Monday, August 31, 2020

කප්පිනදේවගේ හර්බට් මෙන්ඩිස් සෙනෙවිරත්න...

 

1924අප්රියෙල් 24 කහව දී කප්පිනදේවගේ හර්බට් මෙන්ඩිස් සෙනෙවිරත්න උපත ලබා තිබේ.නළුවෙක් ගීත රචකයෙක් චිත්රපට අධ්යක්ෂක වරයෙක් ලෙස කීර්තියක් ලද්දේය .බලපිටිය සිද්ධාර්ථ කොළඹ මහාබෝධි විදුහල් තුලින් අධ්යාපනය ලද්දේය.පාසල් වේදිකාවේ සිටම රංගනයට අවතීර්ණ විය.ගීත කලාවට අතපොත් තැබුවේ එදත් අදත් ශ්රාවක හදේ අමරණීය වූ ගීයක් රචනා කරමිනි. පී.ඇල්. ඒ. සෝමපාලයන් චිත්රා සෝමපාලයන්ගයන "ලලිත කළා ඔපකරනා " ඒ සොදුරු ගීයයි. හර්බට් එඩී ජයමාන්න සමග බී .ඒ.ඩබ්ලිව් .ජයමාන්න හමුවට ගියේ සිනමා ගීත රචකයෙක් වීමේ අපේක්ෂාවෙනි.1952 වසරේ උමතු විශ්වාසය චිත්රපටයේ ගීත රචනයට අමතරව රුක්මනී දේවි සමග රගපෑමට අවස්තාව හිමිවිය.උමතු විශ්වාසයේ පියසේන බිහිවුයේ එලෙසකයි 1954 අයිරාංගනී සහ රදල පිළිරුවේ රංගනයද 1956 .දොස්තර චිත්රපටයේ රංජිත් 1957 සිරියලතා හි සිරිමාන රිටිගල ලෙස ප්රධාන රංගනයක් ඉදිරිපත් කළේය.1962 දස්කොන් හි නරේන්ද්ර සිංහ රජ ලෙසද 1965 හදපාන චාලි සහ සේන ගලප්පත්ති සහ හිතට හිත චිත්ර ශිල්පියා 1969 සෙනෙහස කපිතාන් ලෙසද හර්බට් ගේ ප්රධාන භූමිකාවන් රංගනය විය.1981 රන් එතනා 1982 සිටු දියණිය 1991 බඹර කලාපේ හර්බට් ගේ රංගනයෙන් ඔපවත් විය.1965 හදපාන නිෂ්පාදනය කළේය.1969 සෙනෙහස නිෂ්පාදනය කොට අධ්යක්ෂනය කළේය.1981රන් එතනා ද නිෂ්පාදනය කොට අධ්යක්ෂනය කළේය 1982 සිටු දියණිය අධ්යක්ෂනය කළේය.1952 උමතු විශ්වාසයේ සියලු ගීත හර්බට් ගේ රචනාවේ.සුදට සුදේ සිරිය දිලේ ,මම මනමාලි ඔබේ,කොලොම් පුරේ ශ්රියා අදටත් ජනප්රිය ගීත වේ.1957 කැලැ හද ගීත ද හර්බට් ගේ රචනාවේ. .මැවිලා පෙනේවි රූපේ ,අන්නසුදෝ ,මගේය,ප්රේම මාලනී ,පෙම් .අමධාරා ගීත ජනප්රිය වේ .1957 සිරියලතා හි සියලුම ගීත ද එම වසරේ සුකුමලී හි හර්දේ ඇදෙ ගීතයද 1964 හෙට ප්රමාද වැඩියි හි ද ගීත දෙකක් හර්බට් ගේය. 1970 වසරේ සෙනෙහස චිත්රපටයේ හොදම නළුවා හර්බට් විය.1996රණ තිසර සම්මානයද 1997 ජනාධිපති සම්මානයෙන් ද පුදනු ලැබීය. 1987 ජුනි 07 එතුමා දිවි සිනමාවෙන් ද සමුගත්තේය. එතුමා ගේ ගී සුවද හා රංගනයේ අසිරිය මතකයෙන් ගිලි නොහේ.
මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .

Wednesday, August 26, 2020

සේනාධීර පතිරන්නැහලාගේ රුපසිහ....




කිරිදිවැල තිබිරිගම මිල්ලතේ 1937 සැප්තැම්බර් 15  උපත ලද සේනාධීර පතිරන්නැහලාගේ  රුපසිහ  අධ්‍යාපනය ලබන්නේ නිට්ටඹුවේ සංගබෝධි මහා විද්‍යාලයෙන් උරාපොල  බෞද්ධ පාසලේ සහ ගම්පහ විද්‍යාසේකර යන විදුහල් තුලිනි.කුඩා කල සිටම චිත්‍රපට නැරබීමට හා ඒගැන  හැදෑරීමට උනන්දු විය.සිනමාව පිළිබද වැඩිදුර  ඉගෙනීම පිණිස මදුරාසිය බලා පිටත් විය.ඉන්දියානු චිත්‍රාගාර කිහිපයකම ගොස් සිනමාවේ කාර්මික අංශය පිළිබද පැහැදිලි අවබෝධයක් ඔහු ලබා ගත්තේය.එහිදී හමුවූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න නම් ලාංකික අධ්‍යක්ෂකවරයා සේනාදීර ගේ උපදේශක වරයා විය.ශාන්ති කුමාර් 1957 නිපදවූ ජීවිත සටනේ  ප්‍රථම රංගනය ප්‍රධාන චරිතයක් තුලින් සිනමා ආගමනය විය.1964 නැවත සේනාදීර කල කල දේ පලපල දේ තුලින් නන්දසේන නම්  අහිංසක  කම්කරු තරුණයා ලෙස රංගනය වුවේය. 1966 වසරේ චිත්‍රපට හතරක සේනාදීර රංගනය කළේය., හි රංග සෙනවියා විය.මහ රැ හමුවූ ස්ත්‍රිය හි ජස්ටින් සුරවීර ලෙස ද කිංකිනි පාද හි දුෂ්ට චරිතයකි.කොළඹ හාදයෝ හි ගම හදන කොලඹ කට්ටියේ කෙනෙකි.1967 අමතක  වුනාද ,සරණ, හා සුර චෞරයා  රංගනය කල අතර සුර චෞරයා හි  චෞරයාට එරෙහිවන පොලිස් පරීක්ෂක විය.1968 අටවෙනි පුදුමය සේනාදීර රංගනය විය. ,1969 හරිමග හි නැටුම් ගුරුවරයා ද සුවිශේෂී චරිතයකි. රූපසිංහ ධනවත් නිවසකට කඩාවැදී ලක්ෂ හතර හමාරක මාලයක් පැහර ගන්නා සේන   නැවත එම නිවසේම රූමතිය පැහැර ගන්නා මංකොල්ල කාරයා 1969 සුරයන් ගේත් සුරයා එකල කාන්තාවන් ගේ දෝෂයට ලක්වන අපුරු රංගනයක් කළේය.මහ රැ හමුවූ ස්ත්‍රිය,අමතක  වුනාද,සිගිරි කාශ්‍යප,සුරයන් ගේත් සුරයා චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂක වරයා ද වුවේය.1970 සේනාදීර දැන් මතකද චිත්‍රපටයේ දෙබස් රචනා කළේය.එහි ප්‍රධාන චරිතයක් ද රංගනය කළේය.1970 වසරේම ආත්ම පුජා හි යුරෝප රටක පාලකයාවන සොලමන් සිගේරා චරිතය සේනාදීරගේ විශේස රංගනයකි. 1971 වසරේ ච්ත්‍රපට 4 කින් සේනාදීර හමුවේ.රන් ඔන්චිල්ලා , කතුරු මුවාත් ,හතර දෙනාම  සුරයෝ සහ හාර ලක්ෂ්‍යය ඒ චිත්‍රපට විය.1972 එදත් සුරයා  අදත් සුරයා ,හිතක පිපුන මල් ,වීදුරු ගෙවල් ද 1973 අපරාධය සහ  දඩුවම ද 1974 සිහසුන,මෙහෙම හරිද,ජීවන ගංගා ,හරිම බඩු තුනක් රංගනය විය.හරිම බඩු  තුනක් දෙබස් තිර නාටකය රචනා කරමින් නිෂ්පාදනය ද  සේනාදීර ගේමය.හතර දෙනාම  සුරයෝ ,ජීවන ගංගා ,සේනාදීර රංගනය වූ බොක්ස් ඔපිස් වාර්තා තැබූ චිත්‍රපට වේ 1974.නාන්ගු ලෙච්චම් ද සේනාදීර රගපෑ  හාර ලක්ෂයේ ද්‍රවිඩ දෙබස් සහිතව තිරගත විය.1976 හරියට හරි , 1977 සකුන්තලා,යලි ඉපිදේ,1980 ටක් ටික ටුක් හා හොදින් ඉන්න ද සේනාදීර ගේ රංගනයෙන් ඔපවත් විය.මෙතුමා තිදරු පියෙක් වුවේය.මී විතට දැඩිසේ ඇලුම් කල සේනාදීර රූපසිංහ .1979 ජුලි 11 දින දී  දිවි රගමඩ ලෙන්  ඉක්මනින් නික්ම ගියේ .සොදුරු කලාකරුවෙකු ගේ සුන්දර මතකයන් සිනමා රසික හදවත් තුල නොමැකෙන සටහන් තබමිනි. 

             මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය  සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .

Monday, August 24, 2020

තංගල්ලේ සිරිසේන විමලවීර

 

සිරිසේන විමලවීර 1901 ජූනි 23 උපත සිදුව ඇත්තේ තංගල්ලේය,  ශ්‍රී ලංකා සිනමාකරුවෙකු සහ නාට්‍ය කලාවේදියෙකි. [1] ඔහු 1949 සිට 1960 දක්වා විවේචනාත්මකව පිළිගත් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කළේය. ඔහු සිංහල චිත්‍රපටයක් තනිව  අධ්‍යක්ෂණය කළ පළමු ස්වාධීන  ශ්‍රී ලාංකිකයා  සහ පළමු සිංහල ස්වාධීන නිෂ්පාදකයා වේ.විමලාවීර බෙංගාලි, ගුජරාටි, හින්දි, උර්දු වැනි විවිධ භාෂා ගැන මනා දැනුමක් ඇති ඔහු වයස අවුරුදු එකොළහ වන විට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා මාමා සමඟ ඉන්දියාවට ගියේය. එහෙත්, අවාසනාවකට, ඔහුට නාට්‍ය කිරීමේ අදහස ලැබුණි. ඔහුට දියණියන් දෙදෙනෙකි - සෝමාවතී සහ ප්‍රේමාවතී;සහ  පුතුන් තිදෙනා, දයා, උපසේන සහ රංජිත්. ඔහුගේ වැඩිමහල් පුත් දයා විමලවීර ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, කැමරා ශිල්පියෙක්, තිර රචකයෙක් සහ නිෂ්පාදකයෙක් විය. උපේසේන විමලවීර  ද ශබ්ද ඉංජිනේරුවරයෙකි විමලවීර  නැවත ශ්‍රී ලංකාවට පැමිණ නාට්‍ය රාශියක් කළ අතර විමලවීර  1948 නොවැම්බර් 19 වන දින දකුණු ඉන්දියාවේ නෙප්චූන් චිත්‍රාගාරයට ගොස් 1949 දී ඔහුගේ පළමු චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට මාස අටක් ගත කළේය.ඒ අම්මා චිත්‍රපටය වේ. ඔහුගේ දෙවන නිෂ්පාදනය වූ  වූ සීදේවි  1951 වසරේදී නිෂ්පාදනය කරන ලදී. ඔහු ගංවතුර , සීදේවි , අම්මා, රොඩි කෙල්ල  සහ හෙළදිව පුරාණය වැනි වේදිකා නාට්‍ය රාශියක් අධ්‍යක්ෂණය කළේය.

            1953 දී පිටිසර කෙල්ල  1954 සරදියෙල්, 1955 දී අසෝකා  පොඩි පුතා, අශෝකා ,1957 දී සිරකරුවා  1958 දී එකමත්  එක රටක , 1959 දී මා ආලය කල තරුණිය 1960 වනමල    චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ඔහු සිය සිනමා ජීවිතය දිගටම කරගෙන ගියේය.අධ්‍යක්ෂණය , නිෂ්පාදනය,රංගනය  මෙන්ම තිර පිටපත් රචනය ගීත රචනය ඔහුගේ තවත්  කාර්යන් විය;මෙරට සාමාන්‍ය මිනිසුන් ගේ ජීවිතය ඔහු විෂය කර ගත්තේය. ජාතික ලකුණද ගවේශනය සදහා පුරෝගාමි විය.උපදේශනයක් ද දරුවන් අනාත වීම් සුදුව සුරාව අවකල් ක්‍රියා ද ඔහුගේ නිර්මාණ තුලින් මතුකලේ  සමාජය නිවැරදි කිරීමේ අභිලාෂයෙනි.දේශීය ශිල්පීන් සිනමාවට හදුන්වා දීමද ඔහු කළේය පී. ඇල් . ඒ .සෝමපාල ,ෂෙල්ටන් ප්‍රේමරත්න සිසිර සේනාරත්න සංගීත වේදීන් ඒ අතර වේ.

                   ඔහුට 1956 දී හොඳම චිත්‍රපටය සඳහා වූ සම්මානයක් ද හිමි වූ අතර චිත්‍රපටය ඔහුගේ හොඳම චිත්‍රපටය ලෙස විවේචනයට ලක්විය. ඔහු විසින්ම බොහෝ නළු නිළියන් සහ ගායකයින් හඳුන්වා දෙන ලදී. පොඩිපුතා 1956 දීපශිකා සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය දිනා ගත්තේය. ඔහු 1958 දී කාටූන් සමඟ ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එකමත්  එක රටක. 1955 දී ඔහුගේ චිත‍්‍රපටය වූ අශෝක චිත‍්‍රපටය චීනයේ තිරගත වූ එකම සිංහල චිත‍්‍රපටය විය. ජයවිලාල් විලේගොඩ විසින් සංස්කරණය කරන ලද 1959 සිනමා ශාලාවේදී ඔහුගේ චිත්‍රපටය වන මා අලේ කලා තරුණිය  වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය. 1960 දී විමලවීරා පුන්චි අම්මා චිත්‍රපටය ආරම්භ කළ අතර ටෝනි රණසිංහ රිදී තිරයට හඳුන්වා දුන්නේය. මේ අතර විමලාවීර විසින් රොඩි කෙල්ල  චිත්‍රපටය ආරම්භ කර ඇති අතර ප්‍රධාන චරිතය රඟපෑමට ප්‍රථම වරට සන්‍යා කුමාරි තෝරාගෙන තිබේ. මෙම චිත්‍රපටය ප්‍රේමසිරි කෙමදාසගේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂණය ද සනිටුහන් කළේය.එනමුදු මෙම චිත්‍රපටය නිෂ්පාදනය නොවිණි. 

විමලාවීරගේ චිත්‍රපට සිංහල ඉතිහාසය හා සංස්කෘතියට එකඟව සිටීමට උත්සාහ කළ අතර එය සිංහල සිනමාවේ ඉදිරි පියවරක් ලෙස සැලකේ. ඔහුගේ අප්‍රතිහත  උත්සාහය හේතුවෙන් 1951 සැප්තැම්බර් 13 වන දින කැලණිය කිරිබත්ගොඩ  "නවාජීවන " නම් චිත්‍රපට චිත්‍රාගාරයක් ඉදිකරන ලද අතර එය ශ්‍රී ලංකා සිනමාකරුවකු සතු එකම චිත්‍රාගාරය ලෙස හැඳින්වේ. ඔහුගේ ශෛලිය හා ශිල්පීය ක්‍රම ජයමාන්නගේ  කෘතිවලට  සමාන වූ අතර විමලාවීරට යහපත්  විවේචනාත්මක අනුමැතිය ලැබිණි .මේ කෘතහස්ත සිනා වේදියානෝ  62 වන දිවිය ගෙවන 1963 වසරේ අගෝස්තු 24 දිවි සිනමා වෙන් සමු ගත්තේය .....

