Saturday, December 28, 2019

ඇන්තනී සී. පෙරේරා සිංහල සිනමාවේ සිටි දක්ෂ චරිතාංග නළුවෙකු විය.

මහපටබැඳිගේ ඇන්තනී ක්‍රිස්මන් නිව්ලෝජියස් පෙරේරා 1921 සැප්තැම්බර් 13 වැනිදා හලාවත මහවැව වී හේනේ සිංහල කාතෝලික පවුලක උපත ලැබීය. ඔහුගේ පියා වූයේ  මහපටබැඳිගේ ලෝගුස් පෙරේරාය. හේ වතු පාලකයකු විය. ගම ජාඇළ තුඩැල්ලය. අම්මාගේ නම වර්ණසූරියගේ තියඩෝරා තිසේරාය. ඇන්තනී පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල විල්ප්‍රඩ් නම් සොහොයුරෙක් ද, බ්‍රියට්‍රිස් නම් සොහොයුරියක් ද වූහ. කුඩා කාලයේ සිටම කෙළිලොල් ජීවිතයක් ගත කළ ඇන්තනී මුලින්ම මවගේ ගම වූ මහවැව පාසලට ගිය අතර පසුව තාත්තාගේ ගම වූ තුඩැල්ලේ රෝමානු කතෝලික පාසලට වැඩිදුර ඉගෙනීමට ගියේය.ඇන්තනි ලාගේ මුළු පවුලම කුරුණෑගල පදිංචියට ගියේය අන්තන්ද එහිදී   බුදුපිටිය රෝමානු කතෝලික පාසලට ඇතුලත් විය එයින්ම අධ්‍යාපන කටයුතු අවසන් වුයේය.නාට්‍ය රංගනයට කැමැත්තක් වූ ඔහු ඒ සදහා වෙහෙසුනේය. 40 දශකයේ එවකට  නාට්‍ය සංගම් තුනක් පැවතී තිබේ  මීගමුවේ ජයමාන්නලාගේ 'මිනර්වා' කණ්ඩායම, සිරිල් සී. අබේරත්නගේ 'ජයනා' හා ඇන්තනීගේ ඥාතියකු වූ ලැඩී රණසිංහගේ ආකේඩියන්ස් නාට්‍ය කණ්ඩායම් මේවාය.ඇන්තනී ලැඩී රණසිංහ සොයා ගියේ නාට්‍ය රග පෑමේ ආසාව ඉටුකර ගැනීමටයි ලැඩී විසින් ඇන්තනීව එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි පී. ද ඇස්. කුලරත්න මහතාට හඳුන්වා දෙන ලදී. කුලරත්න මහතා මරදානේ ගාමිණී සිනමා ශාලාව තිබූ ඉඩමේ නැෂනල් නම් රංග ශාලාවක් පිහිිටුවා නාට්‍ය සංගමයක් ආරම්භ කොට නාට්‍යය පුහුණු කරමින් සිට ඇත. 'ඇවැස්ස බෑණ' කියන නාට්‍යයේ  මුලින්ම රගපෑමට අවස්තාව උදාවී තිබේ  රඟපෑම  ඉක්මනින්ම එපා වූ ඇන්තනි ගේ ඊලග  අරමුණ වුයේ  යුද්ධ හමුදාවට බැඳීම.හෝ  අශ්ව රේස්  ජොකියකු වෙලා අශ්වයකු පිට යාමයි.මේ දෙකටම අයදුම් පත් දැම්මා. එකම දිනයේ දෙකටම එන්න කියලා කැඳවීම් ලැබුණා.මෙයින්  1942 දී ඇන්තනි  බ්‍රිතාන්‍ය යුධ හමුදාවට බැඳීමට අවස්ථාව උදාකර ගත්තේය.වසර පහයි මාස 11 ක් කාන්තාරවල කැලෑවල සතුරන්ට විරුද්ධව මිත්‍ර රටවල්වල හමුදාවන් සමඟ සටන් කරන්නට සිදුවිය හරියට 'කව්බෝයි' චිත්‍රපටවල වගේ අත්දැකීමක් ලබා ගත්තේය .