Monday, October 26, 2020

ක්රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා

 

මදුරාවල ආරච්චිගේ ක්රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා 1932 ජූලි 27 වන දින කොළඹලෙයාඩ්ස් බ්රෝඩ්වේ හි උපත ලැබීය. ඔහු කොළඹ ශාන්ත ලුසියා ඉංග්රීසි  විද්යාලයෙන් අධ්යාපනය සම්පූර්ණ කළේය. 1946 දී ඔහු තේවිස් ගුරුගේ සම්බන්ධීකරණයෙන් රේඩියෝ සිලෝන්  ආධුනික වැඩසටහනට සහභාගී විය.  ඔහු විකට නළුවෙකු වූ එඩී ජයමාන්න  අනුකරණය කරමින් මාසික රැගුම් වැඩසටහන් තුලින් වඩාත් ජනප්රිය විය. "පෙර අපගේ සිංහල කාලේ "කුල්ලෙන් පොලා පොලා වැනි ගීත එච්.එම්.වී.තැටි වලට ගායනා කළේය.මව වෙනුවෙන් ද ගීයක් ගැයුවේය."අම්ම කියා කියත හැකි එකම ලදකටයි " ඒ ගීතය වේ.මවට ලැදිව සිටි නිසා විවාහය ද පරමාද විය. පුවත් පත්ක දැන්වීමක් අනුව සිනමාස් සමාගමට ගිය ක්රිස්ටි 1954  ඔවුන් නිපදවූ වරද කාගේද චිත්රපටයේ "ගොබෝ "චරිතය තුලින් සිනමාවට එක්විය.එතැන් සිට සිනමාවේ විකට චරිත රංගනයට එක්විය දශක දෙකකට ආසන්න කාලයක් රංගනයට එක්වුවේය. 1954 රදාළ පිළිරුවේ තෝමස් අයියා ,1954 වසරේම දුප්පතා ගේ දුක ,1956 සුරයා ,1957 සුකුමලී හි නිකමා ,1957 සල්ලි මල්ලි සල්ලි ,1958 සුනීතා ,සේපාලි,1958 සුකුමලී හි පෙන්දා, 1960 සුන්දර බිරිද හි බබා ,1960 වීර විජය හි සුමින්ද කුමරු, 1963 අදට වැඩිය හෙට හොදයි හි  වෑතර ,1963 උඩරට මැණිකේ ,1964 ධීවරයෝ හි ලෙනී ,1964 සිතක මහිම ,1965 චන්ඩියා හි පිනා ,1965 යටගිය දවස ,1965 අල්ලපු ගෙදර සංගීත වාදකයෙක් ,1967 සුර චෞරයා හි පපඩම් , වැනි චරිත සහ රංගනයන්  වඩාත් කැපී පෙනුණු ප්රේක්ෂක යාට විනෝදය ගෙනාවේය.1967  ඉදිරියට ද 1968 වනසරා ,අටවෙනි පුදුමය ,1969 ඔබ නැතිනම්, කොහොමද වැඩේ ,1970 ආත්ම පුජා ,පේනව නේද ,1971 කලන  මිතුරෝ ,1973 හොදම වෙලාව ,1974 දුප්පතා ගේ හිතවතා 1976 ඔන්න මාමේ කෙල්ල පැනපි යන චිත්රපට වල රංගනය කළේය .1979 පසුව රංගන කටයුතු තුලින් සමුගත්තේය.සරල ගී මෙන්ම චිත්රපට පසුබිම් ගායනා වලටද මෙතුමා එක්විය.වැරදුන කුරුමානම,වන සරණ,ධීවරයෝ ,චන්ඩියා ,සුර චෞරයා ,සිතක මහිම,ඔක්කොම හරි , සිරිමලී මේ අතර වේ. මල්ලිකා කහවිට සමග යුග ගායනා ද වේ.සමුහ ගීත වලට වඩාත් එක්ව තිබේ.ප්‍රමාද වුවත් ගුරු වෘතියට සම්බන්ධ මේරි ලොරේටා රොචල් සමග විවාපත් විය. 2015 දෙසැම්බර් 23  වසර 83 දී මෙතුමා දිවියෙන් සමු ගත්තේය.නමුත් සිනමා ප්‍රේක්ෂක හදවත් තුල එතුමා අදත් නොමියේ .අපි මොක්සුව පතමු.  

.මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි

Saturday, October 24, 2020

මිල්ටන් පෙරේරා

 

මිල්ටන් උපත ලැබුවේ 1938 මැයි 5 වන දින ජයසිංහ ආරච්චි ගේ එඩ්වින් පෙරේරාගේ පුත්‍රයා වන අතර පියා  තබ්ලා පොඩි අප්පුහාමි ලෙසද හැඳින්වේ. ඔහුගේ පියාගේ අනුදැනුමෙන්  මිල්ටන් තරුණ වියේදී තබ්ලා පිළිබඳ ප්‍රවීණයෙකු විය. ජේ ඒ මිල්ටන් පෙරේරා  කෙට්ටු, අහිංසක තරුණයෙකි. ඔවුන් ජීවත් වූයේ හරිත වීදිය ලෙස හැඳින්වෙන කොටහේන  හි සංගමිත්ත මාවතේ  හි ය. 1940 දී මිල්ටන් රේඩියෝ සිලෝන් වෙනුවෙන් ඔහුගේ පළමු ගීතය ගායනා කළේ "ආලෙහි බැදී  ජීවිත " යනුවෙනි. එය  මොහොමඩ් සාලි තනු නිර්මාණයට ලියනු ලැබුවේ  ඇලෝයි ගුණවර්ධන විසිනි. පසුව ඔහු ගුවන්විදුලියේ ජනප්‍රිය ගීත කිහිපයක් ගායනා විය, "පොඩි පොඩි කාලේ අපි දෙදෙනා ", "ඔබා වේවා පහන  මාගේ",ආදියයි  මිල්ටන් චිත්‍රපට  පසුබිම් ගායනයට පිවිසියේ 1961 කුරුළු බැද්ද  හි අරුණ උදයේ පිපෙන මලසේ   ගීතයක් සමඟිනි. මෙම ක්ෂේත්‍රයේ වසර 30 ක වෘත්තීය ජීවිතය තුළ ඔහු තම හඩ හියුගෝ ප්‍රනාන්දු ,  ගාමිණි  ෆොන්සේකා, ,ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ , ආනන්ද ජයරත්න, ඩී.ආර්. නානායකකර, ඇන්තනි සී.පෙරේරා,ආදී ප්‍රවීනයන්ට ද ඉදිරිපත් කළේය.  1961 ආරම්භවූ චිත්‍රපට පසුබිම් ගායනයේ දී 1963 වසරේ සිකුරු තරුවට හඩ  මුසුවිය.ඒ කුරුළු රෑනකගේ සමගිය නමැති ගීයයි නොයෙල් ගුණරත්නද සහාය විය.එම වසරේම අදට වැඩිය හෙට හොදයි හි සදුන් ගසේ සමන්  මලක් ගීතය ද 1964 ධීවරයෝ චිත්‍රපටයේ අගාද සාගරයේ  ඇත දියේ හා රෑ බෝවී බෝවී එයි ගීත ගායනාකළේය අගාද සාගරයේ ගීතය එදාමෙන් අදත් ජනප්‍රියම ගීතයකි.1964 සුජා ගේ රහස චිත්‍රපටයට ද ගී ගැයුවේය.1965 වසරේ චිත්‍රපට රාශියක පසුබිම් ගායනා වට  අවස්තාව උදාවිය.සත  පනහ ,අල්ලපු ගෙදර ,හිතට හිත ,ආදරයයි කරුනාවයි,හදපාන ,සාරවිට,සුදෝ සුදු ,හතර මහා නිධානය ,චන්ඩියා ,යටගිය දවස ,වැනි චිත්රපටයන්ය. අල්ලපු  ගෙදර චිත්‍රපටයේ සෑම ගීතයක්ම එකසේම එදාමෙන්  අදද ඉතාම ජනප්‍රිය වේ. මහගන වනන්තරේ ,.මේ පිපාසිත ලෝතලේ ,සොබා අලංකාරේ ,ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තතේය.සත පනහ  හි අද දෙවියන් අපගේ මුහුණ බැලුවා ,වැනි ගීතද ජනප්‍රියය. හතර මහා නිධානය හි උම්බෑ කිය කියා ගීතයද සමාජ ශෝධක ගීතයක් වැනිය.හිතට හිත ලියක මහිම බල  ගෝමර ඉසිලා  චන්ඩියා හි උන්නත් දාහයි මරුනත්දාහයි ,මග හිගන  කොටා ,මංගලම් ජය මංගලම් වැනි සමුහ ගීත ද අදටත් එදාමෙන් ජනප්‍රිය වේ.සාරවිට හි සිරිසාර බුලත් විට ගීතය ලොකු කුඩා සම අතරම ජනප්‍රිය ගීයකි.යටගිය දවස හි විනෝද වෙන්න මේවගේ තැනක් ,අතන ළගි මෙතන ලගී හදපාන  හි මේ අපි යන්නේ කොයිබද ආදරයයි කරුනාවයි හි මලින් මලේ රේණු උරා සමුහ ගීතය ,ආදී ගීත ද අදත් ජනප්‍රිය වේ.1966 සේයාවක් පසුපස හි ද ජය හෝ පරාජය ගීතය මිල්ටන් ගායනා කර තිබේ. එම වසරේම  සැනසුම කොතනද හි හන්කිති සුරතල් ගීතය ද වඩාත් ජනප්‍රිය ගීයකි. එසේම එම වසරේ සිහින  හතක් චිත්‍රපටයේ සුපුන් සදක් නැගීලා ගීතය ද අතිශයින්ම ජනප්‍රිය ගීයක් වේ.1967 වසරේ ඔක්කොම හරි,සරුබිම , චිත්‍රපට ද මිල්ටන් ගේ ගීයෙන් ඔපවත් විය.ඔක්කොම හරි හි ආවේ කොයින්දෝ සහ අතුරු මිතුරු පඩි දෙනදා ලන්වන  තුරු ගීත සරුබිම හි කින්කිණි දැල්  සුජාතා අත්තනායක සමග ගැයුවේය. 1968 වනසරා ,හැංගි හොරා, බයිසිකල් හොරා,සිගිති සුරතල්,මිල්ටන් ගේ ගීත එක්විය.හැංගි හොරා හි ගමන දුරයි කිරියෝ ගීතය බයිසිකල් හොරා හිජිවිත රෝදේ කැරකෙනවා ගීතය සිගිති සුරතල් හි නිදහස් කාහල නාදය සරසවි සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.1969 වසරේ බිනරමලී හි රන්පොකුනෙන් දිය නාගෙන එන්නේ සහ බඩුත් එක්ක හොරු හි පරම්පරාවෙන් පරම්පරාවට ගීතය ග ගමනේ කෙලවර මරණේ බව දැන යන යුග ගීතය ද හරිම අපුරු ය.1970 සුලිසුලං හි පායාවි ඈත සුර්ය රශ්මි මාලා ගීය මිල්ටන් ගයා තිබේ.එසේම දැන් මතකද හි හිස් ටින්  එකක් වාගේ සමුහ ගීතය ඔහොම හොදද හි නයනා නීලමනී ගීතයද  ද ගැයුවේය.1971 කේශර සිංහයෝ හි කෙසර සිංහයෝ සමුහ ගීතය හා ශ්‍රීමති තිලකරත්න සමග ගැයූ  සන්සුන් රුවන් හද මන්දිරයේ ගීතයද කතුරු මුවාත් හි කතුරු මුවාත් පිහිය මුවාත් ගීතය  මිල්ටන් ගේ සුවිශේසී ගීත වේ.1974 සහයට ඩෑනී හි ජෝතිපාල සමග  ගී රාග දැලේ ගීතය ද අපුරු ගායනයකි.එම වසරේම සුසී හි මල්සරා හෙමින් විදලා ගීයත් මිල්ටන් ගෙනි.1975 සුරයා සුරයාම්යි හි ගාමිණි ජෝ හිනස්සවන එක දෑතින් මුහුදු   නමැති ගීය මිටන් ගයා තිබේ.ගිජුලිහිණියෝ හි මොරාවී ආදරේ හිතේ ගීය සිකුරුලියා හි කොමල ලියා බොලද ලියා ද අතිශය ජනප්‍රිය ගීතයකි.1976 වසරේ වානරයෝ ,දෙයියන්ගේ තීන්දුව චිත්‍රපට ගීතද අගය කලයුතු වේ.දෙයියන්ගේ තීන්දුව හි සාමානවී ඉපදී ,සසරෙහි සැප සිහිනෙන් ගෑ අදත් ජනප්‍රියත්වයේ ඉහල පවතී. 1977 යලි ඉපිදේ ,සිකුරු දසාව,චින් චින් නෝනා හි ද මිල්ටන් සොදුරු ගී ගැයුවාය.1978 හිත මිතුරා ,සෙලිනා ගේ වලව්ව ,සිරිපතුල ,සිතක සුවද , චිත්‍රපට වලද ඇති සොදුරු ගී ගැයුවාය.1979 විසිහතර පැය ,ගැහැනියක් ,රජ කොල්ලෝ ,ආදී  චිත්‍රපට වල ද ගී ගායනය කරතිබේ.රජකොල්ලෝහි රංගනයක් ද විය.1981 ජීවන්ති ,රංගා ,ගීත මෙන්ම 1983 චුට්ටේ හි  බොලන් නෑනන්ඩි ගීතය මිල්ටන් ගේ තවත් සොදුරු ගීයකි  සුජාතා අත්තනායක ,මල්ලිකා කහවිට ,ශ්‍රීමති තිලකරත්න ,රූපා ඉන්දුමතී,එච් ආර් ජෝතිපාල ,මොහිදීන් බෙග් ,ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ,මුත්තුසාමි මාස්ටර් ,ග්‍රේසන් ආනන්ද ,රුක්මනී දේවි ,ධර්මදාස වල්පොල ,ලතා වල්පොල ,නොයෙල් ගුණරත්න ,එම් එස්.ප්‍රනාන්දු,ඇන්ජලින් ගුනතිලාක ,සරත් සන්දනායක ,රංජිත් පෙරේරා ,නාරද දිසාසේකර යන ගායක ගායිකාවන් සැමග සහාය ගායනා වී තිබේ .පැරණි යුගයේ මෙන්ම නව පරපුරේ සංගීත අධ්‍යක්ෂක වරුන් සමග මිල්ටන් ගී ගයා තිබේ මිල්ටන් ගේ  චිත්‍රපට ගීත තුල කිසිවකු හෝ අකමැති ගීයක් වේදැයි මටනම් සැක සහිතය .ඔහුගේ හද ජීවමාන කිරීමට හැකි පරම්පරාවක් ද මිල්ටන් මෙලොවට දායාද කර තිබේ.ප්‍රියංකර පෙරේරා ඉන් මුලින්ම සිටී.1991 ඔක්තෝම්බර් 24 දින මිල්ටන් පෙරේරා දිවියෙන් සමු ගෙන තිබේ. අදට වසර 31 වන මේ දින එතුමාග රසිකයෙක් ලෙස මේ තොරතුරු උපහාරයක් වේවා ..නිවන් සුව  පතමි සොදුරු අසහාය ගායකයාට....

Friday, October 16, 2020

අනුලා බුලත්සිංහල

 

වේදිකාව, ගීත ගායනය, පුංචි තිරය මෙන්ම සිනමාව තුල විශිෂ්ට දස්කම් පෑ අනුලා මෙන්ඩිස් උපත 1947 වසරේය. අකුරු කලේ මාදම්පේ සුගතානන්ද  මහ විදුහලෙනි.පාසල් අවදියේ සිටම නර්තනයට ප්‍රිය කළේය.එසේම නැටුම් ගායන ආදී තත්ත්ව වලින් සමස්ත ලංකා මට්ටමට ගියේය.ක්‍රීඩා අංශයෙන් ද නායකත්වය දැරුවේය.  උසස් පෙලින් පසුව හේවුඩ් කලායතනයට යාමට සිතා සිටියත් අහඹු ලෙස  සමුපකාර තොග වෙළද සංස්ථාවේ සේවයට බැදිනි.එහි පාලන අංශයේ සිටි ප්‍රවීණ  නාට්‍ය  වේදී ආර් ආර් සමරකෝන් ගේ ඇරයුමෙන් සේවා ස්ථානයේම කලාකවයකට දායක විය.සේවා අවධියේම 1967 ආර් .ආර්. සමරකෝන් ගේ  "ලෙඩක් නැති ලෙඩෙක් " වේදිකා නාට්‍ය තුලින් රංගන දිවියට පිවිසුනාය.එකල ප්‍රවීණ වූ   රන්ජිත් යායින්න ,චන්ද්‍රා කළුආරච්චි ද  මේ නාට්‍ය ට දායක විය.ආර් .ආර්. ගේ "චරිත දෙකක් "නාටකයේද රංගනය කළේය. බර්ටි ගලහිටියාව ගේ ගුවන් විදුලි හද නළුව  රාවණා නාඩගමේ සීතා වුවේ ද අනුලාය. හෙන්රි ජයසේන යන්ගේ ඇරයුමින් කුවේණි චරිතයට පිවිසුනාය. චන්ද්‍රා කළුආරච්චි ගේ  යොමුවෙන් ප්‍රේමරන්ජිත් තිලකරත්න ගේ කෝන්තරය සහ තවත්  නාට්‍ය පහක පමණ රංගනය කළේය.කෝන්තරයේ   රගපාන  අවදියේ ලුෂන් බුලත්සිංහල ද මුණගැසිනි. 1969 අනුලා  නාරද දිසාසේකර  ගේ මගපෙන්වීමෙන් නැවුම් මිහිර ඔස්සේ ගායනා ඉදිරිපත්කොට පසුව 1979  ඒ ශ්‍රේණියේ ගුවන් විදුලි ගායිකාවක් ද වුවාය.පළමුවන සරල ගීතය වුවේ බුද්දදාස ගල්ප්පත්ති  ලිවූ  "සුදුඔසරිය ඇදලා ගීතයයි" විවාහ දිවියෙන් පසුව ඇය අනුලා බුලත්සිංහල නම් විය.ලුෂන් බුලත්සිංහල ලියු "බුදුන් වදින මේ දෑතින් " සිය දියණිය සමග ගායනා කොට තිබේ. .උත්තර භාරතීය රාගධාරී සංගීතය ප්‍රේමදාස  මුදුන්කොටුව යටතේ විශාරද මුල් කොටස  ද හැදෑරුවේය. මහාචාර්ය සරත්චන්ද්‍රයන්  සුගතපාල ද සිල්වා  සුනන්ද මහේන්ද්‍ර දයානන්ද ගුණවර්ධන ආදී ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගේ නාට්‍ය වලට අනුලා දායක වී තිබේ.නාට්‍ය ජීවිතයේ මිතුරිය මෙන්ම ඉදුම් හිටුම් පවා ලබාදුන්නේ චන්ද්‍රා කළුආරච්චි රංග වෙදිනිය වේ. මහාසාර නාට්‍ය යද අනුලා රංගනය කළේය. 1974 ලුෂන් බුලත්සිංහලයන් ගේ රතුහැට්ටකාරී කරලියට පැමිණියේය.දී කිරි ගීතයත් සමග දිවයින පුරාම මේ නාට්‍ය ඉතාම ජනප්‍රිය විය.රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.තාරාවෝ ඉගිලෙති නාට්‍ය ද අනුලා ගේ රංගන විය.පුංචි තීරයේද අනුලා ගේ රන්ගනවිය." භවත්‍රා 'ටෙලි නාට්‍ය ය ඉන් විශේසිතය සිනමාවේ ද අනුලා "නිල්  දිය යහන" ,"මහින්දාගමනය", "අසන්ධිමිත්තා " ගෝල් යන චිත්‍රපට සදහා සිය රංගන දායකත්වය ලබාදිණි.අනුලා බුලත්සිංහල නම්  රන්ගවේදිනිය ගායිකාව වසර 73 ගෙවමින් සිටියදී අද දින (2020 10 16)  දිවියෙන් සමු ගත්තේය.එතුමියට නිවන්සුව පතමු.