Tuesday, August 18, 2020

රමායා මුත්තුසාමි

මහා ගාන්ධර්වයෙක් පිළිබද අතීත ආවර්ජනාවක්

 ( කීර්තිකා නීලියා මහත්මිය ගේ පිටුවෙන් උපුටා ගතිමි ) 

භාරතයේ ඉපිද, පෙර භවයක සංසාර ගත බැඳීමක් නිසාදෝ සිරි ලක්දිවට සපැමිණ, හෙළ සිනමා සංගීත කෙත අස්වැද්දීමෙහි ලා සිය අනභිභවනීය මෙහෙවර ඉටුකළා වූ, මාගේ සදාදරණීය පියාණන් වූ දිවංගත ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුස්වාමි ශූරීන්, දකුණු ඉන්දියාවේ නාගර්කෝවිල් හි උපත ලබා ඇත්තේ 1926 ජනවාරි 05 වෙනිදාය. ඔහුගේ පියා රාමයියා භාගවදර් නම් වූ අතර මව තංගම්මා නම් විය. ඔහුට වැඩිමහල් සහෝදරියක් සහ බාල සහෝදරියන් තිදෙනෙකු සිටින අතර ඔහු පවුලේ එකම පිරිමි දරුවාය. ඔහුගේ පියා ඉන්දියාවේ දක්ෂ පරමිපරාගත සංගීතඥයෙක්, දක්ෂ වයලින් වාදකයෙක්, දක්ෂ ගායකයෙක් වගේම සංගීත ගුරුවරයෙක්. සංගීතයට කැපවු පරම්පරා 26 ක් පසුකර 27 වෙනි පරමිපරාවේ සංගීතඥයා විමේ වරම් ලැබුවේ කුඩා මුත්තුස්වාමිය. පියා ඔහුගේ මුල්ම සංගීත ගුරුවරයාය. වයස අවුරුදු 5 සිට ඔහු දක්ෂ ලෙස වයලිනය වාදනය කරයි. පියාගේ අනුදැනුම ඇතිව ඔහු ශාස්ත්‍රිය සංගීතය ඉගෙන ගත් ඔහු වයස 10 වන විට සෑහෙන මට්ටමක දක්ෂ වයලීන, සර්පිනා වාදකයෙක්. ඔහුගේ මවුබස දමිල, හින්දු භක්තිකයෙකි.

භාරතයේ අග්‍රගන්‍ය සංගීතවේදී  චිතල්කර් රාම්චන්ද්‍ර මහතා (Music Director C. Ramchandra ) නම් වීර ප්‍රකට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා ඔහුට හමුවන්නේ මදුරාසියේ. එවකට දමිල "වනමොහිනි" චිත්‍රපටිය සදහා වයලින් වාදනයට ඔහුට සහභාගි වීමට අවස්ථාව ලැබුණ නිසා. අල්බේලා, අශාද්, ඉන්සානියාත්, ස්ත්‍රී , ආදී හින්දි චිත්‍රපට වල වාදක මණ්ඩලයේ වයලින වාදකයකු ලෙස ද සහභාගී වී ඇත. ඔහුගේ වයලීන් වාදනයේ දක්ෂතාවය වගේම, ඔහුගේ ශාස්ත්‍රිය සංගීත දැනුම දැන හැදින ගත් නිසා ඔහුව සහායක සංගීත අධ්‍යක්ෂක කර ගුරුහරුකම් දුන්නේ මේ මහා සංගීතවේදීයාය. ඔහුගේ දෙවෙනි ගුරු චිතල්කර් රාම්චන්ද්‍ර සංගීතවේදීයාය.

(Mr. Ramchandra Narhar Chitalkar - Hindi Music Director, Composer, Playback Singer, Actor, Producer.)

මේ අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරික එස්. එම්. නායගම් මහතා මදුරාසියේ චිත්‍රාගාරයක් පිහිටුවා ද්‍රවිඩ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වුවත් එය නතර විය. චිත්‍රාගාරය චිත්‍රකලා මූර්ති, චිත්‍රපටය ‘කුමරගුරු’ය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පැමිණි සංගීත අධ්‍යක්ෂ නාරායන අයියර්ව දැනහැදින සිටියත් ඔහු හා එක්ව ඔහුගේ ප්‍රධාන සහායකයා කිරීමට මුත්තුස්වාමි මාස්ටර්ව යොමු කළේ නායගම් මහතාය. මේ නිසා ප්‍රථම සිංහල  කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුවේ ’ නායගම් මහතා ඉන්දියාවේ නිපදවන විට සංගීත අධ්‍යක්ෂක නාරයන අයියර්ගේ ප්‍රධාන සහායකයා හා වාද්‍ය මණ්ඩලයේ වයලීන් වාදකයා වීමේ අවස්ථාව ආර්. මුත්තුස්වාමි මාස්ටර්ට ලැබුණි. ඔහු නායගම් මහතාගේ ඇරැයුමෙන් ලංකාවට පැමිණියා. ලංකාවේම චිත්‍රාගාරයක් සුන්දර සවුන්ඩ් පිහිටුවා එහි ශබ්ද පටිගත කිරීම් හා ගීත පටිගත කිරීමේදී නිත්‍ය වාදක මණ්ඩලයක් ඇති කිරීමේ කාර්යභාරය නායගම් මහතා විසින් පවරනු ලැබුවේ සංගීතඥ ආර්. මුත්තුස්වාමි මාස්ටර්ටය. ඒ අනුව නායගම් මහතා නිෂ්පාදනය කළ ‘ බණ්ඩා නගරයට පැමිණීම ’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පැමිණි සංගීතඥ නාරායන අයියර්ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වුයේද ආර්. මුත්තුස්වාමි මාස්ටර්.

"ප්‍රේම තරගය" ඔහු විසින් තනිව සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටයයි. පළමු වතාවට ජාත්‍යන්තර සම්මානයක් හිමිවුණා හොඳම සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙමින්. එම ගෞරවය ඔහුට හිමි වී තිබුණේ " ප්‍රේම තර​ඟය " චිත්‍රපටය වෙනුවෙන් සිදු කළ සංගීත නිර්මාණ නිසයි. මෙම Indian Jounalists Association All India Cultural Carnival – 1954 සංගමයෙන් පිරිනමන ලදි.

(R. Muthuswamy to receive the Award Ceylon’s Best Musical Director – 1953 in ‘ Prema Tharangaya ’ ) එහි සඳහන් වී තිබුණි.

" ප්‍රේම තර​ඟය " චිත්‍රපටය නැරඹීමෙන් පසුව භාරතීය ජාතිකයකු වුණු ආර්. මුත්තුස්වාමි මාස්ටර් ​හට මෙරට පුරවැසිභාවය පිරිනැමීමට එවකට හිටපු ගරු අගමැති සර් ජෝන් කොතලාවල මහතා තීරණය කළා. ලංකාවේ පුරවැසියකු ලෙස ජීවත්වීමට ඔහු තුළ පෙරදී බලාපොරොත්තුවක් තිබී නැත. එහෙත් ඔහුගේ අදහස වෙනස් කර ගැනීමට සිදු වූයේ එවකට අගමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා නරඹා සුමිහිරි සංගීතය ගැන පැහැදී ඔහුට මෙරට පුරවැසිභාවය ලබා දුන් බැවිනි.

සිංහල සිනමා සංගීත ක්ෂෙත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින්, අද තාරකා බවට පත්ව සිටින ගායන ශිල්පී, ශිල්පිනියන්, වාදකයන්, සංගීතවේදීන් ගණනාවක් සිංහල සිනමා ක්ෂේත්‍රයට, හඳුන්වා දුන් ජාති ආගම් භේදයකින් තොරව සුභාවිත ගීතයට ලැදි සියළු දෙනාගේම ගෞරව බහුමානයට පාත්‍ර වූ, ආර්. මුත්තුස්වාමි මාස්ටර් එකල සිංහල සිනමාවේ වාසනාවන්තම සංගීත අධ්‍යක්ෂකවරයා වූයේය.

