Saturday, January 23, 2021

ජයසේකර අපොන්සු

  1951 පෙබරවාරි 23 ගොනියා මාලිමගේ ජයසේකර අපොන්සු නුවරඑළියේ උපත ලැබුවේය.නිල්දණ්ඩා හින්නේ සුමංගල විදුහලෙන් සහ නුවර එලිය ගාමිනි  මහා  විද්‍යාලයෙන්අධ්‍යාපනය ලබාතිබේ.කුඩා කල සිටන්ම නළුවෙක් වීමට සිහින මැවූ අපොන්සු "සපත් " ගීත නාටකයේ යකදුරෙක් ලෙස හාපුරා කියා රගපෑ වේය.අපොන්සුගේ මාමා කෙනකු වන එඩ්වින් පීරිස් නළුවෙකු වීමට ඔහුහට දිරි දුන්නේය.ගරාජයක මෝටර් රථ අලුත්වැඩියා කරන්න්කුලෙස සේවය කරමින් හෙතෙම නළුවෙක් වීමට අපමණ  වින්දේය.1973කිංස්ලි රාජපක්ෂ ගේ සිනාවයි ඉනාවයි චිත්‍රපටයේ ගීතමය දර්ශනයක පෙනිසිටිමින් වෘතාන්ත සිනමාවට එක්වීමට භාග්‍ය ලද්දේය.එහෙත් පළමුව තිරගත වුවේ 1973  සුහද පැතුම චිත්‍රපටය වේ. රෙදි සාප්පුවේ විකට තරුණයා චරිතයයි .මෙය තිරගත වුවේ ද ඔහුගේ උපන් දිනය වූ පෙබරවාරි 23 ම වේ.මුලින්ම විකට චරිත  රංගනයට අවස්තාව ලැබිණි.1975 සධානා හි ද විකට චරිතයක් විය.1976 හුලවාලි චිත්‍රපටයේ කරත්ත කරුවෙක් ලෙස "කුල ගෙදරින් දුම්බර කදු වැටියේ "ගීතයේ රංගනය විය.1977 වනවිට චිත්‍රපට 4කම රංගන අවස්ථා උදාවිය.සුදුපරවියෝ හි "රනා " සහ  ඔහොම තමයි,සිකුරු දසාව හි "පිලා"සහ ටොම් පචයා ද අපොන්සුගේ රංගනයෙන් ඔපවත් විය.1978 සෙලිනාගේ වලව්වේ විශ්ව විද්‍යාල සිසුවෙක් විය.සාරා හිද අපොන්සු ගේ රංගන විය.1979 සමන්මලී හි සේවකයෙක් ලෙස ද රාන් කුරුල්ලෝ හි ටිකිරා ගේ චරිතය ද  වසන්තයේ දවසක් හි සරත් ද මතකයේ රැදේ. 1980 වසරේ අපොන්සු උතුමාණෙනි තුලින් ද රක්තා හි ගෝරාසින්ගේ හෙන්ච්යියකු ලෙසද බඹර පහසේ ද රංගන .වුවේය.1981සත්කුළු පව්වේ ජයා ,සයුරු තෙර හි බෙන්ජා , රිදී තැල්ලේ බොකුටා ,තවලම ,බාදුරා මල්, පනී  මලර්ගල්  තුලින් ද අපොන්සු රංගන ගෙනාවේය.1982 සදා,තනි තරුව,පෙති ගෝමර,අනුරාධා මිහිදුම් සිහින හි ද රංගන වූ අතර අනුරාධා තිර රචනය ද අපොන්සු  ගෙනි.1983 සුබෝධා ,1984 බට්ටි,බිරිද, 1985 වාසිටි කෙල්ල ,1986 අසිපත මමයි හි ගමනායක,මල්දෙනියේ සිමියොන් 1987 යුගයෙන් යුගයට හි ජෝකිනෝ 1990 පෙම් රජ දහනේ කෝප්‍රල් බණ්ඩාර ලෙස අප දුටුවේය.