Sunday, May 31, 2020

පියදාස විජේකෝන්




විජේකෝන් මුදියන්සේලාගේ පියදාස 1940 ඔක්තෝබර් 22 - උපත ලද්දේය. නාරාහේන්පිට විද්‍යාවර්ධන පාසලෙන් මුලික අධ්‍යාපනය ලැබුවේය. කුඩා කල සිටම රංගනයට මහත් ඇල්මක් පියදාස තුල විය. සිවම්මා ධනපාල.. අපුරු යාළුවෝ..මනාපේ.. රාජ කපුරු සෙට්ටියා.. යන වේදිකා නාට්‍ය වලද රංගනයට එක්වී තිබේ. 1957 සිරිසේන විමල වීරයන්ගේ සිරකරුවා චිත්‍රපටයේ නළු නිලියන් තෝරන සම්මුඛ පරීක්ෂණයට හේ ඉදිරිපත් වූයේය. එහි නැටුම් දර්ශනයකට මුල්වරට රග පෑමෙන් පළමු සිනමා ආගමනය වුවේය.1959 ඒ. එස්.නාගරාජන් ගේ පුරුෂ රත්නය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් ලෙස ක්ලැරිස් ද සිල්වාගේ සොහොයුරෙක් ලෙස සමරසිංහ ගේ චරිතය තුලින් නැවත රිදී තිරය ට පිවිසියේය. නාගරාජන් ගේ යෝජනාවක් මත පියදාස විජේකෝන් නම තුලින් හේ ඉදිරියට පැමිණිනි. මුල් කාලීනව සිනමාවට පිවිසීමට වඩාත් උපකාර කලේ රොබින් තම්පෝ සිනමා වේදියාය.1959 නැවත සිරිසේන විමලවීරයන් ගේ මා ආලේකල තරුණිය චිත්‍රපටයේත් 1961 රොබින් තම්පෝ ගේ සුවිනීත ලාලනී හිද රගපෑවේය.1962 වසරේ රොබින් තම්පෝ ගේ සුහද දිවි පිදුමේ හිස බුගා දුෂ්ට සටන් චරිතයක් ජිමී ලෙස රගපාමින් සටන් නළුවෙක් ලෙස අභිෂේක ලද්දේය.1962 වසරේම තට්ට හිස සමග දාමරිකයෙක් ලෙසම රොබින් තම්පෝ ගේ සුදු සදේ කළු වලා හි රග පෑවේය.1964 වසරේ ද රොබින් තම්පෝ ගේ සමාජේ අපි ඔක්කොම සමානයි චිත්‍රපටයේ සැම්සන් පුංචි හාමු ගේ චරිතය පනපෙවීය . පසුව ශ්‍රී ලාංකික සිනමාවේ ප්‍රබලයකු සහ චරිත නළුවෙක් බවට පත්විය. ඔහුගේ වෘත්තීය ජීවිතය වසර 42 ක් පුරා චිත්‍රපට 140 ක් සමඟ විහිදුණු අතර ඔහු එකල විවිධාකාර භූමිකාවන් රඟපෑවේය. සමහර විට ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන අයෙකු වූයේ 1977 අමරනාත් ජයතිලක ගේ සිරිපාල සහා රන් මැනිකා හි විජේකෝන් පොලිස් පරීක්ෂකවරයකු ගේ චරිතය වේ . මෙය අසාමාන්‍ය භූමිකාවක් වූ අතර ඔහුගේ බොහෝ භූමිකාවන් ට වැඩ සුවිශේෂී විය. පසුකාලීනව සටන් ජවනිකාවලින් මිදී විකට චරිත්යන්ටද විජේකෝන් ඉදිරිපත් විය .1974 ලෙනින් මොරායස් ගේ ඔන්න බබෝ බිල්ලෝ එනවා හි බුබම්බා ද විනෝදමත් ඉන්ද්‍රජාලික චරිතයකි. බොහෝවිට සටන් චරිතවලදී ගාමිණීට ප්‍රතිවාදියා ලෙස රග පෑවේය .බඩුත් එක්ක හොරු හි නම්බියාර් ගේ බොස් චරිතය ද ප්‍රේක්ෂක සිත් ගත් චරිතයකි .