හමුදා සේවයත් නිමාකොට නැවත මෙරටට පැමිණි ඇන්තනි  රජයේ සේවයට බැදුනේය. කුරුණෑගල කච්චේරියේ සේවය කළ ඇන්තනී නහයට නාහන වයස නිසා නිලධාරීන්ගේ අසාධාරණ මත හා ගැටී එතැනින් ඉවත් වී කොළඹ බෲක්බොන්ඩ් සමාගමට නියෝජිතයකු ලෙස බැඳී එතැන වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා 1953 හර්තාලයට සම්බන්ධ විය. එකල ඔහු තද වාමාංශිකයෙකි. බෲක් බොන්ඩ් සමාගමේ ප්‍රධානියා  ඇන්තනීව මීගමුවේ කාර්යාලයට මාරු කළේ ඔහුගේ අවංක කැපවීම ගැන සළකාය.ඒ කාලේ ජාඇල රත්නාවලී සිනමාහල අයිති එච්. එම්. එල්. තිසේරා මහතා ඇන්තනීගේ හොඳ මිත්‍රයෙකි. තිසේරාගේ හොඳම මිත්‍රයෙක් වූ  සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා.ගේ  සිනමාස් සමාගමේ චිත්‍රපට රත්නාවලී සිනමාහලේ තිරගත විය. ඇන්තනීට මේ වනවිට ඇන්තනිට  චිත්‍රපට නළුවෙකුවීමට කැමැත්තක් විය තිසේරා මහතා  ඇන්තනීව ගුණරත්නම් මහතා හමුවීමට ගෙන ගියේය.මේ අවස්ථාවේ හියුගෝ මාස්ටර් ද අහ්බුලෙස හමුවී හියුගෝ මාස්ටර් ගේ ද රෙකමදාරුව පිට 1956 සුරයා චිත්‍රපටයේ රංගන වරම් ලබා ගත්තේය 'දුප්පතාගේ දුක', 'සේපාලි', ' සූරසේන, 'වනමෝහිනී චිත්‍රපටවල රඟපෑ ඇන්තනී 'සන්දේශය' චිත්‍රපටයේ රණබෙරකාරයා විය. වීර විජය, සුභද්‍රා, චිත්‍රපටවල රඟපෑ ඔහු චරිතාංග නළුවෙකු වූයේ 'රන්මුතුදූව' චිත්‍රපටයේ මාමාගේ චරිතයෙනි. රන්මුතුදුවේ ඇන්තනී සමඟ ගාමිණී, ජෝ, ෂේන් මුහුදු වෙරළේ ගැයූ 'පිපී පිපී රේණු නටන වරෙන් මලක හැප්පිලා' (පසුබිම් ගායනය නාරද ඇතුළු පිරිස) ගීතමය දර්ශනය කිසිදා ප්‍රේක්ෂකයින්ට අමතක නොවේ පසුව ඇන්තනී සී. පෙරේරා සිංහල සිනමාවේ සිටි දක්ෂ චරිතාංග නළුවෙකු විය. 1953 වසරේ ඇන්තනී මෝදරගේ මේරි වාස් සමඟ විවාහ විය. ඔහු මේනකා, දීප්තිකා, ගෞරිකා, චෞද්රි, ෂෙරීන් බල්ගේරියාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ රෝහණ හා එමිල් නම් දූවරු පස් දෙනෙක් ද පුතුන් දෙදෙනකු ද සිටියහ. ඇන්තනී හැඳල විජය චිත්‍රාගාරයේ නිෂ්පාදන කළමනාකරු ලෙසද සේවය් යෙදී තිබේ .චණ්ඩියා චිත්‍රපටයේ අණ්ඩයා ලෙස පාදඩ චරිතයක් රඟපෑ ඇන්තනී 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටයේ ජගරියා ලෙස නගරයේ සූරවීරකම් කරන සූරයන්ගෙත් කෙනෙක් විය. 'සූර චෞරයා' චිත්‍රපටයේ හොර කල්ලියක සාමාජිකයෙකි. 