Monday, April 17, 2023

235 වන සිංහල සිනමා පටය - වැලිකතර - චිත්‍රපටය වේ

 235 වන සිංහල සිනමා පටය - වැලිකතර - චිත්‍රපටය වේ.-ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘත්තාන්ත නිර්මාණය සේම ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය.ද මෙයවේ.1967 දී ප්‍රථම සිනමාස් කෝප් කෙටි චිත්‍රපටය නිර්මාණය කලේද නිහාල්සිංහ යන්ය. නිෂ්පාදනය සදහා ස්වර්ණමාලි ගුණතුංග,ඩී .බී.නිහාල්සිංහ .දායක විය.කතාව,තිරපිටපත,දෙබස්,තිස්ස අබේසේකරයන් ගේ නිර්මානවේ.කැමරා අධ්‍යක්ෂණය  සහ සංස්කරණය ද නිහාල්සිංහයන් ගෙනි.සහාය කැමරා අධ්‍යක්ෂණයට කේ.ඩී .දයානන්ද,එම් .වී .හේමපාල,ආර්.ඩී .අතපත්තු .සෑම් ඩීන් ආදීන්ද දායක විය.ශබ්ද පරිපාලනය මර්වින් රොඩ්රිගෝ , ජෝර්ජ් මනතුංග ,ජී.ඩී .කිංස්ලි පෙරේරා,එස්.ගමගේ දායක විය.වේශ නිරුපනය රෙජී ද සිල්වා වේ.සහාය අධ්‍යක්ෂණයෙන් රංජිත් නිව්ටන් ප්‍රනාන්දු,ගුණරත්න රත්නායක දායකව තිබේ.රසායනාගාර පාලනය ජෙරල්ඩ් බී .ජයවර්දන වේ.සංගීත අධ්‍යක්ෂණය සෝමදාස අල්විටිගලයන් වේ.ගීපද මාලා මහගම සේකර යන විසිනි.පසුබිම් ගායනය පණ්ඩිත් අමරදේවයන් වේ.කතාව සාරාංශය නීතිය රකින්නෙකු සහ නිතිය කඩන්නෙකු අතරට මැදිවූ විවාහක බිරිදගේ කතාව මෙහි කේන්ද්‍රීය විය.අවංක නිර්භීත කාර්යශුර පොලිස් නිලධාරියෙක් වන වික්‍රම රන්දෙනිය - ගාමිණි පොන්සේකා - උතුරු කරයට  යවන්නේ එහි වන නීති විරෝධී ජාවාරම් මැර  කටයුතු මර්ධනය පිණිසය..තම තෙමස් ගැබිණි බිරිද තනිකර  පැමිණෙන වික්‍රම වික්‍රමාන්විත මෙහෙයුම් කිහිපයක් කර එහි නිතිය සාමය ස්ථාපිත කරයි.පසුව බිරිද ගීතා - සුවිනිතා වීරසිංහ -ද වික්‍රම හා වාසයට පැමිණේ.දිනක් ඇය මුහුදු වෙරළේ සිටියදී මැර යෙකුගේ   විසින් ඇයව අවමානයට පත්කෙරේ.ඔහු විසින් තමා ගෝරිං මුදලාලි - ජෝ අබේවික්‍රම - බව වික්‍රමට පවසන ලෙස ගීතාට දැනුම් දෙයි. මෙය අසා වික්‍රම කෝප වුවද ඉවසා සිටින්නේ ඔහුව බරපතල .වරදකට හසුකර ගැනීම පිණිසය.දිනක්  නිලධාරින් ගේ සමාජ ශාලාවේ දී වික්‍රම හා ගෝරිං  මුණගැසේ.වික්‍රම ගෙන් රළු ප්‍රතිචාරයක් ගීතා බලාපොරොත්තු වුවද ගෝරිං හා හදුනන ය ලෙස කතා කිරීම ගීතා  ගේ කනස්සල්ලට හේතුවිය.පසුව ගෝරිං වික්‍රම හමුවීමට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණේ.ගොරින් යම්කිසි පළිගැනීමේ චේතනාවක් පවතින බව වික්රමට පැහැදිලි වේ.ගීතා ගේ බලපෑමෙන් ගැලවී නොගත හැකි වික්‍රම ගෝරිං ගේ නීති විරෝධී ජාවාරම් මැඩලීමට ක්‍රියාත්මක වේ.රාත්‍රී  පොලිස් නිවාසයට පැමිණෙන ගෝරිං පිටව යන්නේ දින හතකින් පසුව පලිගන්නා බව කියමිනි.මැරයකු නිවසට පැමිණ තමාට ද අපහාස කිරීම නිසා ගීතා ගේ බැන වැදීම් වලින් වික්‍රම ද කෝප වේ.ගීතාට ද පහර දෙන වික්‍රම ගෝරිං සොයා ගිය ද ඔහුට පහර දෙනු ලැබේ.ආපසු පොලිස් නිවාසයට පැමිණෙන ගෝරිං තම අතීත කතාව ගීතාට හෙළි කරයි.වික්‍රම ගේ පියාට අයත් නින්දගමේ පදිංචි කාරයෙක් වන සුදු බණ්ඩා - ජෝ අබේවික්‍රම - ගේ නැගණිය මුතු මැණිකා - දේවිකා කරුණාරත්න - වික්‍රම නිසා ගැබ් ගනී.ගමෙන් පිටව යන වික්‍රම නැවත ගමට නොඑයි.දරුවා ලැබෙන විට මුතු මැණිකා මියයයි.සුදු බණ්ඩා හෙවත් ගෝරිං වික්‍රම පසුපස එන්නේ ඒ පලිය ගැනීමටයි.පසුදා පොලිස් නිවාසය පොලිසිය විසින් වටලයි.ගෝරිං තම  සගයා බාටිං - දයානන්ද ජයවර්දන - සමග ගීතා පැහර ගෙන යන්නේ සේවක ලැවිනිස් - නවනන්දන විජේසිංහ - ද මරා දමමිනි.වැලිකතර ආරම්භයේ දී ගෝරිං  ගීතා රථයෙන් ඇද දමයි.අවසන් සටනේදී වික්‍රම අතින් ගෝරිං මිය යයි.රෝහලට ගියද ගීතා ගෙන යහපත් ප්‍රතිචාරයක් නොවේ.නිවසට එන වික්‍රම එහි සිටි නිලධාරින් ගෙන් ද සමුගනියි.වික්‍රම නිදන කාමාරයේ දී තමාම වෙඩි තබා ගෙන මිය යයි.ඒ අවස්ථාවට පෙර ගීතාට ලියන ලිපියේ තමා මුතු මැණිකා බලන්න නොගියේ ඇය තමා ගේ පියාගේම දරුවකු බව හෙළි වීම නිසා බව සදහන් වේ.අමතර රංගනයට කරු නානායක්කාර ,ටියුඩර්  කරුණාතිලක, බුද්ධි වික්‍රම ,පී.බී.මායීල්ලැව ,කිත්සිරි පෙරේරා,පියසේන අහංගම,ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර ,චන්ද්‍රා කළුආරච්චි,එල්සන් දිවිතුරුගම,මාක් ඇන්ටනි ප්‍රනාන්දු ,සුගත් ප්‍රසන්න,ටී.හපුගොඩ ,ජී.ආර්.පෙරේරා  සහ තවත් පිරිස ආදීන් ද දායක විය ජී.ආර්.පෙරේරා ගේ ප්‍රථම සිනමා රංගනය ද වැලිකතර වේ. 1972 විචාරක  සම්මාන උළෙලේ හොදම චිතරපටය වුවේ වැලිකතර චිත්‍රපටයයි.1972 දීපසිකා සම්මාන උළෙලේ ජනප්‍රිය නිෂ්පාදක ලෙසඩී .බී.නිහාල්සිංහ  සම්මාන ලැබීය.1972 විචාරක  සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ද වැලිකතර චිත්‍රපටයයි..1972 විචාරක  සම්මාන උළෙලේ හොදම හොදම නළුවා ලෙස ජෝ අබේවික්‍රම ,ගාමිනි පොන්සේකා හොදම නිළිය ලෙස සුවිනිතා වීරසිංහ සම්මාන ලැබුවේ ද වැලිකතර චිත්‍රපටය වෙනුවෙනි.1972 විචාරක  සම්මාන උළෙලේ හොදම සංස් කරනය සහ හොදම කැමරා කරනය වෙනුවෙන් ද ඩී .බී.නිහාල්සිංහ සම්මාන ලද්දේය. වැලිකතර තිර රචනය ග්‍රන්ථයක්  ලෙස ප්‍රකාශයට පත්විය. 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම තිර රචනය සදහා සම්මානය එයට ලද්දේය.එවැන්නක් සම්මානයට පාත්‍රවූ පළමු අවස්ථාව ද මෙයයි.දේශීය සිනමාවේ 50 වන සංවත්සරයේදී දසවන චිත්‍රපටය ලෙස ද වැලිකතර නම් විය.ආදායම් අතින් ද සාර්ථක වුවාය..මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Friday, April 14, 2023