පෙම් රජ දහනේ තිර රචනය ද අපොන්සු ගෙනි.1992 සයනයේ සිහිනය රංගන විය.1999  රෑ රු අධ්‍යක්ෂණය මෙන්ම රංගනය (ආත්ම දෙකක ද්විත්ව චරිත ) විය.2001 ජැක ඇන්ඩ් ජිල් හි මාස්ටර් ජිල් අපොන්සුය.2013 සීතා මන් ආව හි රාවනා ඔහුය.එහි තිර රචනය ද අපොන්සු ගෙනි.2017 සෙල්ලම් නැත්නම් ලෙල්ලම් හි රොබා අපොන්සුය මේවනවිටත් නවතම චිත්‍රපට නිර්මාණ කරනයේ ද යොමුව සිටි.සිනමාව මෙන්ම වේදිකාව ද අපොන්සු ජය කෙහෙළි නැන්වුවේය.ඇතුලත් ගැට පිටත් ගැට,පෙට්රුකා ,ගමනේ යා.අහස කඩා වැටේ ,කල්පාන්ත්යක්,බ්‍රහ්ම යුද්දේ ,ලන්තෑරුම ඇතුළු වේදිකා නාට්‍ය රාශියක රංගනය කල අපොන්සු සම්මානනීය නාට්‍ය නිර්මාණකරුවෙකු ද වේ.පාතාලේ සොල්දාදුවෝ,ඉරි,තටු,කපීපෙනුනු අතර කාන්තා චරිත රංගනයට මනා කුසලතා ඇත්තෙක් විය.තිර කතා රචකයෙක් ලෙස කුමාරිහාමි,රේල් පිලි ,රුව ,ගිජු,අපොන්සුගේම නිර්මාන්වේ.පුංචි තිරයද ජය කෙහෙළි නැංවූ ඔහු නොනාවරුනි  මහත්වරුනි සබාවෙන් අවසරයි , මැඩම් සෝබා ,තුර්යා ,නයිට් ල්ර්නස් තුලින් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමද ලද්දේය.ජයසේකර අපොන්සු රංග කළා ශිල්ප පීටය තුලින් සිසු සිසු වියන්ට රන්ගනය ද උගන්වුවේය.තවම රංගන කළා ක්ෂේත්‍ර යතුල විප්ලවීය කටයුතු නිර්මාණ තුල ඔහු යෙදී සිටි.අපි එතුමාට යහපත් අනාගතයක් නිදුක් නිරෝගී බව චිර ජීවනය පතමු.අනෙක බාධක  දිරියෙන් ඉදිරියට පැමිණි ප්ර්තිභාපුර්ණ රංග ශිල්පියෙක් අපි ඔහු තුලින් දකිමු. මෙම  සැකසීමට ප්‍රවීණ මාද්‍ය වේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර ශුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය කෘතිය උපකාර කරගත් බව ස්තුති පුර්වකව ගෞරවයෙන් සටහන් තබමි.

Thursday, January 7, 2021

නීටා ප්‍රනාන්දු


 නීටා ප්‍රනාන්දු 1947 සැප්තැම්බර් 5 මීගමුවේ කටුනේරිය ග්‍රාමයේ උපත ලැබුවාය.නීටා සහෝදර සහෝදරියන් තිදෙනෙකුගේ වැඩිමලා වූ අතර අධ්‍යාපනය ලැබුවේ වෙනප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ය. කුඩා කලසිටම කලාවට ඇලුම් කලාය.පරසතු මල්හි රංගනයට අවස්තාව  වුවත්  කෙසේ වෙතත් ඇගේ දෙමව්පියන් අනුමත නොකළ නිසා ඇයට චිත්‍රපටයට පෙනී සිටීමට නොහැකි විය. අධෛර්යයට පත් නො වූ ඇය පාසැල් අධ්‍යාපනය අවසන් කර නැවත රංගනයට පිවිසීමට අදහස් කලාය   ගුරුවරියක් වීමේ අදහස ද ඇයට විය . චිත්‍රපටය කෙරෙහි ඇය දැක්වූ උනන්දුවට  ඇගේ මාමාගේ සහය විය. ඩබ්ලිව් .එම.එස්.තම්පෝ ගේ ලදක මහිම හා සතුටයි කදුලයි චිත්‍රපට යුගලයෙන් සිනමා ආගමනය විය. ඉන්පසුව චිත්‍රපට 40 කට පමණ  රංගන දායකත්වය දුන්නේය,  ලයට ලය,රුහුණු කුමාරි,හරිමග,මී මැස්සෝ ,පික්පොකට් ,ගීතා ,රන් ඔන්චිල්ලා ,කෙසර සිංහයෝ,බිදුණු හදවත් ,සමනල කුමරියෝ,සුජීවා,අද මෙහෙමයි,මාතර ආච්චි,සුනේත්‍රා,කලියුග කාලම්,හදවත් නැත්තෝ ,ශාන්ති,කාක්කුම් පෙන්,සාගරිකා ,දුප්පතා ගේ හිතවතා, ලසදා ,වස්තුව,හිත හොද මිනිහෙක් ,කලියුග කාලේ,රත්තරන් අම්මා,කොහොම කියන්නද,සිරිල් මල්ලි, ලස්සන කෙල්ල,කෝකිලයෝ,රජ ගෙදර පරවියෝ,ජීවන ගීතය,වාසනා,දුහුළු මලක් ,හාරත හතර,ආශා ,හරියට හරි,දෙවියන් ගේ තීන්දුව,මංගලා ,හිතුවක්කාරයෝ,විසිහතර පැය ,සුරිය කාන්ත ,පවුරු වළලු,සරෝජා ,භිෂනයේ අතුරු කතාවක් චිත්‍රපට වේ. 1997 දී“දුහුලු මලක්” චිත්‍රපටය ඇගේ වෘත්තීය ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණයක් විය.  හොඳම නිළිය සඳහා වන සම්මානය(OCIC) දිනා ගැනීමට සමත් වුවේය   නීටාගේ ඇයගේ සිනමා දිවියට අමතරව ගුණසේන ගැලප්පතිගේ "සඳකිඳුරු", ජෝන් සිල්වාගේ "වෙස්සන්තර ", කාලිංගා ඔබෙවන්සාගේ "ආලකා මන්දා ", මාටින් ගුණදාසගේ "සහනා ලද්දෝ " සහ අනුලා විජේරාමාගේ "මහා ගජබා" යන වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිත නිරූපණය කර ඇත. ජෝ අබේවික්‍රීම්, ගාමිනි ෆොන්සේකා, විජය කුමාරතුංගේ, ටෝනි රණසිංහ සහ රවින්ද්‍ර රන්දෙනියා ඇතුළු ශ්‍රී ලංකා සිනමාවේ ප්‍රමුඛ පෙළේ පිරිමි තරු සමඟ ඇය රඟපෑවාය. පසුව 1975 දී නීටා ලංකාවෙන් සමුගෙන කැනඩාවේ පදිංචියට ගියේය.  මොන්ට්‍රියල් මහ රෝහලේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කළාය. 1983 දී ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී නීටා සහ ඒලියන් විසින් “සූරියකාන්ත” චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලද අතර එහි ප්‍රධාන කාන්තා චරිතය විජය කුමාරතුංග සමඟ රඟපෑවාය. 1998 වර්ෂයේදී පැවති 11 වෙනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’ සිනමාපටය වෙනුවෙන් උළෙලේ පිරිනමන ලද ‘හොඳම නිළිය සඳහා වූ රිදී තිර සම්මානයට’ (Silver Screen Award for Best Actress)හිමිකම් ලැබුවාය.නීටාට තම උපන් භූමියේදී ‘විශ්ව කීර්ති’ සම්මානය ද, ජනාධිපති හා විචාරක සම්මානය ද ලැබිණි.1999 දී විචාරක සම්මානය සහ 2000 දී ශ්‍රී ලංකාවේ හොඳම නිළිය සඳහා වූ OCIC සම්මානය දිනා ගැනීමට සමත් විය.පුංචි තිරයේ ද කාහල නාදය ,සුර්ය විංසති  නීටාගේ රංගනයෙන් ඔප විය. සිනමාවේ විවිධ රංගනයන් තුලින් තම පර්තිභාව මතුකළ නීටා ගේ රංගනයන් එදාමෙන් අදත් ප්‍රේක්ෂක සිත් තුල නොමැකෙන සටහන් තබා තිබේ.එතුමියට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා තබමු.ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ "ශ්රී ලාංකේය සිනමා වංශය" ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ "දේශීය සිනමා වංශය" ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි.....


Wednesday, January 6, 2021

රොබින් ස්ටීවන් ප්‍රනාන්දු


 පට්ටියාගේ රොබින් ස්ටීවන් ප්‍රනාන්දු 1937 ජුනි 15 වන දින කොටහේන  හි උපත ලැබීය. ඔහුගේ පියා සිරිල් ඇන්තනි සේවය කළේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේය. ඔහුගේ මව විලට් ඇන්තනි ගෘහණියක්. ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටී. ඔහු සිය අධ්‍යාපනය සම්පූර්ණ කළේ දෙවන ලෝක යුද්ධ සමයේ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් ය. ඔහු කරාතේ සහ ජිම්නාස්ටික් වැනි ක්‍රීඩාවන් සඳහා ජාතික වර්ණ ලබා ගත්තේය.හේ එකල ගිනි වළලු 4 පැනීමට දක්ෂයෙකි.පාසල් සමයේ සිටම දහම් පාසල් ඇසුර ලැබුවේය.මේ නිසා දොරකඩ අස්න කීමේ විරල භාග්‍ය ද ලැබුවේය.රගපෑමට ලොකු ආසාවක් නොවුවත් සටන් ජවනිකා නැරබීමට මහත් ඇල්මක් විය.කොළඹ මැක්වුඩ්ස් සමාගමේ සේවයේ නිරතව සිටින අතර ඔහුව සිනමාවට හදුන්වා දෙන්නේ අසල්වැසි මිත්‍ර  ප්‍රවීණ මාධ්‍ය වේදී ආරියරත්න කහවිට විසිනි.රොබින් ගේ සිනමා ගුරුවරයා වුවේ ටයිටස් තොටවත්තයන්ය     ටයිටස් තොටවත්ත ගේ චන්ඩියා හි ගාමිණි සමග සටනකට පෙනී සිටිමින් සිනමා ආගමනය වුවේය.මුලින්ම සටන් ජවනිකා වලම වැඩිපුර පෙනී සිටියේය.ධීවරයෝ ,සගවෙන සෙවනැල්ල ,කපටිකම,හතර කේන්දරේ,රුහුණු කුමාරි,බයිසිකල් හොරා ආදිය රොබින් ගේ සටන් සහිත චිත්‍රපට වේ.ජිම්නාස්ටික් පමණක් නොව විවිධ සටන් ක්‍රම හදාළ රොබින් සටන් අධ්‍යක්ෂක වරයෙක් ලෙස දශක 4 පුරා සිනමාවට අමිල උදාර සේවයක් කළේය.රංගනය වූ සැම චිත්‍රපටයකම සටන් මෙහෙයවීම් ද රෝබින් ට පැවරිණි.නවකයන් රාශියකටම රොබින් ගේ ගුරුහරුකම් ලබා දුන්නේය.තමන් රංගනය නොකලද සටන් හා ක්‍රියාදාම ඔහු මෙහෙයවීය.මනා ජවය කඩවසම් පෞරුශය බිහිසුණු ජවනිකා සදහා නොබියව කැපවීමද රොබින් ගේ  විශේෂය වේ.හාර ලක්ෂ්‍යය ,සින්ගපුර් චාලි,හදවත්  නැත්තෝ,සිහසුන ,වස්තුව, ජීවන ගංගා ,සිකුරුලියා,සිරිපාල හා රන් මැණිකා,අපේක්ෂා ,රොබින් ගේ අමරණීය සටන් වලට උදාහරණ වේ.රොබින් පළමු වරට ප්‍රධාන චරිතයක් වන්නේ දැවෙන පිපාසය චිත්‍රපටයේය.හදවත් නැත්තෝ ,සිරිපාල හා රන් මැණිකා,අපේක්ෂා,රක්තා ,හස්ති වියරුව,චුට්ටේ,රතු මකරා,මුහුදු ලිහිණි,අහිමි දඩමන් ,සප්ත කන්‍යා වැනි චිත්‍රපටවල රංගනයන් වඩාත් සුවිශේසී වේ.රොබින් ප්‍රධාන චරිතය රගමින් බටහිර චිත්‍රපටයක් ඇසුරින් සුර දුතියෝ අධ්‍යක්ෂණය කළේය.නින්ජා ශ්‍රී ලංකා ද ඔහුගේ දෙවන ක්‍රියාදාම චිත්‍රපට අධ්‍යක්ෂණය වේ.DESTINATION ISLAND  නමැති ජර්මානු චිත්‍රපටයේ ද විසිස්ට රංගනයක් ඉදිරිපත් කළේය.හිමරාත්‍රිය ,සෙක්කු ගෙදර ,බෝගල සවුන්දිරිස්,සංග්‍රාමය ,සමුද්‍ර ජායා ,පුෂ්පරාග යන ටෙලි නාටක වලද රොබින් ගේ ප්‍රතිභා පුර්ණ රංගන විය.කලක් දළුගම සරසවි චිත්‍රාගාරයේ පාලක ධුරය ද හෙබවිය.චන්ඩියා ගේ සිට 2018 ආදරෙයි මන් දක්වා චිත්‍රපට 100 ආසන්නව රොබින් ගේ දායකත්වය විය.මුලින් සදහන් නොවූ පිනිබිදු ,ඉදුනිල කවුද හරි,ඔහොම හොදද ,රන් ඔන්චිල්ලා ,හිතක පිපුනමල්,අබිරහස,බිදුණු හදවත්,සංඛ පාලි,රණ දෙරණ,කිදුරු කුමාරි,විසි දැල සහ තවත් චිත්‍රපට රාශියක් වේ.  දේශීය සිනමාවේ සටන්කාමි රංග ශිල්පින් අතර දුෂ්ටයකු නොවී වීරයෙක් ලෙස කැපී පෙනුණු රංග ශිල්පියා රොබින් වේ.සරසවිය කුසලතා සම්මාන සුමති සම්මානද ලබා ඇත්තේය.රොබින්  1965 දී   වයලට් ජයවීර සමඟ විවාහ වූ අතර ඔහුට එක් දියණියක් සිටී.එතුමා 2022 ජනවාරි 08 දිවි රගමඩලෙන් සමු ගත්තේය  අති  උතුම් නිවන් සුව  ප්‍රාර්ථනා කරමු.. මේ ලිපිය සංග්‍රහ කිරීමේදී  ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ "ශ්රී ලාංකේය සිනමා වංශය" ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ "දේශීය සිනමා වංශය" ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව  ගෞරවයෙන්  ස්තුති පුර්වකව සදහන් කරමි.....

Saturday, January 2, 2021

සිරිල් වික්‍රමගේ

 

සිරිල් වික්‍රමගේ 1932 ජනවාරි 26  කුරුණෑගල කොහිල ගෙදර ග්‍රාමයේ උපන්නේය.එහි ගැලවීමේ හමුදාව මගින් පවත්වා ගෙන ගිය පාසලේ මුලින්ම අධ්‍යාපනය ලැබුවේය.පසුව පේරාදෙණිය අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු වරයෙක් ලෙස පුහුණුව ලැබීය,රත්මලාන බිහිරි විද්‍යාලයේත් කොළඹ වෙස්ලි විද්‍යාලයේත් උගැන්වීම කරන අතර ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් උපාදිය සමත්විය.කාය වර්ධනයට ද හේ ඇලුම් විය.ශ්‍රී ජයනා ගෙන් නර්තනය හදාළේය.ගුණසේන ගලප්පත්ති ගේ "මුදු පුත්තු " තුලින් ප්‍රථම වරාට ප්‍රසිද්ධ වේදිකාව ආගමනය කළේය.දේවතා එලි ,කුවේණි, තවත් උදැසනක් ,දවසක වෙනස ,එලොව ගිහින් මෙලොව ආවා ,කඩා වළලු ,පබාවතී,ලියතඹරා ,නැට්ටුක්කාරී ,වෙස්මුහුණු,අශින් වැටුණු මිනිස්සු ,ඉඩම,ඔහුගේ වේදිකා රංගනයන්හි ප්‍රශස්ත පලයන් වේ.සිසිර සේනාරත්නයන් ගේ මෙහෙයවීමෙන් 1965 කිංස්ලි රාජපක්ෂගේ "හදපාන " චිත්රපටයේ හරමා නමැති මැරයෙක් ලෙස සිනමාවේ දොරට වැඩියේය.1967 සත්සමුදුර හි ගුණදාස ලෙසකල ප්‍රධාන චරිතයෙන් හේ වඩාත් ප්‍රකට විය.1969 බිනරමලී,පාරාවළලු,මොකද වුනේ ,1970 නිම් වළල්ල ,වෙස්ගත්තෝ ,1972 සිහින ලොවක්,1973 හත්දින්නත් තරු,1974 අහස ගව්ව ,1976  වල්මත්වූවෝ , 1977 එයා දැන් ලොකු ළමයෙක් ,1978 සෙලිනාගේ වලව්ව ,බඹරු ඇවිත් ,1979 චුඩා මාණික්‍යය ,විසි හතර පැය ,1980 කරුමක්කාරයෝ,1981 සොල්දාදු උන්නැහේ ,1983 මුහුදු ලිහිණි,1984 පරසතුරෝ ,1985 සුද්දිලා ගේ කතාව,1987 මංගල තෑග්ග ,කිවුලේ ගෙදර මොහොට්ටාල ,1989 සිරි මැදුර ,1990 පාලම යට,1991 සත්‍රී ,1992 කුලගෙය 1994 එකදා වැහි,අඹුසැමියෝ ,මී හරකා,1995 සෙයිලම,මාරුතය,1996 තුන්වෙනි ඇහැ ,බිතු සිතුවම් ,1997 BLENDINGS ,1999 සෙක්සි ගර්ල් ,  නගරං ,2000 අනුරාගයේ අනන්තය ,2002 තහනම් ගහ ,2004 ගිනි කිරිල්ලි වික්‍රමගේ රංගනයෙන් ඔපවත් වුවේය.සිහින ලොවක් ,කරදිය  වළල්ල සිරිල් ගේ අධ්‍යක්ෂණ විය .නුබ නාඩන් ,සෙනෙහෙලතා ,පලිගු මැණිකේ,අදුකොල ,මිහිකත ගේ දරුවෝ,ගව්වෙන් ගව්ව ,අල්ල ලග වලව්ව ,ඇතුළු ටෙලි සිනමාවේ ද ප්‍රබල රංගන  දායකත්වයක් වික්‍රමගේ මතු කළේය.කලක් ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂක තනතුරක් ද හෙබවිය.ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් ලෙස 1979 ජනාධිපති සම්මාන උළෙලේ බඹරු ඇවිත්  වෙනුවෙන් කුසලතා සම්මානයක් ද 1986 ජනාධිපති සම්මාන උළෙලේසුද්දිලාගේ කතාව හි හොදම සහාය නළුවා ලෙස ද සහ ස්වර්ණ සංඛ ඕ සී අයි සී සම්මාන ද හිරු රන් සම්මානද ලබා  ඇත්තේය .එතුමාට නිදුක් නිරෝගී දීර්ගායු පතමු,ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ "ශ්රී ලාංකේය සිනමා වංශය" ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ "දේශීය සිනමා වංශය" ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි.....