Tuesday, December 3, 2019

අගෝස්තු 5 දින බත්තරමුල්ල දියත උයනේදී

අද ආනන්දනීය සිංහල සිනමා සහෘද අපට ආනන්දය වැඩෙන දිනයක් .... ඊට හේතු සාධක වන්නේ අපේ ආනන්දනීය සිංහල සිනමාවේ නිර්මාතෘ ආනන්ද ගමගේ මහතාණන් ගේ උපන් දිනයයි ...මේ කාර්යය අපි රහසිගතව විස්මය එලවන විදියට කරන්න සිතා සිටියේ සුජිත් නිසාන්ත මහතා එහෙම කතාවක් යෝජනාවක් ගෙනාවා. නමුත් පොඩි පොඩි කාරණාවලින් වැඩේ මතුවුනා....ඉතින් ඊට පස්සේ ධම්මිකා මහත්මිය ගේ සංවිධානත්වයෙන් මේ ගැන අපේ සහෘදයන් දැනුවත් කරලා 2019 අගෝස්තු 5 බත්තරමුල්ලේ දියත උද්‍යානයේ දී හමුවීමට තීරණයක් ගත්තා. ඔන්න අගොස්තු 5 ආනන්දනීය දිනය එලඹුනා. අපි උදෑසනින් දියත උද්‍යානයට ආවා ...මම ඉන්දික මල්ලවාරච්චි මහතා අපේ පුංචි මුණුපුරා ද සමග දියතට එනවිට අපේ හිතාදරයන් මෙන්න එතනට කලින්ම පැමිණිලා. ධම්මිකා වික්‍රමතුංග මහත්මිය (අපේ භාණ්ඩාගාරික මෙදා වැඩසටහනේ සංවිධායක) සහ සුජිත් නිශාන්ත මහතා, අරුණ ශාන්ත මහතා, ආනන්ද වික්‍රමගේ මහතා නිහාල් ගමගේ මහතා රන්ජිත් ප්‍රේමලාල් මහතා, ආනන්ද වික්‍රමාරච්චි මහතා යන අය සහ ධම්මිකා මහත්මියගේ නැන්දනිය ද මෙහි සිටියා ...අපි සුහදව ආචාර සමාචාර පවත්වා සිටින විට අපේ අනෙක් සහෘදයන්ද එක් එක් කෙනා මේ ස්ථානයට පැමිණුනා ....ලොකු අයියා ගිල්බට් මහත්මයා සමන් ආර්ට් මහත්මයා, ලතා පෙරේරා මහත්මිය ප්‍රදීප් ධම්මික මහතා මේ අතර අපේ දවසේ අමුත්තා ආනන්ද ගමගේ මහතා එම මහත්මිය පුංචි පුතා ද පැමිණියා. නිර්මලා ගණසිංහ මහත්මිය, ලොකු අයියා රාජකාරි කටයුතු නිසා ආනන්ද මහතාට තිළිණයක්ද දී ඉක්මනින්ම පිටව ගියේය. විජි ශ්‍රී මහත්මිය, සුභද්‍ර සුමනරත්න මහත්මිය, ෂා රීලෝඩඩ් ලලිත් නිශාන්තද රජීව විජේසිංහ මහතා ද මේ අවස්ථාවට පැමිණුණියේ සුපුරුදු ලෙස ගිටාරයද ඒ මහතා අතේ විය. අපේ සුපුරුදු ජායාරුප ශිල්පී මහතාද ශිතන් ගුණවර්ධනද, අපට ප්‍රථම වතාවට සුසන්ත ලොකු ගේ මහතා ද සිය පුතනුවන් සමග..(.ජෝති ගී පිටුව ...) පැමිණියා. දවසේ ආරධිතයන් වන ෂෝන් මැක්ශිමස් දිසානයකයන්ද, රිදී තිරයේ ප්‍රවීණ සටන් රංග ශිල්පී සුමිත් මුදන්නායක මහතාද ශාලිකා එදිරිසිංහ නව තුෂාරා හි රංග ශිල්පිනියද අනුෂා දිල්හානි කරුණාරත්න රංගන ශිල්පිනියද, ප්‍රවීන චිත්‍රශිල්පී ජානක ඉලුක්කුඹුර මහතාද, ආනන්ද මහතාගේ පාසල් මිතුරු ෂාමන් වන්නිආරච්චි මහතාද, ෂෝන් මහතා කැටුව එන සුනිල් මහතාද ආනන්ද ගමගේ මහතා ගේ මස්සිනා අතුල පනාගොඩ හා නෑනා සදමාලිද ඔවුනගේ පුතනුවන්ද මේ පිරිස අතරට එක්විය .....සියලු දෙනාම දියත උද්‍යානයේ දසත නොගොස් එකත්නකට රැස්ව ප්‍රථම යෙන් සුජීව නිශාන්ත මහතා සියලු දෙනා පිලිගැනීමේ කතාවක් කරන ලදී. දෙවනුව ආනන්ද මහතා වෙනුවෙන්ම සකස් කල සමරු ඵලකය අද දිනයේ සහභාගි වූ ආරාධිතයන් වන දිසානයක මහතා, මුදන්නායක මහතා ශාලිකා මෙනවිය, අනුෂා මහත්මිය, ජානක මහතා විසින් ආනන්ද මහතා වෙත පිරිනමන ලදී. ප්‍රදීප් ධම්මික මහතා විසින් සිතුවම් කල ආනන්ද ගමගේ මහතා ගේජායාරුවක්ද ධම්මික මහතා විසින් ප්‍රදානය කළේය. ඒ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් වන වසන්ත සනත් මහතා හා ජානක ඉලුක්කුඹුර මහතා යන සහෘදයන් දෙදෙනාම ආනන්ද ගමගේ රුව අලංකාර හා ජීවමාන ලෙස ඇද fb වෙත යොමුකිරීම ඉතාමත් සුවිශේෂි සිදිධියක් විය.