ඔස්වල්ඩ් ජයසිංහ

 

හෙළ සිනමා අඹරේ එදා දිලුන තරු   ඔස්වල්ඩ් ජයසිංහ 

පීටර් ඔස්වල්ඩ් ජයසිංහ 60 දශකයේ අග භාගයේත් 70 දශකය පුරාත් ජනාදරය දිනු කඩවසම් මනා පෞරුශ්යකින් හෙබි රංග ශිල්පියෙකි.කදානේ ද මැසනාඩ් විදුහලීන් අධ්‍යාපනය ලද හේ දක්ෂ ක්‍රීඩකයෙකි.පාසල් අධ්‍යාපනයෙන් පසුව හෙතෙම ගුවන් හමුදා සේවයේ කලක් නිරත විය. බී.ඒ. ඩබ්ලිව්.ජයමාන්න යන්ගේ - මගුල්  පෝරුව - චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ විය.නමුත්  

 - කපටිකම -  චිත්‍රපටය මුලින් තිරගත විය.1966 කපටිකම පළමුවැන්නයි.1967 මගුල් පෝරුව තිරගත විය.කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ගේ චිත්‍රපට  තුලින් ප්‍රධාන භූමිකා මවමින් වීරයෙක් ලෙස ඉස්මතු විය. බයිසිකල් හොරා ,කතුරු මුවාත්,ලොකුම හිනාව,අපරාධය හා දඩුවම එම චිත්‍රපට වේ.එසේම විකට චිත්‍රපට ,දුෂ්ට චරිත ,ප්ර්තිවීර චරිත ද නිරුපණයට පසුබට නොවිණි.සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් සහිත වූ චිත්‍රපට වලින් එකක් වන  - අජාසත්ත - ප්‍රධාන චරිතය ඔස්වල්ද්ජයසිංහ රංගනය කලේ ප්‍රේක්ෂක යන්ගේ ප්‍රකෝපයට තුඩු දෙන තාත්වික රංග වින්‍යා සයකිනි.එසේම චිතපටවල ගීතමය හා සටන් දර්ශන වලදී වඩාත් සැලකිල්ලෙන් ඒවා ඉදිරිපත් කිරීමට ඔස්වල්ඩ් දක්ෂ විය.ඔහුගේ රංගන දායකත්වය පෙළ ගැසුවොත් මෙසේ දැක්වේ.1966 කපටිකම ,1967 මගුල් පෝරුව , 1968 බයිසිකල් හොරා , 1969 කොහොමද වැඩේ ,හරිමග 1970 පේනවා නේද ,1971 කතුරු මුවාත් , සීයේ නෝට්ටුව, 1972 අද මෙහෙමයි,ලොකුම හිනාව ,1973 අපරාධය හා දඩුවම ,1974 දුලීකා ,ශීලා, සුරේකා , හදවත් නැත්තෝ ,කල්‍යාණි ගංගා , ශාන්ති , ලසදා , වස්තුව , රෝඩි ගම , 1976 දමයන්ති , 1976 හාරත හතර, දෙයියන්ගේ තීන්දුව, රන් තිලකා ,1977 සිකුරු දසාව, 1978 කුමර  කුමරියෝ, 1979 රෝස මල් තුනක්, 1981 අජාසත්ත , 1983 කරාටේ ජෝ, තුත්තිරි මල්, 1984 මද්දුම බණ්ඩාර , 1987 කිවුලේ ගෙදර මොහොට්ටාල හර්ද ආබාධයක් සදහා ප්‍රතිකාර ගැනීමට ගොස් සිටියදී 1991 වසරේදී ලන්ඩන් නුවරදී මෙතුමා අභාවප්‍රාප්ත විය එතුමාට නිවන් සුව පතමු.මේ ලිපිය සැකසීමේ දී ආචාර්ය නුවන් නයනජිත් සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය පරිශීලනය කරන ලද බව ස්තුති පුර්වකව සදහන් කරමි.

Thursday, April 13, 2023

1971 ඔක්තෝම්බර් 22 තිරගත වුවේ - බිදුණු හදවත් - චිත්‍රපටයයි .එය සිංහල සිනමාවේ 234 වැන්නයි .

