Friday, April 24, 2020

ජෝසප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු...

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ලෙස ජනප්‍රිය වූ ජෝසප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු උපත ලැබුවේ 1940 අගෝස්තු 25 වන දින කොළඹ, කොටහේන  හි කොච්චිකඩේහිදී ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ කොළඹ 13 ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේය.ඔහු පාසල් කාලයේ මල්ලවපොර, බොක්සිං සහ පිහිනුම් පිළිබඳ විශිෂ්ට ශිෂ්‍යයෙකි. වයස අවුරුදු 15 දී ඔහු කොටහේනේ  ‘ආම්ස්ට්‍රෝං මල්ලවපොර සමාජයේ’ සාමාජිකයෙකු බවට පත්වේ. ඉන්පසු ඔහු බස්නාහිර පළාත් පාසල් මල්ලවපොර ශූරතාවලිය සඳහා තරඟ කර අනුශූරතාව දිනා ගත්තේය. ඊට අමතරව ඔහු කරාතේ, ජූඩෝ සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පුහුණුව ලබා ඇත.  එකල ජ්‍යෙෂ්ට මට්ටමේ විභාගයෙන් පසු 1959 දී ඔහු  ලිපිකරුවෙකු ලෙස වරායට සම්බන්ධ විය. ඔහු 1961 සිට  පරාජයට පත් නොවූ ජාතික මල්ලවපොර ශූරයා ලෙසද කීර්තියක් ලබා ගත්තේය. ඔහු 1962 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඉන්පසු ඔහු 1964 ටෝකියෝ හි පැවති ඔලිම්පික් ක්‍රීඩා සඳහා සුදුසුකම් ලබා ඇති අතර 1966 බැංකොක් නිපොන් ආසියානු ක්‍රීඩා උළෙලට ද සහභාගී විය. පසුව, ගෝලීය ක්‍රීඩා තරඟාවලි කිහිපයක දී  දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය. ක්‍රීඩා වර්ණලාභී  ශ්‍රී ලංකාවේ එකම නළුවා ඔහුය. ප්‍රනාන්දු සිය පළමු රංගනය අතරතුර කොළඹ මහ නගර සභාවේ (සීඑම්සී) ක්‍රීඩා උපදේශක ලෙස කටයුතු කළේය. ඔහු රංගනයට අවතීර්ණ වන්නේ වේදිකා  නාට්‍ තුලිනි  ආරම්භ කළේ දෙමළ වේදිකා නාට්‍යවල රඟපෑමෙනි. ඔහු ෂාලෝමි සහ ජුලියස් සීසාර් යන නාට්‍යවල රඟපෑවේය.ඒ රගපාම් අනුව  ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ ලෙනින් මොරායස් ගේ හදුන්වා දීම අනුව 1963 දී ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද වෙන ස්වර්ගයක් කුමටද  චිත්‍රපටයෙනි. හෙන්රි ජයසේන සමඟ ඔහුගේ සටන් ජවනිකාව වුවත් එය  චිත්‍රපටයෙන් ඉවත් කළද ඔහු එම චරිතය රඟපෑවේය.1963 දී ඩබ්ලිව්.එම්.එස් තම්පෝ  විසින් අධ්‍යක්ෂණය කරන ලද රුහුනු කුමාරි චිත්‍රපටයේ රඟපෑමට සටන්  නළු රොබින් ප්‍රනාන්දු ඔහුට ආරාධනා කළේය. මේ අතර 1968 ඩබ්ලිව්.එම්.එස් තම්පෝ  ඔහු ගේ   අටවෙනි පුදුමය  සහ 1969 කොහොමද වැඩේ  චිත්‍රපටවල ද රඟපෑවේය.අටවෙනි පුදුමය  චිත්‍රපටයේ රඟපෑම සඳහා චිත්‍රපට නළු සේනාදීර රූපසිංහ විසින් ඔහුව හැදල  විජය චිත්‍රාගාරයට ගෙන එන ලදී. ඔහුගේ චිත්‍රපටය රුහුනු කුමාරි එකල තිරගත විය. ඉන්පසු ඔහු ප්‍රධාන  වාණිජ චිත්‍රපට කිහිපයකම රඟපෑවේය.මෙම චිත්‍රපටය ඉතා ජනප්‍රිය වීමෙන් පසුව, නළු ජෝ අබේවික්‍රම විසින් ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ටයිටස් තොටාවත්තට  හාරා ලක්ෂය චිත්‍රපටයේ රඟපෑමට හඳුන්වා දුන්නේය. එහි සටන් දර්ශන වලට අමතරව, ඔහුගේ චරිතය බොහෝ දෙබස් වලින් සමන්විත වේ. ප්‍රනාන්දු චිත්‍රපටයක දෙබස් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙයයි.  මීට අමතරව , ශ්‍රී මදාරා,ඔහොම හොදද සින්ගපුර් චාලි එදත් සුරය අදත් සුරයා වීදුරු ගෙවල් සිකුරු ලියා  රජගෙදර  පරවියෝ, සරදියෙල්ගේ පුතා සහ පස  මිතුරෝ ආදී චිත්‍රපට රංගනය කළේය. මේ චිත්‍රපටවල විශිෂ්ට සටන් දර්ශන වුවේය .සහයට ඩෑනී සරදියෙල් ගේ පුතා හරිම බඩු  තුනක් ශ්‍රී මදාරා ඇගේ ආදර කතාව පස මිතුරෝ ආදී චිත්‍රපටවල ප්‍රධාන චරිත රංගනය කළේය .  ප්‍රනාන්දු ජනප්‍රිය ගායක දිවංගත එච්.ආර්. ජෝතිපාල, සිනමාකරු ලෙනින් මොරෙයස් සහ නර්තන ශිල්පී රොනල්ඩ් ප්‍රනාන්දුගේ සමීප මිතුරෙකි.   1972 දී ඔහු සිංහල චිත්‍රපට 7 ක රඟපෑවේය. ඉන්පසු 1973 දී සතිස්චන්ද්‍ර එඩිරිසිංහ  විසින් ඔහුගේ අධ්‍යක්ෂනයක් වූ  මාතර ආ ච්චි චිත්‍රපටයට සටන්  අධ්‍යක්ෂණය භාර දෙන ලදී. ප්‍රනාන්දු 1977 දී සතිස් ගේ මීළඟ චිත්‍රපටය වන ශ්‍රී මදාරා සමඟ ප්‍රධාන නළුවා ලෙස සම්බන්ධ විය.1974 යසපාලිත නානායකාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද සහායට  ඩැනී නම්  චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට ද ඔහුට අවස්ථාව ලැබුණි. චිත්‍රපටවල බොහෝ දුෂ්ට චරිත අතරතුර ඔහු සටන් දර්ශනවල ගාමිනි ෆොන්සේකාට විරුද්ධව රඟපෑවේය.1970  ගාමිණී  රගපෑ ආත්ම පුජා හි ද්විත්ව චරිත සටන් නිරුපනයේ ගාමිණී ගේ අනෙක් සටන්  චරිතය ප්‍රනාන්දු රංගනය කළේය.   එක් අවස්ථාවකදී, චිත්‍රපටයකදී ඔහුට ගාමිනි විසින් පහර දෙන ලද අතර දින තුනක් ඇස් ඇරීමට නොහැකි විය. 1976 දී ප්‍රනාන්දු නීල් රූපසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද සරදීයෙල්ගේ පුතා චිත්‍රපටයේ ප්‍රධාන  චරිතයක් රඟපෑවේය. මෙම කාලය තුළ ඇන්තනි සී. පෙරේරා සහ ජයමුනි නිමල් සිල්වාගේ මඟ පෙන්වීම යටතේ වේදිකා නාට්‍ය කිහිපයක් රඟ දැක්වීමට ඔහුට අවස්ථාව ලැබුණි.1978 සිට අනෝමා ලුම්බිනි සමඟ විවාහ වී ඇත.  1983 දී ඔහු ආනන්ද හේවගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද මර්වින් ජයතුංග සමඟ පස මිතුරෝ චිත්‍රපටයේ රඟපෑවේය. මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ අතර එහිදී ඔහු දෙමළ සිරකරුවෙකු ලෙස යථාර්ථවාදී භූමිකාවක් රඟ දැක්වීය. 1984 දී ප්‍රනාන්දු මෙම භූමිකාව වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගත්තේය. ඉන්පසු ක්‍රීඩාවට ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් 2009 දී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සම්මානය දිනා ගන්නා ලදී. බොහෝ චිත්‍රපට වල ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ සිනමාවට පෙම්වතිය වූයේ සෝනියා දිසා  ය. සහායට  ඩැනී, ශ්‍රී මදාරා, අගේ ආදර කතාව  කවුද  රාජා සහ හරිම බදු තුනක්  වැනි චිත්‍රපටවල ඔවුහු එක්ව රඟපෑහ. ප්‍රනාන්දු ද්‍රවිඩ චිත්‍රපට වන යාර් අවල්, එන්ග්ලයිල් ඔරුවන්, නන්ගු ලෙචාමි, රත්තති තිර්ටෙමේ සහ ඉංග්‍රීසි චිත්‍රපටයක් වූ  REINCARNATION  යන චිත්‍රපටවල ද රඟපා ඇත.ශ්‍රී ලංකා සිනමාවේ අද්විතීය  නළුවෙක් සහ සටන්  අධ්‍යක්ෂවරයෙකි.සිංහල සිනමාවේ හොඳම දුෂ්ටයා ලෙස සැලකෙන ප්‍රනාන්දු 1963 රුහුණු කුමාරි සිට 2011 පුතා මගේ සුරයා දක්වා සිංහල චිත්‍රපට 120 කට අධික සංඛ්‍යාවක, දෙමළ චිත්‍රපට හයක සහ එක් ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපා ඇත.   දේශීය සිනමාවේ තාත්වික සටන් ජවනිකා මැවූ සටන් නළුවන් අතර ප්‍රනාන්දු ප්‍රමුකයෙකි සටනේ සුවිශේසී ප්‍රාගුන්‍යයක් ලැබූ නළුවෙක් ලෙස ප්‍රනාන්දු  හදුන්වා දිය හැක ප්‍රනාන්දු මෙම යුවළට දියණියන් දෙදෙනෙකු සිටින අතර - අනුෂ්කා සහ ආශා - එක් පුතෙකු - අනෝජන් සුදර්ශනය . ඔහු මේ වන විට සිය බිරිඳ සමඟ අංක 103, නාතුදුව  කැලණියේ  හි පදිංචිව සිටී.ආනන්දනීය සිංහල සිනමාවේ සභාපති ආනන්ද ගමගේ මහතා ගේ සංකල්පයකට අනුව කලාකරුවන්ට උපහාර පිදීම ඇගයීම වැඩ සටහනේ පුරෝගාමියා ලෙස තෝරා ගනු ලැබුවේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රංග වෙදියානන්ය .2018. 09. 27 සුළු පිරිසක් සමග ප්‍රනාන්දු මහතා හමුව සුහද කතාබස් කොට ට ඒ කාලේ තරමට පරිත්‍යාගයක් ද පිරිනමන ලදී .එලෙසින් ඒ ආරම්භවූ සොදුරු කර්තව්‍යය දිගටම පැවතිනි .මේ වකවානුව  වනවිට ප්‍රනාන්දු මහතා ගිලන් බවටද පත්ව සිටී.ආනන්දනීය සිංහල සිනමා සහුර්දයන් සියලු දෙනාම එතුමාට නිදුක් නිරෝගී බව චිර ජීවනය  වන්නැයි පැතුමක් එක්කරමු .ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා පිනවීමට සුවිශේසී රංගන දායකත්වයක් දැක්වූ එතුමාට අපේ උපහාරය පුදමු .මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්‍රීලාංකේය සිනමා වංශය ග්‍රන්ථයෙන් ද  කරුණු අදහස් ලබාගත් බව කෘතවේදීව සටහන් කරමි.