Tuesday, October 13, 2020

ෂර්ලි බ්ලයිත්

 මේබල් බ්ලයිත් ගේ නැගණිය ෂර්ලි බ්ලයිත් 1939 නුවරඑළියේ දී උපත ලැබුවේය.නුවරඑලියේ  යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් ද අධ්‍යාපනය ලබා තිබේ.බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ හදුන්වා දීමෙන් 1950  "හදිසි විනිශ්චය"  චිත්‍රපටයෙන්  සිනමාවට පිවිසිණි. එවිට ඇගේ වයස වසර 11 පමණ විය.රුක්මනී දේවිය ගේ බාල අවධිය නිරුපනය කලේ ෂර්ලි ය.1951 වසරේ "සැගවුන පිළිතුර" චිත්‍රපටයේ එන සාලිය අසෝකමාලා නැටුම් දර්ශනයේ චණ්ඩාල ගැහැණු ළමයෙක් ලෙස රංගනය කළේය.1952 "උමතු විශ්වාසය" චිත්‍රපටයේ ද ළමා චරිතයක් රංගනය කර තිබේ 1958 ".වනලිය " චිත්‍රපටයේ කතා නායිකාව වූ අතර ත්‍රිත්ව චරිතයක් රංගනය කල ප්‍රථම දේශීය රංගන ශිල්පිනිය ෂර්ලි වේ. අනාථ වන තරුණිය පසුව සොර කණ්ඩායමකට එක්ව එහි නායිකාව වන අපුරු චරිතයක් රංගනය කළේය.1959 "හදිසි විවාහය "චිත්‍රපටයේ වයිද්‍ය වරයෙකුගේ දියනය සුවිනීතා ලෙස රංගනය කළේය .එම චිත්‍රපටයේ සොයුරිය මේබල් ද රංගනය කළේය. දෙදෙනා විරසක දෙදෙනකු ලෙස චරිත මැවුවෝය."අයිරාංගනී ",මතභේදය" ,"දයිව විපාකය" ,"ජීවිත පුජාව" යන චිත්‍රපට වලද ෂර්ලි රංගනය කළේය."හදිසි විවාහය" චිත්‍රපටයේ ෂර්ලි හා රංගනය කල සිසිර පියසේන සමග ෂර්ලි විවාපත් විය.ෂර්ලි බ්ලයිත් හා මේබල් බ්ලයිත් දෙදෙනා ගේ සොයුරිය 1942 උපන්  ප්‍රින්සි බ්ලයිත්ය."උමතු විශ්වාසය"චිත්‍රපටයේ ළමා චරිතයකින් සිනමාවට එක්විය. "අයිරාංගනී ", "දයිව විපාකය".යන චිත්‍රපට වලද රංගනය කළේය නමුත් වැඩිමල් සොයුරියන් මෙන් ප්‍රකට වීමට ප්‍රින්සිට නොහැකි වුවේය.පසු කලෙක ඔවුන් එංගලන්තයට ගියේය.ෂර්ලි "දයිව විපාකය" ,"වනලිය" ,"හදිසි විවාහය "යන චිත්‍රපට සදහා පසුබිම් ගායනයටද දායක විය."දයිව විපාකය" චිත්‍රපටයේ මොහිදීන් බෙග් සමග ගැයූ  "සාගර හිමිය සොයා රූබර නදිය ගියා","සුරතලියේ සුකොමලියේ "ගීත  අදත් සිනමා රසිකයන් ගේ හද පිනවන ගීත වේ.මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි  

Monday, October 12, 2020

මේබල් ජොසපින් බ්ලයිත්

 

මේබල් ජොසපින් බ්ලයිත්  1930 මාර්තු 28   මහනුවර දී උපත විය.  මහනුවර  යහපත්  එඩේරාගේ  කන්‍යාරාමයෙන් හා නුවරඑලියේ  යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් ද අධ්‍යාපනය ලබා තිබේ.ජෙමිනි කාන්තා ගේ යොමුවෙන් බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්න ගේ හදුන්වා දීමෙන්   සිනමා නිලි වරම් ලද්දේය .1949 "පෙරලෙන ඉරණම " චිත්‍රපටයෙන් සිනමා ආගමනය විය.1950 වසරේ "හදිසි විනිශ්චය" චිත්‍රපටයේ ශ්‍රීමති ලෙස  රංගනය වූ අතර "මගේ මවුනි" ගීතය ගයමින් පසුබිම් ගායනයට ද එක්වූවාය.1951 වසරේ " සැගවුන පිළිතුර " හි නැන්සි ගේ  විකට චරිතය රංගනය කළේය.1952 "උමතු විශ්වාසය " 1953 "කැලැ හද" හි මිසී ලෙස රංගනය විය.1954" අයිරාංගනී  " 1955" මතභේදය " සහ "පෙරකදෝරු බැණා "  මේබල් රංගනය විය.මුල් අවදිය විකට චරිතම වුවත් 1956 "දයිව විපාකය" හි සෙසු  ප්‍රධාන චරිතයකට යොමු විය.මෙම ච්ත්‍රපටයේ "සරා ගොයියා හරි මිනිහා" ගීතය ගයන්නේ මේබල්ය එය විනාඩි නවයක පමණ දීර්ග ගීතයකි.එසේම එකල ඉතා  ජනප්‍රිය ගීයක් වුවාය. 1958 "වනලිය" චිත්‍රපටයේ ප්‍රධාන  පොලිස් කාන්තාවක් විය තම නැගණිය එම චිත්‍රපටයේ සොර කණ්ඩායමක නායිකාවයි. ඇය ඇල්ලීමට එන්නේ මේබල්ය. 1959 "හදිසි විවාහය " හි වැලිවිට ගේ දියණිය ඇනීටා වුවේ මේබල් ය.එය සුදු කළු චරිතයකි.1961" ජීවිත පුජාව " හි හෙදියක ලෙස රංගනය කරන මේබල් අවසානයේ වෙනකෙනකු බේරා ගැනීමට තමන්ගේ ජීවිතය පුජා කරයි .ශෝචනීය රංගනයක් විය.1963" මංගලිකා " චිතරපටයේ ද 1964 "කල කල දේ පල පල දේ " එම වසරේම "සුජාගේ රහස " 1966 "සැනසුම කොතනද"1967"පිපෙන කුමුදු", "මගුල් පෝරුව" ,"සරන" ,යන චිත්රපට තුනක් රංගනය විය.1970 පසුව වැඩිහිටි චරිත රංගනයට යොමු විය."ගීතා " සුජීවා" සුකිරි කෙල්ල" හරියට හරි ""කඩවුන පොරොන්දුව' නව නිෂ්පාදනය හි ජොසී බබා" රත්තරන් කන්ද " චෙරියෝ ඩොක්ටර්" ජයවේ කුමරියේ" ජීවන් මල්ලි "මේබල් ගේ රංගනයෙන් ඔපවත් වුවාය.එම් .ජී ආර්. සමග චන්ද්‍රබාබු සමග දකුණු ඉන්දීය චිත්‍රපට වලද මේබල් රංගනය කර තිබේ.රංගනයට උදෙසා ඕ .සී .අයි.සී .සම්මාන සරසවිය සම්මාන රණතිසර සම්මාන මේබල් බ්ලයිත් උපහාර ලෙස ලැබුවේය.මතභේදය චිත්‍රපටයේ නර්තනය ද මේබල් විසිනි.හදිසි විනිශ්චය ,සැගවුන පිළිතුර ,උමතු විශ්වාසය ,කැලෑ හද ,අයිරාංගනී, මතභේදය ,දයිව විපාකය ,වනලිය ,හදිසි විවාහය ,ජීවිත පුජාව ,මංගලිකා යන චිත්‍රපට වල පසුබිම්  ගීත 30 කට වැඩි ප්‍රමාණයක් ද මේබල් බ්ලයිත් ගායනා කොට තිබේ, මම මනමාලි ඔබේ ,සරා ගොයියා,ආදරේ නොයය මැකී වැනි ගීත අදත් රසික ප්‍රේක්ෂක සිත් වසග කල ගීත වේ.මෙතුමිය 83 වන වියේදී එනම් 2004 වසරේ දිවි සිනමාවෙන් සමුගත්තේය.අදත් එතුමිය ගේ නිර්මාණ අගේය.අපි මොක්සුව පතමු. මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි 

Sunday, October 11, 2020

ශෝභනි අමරසිංහ


1944 වසරේ රුවන්වැල්ල ගමේ පද්මා නාලනී උපත ලබා තිබේ.ගල්කිස්සේ බෞද්ධ  බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. බාල වියේ සිටම නැටුමට මහත් ප්‍රියතාවක් දැක්වූවාය.එබැවින් ශේෂා පලිහක්කාර ගෙන් නර්තනය හදාළේය.ශේෂා ගේ යොමු කිරීමෙන් 1964 වසරේ මයික් විල්සන් සහ තිස්ස ලියනසු  රිය අධ්‍යක්ෂණය කල ශේෂා පලිහක්කාර නිෂ්පාදනය කල "ගැටවරයෝ "චිත්‍පටයේ ප්‍රධාන චරිතයක් වූ ගැමි යුවතිය කරුණා ගේ භූමිකාව රංගනයට එක්වුවේ පදිමා නාලනී ය..පණ්ඩිත් අමරදේවයන් ගේ නිර්දේශයෙන් පද්මා නාලනී ශෝභනි අමරසිංහ නම් විය.තමා රංගනය කල ප්‍රථම චිත්‍රපටයෙන්ම හොදම නිළිය ලෙස සම්මානයට පාත්‍රවීමට ශෝභනි භාග්‍යවන්ත වුවාය.එසේම එවකට ජනප්‍රිය විශිෂ්ට රංග වේදියෙක් වන ගාමිණි පොන්සේකා සමග රංගනයට එක්වීමත් වාසනාවකි."ගැටවරයෝ "හොදම චිත්‍රපටය ,හොදම නිළිය,හොදම අධ්‍යක්ෂක ,හොදම කැමරා ශිල්පී,හොදම ගීත රචනය ,හොදම ගායකයා හොදම ගායිකාව ,ලේ සම්මාන හතක් ලැබුවාය.ලත වල්පොල හොදම ගායිකාව වූ අතර එම ජවනිකාව නිරුපනය වන්නේ ද ශෝභනි අමරසිංහ ගාමිණි ජෝ ආදීන්ය.1965 තිස්ස ලියනසුරිය ගේ "සාරවිට" චිත්‍රපටයේ ළමා නිවාස පාලිකාව වුවේ ශෝභනි ය.1969 හන්තානේ කතාවේ ශෝභනි වසන්ති නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වුවාය.1970 වසරේ ශේෂා පලිහක්කාර ගේ  "ලක්සෙට කොඩිය "හි කුසුමා ලෙස ප්‍රධාන චරිතය ශෝභනි රංගනය කළේය.පරිපාලන නිලධාරියෙක් වන ලලිත් හීන්ගම මහතා හා මෙතුමිය විවාපත් වුවාය.ඉන්පසුව මෙතුමිය සිනමාවෙන් සමුගත්තාය ... මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .

බොනිපස් ප්‍රනාන්දු ....

 

කුරුකුලසූරිය ගේබ්‍රියල් බොනිපස් ප්‍රනාන්දු 1934 වසරේ දී මීගමුවේ උපත ලද්දේය.මීගමුවේ ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබේ.සිනමාස් සමාගමට අයත් මීරිගම මිහිර සිනමා ශාලාවේ කළමනාකරු ලෙස වෘතිය ජීවිතය අරඹා තිබේ.එහිදී ඔහුට මුණගැසෙන ඩබ්ලිව්.බෙනඩික් ප්‍රනාන්දු හා චාල්ස් පෙරේරා ගේ උපකාරයෙන් සිනමා රංගනයට පිවිසිණි.1956 ඒ.බී.රාජ් ගේ "රම්‍යලතා "චිත්‍රපටයේ සුළු රංගනයක් සමග සිනමාවට එක්විණි.1958 වසරේ ද "සොහොයුරෝ" චිත්‍රපටයේ ද  රංගන යට එක්විය. රොබින් තම්පෝ හදුනා ගැනීමෙන් පසුව 1959 රොබින් තම්පෝ ගේ "සිරිමලී"චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ධන කුවේරයෙකු ගේ පුතෙක් ලෙස රාජා චරිතයෙන් ඉදිරි පිම්මක් මතුවිය.1961 රොබින් තම්පෝ ගේ සුවිනීත ලාලනී හි සුනිල් ගේ  සාමාන්‍ය චරිතයක් ද 1962 වසරේ රොබින් තම්පෝ ගේ: සුහද දිවි පිදුම " හි සුමිත් ලෙස භාවාතිශය පරාජිත පෙම්වතා   ප්‍රධාන චරිතයක් රංගනය විය..1963 වසරේ ද රොබින් තම්පෝ ගේ "සුදු සදේ කළුවලා  "හි ප්‍රධාන චරිතය බොනිපස් ය.අනාථ සොයුරන් දෙදෙනා ගෙන්  සේනක ලෙස බොනිපස්  එක්  සොහොයුරෙකි.1964 රොබින් තම්පෝ ගේ" සුලලිත සෝභනි" සිට ඉදිරි චිත්‍රපට සාමාන්‍ය චරිත රංගනය කළේය.1964 "සැමියා බිරිදගේ දෙවියාය" එම වසරේම "සමාජේ අපි ඔක්කොම සමානයි "1965 "සතුටයි කදුලයි", "සුදෝ සුදු " හි ටිකිරි රංගන මංසලකුණු වේ.  එම වසරේම "ලදක මහිම" 1966 "සැගවෙන  සෙවනැල්ල","මහදැන මුත්තා" සහ " සැනසිලි සුවය" බොනිපස් රග පෑ එකම වසරේ  චිත්‍රපට විය .1968 "දෙහදක දුක " 1969 "පික් පොකට් " ද බොනිපස් ගේ රංගන ඇතුලත්වුවේය.1959 - 1966 කාල වකවානුවේ දීප්තිමත් ප්‍රමුඛව කැපී පෙනුණු දක්ෂ රංගන ශිල්පියෙකි.සහාය අධ්‍යක්ෂක ලෙස ද රොබින් තම්පෝ ගේ චිත්‍රපට කිහිපයකම කටයුතු විය.දෙබස් රචනයෙන් "දෙහදක දුක " සම්මාදන් වී තිබේ.   1975 "කලියුග කාලේ " චිත්‍රපටයෙන් නැවත මතු විය.1976 "උන්නත් දාහයි මලත්  දාහයි "සහ "ආදරෙයි මං ආදරෙයි " හි දුෂ්ට චරිතයක් ද 1978 "ටිකිරා" හි පෙම්වත් පොලිස් නිලධාරියා සහ සහ "අප්සරා "  1979 "ජීවන කදුළු" සහ "වසන්තයේ දවසක් " 1984 "ශිරාණි  " 1992 "රජෙක් වගේ පුතෙක් " 1997 "විජයග්‍රහණය "යන චිත්‍රපට බොනිපස් ගේ විශේස චරිත තුලින්  රංගන දායකත්වය වුවේය."ශිරාණි  " චිත්‍රපටයේ නිෂ්පාදක වරයා වුවේ ද බෝනිපස්ය1997 පසුව සිනමා රංගනයෙන් ඉවත්වුවේය.."පොද වැස්ස "සහ" අන්න බලන් සද "ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂණය මෙන්ම රංගනයට ද 80 දශකයේ විකාශනය වු පුර්ණිමා, ඡායා,ටෙලි නාට්‍ය වලට ද   බොනිපස් දායක වී තිබේ. මීරිගම මිහිර ට අමතරව අම්බලන්ගොඩ රීගල් පුත්තලමේ අසෝකා සිනමාහල්වල ද කළමනාකරු ලෙස වෘතීය කටයුතු වී තිබේ. චිත්‍රපට අධ්‍යක්ෂක ඇන්ටන් ප්‍රනාන්දු ගේ සොයුරිය නිමාලි ප්‍රනාන්දු බොනිපස් ගේ සහකාරිය වුවාය.මේ දෙදෙනාට දරුවන් පස් දෙනෙකි .2013 වසරේ සිට රෝගාතුර ව සිටි ඒ මහතා  සිය කටානේ නිවසේ දී 2017 පෙබරවාරි 15 දින දී  83 වන වියේදී අහාවප්‍රාප්ත විය. සිංහල සිනමාවට එකතුව ප්‍රේක්ෂක හද මන පිනවූ එතුමාට සගමොක් සුව පතමු.

                         මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .

Saturday, October 10, 2020

සුජාතා වීජේසේකර...

 

1933 වසරේ දී මහනුවර දී සුජාතා වීජේසේකර උපත ලබා තිබේ.ගම්පොල කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබීය. රුවින් පෙනුමෙන් මනස්කාන්තය. රංගනයට දැඩි ආසාවක් ඕනෑකමක් විය .මේ නිසා සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට තමාගේ ජායාරුපයක් යැවීය.ඒ උත්සාහය පල ගැනිණි.ඇයව සම්මුඛ පරීක්ෂණයකට කැදවීය .ඒ.බී.රාජ් ගේ රම්‍යලතා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය රීටා රත්නායක ගේ මිතුරියක ලෙස සුළු චරිතයක් සුජාතාට ලැබිණි.මේ අතර ශේෂා පලිහක්කාර වෙතින් නර්තනය ද හැදෑරීමක් ද  සුජාතා කළේය.1959 වසරේ රොබින් තම්පෝ ගේ කුලුදුල් අධ්‍යක්ෂණය වුවේ" සිරිමලී  " චිත්‍රපටයයි. සුජතාට සිරිමලී වීමේ භාග්‍යය උදාවිය .සිරිමලී ගැමි තරුනියකි.ධන කුවේරයෙකු ගේ පුත් රාජාට පෙම් බැන්දේය.රාජා වුවේ බොනිපස් ප්‍රනාන්දුය.බාධා කරදර දෝමනස්සයන් අත්විදිමින් සිරිමලී අවසානයේ ජය ලැබුවාය .මීලගට සුජාතා 1960  "පිරිමියෙක් නිසා "හි වතු හිමියකු ගේ දියනිය නංගනී ලෙස ගාමිණි පොන්සේකා සමග සුවිශේසී රංගනයක යෙදුනාය.මෙම චිත්‍රපට තුනෙන් ඇගේ සිනමා දිවිය නිමාවුවාය.ඉන්පසුව අවිවාහකව හුදකලාව නිහඩ ජීවිතයකට අවතීර්ණ වුවාය.(ආචර්ය නුවන් නයනජිත් කුමාර සුරින්ගේ ශ්‍රී ලංකේය සිනමා වංශයෙන් තොරතුරු ලබාගත් බව ස්තුති පුර්වකව සටහන් තබමි .)

Wednesday, October 7, 2020

හෙන්රි ජයසේන.











 හෙන්රි ජයසේන.......(.ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී.)