 1971 ඔක්තෝම්බර් 22 තිරගත වුවේ - බිදුණු හදවත් -  චිත්‍රපටයයි .එය සිංහල සිනමාවේ 234 වැන්නයි .ඩී .ඕ .මනතුංග ලුවී වැන්ඩාස් ට්‍රාටන්,ඒ.ජී ඩයස් ,සහ විජය කුමාරතුංග   ගේ නිෂ්පාදනයකි. ලුවී වැන්ඩාස් ට්‍රාටන් ගේ අධ්‍යක්ෂණයකි.කතාව තිර රචනය දෙබස් ද අධ්‍යක්ෂක වරයා  ගෙනි. ලලිත්  ගුනවර්දන කැමරා අධ්‍යක්ෂය කළේය.එඩ්වින් ලිටින් සංස්කරණය කර තිබේ. සංගීතය අධ්‍යක්ෂණය ටෝනි වීරතුංග වේ.ආනන්ද සෙනෙවිරත්න ගේ පදමාලා වික්ටර් රත්නායකයන් ගැයුවේය.කතාව සැකෙවින් මෙසේය .සුමිත් - රොබින් ප්‍රනාන්දු - බාලවියේ සිට ගුවන් නියමුවෙක් වෙන්න සිහින මයුවේය.ගුවන් නියමු පාසලේදී ගෞරව ලැබ නියමුවෙක් විය.ගුවන් නියමු පාසලේදී ඔහුගේ මිතුරා ආනන්ද .- විජය කුමාරතුංග  -  විය.ආනන්ද ගේ නැගණිය ශිරානි - චන්ද්‍රකලා  - සුමිත්ට සිතින් පෙම් කරයි.මේ අතර සුමිත්ට පාසල් වියේදී පෙම්බදී රේණුකා හමුවේ.ඒ ප්‍රේමය බිද වැටුනේ  සුමිත් ගේ  මවගේ විරුද්ධ විම නිසාය.සුමිත් ගේ සම්බන්ධය නිසා ශිරානි ශෝකයට පත්වේ.ආනන්ද ඇසුරු කල පෙම්වතිය - දේවිකා කරුණාරත්න - සල්ලාල පැවතුම් ඇත්තියකි.එනිසා ආනන්ද බිමට ඇබ්බැහිවේ.සුමිත්  අවවාද  කලත් ආන්න්න්ද නොසලකා හරි.අන්තිමේදී ආනන්ද ගුවන්යානය අනතුරට පත්කරගෙන දිවි නසා ගනී.සුමිත ගේ හා ශිරානි ගේ විවාහයට ද මව විරුද්ධ වේ.එය සිදු වුවහොත මව දිවි නසා ගන්නා බව කියයි.මේ නිසා කලකිරෙන සුමිත තම මිතුරු තිස්ස  -  ශිරාන් වනිගසේකර - අත  ශිරානිට ලිපියක් යවයි.එහි සදහන් වන්නේ පෙරවරු 10  යන තම ගුවන් ගමන අවසාන ගමන බවයි.ශිරානි හා තිස්ස ගුවන් තොටට  එනවිට සුමිත ගේ යානය ගුවන් පථයේ ගමන් කරයි.එහි එඉදිරියට එන ශිරානි එහි හැපී තුවාල ලබයි.සුමිත් ගේ උකුලේ ශිරානි මියයයි.අගේ දේහය තිස්සට බාරදෙන සුමිත් තම අවසන් ගුවන් ගමන පිටත් වේ.නිට ප්‍රනාන්දු,එරල් සීමිත් ,දෙනවක හාමිනේ,ආදීන්ද රංගන දායක විය.විජය රොබින් දෙදෙනාම රංගනය වුවත් වෙළද පළේදී එතරම් සාර්ථක නොවිණි.එල්පිස්ටන් සිනමාහලේ දින 18 පමණක් ප්‍රදර්ශනය සිමා විය.වික්ටර් රත්නායකයන් ගැයූ තේමා ගීතය මෙසේය. 

          ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආදරේ 

          නිල නුවන් බැල්ම හෙලා ලදක් මවන ආදරේ 

           රිදී කදුළු කතා නොකර කතා කියන ආදරේ 

          එපා බිදින්නට හදවත් එක්වුණු ආදරේ 

.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Tuesday, April 11, 2023

සිංහල සිනමාවේ 233 වන චිත්‍රපටය - සීයේ නෝට්ටුව - චිත්‍රපටය විය

 සිංහල සිනමාවේ 233 වන චිත්‍රපටය - සීයේ නෝට්ටුව - චිත්‍රපටය විය.තිරගත වුවේ 1971 සැප්තැම්බර් 17  දිනදීය. නිෂ්පාදනය හෙළදිව පිල්ම්ස් මුලිකව එස්.ඩී .එස් .සෝමරත්න ගෙනි. අධ්‍යක්ෂණය ,කතාව,තිර රචනය,දෙබස් කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා වේ.කැමරා අධ්‍යක්ෂණය එම් .ඒ.ගපුර් වේ.සංස්කරක්නය එඩ්වින් ලිටින් ගෙනි.වේශ නිරුපනය ඩෙරික් ප්‍රනාන්දු ගෙනි.ශබ්ද පරිපාලනය එල්.ඒ.ජෝහාර් වේ.කොණ්ඩා මෝස්තර රන්ජිත් ගුණසිංහ  ගෙනි. නැටුම් අධ්‍යක්ෂණය රොනල්ඩ් ජේ ප්‍රනාන්දු වේ.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස වේ.ගීත පදමාලා ඔගස්ටස් විනයාගරත්නම්,ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,ධර්මසිරි ගමගේ ගෙනි.ගීත ගායනා නන්දා මාලනී,මිල්ටන් මල්ලවආරච්චි,එච්.ආර්..ජෝතිපාල,වික්ටර් රත්නායක ගායනා කළේය.රුපියල් සියක් පාදක වන කතාවක් මෙහි පාදක විය.ජායාරුප ශිල්පියෙක් වන විනි - ජෝ අබේවික්‍රම - ජීවිතය ගැන ලොකු අවබෝධයක්  නැති තරුණයෙකි.ඔහුට සහයට සිටින්නේ පැරණි මතවාද ඇති හෙන්ඩ්රිකස් - ඩී .ආර්. නානායක්කාර - ය. දවසක් තේජා  - ශ්‍රියානි අමරසේන - නැමති තරුණිය මංගල යෝජනාවකට යවන්න ජායාරුපයක් ගැනීමට පැමිණේ.වඩාත් උනන්දුවෙන් එය ගන්න විනි පසුදා ගෙදරටම ගෙනත් දීමට ද පොරොන්දුවේ.පසුදා ජයරුපය ගෙන ආවිට ඉතිරි රුපියල් 10 දීමට නිවසේ මුදල් නැත.මව - ශාන්ති ලේඛා - රුපියල් දහයක් ඉල්ලා ගැනීමට සිල්වා  -ඇන්තනි සී .පෙරේරා - ගේ නිවසට යාමට සැරසේ.තේජා කියන්නේ රුපියල් 100 මාරු කිරීමට නැතිනම් රුපියල් 10 ඉල්ලා ගෙන එන ලෙසයි. සිල්වා ලග කියක් වත් නැත නමුත් කියන්නේ රුපියල් 90 තිබෙන බැවින් ඉතිරි 10 සවසට දෙන්න රුපියල් 100 දෙන ලෙසයි.ඔහුගේ අදහස රුපියල් 100 ගෙන මාරුකර ඔහුට 10 ලබා ගැනීමටයි.නමුත් මව අත  රුපියල් 100 නැතිනිසා මව  යයි. එය තමන්ට කල අපහාසයක් ලෙස සලකන සිල්වා සහ බිරිද මෙරායා  - ලැටිශියා පීරිස් - තරහ ඇතිකර ගනී.තේජා හා විනි විවාහ වේ.ඔවුන්ගෙන් පාලි ගැනීමට සිතන සිල්වා හා බිරිද මෙරායා මංගල  -ඔස්වල්ඩ් ජයසිංහ - නැමැති තරුණයෙක් සමග තේජා ගත්  පින්තුරයක් අගේ නොමන ක්‍රියා පිළිබද ලිපියක් සමග විනි  ට යවයි. මේ සියල්ල බොරුවක් වුවත් එයින් කේන්ති ගන්නා විනි තේජා සමග අරගල ඇතිවේ.විනි වෙන පළාතකට රැකියාවට ද යයි.මේ අතර කාර්යාලයේ වංචාවකට හසුවන සිල්වා ගේ රැකියාව අහිමි වේ.මෙරායා ද වෙනත් සම්බන්ධයක් වී නිවසින් යයි.අසරණව ඉබාගාතේ යන සිල්වාට විනි හමුවේ.සිල්වා විනිට සත්‍ය හෙළිකරයි.තම වරද පිළිගන්නා විනි තේජා සහ දරුවා සොයා යයි.මෙහි අතුරු කතාවක් ද වේ.තේජා ගේ මිතුරිය සුමනා - රුක්මනී දෙවි - සැමියා ගෙන දික්කසාදව සිටි දරුවා ජීවත් කිරීම පිණිස සුමනා ගෙන්ගෙට යමින් භාණ්ඩ අලවි කරයි.ජායාරුපයක් ගැනීමට ගිය විට  හෙන්ඩ්රිකස් ගේ අසංවර  හැසිරීමට අයිතිකරු බණ්ඩාරට  - හර්බට් අමරවික්‍රම ට පැමිණිලි කරයි.සුමන ගැන පැහැදෙන බණ්ඩාර ඇය විවාහ කර ගනී.මේ දෙදෙනාම තෙජාට පිහිට වේ.මේ වනවිටයි  විනි තේජා සොයා එන්නේ ,අමතර රංගනයෙන් බී.එස්.පෙරේරා ,අනුෂා ගීතාන්ජලි ,දෙනවක හාමිනේ ,පියදාස විජේකෝන්,දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, April 7, 2023