" ප්‍රේම තරඟය " චිත්‍රපටය අති සාර්ථක වූ අතර ප්‍රේම තරඟය හරහා පසු කළ අතිශය ජනප්‍රිය වූ ' ධර්මදාස වල්පොල මහතා හා හරූන් කුමාර් ලන්ත්‍රා මහතා සිනමා ගීයට අත්පොත් තැබූහ. එමෙන්ම හෙළ ගී රැජින ලතා වල්පොල මහත්මිය (එවකට රීටා ජෙනිවි ප්‍රනාන්දු ) පසුබිම් ගායිකාවක් ලෙස ජනප්‍රිය වූයේ ද මේ චිත්‍රපටය හරහාය.

පසුකළ චිත්‍රපට පසුබිම් ගායනයේ ඉහළින්ම වැජඹුණු ඇන්ජලීන් ගුණතිලක මහත්මිය  හා සුජාතා අත්තනායක මහත්මිය යන දෙදෙනාම චිත්‍රපට ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේද ආර්. මුත්තුස්වාමි මාස්ටර්ටය. ඒ ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ 1958  " සොහොයුරෝ " චිත්‍රපටය තුළිනි.

එපමණක් නොව නන්දා මාලනී මහත්මියව මුල්වරට සිංහල ගීයක අත්වැල් ගායනාවකට මුත්තුස්වාමි මහතා සංගීත අධ්‍යක්ෂණය කළ 1961 "දරුවා කාගෙද " චිත්‍රපටයෙහි යොදා ගත්තේය. " දරුවා කාගේද " චිත්‍රපටයේ එන ‘ මී මැස්සා රූං රූං රූං ’ නමැති ළමා ගීයේ නන්දා මාලිනී, සුදර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නොයෙලීන් හා චන්ද්‍රා යන ළමා ගායිකාවෝ මේ ගීත ගැයූහ.

තවද චිත්‍රපට පසුබිම් ගායනය සදහා ධර්මදාස වල්පොල, ලතා වල්පොල, සුජාතා අත්තනායක, හරුන් ලන්ත්‍රා, මොහිදින් බෙග්,  ජී. එස්. බී. රානි පෙරේරා, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, නාරද දිසාසේකර, රුක්මණී දේවී, ක්ලැරිස් ද සිල්වා, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, සිඩ්නි ආටිගල   මල්ලිකා පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු, නොයෙල් ගුණරත්න, හෙන්රි පෙරේරා, මිනොන් රත්නම්, අයිරින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ, නොයෙලින් ලියනගේ, චන්ද්‍රා ද සිල්වා, මල්ලිකා කහවිට, රෝහිණි සුදසිංහ ගායික ගායිකාවන්.

(තවත් නම් සදහන් නොකළ බොහෝ අය ඇත.)

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරුන් වූ ඇල්බට් පෙරේරා (පණ්ඩිත් ඩබ්ලිව්. ඩි. අමරදේව) වයලීනයෙන්ද, ප්‍රේමසිරි කේමදාස බටනලාවෙන්ද, සරත් දසනායක සිතාරයෙන්ද, වික්ටර් රත්නායක හා ඇම්. කේ. රොක්සාමි වයලීනයෙන්ද, මොහොමඩ් සාලි සර්පිනාවෙන්ද, ටී. එෆ්. ලතීෆ් ක්ලැරිනට් වාදනයෙන්ද, පසුබිම් චිත්‍රපට ගායක ධර්මදාස වල්පොල බටනලාවෙන්ද, වික්ටර් පෙරේරා ෂෙහනායි වාදනයෙන්ද ආර්. මුත්තුස්වාමි මාස්ටර්ගේ වාද්‍ය වෘන්දයට සහභාගි විය.

(තවත් නම් සදහන් නොකළ බොහෝ අය ඇත.)

ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා වැඩිම වාදක මණ්ඩලයක් යොදා ගත්තේ ආර්. මුත්තුස්වාමි මාස්ටර්ය. " මාතලන් " චිත්‍රපටයට වාදක මඩුල්ලේ සාමාජිකයන් ගණන 80 කි. ගීත පටිගත කිරිම් කරණ ලද්දේ මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ." 

" රම්‍යලතා " චිත්‍රපටයට වාදක මඩුල්ලේ සාමාජිකයන් ගණන 33 කි.

එවකට ලක්‌දිව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක්‌ හා චිත්‍රපට නිෂ්පාදක විජයපාල හෙට්‌ටිආරච්චි මහතා සංගීතඥ ආර්. මුත්තුස්වාමි මාස්ටර්ගේ නිර්මාණයන්ට අතිශයින් ප්‍රියකල හෙතම තම පෞද්ගලික ධනයෙන් හාපුරා කියා ශ්‍රි ලංකාවට ගෙන්වු, වාද්‍ය භාණ්ඩ වැඩිම ගණනක් වාදනය කළ හැකි විදුලි සරපුවරුව ( කී බෝඩ් ) එය අත්හදා බැලීමට සහ සුභ මොහොතින් හඩවන්නට ඇරයුම් කලේද ආර්. මුත්තුස්වාමි සූරින්ට බව 1966 ජූනි 26 වෙනිදා ‘ සරසවිය ’ පත්‍රයට කුමාරදාස වාකිස්ට මහතා ලියා තිබුණි. මේ ' කී බෝඩ් ' එකෙන් ආර්. මුත්තුස්වාමි මාස්ටර් මුලින්ම වාදනය කෙට ඇත්තේ " සුදට සුදේ වලාකුළයි " ගීතයේ අනුවාදනයයි. " ඔක්කොම හරි " චිත්‍රපටයේ ගීත හා පසුබිම් වාදනවලට සංගීතඥ ආර්. මුත්තුස්වාමි සූරීන් මේ වාද්‍ය භාණ්ඩ භාවිතා කර ඇත. එසේම වාද්‍ය භාණ්ඩ වැඩිම ගණනක් වාදනය කළ හැකි දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙකි.

1961 දෙසැම්බර් 9 වනදා කේ. ගුණරත්නම් මහතාගේ විජය චිත්‍රාගාරය විවෘත කරන ලද්දේද ආර්. මුත්තුස්වාමි මාස්ටර් විසිනි. 

වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක සංගීතය සපයා ඇත්තේ  එස්. එම්. නායගම් මහතාගේ සහ කේ. ගුණරත්නම් මහතාගේ චිත්‍රපට සදහාය.

" ප්‍රේම තරඟය, අහංකාර ස්ත්‍රී , මාතලන්, රම්‍යලතා , සිරියලතා , නලඟන , කුරුළු බැද්ද, දරුවා කාගෙද,  සිකුරු තරුව, යටගිය දවස, ඔක්කොම හරි, සංදේශය, පුරුෂ රත්නය, ඇමතිකම, චන්ඩියා, උතුම් ස්ත්‍රිය, සසරක හැටි " චිත්‍රපට ඊට කදිම නිදසුන්ය. ඔහු සිංහල සහ ද්‍රවිඩ චිත්‍රපට 225 ක පමණ සංගීතය සපයා ඇත.

චිත්‍රපට වලට අමතරව ග්‍රැමෆෝන් හා ගුවන්විදුලි සරල ගී වලටද මුත්තුස්වාමි මාස්ටර් සංගීත අධ්‍යක්ෂණය කර තිබේ. පුෂ්පරාණි ආරියරත්න මහත්මිය ගැයූ "පෙම් හදවත පාරවා", හෙන්රි පෙරේරා මහතා ( මගේ මාමා) ගැයූ " මං පොඩි කාලේ දැක්කට පස්සේ " ගීත කදිම උදාහරණ වේ. 

1971 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ වාදක මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ය.

නලඟන චිත්‍රපටය හරහා පසුබිම් ගායනයට අවතීර්ණ වූ මුත්තුස්වාමි සූරීන් ඉන් පසුව සිතක මහිම, වහල් දුපත, සසරක හැටි, අල්ලපු ගෙදර, සත පනහ, ඔක්කොම හරි, ගොපළු හඬ සහ තවත්  චිත්‍රපට කිහිපයක පසුබිම් ගී ගැයුවේය.

