Monday, December 2, 2019

ඩී ආර් නානායක්කාර


1915 03 15 කොළොන්නාවේ දී උපත ලැබූ දොන් රුටර් නානායක්කාර හෙවත් ඩී ආර් නානායක්කාර කොලොන්නාව රජයේ පාසලින් හා දෙමටගොඩ සාන්ත මැතිව් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය .තරුණයකු ලෙස වේදිකාවට ඇලුම් කල ඩී ආර් නිතරම වේදිකා නාට්‍ය වලට නිතිපතා සහභාගි විය.
1936 දී නාට්‍ය රචකයකුවූ සිරිසේන විමලවීරයන් ඔහු ගේ නාට්‍ය කණ්ඩායමට ඩී ආර් ද එකතු කරගත්තේය. ඒ අනුව අම්මා නාට්‍යයෙන් ආරම්භව සීදේවි, පිටිසර කෙල්ල, රොඩී කෙල්ල, මග්ගොන චාලි, යන නාට්‍ය වලද රංගනයට ඩී ආර් ට අවස්ථාවන් උදාවිය.1949 දී ඩී ආර් ගේ සිනමා ආගමනය සිදුවිය. පළමු කතානාද චිත්‍රපටය නිකුත්වී වසර දෙකකින් සිරිසේන විමලවීරයන් "අම්මා" චලන චිත්‍රයට නගන ලදුව ඩී ආර් එහි ගී දෙකක් ගායනා කරමින් රංගනය ඉදිරිපත් කළේය.
1963 දී විමලවීරයන් අභාවයට පත්වනතුරුම ඩී ආර් විමලවීරයන් ගේ චිත්‍රපටවල රංගනයේ නියැළුනේය. ඩී ආර් ගේ වඩාත්ම සුවිශ්සි රංගනය 1956 තිරගතවූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රේඛාව වේ. එහි හොර තක්කඩියෙක් ගේ චරිතය නිරූපනය කරමින් චිත්‍රපටයට අනුව තම පුතාද හවුල් කරගෙන ලෙඩ්ඩු සුවකිරීම වැනි කපටි දේවල් කරන කෙනකු ගේ චරිතයකි.
1961 "කුරුළු බැද්ද" 1966 "සිකුරු තරුව" 1969 "බිනර මලී" වැනි චිත්‍රපටවල සුවිශේෂී චරිත විය. 1968 දී "බයිසිකල් හොරා" චිත්‍රපටයට හොදම නළුවා ලෙස සරසවි සම්මානයෙන් පුද ලැබුවේය. 1984 දී ගම්මුලාදනියකු ගේ චරිතයක් ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයේ රගදැක්වීය. 1971 "කතුරු මුවාත්" හි ද කතුරු මුවාත් කරු විය. කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ බොහෝ චිත්‍රපටවල ඩී ආර් නැතිවම බැරි නළුවෙක් බවට පත්විය. "කපටිකම" "දුර්ගා" "ලසදා" "සීයේ නෝට්ටුව" "ලොකුම හිනාව" "නෑදෑයෝ" "ජනක සහ මංජු" "හිගන කොල්ලා" ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. ලෙස්ටෙර් ජේම්ස් පීරිස් ගේ "බැද්දේගම" වෙද රාළ චරිතය ද සුවිශේෂී එකක් විය. "පරසතුමල්" හි බොනී මහත්තයාගේ ආවතේවකරු අමාරිස් ද ඩී ආර් ගේ අපුරු රංගනයක්ම විය. අම්මා චිත්‍රපටයෙන් ආරම්භකළ සිනමා ගමන "අහස් මාලිගා" වෙන් නිමාවිය. ඒ වනවිට චිත්‍රපට 91කට පමණ රංගන දායකත්වය ලබාදී තිබේ. ඩී ආර් අභාවයට පත්වී වසර 5 පසුව එය තිරගතවිය 1989 දී ක්ෂය රෝගතත්වය නිසාවෙන් ඩී ආර් මෙලොවින් සමු ගත්තේය. වරක විනීත ලෙසද වරක දුෂ්ටයෙක් සේ ද සමාජ වාදියෙක් සංසෝදන වාදියෙක් ලෙස විවිධ චරිතාංගයන් අප හද තුල සටහන් තැබුවකු ලෙස අපගේ මතකයේ ඩී ආර් චරිතය සදානුස්මරණීයයි. එතුමාට නිවන් සුව පතමු .....

1 comment: