Tuesday, September 22, 2020

රෝහිණී ජයකොඩි

 









1930 වසරේ කදානේ හපුගොඩ දී මේරි මැග්ලින්  රෝහිණී ජයකොඩි උපත ලැබුවේය.1954 ඒ.බී රාජ් අධ්‍යක්ෂණය කල "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටයෙන් සිනමාවට එක්වුවේය.කෘර ගැහැණියකගේ ප්‍රධාන  භූමිකාවක් රංගනය කරමින් එක් රැයින්ම ජනප්‍රියත්වට පත්වුවාය. 1957 සුරයා, සුරසේන, 1958 වන මෝහිනී යන අධි සාර්ථක චිත්‍රපටවල  රග පෑ උප ප්‍රධාන චරිත තවමත් එකල ප්‍රේක්ෂකයාට අමතක නොවේ.වන මෝහිනී චිත්‍රපටයේ "ගුම් ගුම් නගන්න" හා "කොළ කඩ කඩ බොරුවට දෙනවා " රිචඩ් ඇල්බට් සමග කල ගීත රංගනය  හරි අපුරුවකි.කාන්තාවන් අධ්‍යක්ෂණයට යොමුවීම විරල යුගයක ඇය සිංහල සිනමාවේ 3 වන අධ්‍යක්ෂවරිය වුවාය.කතාව දෙබස් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින්  ප්‍රධාන චරිතයක් ද රංගනය කළේය.1983 චන්ඩි සිරියා හි ද ප්‍රධාන චරිතයක්  රංගනය කරමින් අධ්‍යක්ෂණය කළේය. ඇගේ දියණියන් දෙදෙනාද මේ චිත්රපටයේ රංගනය කළේය.නිරුපා ජයකොඩි සහ වීනා ජයකොඩි ඒ දෙදෙනා වේ.එසේම නවක නිලියන් සිනමාවට එක් කල නිලියක ලෙස ද රෝහිනී කැපී පෙනේ.1956 සුරතලි 1958 දෙයියන්නේ රටේ 1959 සිහිනය 1960 සුභද්‍රා 1961 වැදිබිම 1965 සතුටයි කදුලයි 1967,හිත ගිය තැන ,ඉපදුනේ ඇයි සුර චෞරයා    1980 මගේ අම්මා ,1981 රංගා 1982 බයිසිකලේ ,චතු මධුර 1984 කිරි කවඩි 1985 චලිත රන්ගාලි සුදු මාමා අගේ රංගන දායකත්වය දුන් චිත්‍රපට විය.1993 ජනවාරි මස එතුමිය දිවි සිනමාවෙන් සමු ගත්තාය . 

කාන්ති ගුණතුංග

 


1937 මාර්තු 23 වෙනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ උපත ලැබූ කාන්ති ගුණතුංග අම්බලන්ගොඩ ප්රජාපතී විද්යාලයේ මූලික අධ්යාපනය ලබා ඉන්පසු දෙහිවල ප්රෙස්බිටේරියන් විද්යාලයට ඇතුළත් වූවාය.කුඩා කලසිටම නර්තනයට වඩාත් ඇලුම් කළේය .පී.ආර් එඩ්වඩ් ,හීන්බබා ධර්මසිරි හර්මන් පෙරේරා යන අයගෙන් නර්තනය හදාළේය.ජී.එස්.බී.රානි පෙරේරා ගේ යොමුකිරීමෙන් සිරිල් පී අබේරත්නයන් ගේ ප්රථම චිත්රපටය වූ " සුරංගනී" හි සාමාන්ය චරිතයකින් සිනමාවට ආගමනය විනි .ඒ 1955 වසරේ දිය .1956 ලංකාදීප පුවත් පතේ අනුග්රහයෙන් පැවැත්වූ පංච කල්යාණි තරගයෙන් ප්රථම ස්ථානය දිනුවේය. 1956 වසරේම දොස්තර චිත්රපටයේ එඩී ජයමාන්න ගේ බිරිද ලෙස රගපැවේය .එම වසරේම තිරගතවූ දුප්පතා ගේ දුක චිත්රපටයේ අහිංසක යුවතියක් ලෙස ශෝකී චරිතයක් රංගනය විය .1957 සුරයා සුරසේන චිත්රපට වලින් ස්ථාවර රංගන ශිල්පිනියක් බවට පත්ව 1958 වන මෝහිනී චිත්රපටයේ අනුරාගය මුසුවූ වීරත්වය ප්රකට කරමින් ජනප්රිය තරුවක් බවට පත්විය.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සංදේශයේ රංගනය ද විශේස කඩඉමකි. අම්බලන්ගොඩ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිස්ස අමරසිංහයන් සමග 1959 දී විවාහ දිවියට පත්විය .සංදේශයෙන් පසුව සිනමාවෙන් ඉවත්ව විදෙස් ගතවිය .පසුව මෙරටට පැමිණ පුංචි තීරයේද රංගනයන්ට හවුල් විය .සිරියලතා ,විශ්ව ගමන ,පුජා ඒ ටෙලි සිත්තම් ය .2004 සැලමුතු පින්න චිත්රපටයේ ද රංගන දායකත්වයක් දරුවාය .ස්වාමියා දිවියෙන් සමුගත් අතර පුතුන් දෙදෙනකු දියණියක් මෙතුමියට වේ.මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය ඒ.ඩී රන්ජිත් කුමාර සුරින්ගේ ලිපියකින් තොරතුරු ලබා ගත් බව ස්තුති පුර්වකව සටහන් තබමි .

Saturday, September 19, 2020

සමරවීර අශෝක පොන්නම්පෙරුම

 සමරවීර  අශෝක පොන්නම්පෙරුම 1936 මැයි 3 වන දින කොළඹදී උපත ලැබීය. ඔහුගේ පියා දොන් චාල්ස් පොන්නම්පෙරුමා ජනමාධ්‍යවේදියෙකි. ඔහු 1950 දී සිංහල බෞද්ධය යන බෞද්ධ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළේය. අශෝක අධ්‍යාපනය ආනන්ද විද්‍යාලයෙන් සම්පූර්ණ කළේය.වයස අවුරුදු 14 දී ඔහු පාසල් වේදිකා නාට්‍යවල රඟපාන්නට පටන් ගත්තේය. ඉන්පසු ඔහු ආර්. ඒ. චන්ද්‍රසේන යටතේ සංගීතය ප්‍රගුණ කළේය. එම වසරේ පැවති සංගීත තරඟාවලියේ දිවයිනේ  පළමු ස්ථානය ඔහු දිනා ගත් අතර එය සංගීතවේදී  ලයනල් එඩිරිසිංහගේ අවධානයට ලක්විය. අශෝක සිනමාවේ  තම  රංගන වීරයා වූ එල්. එම්. පෙරේරා තේ කඩයකදී  හමුවී චිත්‍රපටයක රඟපෑම ගැන විමසීය. දින කිහිපයකට පසු ඔහුට භූමිකාවක් පිළිබඳ පණිවිඩයක් ලැබුණු අතර කොළඹට ගියේය. 1958 දී ඔහුගේ මංගල සිනමා රංගනය පී. නීලකාන්ටන්  විසින් අධ්‍යක්ෂණය කරන ලද සුනීතා චිත්‍රපටය හරහා එලි දැක්විණි තෝමස් සහ සිරා යන  ද්විත්ව භූමිකාවක් රඟ දැක්වීය.1958 වසරේම සිහිනය චිත්‍රපටයද 1959 සිරිමලී චිත්‍රපටයේද 1960 සුන්දර බිරිදද ඔහුගේ රංගනයෙන් ඔපවත් විය.කතා නායකයා ලෙස රංගනයේදී ඔහු ගේ තරබාරු සිරුර ඔහුට බලපෑමක් නොවීය.විටෙක සැහැල්ලු විනෝදකාමී චරිතයක ද වරෙක ප්‍රේමයෙන් පීඩා විදින දොස්තර කෙනෙකි.සමාජ රෝගියෙක් දුෂ්ට පතල් හිමියෙක් ලෙස විවිධ චරිත මැවීය.1961 ගංතෙර සහ සුවිනීත ලාලනී ද 1962 සුහද දිවි පිදුම හි ද 1963 සුහද සොහොයුරෝ හි ද රංගන සුවිශේසී විය .1964 වසරේ චිත්‍රපට හතක් සදහා දායකව තිබේ.හෙට ප්‍රමාද වැඩියි ,කල කල දේ පල පල දේ ,සුබ සරණ සැප සිතේ,සැමියා  බිරිද ගේ දෙවියාය ,පටාචාරා ,සසරක හැටි, සිතක මහිම ඒ චිත්‍රපට වේ.සිතක මහිම චිත්‍රපටයේ ආර්.මුත්තුසාමි මාස්ටර් ගේ "මධුර යාමේ සුවදේ සාමේ" ගීත   ජවනිකාවත් .සැමියා  බිරිද ගේ දෙවියාය චිත්‍රපටයේ ජෝතිපාලයන් ගයන " කොතැනක සිටියත් ඔබ මෙලොවේ" ගීත රුප රාමුව අපට නොමියෙන සිහිවටනයකි.1965 සතුටයි කදුලුයි, හිතට හිත ,ස්වීප් ටිකට්ස් රංගනද සදා නොමියේ .1966 වසර ද අසෝක ගේ චිත්‍රපට හයක් තිරගත විය. මහ  රෑ හමුවූ ස්ත්‍රිය ,ඇතුළු වීම තහනම් ,සුදු දුව, සද නැග එද්දී ,සැනසිලි සුවය ,ලයට ලය,ඒ චිත්‍රපට වේ,1967 රන්රස ,ඉපදුනේ ඇයි ,ඉවසන දනා ද 1968 ලන්ඩන් හාමු,නිර්මලා හැඟී හොරා,ඉදුනිල ,දෙහදක දුක,1969 කොහොමද වැඩේ , ,පැන්චා ,පික් පොකට් ,1973 සුහද පැතුම ,සිනාවයි,ඉනාවයි,1974 ශාන්ති,1975 දමයන්ති,සධානා ,හදවතක වසන්තය ,1976 රන් තිලකා 1977 සුදු පරවියෝ 1979 ජීවන කදුළු ,රාං කුරුල්ලෝ 1981 සැනසුම 1982  ප්‍රදීපා 1984 කෝකිලා ද අසෝක ගේ රංගනයෙන් ඔපවත් වුවේය.