Thursday, April 16, 2020

විජේරත්න බණ්ඩා වරකාගොඩ

රාජකරුණ නවරත්න අතපත්තු  මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ  1933 නොවැම්බර් 21 වන දින මහනුවර හාරිස්පත්තුවේ වරකාගොඩ  දී  උපත ලබා ඇත  ඔහුගේ මව බස්නායක මුදියන්සලේගේ රන්මැණිකා මහත්මිය වේ . ඔහුගේ පියා පොලිසියේ සේවය කළ නිසා ඔහු පාසල් හතකට ගියේය. ඔහු කුරුනෑගල   ශාන්ත ආනා විද්‍යාලයේ වසර නවයක් අධ්‍යාපනය ලැබූ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ද  අධ්‍යාපනය ලැබීය.පාසල් කාලයේ ඔහු මීටර 5000, මීටර 800 වැනි ක්‍රීඩා ඉසව් වලදී මෙන්ම ගායනය සඳහා ද දක්ෂ විය. පාසල් ජීවිතයෙන් පසු ඔහු ප්‍රථම වරට කුරුණෑගල බැංකුවක කනිෂ්ට  ලිපිකරුවෙකු ලෙස සේවය කළේය.මේ අතර ඔහු රජයේ ලිපිකරු විභාගයට අයදුම් කළ අතර ශ්‍රී ලංකාවෙන් දෙවැන්නා බවට පත්විය. ප්‍ථිපල ලැබීමෙන් මාසයකට පසු ඔහුට කච්චේරියාවේ රැකියාව ලැබුණි. වසර කිහිපයක වැඩ කිරීමෙන් පසු ඔහු ශ්‍රී ලංකා පොලිස් සේවයට අයදුම් කළ අතර 1956 ජුනි මාසයේදී මහනුවරදී ලිඛිත විභාගයක් පවත්වා කළුතරා කටුකුරුන්ද පොලිස් අභ්‍යාෂ   විද්‍යාලයට ගොස් පොලිස් පරීක්ෂකවරයෙකු විය. පුහුණුවෙන් පසු, ඔහු මුලින්ම පෙටා  ​​පොලිසියේ සහ පසුව කොටුව පොලිසියට පත් කරන ලදී. එතැන් සිට ඔහු පුහුණුව සඳහා පොලිස් ප්‍රවාහන අංශයට යවා ඇත. ඔහු වසර අටක් අපරාධ අංශයේ උප පරීක්ෂකවරයකු ලෙස සේවය කළ අතර වේදිකාවේ ද  දිගටම රඟපෑවේය. අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි තබා රෝහලට ගෙන යන විට ඔහු රෝහලේ ක්‍රියාකාරී පොලිස්  පරීක්ෂකවරයෙකි.1960 දී වරකාගොඩ එවකට  රේඩියෝ සිලෝන් හි  ඒ ශ්‍රේණියේ  ගායකයෙකු ලෙස තෝරා ගන්නා ලදී. පළමුවෙන්ම ඔහු ගායනා කළේ හිරුපායනවා මල් පිබිදෙනවා ගීතය වේ .1962 දී චිත්‍රපට අධ්‍යක්ෂ රොබින් තම්පෝ ඔහුගේ සිනමා ජීවිතය ආරම්භය  සනිටුහන් කළ සුහද දිවි පිදුම චිත්‍රපටය සඳහා වරකගොඩට ආරාධනා කළේය. ඉන්පසු ඔහු තම්පෝගේ චිත්‍රපට කිහිපයකම රඟපෑවේ සමාජේ අපි ඔක්කොම සමානයි සහ සුදු සදේ කළුවලා වැනි චිත්‍රපටවලය. එසේම 1963 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගම්පෙරලිය චිත්‍රපටයේ ද රග පෑවේය.1963 දී ඔහු විමල් නව ගමුව විසින් නිෂ්පාදනය කරන ලද අජාසත්ත  නම් ඔහුගේ පළමු වේදිකා නාට්‍යයේ රඟපෑවේය. "ඕල්ඩ් කිං බිම්බිසාර" ලෙස ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහු නාට්‍ය තරඟයේ ශෛලිගත හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.1965 ලාදලු.. ආදරයයි කරුනාවයි 1966  සීතල වතුර.. දෙලොවක් අතර.. පරසතු මල්..  චිත්‍රපට ද 1967 හතර කේන්දරේ  1968 ගොළු හදවත 1969 සමාජ සතුරෝ සහ බිනරමලී ද 1970 අක්කර පහ..  ප්‍රියංගා..  තුං හංදිය ද 1971 සමනල කුමරියෝ.. මාහේනේ රීරි යකා චිත්‍රපටයද 1972 නිධානය  නැවත 1980 මුවන් පැලැස්ස 02 ද 1981 බැද්දේගම... බාදුරා මල්.. අන්ජානා... ආරාධනා චිත්‍රපට ද 1982 කැලැ මල්...  මලට නොඑන බඹරු.. කඩවුන පොරොන්දුව නව නිෂ්පාදනය ද 1983 චුට්ටේ.. සෙනෙහසක කදුළු.. සිස්ටර් මේරි... රතු මකරා 1984 හිත හොද කොල්ලෙක්.. අම්මයි දුවයි.. අරුණට පෙර සහ බට්ටි  චිත්‍රපටි ද  1985 මිහිදුම් සළු.. මව්බිම නැත්නම් මරණය.. රැජින.. රෝසි  දු දරුවෝ.. වාසිටි කෙල්ල සහ කිරි මදූ  වැල් චිත්රපට ද ආදී ලෙස චිත්‍රපට 65 ආසන්න ප්‍රමානයකට ප්‍රධාන චරිත අනු චරිත රාශියක් රංගනය කර තිබේ ...2018 රයිගමයයි ගම්පලයයි දක්වාම රංගන කාර්ය සිදුව තිබේ .ලංකික සිනමා වේ ප්‍රවීණ නවක නළු නිලයන් සියල්ලන් සමගම ප්‍රවීණ හා නව පරපුරේ අධ්‍යක්ෂක වරුන් හා සමහ කටයුතු කර තිබේ.  