විජේකෝන් ගේ චිත්‍රපට අතර රොඩී ගම, ගිජුලිහිණියෝ, හිතහොද මිනිහෙක්, ඔබයි මමයි, ආව සොයා ආදරේ, සුකිරි කෙල්ල, සිරිල් මල්ලි, රන්වන් රේඛා,කවුද රජ, ලෝක හොරු, නැවත හමුවෙමු, සීමා පවුරු, පුනරුප්පත්තිය ,අපායේ තප්පර අසූහාර දාහක්, කොලොම්පුර් ආදියද වේ. ප්‍රවේගය රදල කම චන්ඩි කම මෙන්ම අහිංසක චරිතද කිහිපයක් අපට මෙතුමාගේ චිත්‍රපට තුලින් දැකිය හැකිය 1957 සිට 2000 ආසන්න වනතුරුම විවිධ චරිත තුලින් ඒ අපුර්ව රංග ශිල්පියා දස්කම් පෑවේය .ජනතා සම්මානය මිස වෙනත් සම්මාන නම් නොලද්දේය. ප්‍රියන්ත විජේකෝන් රංග ශිල්පිය මෙතුමාගේ පුතණුවන්ය. 2003 පෙබරවාරි 09 වනදින 62 වියේදී පියදාස විජේකෝන් රංගන ශිල්පියා ජීවන සිනමාවෙන්ද බැහැර විය .ආනන්දනීය සිංහල සිනමාවේ අප සියලු දෙනා එතුමාගේ රංග කෞශල්‍යය වෙනුවෙන් උපහාර පුදමු. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු .. මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරීන් ගේ ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශය ග්‍රන්ථයෙන් ද තොරතුරු ලබා ගත බව ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, May 1, 2020

මීමනගේ මේරි මැගිලින් ලැටීෂියා පීරිස්


ලැටීෂියා පීරිස් ලෙස ජනප්‍රිය වූ මීමනගේ මේරි මැගිලින්  ලැටීෂියා පීරිස් 1934 ඔක්තෝබර් 18 වන දින කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ දී  පල්ලන්සේන ගම්මානයේ දී   උපත සිදුව තිබේ. ඇය මීගමුවේ  හි හරිස්චන්ද්‍ර ජාතික විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළාය. ලාබාල වියේදීම මිනර්වා නාට්‍ය කණ්ඩායමට එකතු වන්නට ඇයට අවස්තාව ලැබිණි. ගැහැණු සිත.. ගෙදර හටන.. වැනි නාට්‍ය වල රගපෑවේය. .වසර හතේ දී කඩවුන පොරොන්දුව නාට්‍යයේ හිල්ඩා ගේ චරිතය රගපෑවේය.ඇය ශ්‍රී ලංකා නාට්‍ය ඉතිහාසයේ මුල්ම ළමා නිළියකි. ඇය අඛණ්ඩව "හිල්ඩා" ලෙස වසර 10 ක් තුළ වාර්තාගත ලෙස රංගන  කටයුතු කළාය.   පීරිස් ගේ අධ්‍යාපන කටයුතු ද කළා කටයුතු  නිසා ඇන සිටියේය .  පීරිස් බී .ඒ .ඩබ්ලිව් ජයමාන්න  ගේ අනුග්‍රහයෙන් 1948 වසරේ ජෝතිස් සිං ගේ  වැරදුන කුරුමානම චිත්‍රපටයයේ රංගනයට  සම්බන්ධවිය.   ඇගේ වැඩිමහල් සොහොයුරිය ග්‍රේස් පීරිස් විවාහ වූයේ ජනප්‍රිය නළු චිත්‍රපට අධ්‍යක්ෂක  බී. ඒ. ඩබ්. ජයමාන්න  සමඟය.නමුත් දැඩි උණ හේතුවෙන් පළමු සිංහල චිත්‍රපටයක් වන කඩවුනු පොරොන්දුව  චිත්‍රපටයේ රඟපෑමෙන් සිංහල සිනමාවේ පළමු ළමා නිළිය වීමේ අවස්ථාව ඇයට අහිමි විය.   