තොරවයි .ප්‍රීති උසස් අධ්‍යාපනය සදහා විදෙස් ගතවන්නේ සදසිලි තනිකරමිනි.ප්‍රියංගා එයට එරෙහිව ක්‍රියා කලත් පලක් නොවේ.ව්දුහලට අලුතෙන් පැමිණෙන ඔගි - විජය කුමාරතුංග - නම් ආචාර්ය වරයා ප්‍රියංගා ගේ දගකාර පැවතුම් වලට ප්‍රිය වේ.ඔහු යට තම ප්‍රේමය ප්‍රකාශ කරයි.ඔහු උඩරට රදල පෙළපතකට අයත්වී.ඔහු ගේ මව - අයිරාංගනී සේරසිංහ - තම පුතා උඩරට  කෙනකු සමග අවාහ විය යුතුයි  තරයේ අදහයි.මේ පිළිබද ඔගි උපායක් යොදයි.ප්‍රියංගා  දමයන්ති ගන්නොරුව නමින් මව සමග උඩරට මාමා ගේ නිවසේ පදිංචි වේ.ඔගි එලෙස මව රවටා ප්‍රියංගා සමග උඩරට චාරිත්‍ර සමග විවාහ වේ.මේ වනවිට සදසිලි ප්‍රීති තමා අමතක කිරීම ගැන සොවින් පසුවේ.පසුව මාමාගේ පුතා සමග විවාහ වීමට තීරණය කරයි.ප්‍රියංගා ද තම අතීත කෙළිලොල් ජීවිතය ගැන කනගාටුවෙ.ඇය උඩරට කාන්තාවක් නොවන බව ඔගි ගේ මවට වූ සැකය සනාථ වේ.මව ඔගි හා ප්‍රියංගා නිවසින් පලවා හරි.ඔගිට ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ත්වයක් ලබා ප්‍රියංගා සමග එහි යයි.ඔගි ගේ මව පියා සමග ඔවුනට සමුදීමට ගුවන්තොටුපලට ගියද ඒ වනවිට ඔගි ප්‍රියංගා පිටත්ව ගොසිනි.රංගන  දායකත්වයට  විජේරත්න වරකාගොඩ,ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර,බර්ටම් විජේසුරිය,එස්.ඒ.ජේම්ස්,ශ්‍යාමා ආනන්දන්,ශිරෝමි ප්‍රනාන්දු,ලක්ෂ්මන් විජේසේකර,ඒ.ජේ.ද සොයිසා ආදීන් එක්විය.විජය කුමාරාතුංග ගේ හතරවන චිත්‍රපටය වුවත් ප්‍රධාන චරිතයක් කල දෙවැන්නයි.කාන්ති ලංකා ගේ දෙවන චිත්‍රපටය වුවත් ප්‍රධාන චරිතයක් රංගනය කල පළමු වන්නැයි.ලක්ෂ්මන් විජේසේකර ගේ ප්‍රථම සිනමා ආගමනය ද මේ චිත්‍රපටය වේ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, March 5, 2023

අයේෂා වීරකෝන්

 

 1935 වසරේ කොළඹ උපත ලැබූ ග්වෙන්දලින් වීරකෝන් දෙහිවල ප්‍රේස්ටියන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය.ලතින් භාෂාව ප්‍රගුණකළ මෙතුමිය  1952 ටයිම්ස් පුවත්පත සංවිධානයකල රූ රැජින තරගයෙන් තෙවෙනි  ස්ථානයට පත්විය.ටයිම්ස් පුවත් පතේ පළවූ ඇගේ ජායාරුපය දුටු චිත්රපට අධ්‍යක්ෂක එස්.එම් .නායගම් මහතා ගේ  - ප්‍රේම තරගය - 1953 -චිත්‍රපටයේ කතා නායිකාව ලෙස ඇයව තෝරා ගත්තේය.අති සාර්ථකවූ - Box Office - වාර්තා තැබූ මෙම චිත්‍රපටය තුලින් ඕ - අයේෂා වීරකෝන් - නමින් ජනප්‍රිය තරු අතරට එක්විය.බටහිර,කතකලි,මනිපුරි,උඩරට ,භාරත ආදී නැටුම් ශෛලින් හි දස්කම් පෑ මෙතුමිය චිත්‍රසේන,ශේෂා පලිහක්කාර ,ඉන්දියාවේ රෝයි චෞද්රි ආදීන්ගන් නර්තනය හැදෑරුවේය.තම රුමත්කම හේතුවෙන් ලංකා රාජනී හෙවත් කුවේණි තරගයෙන් ද මුල් තැන  දිනු අයේෂා ලතින් ,හින්දි,ඉංග්‍රීසි ,භාෂා පිළිබද හොද අවබෝධයක් තිබිණි.  -  DANCE LOST LOVE - නමින් ඉංග්‍රීසි නවකතාවක් ද අයේෂා ලියා තිබේ.අයේෂා රංගනය කල චිත්‍රපට ස්වල්පයෙන් - ජීවිත සටන -  චිත්‍රපටයේ මල්ලිකා නමැති ශෝකී චරිතය විශේස මන් සලකුණකි.1953 ප්‍රේම තරගය ,එම වසරේම - පිටිසර කෙල්ල , 1957 ජීවිත සටන ,1957 සුකුමලී, 1959 සිහිනය එතුමිය රංගනය කල චිත්‍රපට කිහිපය වේ.හිටපු අමාත්‍ය වරයෙක්  වන හැරල්ඩ් හේරත් සමග විවාපත්වූ ඕ තොමෝ ග්වෙන් හේරත් නමින් ප්‍රකට  වුවාය.ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළාය. ආශ්‍රිත තොරතුරු  නුවන් නයනජිත කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරිනි.ස්තුතියි