Wednesday, August 31, 2022

1967 දෙසැම්බර් 01 "හිත ගිය තැන " චිත්‍රපටය

1967 දෙසැම්බර් 01  "හිත ගිය තැන " චිත්‍රපටය ප්‍රදර්ශනය විය ඒ සිංහල කතානාද සිනමාවේ 166 වන චිත්‍රපටය වේ.නිෂ්පානය සහ අධ්‍යක්ෂනය හර්බට් රූපසිංහ වේ.මෙතුමා සහාය අධ්‍යක්ෂණය,තිර රචනය,සංස්කරණය ,දෙබස් රචනය ආදියෙන් සිනමාවට සම්බන්ධව සිටියේය .ප්‍රථම වරට අධ්‍යක්ෂණය කල එකම චිත්‍රපටය ද මෙයවේ.මේ චිත්‍රපටයේද කතාව ,තිර  රචනය සංස්කරණය හර්බට් රූපසිංහ ම වේ.කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ,බී .ද සිල්වා ගෙනි.සංගීත අධ්‍යක්ෂණය මොහමඩ් සාලි විය කරුනාරත්න අබේසේකර ගීත පදමාලා රචනය කර තිබේ එච් ආර්.ජෝතිපාල පසුබිම් ගායනා කරන ලදී.කතා සාරාංශය මෙසේය.මාක් (මාක් සමරනායක ) රහස් ජාවාරම් කරන ව්‍යාපාරිකයෙකි.නිමල් (චන්දන ගුණරත්න)ගේ පෙම්වතිය මාලනී ( මාලා එල්ලාවල ) වේ.නිමල් සේවය කරන්නේ මාලනි  ගේ  මාමා යටතේය.මාක් සහ නිමල්  දෙදෙනා විරසකය.නිමල් යන මාක් ගේ නැතිවූ සොහොයුරා බව පසුව හෙළිවේ.මාක් මෙය දන ගන්නේ ඔහු මිය යාමට පෙරෙය.මාක් ගෙන් පසුව ව්‍යාපාර වල භරකාරත්වය නිමල්ට පැවරේ.මාක් ගේ ව්‍යාපාරික සගයා (පියදාස ගුණසේකර) මෙයට විරුධ  වේ.මේ නිසා ව්‍යාපාර අයිතිය පිණිස දෙදෙනා අතර ගැටුම් වේ.අවසානයේ නිමල්ට ම අයිතිය ලැබේ.බාධා නිමාවී   නිමල් මාලනී දෙදෙනා එකතු වේ. මේ චිත්‍රපටයේ පුන්‍යා හීන්දෙනිය ද හෙදියක ගේ චරිතයක් නිරුපනය කළේය.හිත ගිය තැන ට ප්‍රේක්ෂක හිත නොගිය බව එකල විචාරක මතය විය.රංගනය සදහා රෝහිනී ජයකොඩි,එල්.එම් .පෙරේරා,ඩේවිඩ් ධර්මකීර්ති,බී එස්.පෙරේරා ,බන්දු මුණසිංහ.රිචඩ් ඇල්බට්,සුනිල් පේමදාස,නීටා අතුකෝරල,චන්ද්‍ර මුණසිංහ,එඩ්වින් පෙරේරා ආදීන් ද දායක විය .මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Thursday, August 25, 2022

1967 ඔක්තෝම්බර් 23 සිංහල සිනමාවේ 165 වන කතානාද චිත්‍රපටය වන " ඔක්කොම හරි " චිත්‍රපටය තිරගත වේ

 1967 ඔක්තෝම්බර් 23 සිංහල සිනමාවේ 165 වන කතානාද චිත්‍රපටය වන " ඔක්කොම හරි " චිත්‍රපටය තිරගත වේ.නිෂ්පාදනය හා  අධ්‍යක්ෂණය විජයපාල හෙට්ටිආරච්චි වේ.එස්.රාමනාදන් ද අධ්‍යක්ෂණයට සම්බන්ද විය.ස්වතන්ත්‍ර කතාවකි.කතාව කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ගෙනි.දෙබස් රචනය ද කේ.ඒ. ඩබ්ලිව් ම වේ.සංස්කරණය එස්.රාමනාදන්  සහ බ ර්නාඩ් රෙජිනෝල්ඩ්   වේ.ඇන්ටන් ගුරුසාමි සහ ඩී .එස්.හෙට්ටිආරච්චි කළා අධ්‍යක්ෂණය කර තිබේ.වේශ  නිරුපනය   ඩී .ඩී .ඇන්තනි විසිනි.කැමරා අධ්‍යක්ෂණය ලිනී ද කොස්තා වේ.නැටුම් අධ්‍යක්ෂණය එම් .වී .බාලන් වේ.  සංගීත අධ්‍යක්ෂණය ආර්.මුත්තුසාමි මාස්ටර් ගෙනි.ගීත  රචනය කරුණාරත්න අබේසේකර සහ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ   වේ.පසුබිම් ගායනා සදහා සුජාතා අත්තනායක,ලතා වල්පොල, ධර්මදාස වල්පොල ,මිල්ටන් පෙරේරා,මල්ලිකා කහවිට, නෙල්සන් කරුනාගම  දායක විය. සියලු ගීත ද ස්වතන්ත්‍ර නිර්මාන්විය. කතා සාරාංශය මෙසේය.සුදත්ත (ගාමිණී පොන්සේකා )නාගරික තරුණයෙකි.සුජීවා ද (ජීවරාණි කුරුකුලසූරිය ) නගරයේ තරුණියකි .නමුත් සංකර නොවූ කෙනකි.සුජීවා ගේ පියා (හර්බට් අමරවික්‍රම )මාන්නක්කාර ධනවතෙකි.සුජීවා හා සුදත්ත ගේ ප්‍රේමයට ඔහු අකමැති නොවේ.සුජීවා ගේ මස්සිනා රෙජී ද (නෙල්සන් කරුනාගම ) සුජීවා ගැන බලාපොරොත්තුවෙන් සිටී .සුදත්ත වෙනත් තරුණියක හා මිත්‍ර බව සුජීවා ගේ පියාට රෙජී පෙන්වා ඔප්පු කරයි.මේ අතර සුදත්ත ගේ මිතුරෙකු ගේ මරණයට සුදත්ත ව රෙජී සම්බන්ධ කරයි.මේ නිසා සුදත්ත පිටිසර ගමක ආරොං නමින් ට්‍රැක්ටර් රියදුරෙක් සේ වාසය කරයි.කළුබණ්ඩා (එච්.ඩී .කුලතුංග ) ඇත්ගොව්වා එම ගමේ සුරුපී ගැමි තරුණියක වන මැණිකේට (සන්ධ්‍යා කුමාරි )පෙමින් සිටි.මැණිකේ ඔහුට කැමති නොවේ.මෑනිකේද ආරොංට කැමතිය නමුත් ආරොං  අයට සලකන්නේ සහෝදරියකට මෙනි.එසේම මැණිකේ  නිසා කළුබණ්ඩා සහ ආරොං ගැටේ.ආරොං  ගේ සැබෑ තතු දැනගන්නා කළුබණ්ඩා ආරොං ව පොලිසියට අල්ලා දෙයි.සුජීවා ගේ පියා හා සුජීවා සුදත්ත ගේ නිර්දෝෂී බව දැන ගමට පැමිණේ.  කළුබණ්ඩා ගේ බලහත්කාරකම් හමුවේ තම පිරිසිදු බව රැකගෙන මැණිකේ මිය යයි.තමා ගේම ඇතාගේ පහර දීමෙන් කළුබණ්ඩා මියයයි සැබෑ මිනීමරුවා රෙජී බව හෙළිවේ.සුදත්ත හා සුජීවා එක්වේ.අමතර රංගන දායකත්වය . ඇන්තනි සී පෙරේරා,තලතා ගුණසේකර,බී.එස්.පෙරේරා,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,ජෝසප් සෙනවිරත්න,විජිත මල්ලිකා,හෙලන් කුමාරි,,චන්ද්‍රකලා ,එම් .වී.බාලන් ,සුසන්ත රාජපක්ෂ ආදීන් වේ.හෙලන් කුමාරි ගේ ප්‍රථම සිනමා ආගමනය ද මේ චිත්රපරය වේ.ගාමිණි,ජීවරාණි,සන්ධ්‍යා මෙන්ම එච්.ඩී .කුලතුංග ගේ දක්ෂ රංගනයන් මාස්ටර් මුත්තුසාමි ගේ ගීත මේ චිත්‍රපටය ජප්රිය වීමට ඉවහල් විය.

එදාමෙන් අදත් ජනප්‍රිය සුමියුරු ගීත මෙහි අඩංගු විය   

 ආදරේ මන්දිරේ - සුජාතා අත්තනායක 

පිපෙන මලක මී මධුරස  - ලතා වල්පොල 

දෙවියන් වන්නේත් තිරිසන් වන්නේත් - ධර්මදාස වල්පොල 

ආවේ කොයින්දෝ - මිල්ටන් පෙරේරා ,මල්ලිකා කහවිට 

අතුරු මිතුරු පඩි දෙනදා- මිල්ටන් පෙරේරා ,නෙල්සන් කරුනාගම 

 මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Sunday, August 21, 2022

සිංහල සිනමාවේ 146 වන චිත්‍රපටය වන්නේ "හතර කේන්දරේ " චිත්‍රපටයයි

 සිංහල සිනමාවේ 146 වන චිත්රපටය වන්නේ "හතර කේන්දරේ " චිත්රපටයයි .1967 ජන්වාරි 23 තිරගතවූ මෙම චිත්රපටය නිෂ්පාදනය කරන්නේ එල්.එම් .පෙරේරා ,ඩබ්ලිව්.එම් .සුමතිපාල,ජේ.වික්රමසිංහ යන අය විසිනි.අධ්යක්ෂණය එල්.එම් .පෙරේරා ගෙනි.කතාව හා තිර පිටපත හා දෙබස් ද එල්.එම් .පෙරේරා ගෙනි. කැමරා අධ්යක්ෂණය එම් .ඒ.ගපුර් සහ තිමති වීරරත්න වේ. සංස්කරණය එඩ්වින් ලිටින් ගෙනි.සංගීත අධ්යක්ෂනය නාරද දිසාසේකර වේ.නාරද දිසාසේකර සමග ජීවරාණි කුරුකුලසූරිය,සුජාතා අත්තනායක,ජේ.ඒ.මිල්ටන් පෙරේරා, ජී.එස්.බී.රානි පෙරේරා ,සී .ටී.ප්රනාන්දු.ඇන්ජලින් ගුණතිලක .පසුබිම් ගායනා කරන ලදී. ගීත පදමාලා කරුණාරත්න අබේසේකරයන් ගෙනි.කතාවේ සාරාංශය මෙසේය. හතර කේන්ද්රයේ පාලු නිසා සමන් (එල්.එම් .පෙරේරා )සසුනට ඇතුලත් කලයුතුයි ඔහුගේ නෑදෑයන් කියයි.මේ නිසා නිවසින් පලායන සමන් දුම්රියකට නැගී.දුම්රියේ ගමන් කරන සල්ලාලයෙක් තරුණ ස්ත්රියක් මරා දමයි.සමන් දකින්නේ මේ තරුණිය ගේ අතක් පමණි.සමන්ට තවත් තරුණියක දුම්රියේදී මුණ ගැ සේ.තම බිරිද එනතුරු බලා සිටින සැමියෙක් බිරිද නැතිනිසා දුම්රියෙන් එන නිහාල් නම් (ඩොමී ජයවර්දන ) මිතුරා තම නිවසට කැදවා ගෙන යයි.ස්ත්රිය මරා දැමු පුද්ගලයා මොහුය.මිතුරා සමග නිවසට ගිය ඔහු නිවසේ තිබෙන පින්තුරයක් දැක මිතුරා ගේ බිරිද තමා මරා දැමු ස්ත්රිය නිසා නිහාල් නිවසින් පිටව යයි.සමන් ද මේ නිවසට පැමිණේ. සමන් ද ගෙහිමියා ගේ මිතුරෙකි. සමන්ට සමාජශාලාවක රැකියාවක් ලැබේ.එහි අයිති කරුවන් වන්නේ කුරුප්පු හා ධර්මකීර්ති දෙදෙනාය.ධර්මකීර්ති යහපත් අයෙකි.කුරුප්පු ඔහුව සමාජශාලාවෙන් නෙරපා දමයි.ඔහු ගේ වෙනුවට නිහාල් එකතුවේ.සමන්ට දුම්රියේදී පසුව හමුවූ තරුණිය නලගනක සේ (විජිත මල්ලිකා ) සමාජශලාවට පැමිණේ.මැරුම් කෑ තරුණිය වැනි තරුණියක් ද නැටුම් පුහුණුවට පැමිණේ.රහස් පරීක්ෂක නිලධාරියෙක් ද (ස්ටැන්ලි පෙරේරා ) මෙහි කාමරයක නැවතී සිටි.මේ පුද්ගලයන් අතර විවිධ ගැටුම් ඇතිවේ.මේ නිසා කලකිරෙන සමන් පැවිදි වීමට සිතා නිවසට යයි.රංගනය සදහා ඩේවිඩ් ධර්මකීර්ති,සේනාධීර කුරුප්පු,ශිරානි කුරුකුලසූරිය,වී.ටී.ජී.කරුණාරත්න,ඇගනස් සිරිසේන ,ජෙසිකා වික්රමසිංහ,ගැමුණු විජේසුරිය,ජානකි කුරුකුලසූරිය,පියදාස ගුණසේකර,ගර්ලි ගුනවර්දන,රොබින් ප්රනාන්දු,විජේරත්න වරකාගොඩ ,ආදීන්ද දායක විය.මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින්ගේ ශ්රී ලාංකේය සිනමා වංශය,ගාමිණි වේරගමයන් ගේ දේශීය සිනමා වංසය ,ඉසුරු වික්රමාරච්චි ගේ සිනමා එල්කේ.තොරතුරු ජායරුපද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සටහන් තබමි.

සිංහල සිනමාවේ 145 වන කතානාද චිත්‍රපටය වන්නේ "ලයට ලය " චිත්‍රපටයයි.

 සිංහල සිනමාවේ 145 වන කතානාද චිත්රපටය වන්නේ "ලයට ලය " චිත්රපටයයි. "පර්තාල් පසිතීරුම් " දෙමල චිටරපටයේ අනුකරණයකි.1966 දෙසැම්බර් 29 තිරගත විය.නිෂ්පාදනය හා අධ්යක්ෂණය ඩබ්ලිව්.එම් .එස් .තම්පෝ ගෙනි.කැමරා අධ්යක්ෂණය එස්.තේවෙන්දරන් ගෙනි.තිර රචනය දෙබස් හා ගීත රචනා චිත්රානන්ද අබේසේකරගෙනි.සංස්කරණය තෝමස් ප්රනාන්දු සහ එස්.පාර්කිත්සන් ගෙනි.වැල්ලම්පිටියේ ආර්.ටී.චිත්රාගාරයේ නිපදවිණි.සංගීත අධ්යක්ෂක වරයා තිලක් කරුණාතිලක විය .ගීත හතක ඇතුලත් විනි.පසුබිම් ගායනා සදහා සුජාතා අත්තනායක ,මිල්ටන් පෙරේරා ,හරුන් ලන්ත්රා,ලතා වල්පොල ,ජී.එස්.බී.රානි පෙරේරා සහ මොහිදීන් බෙග් දායකවිය .කතා සාරාංශය දඩයමේ යන රොහාන් (අසෝක පොන්නම්පෙරුම ) මොහාන් (ඩොමී ජයවර්දන )බොරුවලකට වැටී මොහාන්ට අනතුරක් වේ.රොහාන් අසල කුඩා නිවසකට මොහාන් රැගෙන යයි.මැණිකේ (නීටා ප්රනාන්දු ) සහ ඇගේ පියා නිවසේ වේ.දවස් කිහිපයකින් මොහාන් නවතා රොහාන් පිටව යයි. මොහාන් හා මැණිකේ ප්රේමයෙන් බැදී දෙවියන් ඉදිරියේ විවාහවේ.විවාහයෙන් පසු මොහාන්ට නාවික හමුදාවේ රැකියාවට යාමට සිදුවේ.එහිදී .මොහාන්ට හොං කොං බලා යාමට සිදුවේ.මේ අතර මැණිකේට අකුණක් වැදී ඇස් නොපෙනී යයි .වසර 6 පසුව මැණිකේ තම පුත් ටිකිරි සමග මොහාන් සොයා යයි.වෙහෙරහේනේ දී මේ අයට සිර දඩුවමක් විද එන රොහාන් මුණ ගැසේ.පසුව .රොහාන් මැණිකේ ටිකිරි කොළඹ ජීවත් වේ.ටිකිරි රොහාන් අමතන්නේ පියා නමිනි.රොහාන් කුසුමා නම් (මානෙල් පොන්නම්පෙරුම ) තරුණියට පෙම් කරයි.හොං කොං සිට පැමිණි මොහාන් මැණිකේ සොයා යයි.එහිදී නිවාස ගිනි ගෙන මැණිකේ මිය ගිය බව දන ගනී.මොහාන් මවගේ බල කිරීම නිසා කමලා (විජිත මල්ලිකා ) සමග විවාහ වේ මොහාන්ට ද කුමාර් නමින් පුතේ ද වේ.රැකියාවක් සොයා යන රොහාන්ට මොහාන් හමු වුවද මැණිකේ ගැන නො පවසයි.කුසුමා මොහාන් ගේ නෑනා ය.හදිසියේමොහාන්ට මැණිකේ හමුවේ.කුමාර් හා ටිකිරි එකම පාසලේ එගේනුම ලබයි .කුමාර් ගේ නිවසේදී රොහාන් තම පියා බව ටිකිරි කියයි.මේ අසා කුසුමා ශෝක වේ.කුසුමා සොයා යන මැණිකේ කට හැදින් මොහාන් හදුනා ගනී.මේ සිදුවීමෙන් කමලා හද කම්පා වී මිය යයි.මොහාන් හා මැණිකේ ද රොහාන් හා කුසුමාද එක්වේ.කමලා ගේ දෑසින් මැණිකේ සුවපත්වේ.ලිලියන් එදිරිසිංහ,බී.එස්.පෙරේරා ,සීතා කුමාරි, ඩග්ලස් ද අල්විස්,ඇල්ප්රඩ් පෙරේරා,එච්.ප්රේමසිරි ,බේබි චම්පා.බේබි මොහිනා ආදීන් ද රංගන දායකව තිබේ.මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි.වාණිජ පරමාර්ථයකින් තොරව වැඩි දෙනකුට සිනමා දැනුම බෙදා දීම අරමුණවේ.

1966 දෙසැම්බර් 14 තිරගත වන්නේ සිංහල කතානාද සිනමාවේ 144 වන චිත්‍රපටයයි.ඒ "සැනසිලි සුවය "නම් විය.

 1966 දෙසැම්බර් 14 තිරගත වන්නේ සිංහල කතානාද සිනමාවේ 144 වන චිත්රපටයයි.ඒ "සැනසිලි සුවය "නම් විය. ගුන්ගාට් -හිංදි - මාණික්කම් - දෙමළ චිත්රපට ඇසුරිනි.නිෂ්පාදනය හා අධ්යක්ෂණය රොබින් තම්පෝ විය.කැමරා අධ්යක්ෂණය එස්.තේවෙන්ද්රන් ය.දෙබස් රචනය මිත්රසේන ජීරසිංහ ගෙනි.සංගීත අධ්යක්ෂණය මොහමඩ් සාලි ගෙනි.ගීත රචනා අරිසෙන් අහුබුදු ගෙනි.මොහිදීන් බෙග් සමග ලතා වල්පොල ගීත ගායනා කළේය.කතා සාරාංශය මෙසේ විය.රවී ගේ (අසෝක පොන්නම්පෙරුම ) නැගණිය නයනා වේ . (ජීවරාණි කුරුකුලසූරිය )ඇ ගේ විවාහය බිද වැටෙන්නේ දායාද ප්රස්නයක් නිසාය.මේ අවස්ථාවේ නයනාට සිහිය නැතිවේ.වෙදකමට එන වෛද්ය බිමල් (ගාමිණි පොන්සේකා ) නයනා හා විවාහ වීමට සතුටුවේ. බිමල් විවාහයට අත්සන් කරන්නේ හදිසි සැත්කමක් සදහා යනබව කියාය නයනා ලවා පසුව අත්සන් ගන්න කියයි.සුමිත් (.රෝයි ද සිල්වා ) ගේ පියා (වින්සන්ට් වාස් )බලෙන් තමා ගේ මිතුරෙකු ගේ දියණියක් විවාහ කර දේ.සුමිත ගේ පෙම්වතිය අමිලා වේ.(සන්ධ්යා කුමාරි )සුමිත් ගේ පියා තම ලේලිය සමගත් රවී තම නැගණිය සමගත් පසුව ඈ දුම්රියෙන් කොළඹට එයි.මගදී දුම්රිය අනතුරකට ලක්වේ.සුමිත් තම පියාගේ මලකද අසල සිටින නයනා තම බිරිදයි සිතා නිවසට කැදවා ගෙන යයි.පසුව ඈ තම බිරිද නොවන බව දන රහස සගවා ගනී.මේ නිසා අමිලාද අමනාප වේ.පසුව ඇත්ත දැනගන්නා නයනා දිවි නසා ගැනීමට තැත් කරයි.බිමල් හා ඔහුගේ මව (ශාන්ති ලේඛා )නයනා බෙර ගනී.නයන් කල්යාණි නමින් දිවි ගෙවයි.නයනා බිමල් හා තම සොයුරා එකට සිටින ජායාරුපයක් දැක බිමල් තම සැමියා බව දැනගත්තද රහස සගවා ගනී.ඇස් නොපෙනෙන රවිට සැත්කමක් කරයි.බිමල් ගේ මව අමිතා බිමල්ට විවාහ කර දීමට සැරසේ.නයනා නිවසින් පලා යයි.එහෙත් සුමිත්ට හමුවන ඇය නැවත පැමිණේ.සියල්ල සතුටින් විසදේ සුමිත් අමිතා ද බිමල් නයනා ද එක්වෙති.

අමතර රංගන දායකත්වය නැන්සි ඩයස්, එඩී ජයමාන්න,බී.එස්.පෙරේරා,විජිත මල්ලිකා,එඩී ජුනියර්,දොන් සිරිසේන,හැ රී විමලසේන, ඩේවිඩ් ධර්මකීර්ති,පියදාස විජේකෝන්,වින්සන්ට් වාස්,ඩග්ලස් ද අල්විස්,පර්ල් වාසුදේවි ලිලියන් එදිරිසිංහ,බොනිපස් ප්රනාන්දු ආදීන් විය.සම්දෙයම රහස්ව පවතින අභව්ය ඕලාරික කතාවක් ලෙස මෙය එකල විචාරය විය.මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි.වාණිජ පරමාර්ථයකින් තොරව වැඩි දෙනකුට සිනමා දැනුම බෙදා දීම අරමුණවේ.

සිංහල සිනමා වංශකතාවේ 143 වන චිත්‍රපටය වුවේ 'සද නැග එද්දී" චිත්‍රපටය වේ

 සිංහල සිනමා වංශකතාවේ 143 වන චිත්රපටය වුවේ 'සද නැග එද්දී" චිත්රපටය වේ.1966 නොවැම්බර් 24 තිරගත වී තිබේ.සෝබන පිල්ම්ස් නිෂ්පාදනයකි .හෙක්ටර් ජයසිංහ ගේ අධ්යක්ෂනයක් විය. "සෝබන සිත " චිත්රපටයෙන් රංගනයට එක්වූ හෙක්ටර් ලාදලු,සැනසුම කොතනද ,සේයාවක් පසුපස ,වෙසතුරු සිරිත ආදී චිත්රපට වලද රංගනය කර තිබේ. ඇලන් ඩෙලෝන් රගපෑ ඉතාලි චිත්රපටයක් ඇසුරින් රචිත ගුවන් විදුලි රහස් පරීක්ෂක නාටකයක් ඇසුරින් තිර පිටපත ද හෙක්ටර් ජයසිංහ ගෙනි .එහි ප්රධාන චරිතයක් ද රංගනය කළේය.දෙබස් රචනය මානාභරණ මහවල ගෙනි.අධ්යක්ෂණය සදහා විමලදාස පෙරේරා ද එක්ව තිබේ.කාර්මික අධ්යක්ෂණය තිස්ස ලියන සුරිය වේ.ගීත ජවනිකාද තිස්ස ගේ අධ්යක්ෂණ විය.කෙටි චරිතයක් රංගනය කල නාරද දිසාසේකර පසුබිම් සංගීතය නිර්මාණය කළේය.ගීත තනු තිලක් කරුණාතිලක ගෙනි.වනමල් පිබිදේ ,ලා තන නිල්ලයි,සීතල නලවැල් තුරු අතරේ , සුසුදු පියුම් යන ගීත 4 අඩංගු විය.පසුබිම් ගායනා හරුන් ලන්ත්රා.ඇන්ජලින් ගුණතිලක .සී.ටී.ප්රනාන්දු ගෙනි. කතා සාරාංශය පසලොස්වක පෝදා සද පායන විට මිනීමැරීමට පෙළඹෙන චරිතයක් මේ කතාවට වස්තු බීජ විය.ප්රධාන චරිතය රහස් පරීක්ෂක වරයෙකි.(හෙක්ටර් ජයසිංහ )රටේ ප්රකට නීති ගරුක පුද්ගලයෙකි.සද නාග එද්දී ඔහුගේ ස්වරුපය වෙනස් වේ. ඩෑකිවුලා වැනි ආරුඩ යක් වේ.ඉන්පසු තරුණියන් මරා දමයි.තරුණියන් අතුරුදන් වීම අභිරහසක් වේ.මේ පිළිබද පරීක්ෂණ කිරීම පැවරෙන්නේ ද ඔහුටම වේ.අවසානයේ වෙස්මුහුණ ගැලවේ.විජිත මල්ලිකා.අශෝක පොන්නම්පෙරුම ,දයානන්ද ගුනවර්දන,බී.එස්.පෙරේරා,රන්ජිත් මායාදුන්න,හීලා ලියනගෙදර,දොන් සිරිසේන,ගාමිණි ජේ. පෙරේරා,බඳු මුණසිංහ,ලිලියන් එදිරිසිංහ,තලතා ගුණසේකර, මානෙල් පෙරේරා සුජාතා සංජීවනී,මානාභරණ මහවලආරියදාස දොලවත්ත ,ඇල්ප්රඩ් පෙරේරා,රන්ජනී පෙරේරා ,නිලන්ති විජේසිංහ ආදී විශාල නලුනිලි දායකත්වයක් විය.

මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි.වාණිජ පරමාර්ථයකින් තොරව වැඩි දෙනකුට සිනමා දැනුම බෙදා දීම අරමුණවේ.
May be a black-and-white image of 1 person, standing and text that says "© www.films.lk සඳ නැග එද්දී Director: Hector Jayasinghe FILMS FILMLK LK"
Sarath Weerasuriya, Nadee Liyanage and 38 others
9 comments
Like
Comment
Send

දේශීය කතානාද සිනමාවේ 142 චිත්‍රපටය වන්නේ "ඔබ දුටුදා " චිත්‍රපටයයි

 දේශීය කතානාද සිනමාවේ 142 චිත්රපටය වන්නේ "ඔබ දුටුදා " චිත්රපටයයි. තිරගත වූ දිනය – 1966 නොවැම්බර් 23 විය .කේ.ගුණරත්නම් (සිනමාස් ) නිෂ්පාදනය කළේය.එස්.සිවානන්දන් අධ්යක්ෂක වරයා විය . ඩෙනිස් රොබින්සන්ගේ Unshaking Loyality නවකතාව පාදක කොට නිර්මාණය විය.පිටපත හා දෙබස් කේ.ඒ.ඩබ්ලිව්,පෙරේරා ගෙනි.කැමරාව - ලිනී ද කොස්තා සංස්කරණය – ටයිටස් තොටවත්ත සංගීත අධ්යක්ෂණය – ආර්. මුත්තුසාමි ගීත ප්රබන්ධය – කරුණාරත්න අබේසේකර ගීත සංඛ්යාව - 05 විය .ගලන ගංවතුරේ,රන්වන් පුන්සඳ පායා,චිලි චිලි චිලි ඔන්චිලි ,අමා ගඟකි ප්රේම හදේ ආදී ගීත විය. කතා සාරාංශය ධනවත් වංශවතෙක් වන සපරමාදු (වින්සන්ට් සේරසිංහ )තම දෙවන බිරිද (අයිරාංගනී සේරසිංහ )දරුවන් වන සරත් (බන්දු ගුණසේකර )දියණිය රීටා (ශිරානි ගුණතිලක ) සමග සුවිසල් නිවසක වාසය වේ.සරත් මත්පැනට ලොල්වූ සල්ලාල චරිතයකි.කරුණා (ජීවරාණි කුරුකුලසූරිය ) දුප්පත් අහිංසක රූමත් ගැමි තරුණිය මේ නිවසට එන්නේ ලමාතැ නිට සේවය පිණිසය,රීටා කරුණාට කෙනහිලිකම් කරයි.සරත් උත්සාහ කරන්නේ තමන්ගේ කාමුක ආශා සපුරා ගැනීමටය. වර්ෂා පවතින දිනයක පසුපස දොරෙන් ඇතුළුවන හැඩිදැඩි පිරිමියෙක් කරුණා ගේ මුව වසා බිය නොවන ලෙස කියා සිටී.මේ සපරමාදු ගේ පළමු විවාහයේ පුත් තිස්ස .(ගාමිණි පොන්සේකා ) වේ.නිවසේ උත්සවයකදී සරත් ගේ පහර දීමෙන් මිනිසෙකු මියයයි.කුඩම්මාගේ පුතා බේරා ගැනීමට තිස්ස ඊට ඉදිරිපත්ව අවුරුදු පහක් සිර දඩුවම් ලබයි.තිස්ස මිනිමරුවකු ලෙස කවුරුත් සලකයි සරත් ජන නන්දනී (සන්ධ්‍යා කුමාරි ) නම් නළගන සමග සම්බන්ධකම් පවත්වයි.කරුණා ගේ වෙනසට හේතුව සොයන සරත්ට තිස්ස නිදහස් ව ඇතිබව දැනගනී .නිවසේ කිසිවකු නැතිවිට පැමිණෙන තිස්ස කරුණාට ඔහුගේ බාලවියේ විස්තර කියයි.පසුදින ලමාතැ නි ගේ බෙරලියන්තු මාලය නැතිවේ.මෙය කරුණා ගේ අනුදැනුම මත සිදුවූ බව සරත් කියයි.තිස්සට කරුණා මේ ගැන කියයි තිස්ස ද සොරා සෙවීමට වෙහෙසේ.මිනීමරුවා සහ සොරා සරත් බව හෙළිවේ. කරුණා හා තිස්ස එකතුවේ.සෝනියා දිසා පළමු වරට චරිතයක් රංගනය වන්නේ මේ චිත්රපටයෙනි.1967 සරසවි සම්මාන උළෙලේ හොදම නිළිය ලෙස අයිරාංගනී සේරසිංහ සම්මාන ලැබුවාය.ජීවරාණි ද විශේස කුසලතා සහතිකයක් ලැබුවාය.හියුගෝ ප්රනාන්දු,ඇන්තනි සී පෙරේරා ,ශාන්ති ලේඛා ,එම් .වී.බාලන් ,බී.එස් .පෙරේරා.ශිරානි ගුණතිලක,හර්බට් අමරවික්රම ,ආදීන්ද රංගනයට දායක විය.මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි.වාණිජ පරමාර්ථයකින් තොරව වැඩි දෙනකුට සිනමා දැනුම බෙදා දීම අරමුණවේ.

සිංහල කතානාද සිනමාවේ 141 වැන්න "සුදු දුව " චිත්‍රපටය වේ

 සිංහල කතානාද සිනමාවේ 141 වැන්න "සුදු දුව " චිත්රපටය වේ.කේ.එස්.ගෝපාල ක්රිෂ්ණන් ගේ "කර්පගම් " චිත්රපටය ඇසුරින් මෙය නිර්මාණය විය.ආර්.රාජාබ් අලි නිෂ්පාදනය කල මේ චිත්රපටය ලෙනින් මොරායස් රාජා ජෝසුවා සමග අධ්යක්ෂණය කළේය.ලෙනින් ගේ පළමු අධ්යක්ෂණය ද මෙය වේ.කැමරා අධ්යක්ෂණය ද ලෙනින් මොරායස් ගේ මය.තිර පිටපත බණ්ඩාර කේ.විජේතුංග ගෙනි.සංගීතය අධ්යක්ෂණය පී.එල් ඒ.සෝමපාල ගෙනි පසුබිම් ගායනා එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක ,හැරුණ ලන්ත්රා ගෙනි .ගීත රචනා සදහා බණ්ඩාර කේ. විජේතුන්ග ,කරුණාරත අබේසේකර ,සිරිල් ඒ,සීලවිමල ,ඩබ්ලිව්.විල්ප්රඩ් සිල්වා දායකවිය. කතා සාරාංශය වලව්වේ හාමුට (අසෝක පොන්නම්පෙරුම) කරුණා (විජිත මල්ලිකා ) නම් දියණියක් හා ගැමුණු (රෝයි ද සිල්වා ) නමින් පුතෙක් ද විය.ගමේ සිටින විපුලට (ස්ටැන්ලි පෙරේරා )හාමු තම දියණිය විවාහ කර දීමට අදහසින් සිටි.ගැමුණු ශර්ලින් (සන්ධ්යා කුමාරි )නමැති සෙල්ලක්කාර තරුණියට හාද වේ.හොමු එයට අකමැති වුවත් විවාහ දෙකම එකම දිනයේ සිදු කරයි.ශර්ලින් පියාද සමග මේ නිවසේ පදින්චිවේ.මෙහිදී විවිධ ආරාවුල් මතු වුවද විපුල ගේ හොදකම නිසා ඒවා දුරදිග නොයයි.ශර්ලින් දියණියක ලබයි.(ශිරෝමි ප්රනාන්දු )දෙමාපියන් දරුවා ගැන සැලකිල්ල අඩුනිසා කරුණා හා විපුලට දරුවා සෙනෙහස වේ.අඩදබර නිසා ශර්ලින් ගැමුණු නිවසින් පිටවේ.දියණිය රැගෙන යාමට උත්සාහකලත් කරුණ විරුධ් වේ.මේ සිද්දියේදී ගොනකු ඇනීම නිසා කරුණා මියයයි.දියණිය විපුල හා වේ.හාමු ගේ ඉල්ලීම නිසා විපුල නැවත කසාදයක් කර ගනි. අනුලාය.(ප්ලොරිඩා ජයලත්) විපුල දෙවන් බිරිදට අකමැතිය.දියණිය තමාට අම්මා යැයි ඇමතුවොත් විපුල තමාට ආදරේ වේයැයි අනුලා දියණිය ගේ ආදරය ලබා ගැනීමට වෙහෙසේ.ශර්ලින් ද රිය අනතුරකින් මියයයි.දියණිය අනුලාට අම්මා කියයි.ජනප්රිය ගීත කිහිපයක් වර්තමානයේ ද ජනප්රිය වේ.මෙහි එන "ආවා සොයා ආදරේ "ගීතය නම් කොට ලෙනින් 1970 දී චිත්රපටයක් නිර්මාණය කළේය.රංගන දායකත්වය ඩී .ආර්.නානායක්කාර ,රෝයි ද සිල්වා ,ලිලියන් එදිරිසිංහ ,එම් .වී.බාලන්,නොයෙලින් ලියනගේ,ආදීන්ද දායක විය.මේ ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි.වාණිජ පරමාර්ථයකින් තොරව වැඩි දෙනකුට සිනමා දැනුම බෙදා දීම අරමුණවේ.