සිංහල බෞද්ධ පවුල් පසුබිමකින් පැවත එන බමුණුකුලආරච්චිගේ දෝන නීලියා පෙරේරා වන මගේ මව කොළඹ විශාඛා විද්‍යාලයේ ආදී සිසුවියක් වන අතර දකුණු ඉන්දියානු සංගීතඥ ආර්. මුත්තුස්වාමි වන මගේ පියා 1961 නොවැම්බර් 8 වැනිදා මගේ මව වන නීලියා පෙරේරා සමග සිදුවූ අමරණිය විවාහය. මගේ මව පියාගේ ජීවිතයටම මිණි පහනක්  වූවාය...

මට වැඩිමහල් එකම සහෝදරයා මොහාන් රාජ්. ( අප්සරාස් වාදක මඩුල්ලේ නියමුවා.) ඔහු අධ්‍යාපනය ලැබු පාසල ශාන්ත බෙනඩික්ට් විදුහල. මට වැඩිමහල් සහෝදරියන් චිත්‍රාංගි සහ ප්‍රසන්නී වධනී. අපි තිදෙනාම කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ආදී සිසුවියන්.

මාගේ පුද්ගලික හැඟිම යනු අවසානයේ මාගේ පියාට හිමි වූයේ එවකට හිටපු ගරු අගමැති ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ලබාදුන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහ සදා නොමියෙන සහෘද රසික රසිකාවියන්ගේත් මුලු මහත් ජනතාවගේත් ලැබුණු ආදරය.. එයයි ඔහුට ලැබුණු උතුම් සම්මානය සහ ජනතා උපහාරය. 

 1988 ජුනි 27 දින මෙලොවින් සමුගත්තේ චිරාත් කාලයකට වටිනා සංගීත රිද්මයන් රැසක් දායාද කරමිනි .එතුමාගේ ලයාන්විත හඩ මුසුවකින් මේ ලිපිය නිමා කරමි .."මගෙ දෑසම පියවී ඉන්නේ ඔබේ රුපයමයි දිස්වන්නේ මා කාටද මේක කියන්නේ "ඔබට සග මොක් සුව අත්වේවා ... 1988 ජුනි 27 දින මෙලොවින් සමුගත්තේ චිරාත් කාලයකට වටිනා සංගීත රිද්මයන් රැසක් දායාද කරමිනි .එතුමාගේ ලයාන්විත හඩ මුසුවකින් මේ ලිපිය නිමා කරමි .."මගෙ දෑසම පියවී ඉන්නේ ඔබේ රුපයමයි දිස්වන්නේ මා කාටද මේක කියන්නේ "ඔබට සග මොක් සුව අත්වේවා ...

Sunday, August 16, 2020

ඩේන් එන්සි ෆරීනා ලයි

 

කොළඹ මැලේ වීදියේ උපත ලත් ඩේන් එන්සි ෆරීනා ලයි කොල්ලුපිටියේ ශාන්ත මරියා  විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත මුලින්ම ගිනි නැටුම් ශිල්පිනියක් ලෙස කරලියට පැමිණ ඇත ඊට එම් .වී බාලන් ගේ අධ්‍යක්ෂණයෙන් 1969 ලාංකීය ද්‍රවිඩ චිත්‍රපටයක් වූ "මජල් කංකුමම්" චිත්‍රපටයෙන් ප්‍රථම සිනමා රංගනය සිදුවතිබේ . හර්බට් රන්ජිත් පීරිස් සිනමා සක්විති ගාමිණී පොන්සේකා යන අයගේ අනුග්‍රගයෙන් සිංහල සිනමාවට ප්‍රවිෂ්ට විය .ඒ 1970 වසරේදීය .ඔහොම හොදද චිත්‍රපටය සිංහල සිනමා මුල් රංගනයයි නැවත සැනකෙළිය චිත්‍රපටයේ රංගනය ට දායකවී තිබේ .මුල්ම කාලයේ නර්තන අංගයන්ට පමණක් ෆරීනා ගේ රංගනය සීමාවිය  1975 .පුදිය කාට්රු 1980 නෙන්ජුක්කු නීධි .. නංගුරම්.. අව්ල් ඔරු ජීව නදී..ලාකීය ද්‍රවිඩ චිත්‍රපටද ෆරීනා ගේ රංගනයෙන් ඔපවත් වුවේය ප්‍රේක්ෂක මන බදින අනුරාගී නර්තනයන් නිසා 70 දශකයේ ජනප්‍රිය ගනයේ සිනමා කරුවෝ තම තමන් ගේ චිත්‍රපට වලට අනිවාර්යෙන් ෆරීනා ගේ නර්තන  අංගයන් එකතුකිරීමට උත්සුක වුවෝය .සුජීවා දිනුම් කනුව ඔන්න බබෝ සුසී ඔබයි මමයි සුකිරි කෙල්ල නිවෙන ගින්න ලෝක හොරු සුදු පරවියෝ දාහකින් එකෙක් වැනි චිත්‍රපට ෆරීනා ගේ රංගනයෙන් ඔපවත්වූ චිත්‍රපට වේ .මේ අතර පරීනා ගේ රංග කෞශල්‍යයේ ප්‍රභාව මතුවන චිත්‍රපට ලෙස 1979 රිදී තිරයට ආ සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයක් වූ සරුංගලය 1980 ගාමිණී පොන්සේකාගේ අධ්‍යක්ෂණයෙන් රිදීතිරයට ආ උතුමාණෙනි.. 1983 තිලක් වේහැල්ල ගේ අධ්‍යක්ෂණයක් වූ රතු මකරා 1996 රිදීතිරයට පැයූ කුමාරසිරි අබේකෝන් ගේ සීමා පවුරු චිත්‍රපට පෙන්වා දිය හැකිය මේ චිත්‍රපටවල ඈ සුවිශේෂී රංගනයක් ඉදිරිපත්කරන ලදී සරුංගලය චිත්‍ර පටයේ තංගමනී ද්‍රවිඩ තරුණිය ගේ චරිතය වෙනුවෙන් 1980 හොදම සහාය නිළිය ලෙස සරසවි සම්මානයෙන් ඕ පිදුම් ලද්දේය .ඒ හැර ජනාදිපති සම්මාන o .c .i .c .සම්මානද මෙතුමිය ලබා ඇත්තේය සිංහල ස්නාමාව තුල ෆරීනා 1970 ඔහොම හොදද චිත්‍රපටයෙන් වූ ආගමනය 1996 සීමා පවුරු දක්වා චිත්‍රපට 60 කට ආසන්න ප්‍රමාණයක් හි රංගන දායකත්වය ලබාදී තිබේ .මතු සදහන් කල චිත්‍රපටවලට අමතරව ලොකුම හිනාව සදහටම ඔබ මගේ සාගරිකා සධානා සංගීතා දියමන්ති හාරත හතර චිං චිං නෝනා සිරි පතුල ආශා දෑසින් අප්සරා සමන්මලී මිනිසුන් අතර මිනිසෙක් චංචල රේඛා සිල්වා මාල ගිරවි ආදර කතාව නිළියකට පෙම් කලෙමි ආදියද සදහන් කල හැක ද්‍රවිඩ සිනමාවේ තරුවක් වූ පසුකලෙක දේශපාලනයට පිවිසි වී .පී ගනේෂන් සමග  ෆරීනා විවා පත්වූවේය එතුමියට ආනන්දනීය සිංහල සිනමාවේ සුභාශිසන පිරිනමමු .....(.මේ ලිපිය සකස් කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංසය තුලින් ද තොරතුරු ලබාගත් බව ස්තුති පුර්වකව ගෞරවයෙන් ප්‍රකාශ  කරමි .....)

Sunday, August 9, 2020

අරුණ ශාන්ති.....

 

පලිහවඩන ආරච්චි ගේ සිරිල් පෙරේරා 1927 වැලිවිට අඹතලේ දී උපත ලැබුවේය.කිරිමැටියාගාර ශාන්ත අන්තෝනිවිදුහලෙන් , පාදුක්ක මැදි විදුහලෙන් බදුල්ල ශාන්ත බියට්රිස්, හන්වැල්ල ජෝන් බොස්කෝ,බදුල්ල ධර්මදුත ආදී විදුහල් තුලින් අධ්යාපනය ලබාගත්තේය .හේ පසුව අරුණ ශාන්ති නමින් ප්රකට වුවේය . 1949 තිරගත වූ පෙරළන ඉරණම චිත්රපටය තුළින් සිනමාවට පැමිණි අරුණ ශාන්ති රන්ග ශිල්පියෙක් මෙන්ම ගායකයෙක් ද විය . 50 දශකයේ සිටි ජනප්රිය නළුවකු වේ . රම්යලතා , සොහොයුරෝ , ප්රේම තරගය , මා ආලය කළ තරුණිය ඇතුළු ජනප්රිය චිත්රපට රැසක් සඳහා රංගනයෙන් දායක විය.රිදී තිරයේ පරාජිත පෙම්වතා නමින් ප්රකට විය.වනමල,පටාචාරා සසරක හැටි, සැකය, පිනිබිදු, , ආදී පැරණි චිත්රපට මෙන්ම 70 දශකයේ හොදයි නරකයි, චන්ඩි පුතා ,දුප්පතාගේ හිතවතා ,නිල්ල සොයා, දෙවියනි ඔබ කොහිද , චින් චින් නෝනා,ටිකිරා, ජීවන කදුළු,සුභානි,ආදී චිත්රපටද 80 දශකයේ අජාසත්ත ,සුදු අයියා ,මුහුදු ලිහිණි ,දෙව් දුව,දිනුම රජ වැඩකාරයෝ, ජය අපටයි,රජ වැඩකාරයෝ ,ඔබටයි ප්රියේ ආදරේ ,අංගුලිමාල, සටන,රංගනයෙන් ඔපවත්විය 90 හොද හොද සෙල්ලම් සිට මෙමාගේ වාරය දක්වා මුලසිටම චිත්රපට 50 ආසන්න ප්රමාණයක් රංගනය කළේය පසුකාලීනව වැඩිහිටි චරිත රංගනයම වුවේය ...දෙවියනි ඔබ කොහිද, චිත්රපටය අධ්යක්ෂණය කරන ලදී .සසරක හැටි නිෂ්පානයය කළේය .හද ආදර ප්රේමේ ,ඔලු මලේ සුදෝ සුදු ,පාපේමේ ගැලී ආදී ගීතද රුක්මනී දේවි සමග ගායනා කර තිබේ .1984 මුහුදු ලිහිණි සදහා කුසලතා සම්මානයක් ද 1990 සිනාසෙන්න රත්තරන් සදහා හොදම රංගන කුසලතාවට සම්මානයක් ද ලබා තිබේ . මේ ජේෂ්ඨ රංගනවේදියා 1992 සැප්තැම්බර් 21 දිවි සිනමාවෙන් සමු ගත්තේය .

..ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය ඇසුරින් කරුණු ලබා ගත්බව කෘතවේදීව සටහන් කරමි

සීතා ජයවර්ධන.......(රිදී තිරේ පුර්වගාමින් )

 






1925 ඔක්කෝබර් 30 වැනිදා උපන් සීතා ජයවර්ධන ශාන්ති කුමාර් සෙෙවිරත්නගේ ශාන්ති නෘත්ය කලා නිකේතනයෙන් නැටුම් හැදෑරුවාය. කථකලි, මනිපුරි නැටුම් ගැන විශාරදත්වයක් දැරූ ඇය 1948 නිදහස් දිනය නිමිත්තෙන් පැවැත් වූ 'පැජන්ට් ඔෆ් ලංකා' ප්රසංගයේ නැටුම් ශිල්පිනියක් ලෙස හැකියාවන් විදහා පෑවාය. ඊට කලින් 1946 ශාන්ත කුමාර් සෙනෙවිරත්න නිෂ්පාදනය කළ 'අශෝක මාලා' කෙටි බැලේ ප්රසංගයේ සීතා ද, සුජාතා ද සිල්වා (පසුව ජයවර්ධන), වයලට් මෙන්ඩිස්, ඩී. එන්. පී. දිසානායක, බක්මීවැව, බටුගෙදර, ඇග්නස් පෙරේරා සමඟ රඟපෑහ. බම්බලපිටියේ සාන්ත පීටර් විද්යාල ශාලාවේදී 1949 ශාන්ති කුමාර් සමඟ සීතා, සුජාතා ද සිල්වා හා ශිෂ්ය පිරිසක් සමඟ නර්තන ලීලා ප්රසංගයක් පවත්වා ඇත. 1950 රාජකීය විද්යාලයේ දී සමස්ත ලංකා නාට්ය උත්සවයේ සීතා ද, සුජාතා ද, නීලා බාලේන්ද්ර සමඟ එක් වී පෙරදිග නර්තන අංග ඉදිරිපත් කර ඇත. දේශීය සිනමාවේ දෙවන කතානාද චිත්රපටයේ රංගනයට සුදානම්ව සිටියදී වැඩිදුර අධ්යාපනය සදහා එංගලන්තයට යාමට සිදුවූ හෙයින් අශෝකමාලා චිත්රපටයේ රංගනය සීතා ජයවර්දනට මග හැරිණි .ශාන්ති කුමාර් සෙනෙවිරතනයන් ගේ එදා රෑ චිත්රපටයෙන් සීතා සිනමාවට පිවිසේ .කොළඹ විශ්ව විද්යාලයේ උපාධිධාරිනීයකවු සීතා උපාධියක් ලබා සිනමාවට පිවිසි ප්රථම නිළිය වේ.ලංකා විශ්විද්යාලයේ ඉගෙනුම ලබන කාලයේ නිව්මන් ජුබාල්ගේ නිෂ්පාදනය කළ 'ලිලියෝමි' 'ඇන්ටිගනී' ඉංග්රිසි නාට්යවල හා සරච්චන්ද්රයන්ගේ 'පබාවතී' නාට්ය ඇය රඟපෑවාය .1951 පවත්වන සමස්ත ලංකා නාට්ය සංදර්ශනයේදී මනිපූරි සහ කතකලි නැටුම්වලින් ප්රථම ස්ථානය දිනා ගත්තේ සීතාය.සර්ත්චන්ද්ර්යන් ගේ පබාවතී වේදිකා නාට්ය යේ 1952 ප්රධාන භූමිකාවද රංගනය ඇය ගේය. සීතා ජයවර්ධනගේ ජීවිත තොරතුරු අප්රකටය. උඩරට නැටුම් මෙන්ම භරත, මනිපූරි, කථකලි මෙන්ම බටහිර නර්ථනයෙහි ද කුසලතා පෙන්නූ ඇය ලන්ඩනයේ ඉගෙනුම ලබන කාලයේ ලන්ඩන් ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පත්රයේ පත්ර කලාවේදිනියකව සිටියදී පුවත්පත් කලාව ගැන ද ඉගෙන ගෙන ඇත. ලංකාවට පැමිණි ඇය 'සිලෝන් ඔබ්සවර්' පත්රයේ ටික කලක් සේවය කොට 'ටයිම්ස් ඔෆ් සිලෝන්' පත්රයේ කාන්තා පිටුව සංස්කරණය කළාය. 'සිලෝන් විමන්' (ලංකා කාන්තාවෝ) සඟරාවේ සංස්කාරිකාව ද ලෙස ද කටයුතු කොට ඇත..ජීවිත සටන චිත්රපටයේ ද මව සහ දුව චරිත දෙකම රංගනයට සුදානම්ව සිටියද හසිසි අසනීප තත්වයක් නිසා දියණිය ගේ චරිතය පමණක් රංගනය කළේය .සීතා රංගන දායකත්වය දැරුවේ චිත්රපට තුනක් පමණි 1953 එදා රෑ 1957 ජීවිත සටන 1962 සංසාරේ ඒ චිත්රපට වේ .මේ චිත්රපට තුනම ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන් ගේ විය .1954 දී රාජ්කෆූර්, නර්ගිස් ඇතුළු හින්දි නළු නිළියන් පිරිස සුහද ක්රිකට් තරගයට පැමිණි අවස්ථාවේ කඳවල වත්තේ අගමැති සර් ජෝන් කොකලාවලගේ නිවසේදී ඉහළින් කතා කළේ රුක්මණී දේවිගේ ගායනයටත්, සීතා ජයවර්ධනගේ නැටුම්වලට දැක් වූ දක්ෂතාවය ගැනය. ඒ දිනවල පැවැත් වූ ලංකා හා හින්දි නළු නිළියන්ගේ විවිධ ප්රසංගයේදී ද සීතා තම හැකියාවන් තුළින් එතෙර නළු නිළියන්ගේ ප්රසාදය දිනා ගත්තාය.සිංහල සංස්කෘතික ආයතනය ඉදිරිපත් කළ 'මහවැලි නදී ජීවයේ' ප්රසංගයේ සීතා කළ රංගනයට පුවත්පත්වලින් ප්රශංසා හිමිව ඇත. සමස්ත ලංකා නැටුම් ප්රදර්ශනයේ භාරත නැටුම් දුටු ප්රකට ඉන්දියානු නර්ථන විචාරක ක්රිෂ්ණ අයියර්ගේ විනිශ්චය අනුව බරත, කතකලි, මිනිපුරි, යන ඉන්දීය නර්තන පිළිබඳ හතරම දිනා ගත්තේ සීතාය. චිත්ර ශිල්පිනියක් ලෙස ද නිපුණතා දැක් වූ සීතා තමාටම ආවේණික සම්ප්රදායකින් චිත්ර කලා සම්ප්රදායක් අනුගමනය කළාය. එහෙත් මන්ච්, ක්ලී සහ එන්සර් වැනි සුප්රසිද්ධ චිත්ර ශිල්පීන්ගේ චිත්රවල ආභාසය ඇගේ චිත්රවලින් පෙනෙන බව කලා විචාරකයන් පෙන්වා දී ඇත.1951 නොවැම්බර් 09 වැනිදා සිට 15 වැනිදා දක්වා කොල්ලුපිටියේ ඡායාරූප ශිල්පීන්ගේ සංගම් ශාලාවේ සීතා විසින් පවත්වන ලද චිත්ර ප්රදර්ශනය බොහෝ කලාකාමීන්ගේ ප්රශංසාවට ලක්ව ඇත. ඇය විසින් අඳින ලද චිත්ර 50 කින් සමන්විත වූ එම ප්රදර්ශනයෙන් අනාවරණය වී ඇති එක ප්රධාන කරුණක් වී ඇත්තේ ඇය ස්වාභාවික දර්ශන මෙන්ම ආලේඛ්ය චිත්ර ගැන ද එක සමාන දක්ෂතා ඇති බවය. තෙල් සායමින් කරන ලද මේ චිත්ර සඳහා තමා ග්රීට ද ක්රෙට්සර් නමැති චිත්ර ශිල්පිනිය යටතේ චිත්ර කලාව ඉගෙනීමෙන් ලැබූ ආභාසය නොමඳව තම චිත්ර සඳහා ලැබුණු බවය. එහෙත් ඇගේ චිත්ර කලා සම්ප්රදාය ඈටම ආවේණික වූ ඈ විසින්ම ඇගේ ශෛලියෙන් නිපදවා ගත් ශෛලියක් බව කලා විචාරකයෝ පෙන්වා දී තිබුණි. එදා රෑ චිත්රපටයේ චන්ද්රා නමැති චරිතය සමග ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ පෙම්වතිය ලෙස රංගනය වුවේය ජීවිත සටනේදී ඇය ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන් ගේ දියණිය ලෙස හර්බි සෙනෙවිරත්න ගේ පෙම්වතා වුවේය .සංසාරේ චිත්රපටයේ ද හර්බි සෙනෙවිරත්න ගේ පෙම්වතිය ලෙස සීතා ජයවර්දන රගපැවේය .සීත ගේ සිනමා දිවිය ඉන් නිමවිය .හර්බි සෙනෙවිරත්න ගේ ද පෙම්වතා චරිත සංසාරෙන් පසුව නිමාවිය. සීතා ජයවර්ධන හිටපු අග්රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ලේළියකි. ඇගේ පියා කර්නල් සී. පී. ජයවර්ධනය. එවකට දේශීය ආදායම් කොමසාරිස්වරයකු වූ සාලිය පරාක්රම සමඟ විවාහ වූ ඇයගේ පුත්රයෙකි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංග්රීසි අංශයේ . මහාචාර්ය අර්ජුන පරාක්රම..1978 වසරේ සීතා ජයවර්ධන මිය යන විට ඇගේ වයස අවුරුදු 53 කි.

මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිංහල සිනමා පිටුව ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .....

ප්‍රේම් ජයන්ත්


 ප්රේම් ජයන්ත් ලෙස ප්රකට හෙට්ටිආරච්චිගේ එමානුවෙල් ඇලෝසියස් රොඩ්රිගෝ 1933–17 මාර්තු උපත ලද්දේය.ග්රෑන්ඩ්පාස් හි ලේයාර්ඩ්ස් බ්රෝඩ්වේ හි උපත ලැබූ අතර ග්රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් විද්යාලයට සහ කොටහේන ශාන්ත ලුසියා විද්යාලයෙන් අධ්යාපනය ලැබීය.1942 වසරේ දී ඒ.ඩී .ජේ මාතුපාලයන් ගේ "කානිවල්" වේදිකා නාට්ය්යෙන් කළා ලොවට පිවිසිණි . ශ්රී ලංකා සිනමාවේ නළුවෙකු මෙන්ම නිෂ්පාදකවරයකු සහ කලා අධ්යක්ෂවරයෙකි. සිංහල සිනමාවේ පළමු පිරිමි සුපිරි තරුව ලෙස සැලකෙන ජයන්ත් ජනප්රිය චිත්රපට වන සුජාතා1953 සහ සැඩ සුලං 1955 යන චිත්රපටවල ප්රධාන චරිත නිරූපණය කළේය.එයින් ෆ්ලොරිඩා ජයලත් සමග සුපිරි නනලු නිලි බවට පත්විය . ජයන්ත්1953 වසරේ පුදුම ලේලි චිත්රපටයේ රංගන ශිල්පිනියක වූ නන්දා ලීලානායක සමඟ විවාහවුවේය .මුලින් භාව්තිශ්මය රංගනයක් ද පසුව සැහැල්ලු දගකාරී රංගනයක් පවත්වා ගෙන ගියේය.1952 වසරේ උමතු විශ්වාසය ,1953 සුජාතා සහ පුදුම ලේලි 1954 වරද කාගේද 1955 සැඩ සුලං1958 සල්ලි මල්ලි සල්ලි 1959 අවිශ්වාසය, පුරුෂරත්නය 1964 හෙට ප්රමාද වැඩියි, සුබ සරණ සැප සිතේ, සිතක මහිම 1967 සරණ රංගනය කල චිත්රපට වේ . 1968 වහල් දුපත 1977 දෙවියනි ඔබ කොහිද චිත්රපට කළා අධ්යක්ෂණය කළේය .ඔවුනට දරුවන් හත්දෙනෙක් විය.පිරිමි ළමුන් දෙදෙනෙකු - ජගත් සහ ජානිත් - ගැහැණු ළමයින් පස්දෙනෙක් - සුනිලා, සන්ධ්යා, අනුෂා, නිර්මා සහ ශිරෝමා ය. ඔහුගේ පුත් ජගත් රොහාන් 1980 දී තිරගත වූ සබීතා චිත්රපටය ඇතුළු චිත්රපට කිහිපයක පෙනී සිටියේය. දරුවන් හත්දෙනා නිසා සෙවන් ආට්ස් නමින් චිත්රපට සමාගමක් බිහි කළේය .එම සිනමා සමාගමෙන්1967 සරණ 1972 සහනය1973 හොදට හොදයි 1976 කවුද රජා 1980 සබීතා 1981 සැනසුම 1984 මාල ගිරවු යන චිත්රපට නිෂ්පාදනය කළේය සරණ චිතපටයෙන් පසුව රංගනයේ නොයෙදුන අතර ස්වීප් ටිකට්ස් චිත්රපටයේ සිට මියයන තුරුම සුවිශාල ප්රචාරක පුවරු නිර්මාණය කළේය . නළු නිලිරුව ජීවමානවම නිර්මාණය කිරීමේ විශේෂ ප්ර්තිහාවක් ඔහු සතු විය .ඕ . සී .අයි .සී . සම්මාන නලුනිලි සංගමයේ සම්මාන මාධ්ය වේදී සහයෝගිතාවේ සම්මාන යන්ට හේ පාත්රවිය .මගියෙක් වරෙක මේ ප්රචාරක දැන්වීමක් නරබමින් යන අතර හදිසි අනතුරකට පාත්රවූ නිසා එවකට මහේස්ත්රාත් විනිසුරුවකු ගේ තහනමකට ද මේ දැන්වීමක් යොමු විය ඒ තරමටම මනස්කාන්ත ආකර්ශනීය බවක් මේ පුවරු වල විය .ප්රේම් ජයන්ත් 1997 මාර්තු 17 වන දින වයස අවුරුදු 64 දී මිය ගියේය. නන්දා 2014 සැප්තැම්බර් 26 දින මිය යන විට ඔහු ජීවත් වීනම් වයස අවුරුදු 84 කි.

මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි...

ගර්ලි ග්‍රේස් ගුණවර්ධන.....

 

ගර්ලි ග්රේස් ගුණවර්ධන.....

දෝන ගර්ලි ග්රේස් ගුණවර්ධන 1935 නොවැම්බර් 15 වන දින ගල්කිස්සේ දී උපත ලැබුවේ පවුලේ පස්වන දරුවා ලෙස ය. ඇයට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සිටියා - ටයිටස්, ලයනල්, අර්වින් - එක් වැඩිමහල් සහෝදරියක් සහ එක් නැගණියක් වේ .ගර්ලි අධ්යාපනය ලැබුවේ මවුන්ට් ලැවීනියා බාලිකා උසස් පාසලේය.පාසල් කාලයේ ඇය ජනප්රිය නාට්ය රචක මහැදුරු එදිරිවීර සරච්චන්ද්රගේ බිරිඳ වන අයිලියන් සරච්චන්ද්ර යටතේ නාට්ය ඉගෙන ගත්තාය. අයිලියන් යටතේ නර්තනය හා රංගනය ඉගැන්වූ නෙරංජන දේවි යටතේ ඇයට නර්තනය කිරීමට අවස්ථාව ලැබුණි. ඇය ප්රථම වරට ප්රසිද්ධියේ රඟපෑවේ 'දොම්පේ ආයා' නම් වේදිකා නාට්යයෙනි.1952 දී ශ්රී මුරුගන් නිව් ආර්ට් ෆිල්ම් සමාගම විසින් නිළියක් සඳහා පුරප්පාඩුවක් සඳහා ප්රකාශයට පත් කරන ලද නවතම චිත්රපටයක් වන ප්රේම තරගය සඳහා දැන්වීමක් පළ විය. ඇය ඇගේ මිතුරන් දෙදෙනෙකු සමඟ කදානේ "සුන්දර" චිත්රාගාරයට ගියාය. ලැඩී රණසිංහගේ මඟ පෙන්වීම යටතේ ඇය චිත්රපටයේ සුළු චරිතයකට තෝරා ගන්නා ලදී. ඇය ප්රධාන නිළියක වන අයේෂා වීරකුන්ගේ මිතුරියක් ලෙස ගීතයක කොටසක් ද ලබා ගත්තාය.ප්රේම තරගයේ රංගනයේ ප්රතිපලයක් ලෙස 1953 දී එස්. එම්. නයගම්ගේ මීළඟ නිෂ්පාදනය වන පුදුම ලේලි සඳහා ගුණවර්ධන තෝරා ගනු ලැබුවේ ප්රේම් ජයන්ත් සහ නන්දා ලීලානායක සමඟ ය. චිත්රපටයේ ඇය නර්තන අංගයක් ද විය.1953 දී ජනප්රිය චිත්රපටයක් වන සරදීයෙල් චිත්රපටයේ රංගනයට එක්විය . රූගත කිරීම් අතරතුරදී ඇය රංගන ශිල්පිනියක් ලෙස සරදියෙල් අධ්යක්ෂක සිරිසේන විමලවීරාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තාය. ඇය චිත්රපටයේ "තංගම්මා" ලෙස ප්රධාන චරිතයක් රඟපෑ අතර එය බෙහෙවින් ජනප්රිය විය.එකල විචාරක පැසසුමට ද ලක්විණි . ගුණවර්ධන විවාහ වූයේ ජනප්රිය සිනමා නළු ස්ටැන්ලි පෙරේරා සමඟ 1956 ජූලි 21 දින ය. 1956 දී තිරගත වූ දුප්පතාගේ දුක චිත්රපටයේ ස්ටැන්ලි සහ ගර්ලි පෙම්වතුන් ලෙස රඟපෑහ. චිත්රපටයේ ස්ටැන්ලි කැරලිකාර විශ්ව විද්යාල තරුණයෙකු වූ "තිලක්" චරිතය රඟපෑ අතර ගර්ලි "නාලිනී" ලෙස රඟපෑවේය. නලිනිගේ සීයා වන "ධර්මා ශ්රී" ලෙස ලැඩී රණසිංහ රඟපෑවේය. "ධර්ම ශ්රී" "නාලිනී" ට පහර දෙන දර්ශනයක් විය. වෙඩි තැබීම සැබෑ වූ අතර කම්මුලට පහර දීම හේතුවෙන් ගර්ලිට දින තුනක් රෝහල් ගත කිරීමට සිදුවිය.දුප්පතාගේ දුක චිත්රපටයෙන් පසු ඇය වාණිජමය වශයෙන් සාර්ථක චිත්රපට වන ගංතෙර , සුබ සරණ සැප සිතේ , චන්ඩාලි , සසරක හැටි , ලා දළු, හතර කේන්ද්රය , ඉවසන දනා,රුහුණු කුමාරි ,හතර පෙරලිය , දැවෙන පිපාසය ,හතර වටේ ,ටොම් පචයා,සදා ,සමනල සිහින ,ආදර ගීතය ,දෙවෙනි ගමන ,පොඩි රාලහාමි ,කවුළුව , සහ රස රහසක්,ඔක්කොම කණපිට ,අහස මාලිගා වැනි චිත්රපටවල රඟපෑවාය. සිංහල දෙබස් සහිතවූ අහිංසක ප්රයෝගය ,වීර පුතා වැනි චිත්රපට වල පසුබිම් දෙබස් සදහා ද ගර්ලි ගේ හද මුසු විය .මෙම යුවළට සන්ද්යා සද්නා සහ සබීතා සහ චන්දිමා යන දියණියන් සිව්දෙනකු සිටිති. තෙවැනි දියණිය සබීතා පෙරේරා සිංහල සිනමාවේ ජනප්රියම නිළියක් වේ . 1984 දී ගර්ලි සිය දියණිය වන සබීතා සමඟ එක්ව දෙවෙනි ගමන චිත්රපටයේ රඟපෑ අතර එය ගුනවර්දන ගේ සිනමාවේ දෙවන ගමන සනිටුහන් කළේ වැඩිහිටි චරිතයක් සමඟිනි. 1967 දී තිරගත වූ ඉවසන දනා චිත්රපටයේ ගර්ලි සිය සැමියා වන ස්ටැන්ලි පෙරේරා සහ ඇගේ දියණිය සබීතා සමඟ රඟපෑවාය. ඇය දරුවන් ලැබීමෙන් පසු සිනමාවේ ප්රධාන ධාරාවෙන් ඉවත් විය. ඇය දෙවැනි ගමනේ සිට වැඩිහිටි චරිත කිහිපයකට පෙනී සිටියාය. ඇයගේ අවසන් සිනමා දර්ශනය වූයේ 1994 දී අහස් මාලිගා චිත්රපටයයි. ඇය 2012 මාර්තු 11 වන දින වයස අවුරුදු 76 දී සිංහල සිනමාවෙන් මෙන්ම දිවි සිනමාවෙන් ද සදහටම සමුගත්තාය .
මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි...