Saturday, June 6, 2020

කලුකපුගේ දොන් ඩේවිඩ්

කලුකපුගේ දොන් ඩේවිඩ් 1913 සැප්තැම්බර් මස පලවෙනිදා පාදුක්කේ කොටිගම්ගොඩ උපත ලැබීය.ඔහුගේ පියා ඕදිරිස්  අප්පුහාමි ගොවියෙකි. ඩේවිඩ්  ගමේ පාසලෙන් පාසල් ජීවිතය  ආරම්භ කළ අතර පසුව පාදුක්කෙහි වෝනකල් විද්‍යාලයෙන් සහ අවසානයේ හෝමගම ජෙෂ්ට  ඉංග්‍රීසි ඉංග්‍රීසි පාසලට ඇතුළත් විය.පාසල් ජීවිතයේදී  නාට්‍ය කලාවට ඇලුම් කල ඩේවිඩ් රෝහිනී ඇතුළු පාසල් නාට්‍ය වල රංගනය කළේය කෙසේ හෝ පාසලෙන් සමුගන්නා විට පාසල් අස්වීමේ සහතිකයේ ප්‍රධාන ආචාර්ය වරයා විශේස සටහනක් තබා තිබිණි ඒ " HE IS A TALENTED ACTOR"  යන වදනයි. පාසලෙන් පසු ධර්මකීර්ති මුලින්ම කොළඹ ඇල්ස්ටන් පෙදෙසේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූයේ ඕවර්සියර් කෙනෙකු ලෙසය. එම සේවයේ යෙදී සිටියදී එහි පාලකයෙක් වූ ජයසිංහ මහතා කලාවට යොමුවීමට උපකාර විය. ජයසිංහ මහතා ගේ මග පෙන්වීම යටතේ චිත්‍ර පටයක රංගනයට  පුවත් පතක  පළවූ දැන්වීමකට ඉල්ලුම් කරන ලදී. ලාංකීය සිනමාවේ 21 වන චිත්‍රපටය වන 1953 ටී ආර් සුන්දරම් ගේ  සුජාතා හි මුදලිදු ගේ චරිතය කේ ඩේවිඩ් ට පැවරිණි. .මෙහි රසවත් කතාව මෙසේය ‘අයිසේ ඩේවිඩ් තමුසේට මුඩ්ලියර්ගේ චරිතය රඟපාන්න තියෙන්නේ? තමුසේට කීයක් ඕනෑ ද? ‘මට සල්ලි ඕනෑ නෑ සර්. මට රඟපාන්න ඕනෑ. ‘උඹට ආණ්ඩුවේ රස්සාවෙන් කීයක් හම්බ වෙනද?’‘රුපියල් 300 ක්’’ ‘මෙන්න මගේ ගානේ රුපියල් තුන්සිය පනහක්. සන්තෝසෙම. මම උඹට රඟපානවට මාසෙට රු 350 ගණනේ ගෙවනවා. උඹේ සම්පූර්ණ නම මොකක්ද? ‘කේ. ඩේවිඩ්’’ ‘නිකම්ම ඩේවිඩ්. ඒක හරියන්නෙ නැහැ. මගේ හොඳම යාළුවෙක් ඉන්නව වයි.එම්.සී.ඒ එකේ ධර්මකීර්ති කියලා. එයාව මතක් වෙන්නත් එක්ක උඹ අද ඉඳලා ඩේවිඩ් ධර්මකීර්ති හොඳ ද? ‘හොඳයි සර්’ ඩේවිඩ් තම රඟපෑමේ අවසන් දර්ශනයට පෙනී සිටියාට පසු ටී. සෝමසේකරන් ඔහුට මෙසේ කීවේය. ‘ඩේවිඩ් මේ චිත්‍රපටය ආපු දවසට උඹ හොඳම නළුවා වෙනවා’’ සෝමසේකරන් ඔහු අතට අත දී සුබ පැතුවේය.සුජාතා චිත්‍රපටයේ කෘත්‍යාධිකාරී සෝමසේකරන් විය. ‘සුජාතා’ චිත්‍රපටය තිරගත වූ පසු චිත්‍රපට විචාරක රාජා තිලකරත්න කීවේ ‘ඩේවිඩ් අනාගත දක්ෂ නළුවකු වෙන පෙර නිමිති ‘සුජාතා’ චිත්‍රපටයෙන් පළ කොට ඇති බවය. මෙවන් රසවත් ආරම්භයකින් ඩේවිඩ් ගේ සිනමා ආගමනය සිදුවිය  ධර්මකීර්ති විවාහ වූයේ නන්දාවතී  ජයසූරිය සමඟ ය. මෙම යුවළට පුතුන් 5 දෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටී.හතරවන දරුවා ලබන්න සිටින විටයි සුජාතා සදහා ඉන්දියාවට ගියේ ඒ අනුව ඒ දරුවා ද සුජාතා නමින් ම නම් කෙරිණි.1953 ප්‍රේම තරගය 1954 වරද කාගේද ඊලග චිත්‍රපට විය .1955 සැඩ  සුලන් හි සර් එඩ්වඩ් පලිපාන චරිතය ද සුවිසේසි විය. 1958 සල්ලි මල්ලි සහ වන මෝහිනී මෙන්ම 1959 සිරිමලී හි ගලගෙදර මුදලාලිද අපුරු චරිතයකි 1960 පිරිමියෙක් නිසා සහ සන්දේශයේ ඒකනායක දිසාවද  යහපත් රංග ප්‍රතිභාවකි. පිලිවෙලින් 1961 1962 1963 වසර වලදී සුවිනීත ලාලනි සුහද දිවි පිදුම දීපසිකා චිත්‍රපට ඩේවිඩ් ගේ රංග ප්‍රතිභා මතුකළේය. 1963 සුදු සදේ කළුවලා රාලහාමි සහ ගම්පෙරළියේ කයිසාරුවත්තේ මුහන්දිරම් අපේ මතකයේ තවමත් සිහිවටන තබා තිබේ. අතීත සිනමාව තුල මෙන්ම නව සිනමාවේ ද 1980 පසුව ද නොමැකෙන සිහිවටන සහිත රංග කාර්යක් ඩේවිඩ් තුලින් දැක්ක හැකිවිය. සිනමාවට සම්බන්ද පැරණියන් දැවැන්තයින් නවකයන් සියලු දෙනා සමගම රංගන කාර්යට අවතීර්ණව තිබේ. ඩේවිඩ් වරෙක  මහදැන මුත්තා විය. ධාතුසේන රජු විය. වරෙක ගුනනේපානේ ආර්ච්චිය.මුදලි චරිත වංශක්කාර රංගන මෙන්ම මෘදු චරිත සටකපට චරිත නිසා වරෙක අපට සජීවී ඩේවිඩ් අමතක විය. 1953 සිට 1988 දක්වා චිත්‍රපට 60 ආසන්න රංගන ඉදිරිපත් කළේය. ඔහුගේ ප්‍රියතම දේශපාලන චරිතය වූයේ පිලිප් ගුණවර්ධන ය. ධර්මකීර්ති 1960 මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුන වෙතින් හොරන  ආසනය සඳහා තරඟ කළේය. කෙසේ වෙතත්, ඔහු ආසනයේ තෙවැනි ස්ථානයට පත්වූ අතර ඔහුට ලැබුණේ ඡන්ද 1555 ක් පමණි.ඔහු චිත්‍රපට සහකාර අධ්‍යක්ෂවරයකු, දෙබස් රචකයෙකු සහ කථා  ලේඛකයෙකු ලෙස 1958 දී සල්ලි මල්ලී සල්ලි චිත්‍රපටයේ සේවය කළේය. මෙම චිත්‍රපටයේ ඔහු චරිත නළුවෙකු ලෙස ඉස්මතු විය. 1981 දී ඔහු ආරාධනා  චිත්‍රපටයේ දයානුකම්පිත පියෙකු ලෙස රඟපෑවේය. ඔහු 1982 සරසවිය සම්මාන උළෙලේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය  ඒ රංගනය වෙනුවෙන්.  දිනා ගත්තේය.වසර 35 ක සිනමා දිවිය තුළ ඔහුට ලැබුණු එකම සම්මානය මෙයයි. ඔහු තම පුත් සරත් ධර්මකීර්ති සමඟ 1984 දී පරසතුරෝ චිත්‍රපටයේ රඟපෑවේය. ඔහුගේ අවසන් සිනමා දර්ශනය වූයේ 1988 දී සුමිත්‍රා පෙරීස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සාගර ජලය  මදි හැඩුවා ඔබ සන්දා චිත්‍රපටයෙනි.1994 ප්‍රදර්ශනයවූ   අහස් මාලිගා හිද ඩේවිඩ් ගේ රංගනයක් විය. ඔහු 1987 සැප්තැම්බර් 10 වන දින වයස අවුරුදු 74 දී දිවි රග මඩලෙන් බැස ගියේය. .නමුත් සිනමා රසික හදවත් තුල එතුමා අදටත් ජීවමානය.එතුමා සිනමාවට කල සේවය වෙනුවෙන්  එතුමාට ආනන්දනීය සිංහල සිනමාවේ ආදරණීය උත්තමාචාරය පුද කර සිටිමු. නිවන් සුව පතමු .මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර ශූරීන් ගේ ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශය ග්‍රන්ථයෙන් ද සහ එතුමාගේ පියානන් ඒ.ඩී රන්ජිත් කුමාර සුරින් ගේ ලිපි ආශ්‍රිතව  තොරතුරු ලබා ගත් බව ස්තුති පුර්වකව සටහන් කරමි.

Thursday, June 4, 2020

ශ්‍රියාණි වීරකෝන් කුමාරිහාමි

පාලම කුඹුර හේරත් මුදියන්සෙලා ගේ ශ්‍රියාණි වීරකෝන් කුමාරිහාමි 1944 ජුනි 14 වන දින මීතොටමුල්ලේ දී හි උපත ලැබුවාය. ශ්‍රී ලංකා සිනමාවේ මෙන්ම රූපවාහිනියේ ද නිෂ්පාදකවරියකි. ඇගේ පියා කොළඹ මහ නගර සභාවේ සේවය කළේය. ඇය පාසල් තුනකින් අධ්‍යාපනය ලැබුවාය. මීතොටමුල්ල විද්‍යාලයේදී ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ එතුමිය ඉන් අනතුරුව මියුසියස් විද්‍යාලයටද අවසානයේ කොළඹ ගෝතමි බාලිකා විද්‍යාලයෙන්ද නැණ පහස ලබාගත්තාය. පාසල් අවධියේදී ඇය " හතර බීරි කතාව" සහ "කොහෙද යන්නේ රුක්මනී" වැනි නාට්‍ය කිහිපය රංගනයන් ඉදිරිපත් කිරීමේ වරමඈ සතු විය. පසුව ඇය සිරි පෙරේරා මුණගැසී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ළමා මණ්ඩපය වැඩසටහනට ඇතුළත් වූවාය. ප්‍රවීණ නැටුම් ශිල්පී බැසිල් මිහිරිපන්න ගෙන් නැටුම් කලාව ප්‍රගුණ කිරීමට ඈ වාසනාවන්ත විය. එසේම එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රියානි මුලින්ම වේදිකා නාට්‍යයට පෙනී සිටීමට අවස්ථාව උදා කරගත්තාය. " හිත හොද අම්මණ්ඩි " සහ " වෙස් මුහුණු" යන වේදිකා නාට්‍ය තුලින් මුල්ම රංගනයන් සදහා අවතීර්ණය වූවාය. ඕ තොමෝ සැබවින්ම සුන්දර රුවත්තියකි. එසේම ඉතාමත් නිහතමානි ගතිගුණ වලින් හෙබි තැනැත්තියකි. ඇගේ මංගල සිනමාත්මක ආගමනය පී. හෙට්ටියාරාචි විසින් අධ්‍යක්ෂණය කරන ලද වින්ග්ස් ඕවර් සිලෝන්
" විත්ති කතා" චිත්‍රපටය හරහාය. ඩී බී නිහාල්සිංහයන්ගේ කෙටි කතාවේ රුක්මනී චරිතයයි. එවකට විසිතුර සිනමා පුවත් පතේ කතෘ ආතර් යු අමරසේනයන් සමග විවාහ දිවියට සැපත්විය. විවාහයෙන් පසු ශ්‍රියාණි ප්‍රධාන ධාරාවේ සිනමාවට එක්වෙන්නේ 1968 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගොළු හදවතේ චම්පා ගේ චරිතය සමගිනි. නැවත 1970 විජේපාල හෙට්ටිආරච්චිගේ පේනවා නේද චිත්‍රපටය සහ අමරනාත් ජයතිලක ගේ ප්‍රියංගා තුලින් රිදී තිරය වර්ණවත් කලාය. 1971 වසරේ නීල් රුපසිංහගේ හතර දෙනාම සුරයෝ හි සෝමේ ගේ චරිතය ගාමිණී පොන්සේකා ගේ පෙම්වතිය විය. එම වසරේම කේ .ඒ.ඩබ්ලිව් .පෙරේරා ගේ සීයේ නොටුවේ ද සුවිශේසී චරිතයක් රංගනයකින් පිවිසියාය. 1973 නැවත කේ .ඒ.ඩබ්ලිව් .පෙරේරා ගේ ම අපරාධය සහ දඩුවම 1974 ම ධර්ම ශ්‍රී කල්දේරා ගේ කල්‍යාණි ගංගා හි කල්‍යානි ගේ චරිතය ප්‍රේක්ෂක හදවත් මුසපත් කළේය. එම වසරේම සාගරිකා, මෙන්ම සිහසුන චිත්‍රපට ද ඇගේ රංගනයෙන් ඔපවත් වූ තවත් සුවිශේෂී.1975 වසර වනවිට ඇගේ සිනමා දිවියේ ධනාත්මක පැත්තක් මතුවිය. වානිජමය සිනමා ධාරාව මෙන්ම කලාත්මක සිනමා කෘති සදහාද යොමුව ඊට හේතු සාධක විය. ඔබයි මමයි හි නන්දා තරංගා හි අනෝමා රත්තරන් අම්මාහි කල්‍යාණි ලස්සන දවසක්හි ප්‍රියන්ති මෙන්ම දස නිසා හි සුන්දරී ඇගේ රංග ප්‍රතිභාව මතුකළ සුවිශේසී චරිතයන්වේ. 