Monday, January 27, 2020

හිල්ල ලියනගේ දොන් පියදාස ගුණසේකර

1915 මාර්තු 6 වෙනිදා කොළඹ මාලිගාකන්දේ උපත ලැබූ හිල්ල ලියනගේ දොන් පියදාස ගුණසේකරයන් කොළඹ ආනන්ද විද්‍යාලයේ හා කැම්බල් පෙදෙසේ ඉන්දස්ට්‍රියල් විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත. අධ්‍යාපනය ලැබීමෙන් පසුව ට්‍රෑම් කාර් රියදුරෙක් ලෙස ද සේවය කර තිබේ. නැවත ට්‍රාන්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ සංචාරක ඒජන්ත වරක් ලෙසද සේවය කළේය. මෙසේ කටයුතු වන අතර දෙවන ලෝක යුධ සමයේ හමුදාවට බැදී විදේශ ගතවුන. පසුව ලංකාවට පැමිණියේය. සිරිසේන විමලවීරයන් ගේ වේදිකා නාට්‍ය කිහිපයක ද මෙතුමාට රංගන දායකත්වයට අවස්තාව උදාවිණි. ශ්‍රී සමුද්‍ර දේවි රොඩී කෙල්ල නාට්‍ය තුලිනි පළමු රංගනාවතරණය ආරම්භ විය. 1952 ජුලි රිදී තිරයේ පෑයූ සිරිසගබෝ චිත්‍රපටය පියදාස ගුණසේකරයන් ගේ පළමු සිනමා ආගමනය වේ.
ඉන් අනතුරුව සිනමාවේ සුවිශේෂී රංග ප්‍රතිභාවක් ඇතුලත් චිත්‍රපට ලෙස සැඩ සුළං ...වන මෝහිනී ..හදපාන ...සැනසුම කොතනද... දරුදුක....බිනර මලී...හාර ලක්සේ ...මාහේනේ රීරි යකා ...ලසදා.... නෑදෑයෝ ....ගිගන කොල්ලා ...අජාසත්ත ..ආදිය පෙන්වා දිය හැක. පියදාස නළුවකු ලෙස ප්‍රථම වතාවට කැපී පෙනුණේ ‘සැඩසුළං’ චිත්‍රපටයේ ඇක්මන්ගේ චරිතයෙනි. එය ගණන්කාර චරිතයක් විය. ‘සැඩ සුළං’ විවේචනයට ලක් කළ ප්‍රකට සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ කියා සිටියේ සිනමාපටයේ හොඳම නළුවා පියදාස බවයි. සැනසුම කොතනද චිත්‍රපටයේ මානව දයාව පිරිපුන් මිනිසා හා මාහේනේ රීරි යකා හි රහස් පරීක්ෂක, ජනක සහ මංජු පොලිස් පරීක්ෂක හැරුන විට අනෙක් සෑම චිත්‍රපටයකම ප්‍රේක්ෂකයාට අමතක නොවන දුෂ්ටයා විය .චරිතයේ තාත්වික බව කෙතෙක් ද කියතහොත් ප්‍රේක්ෂක ජනයා ගේ ක්‍රෝධයට, තරහාවට ලක්වන තරමටම දුෂ්ඨකම මතු කළේය. මුහුණේ ආංගික බවත් ගැඹුරු හඩත් තේජාන්විත පෙනුමත් මේ ප්‍රතිභාවයට මහගු රුකුලක් විය. නළුවකුගේ හෝ නිළියකගේ ප්‍රධාන කැන්වසය තම මුහුණයි. ඔවුන් චතුර්විධ අභින දක්වන්නේ ප්‍රධාන වශයෙන්ම මුහුණ උපයෝගී කරගෙනය. ඕනෑම ආකාරයකට හැඟීම් ප්‍රකාශ කළ හැකි මුහුණක් සතුව තිබීම පියදාසගේ අති සුවිශේෂත්වයක් විය. එය වඩාත් වැදගත් වූයේ එය ආයාසයකින් කළ යුතු දෙයක් නොවීමයි. වන මෝහිණිහි තරුණියන් බිලිගන්නා පුසාරියා මහා දේවි මහා දේවි කියමින් එදා කල අපුරු රංගනය අදත් පැරණි සිනමා ලෝලයන් වන අපට සිහිවනවිට හරිම අපුර්වත්වයක් මවාපායි. හදපානේ පොඩි රාලහාමි සැඩ සුළං ඇක්මන් බිනරමලී හි වෙඩික්කාරයා හිගන කොල්ලා හි පේදුරු ලසදා හි සිල්වා, අජාසත්ත හි දේවදත්ත එකිනෙකට පරයන විශිෂ්ඨ චරිතවේ. ශ්‍රීලාංකික සිනමාවේ අපූරු දුෂ්ඨ සුසංයෝගයේ අනික් හවුල් කරුනම් වී ඩොමී ජයවර්දනයන්වේ. චිත්‍රපට කීපයකම (විශේෂයෙන් ‘වනමෝහිනි’, ‘බිනරමලි’, ‘හාරලක්සේ’ හා ‘මාහේනේ රීරි යකා’) පියදාස ත්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දෙමින් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි. පියදාසයන් විදෙස් චිත්‍රපට කීපයක ද රඟපා ඇත. ‘එලිපන්ට් බෝයි’ චිත්‍රපටය එවැන්නකි.එසේම ඔහු ‘පර්පල් ප්ලේන්’, ‘එලිපන්ට් වෝක්’, ‘ස්ටාර් ඕවර් කලම්බු’ වැනි විදෙස් සිනමාපටවලට ද නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී ඇත.
‘බිනරමලී’ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් ලැබූ හොඳම සහාය නළුවා සඳහා වන සම්මානය හැරුණු කොට පියදාස තවත් සම්මාන දෙකකට හිමිකම් කියා ඇත. ඒ 1965 වසරේ පැවති එක්සත් ලංකා රසික සංගමයේ සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා (‘සුබසරණ සැප සිතේ’ චිත්‍රපටය වෙනුවෙන්) සහ 1974 දීපශිඛා සම්මාන උළෙලේ විශේෂ බහුමාන සම්මානයයි.1952 ආරම්භවූ සිනමා ආගමනය 1985 තිරගතවූ මව්බිම නැත්නම් මරණය චිත්‍රපටය තෙක් චිත්‍රපට 75 ට ආසන්න දිගුවක් විය. සිනමාවේ ඇති දැවැන්තයන් මෙන්ම ප්‍රවීනයන් සමග රංගනයට දායකවී තිබේ. කාන්ති ගුණතුංග, ජීවරාණි, සංධ්‍යා, විජිත මල්ලිකා, මාලනී, ස්වර්ණා කහවිට යන නිලියන් මෙන්ම හර්බි සෙනෙවිරත්න, හර්බට් එම් සෙනවිරත්න, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, ගාමිණී, විජය, ජෝ, වොලී, ටෝනි, ඩොමී, ඩී ආර්, සේනාධීර, ඇලෙක්සැන්ඩර්, රොබින් වැනි දැවැන්තයන් ඒ අතර වේ. "ලාංකේය සිනමාව තුළ චරිතවල ඒ අයුරින්ම ජීවත් වූ එකම රංගධාරියා පියදාස ගුනසේකරයන්ය. ඔහු මාවත් අභිබවා යයි. මමද හැගීම් ප්‍රකාශය ඉගෙන ගන්නේ මොහුගෙන්ය". එසේ කීවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. සිනමාවට දුෂ්ඨයෙක් වුවත් ආදරණීය ස්වාමියෙක්, පියෙක් ලෙස දිවි රගමඩලේ ද එතුමා සුවිශේසිය. 1980 වසරේ දී එතුමා දිවි රගමඩලෙන් බැස ගියේය. ඒ රංගන ප්‍රතිභාවට සමාන රංගන ශිල්පියෙක් නැවත මේ ආත්මයේ දකින්නට නම් නොලැබේ. 1980 අප්‍රියෙල් 05 දින 65 වන වියේදී පියදාස ගුණසේකරයන් මෙලොව හැර ගියේය. බොරැල්ල කනත්තේදී සිදු කළ ඔහුගේ් අවමඟුල් උළෙලේදී කතා කළ ප්‍රකට සාහිත්‍යධරයකු හා දේශපාලනඥයකු වූ ටී. බී. ඉලංගරත්න මහතා, පියදාස ජන හදවත් දිනූ ශ්‍රේ්ෂ්ඨ කලාකරුවකු බව කියා සිටියේය. එය අදත් හෙටත් සත්‍යයක්ම වේ එතුමා ගේ රංගන ප්‍රාතිහාර්ය දුටුවන්ගේ හදතුල මෙතුමා සදාකාලිකව ලැගුම් ගෙන ඇත්තේය.
එතුමාට සග මොක් සුව පතමු. මේ ලිපිය සකස් කිරීමේ දී ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් ගේ ශ්‍රීලාංකේය සිනමා වංශය ග්‍රන්ථයේ තොරතුරු ද සුනිල් මිහිදුකුලයන් ගේ ලිපියක් ආශ්‍රිතව තොරතුරු ද ලබා ගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි සකල සිනමා ලෝලීන් ගේ සිනමා රස භාවයන් වැඩි දියුණුව පිණිසයි .....