මේ අතර දශක හයකට තරම් පැරණි ගුවන් විදුලි නාට්‍යයක් වන මුවන් පැලැස්ස නාටකයේ මුලින්ම ආරච්ච්චි චරිතයද දෙවනුව  කෝරලේ මහත්තයා චරිතයට සිය හඩ   මුසුකළේය .එහි ආරම්භය 1963 වසර අග භාග්‍ය  ලෙස අනුමාන  කල හැක. මුලින්ම මේ නාට්‍ය රචනා කලේ මුදලිනායක සෝමරත්නයන් වේ.එම නාට්‍යයත් සමඟ වසර 55 කට වැඩි කාලයක් ගුවන් විදුලි නාට්‍යයේ තනි භූමිකාවක් රඟපෑ එකම කලාකරුවා බවට වරකගොඩ පත්විය. 1964 දී එදිරිවීර සරච්චන්ද්‍ර විසින් නාට්‍ය කලාවේ මුදුන් මල්කඩවූ ප්‍රසිද්ධ  වේදිකා නාට්‍යයක් වන මනමේ නාට්‍ය යේ හි “පුරක” චරිතය රඟපෑමට ඔහුට ආරාධනා කළේය. වරකාගොඩ මහාචාර්ය සරච්චන්ද්‍ර සමඟ ඔහුගේ සම්බන්ධතාවය දිගින් දිගටම වර්ධනය වූ අතර වරකාගොඩ ඔහුගේ වේදිකා නාට්‍ය වන සිංහබාහු, ප්‍රේමතෝ ජයති සෝකෝ  කපුවා කපෝති මහාසාර සහ ලෝමහංස ආදී නාට්‍ය වලද රංගනය කළේය.කුවේනි නාට්‍යයේ "පුරක" චරිතය රඟපෑමට හෙන්රි ජයසේන ඔහුට ආරාධනා කළේය. ඔහු ජයසේන විසින් නිෂ්පාදනය කරන ලද බොහෝ නාට්‍යවල රඟපෑවේය, එනම් අපට පුතේ මගක් නැතේ  මන රංජන වැඩ වර්ජන , හුණු වටයේ කතාව  සහ දිරිය මවසහ අගේ දරුවෝ ආදී නාට්‍ය වේ.  1970 දී වරකගොඩ හෙන්රි ජයසේනගේ වේදිකා නාට්‍යයේ කුවේනි හි ප්‍රධාන රංග ශිල්පිනියක් වන  චිත්‍රා සමඟ විවාහ විය. විවාහ මංගල්‍යය 1970 ජනවාරි 28 වන දින තැප්‍රොබේන් හෝටලයේදී පවත්වනු ලැබීය . ඔවුන්ට පුතෙකු හා දියණියක සිටියේය. 1972 දී උපත ලැබූ වින්ධ්‍යා  වරකාගොඩ නර්තන ශිල්පිනියෙකි  1977 දී උපත ලැබූ ජයනාත් වරකාගොඩ  සංගීත වේදියෙකි . ඉන්පසු ඔහු තම පංතියේ මිතුරෙකු වන දයානන්ද ගුණවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද ජසයා ලෙන්චිනා වේදිකා නාට්‍යයේ "ජසයා" ලෙස රඟපෑවේය. 1982 කාලය වරකාගොඩ සවුදි අරාබියේ  වෘතීය කටයුතු සදහා පිටත්ව ගියේය.  ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු ඔහු ජයලත් මනෝරත්න විසින් නිෂ්පාදනය කරන ලද මහා ගිරි දඹ නාට්‍යයේ රඟපෑවේය. ඔහු වසර කිහිපයක් ඔරුවාල වානේ සංස්ථාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස ද කටයුතු කළේය. වරකගොඩ 1990 දක්වා ටවර් හෝල් රඟහල පදනමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළේය.පුංචි තිරේද සුවිශේසී රංගනයක් වරකාගොඩ ඉදිරිපත් කළේය ඔහු රංගනය කල ටෙලි නාට්‍ය අතර අමරාපුරය එකගෙයි කුරුල්ලෝ  හයේ පාර ඉන්ද්‍ර චාප ජිවිතේ ලස්සනයි කිදුරු අඩවිය කෝරලේ මහත්තයා සකිසද සුවාරිස් පුංචි වීරයෝ පින්කද සිමොනා රජ බවන රාත්‍රිය රත්තරන් නෙත් සාගරේ සේ ආදරේ සත්‍යා සොබා සිදන්ගනා සිටු ගෙදර සිව් දිය දහර සුලන් කපොල්ල ත්‍රීවීල් මල්ලි වරපෙරලිය වාරණය සුරිය දරුවෝ සුරිය නෑයෝ ආදිය වදතම ජනප්‍රිය වුවේය .ගීත සහිත්‍යයට ද වර්කාගොඩ ගෙන් පෝෂණයක් විය.හිරුපායනවා මල්පිබිදෙනවා මිනිමුතු නැහැ මට ඔබසරසන්නට මිහිරි සිහිනයක දැවටුන පමාවෙලා වැහපන් යන්නෙම් දක්නාසේ  රගහල ඇත දැන් අද අදුරේ ආදිය මෙන්ම හුණ වටයේ කතාව ආදී නාට්‍ය ගීත එසේම විරිදු ගායනා ද වරින් වරට ඉදිරිපත් කොට තිබේ.1969 ගොළු හදවත රංගනයට විශේස කුසලතා සම්මානයක් 1984 ජනාධිපති කුසලතා සම්මානයක් ඕ සී අයි සම්මානයක් සහ හොදම සහාය නළුවා සම්මානයක් අරුණට පෙර චිත්‍රපටය වෙනුවෙන් ලබා ගත්තේය 2018 රයිගම් ප්ර්තිබා ප්‍රභා සම්මානයක්ද සුමති ටෙලි වෙතින් යු ඩබ්ලිව් සුමතිපාල අනුස්මරන් සම්මානයක් ද ලබා ඇත්තේය  .ගායකයෙක් ගුවන්විදුලි හඩ කැවීම් ශිල්පියෙක් වෙළද වැඩසටහන් වලට පෙනී සිටින්නෙක් ප්‍රවීණ වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය එසේම රිදී තීරයේද ප්‍රවීණ රන්ගධරයෙක් වූ මෙතුමා ජන මන හද පිනවූ ඒ පිනෙන්   නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු

තලතා ගුණසේකර ගුරු කමෙන් රංගනයට ...

ලංකාවේ මධ්‍යම පළාතේ  පේරාදෙණියේ සුරියගොඩ වලව්වේ තලතා අබේකෝන් උපත ලබා ඇත . මුලික අධ්‍යාපනයට එළබෙන්නේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙනි.ගම්පොල ද සහීරා විදුහලේත්  කාලයක් අධ්‍යාපනය ලබාතිබේ.පාසල් සමයේ බටහිර සංගීත විෂය වඩාත් කැමතිව සිටියේය.ගුවන් සේවිකාවක් වීමේ කැමැත්තද විය.නමුත් අවසානයේ මෙතුමිය  ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස නාවලපිටියේ ශාන්ත ඇන්ඩ්රු විදුහලේ සේවය කාලය .තලතා ගේ යෙහෙලියක් වූ නිළි විමලා  වැනීසියාගේ උනන්දු කිරීම නිසා "දෙයියන් ගේ රටේ" චිත්‍රපටය සදහා තෝරා ගැනිණි.නමුත් දෙමාපියන් ගේ  දැඩි විරෝධය නිසා පළමු අවස්තාව ගිලිහී ගියේය. 1957 විවාහය සිදුවිය අබේකෝන් ගුණසේකර නමින් ප්‍රසිද්ධ විය .ආචාර්ය ලෙස්ටර්  ජේම්ස් පිරිස් ගේ "ගම්පෙරලිය "හි නන්දා ගේ චරිතයට ද තෝරා ගැනිණි.දයිවය  හරස්ව ඒ අවස්ථාවත් බැහැර වුවේය .කෙසේ හෝ තලතා ගේ තුන්වන උත්සාහය මල්පල දැරුවේය .චිත්‍රපට අධ්‍යක්ෂක එම් .මස්තාන් ගේ "අදට වැඩිය හෙට හොදයි "හි ක්‍රිස්ටි ලෙනාඩ් ගේ බිරිය ලෙස පළමුවන රංගනයට 1963 යොමුවිය එම චිත්‍රපටය 1963 03 26 තිරගතව තිබේ .ආනන්ද ජයරත්න  ගාමිණී පොන්සේකා හියුගෝ ප්‍රනාන්දු    ඇන්තනි සී පෙරේරා ජීවරාණි විජිත මල්ලිකා සන්ද්‍යා ආදී ප්‍රවීනයන් සමගම මුල් රංගන දායකත්වය විය.ගුරු වෘත්තියෙන් සිනමාවට පැයූ මුල්ම සිනමා තාරකාව තලතා වේ.1964 වසරේ ඩබ්ලිව්.එම්. එස්. තම්පෝ ගේ "සැමියා බිරිද ගේ දෙවියා" චිත්‍රපටයේ රුක්මනී දේවි අසෝක පොන්නම්පෙරුම ඩොමී ජයවර්ධන ආදී නලුනිලියන් සමග ද    විමලනාත් දිසානායක ගේ" පටාචාරා" චිත්‍රපටයේ ආනන්ද ජයරත්න සන්ද්‍යා අරුණ ශාන්ති ආදීන් සමග  ද රංගනය කළේය .1965 අහමඩ් කමුර් සහ බී නන්දිසේන අධ්‍යක්ශ්නය  කල "සැපත සොයා " චිත්‍රපටයේ බේබදු සැමියා ගෙන් බැටකන කාන්තාව  ප්‍රධාන චරිතය සුවිශේසි  විය. .මේ චිත්‍රපටයේ දී ස්ටැන්ලි පෙරේරා එල් එම් පෙරේරා ප්‍රෙඩී සිල්වා බැප්ටිස් ප්‍රනාන්දු ආදීන්  පෙර චිත්‍රපට වලදී  දායකවූවාට වඩා අලුත් අය විය.1966  චිත්‍රපටදෙකක් රංගනය වූ අතර ශ්‍රී නිහාල් ඒ ජයසිංහ ගේ"" සිහින හතක් " සහ හෙක්ටර් ජයසිංහ ගේ "සද නැග එද්දී " හි රංගනය විය .1967 වසරේ "රෑන  ගිරව්" "ඔක්කොම හරි" "සුර චෞරයා " චිත්‍රපට රංගනය විය 1968" සිගිති සුරතල්" "ගොළු හදවත" "බයිසිකල් හොරා " "ඉදුනිල "රංගනය වූ චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය විය .1969 "කොහොමද වැඩේ" "පාරා වළලු" සහ "පැන්චා " තලතා ගේ රංගන දායකත්වය විය.1970 "ආත්ම පුජා"" පේනවා නේද " 1971 "දැවෙන පිපාසය"" හතර දෙනාම සුරයෝ" 'අබිරහස" ආදී චිත්‍රපට අතර අබිරහසේ ධනවත්  නිවසක සැමියා මරා බුදලය සතු කරගන්න වෙර දරන සරාගී දුෂ්ට කාන්තාව ප්‍රේක්ෂකයාට අමතක නොවේ .වරෙක සරාගී බවද වරෙක දුෂ්ට බවද ඈ  ගේ රංගනය තුල මතුවිය" වනරාජ" " පොඩි මල්ලි" "අභිරහස"   ආදිය සරාගී චරිත වේ .1972 ආචාර්ය ලෙස්ටර්  ජේම්ස් පිරිස් ගේ "නිධානය "" දයා විමලවීර ගේ  වීදුරු ගෙවල් "තිමති වීරරත්නගේ  "මේ දෑස කුමටද "විලී බ්ලේක් "වනරාජ ' 1974 සේන  සමරසිංහ ගේ   "කස්තුරි සුවද"සිරි කුලරත්න ගේ  " වස්තුව "ආදී චිත්‍ර පට මෙන්ම 1963  "අදට වැඩිය හෙට හොදයි "සිට 2002 මාරියෝ ජයතුංග ගේ " සුර පුරට කන්‍යා වියක් " දක්වා  චිත්‍රපට අනුවකට කිට්ටු පර්මානයක රංගන විය. මුලින් සදහන් වූ නළු නිළියන්ට අමතරව මාලනී.. සෝනියා.. රවීන්ද්‍..ර ජෝ ..  ටෝනි.. රොබින්. ඔස්වල්ඩ්.. එච් ඩී කුලතුංග. සුමනා අමරසින්හ ඩී  ආර්.. වොලී.. සේනාදීර රූපසිංහ .. ක්ලැරිස් ද සිල්වා.. අනුලා.. එඩ්නා. වීණා.. ස්වර්ණා.. රෝයි.. විජය..  සනත්.. අනෝජා.. තිස්ස  සහ තවත්   නළුනිළියන්  සමග ද නව පරපුරේ දිල්හානි.. ගයනා  සුදර්ශි.. සුරේෂ් ගමගේ.. යශෝධා.. ආදී  රංගන ශිල්පීන් සහ තවත් නවක රංග ශිල්පීන්   සමග ද  රංගනය  වී තිබේ  පසු කාලය   මව් චරිතය ටම යොමුවිය රංගනය සමගම .ගුරු වෘතිය   දිගටම පවත්වා ගෙන   ගියේය.පියසේන අහංගම ජෙනී විනිප්‍රිඩා කේ වෙන්කට් යන අය  මෙතුමියගෙන්  අධ්‍යාපනය ලද ගෝලයෝය.  නදීකා යමුනා විද්‍යා ප්‍රියන්ති දියණිවරු වේ. නදීකා මව සමගද චිත්‍රපට රංගනය කළේය අනෙක් දරුවන්ද කලාවට සම්බන්ධව සිටී . තලතා ගේ රංගනයන් අතර' the three yellow cats "සහ" green emeralds "ජර්මානු චිත්‍රපට ද සුවිශේසී වේ .තලතා චිත්‍රපට නිෂ්පාදිකාවක් ගීත රචිකාවක් තිර රචිකාවක් ලෙස ද ප්‍රකටය ."ඇය ඔබට බාරයි" චිත්‍රපටයේ මේ සියලු  කටයුතු ඇගෙන් සිදුව තිබේ .ජනතා සම්මානයට පාත්‍රවූ සුවිශේසී රංගන ශිල්පිනියක්  වූ මෙතුමියගේ චිත්‍රපට කලාවට වූ සේවය අගය කල යුතු වේ. .2003 සැප්තැම්බර් 13 මෙතුමිය දිවි රග මඩ ලින් බැස ගියාය .එතුමියට නිවන් සුව පතමු .ප්‍රේක්ෂකයන් ලෙස  උත්තමාචාරය පුද කර සිටිමු . මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්‍රීලාංකේය සිනමා වංශය ග්‍රන්ථයෙන් කරුණු අදහස් ලබාගත් බව කෘතවේදීව සටහන් කරමි.

Saturday, April 11, 2020

වින්සන්ට් වාස් ලාංකික රංගන ශිල්පී


1922 නොවැම්බර් මස 07 බේරුවලදී අන්දර වාස් පටබැදිගේ  වින්සන්ට්  උපත ලබා තිබේ.රෝමානු කතෝලිකයෙක් වේ.   .මේ වින්සන්ට් වාස් නම් සිංහල රිදී තිරය ඔපවත්කල චිත්‍රපට විශාල ප්‍රමාණයක් රංගනය කල රංගන ශිල්පියාය .මුලින්ම අධ්‍යාපනයට යොමුව ඇත්තේ බේරුවල රෝමානු කතෝලික පාසලෙනි පාසල් අවධියේ සිටම ගායනයට මෙන්ම රංගනයට ද ලැදියාවක් විය .කැරොල් නාට්‍යවල  ගීත ගායනයට මුලින්ම යොමුවිය. පසුව සිංහල කොල්ලා ..යුධ භුමිය ..වැනිසියේ වෙළෙන්දා ..මාරක  දායාදය  වැනි ප්‍රාදේශීය නාට්‍ය වල විවිධ චරිත රංගන කාර්යට එක්විය. බෙනඩික් ප්‍රනාන්දු හා මතායස්  ප්‍රනාන්දු නිෂ්පාදනය කල   භයානක මංකොල්ලය  නමැති නාට්‍ය යෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණවිය.එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් හා ජේ ඒ පොඩි අප්පුහාමි මාස්ටර් ගේ  යොමු කිරීම මත නාදේ නාදේ සාදු නාදේ ගීතය මල් උයනේ නිමල ශ්‍රී වැනි ගීත ගායනයට ද වාස් ට අවස්තාව උදාවිය .සංගීත අධ්‍යක්ෂක ආර් මුත්තුසාමි ගේ සහ්ත්ක කිරීම අනුව ඒ බී රාජ් අධ්‍යක්ෂණය කල   අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ජුවන් නමැති ධීවරයා ගේ චරිතය තුලින්  වාස්  ගේ සිනමා ආගමනය සිදුවිය .නැවත 1956 ටී ආර් සුන්දරම් අධ්‍යක්ෂණය කල දුප්පතා ගේ දුක චිත්‍ර පටයේ රංගනයක් විය.1957 සුරයා තුල කැපී පෙනෙන චරිතයකි 1958 සේපාලි  වන මෝහිනී චිත්‍රපටද  1959 සිරිමලී චිත්‍රපටය හි සිරිමලී ගේ පියා මහා රාල චරිතය  වින්සන් ගේ රංගනයක්  විය .1960  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සංදේශයේ කත්කාරයා ගේ චරිතය විශේස වේ .1960 වීර විජය මෙන්ම  1962 මයික් විල්සන් ගේ    රන්මුතුදුවේ මුත්තුසාමි චරිතය ද ප්‍රේක්ෂකයාට අමතක නොවේ.  1964 මයික් විල්සන් ගේ සහ තිස්ස ලියන්සුරිය ගේ ගැටවරයෝ හි බන්දුසේන ගාමිණී ගේ මස්සිනා (සෝබනී අමරසිංහ ගේ අයියා ) මෙන් වරෙක ගාමිණීට කම්මුල්  පහරක් එල්ල කිරීම දර්ශනය අමතක නොවේ .එම වසරේම එල් එස් රාමචන්ද්‍ර ගේ  සසරක හැටි හි සිරිවර්දන ගේ චරිතය මතකයේ පවතී.1966 සැනසිලි සුවයේ මුදලිතුමා ද  .1968 තිස්ස ලියන්සුරිය ගේ පුංචි බබා  කිංස්ලි රාජපක්ෂ් ගේ සිගිති සුරතල් හා එල් එස් රාමචන්ද්‍ර ගේ  වනසරා  තුලින් වාස් නැවත මතුවේ .1969 ලෙනින් මොරායස් ගේ සුරයන්ගේත් සුරයා 1971 ටයිටස් තොටවත්ත ගේ  හාර ලක්ෂෙ සහ  1974 නාන්ගු  ලෙච්චම්( හාර ලක්ෂෙ  දෙමල පිටපත )1974 එස් වී චන්ද්‍රන් ගේ දුප්පතාගේ හිතවතා 1977 අරුණ ශාන්ති අධ්‍යක්ෂණය කල දෙවියනි ඔබ කොහිද හි එලිසබත් ගේ පියා වාස් ය එම වසරේම ධර්මසේන පතිරාජ ගේ එයා දැන් ලොකු ළමයෙක් හි ග්‍රාම සේවක ගේ හයිකාර අයියා වාස් ය සිරි කුලරත්න ගේ සිකුරු දසාව හි 1978 ධර්මසේන පතිරාජ ගේ  බඹරු ඇවිත් හි ඇන්ටනි ගේ ගෝලයා ද වාස් විය අනෙක විද දුක්කම්කටොලු මැද ජීවත්වන ආවේගශීලී  පිය චරිත වඩාත් වාස් ගේ චරිත තුල විය සිනමාවේ සැම තරාතිරකම නළු නිලියන් සමග රංගන දායකවිය .ඉවුලුම් ඔරුපෙන් දෙමල චිත්‍ර පටයේද රංගනයක් විය ගැහැනියක් හි චාලි පරිත්‍යාගයේ අනුලා ගේ මාමා මුවන් පැලැස්ස 2 පින්චා මාමා බද්දේගම පුජක චරිතය වාලම්පුරි හි රියදුරු වජිරාහි මුදලාලි ක්‍රිස්තු චරිතයේ නඩේ ගුරා දෙමෝදර පාලමේ සයිමන් අයියා ආදී චරිත විශේසවේ .චිත්‍රපට 100 ආසන්න ප්‍රමාණයක වාස් රංගන දායකව තිබේ .දුෂ්ට චරිත අහිංසක චරිත මෙන්ම තමාට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරනය ඉටුකළ නළුවෙක් ලෙස වාස් හදුන්වා දිය හැකිවේ .1997  අපායේ තප්පර අසුදාහක් වාස් ගේ අවසාන චිත්‍රපටය වේ .සරසවිය රණතිසර ආදී සම්මානයෙන් ද වාස් පුද ලබාතිබේ ගායකයෙක් රංගන ශිල්පියෙක් ලෙස සුවිසල් සේවාවක් කල වින්සන්ට් වාස් 2004 මැයි 11 දින දිවි රග මඩලෙන් බැස සියේය එතුමාට සග මොක් සුව පතමු ..මෙම ලිපිය  සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්‍රීලාංකේය සිනමා වංශය ග්‍රන්ථයෙන් කරුණු අදහස් ලබාගත් බව කෘතවේදීව සටහන්  කරමි 

Friday, April 3, 2020

සෝනියා දිසානායක සිනමාවේ කදුළ ...

මේරි ෆෙලීෂියා පෙරේරා 1943 ජූනි 7,කොටහේනේ දී උපත ලබන්නීය .වත්තල ශාන්ත ආනා විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබේ .මුලින්ම පාස්කු නාට්‍ය වලට සම්දන්ධ් වී රංගනය කරතිබේ.මුල් අවධිය දුස්කරතා මැදින් ජීවිතය ඉදිරියට පැමිණ තිබේ.1964 ශාන්ති කුමාර් අධ්‍යක්ෂණය කල  හෙට ප්‍රමාද වැඩියි චිත්‍රපටයේ රූ ගත කිරීම් බලන්න යෙහෙලියක් සමග ගිය මේරිට එහි සුළු දර්ශනයකට පෙනීසිටීමට අවස්තාව ලැබුණි.පළමු සිනමා ආගමනය ඒ චිත්‍රපටයයි . .රැලෙක්ස් රණසිංහයන් මේරි ගේ ජායාරුපයක් පුවත් පතක පලකොට තිබිණි. එය දුට තිස්ස අබේසේකරයන් තමන්ගේ කුලුදුල් සිනමා පටයට මේරිව තෝරා ගත්තේය .ඒ "කලා මැදිරියෝ  "  චිත්‍රපටයයි .මෙහිදී විශ්ෂයක් ද විය .ප්‍රංශ නවරැල්ලේ නිළියක ගේ නම මේරි ෆෙලිශියාට ලැබිණි ඒ සෝනියා  යන නමයි .කෙසේ හෝ කළා මැදිරියෝ චිත්‍රපටය නිෂ්පාදනය මගදී ඇන  සිටියේය. නමුත් මේරි ෆෙලිශියා සෝනියා ම වුවේය. පසුව ඇය චන්ඩියා චිත්‍රපටයට  හඳුන්වා දුන්නේ රංග ශිල්පී   ඇන්ටනි ප්‍රනාන්දු විසිනි.1965 ඒ අනුව   ටයිටස් තොටවත්තයන් ගේ  ".චන්ඩියා" චිත්‍රපටයේ සමාජ ශාලා දර්ශනයකට පෙනීසිටීමට නැවත අවස්තාව උදාවිය.1966 ඔබ දුටු දා චිත්‍රපටයේ ගාමිණි ගේ සොයුරියක් ලෙස රංගනයක්  කළේය .චිත්‍රපටවල නිෂ්පාදන අංශයෙන් හා රංගනයෙන්  දායකවූ කරු දිසානායක සමග සොනියා  විවාහ වුවේය.ඉනන්තුරුව සෝනියා දිසානායක නමින් වඩාත්ම ප්‍රචලිත විය.1968 වසරේ කේ .ඒ .ඩබ්ලිව් .පෙරේරා ගේ බයිසිකල් හොරා චිත්‍රපටයෙන් ද නැවත සෝනියා රන්ගනදායකත්වය දැක්වූවාය.1969 වසර තුල සෝනියා එස්. රාමනාදන්   කොහොමද වැඩේ  ධර්ම ශ්‍රී කල්දේරා ගේ මී මැස්සෝ එම එස් ආනන්දන් ගේ   ප්‍රවේශම් වන්න සුදාස් මාස්කෝරාළ ගේ   පාරාවළලු ලෙනන් මොරායස් ගේ  සුරයන් ගෙත්   සුරයා ඩී එම්  දාස් ගේ හරිමග යන  චිත්‍රපටයන්හි   රංගනය කළේය. 1970 ජේ සෙල්වරත්නම් ගේ ඔහොම හොදද චිත්‍රපටයේ ගාමිණී සමග ප්‍රධාන චරිතය රංගනය කළේය ඒ සමාජශාලා නලගනක් ලෙසයි. එම වසරේම ඇන්ටන් ප්‍රනාන්දු ගේ  සුලිසුලන් චිත්‍රපටයේ සෝනියා රංගනයක් ඉදිරිපත් කළේය.1971 වසර තුල චිත්‍රපට තුනකදී සෝනියා නැවත මතුවේ .ඩබ්ලිව් ඒ බී ද සිල්වා ගේ  පුජිතයෝ ලෙනින් මොරායස් ගේ  අබිරහස ජේ සෙල්වරත්නම් ගේ  සහනය මේ චිත්‍රපට වේ 1972 මිරිගුව සහ එදත් සුරය අදත් සුරයා 1973 සදහටම ඔබ මගේ හොදයි නරකයි හොදට හොදයි තුෂාරා හොදම වෙලාව 1974 වසර සහයට ඩෑනී මෙහෙම හරිද ජීවන ගංගා ඔන්න බබෝ බිල්ලෝ එනවා 1975 වසර හිතහොද මිනිහෙක් අමරණීය ආදරේ ගිජුලිහිණියෝ 1976 වසර ප්‍රදීපේ මා වේවා හරිම බඩු තුනක් හරියට හරි නෑදෑයෝ කවුද රජා ආදී චිත්‍ර පට ඇගේ රංගනයෙන් ඔපවත් වුවේය  1976 දී නෑදෑයෝ  චිත්රපටයේ රූගත කිරීම් අතරතුර, මෝටර් රථයක දර්ශනයක් රඟපාමින් සෝනියාට බරපතල තුවාල සිදුවිය. ඇය කෝමා තත්වයෙන් රෝහලට ඇතුළත් කර දින හතකට පසු සහනයක් ලබා ගත්තාය. ඇගේ එක් ඇසකට බරපතල හානි සිදුවී ඇති අතර එම ඇසෙහි පෙනීම නැති වී ගියේය. සුවය ලැබීමට වසරක් සහ මාස හයක් ගත විය.ඇය චිත්රපට 15 ක් සඳහා ගාමිනි ෆොන්සේකා සමඟ රඟපෑ අතර එමඟින් සිංහල සිනමාවේ විවිධ මට්ටම්වල රඟපෑමට හැකි විය. ඇය මාලිනී ෆොන්සේකාට විරුද්ධ බොහෝ දුෂ්ට  චරිතවල රඟපෑ අතර රසිකයන් බොහෝ චිත්රපටවල ඇයගේ චරිත විවේචනය කළහ. පසුව ඇය සෙල්ලක්කාර සරාගී චරිත නිරූපණය කිරීම ප්‍රතික්‍ෂ්ප කළේය.මව් චරිත සහ කාන්තා ජීවිතයේ විවිධ හැලහැප්පීම් සහිත චටිත වඩාත් යොමු විය .ජීවන ගංගා නෑදැයෝ ජනක සහ මංජු වතුර කරත්තය ගැහැනියක් සත්වෙනි දවස ඔබට දිවුරා කියන්නම් ඩොක්ටර් සුසන්තා උදාහරණ ලෙස පෙන්වා දිය හැක. සෙල්ලක්කාර කෙළිලොල් සරාගී නිළිය ජීවන ගංගා චිත්‍රපටයෙන් පසු සිනමාවේ කදුළු බින්දුව වුවාය. 1964 සිට 2009 දක්වා චිත්‍රපට 150 ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදී තිබේ.හෙට ප්‍රමාද වැඩියි සිට තුෂාරා නව නිෂ්පාදනය දක්වාම චිත්‍රපට මීට අයත් වේ.   ලාංකික සිනමාවේ පැරණි ප්‍රවීන  හා නවක   සැම නලුනිලියන් සමගම රංගනය දායකව තිබේ.ප්‍රවීණ හානව පරපුරේ අධ්‍යක්ෂක වරුන් සමග කටයුතු කර තිබේ .   ඔබට දිවුරා කියන්නම් සහ දෙව් දුව චිත්‍රපට වලදී හොදම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍රවූවේය .සරසවිය හා ජනාධිපති සම්මානද ලැබුවේය. .සිංහල සිනමාව පහලට වැටෙමින් යන අවදියේ සෝනියා දිසානායක 1986 සුනිල් සෝම පීරිස් සමග එක්ව විජයකුමාරතුංග ප්‍රධන් චරිත ඇතිව ජය අපටයි සිනමා පටය නිෂ්පාදනය කලේ තමන්ගේ ගේදොර පවා උගසට තබා මුදල් සොයා ගෙනය .කෙසේ හෝ ආදායම් වාර්තා අතින් ඉහල ප්‍රතිචාරයක් ලැබුවේය .නැවත කෝ හතුරෝ මමයි රජා චන්ඩි රජා චන්ඩි රැජින ආදී ලෙස ච්ත්‍රපට ද ආදායම් අතින්  සාර්ථක විය සිනමාවේ නව ප්‍රවනතාවක් ඇතිවුවේය .මෙලෙස චිත්‍රපට 17 නිෂ්පාදනය කරන ලදී .අත්තරන් මල්ලි චිත්‍රපටයේ ඇදුම් නිර්මාණයද කලේ සෝනියා වේ .ඔවුනට දරුවන් දෙදෙනෙක් වේ උදය හා හර්ෂනිය හර්ශානිද සිනමා රංගනයට යොමුවිය .කරු දසානායක තම ස්වාමියා  2009 නොවැම්බර් 17 දින මිය ගියේය.දරුවන්ද සමග විදේශ ගතවීමක් ද වුවාය 2004 දී ඇය සිය සිනමා ජීවිතය වෙනුවෙන් වසර 40 ක් සමරනු ලැබුවේ BMICH හි පැවති මහා උත්සවයක් සමඟිනි. වසර 20 කට පසු ඇය දයාරත්න  රටගෙදර ගේ  පෝ  දින සිත නිවන කතාංගයක මුඩුක්කු චරිතයක්   පුංචි තිරේ ද රංගනය කළේය කළුතර සෝනියා සිනමා හලද ඇය සතුව තිබිණි .. 2017 දී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් සෝනියා රෝහල් ගත කෙරිණි. ශල්යකර්මයකින් පසු ඇය සාර්ථකව සුවය ලැබුවාය.. දැනට විවේකිව කල් ගෙවමින් සිටී .සිංහල සිනමාවට විශාල සේවයක් කල අයෙක් ලෙස ඈ ඉතිහාසයට එක්වේ. .නිදුකින් නිරෝගිව සිටින්නට ආනන්දනීය සිංහල සිනමාවෙන් අපි එතුමියට දිගාසිරි පතමු ..මේ ලිපිය සකස් කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය පොත ද අන්තර් ජාලයේ සෝනියා දිසානයක  විකිපීඩියා තොරතුරු ද ලබා ගත බව කෘතවේදීව ඉසතුති පුර්වකව සදහන් කරමි .