1931 ජූලි 6වැනිදා ගම්පහ බ්රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය. පියා බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්රිගෝ ජයසේන විය. ඔහු වෙළෙඳ ව්යාපාරිකයෙකි. කුඩා හෙන්රි ජයසේන ඇතිදැඩි වුයේ මව් සෙනෙහස තුළ නොව කුඩම්මාගේ සෙනෙහස යටතේය හෙන්රි කුඩා කල ඔහුගේ පවුලේ උදව්යත් ගමේ උදව්යත් ගමේ යහලුවන් ඔහුව හැදින් වුයේ චන්ද්රසේම යන නම්නි. නිවසේදී සිංහල, ඉංග්රීසි, හා ගණිතය අධ්යාපනය ලැබූ හෙන්රි, මුලින්ම පාසල් ගියේ ගම්පහ බ්රැන්ඩියමුල්ල රෝමානු කතෝලික පාසලට ය. ගම්පහ ලොරෙන්ස් විද්යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්යාලය, නාලන්දා විද්යාලයෙන් ඔහු උසස් අධ්යාපනය ලැබීය.මෙතුමාගේ ජීව්තයේ තවත්වැදගත්ම සංසිද්දියක් වන්නේ 1945 න් පසු කොළඹ නාලන්දා වේදි ඔහු ප්රථම වරට වේදිකා නාට්යකට රංගනයෙන් දායක ව්මයි ඵ් ඉන්දියානු දේව කතාවල සත්යවාදි හරිෂ් තුලින්බ්හිවු හරිෂ්චන්දු නම් නාටකයේ පුංච් රෝහිත කුමරා ගේචරිතයට පණ පෙව්මයි ඵහිදි මෙතුමා ප්රථම වරට තම ජීව්තයේ දී ගුණපාල මලලසේකර මැතිතුමන් ගේ ආශිර්වාදයට පත්ව්ය පසු කාලීනව ඔහු නියත වේදිකාවට පැම්ණිමට මෙම සිදුව්ම බොහෝ සේ ඉවහල් ව්ය නාලන්දා විද්යාලයේ අධ්යාපනය ලබමින් සිටි කාලයේදී, සිරි පෙරේරා (යූ.එස්. පෙරේරා - සිරි අයියා) නිෂ්පාදනය කළ හරිස්චන්ද්ර නාට්යයේ රෝහණ කුමාරයාගේ චරිතය ඔහු නිරූපනය කළේය. එය ඔහුගේ වේදිකාවට තැබූ පළමු පියවර විය.
ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු අක්ෂි ශල්ය වෛද්ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්ය ඇමති ගෞරවණීය වෛද්ය ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, සිංහලයේ මහාසම්මත භූමිපුත්ර පක්ෂයේ නායක ආචාර්ය හරිශ්චන්ද්ර විජයතුංග, හිටපු සිලෝන් ක්රිකට් ක්රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්ය ගුණදාස අමරසේකර, ප්රවීන චිත්රපට නළු රවීන්ද්ර රූපසේන, කීර්තිමත් සිවිල් නිලධාරි රිජ්වේ තිලකරත්න ජයසේනයන්ගේ කොළඹ නාලන්දා විද්යාලයයේ සමකාලීනයෝය.
වසර 2003 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්රී සම්මානය පිරිනැමුවේය.
අ.පො.ස උ/පෙළ නිමවා ඵහි ප්රතිඵල ඵනතුරු හෙන්රි ජයසේනයන් කොළඹ රෙජිස්ත්රාල් කාර්යාලයේ තාවකාලික ලිපිකරුවකු ලෙස වැඩ කරන ලදී. අනතුරුව ඵම උසස් පෙල ව්භාග ප්රතිපල මත ඔහු අධ්යාපන දෙපාර්තුමේන්තුවේඉංග්රිසි උපගුරු මුල්පත් ව්ම භාරගන්නා ලදී. ඵ් අනුව 1950 දී සිංහල ප්රාථම්ක පාසලේ ඉංග්රිසි උපගුරු තනතුරට පත් වී පදියැල්ලට යන ලදී ඵහිදී ඵම පාසලේ දුප්පත් ළමුන්ගේ අඩු ලුහුඩුකම් දැක ඵ් දරුවන් ගේ දුප්පත්කම පරදා අධ්යාපන නගා සිටු ව්මට ව්ශාල මෙහෙවරක් කරන ලදී මේ සදහා ඔහු ප්රථම වරට ඵම දුප්පත් පාසලේ දී තම කළා දිව්යේ මංගල සමරුව තබන ලදී. එනම් නාට්යක් පිටපත් කර රඟ දක්වා අධාර එකතු කර ගැනිමයි ඵ් සදහා ඔහු ව්සින් තෝරා ගනු ලැබුවේ රාමායනයේ පරිඡෙදයකි. එය ජනකී නම් ව්ය එම නාට්ය තුලින් උපයාගත් මුදලින් දුප්පත් දරුවන්ට පොත් පත් ලබා දුනි මෙලෙස කාගේත් සිත් දිනා ගනිම්න් එම පාසලේ වැඩකටයුතු කරගෙන ගියත් ඔහුට එම පාසැලෙන් සමුගැනීමට සිදු ව්යනිශ්ශංක අයියා ගේ දැනුම් දිම මත 1951 දී පාසැල් ගුරුකමට සමුදී ලිපිකරු සේවයට එක්ව්මට ඔහුට සිදු ව්ය. සිත යටින් ගුරු ජීව්තයට ආදරය කරම්න් දියතලාවේ ප්රසිද්ධ ඉංජනේරු කාර්යාලයේ සේවයට එක්ව්ය දියතලාවේදී ඔහුගේ ජීව්තයට රසබර අත්දැකීමක් එක්වීය ඒඔහු එක්තරා පාසැල්යන තරුණියකට පෙම් කිරීමයි එහෙත් එය අසාර්ථක ඒකපාර්ශවීය ප්රේමයක් ව්ය.
ඵතුමා කුඩා කල සිටම වේදිකාව පිළිබද සිහින මවම්න් ප්ර්වත් වු අයෙකි.ඵනම් ගම්පහ පාසැලට යම්න් අධ්යාපනය හදාරද්දීම ඔහු වේදිකාවට ඩැඩිව ඇළුම් කලේය ව්ශේෂයෙන් ම මේ සදහා අනුබල දෙම්න් ඔහුව ඒ දෙසට නැඹුරු කර ලද්දේ ඵරික් නම් ඥාති සොහොයුරකු ව්සිනි මේ අතැරින්සිදු වු සුව්ශේෂි සිදුව්ම වන්නේ බී ඵ් ජයමාන්නගේ මීගමුවේ ම්නර්වා කණ්ඩායමේ රුක්මණී දේව්ය ප්රමුඛකරගනිමින් සැගවුණු පිළිතුර නමින් වේදිකා නාට්යක් රඟ දැක්ව්මයි ඒදෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේය ළමා කල උන් හෙන්රි රුක්මණී දේව්ය දැක තම ජීවිතයේ සිහින අතරට වේදිකා සිහිනය ද ඵක්කර ගත්තේය
ඵහෙත් ඔහු තුළ මේ නාට්ය සදහා වන ඇල්ම පිළිබද ඔහුගේපවුලේ අයට මහත් බිය ගෙන දෙන්නක් විය ඵම අනියත බිය හේතු කොට ගෙන තම සොහොයුරකු වන නිශ්ශංක අයියාගේ මග පෙන්ව්ම යටතේ ගුවන් විදුලියට ඵක් විමට සිදු විය. ඵහිදි ඔහු ගුවන් විදුලියේ රෙඩියෝ සිලෝන් හි සිරි අයියා ගේ ළමා තීරයට ඵක් විය. මේ ගුවන් විදුලි වැඩසටහන ඔහුව කොළඹ විද්යලයකට ඇතුලත් කිරීමට ද හේතු ව්ය. ඵ් කෙසේ වුවද මෙම ගුවන් විදුලිය වැඩසටහන පසුකාලිනව ඔහුගේ වේදිකා රංගනයේදි Stage Fright හෙවත් වේදිකා භීතිය නැති කිරීමට සමත් වු බව වරෙක ඔහු ව්සින්ම පවසා තිබේ.
හෙන්රි, සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්ය රැසක් නිෂ්පාදනය කළේය. 1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්යය විය. එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්රාථමික විද්යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්යයකි. මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්ය නිර්මාණ වන්නේ මනමාලයෝ - පරිවර්තන (1953)වැදගත්කම - පරිවර්තන(1954),ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)පව්කාරයෝ -ස්වත්රන්ත්ර (1959)ජනේලය -ස්වත්රන්ත්ර (1962)කුවේණි -ස්වත්රන්ත්ර (1962)තවත් උදෑසනක් - ස්වත්රන්ත්ර (1946)මනරංජන වැඩවර්ජන - ස්වත්රන්ත්ර (1965)අහස් මාළිගා - පරිවර්තන(1966)හුණු වටයේ කථාව -පරිවර්තන (1967)අපට පුතේ මගක් නැතේ -ස්වත්රන්ත්ර(1968)දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)මකරා - පරිවර්තන(1973)සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්රන්ත්ර (1975)සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )ජයතු ලංකා - 1983 මෙතුමා ගේ නාට්ය නිර්මාන වේ.
මෙතුමා විසින් පරිවර්තනය කරන ලද බ්රටෝල් බ්රෙෂ්ට්ගේ "ද කොකේසියන් චෝල්ක් සර්කල්" නම් නාට්ය හුණුවටයේ කතාව නමින් මෙරට ඉතා ප්රසිද්ධියක් ලැබීය.මීට දශක තුනකට පෙර ඔහු නිෂ්පාදනය කළ බර්ටෝල් බ්රෙෂ්ට්ගේ "ද චෝක් සර්කල්" (හුණු වටයේ කථාව) මෙරට පරිවර්තන නාට්ය කලාවේ මුදුන් මල්කඩ ලෙස පිළිගැනේ. හෙන්රිගේ හුණු වටයේ කථාව පරිපූර්ණ නාට්යයක් පමණක් නොව, නාට්යකරුවෙකු ලෙස හෙන්රි ජයසේන විකාශනයේ කූටප්රාප්තිය පමණක් නොව, එය නූතන සිංහල නාට්ය කලාවේ විකාශනයේ අතිශය වැදගත්බවක් ද ගෙන ඇත. ඔහු අනුගමනය කළ ශෛලිගත , ස්වභාවික හා මිශ්ර රංග රීතිය තුළ ගීතයද සුවිශාල මෙහෙවරක් කළේය. හෙන්රි කවදත් ගීතයට හා සංගීතයට ලොල් කළ නාට්යකරුවෙකි. ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, දිරිය මව, අපට පුතේ මගක් නැතේ, සරන සියොත් සේ පුතුනි හඹා යන ආදී නාටය ඊට නිදසුන්ය. ඔහුගේ ගීත ජනේලයේදී හාසයය උපදවයි. කුවේණි නාට්යයේදී දාර්ශනික විය. තවත් උදෑසනක් හි සෞන්දර්යාත්මක විය. හුණු වටයේ කථාවේ දී නව නඑ රසයෙන් අනූන විය.
මේක තමයි කන්තෝරුව - මහ රැජිනගෙ කන්තෝරුව (ජනේලය )
නොහඩන් කුමරුනි ඇවිල යසෝ ගිනි...
සත් සියක් රත් මල් රැගෙන මම...(කුවේණි)
උදෑසනක් තවත් උදාවෙලා ඇවිත්...(තවත් උදෑසනක්)
පුත නොබලන් හෙළ ගැඹුරුයි...
යුද්දෙට මං ගියා...(හුණු වටය)
ආදී ගීත නොඇසූ ප්රේක්ෂකයෙකු සිංහල නාට්ය රසිකයන් අතර නොමැති තරම්ය. ගීතරචකයෙකු කවියෙකු ලෙස පමණක් නොව වේදිකාව සිනමාව යන අංශ තුනේම ඔහු දස්කම් පාන ලදී.1962 දී නාට්ය ශිල්පිනියක වන මානෙල් ජයසේන හා විවාහ වූ හෙන්රි, එක් දරු පියෙකි. සෞම්ය සුධාරක ජයසේන ඔහුගේ එකම පුතුය.හෙන්රි 1959 සිට 1996 දක්වා වසර 39 ක කාලය තුළ චිත්රපට 28 ක පමණ රඟපා ඇත. ඔහු රඟ පෑ ගම්පෙරළියේ පියල්ගේ චරිතය ප්රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන චරිතයක් විය. චිත්රපටය රූපගත කිරීමට පෙර ඊට පාදක වූ 'ගම්පෙරළිය' 15 වරක් කිය වූ බව (චරිතය අවබෝධ කර ගැනීමට) හෙන්රි පවසයි.1959 ශ්රී 296 ,ගැහැණු ගැට 1963 වෙන ස්වර්ගයක් කුමටද ,සුහද සොහොයුරෝ,ගම්පෙරලිය 1964 හෙට ප්රමාද වැඩියි 1966 සිගිරි කාශ්යප 1968 දහසක් සිතුවිලි 1972 අතීතයෙන් කතාවක් 1976 මඩොල් දුව 1977 මරුවා සමග වාසේ 1979 පළගැටියෝ ,දුටුගැමුණු ,හදයා 1980 ගඟ අද්දර ,හංස විලක් 1981බද්දේගම ,සොල්දාදු උන්නැහේ ,සුරිය කාන්ත 1982 තණ ගිරවි ,කඩවුන පොරොන්දුව 1983 කලියුගය 1984 හිම කතර ,අම්මයි දුවයි 1986 අවුරුදු දා 188 සදකඩ පහන 1996 අමාන්තය 2002 පුංචි සුරංගනාවී ඔහු ගේ රංගන ප්රතිභාවෙන් කල එලි විය.
1982 ආරම්භයත් සමඟ රුපවාහිනිය මෙරටට පැමිණී තැන් සිට සිනමා සහ නාට්ය ක්ෂේත්රයේ කුසලතා දැක්වූ ලාංකීය කලාකරුවෝ ක්රමයෙන් රුපවාහිනිය හරහාද ප්රේක්ෂකයන් ඇමතූහ. 1983-88 කාලයේ හෙන්රි ශ්රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවූ අතර ඒ කාලය තුළ ඔහුගේ පරිපාලනමය හැකියාව ප්රත්යක්ෂ කරන්නට වු නිසා ඔහුගේ කලා දායකත්වය අඩු විය.
1990 දශකයේ ඔහු මෙරට ජනතාව අතරට වඩාත්ම පිවිසියේ ඔහුට වඩාත් හුරු පුරුදු නාට්ය හා චිත්රපට මාධ්යයෙන් නොව ටෙලි නාට්ය තුළිනි. නෑදෑයෝ, දු දරුවෝ, මානව වාරණ වැනි ජනප්රසාදයට පත් වූ මාලා නාටක කීපයක කුශලතා දැක්වීමට හෙන්රි සමත් විය. නාට්යකරුවෙකු ලෙස පමණක් නොව සාහිත්යධරයෙකු ලෙසද සිය කුසලතාව පළකළ හෙතෙම මිනිසුන් වූ දරුවෝ (1965), ලාසරස් (1999) යන නවකථා දෙකක් පළ කරන ලදී. තම ජීවිත කථාව කරළියක කථාවක්, නිම් නැති කථාවක් 1, 2 ලෙස වෙළුම් තුනකින් 1996 දී පළ කර තිබේ.
සිය දීර්ඝ නාට්ය චාරිකාවේ දී අවස්ථා කීපයකදීම ඔහු සම්මාන වලින් පිදුම් ලැබීය. 1963 දී කුවේණි නාට්යය රාජ්ය නාට්ය උළෙලේ හොඳම රචනය, හොඳම නිළිය, නිෂ්පාදනය, සංගීතය යන අංශ වලින් සම්මාන ලැබීය. 1979 'හඳයා' චිත්රපටයේ රංගනයට හොඳම සහය නඑවාට හිමි සරසවි සම්මානයද, හංස විලක්, බැද්දේගම යන චිත්රපටවල රංගනය උදෙසා සරසවි සම්මානත් ඔහුට ලැබී ඇත. 1988 වසරේ කලාශූරී සම්මානය ලැබූ ඔහු සුමති ටෙලි සම්මාන උළෙළේ දී ජීවිතයේ එක් වරක් කලාකරුවෙකුට හිමිවන සම්මානය දිනා ඇත.
හෙන්රි ජයසේන නම් නාට්යකරුවා පිළිබඳ තිස්ස අබේසේකර මහතා මෙසේ කියයි. ..."සිංහල නාට්ය කලාව උදෙසා තම ජීවිතයේ හොඳම කාලය වැය කළ හෙන්රිට හොඳ වැඩක් කළා යැයි හිත පුරාසතුටු විය හැක. මින් පසු එකම නාට්යයක්වත් බිහි නොකළත් හෙන්රිගේ නම නාට්ය වංශයේ ඉහළින්ම ලියවෙන්නට හුණු වටයේ කථාව පමණක් ප්රමාණවත් ය..."
හුණු වටයේම එන පරිදි "දෙයක් වේ නම් එය සුදූස්සාටම අයිති විය යුතු..." යන්න සනාථ කළ පුද්ගලයෙක් ලෙස ඔහු හැඳින්විය හැකිය. හුණු වටයේ කථාවේ අසඩක්, ගම්පෙරළියේ පියල්, මනමේ නාට්යයේ මනමේ කුමරු, දු දරුවෝහි සුදු සීයා ලෙස මෙරට රසික මතකයේ නොමැකී රඳමින් හෙන්රි ජයසේන අප අතර සදා සජීවී කලාකරුවෙක් ලෙස රඳනු ඇත.මෙරට ජ්යෙෂ්ඨතම නාට්යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා 2009 නොවැ 12 දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිය දී අභාවප්රාප්ත විය. මිය යන විට අසූ දෙවැනි වියේ පසු වූ ජයසේනයන් වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්ය විදහා දැක්වු ජ්යෙෂ්ඨ කලාකරුවෙකි.එතුමාට නිවන් සුව අත්වේවා ....ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින්ගේ ශ්රී ලාංකේය සිනමා වංශයද ආශ්රිතව සහ අන්තර් ජාලයෙන්ද කරුණු ලබාගත් බව ස්තුති පුර්වකව සටහන් තබමි.

Sunday, October 4, 2020

කිංස්ලි රාජපක්ෂ


 1934 උඩුදුම්බර උපන් කිංස්ලි රාජපක්ෂ මහනුවර සිල්වෙස්ටර් විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබේ.කලක් කෑගල්ල ප්‍රදේශයේ විදුහලක ගුරු වෘතියේ ද නියැලුණේය.රංගනයට මහත්සේ ඇලුම් කල කිංස්ලි සිනමාවට ආගමනය වන්නේ දැන්වීමකට ඉල්ලුම් කොට 1955 ඒ.බී. රාජ් ගේ  පෙරකදෝරු බෑනා චිත්‍රපටයේ සුළු දුෂ්ට චරිතයකිනි. ටී.සෝමසේකරන් ගේ ඇසුර නිසා වෘතිය කටයුතු වලින් වෙන්ව සිනමාව සදහාම කැපවීමට තීරනය කළේය.1957 සරදම රංගනය මෙන්ම සරදම චිත්‍රපටයේ දෙබස් රචනා කරමින් උප අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් සිනමාවේ වෙනත් අංශ වලට ද යොමුවක් විය. 1958 සුනීතා සහ සේපාලි 1959 අවිස්වාශය ද කිංස්ලි ගේ රංගනයෙන් ඔපවත් වුවේය.අවිස්වාසය චිත්‍රපටයේ ද දෙබස් රචනය ද කිංස්ලි ගෙනි. කිංස්ලි ගේ රංගන ප්‍රතිභාව වඩාත් කතාබහට ලක්වන්නේ ශ්‍රී 296 චිත්‍රපටයේ නෝමන් ගේ චරිතය තුලිනි.උසට සරිලන මහතා සිහින් උඩු රැවුල අඩක් මත්වූ දෙනෙතින් යුතු ඔහුගේ ස්වරුපය දුෂ්ටත්වය හා මැනවින් ගැලපිණි . 1960 පිරිමියෙක් නිසා 1963 වෙන ස්වර්ගයක් කුමටද ඔහුගේ රංගන දායකත්වය විය .එසේම  වෙන ස්වර්ගයක් කුමටද හි දෙබස් රචනය මෙන්ම උප අධ්‍යක්ෂණය ද කළේය.1963 කිංස්ලි තනිවම දීපශිකා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එහි උප ප්‍රධාන චරිතයක් ද රංගනය කළේය.1967 රෑන ගිරව් 1973 සිනාවයි ඉනාවයි කිංස්ලි රංගනය කළේය.දීපසිකා වලින් අනතුරුව 1965 හදපාන චිත්‍රපටය ද කිංස්ලි අධ්‍යක්ෂණය කළේය.1960 දශකයේ වෙළද සිනමාවත් ජනප්‍රිය සිනමාවත් යන ධාරාවන් දෙකෙහිම පවතිමින් විනෝදාත්මක චිත්‍රපට රැසක් කිංස්ලි නිර්මාණය කරන ලදී.1965 හිතට හිත 1968 සිගිති සුරතල් 1968 ඉදුනිල 1971 කලණ මිතුරෝ 1973 සුහද පැතුම සහ සිනාවයි ඉනාවයි 1977 සුදු පරවියෝ 1979 අවසාන වශයෙන් රාං කුරුල්ලෝ කිංස්ලි ගේ නිර්මාණ වේ.මේ චිත්‍රපට වල රංගනය ජනප්‍රියම රංග ශිල්පී ශිල්පීනියන්ම යොදා ගැනීමත් විශේෂයකි.නවක ශිල්පීන්ද තමන්ගේ නිර්මාණ සදහා දායක කර ගත්තේය.  එසේම ඒ චිත්‍රපට තුලින් බිහිවූ මධුර මනෝහර ගීතාවලිය  ද එදා සේම අදත් ජනප්‍රියව පවතී.පී.එල්.ඒ.සෝමපාල ,සිසිර සේනාරත්න ,එම් .කේ රොක්සාමි ,ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න,ටී.එෆ් ලතීප්   වැනි දක්ෂ සංගීතවේදීන් යොදා ගැනීමත් ජනප්‍රියත්වයට තවත් සාධකයක් වුවේය. කිංස්ලි වසර කිහිපයක් රෝගාතුරව සිටි අතර සිනමා කර්මාන්තයෙන් ඉවත් විය. ඔහු 1983 ජූනි 13 වන දින වයස අවුරුදු 49 දී හෘදයාබාධයකින් මිය ගියේය.එතුමාට නිවන් සුව අත්වේවා .මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .

Saturday, October 3, 2020

විජිත මල්ලිකා....

 

ගමමාතිගේ විජිතා ද සිල්වා 1943 ජූලි 5 වන දින මීගමුවේ හි උපත ලැබුවේ පවුලේ වැඩිමලා ලෙසය.විජිත මල්ලිකා නමින් රිදීතිරයේ පායා ආවේ ඇයය. ඇගේ පියා ගමමාතිගේ සිල්වා ව්යාපාරිකයෙකු වූ අතර ඉදුරුවේ සිට මීගමුවට පැමිණ ව්යාපාරයක් ආරම්භ කළේය. ඇගේ මව මේරි වික්රමසිංහ වේ . මල්ලිකාට බාල සහෝදරයන් තිදෙනෙක් සිටී - ඔස්ටින්, සුනිල්, මහින්ද - සහ බාල සහෝදරියන් දෙදෙනෙක් - චන්ද්රා සහ ස්වර්ණ. මල්ලිකාගේ පියාගේ බාල සොහොයුරිය විවාහ වූයේ චිත්රපට නළු බොනිෆස් ප්රනාන්දු සමඟ ය. එසේම, විජිතගේ නෑදෑ සහෝදරියක් වන මිලිසිනා වේදිකා නිළියකි. මල්ලිකාගේ මවගේ සහෝදරයා වන බෙන්ජමින් ප්රනාන්දු එවකට මීගමුවේ හි නාට්ය රචකයෙකු හා වේදිකා නළුවෙකි. බෙන්ජමින් ජනප්රිය සිනමා නිළි ලීනා ප්රනාන්දුගේ පියාය. මල්ලිකා , වැල්ලවීදියේ,සිංහල පාසලෙන් පසුව මීගමුවේ හි නිව්ස්ටෙඩ් බාලිකා විද්යාලයෙන් අධ්යාපනය ලැබුවාය.ඉතා කුඩා අවධියේදී මල්ලිකා අනාගත නිළියක් වීමේ ලකුණු පෙන්නුම් කළාය. මල්ලිකාගේ මාමා වන බෙන්ජමින් ප්රනාන්දු බොහෝ විට බෙන්ජමින් මාස්ටර් ලෙස හැඳින්වේ. නාට්ය රචක හා දෙබස් හා ගීත රචක හියුගෝ ප්රනාන්දුගේ මිතුරෙකි. හියුගෝ ඇයව නිවසේදී දුටු විට ඇය නිළියක් වීමේ අභිප්රාය ප්රකාශ කළාය. හියුගෝ මාස්ටර්ගේ මඟ පෙන්වීමත් සමඟ මල්ලිකා සිය සිනමා දිවියට පිවිසියේ1957 දී ටී. සුන්දරම් අධ්යක්ෂණය කළ සුරයා චිත්රපටයහි සුළු චරිතයක් සදහා පෙනී සිටිමිනි.1958 සොහොයුරෝ චිත්රපටයේ ද රංගනයක් විය.1959 පුරුෂ රත්නය චිත්පට්යේ ද රගපැවාය.1960 නළගන හා වීර විජය ද ඇගේ රංගන විය. වීර විජය චිත්රපටයේ ක්රිස්ටි ලෙනාඩ්ගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.මුල් කාලයේ බොහෝවිට විකට රංගන සදහාම දායක විය. වීර විජය රගපෑම් අතර තුර දී ඇයට ඇන්ටන් ප්රනාන්දු හමුවිය. මල්ලිකා විවාහ වූයේ ඇන්ටන් ප්රනාන්දු සමඟ ය. 1961 සුවිනීත ලාලනී චිත්රපටය තුලින් ප්රධාන නිලි භූමිකාවට එක්විය එතැන් සිට විවිධ චරිත රංගනය කළේය.1963 අදට වැඩිය හෙට හොදයි,සුහද සොහොයුරෝ,මංගලිකා අගේ රංගනයෙන් ඔපවත් වූ චිත්රපට වේ.1963 දී සුහද සොහොයුරෝ චිත්රපටය වැඩි ආකර්ෂණයක් ලබා ගත්තේය.අදට වැඩිය හෙට හොදයි හි ඇගේ පරම්පරාවේ ජනප්රිය නිළියන් දෙදෙනෙකු වන ජීවරානි කුරුකුලසූරිය සහ සන්ධ්යා කුමාරි සමඟ ප්රධාන භූමිකාවක් ලබා දුන්නේය.මල්ලිකා එම චිත්රපටයේ ආනන්ද ජයරත්නගේ පෙම්වතිය විය.1964 කල කල දේ පල පල දේ ,සැමියා බිරිද ගේ දෙවියාය,සුජා ගේ රහස,ධීවරයෝ ද මල්ලිකාගේ සුවිශ්සි රංගන විය.1964 දී මල්ලිකා සන්ධ්යා කුමාරි සහ ගාමිනි ෆොන්සේකා සමඟ ධීවරයෝ නම් බ්ලොක්බස්ටර් චිත්රපටයට පෙනී සිටියේය. විචාරකයින්ට අනුව, සන්ධ්යා සමඟ එම භූමිකාව තීරණය කිරීම සඳහා කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව මල්ලිකාට ප්රධාන භූමිකාව අහිමි විය. සන්ධ්යා ප්රධාන භූමිකාවක් රඟපෑ අතර මල්ලිකා සහායක භූමිකාවක් රඟපෑවාය. කෙසේ වෙතත්, ඇගේ ඉරණම වෙනස් වූයේ චිත්රපටයෙන් පසුවය, ඊළඟ වසරවලදී චිත්රපටවල ප්රධාන චරිත ලබා ගැනීමට මල්ලිකාට වාසනාව තිබුණි.1965 හදපාන,ලාදලු,හතර මහා නිධානය,හිතට හිත, ස්වීප් ටිකට්ස් ,ලදක මහිම ආදියද මල්ලිකා ගේ රංගන විය.වරෙක අහිංසක ගැමි යුවතියකි වරෙක කටකාර ධීවරියකි,වරෙක චාම් පාසල් ගුරුවරියකි.තව විටක කෙළිලොල් සරාගී යුවතියකි.ස්වීප් ටිකට් චිත්රපටයේ මල්ලිකාගේ පෙම්වතා වූයේ සුදේශ් ගුණරත්නයි.ස්වීප් ටිකට්ස් චිත්රපටයේ සුදේශ් ගුණරත්න සමග රංගනය වූ "ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා " ගීත රුප රාමුවේ මල්ලිකා ගේ ආදරණීය බව ප්රේක්ෂක හදවතේ සදා ලැගුම් ගෙන තිබේ.හදපාන චිත්රපටයේ ඇය හර්බට් එම්.සෙනෙවිරත්නගේ පෙම්වතිය වුවාය.1966 දී මල්ලිකා හදපාන චිත්රපටය සඳහා වඩාත් ජනප්රිය නිළිය සඳහා ප්රථම සරසවි උළෙලේ සරසවිය සම්මානයක් දිනා ගත්තාය. 1966 වසරේ ද ඈ සැගවුන සෙවනැල්ල ,සද නැග එද්දී ,ලයට ලය ,කපටිකම,සුදු දුව ,සැනසිලි සුවය ආදී චිත්රපට රාශියක රංගනය කළේය.1967 වසරේ ද මල්ලිකා රන්රස,හතර කේන්දරේ ,සැගවුන මැණික, ඔක්කොම හරි , අමතක වුනාද ,සරණ,රෑන ගිරව් ,තුලින් දස්කම් පෑවේය.1968 ලන්ඩන් හාමු,දෙහදක දුක,සිගිති සුරතල් ,අබුද්දස කාලේ චිත්රපට මෙන්ම 1969 ඔබ නැතිනම්,හරිමග පැන්චා රගපා තිබේ.දික්කසාදයට පෙර ඇගේ සැමියා වන ඇන්ටන් ප්රනාන්දු විසින් අධ්යක්ෂණය කරන ලද සුලී සුලං චිත්රපටය 1970 දී මල්ලිකා විසින් නිෂ්පාදනය කරන ලදී.1970 පළමු විවාහය අසාර්ථකව ඉන් වසර කිහිපයකට පසු ඇය මීගමුවේ හි ප්රසිද්ධ ව්යාපාරිකයෙකු වන ගාමිනි මුනසිංහ සමඟ විවාහ විය. 1976 හාරත හතර සහ ආශා චිත්රපට ද අගේ රංගන විය. ඇන්ටන් සමඟ පළමු විවාහයෙන් දියණියන් දෙදෙනෙක් සිටී. මල්ලිකා හා ගාමිනිට ද දෙවන විවාහයෙන් එක් පුතෙකු හා එක් දියණියක් සිටී. 1980 දී බන්දු ගුණසේකර විසින් අධ්යක්ෂණය කරන ලද හොදින් ඉන්න චිත්රපටය ද ඈ රංගනය වූ අවසාන චිත්රපටයයි . වසර දෙකක කාලයක් පිළිකාවක් වැළඳී සිටි ඇය අග භාගයේ දී ධර්මානුකුල ජීවිතයක් ගත කළාය. මල්ලිකා වසර 49 දී එනම් 1992 ඔක්තෝබර් 16 වන දින දිවි සිනමාවෙන් ඉක්මනින්ම සමුගත්තාය.විජිත මල්ලිකා වෙනුවෙන් "දවසක් ඒවි " නමින් උපහාර දැක්වීමේ උත්සවයක් 2017 මාර්තු 18 වන දින මරදානා කුළුණ ශාලාවේදී පැවැත්විණි.එතුමියට නිවන් සුව පතමු.මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .