වැරදුන කුරුමානම ...... කතානාද සිංහල සිනමාවේ 5 වන සිනමා සිත්තම වැරදුන කුරුමානම වේ. 1948 12 03 තිරගත විය . අධ්යක්ෂණය ජෝතිස් සිං නිෂ්පාදනය සි ලෝන් තියටර්ස් විසිනි. බී ඒ.ඩබ්ලිව් .ජයමාන්නගේ වේදිකා නාට්‍ය ඇසුරින් නිපදවී තිබේ. කතාව දෙබස් තිර රචනය ද බී ඒ.ඩබ්ලිව් .ජයමාන්න ගෙනි. සංගීතය බම්බරැන්දේ ශ්රීනාත් පෙරේරා සහ පාන්ඩුරන්ගන් ගෙනි. ගීත රචනා පී.එල්.ජේ.නන්දන කීර්ති ගෙනි. රංගන දායකත්වය ස්වර්ණා ගේ චරිතය රුක්මනී දේවිය ද චන්ද්රපාල ලෙස හර්බි සෙනෙවිරත්නද ප්රේමා ගේ චරිතය ලලිතා කුමාරිද බබයියා ලෙස මගුල් කපුවා එඩී ජයමාන්න ද මෙරායා ලෙස දොදොල් වෙළෙන්දිය ජෙමිනි කාන්තාද රංගනය දායක වී ඇත. මේ හැර බී ඒ.ඩබ්ලිව් .ජයමාන්න , බර්ටම් ප්රනාන්දු, බී .එස් .පෙරේරා, ලෙටිශියා දාබරේ, ඩොරති විජේසුන්දර , ලැටිසියා පීරිස් යන රංගන ශිල්පීන් දායක වී තිබේ .බී .එස් .පෙරේරා, ලැටිෂියා පීරිස් දෙදෙනාගේ ප්රථම සිනමා ආගමනයද වැරදුන කුරුමානම වේ . කතා සාරනංශය මෙසේය ... වලව්වේ පුංචි නෝනා ස්වර්ණා චන්ද්රපාල හදුනා ගන්නේ තම මෝටර් රථය වෙරලේ අක්රිය වූ අවස්ථාවේදී පිහිටට ආ අවස්ථාවේය. මෙයින් දෙදෙනා අතර ආදර සම්බන්ධතාවක් ඇතිවේ. දුප්පත් තරුණයකු වූ චන්ද්රපාලට කොළඹ රැකියාවකට ඒමට මුදල් නැති අවස්ථාවේ ඔහුගේ ගමේ පෙම්වතිය ප්රේමා හා අගේ සොහොයුරා තම නිවස උගසට තබා මුදල් ලබාදේ. ප්රේමා අමතක කරන චන්ද්රපාල ඇය පිළිසරණ පතා පැමිණි විට පලවා හරි. කලකිරීඅට පත් ප්රේමා දිවිනසා ගැනුමට උත්සාහ දරන අවස්ථාවේ ඇය බේරාගන්නේ ස්වර්ණාය . ඇය පිස්තෝලයක් පෙන්වා චන්ද්රපාල බිය ගන්වා ප්රේමා හා විවාහයට චන්ද්රපාල එකග කරගනී. චන්ද්රපාල ගේ කුරුමානම වරදී. රුක්මනී ස්වර්නා ලෙස ප්රථම වරට සැහැල්ලු සෙල්ලක්කාර ගති පැවතුම් සහිත චරිතයක් රංගනය රගපාන්නීය. එක් දර්ශනයක ඉතා කෙටි ගවුමකින් සැරසී සිටියහ. අදටත් පැරණි රසිකයන් ප්රිය කරන සුමියුරු ගී ද මෙහි වුවේය ".සැන්දෑවේ සැන්දෑවේ ...ගලා කන්දෙනි මතුවෙනා"... "ශාන්ත මේ ප්රේමේ .". එඩී ජයමාන්න ගැයූ "දෙව්ලොව දෙවියනේ" ..ආදීයයි මුල් ප්රදර්ශනය – එල්ෆින්ස්ටන්, මැජෙස්ටික්, ගාල්ල කුවීන්ස්, බදුල්ල කිංග්ස්, ත්රිකුණාමලය නෙල්සන්, අම්බලන්ගොඩ ලක්ෂ්මී මංගල දර්ශනය – අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සහ එම මැතිනියගේ ප්රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී. මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ සිනමා වංශය ග්රන්ථද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .
Wednesday, December 22, 2021
Sunday, December 19, 2021
දිව්‍යමය ප්‍රේමය සිංහල සිනමාවේ හතර වැන්න
1948 මැයි 22 සිංහල සිනමාවේ 4 වන චිත්රපටය තිරගත විය. මෙය නම් කලේ දිව්යමය ප්රේමය නමිනි. දිව්‍ය ප්රේමය නමින්ද හැදින් විය. . වී. එන් .ජවේරි සහ දී.එස්.බාබු දෙදෙනා අධ්යක්ෂණය කළේය. වී. එන් .ජවේරිම සංස්කරණය කළේය. දේශීය චිත්රපටයක් නිපදවීමට ඉන්දියාවට ගිය ප්රථම සිනමා කණ්ඩායම විය. ලංකා කළා මෝහිනී චිත්රපට සමාගමේ අධ්යක්ෂක වරයෙක් වූ එන් .තුරෙයිසිංහම් සහ එම් .කේ.කුප්පුසාමි මෙහි නිෂ්පාදක වරයන්ය. මෙහි රංග ශිල්පීන් වුවේ ශ්රීමති කරුනාදේවි ( ලලිතා ) ලුමන් රාජපක්ෂ ( පැරකුම්) පීටර් සිරිවර්ධන ( නරේන්ද්රසිංහ) ප්රධාන වේ. ඊට අමතර චරිත සදහා ටී.එන් .සිමියොන් ද සිල්ව ශ්රීමති ප්ලෝරිදේවි ,බී රොබට් පෙරේරා එම් .ඒ . සොමිපාල, ඇසිලින් රණසිංහ , සීතා රණසිංහ , චන්ද්‍ර දසනායක, ප්රැන්සිස් මොල්ලිගොඩ ,ඕගන් රුද්රිගෝ සේනානායක,, විමලා කාන්තා ටී.ඩී .බැසිල් බොතේජු, ජී.කේ .ජයන්ත රාජදාස එම් .එම් .සුමනාවතී එම් .සයිමන් පෙරේරා රොබට් රත්නායක රාණි මොල්ලිගොඩ බේබි සත්යවතී කමලා සෙනෙවිරත්න සෝමාවතී පෙරේරා ශ්රීමති කමලා කාන්ති ඩේසි හැනැල්ල ප්රීඩා හැනැල්ල යන අය දායක විය. සංගීත අධ්යක්ෂණය එච්.ආර්.පද්මනාහ ශාස්ත්රී ගෙනි. ගීත එතරම් ජනප්රිය වුවේ නැත. තිර රචනය සහ ගීත රචනා ශ්රීමති කරුණා දේවි චිත්රපට ගත කිරීමට ගත වූ කාලය - අවුරුදු 2 මාස 06 යි කතා සරාංශය මෙසේය .... ලලිතා අනුරාධපුරයේ ප්රභූ වරයෙක් වූ සිංහබාහු ගේ දියණිය වේ. ඇය අසල්වැසි ප්රභූ පවුලකට අයත් පැරකුම් ට ප්රේම කිරීම සිංහබාහු ගේ කෝපයට හේතුවේ. මේ ප්රේමය නතර කිරීම සදහා සිංහබාහු කැලණිය පුරවරයට වාසයට පැමිණේ. පැරකුම් ලලිතා සොයා කැළණි පුරවරයට පැමිණේ. ඔහුට නොයෙක් දුක් කරදර වලට භාජනය වීමට සිදුවූ නිසා උමතු භාවයට පැමිණේ. මේ අතර ලලිතා ගේ විරෝධය නොතකා සෙන්කඩගල රජුගේ පුත්රයා වන නරේන්ද්සිංහට විවාහ කරදෙනු ලැබේ. මේ විවාහය පිළිබද අසතුට ලලිතා පල කල නිසා නරේන්ද්සිංහ ලලිතා සිංහබාහු වෙත පිටත් කරයි. අතර මගදී ඇය මරා ආභරණ කොල්ල කෑමට සේවකයන් කුමන්ත්රණ කරයි. මෙහිදී ඇය ඔවුන්ගෙන් බේරී පලායයි. පලායන අතර පැරකුම් ට හමුවේ. නමුත් දෙදෙනාට එක්වීමට නොහැකිවේ. දෙදෙනා එකට මියයන්නේ තම ප්රේමය දිව්යමය බව හගවමිනි. මේ පුවත මෙරටට සමීප වන්නේ චරිතවල හා ස්ථාන වලනම් විසින් පමණි. ඇදුම් පැලදුම් නිවාස ගෘහ උපකරණ ඉන්දියාවේ මෝගල් සමය පිලිබිබු කෙරිණි. ටවර් හෝල් නලු නිලියන් මෙරට ප්රේක්ෂකයන් තුල සාර්ථකත්වයක් මේ චිත්රපටය ඇති නොකළේය. .ප්රදර්ශනය මුලින්ම - ජින්තුපිටිය ටෝකීස් - කිංස්ලි - ක්වින්ලන් නුගේගොඩ - මෝහිනී ගාල්ල, නිව් ට්රිවෝලි නුවරඑළිය - මොඩර්න් – බදුල්ල මංගල දර්ශනය - කොළඹ නගරාධිපති ආර්. එෆ්. එස්. ද මෙල් මහතා සහ මැතිනියගේ ප්රධානත්වයෙන් කිංස්ලි තියටර්ස්හිදී..... මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ සිනමා වංශය ග්රන්ථද උපයෝගී කරගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි
-
1901 දී ශ්රී ලංකාවටචිත්රපට හඳුන්වා දීම සනිටුහන් වේ. ( එවකට ලංකාව ලෙස පමණක් හැඳින්වුණි) එකල රටක ප්රථම වරට චිත්රපටයක් ප්රදර්ශනය කර...
-
1926 අප්‍රේල් 15 දින නාරාහේන්පිටදී ජන්ම ලාභය ලද කේ ඒ ඩබ්ලිව් යන අකුරු තුනෙන් සිනමා ලොව හදුනන කොන්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරා, ගේ ජීවතය ආ...