ඔහු විවාහ වූයේ  සිනමා නිළියක් වන මානෙල්  එලිසබෙත් පෙරේරා සමඟ ය. විවාහ මංගල්‍යය 1965 දෙසැම්බර් 4 වන දින පැ වතී ය.  මානෙල් මුලින්ම දීපෂිකා චිත්‍රපටයේ රඟපෑ අතර පසුව සිහිනා හතක්, සැකය , ලයට ලය , රුහුනු කුමාරි සහ සද නාග එද්දී  වැනි චිත්‍රපට කිහිපයකම පෙනී සිටියේය. මෙම යුවළට පුතුන් තිදෙනෙක් සිටී - අනුරාධ, සුමේදා, චමින්ද සහ එක් දියණියක වන මංජුලා අශෝක සහ මානෙල් එක්ව ලයට ලය , දෙහදක දුක , රුහුනු කුමාරි සහ ලන්ඩන් හමූ වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑහ.සහාය අධ්‍යක්ෂක වරයෙක් නවකතා කරුවෙක් ලෙසද අසෝක ප්‍රචලිතය.අශෝක විසින් මල් මද  බිසව් නම් ග්‍රන්ථය ලියා ඇති අතර එය මරදානා පොලිස් ස්ථානයේදී හමු වූ ගණිකාවක් පිළිබඳ සත්‍ය කතාවක් පදනම් කර ගෙන ඇත.ප්‍රදීපා චිත්‍රපටයෙන් හේ අධ්‍යක්ෂක වරයෙක් බවට පත්විය ඔහුගේම නව කතාවක් වූ "ඇයි  මට මෙහෙම  වුනේ "නවකතාව ඇසුරෙනි ප්‍රදීපා චිත්‍රපටය නිර්මානය විය.ගීත ගායනයෙනද දක්ෂතා අසෝක ගේ සතු විය.ලන්ඩන් හාමු සහ ප්‍රදීපා චිත්‍රපට වලට පසුබිම් ගායනා කළේය.1969 දී ඉදුනිල චිත්‍ර   පටයේ හොදම  සහාය නළුවා  ලෙස සරසවි සම්මානද අසෝක ලබා ගත්තේය .කලක් සතොස අයාතනයේ කලමනා කාරතනතුරක් ද දැරීය.ශ්‍රී ලංකාවේ සිවාජි ගනේෂන්" ලෙස සැලකෙන පොන්නම්පෙරුම  දශක තුනකට වැඩි කාලයක් පුරා වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 50 කට අධික ප්‍රමාණයක් රඟපා ඇත.

 1993 අප්‍රියෙල් 2 වන දින වයස අවුරුදු 56 දී හෘදයාබාධයකින් මිය ගියේය. ඔහුගේ මරණයෙන් පැය 24 ක් ඇතුළත සියලු අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද, රට තුළ ඇඳිරි නීතිය පැනවීම සහ පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීමට එකඟ වීමට නොහැකි විය..එතුමාට නිවන් සුව පතමු 

                                     මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය  සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .


Tuesday, September 15, 2020

පිටිපන සිල්වා .....


 පිටිපන සිල්වා .....

මීගමුවේ පිටිපන ග්‍රාමයේ  එම් .එරික් පීටර් සිල්වා උපත ලබා තිබේ.මීගමුව ශාන්තමරියා, ශාන්ත පීතර ,මාරිස්ටෙලා කදානේ , ද  මැසනාඩ්,තුඩැල්ලේ ක්‍රිස්තු රාජ යන විදුහල් තුලින් අධ්‍යාපනය ලබා තිබේ."හැම්ලට්" ",කඩවුණු පොරොන්දුව","සංකර වළල්ල ",ජෝසී බබා" යන වේදිකා නාට්‍ය රැසක රංගනය කළේය."මුදලාලි "නාට්‍යය නිපදවූයේ ඔහුය.හියුගෝ මාස්ටර් ගේ හදුනා දීමෙන් 1955 "මාතලන් " චිත්‍රපටයේ කරන්වැමියා චරිතයෙන් ප්‍රථම සිනමා ආගමනය විය.පීටර් සිල්වා පිටිපන සිල්වා වුවේ හියුගෝ මාස්ටර් ගේ යෝජනාවකට අනුවය.ඒ කාලයේ අධ්‍යක්ෂ වරුන්ගේ ඉල්ලීම පරිදි තම ගුරු හියුගෝ මාස්ටර් අනුගමනය කරමින් සොහොයුරෝ චිත්‍රපට යේ   පුරුෂ රත්නයේ කල විකට චරිත යෙන් ඉතා  ප්‍රකට විය.තරුණ වියේදී මහළු චරිත ද මහළු වියේ තරුණ රංගනයන්ට පිටිපනට අවස්තාව උදාවිය.දෙබස් රචකයෙකු සහාය අධ්‍යක්ෂ වරයෙක් ලෙස ද හේ කටයුතු කළේය.වීර විජය ඔහු සහාය අධ්‍යක්ෂ වූ චිත්‍රපටය වේ.සුරයා, අංගුලිමාල,වීර විජය යන චිත්‍රපටවල නාමාවලි ය නිර්මාණය කලේ පිටිපන විසිනි.සුරලොව මිහිර අංගුලිමාල යන චිත්‍රපට වල සිංහල දෙබස් කැවීම් සදහා ද පිටිපන දායක විය.ඔහු සිනමාහල් කළමනාකරුවෙක් ලෙසද කලක් පාමංකඩ ඊරෝස් සිනමාහලේ   සේවය කළේය.පාස්කු නාටකවල ජුදාස් ගේ චරිතයට පිටිපන ප්‍රසිද්ධ වේ.කළා භූෂණ සම්මානයෙන් හේ පිදුම් ලබා තිබේ.1955 මාතලන්,1956 රම්‍යලතා ,1957 සුරයා, 1958 සොහොයුරෝ,1959 පුරුෂ රත්නය,1960 නළගන,1964 සසරක හැටි සහ සෝබන සිත ,1965 සැකය,1966 මහා රෑ හමුවූ  ස්ත්‍රිය ,හා සම්පත ,1967 අමතක වුනාද ,සහ රන්රස ,1968 පිනිබිදු,සහ වනසරා ,1969 උතුම්  ස්ත්‍රිය.,සහ පැන්චා ,1970 තේවත සහ ඔහොම හොදද ,1971 සමනල කුමරියෝ සමග  අපි කවදත් සුරයෝ,1972 සහනය,1973 ගොපලු හඩ 1974 රොඩීගම ,1979 ජීවන කදුළු ,1980 හොදින් ඉන්න ,1981 සයුරු තෙර 1984 හිතවතිය රංගන දායකත්වය ලබාදුන් චිත්රාපට වේ.නළගන චිත්‍රපටයේ දෙබස් රචනය ද  ,සසරක හැටි දෙබස් රචනය සහ තිර පිටපත ලිවීමද  ,සැකය සහ සමනල කුමරියෝ සමග  අපි කවදත් සුරයෝ චිත්‍රපට නිෂ්පාදනයද පිටිපන ගේ ය. එතුමාගේ සිනමා සම්මාදම ප්‍රේක්ෂකයන් ලෙස අපි අගය කරමු.මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය  සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි 

Monday, September 14, 2020

පුන්‍යා හීන්දෙනිය


 පුන්‍යා  හීන්දෙනිය ලෙස ජනප්‍රිය වූ හීන්දෙනිය  විදානරාලලා  ගේ පුන්‍යා  හීන්දෙනිය  1938 ජූලි 31 උපත ලද්දේ මීරිගම ග්‍රාමයේය .  ශ්‍රී ලංකා සිනමා  වේ ප්‍රර්තිභාපුර්ණ  නිළියකි.  ඇය අධ්‍යාපනය ලැබුවේ මිරිගම මහා විද්‍යාලයෙන්ය. ප්‍රවීණ නර්තන ආචාර්ය පනීභාරත යන්ගෙන් නර්තනය හදාරන ලදී.පනීභාර්ත්යන් ගේ අග පෙන්වීම මත 1955 සිරිසේන විඅලවීරායන් ගේ අසෝකා චිත්‍රපටයේ සමුහ නර්තනයකට මුලින්ම සිනමාවට පිවිසියාය.1958 සුනීතා චිත්‍රපටයෙත් දෙයියන්නේ රටේ චිත්‍රපටයෙත්  1959 ශ්‍රී 296 චිත්‍රපටයෙත් තත්කාලීන සිනමාවේ පැවති ඉන්දීය මුහුණුවරට අනුගතව රංගනය සිදුවිණි. 1961 එල්.එස්.රාමචන්ද්‍ර  ගේ  කුරුළු බැද්ද හි රන් මැණිකා හා 1963 සිකුරු තරුවේ අනුලා චිත්‍රපට තුලින් දේශිය ස්ත්‍රී භුමිකාවේ බීජ අවස්ථා සනිටුහන් කාලය.පී.කේ.ඩී.සෙනෙවිරත්නයන්  ගේ තිර කතා තුලින් මහත් පිටුබලයක් ලැබීය.මෙකී බීජ අවස්තාව වර්ධිතව සාකල්‍යයෙන්ම පල දරන්නේ 1963 ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගම්පෙරලිය තුලිනි.ගම්පෙරළියේ මහා කප්පින වලව්වේ දියනිය නන්දා ට පුර්ණ සාධාරණයක් පුන්‍යා ලබාදිණි.ඒ ප්‍රතිභාව අගය වුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සරසවි සම්මාන උළෙලේ නන්දා චරිතය හොදම නිළිය ලෙස සම්මානිත වීමයි 1966 පරසතු මල් හි කමලා සියුම් ලෙස සංකීර්ණත්වය ස්පර්ශ කල චරිතයකි. 1967 රන්සළු තුලින් මතුවූ සුජාතා අපුරුම රංගන ප්‍රතිභාවකි. තෝරා බේරා චිත්‍රපට රංගනය කල නිසාවෙන් චිත්‍රපට රාශියක්ම ප්‍රතික්ෂේප වුවාය.රන්වන් කරල් නමැති විත්ති කතාවක් ද රගපා තිබේ.  ඇය වෛද්‍ය මිල්රෝයි නනායක්කාරා සමඟ විවාහ වූ අතර විවාහයෙන් පසු දුරස්ව  එංගලන්තයේ වාසය කළේය.  දරුවන් දෙදෙනෙකු සිටින  අතර ඔවුන්ට මුනුබුරු මිනිබිරියන් හය දෙනෙක් ද සිටිති. .පුන්‍යා  හීන්දෙනිය 1968 දී සිය රංගන දිවියේ  උච්චතම අවස්ථාව වන විට රංගනය අතහැර දැමූ නමුත් 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ආරාධනයෙන්   කලියුගය  චිත්‍රපටයේ රඟපෑවාය.. 1964 ගම්පෙරලිය හා  සිකුරු තරුවේ  හොදම නිළිය සම්මානය 1965 නව දිල්ලි හිදී  ගම්පෙරලියටම   රණ මයුර සම්මානය එම වසරේම මෙක්සිකෝ  වේදී Golden Head of Palenque සම්මානය 1966  පරසතු මල් සදහා ස්වර්ණ  සංඛ සම්මානය 1968 රන්සළු සදහා සරසවි සම්මානය 1985 කලියුගය සදහා ජනාධිපති සම්මානය 2000 ගොල්ඩෙන් ලයන් සම්මානය 2013 යු. ඩබ්ලිව් .සුමතිපාල අනුස්මරණ සම්මානය 2016 සරසවි අබිමන් සම්මානය ආදී විවිධ සම්මානයෙන් පුද ලද්දේය.එතුමිය  චිරාත් කාලයක් යෙහෙන් වැජබේවායි ආශින්ෂණ කරමු.මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය  සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි

Sunday, September 13, 2020

ඇල්ෆ්‍රඩ් එදීරිමාන්න

 

ඇල්ෆ්රඩ් එදීරිමාන්න 1929 මාර්තු 25 වන දින නුගෙගොඩ නාවල කොස්වත්තේ හි උපත ලැබීය. ඔහුගේ පියා ජොකින් එදීරිමාන්න , ගම්පහ ප්රසිද්ධ ව්යාපාරිකයෙකි. ඔහුගේ මව ගාල්ලේ කැරොලයින් එදීරිමාන්න ය. ඔහු අධ්යාපනය ලැබුවේ මරදාන ලෝරන්ස් විද්යාලයේ සහ මරදාන ශ්රී ලංකා විද්යාලයේ ය.පාසල් කාලයෙන් පසු ඔහු රජයේ ලිපිකරු තනතුරට බැඳුණි. ඔහු වරාය කොමිසමේ රාජ්ය සේවයේ ද සේවය කළේය.ඔහු ප්රථම වරට රඟපෑවේ සිරිසේන විමලවීරා විසින් රචිත ගුවන්විදුලි නාට්යවල ය 1953 දී ඉලංගරත්න විසින් රචිත මන්ත්රි හමුදුරුවෝ විසින් "වැඩිහිටි මුඩ්ලියර්" ලෙස රඟපෑමට ඔහුට අවස්ථාව ලැබුණි.ඉන්පසු ඔහු ටී.බී. විසින් නිෂ්පාදනය කරන ලද හදහන වේදිකා නාට්යයටද තෝරා ගන්නා ලදී.වරාය කොමිෂන් සභාවේ රාජ්ය සේවයෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් රදල පිලිරුව චිත්රපටයේ රඟපෑමේ අවස්ථාව එදී රිමාන්ටන අහිමි විය. ඉන්පසුව ඔහු දුප්පතාගේ දුක චිත්රපටයේ "කතෝලික පියෙකු" ලෙස රඟපෑමට තෝරා ගන්නා ලදී.සේවා ප්රශ්නය නිසා මේ රංගනයද වැළකිණි. ඔහු පළමුව රඟපෑවේ වෙස්සන්තර නම් විත්ති කතා චිත්රපටයේ ජූජක බමුණා ලෙසයි. 1954 දී පී. වෙලිකාලා විසින් නිෂ්පාදනය කරන ලද කුළු හරක් වේදිකා නාට්යයේ මෙන්ම කලගෝලා සහ සිවම්මා ධනපාල වැනි නාට්යවල ද ඔහු රඟපෑවේය. මේ අතර ඔහු වේදිකා නාට්යයක් වන හදපාන සමඟ නාට්ය නිෂ්පාදකයෙකු ලෙස ඉස්මතු වේ. ඔහු සිනමා දිවිය ආරම්භ කළේ 1957 දී තිරගත වූ සුරයා චිත්රපටයේ “සරත්” ලෙසිනි. මෙම චිත්රපටයේ චරිතය කෙරෙහි රසිකයන් ආදරයෙන් බැඳුනේය.