Monday, December 2, 2019

සිනමා අදියුරු කේ .ඒ .ඩබ්ලිව් .පෙරේරා


1926 අප්‍රේල් 15 දින නාරාහේන්පිටදී ජන්ම ලාභය ලද කේ ඒ ඩබ්ලිව් යන අකුරු තුනෙන් සිනමා ලොව හදුනන කොන්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරා, ගේ ජීවතය ආරම්භ කලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසය. වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස රේඩියෝ සිලෝන් සමඟ මුලින් එකතු වූ මෙතුමා අවසානයේදී තිර පිටපත් හා දෙබස් රචකයෙක් වී ජනාදරයට පත් විය. චිත්‍රපට නිර්මාණකරුවෙක් සම්මානලාභී සිනමාකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්විය. රේඩියෝ සිලෝන් හි කේ ඒ ඩබ් ගේ වැඩසටහන් වන 'හද මාමා', 'රේඩියෝ සගරාව' සහ 'සිංහල ගීතා ධරා' ක්ෂණිකව සාර්ථක වූ අතර ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට පත් විය.
සිංහල සිනමා ක්ෂේත්‍රයට නව පිටුවක් පෙරලමින් 1956 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ රේඛාවේ දෙබස් රචකයා වුයේ කේ ඒ ඩබ් පෙරේරා මහතාය. ඒ තුලින් කැපී පෙනෙන දායකත්වයක් රේඛාවට ලැබිණි. මෙම කැපී පෙනෙන දායකත්වයෙන් පසු සිංහල චිත්‍රපට සඳහා සුවිශේෂිත පුද්ගලයෙක් බවට පත් වූ මෙතුමා,
'ශ්‍රී 296', 'හෙට ප්‍රමාද වැඩියි' 'සංදේශය', 'ගැටවරයෝ , 'සාරවිට' යන චිත්‍රපටවල දෙබස් රචකයා වෙමින් පොදු ජන ප්‍රේක්ෂ්කයන්ගේ හදවතට ලංවීය .ඔහු ගේ දිගු සිනමා ගමනේ 1960 වසරේ
ඊ ඒ පී එදිරිසිංහ නිපයු ටී සෝමසේකරන් අදියුරු වූ පිරිමියෙක් නිසා චිත්රපටයේ කතාව තිර රචනය මෙන්ම දෙබස් ලියමින් සිනමාව තුල හැරවුම් ලක්ෂයක් බවට පත් කළේය. ඉන් අනතුරුව එම සමාගමේම 1963 'සුහද සොහොයුරෝ' චිත්‍රපටයේ සම අදියුරු ද වෙමින් නව තරුණ නළු නිලියන් කිහිප දෙනකු ද ගීත රචකයන් ද සිනමාවට හදුන්වා දුන්නේය. 1966 වසර ද එතුමාට සිනමා වේ කඩ ඉම් වසරක් විය. ඒ සොමසිරි පෙරේරා නිපයු ' සැනසුම කොතනද' චිත්‍රපටය අදියුරු වීමයි. බොහෝ මධ්‍යස්ථ විචාරකයන් පවසන පරිදි කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහතා තනිව අධ්‍යක්ෂනය කල පළමු චිත්‍රපටය වන 'සැනසුම කොතනද' එතුමාගේ හොදම අධ්‍යක්ෂනයයි. එයින් කිසිසේත්ම එතුමාගේ අනිත් නිර්මාණ අඩුතක්සේරුවකට ලක් නොවන බවද මෙහිලා සදහන් කරණු කැමැත්තෙමි.
'සැනසුම කොතනද' සිනමාවේ තව දුරටත් තමාට රැදීමට ආරක්ෂාවට හා තමන් ගේ තත්වය තහවුරු වීමට යෝධ පිම්මක් මෙන්ම ගැම්මක්ද ලැබිණි. ඊට හොදම සාධක වුයේ 'සැනසුම කොතනද' එම වසරේ හොදම චිත්‍රපටය ලෙස සරසවි සම්මානයෙන් පුද ලැබීමයි.
