Sunday, June 19, 2022

නාරද ලිලනාග කල්දේරා දිසාසේකර

 






ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ නාරද ලිලනාග කල්දේරා දිසාසේකර මහතා උපත ලැබුවේ 1933 ජුනි 07 දිනදීය..ඔහු ඉගෙනුම ලැබූයේ කළුතර විද්‍යාලයෙනි 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ කාර්මික ශිල්පියකු ලෙස ද පසුව සංගීත අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් ඔහු කටයුතු කෙළේය. ‘රන්මුතු දූව‘ චිත්‍රපටයට ‘පිපී පිපී රේණු නටන’ ‘ගලන ගඟකි ජීවිතේ’ යන ගීත ගායනා කරමින් සරසවි සම්මානයට පාත්‍ර වූ සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ගායකයා නාරද  දිසාසේකර මහතා වේ.ගුවන් විදුලි ශිල්පිනියක් වූ තිලකා රණසිංහ මහත්මිය හා විවාපත්ව සිටියේය. නවක රංගන ශිල්පි සාරංග දිසාසේකරගේ පියාණන් ය. දිසාසේකර මහතා ගුවන් විදුලියට ගායනා කළ ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීතයෙන් ඉමහත් ජනාදරයට පත් විය.

හතර කේන්ද්‍රය,  චිත්‍රපටයේ   සංගීතය අධ්‍යක්‍ෂණය කර ඇති දිසාසේකර මහතා රන්මුතුදුව,ගැටවරයෝ,මනමාලයෝ ,සිකුරු තරුව,හතර කේන්දරේ,ආදරයයි කරුනාවයි,සිහින හතක,සුදෝසුදු,හතර පෙරලිය,පාරාවළලු ,රෑන ගිරව් ,  ආදී චිත්‍රපට සදහා පසුබිම් ගායනා ඉදිරිපත් කොට තිබේ., මේ භවයෙදි මුළු දිය දායේ , මුළු හදින් මම අයට පෙම් කොට , , චන්දන ඇඟ ගාලා, යන ගීතවලින් ඉතාම ජනප්‍රියත්වයට පත් විය.2010 මැයි  19 වනදින මෙතුමා අභාවයට පත්විය .දැනට වසර 12 ගතව තිබේ.අදත් රසික දෙතොලාහි මෙතුමාගේ සොදුරු ගී  මිමිනේ . එතුමාට නිවන් සුව පතමු.(අන්තර් ජාලය ඇසුරිනි )

ලියෝනි අයුන්තා මෙන්ඩිස් වීරසිංහ



  ලියෝනි අයුන්තා මෙන්ඩිස්  වීරසිංහ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ආදී සිසුවියකි. වසර 7 -9 වයසේ දී ගුවන් විදුලියට ද (රේඩියෝ සිලෝන්)  සම්බන්ධ වීමට අවස්තාව උදාවිය  .ජී.ඩී .එල්.පෙරේරා ගේ මගපෙන්වීමෙන් (කළා පෙළ ) "මනමාලකම් " වේදිකා නාට්‍ය යේ රගපාමින් ප්‍රථමයෙන් කලාවට එක්විය..පසුව  සාමා,මෙහෙව් ලෝකය,තොටුපොල,මගුල් මතය,රතු රෝස ආදී නාට්‍ය ගණනාවකට දායක වුවාය.කළා පෙළ සම්මාන උළෙලේදී මෙතුමිය හොදම නිළිය ලෙස සම්මාන ලද්දාය.ඉන් අනතුරුව ජී.ඩී .එල්.පෙරේරා ගේ "සාමා " චිත්‍රපටයේ රගපාමින් සිනමාවට එක්වූවාය.චන්ඩාලි ,පිපෙන කුමුදු,වජිරා,රජදරුවෝ,වැනි චිත්‍රපටවල විවිධ   චරිතාංග රගනයන්  කරන ලදී.ජයාරූප ශිල්පී තිස්ස කොතලාවල සමග විවාහ ව මෙතුමිය ලියෝනි කොතලාවල නම් විය.සෝමාගේ සිහිනය,තාරා  දේවි ,චරිත තුනක් ,කුමාරිහාමි ,චාරුලතා,අරවින්ද සහ ඉන්දු ,හිරුට මුවාවෙන් ලියෝනි කොතලාවල ගේ රංගනයෙන් හැඩවූ ටෙලි නාට්‍ය වේ.1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.මෑත කාලයේ ‘සංගීතේ‘ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසා ඇය තව තවත්  ජනප්‍රිය විය.

සැමියා 2000 වසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇයට පුතුන් පස් දෙනෙකුද මුණුබුරු මිනිපිරියන් රැසක්ද සිටී.කලක් රෝගාතුරව සිටි ඇය 2022 ජුනි 19 අද  උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වූවාය.මිය යන විට 78 වන වියේ පසු වූවා ය.එතුමියට මොක්  සුව පතමු .ආචර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරිනි.

Sunday, June 5, 2022

රවීන්ද්‍ර රන්දෙනිය

 







ලියනගේ බොනිෆස් වෝල්ටර් පෙරේරා උපන්නේ  1945 ජූනි 5කැලණිය දළුගමදිය  සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දරුවා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා එල්.පී.පෙරේරා පිත්තල සරනේරු කර්මාන්තයේ ජනප්‍රිය වූ කැලණිය දළුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව සපුගස්කන්ද ප්‍රදේශයේ උපන් කැරොලයින් එගොඩවත්තයි. 

අධ්‍යාපනය සදහා  කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් විය. ඔහුගේ ආදරණීය මිතුරා වූයේ ඔහුගේ පන්තියේ මිතුරා වූ විජය කුමාරතුංග ය.බොරැල්ලේ ඇක්වයිනාස් හි ද අධ්‍යාපනය ට එක්විය පාසල්  වේදිකාවේ සිගිරි කාශ්‍යප නාට්‍ය යේ කාශ්‍යප ලෙස රංගනය කලද රංගනයට එතරම් ඇල්මක් නොවිණි.පාසල් අවදියෙන් පසු පවුලේ ව්‍යාපාරික කටයුතු වලට එක්විය.1972 වසරේ පුවත්පත් දැන්වීමකට අනුව ලයනල් වෙන්ට්ඩ් හි රංග ශිල්ප ශාලිකාවේ රංගන පාටමාලාවක් හැදෑරුවේය.එයින් ලත් දැනුම අනුව ධම්ම ජාගොඩ ගේ "මුදු පුත්තු" නාට්‍ය තුලින් වේදිකාවට පිවිසිණි.වේදිකාවේදී රවීන්ද්‍ර රන්දෙනිය නම් විය.  මේ නාට්‍ය නැරබීමට පැමිණ සිටි ජෝ අබේවික්රම  සහ මණික් සන්ද්‍ර සාගර රගපෑමට පැහැදී "කළුදිය දහර "චිත්‍රපටයේ  ලක්ෂ්මන් ගේ චරිතයට තෝරා ගැනිණි තවද ධම්ම ජාගොඩ ගේ" වෙස්මුහුණු "ධර්මසිරි වික්‍රමරත්න ගේ "හබුන් කටයි බත් දෙකටයි "ආර්.ආර්.සමරකෝන් ගේ "ඉඩම" ටෝනි රණසිංහ ගේ "ජුලියස් සීසර්" ඔහු ගේ වේදිකා රංගනයේ කඩඉම්  වේ.   ඉන්පසුව සිනමා රංගනයට අවතීර්ණ විය 1974 බොනිපස් නමින් කල්‍යාණි ගංගා හි සුළු චරිතයක් සදහා එක්විය.රන්දෙනිය .1975 තරංගා,කළුදිය දහර,දෑසනිසා 1976 ගංගා ,ගෝඩ් කිං ,දුහුළු මලක්, හරියට හරි 1977පෙම්බර මධු,සිරිපාල සහ රන්  මැණිකා යකඩයා,1978 REINCARNATION ,වීර පුරන් අප්පු ,සීතා දෙවි,1979 හිගන කොල්ලා ,වසන්තයේ දවසක්,චුඩා මානික්‍ය ය ,සුගන්දි පොඩි මල්ලි ,හරි පුදුමයි 1980 එක්  ටැම්ගේ ,රජ දවසක් ආදී ලෙස 2018 වසර දක්වා චිත්‍රපට 120 ආසන්න ප්‍රමාණයක් සදහ රංගන දායකත්වය දී තිබේ.ජනප්‍රිය  ධාරාවේ මෙන්ම ප්‍රතිභා පුර්ණ රංග ශිල්පියෙක් ලෙසද රවීන්ද්‍ර දායක වුවේය.රුපවාහිනි තීරයේද තමන්ගේ ප්‍රතිභාව මතු කළේය.ඇල්ල ලග වලව්ව ,රැජින,කුමාරයාණනි,කාහල නාදය ,සිව් දිය දහර මේවා ඉන් සමහරක් වේ.රාජ්‍ය නාට්‍ය සම්මාන ,සරසවිය සම්මාන,ඕ .සී .අයි .සී.සම්මාන ,ජනාධිපති සම්මාන,ස්වර්ණ සංඛ සම්මාන ,රන් තිසර සම්මාන්,සුමති සම්මාන වැනි සම්මානයෙන් නොයෙක් වර පිදුම් ලද්දේය.2001 වසරේ සිට දේශපාලනයට ද අවතීර්ණව මහජන මන්ත්‍රී වරයෙක් ද විය.සිව්රග සේනා චිත්‍රපටයේ පසුබිම් ගායනයට ද එක්විය.ශ්‍රී ලංකා නළු නිලි සංගමයේ සභාපති ලෙසද විශාල කාර්ය භාරයක් ඉටු කළේය.රන්දෙණිය විසින් ITN හි Mind Star ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මෙහෙයවන ලද අතර එය විශාල ප්‍රසිද්ධියක් ලබා ගති..


දළුගම කුඹුරු ඇළ දොළවලින් පිරුණු කුඩා ගම්මානයකි. රන්දෙණිය හැන්දෑවට කෙත්වතු දෙස බලමින් සුන්දරත්වය  අගය කළේය. ඔහු මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, කුමාරතුංග මුනිදාස සහ විමලරත්න කුමාරගම වැනි සම්භාවනීය සිංහල කතුවරුන්ගේ කෘතිවල ගිලී කුඩා කල සිටම දැඩි පාඨකයෙක් විය


රන්දෙණිය විවාහ වී ඇත්තේ සෙසු නිළි ප්‍රීති ප්‍රමිලා සෙනෙවිරත්න සමඟ වන අතර එහිදී විවාහ උත්සවය 1974 ඔක්තෝබර් 31 දින පවත්වන ලදී. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් වන සචින්ද්‍ර නිර්මාල්, සමීර මානාබරණ සහ එක් දියණියක් උමයංගනා ඉන්ද්‍රචාපා සිටී. ප්‍රීති රන්දෙණිය කිවිඳියක් මෙන්ම ළමා පොත් කතුවරියකි.

1974 වැනි කාලයක ක් සිනමාවට පිවිස සිනමාවේ විශිෂ්ටයන් පස්දෙනා අතරට එක්වීමේ සුදුසුකම නො අඩුව ලබා ඇතැයි ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම  මහතා ප්‍රකාශ කොට තිබේ.රසික හද මන රංජනය කල උත්තුංග දේහධාරී විශිෂ්ට රංග වෙදියානන්ට ආයුරාරෝග්‍ය බව චිර ජීවනය අත්වේවායි මේ සුබ උපන් දිනේ ප්‍රාර්ථනා තබමු.


ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන්  නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය පරිශිලනය කලබව ස්තුති පුර්වකව සතන් තබමි.