Sunday, January 26, 2020

අනුස්මරණය කිරීම ........වොලී නානායක්කාර

අනුස්මරණය කිරීම ........

නිකවැරටිය ගමේ උපත ලත් වොලී නානායක්කාර කුරුණෑගල සාන්ත ආනා විද්යා්ලයෙන් මුලික අධ්යා පනය ලබා පසුව කොටහේනේ සාන්ත බෙනඩික් විදුහලෙන් ද්විතීක අධ්යාිපනය ලබා තිබේ වසර 1959 ශ්‍රී ලංකා ගුවන්විදුලියට සම්බන්ධ විය උපතින්ම ගරු ගාම්භීර හඩක් ඔහුසතුය ඒ හඩ මුසුව ඒකාලේ ප්‍රචාරය වූ වූ ගුවන් විදුලි රග මඩල ඇතුළු වැඩ සටහන් වලට තම හඩ මුසු කළේය මුදලිනායක සෝමරත්නයන් ගේ මුවන්පැලැස්ස නාට්‍යයේ නාම්බා චරිතය හඩ මුසුව වොලී ගේ ය පසුව උක්කු බණ්ඩා විය තවත් ඉතිහාස කතා මුල් ගුවන් විදුලි නාට්ය ද වොලී ගේ දායකත්වය විය නාට්ය රචකයෙක් නිෂ්පාදක වරයෙක් මෙන්ම නිවේදකයෙක් ලෙසද අතිමහත් කාර්ය භාරයක් කෙරිණි ගුවන් විදුලියේ අති ප්‍රවීනයෙක්වන වන පී වැලිකලයන් සහ එකතුව හංස ගීතය වේදිකා නාට්ය නිපදවා එහි ප්රනදාන චරිතයද රංගනය කලේ වොලීය.ලේක් හවුස් ආයතනයේ ද වොලී සේවය කළේය සරසවි සම්මාන උළෙලකදී එහි නිවේදන කටයුතු වොලී විසින් කරනලදී ඒ අපුර්ව කාර්යය යහපත්ව ඉටුකළ ආකාරය තිස්ස ලියනසුරිය නම් අදියුරු දැක පහන්වූ සිත් ඇතිව තිස්ස ලියනසුරියගේ සාරවිට චිත්රොපටයේ මාක්ස් ගේ චරිතය තුලින් සිනමා නළුවකු විමී භාග්‍ය අත්විණි වොලී කඩවසම් දේහ දාරියෙකි නෙතලි නානායක්කාර ඔහු ගේ සහකාරිය වේ ...දෙදෙනාම ගුවන් විදුලියේ ද සිනමා අංශවල ද රංගනය කළේය වේදිකාවේද වොලී පෙරළිකාරයෙකි ඒ අතර තාත්තා.. විශේස කොමසාරිස්.. සුවිශ්සි නාට්‍ය වේ ගේත රචකයෙක් ලෙසද ඔහු ජනප්‍රිය විය... සදකඩ පහනක කැටයම් ඔපලා ....ඔහුගේ එක ගීයකි.වස්තුව චිත්‍ර පටයේ ගුවන් ගැබේ ගීතය ද ඔහු ගේ රචනයකි සාරවිට බයිසිකල් හොරා ආදරවන්තයෝ සෙනෙහස බඩුත් එක්ක හොරු පික් පොකට් සුළි සුලං මා හේනේ රීරි යකා පුජිතයෝ අබිරහස එදත් සුරයා අදත් සුරයා මාතර ආච්චි වස්තුව පදීපේ මා වේවා ගංගා සිකුරු දශාව විස්මය නිවන්දක්නා ජාති දක්වා මුවන් පැලැස්ස සුදු කළුවර ආදී චිත්‍රපට බොහොමයක් මෙන්ම නිරානන්දය වන වදුලේ වසන්තයපියාබන අස්වයා ඉටි පහන් නයන් මිණ සත්‍යා ආදී ඇතුලත් ටෙලි නාට්‍යා ද පුන්චිතිරේ ඔහු රංගනය කළේය රවී නානායක්කාර ඔහු ගේ පුත් ද රංග සිල්පියෙකි වස්තුව චිත්‍ර පටයේ ඔහු පුතු සමග ද රංගනය කළේය ...2003 10 11 ජන්මාන්තර ගතවිය ප්‍රේක්ෂක හදවතට රුවින් පෙනුමින් හඩින් සමීප වූ එතුමා අප හද මන පිනවුවේය එතුමාට අපි නිවන්සුව පතමු .....(ආචාර්ය නුවන් නයනජිත් කුමාර... ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරින් තොරතුරු ලබා ගැනිණි )..