සිංහල සිනමාවේ පළමු සුරයා එදිරිමාන්නය.1958 දෙයියන්ගේ රටේ 1960 නළගන ,වනමල,වීර විජය යන චිත්රපට රගපැවේය නළගන චිත්රපටයේ ඔහු සමාජ ශාලාවේ හිමිකරු "විකී" ලෙස දුෂ්ට චරිතයක් රඟපාමින් ප්රේක්ෂකයින්ගේ අප්රසාදයට ලක් වුවේ තාත්වික රංගනය නිසාය 1963 අදට වැඩිය හෙට හොදයි රගපෑ අතර 1963 වසරේම ගුවන්විදුලි නාට්යවල වැඩිහිටි චරිත රඟපෑ නිසා ඔහුට මුල් අවදියේදීම මහලු මිනිසෙකුගේ හෝ මහලු පියෙකුගේ චරිතය ලැබීම සැලකිය යුතු කරුණකි. මේ වැඩිහිටි චරිත සියල්ලම පැමිණි963 දී උඩරට මැණිකේ චිත්රපටයේ එදීරිමාන්න "ඩිංගිරි අප්පු" චරිතය රඟපෑමෙන් පසුවය. ඔහු වාණිජමය වශයෙන් සාර්ථක චිත්රපට කිහිපයකම රඟපෑවේය . ලා දළු, මහ රෑ හමුවූ ස්ත්රියා, සීගිරි කාශ්යප, ආත්මා පූජා, පිපෙන කුමුදු, සිංගප්පූරු චාලි හතර වටේ ,වීදුරු ගෙවල් සහ ලොකුමා හිනාව . ,හරියට හරි ,විශ්මය,එකහිත,ප්රදීපා දුර්ගා,ජය ශක්ති ,චාන්දනී ආදිය වේ.එදිරිමාන්න විවාහ වූයේ හෙදියක් වන සුමනා ලියනාගේ වෙහිහේන සමඟ ය. ඔහු ඇයව කොළඹ අක්ෂි රෝහලේදී මුණගැසුණේ ය.මෙම යුවළට දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු සිටී. වැඩිමහල් දියණිය බිම්බා යශෝධාරි රාජිකා වන අතර දෙවන පුත්රයා චින්තක දේවින්ද චන්දිම ය. ඊළඟ දියණිය ගයාත්රි ප්රජාපති පූර්ණා වන අතර බාල පුත්රයා ලක්විජය හරින්ද්ර වන්ශනාතය. ඔහු ගුවන්විදුලි නාට්ය, කුරුළු බැද්ද ලන්දේසි දූපත, වජිරා, මොණරතන්න, යකාගේ වන්ගුව, ඇස්දෙක , සුගන්දිකා, ගජමුතු සහ සඳගලතැන්න දායක විය. කබලෙන් ලිපට සහ නවෝදේ අරුනළු වැනි මුල් කාලීන රූපවාහිනී කතා මාලා කිහිපයකට ද එදිරිමාන්න දායක විය.ශ්රී ලංකා සිනමාවේ සම්මානලාභී නළුවෙකු මෙන්ම චිත්රපට ලෝලියෙකු, සමාජ ක්රියාකාරිකයෙකු හා දේශපාලක යෙකි. ඔහු රාජ්ය චිත්රපට සංස්ථාව පිහිටුවීමේ ප්රධාන පුරෝගාමියෙකු වූ අතර ඉන්දියානු චිත්රපට විරෝධතා ව්යාපාරයේ සාමාජිකයෙකු ද විය. එදිරිමාන්න 2000 නොවැම්බර් 27 වන දින වයස අවුරුදු 76 දී දිවි සිනමාවෙන් සමු ගත්තේය. එතුමාට නිවන් සුව පතමු .මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .