Sunday, February 21, 2021

කුමාර විදුගල ගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ


 කුමාර විදුගල ගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ 1955 ජුලි 5 බෙන්තොට හබුරුගල දී උපත ලබාතිබේ.මෙතුමිය ගේ පියා එවකට සිංහල බෞද්ධයා පුවත් පතේ උප කතුවරයෙක් වුවිජෙපාල කුමාරසිංහ මහතාවේ.හබුරුගල ගමේ පාසල අලුත්ගම සංගමිත්තා බාලිකා විදුහල එසේම ඇල්පිටියේ ආනන්ද විද්යාලය ආදියෙන් අධ්යාපනය ලබා ඇත්තේය.කුඩා කාලයේදී ඇය ගායනය හා නැටුම් සඳහා සිය දක්ෂතා පෙන්වූවාය.ඇගේ නැන්දණිය වන අනුලා වික්රමපාල සුප්රසිද්ධ අධ්යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මිතුරියකි. අහම්බෙන්, ඇගේ නැන්දලාගේ නිවස ඔහුගේ රන්සළු චිත්රපටය සඳහා ස්ථානය ලෙස භාවිතා කරන ලදී. කොලූපිටියේ පිහිටි ඇගේ නැන්දාගේ නිවසේ පාසැල් නිවාඩු ගත කළ කුඩා ගීතා ඇගේ ළමා වීරවරිය වුවේ  පුන්යා හෙන්දෙනියයි ගීතා ද ඇය  අනුකරණය කළේය..18 හැවිරිදි ගීතා බෙන්තොට ගාමිණි විද්යාලය හි ප්රාදේශීය පුවත්පතක් සංවිධනයෙන්  පැවති රුප සුන්දරී තරගයට ඉදිරිපත්ව ප්රථම ස්ථානයට පත්වුවාය. පියාගේ මිත්රයෙක් වූ අමිත අබේසේකර ගේ අනුග්රහයෙන් නයනා චිත්රපටයේ රුගත කිරීම් නැරබීමට ගියේ "නයනා " චිත්රපටය යේ ගාමිණි පොන්සේකා සමග රංගනයට අවස්තාවක් ලබා ගැනීමටය.ගාමිණී පොන්සේකා ගේ මෙහෙය වීමෙන් නීල් රූපසිංහ ගේ "ලස්සන කෙල්ල" චිත්රපටයේ සුජාතා ගේ චරිතය රංගනයට  අවස්තාව ලැබුවාය.මේ අතරම සරසවිය පත්රයේ පලවූ දැන්වීමකට ඉල්ලුම් කල ගීතාට කේ.ඒ.ඩබ්ලිව් .පෙරේරා ගේ "වාසනා " චිත්රපටයේ පුෂ්පා ගේ චරිතය ට අවස්තාව උදාවිය.මේ කාලයේ ඈගේ ආදර කතාව චිත්රපටයට ද සහභාගී විය .1975 ජුනි මාසයේ පළමු වෙන්ම "ලස්සන කෙල්ල " තිරගත විය.ඇයගේ පළමු චිත්රපටය තිරගත වීමට පෙර චිත්රපට 21 ක් සඳහා ගිවිසුම් අත්සන් කළ අතර එය ශ්රී ලංකා සිනමාවේ වාර්තාවකි.1975 "දමයන්ති " දෙවනුව තිරගත විය 1976 "වාසනා" තිරගත විය.එම වසරේම කොළඹ සන්නිය,ආශා ,ඔන්න මාමේ කෙල්ල පැනපි ,රන් තිලකා ආදී චිත්රපට රංගනය විය.1977 වසරේ  නිලුකා,පෙම්බර මදු ,චන්ඩි පුතා ,අගේ ආදර කතාව , මරුවා සමග වාසේ චිත්රපට රංගනය වුවාය.මරුවා සමග වාසේ රන් මැණිකා පෙම්බර මදු හි ඩල්සි වඩාත් කතා බහට ලක්වූ චරිත වුවාය.1978 අහසින් පොලවට ,සීතා දෙවි ,මදුවන්ති ,සාරා,දීපාන්ජලි,අපේක්ෂා 1979 සමන්මලී,මිනිසුන් අතර මිනිසෙක්,ජීවන කදුළු ,අක්කේ මට අවසර ,1979 සම්දන් ජෙමා,පොඩි මල්ලි,1980 සිරිබෝ අයියා,ගඟ අද්දර ,කරුමක්කාරයෝ, අපි දෙදෙනා,චිත්රපට වල සිරිබෝ අයියාහි එමා නෝනා කරුමක්කාරයෝ සෝමාවතී විසිස්ට රංගන වේ.1981 මෝහන පුන්ගයි හි සිවාජි ගනේසන් සමග ද රංගනය විය එම වසරේ කෝලම්කාරයෝ ,රංගා,වාලම්පුරි,අන්ජානා ,සතර දිගන්තය,හොදම නළුවා,චිත්රපට රංගනය විය.1982 වසරේ මහගෙදර,කිරි සුවද ,සිතාරා, තක්කිට තරිකිට,මේජර් සර්,1983 හිතත් හොදයි වැඩත්  හොදයි,බෝනික්කා ද 1984 හිමකතර,ජය සිකුරුයි.1985 මව්බිම නැත්නම් මරණය ,චරිත රන්ගාලි,1986 නො බොඩි ප්ර්පෙක්ට් ,ජය අපටයි,කොටි වලිගය,සුර සරදියෙල්,සිංහ පැටව් රංගනය කලාය .බොහෝ විට මතභේදාත්මක චරිත නිරූපණය කරන කුමාරසිංහ පාකිස්තාන, හින්දි, ජපන්, දෙමළ සහ ප්රංශ නිෂ්පාදන යන විදේශීය චිත්රපට ද රඟ දැක්වීය.1987 වසරේ යුක්තියද ශක්තියද ,රජ වැඩකාරයෝ ,ඔබටයි ප්‍රියේ ආදරේ ,1988 වසරේ අයියා නගෝ , අම්මේ ඔබ නිසා ,දුර්ගා , රංගනය කළේය.1989 බදුලු කෝච්චිය,ද අගේ රංගනයෙන් ඔපවිය.1990 ගීතා පාලමයට චිත්‍රපටය නිෂ්පානය කරමින් එහි ප්‍රධාන චරිතය ඩොටී ගේ භූමිකාව  විශිස්ටව රංගනය කළේය .1990 වසරේ හොදම නිළිය වුවේ ද එම චරිතය වේ.1991 දොළොස් මහේ පහන සහ සලඹක් හඩයි රංගනය කළේය. සලඹක් හඩයි චිත්‍රපටය ද ගීතා ගේ නිෂ්පාදනයකි.1992 මල්සර දෝනි සහ මුවන් පැලැස්සේ කදිරා 1993 නෙලුම් සහ සමන්මලී ,ලගින් ගියොත් අහක් නෑ ,මදාරා පරසතු ,1994 අභියෝගය,අඹු සැමියෝ ද රංගනය කළේය.1995 වසරේ චාන්දනී,සුදු වලස්සු,ඉන්ස්පෙක්ටර් ගීතා   1996 හිත හොද ගැහැනියක් සහ ලොකු දුව රංගනය කළේය.ලොකු දුව නිෂ්පාදනය ද ගීතා ගේමය.ලොකු දුව හි විශිස්ට රංගනයට   ඒ වසරේ ලොකු දුව හි හොදම නිළිය ද ගීතාය 1997 රත්තරන් මිනිහෙක් 1998 යුධ ගිනි මැද 2000 රාජ්‍ය සේවය පිණිසයි රංගනය කළේය.රාජ්‍ය සේවය පිණිසයි හි හොදම නිළිය වුවේ ද ගීතා වේ. එම වසරේම අනුරාගයේ අනන්තය චිත්‍රපටයේ දක්ෂතම නිළිය වුවාය. එහි නිෂ්පාදානයට ද හවුල් විය. 2004 රන්දිය දහර චිත්‍රපටයයේ ද හොදම නිළිය ලෙසා සම්මානිත විය.2014 ශ්‍රී දළදා ගමනය හි ද රන්ගනයක් විය.ඉන්පසුව දේශපාලනයට අවතීර්ණ විය  ජනප්‍රියම නිළිය ,සරසවිය සම්මාන , ඕ සී අයි සී සම්මාන, සිගනිස් සම්මාන ,ජාතික චිත්‍රපට උළෙලේ සම්මාන,ස්වර්නසංක සම්මාන ආදියෙන් ද ගීතා පිදුම් ලද්දේය.ඇයට සුභ අනාගතයක් චිර ජීවනය වේවායි ප්‍රාර්ථනා තබමු.



Friday, February 12, 2021

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල



හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල  1936 පෙබරවාරි 12 උපත ලැබීය.ජෝතිපාල මධ්යම පාන්තික පවුලක, පළමු දරුවා ලෙස ශ්රී  ලංකාවේ දකුණු දිග ප්රජදේශයේ උපත ලැබීය මරදාන ශාන්ත ලෝරන්ස් ,දෙමටගොඩ සාන්ත ජෝන්ස් විදුහල් තුලින් අධ්යාේපනය ලද්දේය.ගීතයට කුඩා කල සිටම පුදුම ඇල්මක් විය.නිවසේ ගුවන්විදුලි යන්ත්රනයක්  නොතිබුණු නිසා මේ කාලයේදී ඔහු ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාමට පුරුදුව සිටියේය.

  1972 වසන්තා සන්දනායක සමග තොටියෝ ගීතයේ අත්වැල් ගායනා කරමින් ගීත ගායනයට මුලින්ම එක්විය."ලැබේයයි   යි සිතාලාද",ජී එස්.බී.රානි පෙරේරා සමග,1954 මගේ රන් රාජනී,1955 වසන්තා සන්දනායක සමග අද අද එයි මාරයා ආදිය මුලින්ම ගැයූ සරල ගී වේ.   ඔහු නැසී ගිය "සිරිසේන විමලවීර" ගේ "පොඩිපුතා" චිත්රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි.ජෝති සිය මිතුරන් සමඟ "පොඩි පුතා" චිත්රපටය නැරඹීමට ගිය විට තම ගීතය එහි ඇතුළත් නොවන බව දුටුවේය.  ඉන්දියානු චිත්රපටය රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සතුටු නොවූ නිසා ගීතය ඉවත් කර තිබිණි.ඔහුට තම ගායන මංපෙත විවර කර ගැනීමට නොහැකි විය ගායකයෙක් ලෙස තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බව ඔහු දැඩිව සිතට ගත්තේ මේ අවස්ථාවේ දීය."සුරතලී" චිත්රතපටයේ නිෂ්පාදක ජබිර් ඒ.කාදර් මහතාට ඔහුව චිත්රපටය යොදා ගැනීම සඳහා ඔහුගේ ගීතයක් ඇසීමට අවශ්ය විය. ජෝතිපාලට ගීතයක් පටිගත කිරීමට ප්රිමාණවත් මුදලක් ඔහු සතු නොවූ මෙම අවස්ථාවේ දී කෘතහස්ත සංගීතවේදීස්ටැන්ලි ඔමාර් මහතා එකල විශාල මුදලක් වූ රු.35 ක් පරිත්යායග කළේය. .ඔහු 1956 දී සිරිල් පී. අබේරත්නගේ "සුරතලී" චිත්රපටය සඳහා "සිරියා මේ සාරා" ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය. එදාසිට  ජෝතිපාලගේ " සිරියා මේ සාරා " ගීතය තවමත් ශ්රී  ලංකාවේ අතිශය ජනප්රියයය . මින් පසුව ජෝතිපාලයන් ඉන්දියාවේ "වාහිනී" චිත්රාටගාරයේ  ටී.ආර්.පපා මහතාගේ අධීක්ෂණය යටතේ ජනප්රියය  ගීත රැසක්ම ගායනා කළේය.  සිංහල සිනමාවේ අඩ සියවසක දේශීය සිනමාව බිහිකළ ජන්කාන්තම  ගායකයා ජෝතිපාලයන් වේ.