Saturday, January 25, 2020

දෝන ජෝර්දියානා මෙරායා දෙනවක....දෙනවක හාමිනේ

දෝන ජෝර්දියානා  මෙරායා දෙනවක 1906 පෙබරවාරි 20 වන දින ගම්පහ ඉබුල්ගොඩ දී  උපත ලැබීය.වෘත්තියෙන් පාසල් ගුරුවරියක වූවාය.  ශ්‍රී ලාංකික නිළියකි.දෙනවක හාමිනේ ලෙස ඇයගේ නම වෙනස් කරනු ලැබූයේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයන්ය.  වැඩිහිටි චරිත නිරූපණය කිරීම සඳහා "ආච්චි මහලු කාන්තාව" මව අත්තම්මා චරිත සදහා ප්‍රසිද්ධ විය. දෙනවක හාමිනේ සිනමාවට ඇතුලු වනූයේ වේදිකා රංගනය හරහාය. "ජී.ඩී.එල්. පෙරේරා" ගේ "කඳුළු "නාට්‍ය ඇයගේ මුල්ම නාට්‍යයයි. "කඳුළු" නාට්‍යයට ඇය සම්බන්ධ වනූයේ නිළියන්ගේ ආරක්ෂක නිලධාරිණිය ලෙසටය. ඇයට දිනක් අහබුවක් ලෙස "කඳුළු" නාට්‍යයහි එක් ජවනිකාවක් රඟපෑමට සිදු විය.ජී.ඩී.එල්.පෙරේරාගේ කදුළු  නාට්‍යයේ වැඩිහිටි මවකගේ චරිතය දිනා ගැනීමට ඇය සමත් විය. ඒ වන විට ඇය අවුරුදු 60 ද ඉක්ම වූ වයෝවෘද්ධ කාන්තාවකි. හාමිනේව   ජී. ඩී. එල්. පෙරේරා  නාට්‍ය කණ්ඩායමට එනම්  කලා පෙලා වෙත ගෙන ආවේය. ඇය කළා පෙළ  නිෂ්පාදන වූ  මනමාලයෝ, සක්කරවට්ටන්   සහ සාමා  නාට්‍ය රඟපෑ  අතර තොටුපල නාට්‍ය හි  ඇයගේ භූමිකාව වෙනුවෙන් 1964 කලා මණ්ඩල නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවාය. හාමින්ගේ පළමු සිනමා භූමිකාව වූයේ1950  සිරිසේන විමලවීරගේ "අම්මා "චිත්‍රපටයේ ය.එය සුළු භුම්කාවක් විය. 1965 දී "සාමා " හි ඇයගේ භූමිකාව නොන්නාහාමි චරිතය පෙරේරා විසින් විශාල තත්වයකට  අනුවර්තනය කරන ලදී.1966 සිහින හතක් හි.. ඉසබෙලා..    කිංකිනි පාද ..1967 සත්සමුදුරේ ගුණදාස ගේ මව.. සරුබිම.. සැඩොල් කදුළු සේවිකාව..  ඉවසන දනා .. රෑන ගිරව් හි  දිසාගේ ආච්චි..  ලෙසද රඟපෑවාය."සත් සමුදුර "හි මව ගේ  චරිතය වෙනුවෙන් ඇයට හොඳම  නිළිචරිතයට හිමි සම්මානය  රජයේ විශේෂ කවුන්සිලයක් විසින් පිරිනමන ලදී. එය පිරිනමනු ලැබුවේ  ලැබුවේ එවකට ශ්‍රී ලංකා අගමැති ඩඩ්ලි සේනානායක විසිනි.1968  වසරේ  ලන්ඩන් හාමු.. වනසරා.. හැඟී හොරා.. දහසක් සිතුවිලි ලලිත් ගේ මව.. 1969 හරිමග බන්ඩා  ගේ ආරක්ෂකයා.. කවුදහරි හි මව.. හන්තානේ කතාව ද 1970 දශකයේ චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමානයක් ද රංගනය විය. වැඩිහිටි කාන්තා චරිතය තුළ ඇය දිගටම රඟපෑවාය. ඇය 1984 දී ඉන්දියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩූම් හි කුඩා භූමිකාවක් රඟපාමින් බටහිර ප්‍රේක්ෂකයන්ට ද දස්කම් පෙන්නුම් කළේය.   1980 දශකයේද චිත්‍රපට 33 පමණ රංගනය කළේය පරිත්යාග යේ ජයතිලක ගේ මව.. කිදුරු කුමාරිහි එල්සි නෝනා... බොහෝ කැපී පෙනෙන චරිත වේ. 1990 දශකය වනවිට චිත්‍රපය 100 යෙන් එහාට රංගනය වී තිබේ. එකකට වෙනස් අපුරුම රංග සොභාවක්  අපි දුටිමි. 2002 හි සීතල ගිනි කදු වලින් නිමාවන චිත්‍රපට ප්‍රමාණය 200 ට ආසන්නව තිබිණි සම්භාව්‍ය අධ්‍යක්ෂක වරුන් මෙන්ම තරුණ සිනමා කරුවන් ගේ ද අධ්‍යක්ෂනයට  මෙතුමිය ගේ රංගනය නතුවිය. ජි  ඩී එල් පෙරේරා සිරිගුනසිංහ ලෙස්ටෙර් ජේම්ස් පීරිස් ධර්ම ශ්‍රී කල්දේරා එල්  එස් රාමචන්ද්‍ර සුනිල්  ආරියරත්න ගාමිණී පොන්සේකා සුගතපාල සෙනරත් යාපා වසන්ත ඔබේසේකර ටයිටස් තොටවත්ත තිමති වීරරත්න සිරි කුලරත්න සුනිල් සෝම පිරිස් ජෝ මයිකල් කේ ඒ ඩබ්ලිව් පෙරේරා එච් ඩී ප්‍රේමරත්න ආදී සම්භාව්‍ය මෙන්ම වාණිජ සිනමා කරුවන් ද එතුමිය ගේ දස්කම් මතුකර ගත්තේය .එසේම සිනමාවේ දැවැන්තයන් පැරණි හා නුතන රංග ශිල්පී සිල්පිනියන් සමග කරට කර රංගනය කළේය. සිනමාවේ උත්තම අම්මා වුනේ එතුමියයි. වරෙක ලද බොලද අහිසක රංගනය වරෙක සට කපට ආඩම්බර උදාරම් අහංකාර විය. මානයෙන් උදම්වූ  චරිත ද අපුරුවට රංගනය විය. වරෙක හාස්‍ය ජනක චරිත මවා පෑවේය. කෝපි කඩේ අම්මා ද ලෙස රංගන දායකත්වයක් දැරුවේය . ඇය ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි. සිංහල සිනමාවේ "මහලු කාන්තාව" ලෙස හැඳින්වෙන ඇය දශක හතරකට වැඩි කාලයක් පුරා චිත්‍රපට 200 කට ආසන්න  සංඛ්‍යාවක් සහ ටෙලි නාට්‍ය ද  රඟපෑවාය. "වියපත් ආර්යාව" ප්‍රචලිත වූයේ මහළු චරිතාංග නිරූපණය කිරීම වෙනුවෙනි. තවද සිංහල සිනමාවේ මිත්තණිය ලෙසින්ද හඳුන්වයි. ඇය කලා ලොවට පිවිසියේ වයස 60ත් පසුවෙමින් සිටින වියේදීය , 1987 දී ඇයට කළා සුරි සම්මානය හිමිවිය. 1998 දී ඇය සිංහල සිනමාවට කළ දායකත්වය වෙනුවෙන් ගෞරවනීය සම්මානයක් හිටපු  ශ්‍රී ලංකා ජනාධිපතිනි  චන්ද්‍රිකා කුමාරතුංග වෙතින් ලබා ගත්තාය.2002 ඔක්තෝම්බර් 02 දින දී සිංහල සිනමාවේ  සජීවී අම්මා( වෙස් ගැන්වීම් නොමැති)  මිත්තනිය ජන්මාන්තර ගත විය එතුමියගේ ඒ හිඩැස අදත් නොපිරුණු හිස්තැනක්ම  විය. ලාංකික සිනමා ප්‍රේක්ෂකයන් ගේ නොමද ආදරයට ගෞරවයට අදත් මෙතුමිය ලක්වේ.  එතුමියට  නිවන් දකින්නට ප්‍රාර්ථනාවක් තබමු .....