කේ ඒ ඩබ් පෙරේරා මහතාගේ අනෙක් සුවිශේෂී දායකත්වය වූයේ සිංහල සිනමා සඳහා නව සංගීත ආකෘතියක් හඳුන්වා දීමයි. ඔහු සිය 50 වසරක වෘත්තියේදී චිත්‍රපට 26 ක් අධ්‍යක්ෂණය කළ අතර 'කපටිකම', 'බයිසිකල් හොරා' 'සීයේ නෝට්ටුව' 'කතුරු මුවාත්' , 'ලොකුම හිනාව', 'දුලීකා' 'ලසඳා' 'වාසනා' ' ජනක සහ මංජු' 'හිගන කොල්ලා' 'සුමේදා' 'සහ' 'ධවල පුෂ්පය' ආදි නිර්මාණ 'ඔහුගේ වඩාත් ජනප්‍රිය සිනමා නිර්මාණයන් ලෙස නම් කල හැක. දෙපිට කැපෙන දෙබස් කුතුහලය ත්‍රාසය භීතිය ප්‍රේක්ෂ්ක ජනමන බැද ගත්තේ එවායේ වූ ආකර්ෂණීය නැවුම් බවත් සමගය. මෙම චිත්‍රපට බොහොමයක ගීත ප්‍රවීන සංගීත අදියුරුවන්ගේ නාද රටවන්වේ. කේ ඒ ඩබ්ලිව් මහතා ගේ නිර්මාණවලදී බොහෝ විට සංගීතය බාර වූයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්හටයි. එයද එක් අතකින් එතුමාගේ චිත්‍රපටවල සාර්ථකත්වටට, විශ්වාසනීය බවට හේතුවක් විය. තවමත් පොදු ජන ප්‍රේක්ෂ්කයන්ට ඒ ගීත වල මිහිරියාව අමරණීයත්වය දැනේ.
හැත්තෑව ගණන්වල ආරම්භයේදීම සිංහල සිනමාව අර්බුදයකට මුහුන දී ඇත්තේ සෞන්දර්යාත්මක ගුණාත්මකභාවය හා අධික නිෂ්පාදනයේ අඩුවීමක් නිසාය. සිනමාව සඳහා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවක් පිහිටුවීම සඳහා සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා සිනමා කර්මාන්තය තුළ අනිත් අය සමඟ සටන් වැදීමට කේ ඒ ඩබ් පෙරේරා මහතා පෙරමුණ ගත්තේය.
ජාතික සිනමාවට සිය ජීවිත කාලයම යොදා ගෙන සිටි කේ ඒ ඩබ් පෙරේරා මහතා කර්මාන්තය හෝ චිත්‍රපට සංස්ථාව ඇතුලත හෝ පිටත තර්ජනයට ලක්වන සෑම අවස්ථාවකදීම ඉදිරියෙන් සිටියේය. ගායක ගායිකා ආදීන් ගේද වුර්තිය ගෞරවය ආරක්ෂා කිරීමට කැපවීමක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු පෙනී සිටීමත් විශේෂත්වයක් විය. කේ. ඒ. ඩබ්. පෙරේරා මහතාණෝ චිත්‍රපට 26 අදියුරු විය .මින් චිත්‍රපට 03 හැර තිරනාටකය ලියා ඇත්තේ එතුමාය. චිත්‍රපට 05 නිෂ්පාදක විය. ධවල පුෂ්පය කතාව රචනාව ඔහුගේය චිත්‍රපට 7 දෙබස් රචනාකොට ඇත.. ජයන්ත දාස් පෙරේරා එතුමා ගේ පුතනුවන් විය. 'ජනක සහ මංජු' 'බංගලි වළලු' 'වතුර කරත්තය: යන චිත්‍රපට වල පුතනුවන් ද ප්‍රධාන චරිත රංගන දායකත්වය දැරුවේය. සරසවිය, දීපශිකා, ස්වර්ණා හංස , ස්වර්ණා ජයන්ති, රන් තිසර සහ සුමති සම්මාන උළෙලේදී හා විවිධ කලා ක්ෂේත්‍රයන්ට විවිධ අවස්ථාවන්හිදී සම්මාන ලැබූහ. කලාශුරී කේ.ඒ.ඩබ්. පෙරේරා මහතා විසින් "ලසදා " චිත්රපටය සඳහා 1975 ටෂ්කෙන්ට් ජාත්යන්තර සිනමා උළෙලේ ගෞරවයට පාත්ර විය. 1976 දී රෝමයේ පැවති OCIC සිනමා උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක සම්මානය ඔහුට හිමි විය. කේ ඒ ඩබ් පෙරේරා මහතා ගේ නම රිදී අම්බරේ සිනමාවට වසර 50 කට වැඩි දායකත්වයක් දැක්වූ අයකු ලෙස සදා නොමකෙනු ඇත. ප්‍රවීන කතා හා තිර නාටක රචකයෙකු දෙබස් ලියන්නකු සම්මානනීය චිත්‍රපට අදියුරුවකු හා ජාත්‍යාන්තරව පිළිගත් සිනමාකරුවකු වන කලාශුරී කේ. ඒ. ඩබ්. පෙරේරා මහතාණෝ 2006 08 20 සිකුරාදා ජාතියෙන් සමුගන්නා ලදී.
එතුමාට අමාමහ නිවන් සුව පතමු.

No comments:

Post a Comment