ඉන් අනතුරුව ආනන්ද මහතා රැස්ව සිටි සහෘදයන් අමතා එතුමාගේ ආනන්ද සිනමාවේ මෙතෙක් ගමන් මග සවිස්තරාත්මක වහරබර විසිතුරු කතාවක් කරන ලදී.
ආනන්දනීය සිංහල සිනමා හමුවීම මෙසේය.
1) 2018 09 27 ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුමහතාට උපහාර දැක්වීම එතුමාගෙ නිවසේදී, ධම්මිකා මහත්මිය හා කුමාර මහතා විසින් ගෙන එන ලද කැවිලි වලින් සැමට සංග්‍රහ කරන ලදී.
2) වන හමුවීම 2018 11 22 ගිල්බට් මහතාගේ නිවසේදී , එදින ගිල්බට් මහතා විසින් රසවත් දිවා ආහාරයක් පිරිනමන ලදී.
3) වන හමුවීම 2019 01 20 දින දියත උයනේදී විල්සන් කරූ මහතාට උපහාර දැක්වීම. එදින මැක්ඩොනල්ඩ්ස් එකෙන් දිවා ආහාරය ආනන්දනීය සිංහල සිනමා හිතවතුන් ගෙනි.
4) හමුවීම 2019 02 17 දින කුමාර මහතා ගේ නිවසේදී ඔහුගේ උපන් දිනය සැමරීම, රසවත් දිවා ආහාරය කින් එතුමා සැම පිනවීය.
5) වන හමුවීම 2019 03 20 දින ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතයේදී වාට්ටු අංක 1 සියළු රෝගීන් සහභාගි කරගෙන සංගීත වැඩසටහන් පැවැත් වීම, කැවිලි සංග්‍රහයක් සෑම නේවාසිකයන් වෙනුවෙන්ම ඇදුම් පරිත්‍යාගයක් කර අවසානයේ දී පිරිත් ගාථා කොට පිරිත් නූල් බැදීම රණවීර කත්තොට මහතා විසින් සිදුකරන ලදී.
2019 05 19 දින බෙලිමල් දන්සලක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතයේදී පවත්වන ලද්දේ රජීව රණසිංහ මහතා හා අතුල පනාගොඩ ( ආනන්ද ගමගේ මහතා ගේ මස්සිනා) ගේ අනුග්‍රහයෙනි. ( රටේ පැවති අයහපත් වාතාවරණය හේතුකොට ගෙන සියළු සහෘදයන්ව මීට සහභාගි කරගැනීමට නොහැකි විය)
6) වන හමුවීම 2019 06 09 දින සුමින්ද සිරිසේන මහතාට උපහාර දැක්වීම ගම්පහ එතුමාගේ නිවසේදී, එදින රසවත් දහවල් ආහාරය ප්‍රදීප් ධම්මික මහතා ගේ අනුග්‍රහයෙනි.
7) වන හමුවීම 2019 06 30 දින ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතයේදී අනූෂා දිල්හානි කරුණාරත්න මහත්මියගේ අනුග්‍රහයෙන් රෝහලේ සියළු රෝගීන් උදෙසාපැවැත්වූ සංගීත වැඩසටහනක් , මෙහිදී නළු නිළියන් 20 දෙනෙකුට ආසන්න පිරිසකගේ සහභාගිත්වය ඉතා සුවිශේෂි අවස්තාවක් විය.
මෙහිදී එම වැඩසටහන තවත් විචිත්‍රවත් කරමින් චිත්‍රපට අධ්‍යක්ෂක ආනන්ද කුමර පින්නවල මහතා ගේ අධ්‍යක්ෂණයෙන් යුතු සලරූ සිත්තම් ගීත ප්‍රසංගය ඉදිරිපත් කරන ලදී. නරඹන්නෝ වශිකෘතව බලාසිටිදිදී පින්නවල මහතා ඇතුළු ඔහුගේ රංගන ජණ්ඩායම පැරණි ජෝති, ඇන්ජලීන් , ලතා හා සුජාතාගේ ගී රගදක්වමින් වෙදිකාව විචිත්‍රවත් කලේය. අනූෂා මහත්මිය ගේ ආරාධනයෙන්
සුජාතා අත්තනායක මහත්මිය ගේ පුත් හේලි අත්තනායක මහතා ද සහභාගි වීම සිටීමද මෙහි තවත් විශේෂත්වයකි
ප්‍රසංගය අවසානයේ වාට්ටු අංක 1 සියලු රෝගීනට, කාර්‍ය මණ්ඩලය ඇතුළු පැමිණි සිටි 125 පමණ විශාල පිරුසකට රසවත් දිවා ආහාරය පිළිගැනුනේ අනූෂා දිල්හානි කරුණාරත්න මහත්මියගේ හා ඇගෙ දයාබර ස්වාමියා වන ලක්ෂ්මන් ද කොස්තා මහතාගේ අනුග්‍රහයෙනි.
8 වන හමුවීම එදා පැමිණි සැමට ස්තූතිය පලකිරීම සදහා 2019 07 05 දින බත්තරමුල්ලේ මැක්ඩොනල්ඩ්ස් හි රසවත් දිවා ආහාරය සෑම් පෙරේරා මහත්මිය ගේ අනුග්‍රහයෙන් පැවැත්විණි. මෙදින විජි ශ්‍රී මහත්මියගේ උපන් දිනය සැමරීමද විශේෂත්වයක් විය. එම සුහද ගමුවීම 8 වෙනුවෙන්ම පැමිණීමෙන් හා දායජත්වය දැක්වීමෙන් සහාය දැක්වූ සැමට ආනන්ද ගමගේ මහතා කෘතගුණ පූර්ව ස්තූතිය පලකළේය.
ඉන් අනතුරුව ආනන්ද ගමගේ මහතා වෙත විශේෂ තිළිණයක් ද ආනන්ද සිනමාව වෙනුවෙන් රණවීර කත්තොට මහතා පිරිනමන් ලදී. ඉන්දික මල්ලව ආර්ච්චිමහතා ගේ පුත් ඔසද පසිදු මල්ලවආරච්චි පුතාද තිළිණයක් ආනන්ද ගමගේ මහතාට පිරිනැමුවේය. එසේම තවත් හිතවතුන් තිළින පිදීමට මෙය අවස්තාවක් කරගත්තා.
ස්තුති කතාව රණවීර කත්තොට මහතා විසින් පවත්වා සහභාගිත්වයට ස්තුති පලකරන ලදී උපන්දිනය සමරමින් ආනන්ද ගමගේ මහතා විසින් සුජිත් නිශාන්ත මහතාගේ මුලිකත්වයෙන් සකස් කල දර්ශනීය කේක් එක අපේ සහෘදයන් සියල්ලෝම ආනන්ද මහතාට ආසිරි පැතුම් ගී ගයන අතර එතුමා ගේ සුරතින් කපන ලදී. එතුමා ගේ සුරතින් තමන්ගේ ප්‍රිය භාර්යාවට කේක් කවා සියලුම සහෘදයන්ට එතුමා ගේ අතින්ම කේක් කවා තමන්ගේ ගෞරවය පළකළේය. ධම්මික වික්‍රමතුංග මහත්මිය විසින් සකස් කරගෙන එන ලද කැවිලි සංග්‍රහය සියල්ලෝම භුක්තිවිද සිසිල් පැන් පානය කළේය ..දියත උද්‍යානයේ දර්ශනීය පෙදෙසේ දී සමුහ ජායාරුප මෙන්ම පුද්ගලික ජායාරුප ද ලබාගත් සියල්ලෝ ආනන්ද මහතා ගෙන් අයිස් ක්‍රීම් සංග්‍රහයක් ද භුක්තිවිද සතුටින් විසිර ගියේ ආනන්දයෙන් අම්න්දානන්දයට පත් පහන් සිතිනි ........

No comments:

Post a Comment