Monday, January 20, 2020

අයිරින් ද අල්විස් ගායිකාව.....


අයිරින් ද අල්විස් ගායිකාව 1944 03 11 පානදුරේ දී උපත ලබා තිබේ ප්‍රවීණ ගීත රචක මෙන්ම පුවත්පත් කලාවේදියකු වූ හේම ශ්‍රී අල්විස් මෙතුමිය ගේ සැමියා වේ.හෙළ ගීත කෙත අස්වද්දුමට ඉමහත් සේවයක් මේ දෙදෙනා ගෙන් සිදුවිය අයිරින් මහත්මිය වැඩිපුර හේම ශ්‍රී ගේ ගී ගයා තිබේ තවත් ගී රචකයන් ගේ ද ගී ඈ ගායනා කොට තිබේ
ගීත 50 60 අතර සංඛාවක් මෙතුමිය ගයා ඇත .එච් ආර් ජෝතිපාල ජේ ඒ මිල්ටන් පෙරේරා ඩී ආර් වින්සන් එම් ජේ පෙරේරා ලක්ෂ්මන් රොඩ්රිගෝ එල් එම් පෙරේරා ඩෙරික් ද සිල්වා ආර් මුතුස්වාමි මැක්සි ලෙනාර්ඩ් යන ගායක යන සමග යුග ගී රැසක් ගායනා කොට තිබේ එසේම "සේයාවක් පසුපස" චිත්‍රපටයට සරත් සන්දනායක සමග යුග ගීයක් ගයා තිබේ මේ ගී අතර ආදර හද මල පිපුනා.. දෑස පා සිනා.. මගේ හද ප්‍රේම දයාදේ.. හෙළ ජාතික පියුම් විලේ... විලෙන් පෙරෙන දිය දියට නොදෙන සේ... සෙන්කඩගල නගරේ...බැදුන සෙනෙහස මා සිතේ .. ආදී ගීත ශ්‍රාවක හද මන බැදී යේය .ජිවිතයේ සැදෑ සමයේ අසනීප තත්වයට ගොදුරුව ඉමහත් දුෂ්කරතාවට ලක්විණි .2018 මාර්තු මස මෙතුමිය අභාවයට පත්විණි. .එතුමිය ගේ ගී අදත් අපේ කාලයේ ශ්‍රාවක සිත්තුල අමරණීය වේ. එතුමියට සග මොක් සුව පතමු ....

Thursday, January 16, 2020

කලා ශුරී... කලා කීර්ති..ආචාර්ය ජයලත් මනෝරත්නයන්


.කලා ශුරී... කලා කීර්ති.. කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න ජයලත් මනෝරත්න ලෙස ජනප්‍රිය වූ .මනෝරත්නයන් 1948 ජුනි 12 උපත ලැබුවේ දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලම පුත්‍රයා ලෙස නුවර එළියෙහි දෙහිපේය ඔහුගේ පියා ලොරි රියදුරෙකු වූ අතර මව ගෘහණියක් විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ දෙහිප් ප්‍රාථමික පාසලේ සහ පොරමඩුල්ල මද්‍ය මහා විද්‍යාලයේය. කුඩා අවධියේදී ඔහුගේ සංගීත ගුරුවරයා වන සුනිල් ශ්‍රියානන්ද ඔහුගේ හැකියාවන් හඳුනාගෙන රංගනය හා ගායනය කිරීමට උනන්දු කළේය.ඔහු පාසැල් සිසුවෙකු ලෙස රඟපෑම ආරම්භ කළ අතර, වාර්ෂික පළාත් අන්තර් පාසල් නාට්‍ය තරඟයේ අවසන් තරඟයට තේරුණු අස්ප ගුඩුන් වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක විය. ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී මහාචාර්ය එඩිරිවීර සරච්චන්ද්‍රගේ මඟ පෙන්වීම යටතේ නාට්‍ය අධ්‍යයනය කළේය. මහැදුරු සරත්චන්ද්‍රගේ මඟ පෙන්වීම යටතේ ඔහු ප්‍රධාන ධාරාවේ රංගන දිවියකට අවතීර්ණ වූයේ පේමතෝ ජායති සෝකෝ නම් ඔපෙරා නාට්‍යයෙන් ය.මෙම නාට්‍යයේ රඟපාමින් සිටියදී ඔහුගේ අනාගත බිරිඳ තමරා ජයන්ති හමුවිය.ඔහු 1979 තමාරා ජයන්ති සමඟ විවාහ විය. මෙම යුවළට ඉන්දීවාරි නමින් එක් දියණියක්, සහ භානුක නමින් එක් පුතෙකු, සිටී. මනෝරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය.එතැන් පටන් මනෝරත්න තාරාවෝ ඉගිලේති ඇතුළු නාට්‍ය 80 කට අධික සංඛ්‍යාවක රඟපෑ අතර ඔහුගේම නාට්‍ය එකොළහක් අධ්‍යක්ෂණය කළේය.2011 දී ඔහු බුරු මහතයා නමින් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේය. 2013 දී ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් (ඩී. ලිට්) ලබාගත්තේය . 2014 දී මනෝරත්න විසින් දවස් පහළොස් දාහ (දින පහළොස් දහසක්) නමින් නාට්‍ය උළෙලක් පවත්වන ලද අතර එය විවිධ කාල පරිච්ඡේදයන් සහ ගැටළු නියෝජනය කරමින් නාට්‍ය අටක එකතුවක් විය එය මනෝරත්න විසින්ම නිෂ්පාදනය කරන ලදී. මෙම වේදිකා නාට්‍ය අට වූයේ ලොකයා තනි යායක්, සෙල්ලම් නිරින්දු, තල මල පිපිලා , බුරු මහතයා, ගුරු තාරාව, අන්දරේලා සහ පුත්‍රා සමගම ආදිය වේ .ශ්‍රී ලංකා සිනමාව , වේදිකා නාට්‍ය හා රූපවාහිනියේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. ඔහු වෘත්තියෙන් කථිකාචාර්යවරයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු ද විය.සම්භාව්‍ය නාට්‍යයේ සිට හාස්‍ය නාට්‍ය දක්වා ඉහළ දක්ෂතා ඇති මනෝරත්න OCIC, ජනාධිපති, සරසවි, රයිගම් ටෙලීස්, සුමති සහ රාජ්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්මාන දක්වා සම්මාන දිනා ඇත. සොක්‍රටීස් සහ ද්විත්ව හි රංගනය වෙනුවෙන් 1991 සහ 1992 දී ඔහු හොඳම වේදිකා නළුවා විය. විචාරකයින් විසින් ශ්‍රී ලංකා වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් එක් අයෙකු ලෙස ඔහු සැලකේ.එතුමා ගේ වේදිකා රංගනය අතර අහස් මාලිගා.. අන්දරේලා.. අන්ගාරා ගග ගලා බසී.. හස්ති කාන්ත මන්තරේ.. දෙබිඩ්ඩෝ දිවස් හෙලනු මැන.. දුන්න දුනු ගමුවේ.. රතු හැට්ට කාරී.. එලොව ගිහින් මෙලොව ආවා ..ගජමන්පුවත.. ගුරු තරුව.. හඩ නිහඩ.. හිරු නැති ලොව.. හොරු සමග හෙළුවෙන්.. කනේරු මල් ..මා වැනි බිලින්දා ...මදුර ජවනිකා ...මහාසාර ...මනමේ ..මායා දේවි ..ආදිය විශ්ෂයෙන් කැපී පෙනේ .පුංචි තීරය තුල ද එතුමා ගේ රංගනය අති විශිස්ටවේ. ඇබැද්දිය..අරුංගල්.. බෝඩිම.. දෙවෙනි යුද්දය.. දු දරුවෝ.. දොරටු රකින්නෝ.. දුම්රිය අන්දරය.. ගල් පිළිම සහ බොල් පිළිම.. ගජමන් නෝනා.. ගම්පෙරලිය.. ඉරට හඩන.. මල් ජීවිතය දකින්න.. මඩොල් දුව.. මිනිස්සු.. මොරගිරි කන්ද.. නොපිපෙන මල්.. පස්සේ ගෙනා මනමාලි.. රම්‍ය සුරම්‍..ය රෝද හතරේ මනමාලයා.. සකිසද එලියස්.. සද අමාවකයි.. මැණික් නදිය ගලා බසී...ආදිය සුවිශේසි වේ. ටෙලි නාට්‍ය 40 පමණ රංගන දායකත්වය දී තිබේ .රේඩියෝ වැඩසටහන් අතර තෙරුවන් සරණයි සහ භස්මාන්තර මෙතුමා ගේ දායකත්වය ලබා දී තිබේ.මෙතුමා ගේ කෘතීන් වන දොළොස් මහේ පහන.. දවස තාම තරුණයි...... සින්දු බින්දු.. මිනිහට නින්ද යන්න ඇති..... සිංහල නාට්‍ය යේ ප්‍රසාංගික කලාත්මක වර්දනය.....පියදාස සහ කුමාරිකාව සිංහල සාහිත්‍යට වූ සේවා වේ. මනෝරත්න සිය සිනමා දිවිය ආරම්භ කළේ 1979 දී තිලකා සහ තිලකා යන චිත්‍රපටවල සුළු භූමිකාවෙනි. ඉන්පසු ඔහු වෘත්තීය සිනමාවට පිවිසියේ 1979 දී ටයිටස් තොටවත්ත විසින් අධ්‍යක්ෂණය කරන ලද හාදයා චිත්‍රපටයෙනි. එතැන් පටන් ඔහු චරිතාංග , හා ත්‍රාසජනක හා හාස්‍ය ජනක චිත්‍රපට 30 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. ඔහුගේ කැපී පෙනෙන චිත්‍රපට අතරට සූරිය අරණ, හෝ ගානා පොකුනා, භේරුණ්ඩ පක්ෂියා සහ වලාපටල ඇතුළත් වේ. එහිදී ඔහු සිනමා සම්මාන උළෙල වලදී හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා ලෙස සම්මාන ලැබීය.තිලක හා තිලක තිලක්ගේ ආධාරකරු 1979 හදයා රේස් විචාරක 1980 සිරිබෝ අයියා මල්හාමි 1981 සාරංග 1982 ජීවිතයෙන් ජිවිතයක් 1983 මුහුදු ලිහිනි 1986 ප්‍රාර්ථනා 1986 අතුරු මිතුරු 1987 මංගල තෑග්ග 1987හිත හොද චන්ඩියා 1990හිම 1992 ජගත් 1996 තුන්වෙනි ඇස 1999 රතු අලුයම 2002 පුන්චි සුරංගනාවි ඉංග්‍රීසි ගුරුවරයා 2003 සුදු කලුවර පොඩි නිලම් අප්පුහාමි 2004 ප්‍රේමවන්තයෝ 2004 සූරිය අරණ නායක හාමුදුරුවෝ 2004 ගිනි කිල්රිල්ලි 2005 සුදු කළු සහ අළු 2005 සමනල තටු 2008 සිරි රජ සිරි නාට්‍ය ගුරුවරයා 2008 වලාපටල වික්ටර් ජයසුන්දර 2009 බින්දු කොලබ හාදයා 2010 බඹර වළල්ල පොඩි එකාගේ මාමා 2012 දරුවනේ වජිරසේන 2015 ප්ර්වේගයේ සරණපාල, හේමල්ගේ පියා 2015 හෝ ගානා පොකුණ බස් රියදුරු 2017 උසස් පෙළ මාමා 2018 වෛෂ්ණාවී පියා 2018 ඉලක්කය සමරසේකර 2019 තාල විදුහල්පති, හේවානායක මහතා ආදිය සදානොමැකෙන චරිතවේ .2004 සුදු කළුවර හොඳම සහය නළුවා 2007 බෙරුන්ඩා පාෂියා හොඳම සහය නළුවා 2015 හෝ ගානා පොකුනා හොඳම සහය නළුවා රයිගම් ටෙලී] වසරේ නාමයෝජනා2009 අරුංගල් හොඳම නළුවා 2013 නාට්‍යයට ප්‍රතිභා ප්‍රභා සම්මානයසුමති සම්මාන දිනා ගැනීම 2002 සද අමාවකයි හොඳම නළුවා 2004 රම්‍යා සුරමියා හොඳම පිටපත හිරු ගෝල්ඩන් චිත්‍රපට සම්මානය 2016 හො ගානා පොකුනා හොඳම සහය නළුවා සිග්නිස් සම්මාන 2016 හො ගානා පොකුනා හොඳම සහාය නළුවා ජනාධිපති චිත්‍රපට සම්මාන දිනා ගත්තේය [ 2006 භේරුණ්ඩ පාක්ෂියා හොඳම සහය නළුවා 2017 හෝ ගානා පොකුනා හොඳම සහාය නළුවා ආදී ලෙස විවිධ සම්මානයට පාත්‍ර වී තිබේ .මෙලෙස නාට්‍ය ය ටෙලි සිනමාව වේදිකාව සිංහල සිනමාව දික් විජය කල අතර රංගනය මෙන්ම ගායන මාදුර්යය ද ප්‍රේක්ෂක මන හද පිනවුවේය .විශේෂයෙන් කිවයුත්තක් වේ .තමන්ගේ දක්ෂතාවය කෙතරම් වුවද වෙළද ලෝකයට අලවි නොකළ රන්ගධර යානෝ ආචාර්ය ජයලත් මනෝරත්නයන් ය .නෝරත්න දිගු කලක් මොළයේ පිළිකාවකින් පීඩා වින්දා. ඔහු නාට්‍යවල රඟපාන විට බැහැර කිරීමේ බෑගයක් රැගෙන ගියේය. 2018 නොවැම්බර් 13 වන දින ප.ව. 2.00 ට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර මොළයේ ගෙඩියක් සඳහා සැත්කමකට භාජනය කරන ලදී. ශල්‍යකර්මයෙන් පසුව ඔහු කෙටි කාලයක් නාට්‍යවල වැඩ කළේය. ඔහු 2019 මැද භාගයේ සිට මහරගම අපෙක්ෂා පිළිකා රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය. 2020 ජනවාරි 12 වන දින ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය. අවසන් කටයුතු 2020 ජනවාරි 15 වන දින පැවැත්වේ.උත්තරීතර චරිතයක් නැවත පිරවිය නොහැකි හිස් තැනක් ඇතිවිය .නිරාධාරා නිරාලම්බා සරස්වතී පණ්ඩිතා බන්දිතා සර්වේ මනෝරත්න දිවන්ගතේ.......ආනන්දනීය සිංහල සිනමාවේ සාතිශය සංවේගය පළකර සිටිමු සබද මනෝ රත්නයෙනි ඔබට නිවන් සුව අත්වේවා ....