232 වන සිංහල චිත්‍රපටය වන්නේ 1971- 08 - 28 තිරගතවූ - කේසර සිංහයෝ -

 232 වන සිංහල චිත්‍රපටය වන්නේ 1971- 08 - 28 තිරගතවූ  - කේසර සිංහයෝ - චිත්‍රපටයයි.නිෂ්පාදනය ,අධ්‍යක්ෂණය ,කතාව ,තිර නාටකය සහ දෙබස් රෝලන්ඩ් අමරසිංහ වේ.සටන් අධ්‍යක්ෂණය ද රෝලන්ඩ් අමරසිංහ ගෙනි.කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා වේ.සංස්කරණය මහින්ද අමරසිංහ ගෙනි.වේශ නිරුපනය ඊබට විජේසිංහ ගෙනි.සහාය සනත් විජේවර්දන වේ.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමදාස අතුකෝරල වේ.කරුණාරත්න අබේසේකර සහ සිරිල් ඒ සීලවිමල ගීත රචනා කරන ලදී.එච්.ආර්.ජෝතිපාල,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,ධර්මදාස වල්පොල ,ලතා වල්පොල ,සුජාතා අත්තනායක ,ශ්‍රීමති තිලකරත්න ගීත ගායනා කළේය.සන්සුන් රුවන් හද මන්දිරයේ,කෙසර සිංහයෝ වාගෙමයි අපේ හපන්කම් ,දිලිදුන් අතරේ මයි විමානේ ,කිත්සිරි රැන්ඳු ලක්දද බැන්දු ,හීනෙකි මේ ජිවිතේ මෙහි ඇතුලත වූ ගීත විය.කතා සාරාංශය මෙසේය.ගාමිණි ධනවත් පවුලක දරුවෙකි.දුප්පත් මිතුරෙක් වන සංඛ ඇසුරු කිරික නිසා පිය විරුධ්වේ.සේවකයෙක් ලවා  සංඛට පහර දෙයි.ළමුන් දෙදෙනාම පැන යයි.කුසගින්න නිසා සංඛ ගැහැණු ළමයෙකු ගේ මාලයක් සොරකම් කරයි..ගාමිණී ඒ මාලය ගැහැණු දරුවාගේ පියාට දෙයි.එයට පැහැදෙන පියා ගමිනිට වියදම් කර උගන්වයි.වැඩේ විකුණන ළමයෙකුට පහර දෙන ළමයි පිරිසකට සංඛ පහරදෙයි.මේ නිසා සංඛව චරිත ශෝධනාගාරයකට යවයි.නිතිය හැදෑරු ගාමිණි - විජය කුමාරතුංග මුඩ්ලියර්  ගේ දියණියට ශ්‍යාමා - නීටා ප්‍රනාන්දු - පෙම් බදී .සංඛ - ලයනල් දැරණියගල - නිදහස් මිනිසෙක් ලෙස සමාජයට එයි.ඔහුට ජීවන මාර්ගයක් නැත.චන්ඩි යෙකු ගේ උපදෙස් පරිදි සොරකමට බසී.උපයන දේ දුප්පත් අයට  බෙදා දේ.කපුවෙක් - වේහැල්ලේ පියතිලක - මංගල යෝජනාවක් ගෙන ඒම නිසා ශ්‍යාමා  ගාමිණි ගැන මුඩ්ලියර් ට කියයි..එහෙත් කතා කවුරුවත් නැති නිසා පිය මගුලට කැමති නොවේ.තම පියා සොයා ගාමිණි මගට බසී.ඔහු අනතුරකට ලක්වේ.ශ්‍යාමා හා පියා ද ගාමිණී බැලීමට යයි.පුවත්පතකින් අනතුර ගැන දැනගන ගාමිණි ගේ  පියා ද රෝහලට එයි.මේ අය එකට මුණ ගැසේ .මුඩ්ලියර්  හා ගාමිණි ගේ පියා පැරණි හිතවතුන් ය.මේ නිසා ගාමිණි හා ශ්‍යාමා  විවාහ වේ.සමාජ ශාලා අයිතිකරුවෙක් වන විජේ - පියදාස විජේකෝන් - මාලයක් ගෙන ඒම සදහා චිත්‍රා හට - ප්‍රියංකා පෙරේරා -  මුදල් දෙයි.අතර මගදී විජේගේම මිනිසුන් එම මුදල් .පැහර ගනී.චිත්‍රාට රැකියාව අහිමි වේ.චිත්‍ට රා සංඛ මුණ ගැසේ .ඇය හා මිතුරු වේ.ධනවත් ව්‍යාපාරික නෙවිල් - දයානන්ද ජයවර්දන -- විජේ ගේ මිතුරියක් වන  ලීනා - අනුෂා ගීතාංජලි - සමග අනියම් සම්බන්ධතාවක් වේ.විජේ ගේ උපාය ලීනා හරහා නෙවිල් ගේ මුදල් ලබා ගැනීමයි.උපායක් මත නෙවිල් තම බිරිද මරා දමයි.ඒ අසලින් යන සංඛ එහි කැදවා සිහිසුන් කර මිනීමරුවා ලෙස  අත්  අඩංගුවට පත් කරයි.උසාවියේදී විනිසුරු ගාමිණි සංඛ හදුනා ගනී.ගාමිණී ගේ පියා තම වරද හදුනා ගෙන සංඛ වෙනුවෙන් නඩුවට වියදම් කරයි.ශ්‍යාමා සංඛ වෙනුවෙන් පෙනී සිටි.සිද්දිය දුටු අයා ගේ සාක්ෂියෙන් සංඛ නිදහස් වේ.ගාමිණි ඔහුට හා ශ්‍යාමා ට අයත් තේ වත්තක පාලනය බාරදෙ.යි.අමතර රංගනයට තිලකා දැරණියගල,බර්ටම් ප්‍රනාන්දු,කුමාර් අමරසිංහ,විමල් ජයවර්දන,රුවන් ,පියරත්න එම් .සෙනරත් ,ලලිතා අල්මේදා,සිරි පෙරේරා ආදීන් දායක විය .මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Monday, April 3, 2023