1976 රන්තිලකා සහ මංගලා චිත්‍රපට ද 1977වසරේ හිතුවොත් හිතුවාමයි, යලි ඉපිදේ, සිකුරු දසාව, නිවෙන ගින්න ආදී චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක මනහද පිනවීය. අහසින් පොලවට වීර පුරන් අප්පු, සරුංගලේ ආදී චිත්‍ර පට සුවිශේෂී රංග ප්‍රතිභා මතුකලාය. අනේකවිධ දුක් කම්කටොලු විදින ගැහැණිය මෙන්ම සුඛ විහරණ ලබන විසල් චරිතද ගැමිකම මතුවන අහිංසක චරිතද නගරයේ කර්කශ ජීවන රටාවන් ද ඇගේ රංගනයෙන් අපුරුවට ඔප මට්ටම් කලාය. 1993 දී ඇයට කුලගෙය චිත්‍රපටය සඳහා සරසවිය සම්මානය හිමි විය. රිදී තැල්ල, දෑසේ මල් පිපලා.. කුලගෙය.. තරණය.. චිත්‍රපට ශ්‍රියානි නිෂ්පාදනයෙන් දායක වුවාය. රිදී තැල්ල චිත්‍ර පටයේ තිර රචනය ද ශ්‍රියානි විසින් කරන ලදී. නවකතා ලිවීමට ද ඕ සමත්ය . 1968 සිට 2017 දක්වා චිත්‍රපට සියයකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් ඔපවත් විය. පුංචි තිරේ ද විශාලකාර්ය භාරයක් ය ඉටු කලාය. දත් කැකුළු පාලා පළමුවන ටෙලි සිත්තම විය. ඉන්පසුව රුපවාහිනී කතාමාලා තුනක් නිෂ්පාදනය කාලය ඉරබටු තරුව.. හේමන්තයේ වසන්තයක්.. හැංගි මුත්තම් ..එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් සඳහා ලන්ඩනයේ ද අර්ධ වශයෙන් රූපගත කිරීම් විය. 2003 දී ඇය ඕස්ට්‍රේලියාවේ රූගත කරන ලද පෙරලිය නම් ටෙලි කතා මාලාව අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළාය. 2005 දී ඇය ඇමරිකා එක්සත් ජනපදයේ රූගත කරන ලද තුශාරයේ චයා නම් කතා මාලාව අධ්‍යක්ෂණය කළාය. 2011 දී ඇය මයුර අසපුව යන කතා මාලාව අධ්‍යක්ෂණය කළාය. සුබ ප්‍රාර්ථනා.. පස්සේ ගෙනා මනමාලි.. එක මවකගේ දරුවෝ.. ලේලි.. දහ අට ඇදිරිය.. පාරාදීසේ.. මැගී.. ඉරබටු තරුව.. පුෂ්පරාග.. ආදී ටෙලි නාට්‍ය නිෂ්පාදනයට ද දායක වුවාය . සරසවිය සම්මාන විචාරක සම්මාන ස්වර්ණ සංඛ සුමති ටෙලිසම්මාන ආදියෙන් පුද ලැබුවාය. මේ දේපල ගේ දියණිය ඉනෝකා අමරසේන වේ. ඇයද බිළිදියක ලෙස ගොළු හදවතේ සිටම ගැහැණු ළමයි, රිදී තැල්ල.. යහළු යෙහෙළි.. වත්සලා අක්කා.. විරාගය.. ක්‍රිස්තු චරිතය.. තරණය.. ආදී චිත්‍රපට රංගනය තුලින් රසික හදවත් දිනා ගත්තාය. නවක නිලි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. සිනමාව පුංචි තිරය මෙන්ම අනෙක් කටයුතු වලින් ද විශේෂිතවූ ශ්‍රියානි අමරසේන එදා සිටම ජනමන හද සුවපත් කල සුන්දර නිහතමානී කලාකාරිනියකි. අගේ රංග ප්‍රතිභාවට ආනන්දනීය සිංහල සිනමාවේ උත්තමාචාරය අපි පල කරමින් අනාගත කටයුතු සාර්ථක වේවා.. නිදුක් නිරෝගී වේවායි.. ආශිංසනය කරමු. මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර ශූරීන් ගේ ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශය ග්‍රන්ථයෙන් ද තොරතුරු ලබා ගත් බව ස්තුති පුර්වකව සටහන් කරමි.

රීටා ෆිලෝමිනා රත්නායක




1934 වසරේ රීටා ෆිලෝමිනා රත්නායක මාතලේ උපත ලබා තිබේ. මාතලේ ශාන්ත ඇග්නස් බාලිකාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රීටා වසර 14 පමණ එනම් 1948 කාලයේ පවුලේ අය සමග මඩු වන්දනාවේ ගිය අවස්තාවක දී එඩී රුක්මනී බී ඒ ඩබ්ලිව් ජයමාන්න සිනමාවේ එවකට පරසිදු ත්‍රිත්වය ගැන දැන ගැනීමට හැකිවිය. රුවැත්තියක් වූ රීටා තමා ගේ රගපෑමේ උනන්දුව ඇල්ම ගැන ඔවුනට පැවැසීය. රීටා දස්කොන් වේදිකා නාට්‍ය යේ ප්‍රමිලා බිසව ගේ චරිතය සමග මුලින්ම කලා ලොවට පිවිසියාය. කෙසේ හෝ වසර කිහිපයකට පසුව රංගනයට අවස්තාව උදාවිය. 1953 බී ඒ ඩබ්ලිව් ජයමාන්න ගේ කෑලැ හද චිත්‍රපටයේ ඩේසි අත්තනායකගේ චරිතයට පණ පොවමින් .රීටා රත්නායක එක රැයින්ම ජනප්‍රියත්වයට පත් වුවාය. බී. ඒ. ඩබ්ලිව්. එම චිත්‍රපටයේ සාර්ථකත්වයට පසු ඇය 1954 ටී ආර් සුන්දරම් ගේ වරද කාගේද චිත්‍රපටයේ විනීතා ගේ චරිතය රංගනයට දායක වූවාය. 1954 වසරේ අග භාගයේ ටී ආර් සුන්දරම් ගේම රදළ පිළිරුව චිත්‍රපටයේ ද 1956 ඒ බී රාජ් ගේ රම්‍යලතා හි ප්‍රභාවතී ලෙස රංගනයන් ඉදිරිපත් කළාය. 1957 එම්. කේ. සාමි සහ එම්. මස්තාන් ගේ සුකුමලි චිත්‍රපටයේ ද 1958 පී. නීලකන්ටන් ගේ සුනීතා චිත්‍රපටයේ ද 1958 වසරේම ඩබ්ලිව් එම් එස් තම්පෝ ගේ සේපාලි චිත්‍රපටයේ ද 1960 ටී යෝගානන්ද ගේ සුන්දර බිරිද චිත්‍රපටයේ ද 1961 හර්බි සෙනවිරත්න ගේ දරුවා කාගේද චිත්‍රපටයේද 1963 එල් එස් රාමචන්ද්‍රගේ සුහද සොහොයුරෝ චිත්‍රපටයේද 1964 ටී සෝමසේකරන් ගේ සුබ සරණ සැප සිතේ සහ 1964 වසරේම එම් එස් ආනන්දන් ගේ සිතක මහිම චිත්‍රපටයේ ද ප්‍රධාන චරිත නිරූපණය කළාය. 1965 ප්ලොරිඩා ජයලත් ගේ ස්වීප් ටිකට් චිත්‍රපටයටද රීටා ගේ රංගනය ඇතුලත් විය 1965 වසරේම පී .රත්නම් ගේ සැකය චිත්‍රපටයද රීටා ගේ රංගනයෙන් ඔපවත් විය.නැවත 1966 එම් එස් ආනන්දන් ගේ ඇතුල්වීම තහනම් චිත්‍රපටයේ ද 1967 එම් එස් දාස් ගේ අමතක වුනාද චිත්‍රපටයෙන් පසුව රීටා හමුවන්නේ 1970 නීල් රුපසිංහගේ දැන් මතකද චිත්‍රපටය තුලිනි. රීටා රත්නායක 1961 දී චිත්‍රපට අධ්‍යක්ෂක දෙබස් හා ගීත රචකයෙක් වූ ඩබ්ලිව්. ඒ. විල්ෆ්‍රඩ් සිල්වා සමඟ විවාහ විය. රීටා රත්නායක වෘත්තීය වශයෙන් ශ්‍රී ලංකා හෝටල් සංස්ථාවේ ද දිගටම සේවයේ නිරත වුවාය. 50 - 60 දශකය තුල ප්‍රධාන නිළිය පෙම්වතිය ලෙස සොදුරු රංගනයන් දැක ගතහැකි විය. 1964 වසරේ සිතක මහිම චිත්‍රපටයේ අසෝක පොන්නම්පෙරුම සමග රංගනය වූ මධුර යාමේ ගීත ජවනිකාව රසනොවිදිනා සිනමා ප්‍රේක්ෂකයන්ගේ දැකගැනීම දුලබ විය. 70 දශකයෙන් පසුව රීටා වැඩිහිටි චරිත මව් චරිත තුලින් සිනමා රංගනය ආලෝකමත් කළාය. 1973 කිංස්ලි රාජපක්ෂගේ සුහද පැතුම රීටා මව් චරිතයෙන් ඔපවත් කළාය. 1974 වසරේ රීටා කේ. වෙන්කට් ගේ ශීලා චිත්‍රපටයේද එම වසරේම තම ස්වාමියාගේ ඩබ්ලිව්. ඒ. විල්ෆ්‍රඩ් සිල්වා ගේ ශාන්ති චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතයක් ද ලෙනින් මොරායස් ගේ ඔන්න බබෝ බිල්ලෝ එනවා චිත්‍රපටය ද රංගනය විය. 1975 ලෙනින් මොරායස් ගේ ආවා සොයා ආදරේ චිත්‍රපටයද 1976 එම් එස් කුමාර ගේ හාරත හතර සහ ඩබ්ලිව්. එම්. එස්. තම්පෝ ගේ දෙයියන්ගේ තීන්දුව හිද රග පෑවාය. මේ හැර 1977 හිතුවොත් හිතුමායි, 1978 මගේ රන් පුතා මෙන්ම එකහිත 1979, දයාබර නිලූ 1981 සමාවෙන්න 1981, වතුර කරත්තය 1983 , බොනික්කා 1984 ශිරානි, කෝකිලා, නාමල් රේණු ආදී චිත්‍රපටද විය පසුව රීටා රත්නායක කාහල නාදය නම් රූපවාහිනී කතා මාලාවහි ද රංගන දායකත්වය දැරුවාය. 1965 සිතක මහිම චිත්‍රපටය වෙනුවෙන් සරසවියෙන් කුසලතා සම්මානයක් ද හොදම නිළිය ලෙස සිතක මහිම චිත්‍රපටයටම එක්සත් ලංකා මිතුරු හවුල මගින් සම්මානයක් ද 1997 ජනාධිපති ස්වර්ණ ජයන්ති සම්මානයක් ද 1998 සරසවියෙන් නමස්කාර පුජා විශේස සම්මානයක් ද මෙතුමිය ලබා ඇත්තේය.2006 නොවැම්බර් 6 වන දින මෙතුමිය දිවි සිනමාවෙන් සමු ගත්තේ වසර 72 ආසන්නයේය. 50 දශකය තුල සිනමාවට අවතීර්ණය වී දශක හතරකට ආසන්න කාලයක් රංගන යෙන් ජන මන හද පිනවීය. ආනන්දනීය සිංහල සිනමාවේ ආචාරය ඇගේ සිනමා රංගනය වෙනුවෙන් පුදකර සිටිමු .එතුමියට සග මොක්සුව පතමු.මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරීන් ගේ ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශය ග්‍රන්ථයෙන් ද තොරතුරු ලබා ගත බව ස්තුති පුර්වකව සටහන් කරමි