Thursday, January 9, 2020

බොරැල්ලේ උපත ලැබූ දොන් සිරිසේන





බොරැල්ලේ උපත ලැබූ දොන් සිරිසේන රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයෙන් අධ්‍යපනය හදාරණ ලදී.වේදිකාවට ඇලුම් කල දොන්.. යාසිංහ ගේ කුමන්ත්‍රණය ...අන්තිම පැය ...මගුල් අවුල... යන නාට්‍ය රංගනය විශේෂයෙන් කැපී පෙනේ හෙක්ටර් ජයසිංහ විසින් ආරියදාස පීරිස් වෙත යොමුකරන ලදුව එහි ප්‍රතිපලයක් ලෙස ලාන්කීය සිංහල සිනමාවට පිවිසීමේ දොරටුව හැරිණි .1964 ආරියදාස පිරිස් සහ විල්ප්‍රඩ් සිල්වා අධ්‍යක්ෂණය කල සෝබන සිත චිත්‍රපටයේ  පළමු රංගනය විකට චරිතයකින් ආරම්භ විය .ඉන් අනතුරුව දිගින් දිගටම පුරා දශක හතරකට ආසන්න කාලයක් රංගනයට කැපවිය. තමාටම ආවේනික රංගනයක් දොන් සතුවිය. දේශීය සිනමාවේ  පලමු පෙලේ විකට රංගන ශිල්පියෙක් ලෙස නැතුවම බැරි රංගන ශිල්පියෙක් විය .මිනිස් ජීවිතයේ අනෙක විධ පැතිකඩයන් ඔහුගේ රංගනය තුල ඉස්මතු විය.60 දශකය තුල චිත්‍රපට 20 ආසන්න ප්‍රමාණයක් රංගනය වී තිබේ.70 දශකය චිත්‍රපට 40 ද ඉක්මවා තිබේ.මේ රංගනයන් අතර සාරවිට මුස්ලිම් මුදලාලි සැනසිලි සුවයේ මහල්ලා තෙවතේ පික්චර් පිස්සා කව් බෝයි සිහසුනේ කිරි බණ්ඩා කල්‍යාණි ගංගා වතු කොන්දොස්තර රජ ගෙදර පරවියෝ හි සාස්තර මාමා සධානා හි ධනවතාඇතිකළේ   දමයන්ති හි කෝකියා සංගීතා හි මොඩ් කොල්ලා සුකිරි කෙල්ලහි පියා මංගලා හි මුත්තු ද්‍රවිඩ මෙහෙකරු ටොම් පචයා මෝඩ මුහන්දිරම් වැනි චරිත ප්‍රේක්ෂක හද මන බැද ගත්තේය සෑම චිත්‍ර පටයකම විකට රංගන වැඩිවශයෙන් විය හදවත් නැත්තෝ හි තරුණියන් නොමගට හරවන තැරව් කරුවා ගේ චරිතය ප්‍රේක්ෂකයන් ගේ පිළිකුලට හා තරහවට පත්වන චරිතයකි ඒ තරමට තාත්වික බවක් රංගනයෙන් මතු කළේය එනමුත් වැඩි චිත්‍රපට  තුලින් ඇතිකළේ හාස්‍යම  වේ .සෝබන සිත ලා දළු සාරවිට සද නාග එද්දී සැගවුන මැණික සුර චෞරය රුහුණු කුමාරි අටවෙනි පුදුමය කවුද හරි ආදී ලෙස චිත්‍රපට 180 ආසන්න ප්‍රමාණයකට රංග දායකත්වය දී තිබේ ඔරු තලෙයි කාදල් පනි මලර්ගල් යන ද්‍රවිඩ චිත්‍රපට දෙකක්ද රගපා තිබේ.බොහෝ විට බී එස් පෙරේරා හා  සමගාමිව රංගනය ද විශේෂයක් වේ.මේ ය1964 දී .සෝබන සිතකින් වූ දොන් ගේ සිනමා ආගමනය 1991 අලිබබා සහ හොරු හතළිහෙන් නිමා විය.  ජනතා සම්මානය හැර විශේෂිත සමමානයන්ට නම් පාත්‍ර වී නැත නමුත් අදටත් දොන් ගේ රංගනය නිසා සිනහව තුළන් ආශ්වාද ලබන්නෝ වෙති ආනන්දනීය සිංහල සිනමාවද අප සහුර්දයන් සැමගේ ගෞරව පනාමය එතුමාට පුද කර සිටිමු .. මෙම ලිපිය කෙටුම්පත් කිරීමේදී ප්‍රවීණ මාද්‍ය වේදී සම්මානනීය ලේඛක ආචාර්ය නයනජිත් කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය උපයෝගී කරගත්බව ඉස්තුති පුර්වකව සදහන් කරමි ....

Sunday, January 5, 2020

පිය උරුමය මත රංගනයට පිවිසි මානෙල් චින්තාමනී වානගුරු

1951 ඔක්තෝබර් 18 වන දින මානෙල් වානගුරු උපත ලැබීය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වනව් දින උපත ලබා 2003 ජූලි 29 දින මිය ගියේය. කොටහේනේ යහපත් එඩේරා ගේ කන්‍යා රාමයේ ආදී සිසුවියක් වේ. පිය උරුමය මත රංගනයට පිවිසි මානෙල් චින්තාමනී වානගුරු බී ඒ ඩබ්ලිව් ජයමාන්නයන්ගේ වනලිය චිත්‍රපටයේ ළමා චරිතයක් රගපාමින් සිනමා රංගනයට අවතීර්ණය විය. වේදිකාවතුල බී ඒ ඩබ්ලිව් ජයමාන්නයන්ගේ සසර දුක වේදිකා නාට්‍යයේ කොර ළමයකු ගේ චරිතයක් ද ඇය පළමුව රංගනය කර තිබිණි. තම පියාණන්ගේ චිත්‍රපටයක් වන සැගවුන මැණික චිත්‍රපටයේද ගුරුවරියක ගේ චරිතයක් ඇය රගපෑවාය. තරුණ අවදියට පත්මේ යොවුන් තාරකාව සදහටම ඔබ මගේ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රමයන්ගේ පෙම්වතිය ලෙස රගපෑවාය. ශ්‍රී ලංකා සිනමාව, නාට්‍ය හා රූපවාහිනිය යන අංශවල සම්මානලාභී නිළියකි. සුවිශේෂී චරිත මෙන්ම හාස්‍යෝත්පාදක මෙන්ම ඉහළ දක්ෂතා ඇති ඇයට දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සිනමා අතීතයක් ඇත. වැනිසියේ වෙළෙන්දා වේදිකා නාට්‍ය යේ ඇය නීතිවේදිනියක ලෙස රංගනය කළාය. දෙව්ලෝ දෝණි.. සීමා හා සද ගමන.. සුබරාත්‍රියක් වේදිකා නාට්‍යද අගේ ඈගේ රංගනයෙන් ඔපවත්විය. පුංචි තිරයේ ද ඇය තාරාදේවි... සුදු පරවියෝ.. මන් නැතිදා... ලෝගුව... වෙස් මාරුව... වැනි ටෙලි නාටක රංගනය කළාය. 1958 ආරම්භවූ ඇගේ සිනමා ජීවිතය සිනමා සක්විති ගාමිණී, විජය සමග මෙන්ම සැම රංගන ශිල්පි ශිල්පිනියන් සමග දායක වී තිබේ. ප්‍රදාන චරිත කල චිත්‍රපට අතර තරංගා ..නිල්ල සොයා ..ටිකිරා ..සුවිශේෂී වේ. එයිනුත් ගාමිණී සමඟ නිල්ල සොයා කල චරිත තුන ඉතා විශේෂ යක් ගත්තේය. සාමාන්‍ය පෙම්වතියක්, ගැමි ළදක් හා ද්‍රවිඩ කාන්තා පෙම්වතිය යන චරිත තුනම එකම චිත්‍රපටයක රගපාමින් කල ඒ චරිත අදටද මතකයට නැගේ. එහි සාර්ථක භාවය කෙතරම්ද යත් නිල්ල සොයා දින 100 ඉක්මවා ප්‍රේක්ෂක සිත් සතන් දිනා ගත්තේය. කස්තුරි සුවද.. පෙම් කුරුල්ලෝ.. ආශා දෑසින්. සබීතා.. ඒක දිග කතාවක්.. නාමල් රේණු .. හිතුවක්කාරයෝ.. පෙරළිකාරයෝ කැපී පෙනෙන චරිත වූ අතර හාස්‍යෝත්පාදක චිත්‍රපට අතර ජොලි හලෝ ..චෙරිඕ හොල්මන් ...නුබ නාඩන් අපට පිස්සු කැපී පෙනේ. අගේ චිත්‍රපට සඛ්‍යාව 1958 වනලිය සිට 2018 අතුරු මිතුරු හරි අපුරු දක්වා 74 ට වැඩිය.තේරීමකින් තොරව ඕනෑම චරිතයක් දක්ෂ ලෙස නිරුපන හැකියාව ඇය ලබා ඇත්තේය. මානෙල් වානගුරු විවාහ වී සිටින්නේ සුප්‍රසිද්ද චරිතාංග නළුවෙකු හා විකට නළුවෙකු වන ආනන්ද වික්‍රම ගේ සමඟ ය. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටිති - ජනිත් වික්‍රම ගේ සහ සංඛේත් වික්‍රමගේ දෙදෙනාම රංගන ශිල්පියෝය. 67 වන ජන්ම දිනය සමරු එතුමියට නිදුක් නිරෝගී බව චිර ජීවනය ප්‍රාර්ථනා කරමු....

කේ. හියුගෝ ප්‍රනාන්දු






1912 ජූලි 14 -ඌගෝ  ප්‍රනාන්දු උපත ලැබුවේ මීගමුව පෙරියමුල්ලේ  හි ය. ඔහු දලූපොත රෝමානු කතෝලික පාසලට ඇතුළත් වූ නමුත් දරිද්‍රතාවයෙන් පෙළුන  ඔහුගේ  පවුලට  උපකාර කිරීම සඳහා හත්වන පන්තියෙදී පාසැලෙන්  ඉවත් වීමට සිදුවිය.පවුලේ වැඩීමලා ලෙස  පවුලේ කටයුතු  වලට උදව්ව  සඳහා කොහු මෝල්, වතු වැඩ , දුම්කොළ වෙළඳසැල්, මාළු වෙළඳසැල් ධීවර කටයුතු   සහ පෙදරේරු වැඩවල ද  නිරත විය.මේ අතර ද්‍රවිඩ මහත්මයකු ගෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළේය. ද්‍රවිඩ ගුරුතුමා ඌගෝ නම භාවිතා කලේ හියුගෝ නමිනි ඒ අනුව ඌගො හියුගෝ විය . මේසන් බාස්වරු හියුගෝ ට වැඩ ඉගැන්වීමට මැලි  විය. මෙනිසා එම කාර්යන් අත්හැර දැමුවේය.ජීවිතය වෙනස්  මගකටම දයිවය විසින්   මතු කර දුන්නේය
                  වෙල්ගම්පොල මැලචියාස් පෙරේරා හෙවත් මලාතියස් මාස්ටර් ලෙස වඩාත් හොඳින් හදුනන සංගීත මාස්ටර් ගෙන්  හියුගෝ  ප්‍රනාන්දු සංගීත  වාද්‍ය වෘන්දයට යොමුවිය.මවුත් ඕගන්   හා මැන්ඩලින් වාදකයෙකු ලෙස සංගීත සාජ්ජ වලට  සම්බන්ධ වීමට හේතු විය.ජුවන්  ද මැල් මහතා ගේ උපකාරයෙන් තව දුරටත් සංගීතය ප්‍රගුණ කළේය.හියුගෝ ගේ ප්‍රථම සංගීත සම්ප්‍රාප්තිය රාජසිංහ ලීලා ගුවන් විදුලි නාටකය විය. ඒ 1934 මැයි මාසයේය. පසුව මලතියස් මාස්ටර්  ගේ යොමු කිරීමෙන් ඔහු මිනර්වා රඟහල සමූහයට බැඳී බී. ඒ. ඩබ්ලිව්. ජයමන්ගේ අවතාරය  නාට්‍යයට සංගීතය සැපයුවේය . 1939 දී රුක්මනී දේවි සහ එච්. ඩබ්. රූපසිංගේ "ශ්‍රී බුද්ධ ගයා විහාරේ" ගීතය පටිගත කිරීමට හියුගෝ සර්පිනාව වාදනය  කරමින් දායක විය.පළමු සිං හල චිත‍්‍රපටය වන කඩවුණු පොරොන්දුව සිංහල චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසියේය.කඩවුණ පොරොන්දුවේ චෙට්ටියාර් ගේ චරිතය  පැරණි  රසිකයන්ට අමතක නොවේ.එසේම එම චිත්‍රපටයේ ගීත   රචනයෙන්ද ගායනයෙන්ද ප්‍රේක්ෂක හදමන බැද ගත්තේය .රුක්මනී දේවිය සමග ගැයූ සන්ද්‍යවේ ශ්‍රී ය රම්‍යා ලෙස පේනා ගීය අපේ සවන් දොර පිනවන අතීත  සුමිහිරි ගීයක්  වේ. බණ්ඩා නගරයට පැමිණීම තුලින් සහාය අධ්‍යක්ෂණයට ද යොමුවිය.ප්‍රේම තරගය තුලින් දෙබස්  රචකයකු ලෙස දොරට වැඩියේය .පුදුමලේලි චිත්‍රපටයේ කතා රචනයට ද හියුගෝ යොමුවූ අතර පිටිසර කෙල්ල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ද හියුගෝ විසින් කරන ලදී   කේ. හියුගෝ ප්‍රනාන්දු දැන් හියුගෝ මාස්ටර් ලෙස ජනප්‍රිය වූ අතර, ශ්‍රී ලංකා සිනමාව තුල   රංගනයෙන් දායක වූ ප්‍රනාන්දු චරිතාංග නළුවෙකු, ගීත රචකයෙකු, සහකාර අධ්‍යක්ෂවරයකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රචලිත විය. සන්ද්‍යාවේ ශ්‍රීය ....මගේ සක බමරේ ...ජීවිතයේ යාමේ ...තක්කිට  තරිකිට ....ලපටි රූපේ ඇගේ ..හොද හොදම වේය ලොව....අලන්කාරෙන් මලක් පිපි ...ලෝකය පෙරලෙයි කාලෙගේ වී යයි ...ඔහු රචනා කල ගී අතර ජනප්‍රිය ගී වේ .1950 දී ගැහැණු ගීත  නාට්‍ය නිෂ්පානය කල මෙතුමා සිරිලක් නාට්‍ය කණ්ඩායමේ ද ශාන්තිකුමාර් ගේ නාට්‍ය කණ්ඩායමේද සංගීත අධ්‍යක්ෂනයෙන් ද   කටයුතු කර ඇත. ඔහුගේ ප්‍රතිභා රංගනයන් අතර බණ්ඩා නගරයට පැමිණීම ..හි අන්ධ ගායකයා.. ප්‍රේම තරගයේ.. වල්පොල මුදලාලි.. ධීවරයෝ... ගබිරියෙල් මුදලාලි... අල්ලපු ගෙදර සංගීත මාස්ටර්.. විශේෂයෙන් සදහන් කල හැක.මේ හැර  රංගන දායකත්වය වූ චිත්‍රපට ලෙස අහංකාර ස්ත්‍රී .. මාතලන්... දුප්පතා ගේ දුක... වන මෝහිනී... සංදේශය ..සරදියෙල්... සුරයා... සිරියලතා... සුරසේන... වීර විජය... උඩරට මැණිකේ... චන්ඩියා... රෑන ගිරව්... සුර චෞරයා ...ඇමතිකම ...රුහුණු කුමාරි ...මී මැස්සෝ ....... දැන් මතකද ....සුරේකා...සිහසුන ...ආදී පෙන්වා දිය හැක.හියුගෝ ගේ අමතක නොවන ගීත ජවනිකා දෙකක් අපේ මතකයේ සදා රැදී පවතී.අයියලා සහ අක්කලා රෑණ ගිරව් සහ මී මැස්සෝහි  ගම මහගෙට අසරණ ගීතයයි.  සිංහල සිනමා වේ චිත්‍රපට 75 පමණ මෙතුමා රංගනයෙන් දායක වූ ප්‍රනාන්දු චරිතාංග නළුවෙකු, ගීත රචකයෙකු, සහකාර අධ්‍යක්ෂවරයකු සහ සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රචලිත විය.සරසවිය සම්මාන.. රණ තිසර සම්මාන ..ජනාදිපති සම්මාන..  යු. ඩබ්ලිව්. සුමතිපාල සම්මාන... ආදියෙන් පුද ලද්දේය.ජිවිත සිනමාවෙන් සමු ගත්ත ද   .අදත් ප්‍රේක්ෂක සම්මානය ලබමින් ප්‍රේක්ෂක හද වතේ අමරණීයව  සිටී .1947 කඩවුණු පොරොන්දුවෙන් වූ සිනමා  ආගමනය 1996 සති  චිත්‍රපටය චිත්‍රපටය දක්වා දශක පහක් තුල සිනමාව තුල පැරණි නවක අද්විතීය සියලුම රංග ශිල්පින් ශිල්පිනියන් සමහ කරට කර රංගනය කල මේ අසහාය රංග ධරයානෝ 1999 අප්‍රියෙල් 12 දිවි සිනමාවෙන් සමු ගත්තේය. ආනන්දනීය සිංහල සිනමාවේ  සිංහල සිනමාවට ලැදි අප සියලු සහෞර්දයාන් එතුමාගේ රංගන ජීවිතය ට ගෞරව ප්‍රණාමය සිරස නමා පුද කරසිටිමු. 'එතුමා ගේ ආත්මයට දෙවියන් ගේ ආශිර්වාදයෙන් සග මොක්‌ සුව අත්වේවා .....මෙම ලිපිය කෙටුම්පත් කිරීමේදී   ප්‍රවීණ මාද්‍ය වේදී සම්මානනීය ලේඛක ආචාර්ය  නයනජිත් කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය උපයෝගී කරගත්බව ඉස්තුති පුර්වකව සදහන් කරමි .....