1971 අගෝස්තු 04 දිනදී 231 වන චිත්‍රපටය ලෙස තිරගත වන්නේ - අභිරහස - චිත්‍රපටය

 1971 අගෝස්තු 04 දිනදී 231 වන චිත්‍රපටය ලෙස  තිරගත වන්නේ   - අභිරහස - චිත්‍රපටය වේ. නිමලවීර චිත්‍රපට වෙනුවෙන් නිමල් වීරක්කොඩි ගේ නිෂ්පාදනයක් වූ අතර අධ්‍යක්ෂණය ලෙනින් මොරායස් වේ.ජේම්ස් හැඩ්ලි චේස් ගේ නවකතාවක් ඇසුරෙනි . "යාර් ආවල්" නමින් දමිළ බසින් ද චිත්‍රපටයක් තිරගතව ඇත. එස්.ඒ.අලගේෂන් කතාව රචනා කල අතර චන්ද්‍ර  අනගිරත්න  දෙබස් ලියා තිබේ.තිර පිටපත ලෙනින් මොරායස් ගෙනි.එම් .ඒ.ගපුර් කැමරා අධ්‍යක්ෂක වරයා විය එම් .පී රුපසේන  ගේ සංස්කරණයකි.කළා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා වේ.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි ගෙනි.වේශ නිරුපනය ඩෙරික් ප්‍රනාන්දු වේ.නැටුම් නිර්මාණය හෙලන් කුමාරි සමග බියුල ඩයස් කරුණාරත්න  ගෙනි.කොන්ඩා  මෝස්‌තර රන්ජිත ගුණසිංහ වේ.සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සොමාපාල වේ.ගීත රචනා කරුණාරත්න අබේසේකර ,ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගෙනි.එච්.ආර්. ජෝතිපාල ,ඇන්ජලින් ගුණතිලක ගෙනි.ඈත දිලිසෙන හිරු සදු රන්තරු,සුසුදු රැල්ල වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි,රැයේ නැගී සරාගී හැගුම් පිපාසය ,සිතුම් පැතුම් සද ආදරේ යන ගීත ඇතුලත් විය.ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පළමු ගීත රචනා මේ චිත්‍රපටයෙනි. කතාව සැකෙවින් මෙසේය.රංජිත් - විජය කුමාරතුංග - එංගලන්තයේ සිට පැමිණෙන මාලනී - ස්වර්ණා කහවිට -  කැදවා එන්නට ගුවන් තොටුපලේ සිටි.තමා වනිග සේකර මහතා ගේ රියදුරු මෙන්ම ලේකම් බවත් වනිගසේකර මහතා අසනීප නිසා තමා පැමිණි බව රංජිත් මාලනීට කියයි.මාලනී රුවතිය නමුත් දෙපා අබාධයක් නිසා සිටින්නේ රෝද පුටුවක වේ. මාලනී තම කුඩම්මා - තලතා ගුණසේකර දකින්නේ   දකින්නේ පළමු වතාවටය.කුඩම්මාත් මාලිනි දකින්නේ පළමු වත්වටය.රංජිත් මාලනීට කිවේ බොරුවක් බවත් පියා ව්‍යාපාරික වැඩකට දුර බැහැරට  පිටතට ගොස් බව කුඩම්මා කියයි.රාත්‍රී භෝජන සංග්‍රහයට වෛද්‍ය ජයවීර - සම්පත් ශ්‍රී නන්දලෝචන - ද එක්වේ.රාත්‍රී ශබ්දයක් ඇසි මාලනී එය බැලීමට යනවිට ඇය  දකින්නේ පියා කන්තෝරු කාමරයේ පුටුවක මැරී සිටින ආකාරයයි.ඇය  කියන්නේ කුඩා කලසිටම සැම දෙයටම බිය වනබවයි.  එංගලන්තයේදී තම හොදම මිතුරිය සුනිලා දියේ ගිලි මිය ගිය බවක් ද කියයි.රංජිත් කියන්නේ ඇය දුටු දේ ඇත්ත විය හැකි බවත් වෛද්‍ය වරයා හා කුඩම්මා එකතුව පියාට අනතුරක් කරන්නට ඇති බවත්ය.ක්‍රමයෙන් මාලනී සහ රංජිත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවේ.තවත් දිනක පියා ගේ මිනිය තිබු  පුටුව තෙත බරිත නිසා රංජිත්  කියන්නේ මිනිය ශීත කරනයේ හෝ පිහිනුම් තටාකයේ සගවා ඇති බවකි.පසුදින කුඩම්මා නිවසේ නැති නිසා රංජිත් සහ මාලනී මිනිය සොයයි .තටාකයේ කිමිදෙන රංජිත් මිනිය එහි ඇති බව කියා සිටි.මාලනී සමග රංජිත් මෙය පොලිසියට දැන්වීමට යන විට අතරමග කුඩම්මා සිටි.රංජිත් වාහනය නතර කර අත් තිරිංග තද නොකර වාහනයෙන් බැස  යයි .වාහනය ඉදිරියට ඇදී ප්‍රපාතයෙන් මුහුදට වැටේ.එම රිය වනිගසේකර ගේ මිනියද වේ.මේ පිලිබදව පරීක්ෂන මෙහෙයවන පොලිස් පරීක්ෂක - බැසිල් ද සේරම් - රංජිත්  ද සමග  රිය ගොඩ ගැනීම බලන්න යයි.රිය ගොඩ ගත්තද එහි වුවේ එක මිනියකි.මාලනී නිවසට පැමිණේ .පවුලේ නීති වේදියා - වොලී නානායක්කාර - ද පැමිණ සිටි.රංජිත් පොලිස් පරීක්ෂක වරයා  ද නිවසට  පැමිණේ .මාලනී ලෙස සුනිලා  රහස් හෙළිදරව් කර ගැනීමට වෛද්‍ය වරයා ගෙන්වූ කෙනෙකි.සියල්ල හෙළිදරව්වේ. රංජිත් වෙඩි තබා පනී .වෙඩිල්ල වදින්නේ කුඩම්මාටයි .පොලීස් නිලධාරියෙක් - රොබින් ප්‍රනාන්දු - රංජිත් හඹා ගොස් සටන්කර මෙල්ල කර ගනී.සුනිලා නැවත එංගලන්තය බලා යයි. මාලනී පොන්සේකා ,එච්.ආර්.ජෝතිපාල ,සෝනියා දිසා,පියදාස විජේකෝන්,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,හෙලන් කුමාරි ,බියුලා ඩයස් ,ටියුඩර් කරුණාතිලක,ආදීන ද රංගන දායක විය.ආදායම් වාර්තා සහිත සාර්ථකව තිරගත විය.අනු කරන වුවත් ගීත අදටත් එදාමෙන් ජනප්‍රිය වේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.