ශ්‍රී ලංකා සිනමා, නාට්‍ය හා රූපවාහිනී යන අංශවල සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පැරණිතම කුළුණු වලින් එකකි. ලැටීෂියා පීරිස් දශක  පහකට වැඩි කාලයක් පුරා දිවෙන සිනමා  අත්දැකීම් ඇත්තියකි . ඇය ජයමාන්න පරම්පරාවේ අවසාන රංගන සම්බන්ධතායිකාව වේ .1950  දී බී .ඒ .ඩබ්ලිව් ජයමාන්න  ගේ හදිසි විනිශ්චය  චිත්‍රපටයේ රඟපෑ අතර එඩී ජයමාන්නගේ විකට සහායිකාව පද්මිණි ලෙස  චිත්‍රපටයේ නිරූපණය කළාය. එඩී ජයමාන්න  සමඟ "ආදර ස්වාමි " ගීතය ගායනා කරන විට ගායිකාවක් වීමේ වරප්‍රසාදය ද ඇයට හිමි විය. පසුව ඇය 1951බී .ඒ .ඩබ්ලිව් ජයමාන්න  ගේ  සැගවුන  පිලිතුර චිත්‍රපටයේ බර්ට්‍රම් ප්‍රනාන්දු සමග ලීලා  විකට චරිතය නිරූපණය කළාය.එහි ද සුසිල් ප්‍රේමරත්න සමග "සනසනු මා  "ගීතය ද ගායනා කළේය 1952 බී .ඒ .ඩබ්ලිව් ජයමාන්න  ගේ උමතු විශ්වාසයේ විකට මැණිකා ගේ චරිතය 1957 එස් එස් රාජන් ගේ සිරියලතා චිතපටයේ කැරොලිනා චරිතය රංගනය කළේය.ඇය රුක්මනී දේවි සමඟ  දී සිරියලතා චිත්‍රපටයේ විශිෂ්ට ලෙස රඟපෑවාය. චිත්‍රපට රූගත කිරීම් අතරතුරදී  මයිකල් ද සිල්වා මුණ ගැසුන අතර 1957 දෙසැම්බරයේදී වයස අවුරුදු 24 දී මයිකල් සිල්වා  සමඟ  විවාහය  සිදුවිය .  මෙම යුවළට ශලනි හා  රේණුක නමින් දරුවන් දෙදෙනෙක් වේ.විවාහයෙන් පසුව ඇය රංගනයෙන් සමුගත් අතර සැමියාට සහ දරුවන්ට දිගටම සහයෝගය දැක්වූවාය. ඇගේ දරුවන් වැඩිහිටිභාවයට පත්වීමෙන් පසු ඇය නැවත වේදිකා නාට්‍යයට පිවිස මාක් සමරනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද කඩවුන පොරොන්දුව  නාට්‍යයේ රඟපෑවාය. කේ.ඒ.ඩබ්ලිව්ගේ ආරාධනයෙන් ඇය නැවත සිනමාවට පැමිණියාය.ඒ 1968 දී පෙරේරා ගේ බයිසිකල් හොරා  චිත්‍රපටය සමඟයි 1969 රොබින් තම්පෝ ගේ පික් පොකට් හි ද පීරිස් රග පැවේය .1971 නැවත කේ.ඒ.ඩබ්ලිව්ගේ පෙරේරා ගේ  කතුරු මුවත් සහ සීයේ නෝට්ටුවේ ද පීරිස් රංගන දායකත්වය දී තිබේ.1972 වසරේ ද කේ.ඒ.ඩබ්ලිව්ගේ පෙරේරා ගේ ලොකුම හිනාව හි රෙජිනා  සහ ඉහත ආත්මයේ හිල්ඩා ලෙස  රග පෑවාය 1973 අපරාධය හා දඩුවම 1974 දුලීකා 1975 කලියුග කාලේ 1976 හාරත  හතර 1977 නීලා 1979 ජෙවන කදුළු චිත්‍රපට ද පීරිස් ගේ රංගන දායකත්වය විය 1979 වසරේ වසන්තයේ දවසක් සහ  අක්කෙ මට අවසර චිත්‍රපට මෙන්ම 1981 සත්වෙනි දවස ජීවන්ති බන්ගලි  වළලු 1982 වතුර කරත්තය හා රේල් පාර 1983 සදමාලි 1988 සදකඩ පහණ 1996 මල් හතයි 1999 අයදිමි සමා 2002 ඔන්න බබෝ ආදී චිත්‍රපට ද පීරිස් ගේ රංගන දායකත්වය ලබා තිබේ.කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා  විසින් නිපදවන  බොහෝ  චිත්‍රපටයකම විකට හෝ ත්‍රාසජනක චරිතයක් පීරිස්  රඟපෑවේය.ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද  ජනප්‍රිය ගුවන් විදුලි ගායිකාවක් ද වේ. අසල්  වැසියෝ.. ගෙදර බලා.. ප්‍රමාද වැඩියි ..  හිගන කොල්ලා. පාසල් ගුරුවරී.. ඇතුළු පුංචි තිරේ රංගනයට ද වාසනාව ලද්දේය.  ඇගේ අවසාන රූපවාහිනී කතා මාලාව වූයේ වඩදිය වේ. එහි රංගනය අතරතුරේදී ඇයට අසනීපතත්වයක්  වැලඳී ඇත. .1988 දී පීරිස් හට සරසවිය සම්මාන උළෙලේදී "නාමස්කර පූජා" උපහාර ප්‍රණම සම්මානය හිමි විය. සරසවිය කළා භූෂණ සම්මානය ද මෙතුමිය ලබා ඇත්තේය අවසාන වසරවලදී ඇය බරපතල ලෙස රෝගාතුර වූ අතර ගොළු විය. නමුත් කිසිම කලාකරුවෙක් ඇයට උදව් කිරීමට හෝ ඇය බැලීමට පැමිණියේ  නැත. ඇය 2013 ඔක්තෝබර් 31 දින අසනීප තත්වය නිසාම මිය ගියාය. අවසන් කටයුතු 2013 නොවැම්බර් 2 වන දින සවස 3 ට කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව රද්දොලුගම ක්‍රිස්තියානි සුසාන භූමියේදී සිදු විය.නළු නිළියන් සහ කලාකරුවන් සිය ගණනක් ඇය සමඟ රඟපෑ අතර ඇය හා කලා සම්බන්ධ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවත්, ඔවුන්ගෙන් එක් අයෙකු වත් ඇගේ අවමංගල්‍යයට සහභාගී නොවූ බව සඳහන් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකා සිනමාව වෙනුවෙන් සංවිධාන ගණනාවක් පැවතුනද, ඔවුන්ගෙන් කිසිවෙකු මෙම අවස්ථාවට සහභාගී වීමට ඉදිරිපත් නොවීම ඇත්තෙන්ම අවාසනාවකි.සිංහල සිනමාව නියෝජනය කිරීම සඳහා බැනර 1 ක් පමණක් විය. එය සිනෙස්ටා පදනමේ නියෝජිතයෙකු විසින් සවි කරන ලද බැනරයක් විය. ලැටීෂියාගේ දියණිය ෂනාලි ද සිල්වා පවසන්නේ සංස්කෘතික අමාත්‍යාංශයේ පුෂ්පෝපහාරයක් හැරුණු විට ගරු ජනාධිපතිතුමාගේ මල් වඩම හැරුණු විට කිසිදු නළුවෙකු හෝ නිළියක් ඔහුගේ හෝ ඇයගේ අනුකම්පාව ප්‍රකාශ කර නොමැති බවයි.ෂනාලි ද සිල්වා පවසන්නේ දැන් මව මියගොස් ඇගේ අවමංගල්‍ය කටයුතු අවසන් වී ඇත .... මට අයහපත් හැඟීම් නැත ... නමුත් මා බිය වන්නේ කුමක් ද යන්න අනෙක් කලාකරුවන්ට ද එම ඉරණම අත්වනු ඇත.  රංගන කුසලත්වෙන් හෙබි තවත් කළා කරුවෙක් එසේ සමුගෙන ඇත.එතුමියට ආනන්දනීය සිංහල සිනමාවේ ආචාර්ය පුද කර සිටිමු  එතුමියට සග මොක්සුව ප්‍රාර්ථනා කරමු .මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්‍රීලාංකේය සිනමා වංශය ග්‍රන්ථයෙන් ද  කරුණු අදහස් ලබාගත් බව කෘතවේදීව සටහන් කරමි.