ජෝතිපාල ශ්රීා ලංකාවේ බොහෝ ප්රකට චිත්රපට අධ්යආක්ෂකවරුන් සමඟ කටයුතු කර තිබේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ මුල් කාලයේදී ජෝතිපාල අද්විතීය චිත්රපට අධ්ය ක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "සන්දේශය" චිත්රීපටයේදී ඔහු හා එක්ව වැඩ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. ජෝතිපාල මේ සඳහා ප්රිවීන සංගීතවේදී  සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද කෘතහස්ත ගීත රචක අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ "පෘතුගීරිසිකාරයා" ගීතය ගායනා කළේය.  ජෝතිපාල ඔහුගේ කටහඬ එඩී ජයමාන්න, ආනන්ද ජයරත්න,ඩොමී ජයවර්දන , ගාමිණී ෆොන්සේකා,ජෝ අබේවික්රම ,ටෝනි රණසිංහ , විජය කුමාරතුංග, සනත් ගුණතිලක, රවින්ද්ර රන්දෙණියගේ සිට දමිත් ෆොන්සේකා,වැනි බොහෝ වෙනත් තරුණ පරම්පරාවේ තරු වලට හා වෙනත් නවකයන්ට වශයෙන් සෑම පන්තියකගේම රංගනයට මුසු කළේය.. හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකය තුළ ඔහු රඟපෑමට පටන් ගත් චිත්රපටවල ජෝතිපාල යනු අවිවාදිත තේරීම විය. ජනප්රිුය හින්දි ගීතවල, විශේෂයෙන් මොහොමඩ් රෆීගේ ගීතවලට ගායනා කිරීම ගැන ජෝති විවේචනයට ලක් වුවද,   පී.වී. නන්දසිරි, ප්රේ මසිරි කෙමදාස, සරත් දසනායක සහ පණ්ඩිත් අමරදේව  ආර්.මුත්තුසාමි,එම් .කේ .රොක්සාමි,මොහමඩ් සාලි ,වැනි ප්රයවීණ සංගීත අධ්යමක්ෂක වරුන් යටතේ ගී ගයා  තිබේ. 1956 සුරතලි සිට  එකමත් එක රටක,දෙයියන්ගේ රටේ,දස්කම,වනමොහිනි,ශෝභා, අවිශ්වාසය,ශ්රී  296,ගැහැණු ගැට,සංදේශය,කවට අන්දරේ,නළගන,සුවිනීත ලාලනී,ගංතෙර ,සංසාරේ.සුහද දිවි පිදුම,සුදුනංගි ,සුහද සොහොයුරෝ,උඩරට මැණිකේ, සැමියා බිරිද  ගේ දෙවියාය, මුල් කාලයේ චිත්රපට වලට ද සෑම වසරකම තිරගත වූ සියලුම චිත්රපට සදහා 1987 දක්වාම ගී ගායනා කළේය.එකල ඔහුගේ ගීතයක් නොවූ චිත්රලපටයක් නොමැති තරමටම වීම විශේෂයකි.ඔහු ගේ අභාවයෙන් පසුවද ඔහු ගැයූ ගීත 1998 දක්වාම රසිකයන්ට අසන්න අවස්තාව විය. එය ලෝක වාර්තාවකි.ඒ අතර    ඔහු  ගී ගැයූ ජනප්රියය  චිත්රපට වන සුරයන්ගේත් සුරයා,ඔහොම හොදද,සුමුදු භාර්යා , කස්තුරි සුවද , තුෂාරා, ස්වීප් ටිකට්, හිතා හොද මිනිහෙක්  මිනිහෙක්, කවුද රජා  රාජා, හොදට හොදයි , වසනා, සංගීතා,මේ දෑස කුමටද,දුලීකා .අබිරහස ,ජනක සහ මංජු,සිරිල් මල්ලි,ජය සිකුරුයි,පෙරළිකාරයෝ, ඇතුළු චිත්රපට සිය ගණනක ගායනා කළේය. සම්මානලාභී ගායකයා දස්කම චිත්රනපටයේ ගීතමය දර්ශනයකට පෙනීසිටිමින් ප්රථම වරට රංගනයට එක්විය. සුදු සදේ කළු වලාතුලින් නොන්ඩි ජෝති ලෙස ප්රටසිද්ධ රංගනයට එක්විය.සුලලිත සෝබනී හි සොල්දාදුවෙක් ලෙස ද සිතක මහිම ,ඇතුල්වීම තහනම් හි දාගකාර පෙම්වතා ලෙස ද පිනිබිදු හි සන්ධ්යාද ගේ පෙම්වතකු  ලෙසද  ඇමතිකම,ප්රදවේසම්වන්න,ගීතා,දැවෙන පිපාස ,අබිරහස, සහනය,සුජීවා,ලොකුම හිනාව,ඉහත ආත්මය ,සුනේත්රා ,දිනුම් කනුව,ශාන්ති,සහයට ඩනි,ඔබයි මමයි, සුකිරි කෙල්ල , මගේ නංගි ශ්යායමා ,රන්වන් රේඛා,ජීවන ගීතය,දමයන්ති, සධානා ,නයනා, බොනික්කා, සිකුරු දසාව,සැලී ,තන  ගිරවි,සුමිතුරෝ,බෝනික්කා ,කිරිමදූ  වැල් , ඇතුළු චිත්රපටවල අමතක නොවන චරිත රංගනය කළේය.තමන්ගේ ජීවිතවෘතිය ඇසුරින් රෝයි ද සිල්වා ගව් අධ්යුක්ෂණයෙන් සුමිතුරෝ චිත්රපටය නිෂ්පාදනය කළේය.අනුකාරක ගී මගෙහි සිටි ජෝති ස්වාධීන ගී මගට යොමු කිරීමට ප්රේ්මසිරි කේමදාස,සරත් දසනායක,වික්ටර් රත්නායක ආදී පර්වීනයන් හේතු විය,වැඩිම චිත්රපට ගනනකට  ගී ගයා ඇත්තේ ග ජෝති වේ.සරසවිය,දීපශිකා සම්මාන මෙන්ම රෝමයේ සුවිශේසී සම්මානයක් ජෝති ලැබුවේය.විජය හා ගාමිණි ගේ ගීතමය ජවනිකා විචිත්ර්වත් වීමට ජෝති ගේ ගී පිටුවහලක් විය.ජෝතිට මේ රට පුංචි වැඩියි ඔහු ඉපදෙන්න තිබුනේ භාරතයේ යැයි භාරතයේ ශ්රේෂ්ට ගායක මොහමඩ් රාපී  මෙරටට පැමිනි අවස්තාවක ප්‍රකාශ කොට තිබිණි.ඔහුගේ මරණයට දින දෙකකට පෙර, 1987 ජූලි 5 වන දින, අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ දේශපේ‍්‍රමී ව්‍යාපෘතියක් වන "ගම් උදාවා" සඳහා සහභාගී වූ අතර, ඔහුගේ අවසන් විවෘත වේදිකාවේ ගායනා කළේය. නමුත් ගායනා කරන විට ඔහුට වේදනාවක් දැනුණු නමුත් ගායනය සාර්ථකව අවසන් කළේය. ඊළඟ දවසේ ඔහුව රෝහලට ඇතුළත් කළේය  ජෝතිපාල 1987 ජූලි 7 වන දින රත්නම්ස් පෞද්ගලික රෝහලේදී මිය ගියේය. එලෙසින් ඒ ස්වර්ණමය හඩ නිහඩ විය .ජීවත්ව සිටි ජෝතිට වඩා මියගිය ජෝතිව සැමදෙනාටම අගය විය .ඔහුගේ අවසාන අවස්ථාවේ දී ඔහු ගීත ගැයූ ප්‍රචාරය කරන්නයි ඉල්ලීමක් විය.එය එසේ සිදුවිය.විජය කුමාරතුංගයන්ට පසුව අති විශාල ජනතාවක් එක්වූ අවමගුල ජෝතිගේය.අදත් මේ ලංකාවේ ඔහුගේ ගීතයක් කොහේ හෝ ප්‍රචාරය වේ. නිහාල් නෙල්සන් ගායකයා කීවේ එච්.ආර් කියන්නේ හදවත රත්තරන් යන අදහස බවයි.ලංකාවේ පොදුජන හදවතේ ජීවත්වන ගායකයා ජෝතිපාලයන්ම වේ.අමා මහා නිවන ඔබට අත්වේවායි අපි ප්‍රාර්ථනා තබමු.ආචාර්ය නුවන් නයනජිත් සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය ඇසුරු කරගත් බව ස්තුති පුර්වකව සටහන් තබමි.