'එදත් සූරයා අදත් සූරයා' හි ඔහු වරෙක අරාබිකාරයකු ලෙස සැරසී ඔටුවෙකු පිට නැඟී 'හා හා හැඩයි රූපෙ බෝනික්කි වාගේ සෝබනා' එම්. එස්. ප්‍රනාන්දු පසුබිමින් ගැයූ ගීතය ගයමින් රඟපෑවේය. 'අල්ලපු ගෙදර' විග් එකක් පැලද රගපෑ ගායකයා විය එම චිත්‍රපටයේ ඔහු සන්ධ්‍යාට පෙම් කළ පෙම්වතෙකි. සීයේ නෝට්ටුව චිත්‍රපටයේ ඍජු කපටියෙකි. ඔහු රඟපෑ සෙසු චිත්‍රපට අතර අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, සසරක හැටි, යටගිය දවස, ඔබ දුටු දා, පිපෙන කුමුදු, සරුබිම, ඔක්කොම හරි, පුංචි බාබා, ආත්ම පූජා, හොඳම වේලාව චිත්‍රපට කැපී පෙනුණි. හොඳම වේලාව චිත්‍රපටයේ ඔහු චරිත පහක් රඟපෑවේය. බඩදරු අම්මා කෙනෙකු ලෙස රඟපෑ එක් චරිතයක් වඩාත් සිනහා රසය මතුකර ඇත.සිංගප්පූරු චාලි චිත්‍රපටයේ දෙබස් රචනා කොට විග් එකක් පැළඳ ඔහු රඟපෑවේ අමුතු චරිතයකි. හොඳින් ඉන්න චිත්‍රපටයේ තිර නාටකය කතාව දෙබස් තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළේය. 1977 ට පසු ඔහුට චිත්‍රපටවල චරිත ලැබීම අඩු විය. මේ කාලයේ හැඩ්ලි චේස් නවකතාවලට ප්‍රිය කළ ඇන්තනී විවේකය ගෙවා දැම්මේ ඔහුගේ පොත් කියවීමෙනි. 1986 ඔහු 'යම ලොව පෙරළිය' නම් වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරමින් යම රජු ලෙස රගපෑවේය. ඔහු සෑම විටම තම ගුරුවරයා ලෙස සැලකුවේ හියුගෝ මාස්ටර්වය. තමා කිසි දිනක හියුගෝව අමතක නොකරන බව ඇන්තනි පුන පුන කියා ඇත.ඔහු කොතරම් අඟ හිඟකම් තිබුණත් අත පෑවේ නැත. සිනමා කර්මාන්තයේ දියුණුව ඉත සිතින් ප්‍රාර්ථනා කළ ඔහු චිත්‍රපට ඒකාධිකාරය වෙනුවෙන් හා නළු නිළියන්ගේ අයිතිවාසිකම් ගැන නිරතුරුව සටන් කළේය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහි කිරීමට ඔහු පුරෝගාමී පිරිස අතර සෙන්පතියකු විය.තම වැඩිමල් පුතු හදිසි අනතුරකින් මිය යාම ඔහුට දැරිය නොහැකි දුකක් විය.1956 සුරයා ගෙන ආරම්භ  වූ සිනමා ගමන තුල චිත්‍රපට 70 වැඩි ප්‍රමාණයක් රංගනය කළේය.තක්කිට තරිකිට නමින් චිත්‍රපටයක් ද අධ්‍යක්ෂණය කළේය.  සසරක හැටි චිත්‍රපටය සදහා සරසවිය කුසලතා සම්මානයක් ලබා ඇත්තේය ඒ හැර රසික  ජනතාව ගේ සම්මානය නොමදව ලැබුවේය.  ඔහු වරෙක කට්ටඩියෙකි, වරෙක අණ්ඩයෙකි, තවත් වරෙක පෙම්වතෙකි, තම බිරියට බය වූ මිනිසෙකු ද, කොඩි ගහ යට සූරයෙකු වූ හෙතෙම ඔටුවෙක් පිට ගිය අරාබි කාරයෙකු ද, කලටියෙකු ද, මුස්ලිම් වෙළෙන්දෙකු, බඩදරු අම්මා කෙනෙකු ද, දැනමුතුකම් දෙන මාමා කෙනෙකු ද අණබෙර කරුවකු ද ලෙස විවිධ චරිත රඟපැවේය. ඔහු පසුව දෙබස් රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස තම හැකියාවන් සිනමාවේ විදහා පෑවේය. තට්ට හිස ඔහුට වාසනාව ගෙනාවේය.1988 මැයි10 වෙනිදා ඇන්තනි ජීවිතයෙන් සමු ගත්තේය. ජාඇල තුඩැල්ලේ සුසාන භූමියේ ඔහු මිහිදන් වන අවස්ථාවේ ඔහුගේ ගුරුවරයා වූ හියුගෝ මාස්ටර් කතාවක් කරමින් මෙසේකියා ඇත "ඇන්තනී මාරයාගෙන් ටැලිග්‍රෑම් එක ආවේ මට. ඒක බැරිවීමකින් උඹට ආවේ. මම ඉක්මනට උඹ ඉන්න තැනට එනවා. එතෙක් බලාපොරොත්තුවෙන් හිටපන්".(.මෙම ලිපිය සැකසීමේදී සරසවිය කතෘ භුතවූ ප්‍රවීණ මාද්‍ය වේදී ඒ ඩී රන්ජිත්කුමාර යන්ගේ පල්කිරෙමකින් තොරතුරු ලබා ගත බව ගෞරවයෙන් සදහන් කරමි ...)

Thursday, December 26, 2019

නළු ලෝකයේ කඩවසම්ම මිනිසා ආදරණීය විජය කුමාරතුංග

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.
මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක
( එස්.ඩ්බ්. ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ පුතෙකු (විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4 , පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114 ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" සහ "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100 කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.
විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. සමනලයකු මෙන් අහිංසක ඔහු ඝාතනය කිරීම මනුෂ්‍ය වර්ගයාටම කල පාඩුවක් බව ඔහු ගේ අගය දන්නෝ අදත් විස්වාස කරති. එතුමා ගේ ජන්ම දිනය වූ අද එතුමාට උපහාරය පිණිස මේ ලිපිය පල කරන ලදී...... එතුමාට සගමොක් සුව අත්වේවා ...

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පැවති සේවාලාභීන්ගේ හා කාර්‍ය්ය මණ්ඩලය ඉදිරිපත් කල " ප්‍රතිබා " කලා සංග්‍රයේදී අප විදි අත්දැකීම

ආනන්දනීය සිංහල සිනමාවේ 14 වන හමුව යෙදී තිබුනේ 2019 10 12 දිනටයි. මේ දිනය සුවිශේෂී විය. ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය නිමිති කරගෙන විවිධ වැඩ සටහන් පවත්වා " ප්‍රතිභා" නමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා නේවාසික සහෘදයන්ගේ එකතුවෙන් ප්‍රසංගයක් ජාතික මානසික සුව රෝහල් ප්‍රදාන ශාලාවේදී මෙදින පැවැත්විණි. ඒ සදහා ආනන්දනීය සිනමාවටද ආරාධනයක් විය. එයට අපේ ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් ද ආනන්දනීය සිංහල සිනමා සංසදයට සම්බන්දිත සිනම, වේදිකා, පුංචි තිරය හා ගායකයන් ද කලාකරුවන් ද ආරාධනා ලබා සිටියේය. එදින පස්වරු2.00 ආරම්භය සටහන්ව තිබුනද මෙම වැඩසටහන ආරම්භ වනවිට පස්වරු 2.30 පමණ විය. මේ කටයුත්තට පෙර අපේ සංසදයේ සාමාජිකාවක් වන සෑම් පෙරේරා මහත්මිය ගේ ධන පරිත්‍යාගයෙන් කල සමර් හට් එක වැඩ අවසන් කොට විචිත්‍ර කර තිබෙන අයුරු අපට අපේ අදියුරු ආනන්ද ගමගේ මහතා පෙන්වා දුනි. මේ අනර්ඝ නිර්මාණය කල සහායක කාර්‍යය මණ්ඩලයේ හිතවතෙක් වන ලක්මාල් මහතාව කැදවා සැමට හදුන්වා දෙමින් ඔහුව ඇගයීඅකටද ලක් කරන ලදී. ඉන්පසු ඇරඹුනු මේ ප්‍රසංග කටයුත්තට විශාල පිරිසක් සහභාගිවිය. ප්‍රදාන ශාලාව පිරි ඉතිරී යන පිරිසක් විය. නේවාසික සේවා ලාභීන්ද කාර්යමණ්ඩල පිරිස ද සුව සේවා අමාත්‍යංශයේ සහකාර අතිරේක ලේකම් තුමා සමග රෝහලේ ඉහල වෙද්‍ය තුමන්ලා වෙද්‍ය තුමියන්ලා ගේ සිට මාණ්ඩලික හෙද නිලධාරී නිලදාරිනියන් ද සුළු සේවක ආදී පිරිස් ද සහභාගිවිය. ආනන්දනීය සිංහල සිනමාවේ සාමාජිකයන් අතර අදියුරු ආනන්ද ගමගේ මහතා එම මහත්මිය පොඩි පුතු සිට ධම්මිකා වික්‍රමතුංග මහත්මිය, රන්ජිත් ප්‍රේමලාල් මහතා විජි ශ්‍රී මහත්මිය, මොහමඩ් රියාස් කපුර් මහතා, රජිව් රණසිංහ මහතා, ජයසූරිය නිලන්ගි මහත්මිය, තුසිත ලාල් මහතා, ඉන්දික මල්ලව ආරච්චි මහතා පුතු ඔසද පසිදු පුත, ලංකා රාජනී ගුණසේකර මහත්මිය, නොයෙල් ජයමහ මහතා, වසන්ත සනත් මහතා, රොෂාන් කදුරුවාන මහතා, ආනන්ද වික්‍රම මහතා, ලතා පෙරේරා මහත්මිය ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා, සුජිත් නිශාන්ත මහතා, අරුණ ශාන්ත මහතා, ප්‍රදීප් ධම්මික මහතා, ප්‍රියංකා ප්‍රිය දර්ශනි මහත්මිය, සමන් ආට්ස් මහතා, ජනේෂ් චන්දිමාල් මහත, ආනන්ද කුමාර පින්වනල මහතා, කුසුම් මල්දෙනිය මහත්මිය, ධම්මික ශ්‍රී මහතා, සුජීවා ප්‍රිය දර්ශනි මහත්මිය, ෂෝන් මැක්ෂිමස් දිසානායක මහතා, සුනිල් මහත්මා, දිලිප මනෝහර මහතා, ප්‍රියන්ති සෙල්වා මහත්මිය, සුනේත්‍රා ගමගේ මහත්මිය, චිරානි බෝබුවල්ගේ මහත්මිය, අනෝමා වික්‍රම ආරච්චි මහත්මිය, හංසි අබේරත්න මහත්මිය, විජේ කුමාරි මහත්මිය, සුමුදු වාසනා මහත්මිය සුභා ගුණසේකර මහත්මිය, රෝසානි මිතාරා මහත්මිය, කෞෂ්ල්‍ය පෙරේරාමහතා, අනූෂා දිල්හානි මහත්මිය, මාලා මල්දෙනිය මහත්මිය, යන අය සහභාගිවිය. රංගන ක්ෂේත්‍රයෙන් ජයසේකර අපොන්සු මහතා, එම මහත්මිය එම පියාණන්, මහේෂ් ජයසිංහ මහතා විල්මන් සිරිමාන්න මහතා, සොනාලි ප්‍රනාන්දු මහත්මිය, නාමල් උඩුගම මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය, චන්දන හේවා පතිරණ මහතා, ශාලිකා එදිරිසිංහ, (ඉක්මනින් පිටත්වුවා ය අසනීප තත්ත්ව නිසාය ), නුවනී වලිමුණි, පබසරා මධුෂානි, විල්සන් කරු මහතානන්ද, සුමිත් මුදන්නායක මහතාද සරත් දික්කුඹුර මහතා සරත් පීරිස් මහතා සැනට් දික්කුඹුර මහතා අනුෂා දීල්හානි කරුණාරත්න මහත්මිය, මංගල මඩුගල්ල මහතා, අසෝක සෙනරත් මුදලිගේ මහතා, ප්‍රසාද් ගලප්පත්ති මහතා, ආරියසේන ගමගේ මහතා ආදී ඳ මෙහි රැස්ව සිටියෝය. පලමුව ආරාධිතයන් සදහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
තේ පැන් සංග්‍රහය නිමවනවිටම සියළු ආරාධිතයන් බුලත් හුරුළු දී පිලිගත්තේ ආයතනයේ ලස්සන හෙදනිලධාරිණියන් දෙදෙනෙක් විසිනි. සියළු ආරාධිතයන් අසුන්ගැන්වීමෙන් අනතුරුව ප්‍රතිභා ප්‍රසංගය ආරම්භවිය. කලා කරුවන් හා ආනන්දනීය හිතවතුන් උදෙසා එක් පසක්ද සෞඛ්‍ය නිලධාරීන් සදහා අනිත් පසද වෙන්ව තිබිණි. නිවේදන කටයුතු සදහා ඉතා දක්ෂයන් දෙදෙනකු විය. ඒ මහත්මයෙක් සහ නෝනා මහත්මියකි. පළමු අංගය ගායක කණ්ඩායමක් විසින් පිලිගැනීමේ ගීතය ගායනා කිරීමයි. ඒ ගීයේ අන්තර්ගතය මේ ප්‍රසංගයේ අරමුණ සහ සුවසේවා වේ වැදගත් කමද කියවිණි.
ඉන් පසුව ආරාධිත්යන්ට මල් පැලදීමක් ලෝක ජාතික සුවසේවා ව වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ අය සිදුකරන ලදී. චාරිත්‍යානුකූල මගුල් බෙර වාදනය සමග සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීම වෛද්‍ය තුමන්ලා, හෙද නිලධාරීන්, කලාකරුවන් සහ සේවා මණ්ඩලයේ අයද එකතුවෙන් සිදු කෙරිණි. ඉන්පසුව දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ සතරවරම් දෙවිමහ රාජ ගී නදට අපුරු ලාලිත්‍ය ඇති රංගනයක් ඉදිරිපත්විය. එයද ප්‍රසංගයට ආශිර්වාදයක් මෙනි. දියණියක් මල්වර වී ප්‍රථම ස්නානය කරන දර්ශනයක් මුල්ව ගීත නාටකයක් ලෙස අපුරු රංගනයක් වේදිකාව මත දිගහැරිණි. මල්වර්යෙන් පසුව දියණිය යොවුන් විය පත්වීම සිනාමල් ගොඩක් ගීතය තුලින් පෙන්ම්නු කළේය. යෙහෙලියන් හා ඇසුර අන්න බලන් ඉදිකඩ ලග ගී රංගනයේ දැක්විණි. ප්‍රේමවන්තයෙකුගේ ඇල්ම බැල්ම වැටීම සුදු පරවී රෑනසේ ගීතය අපට හෙළිකළේය. රැවටිල්ල ප්‍රේම මායවද තවත් නවමු ගී මගින් කියා පෑවේය. ගමේ ඇවැස්ස පෙම් වතකු ගේ පැමිණීමක් ද ගී තුලින් පෙන්නුම් කෙරුණි. ගමේ පෙම්වතාට අකමැත්ත ප්‍රකාශ වුනේ කොන්දේ දිගට බැදලා වැනි ප්‍රහසන ගීයකිනි. ගමේ පෙම්වතාගේ ලැදියාව පුංචිකාලේ අපි සින්දු කියපු හැටි ගීයෙන් මතු කළේය. යනවානම් අනේ රත්තරන් නන්දා මාලනියගේ ගීය දෙදෙනා පැනලා යන බවට ඉගියකි. දුව පැනලා ගිය බව මාමයි බෑනයි ප්‍රකාශ කලේ මගේ සුදු බෑනන්ඩිට බුද්දන් සරනේ ගීය සමගය. රංගන යෙනි රත්තරන්දුවේ රත්තරන්දුවේ ගීය දෙදෙනා ගිය බවත් නැවත පැමිණීමට ආයාචනයකි. නැවත නව යුවල මාපියන් සොයා පැමිණේ පරණ පෙම් වතා පෙරදිනයක මා පෙම්කල ගිය ගයන්නේ උපේක්ෂාවෙනි ඉදීවි කොතැනක හෝ සහකාරයා ලෙස පරණ පෙම්වතාටද මනාලියක් ලැබේ. රයක් උපද්දා ගීයෙන් ඔවුන් අලුත් ජීවිතය ගැන කියැවිණි. ඉරහද පායන් ලෝකේ සැපදුක සමබර වේ ඒ ගීත නාටකය නිමාවිය. හරිම අපුරු ආශ්වාදයක් සබාතොමෝ විදගත්තෝය. මීලගට මුළුතැන් ගෙයි විප්ලවය ද අපුරු රංගනයකි. එය සේවා ලාභීන්ගේ කුසලතාව පිලිබිඹු කළේය. එහි පෙනේරය නැටුම චිත්තාකර්ශ්නීයයි. අනතුරුව ආනන්ද ගමගේ මහතා පැමිණි සිටි අපේ හිතවත් රංගන ශිල්පීන් හදුන්වාදෙමින් අප සැම පිලිගත්තේය. මෙහිදී සරත් දික්කුඹුර, ශිරෝමිකා ප්‍රනාන්දු, නාමල් උඩුගම, මහේෂ් ජයසිංහ, ෂෝන් මැක්සිමස් දිසානායක, සැන්ට් දික්කුඹුර, විල්සන් කරූ, සුමිත් මුදන්නායක ජයසේකර අපොන්සු යන මහත්ම මහත්මීන් ගැන කෙටි ඇගයීමක්ද ආනන්ද මහතා විසින් සිදුකරන ලදී. ආනන්දනීය සිංහල සිනමාව වෙනුවෙන් තිදෙනෙකුට අවස්ථාව ලැබීමද විශේෂයකි. ඉන් ජයසේකර අපොන්සු මහතා ආනන්දනීය සිංහල සිනමාව ගැන ඉතා ප්‍රශංසා මුඛයෙන් කතා කළේය. එය අප සැමටම මහත් වූ අභිමානයකි. අනතුරුව අපොන්සු මහතා එතුමා වේදිකාවේ රග දැක්වූ පාතාලයේ සොල්දාදුවෝ හා තටු නාට්‍යයේ කොටසක් වාචිකව රග දැක්වීය. අසෝක සෙනරත් මුදලිගේ මහතාගේ ගායනයත් සුජිත් නිශාන්ත මහතා ගේ ගායනයත් අපට සොදුරු ආශ්වාදයක් එක්කළේය. හින්දි ගීත වලට නර්තනයන් කිහිපයද සහජ කුසතා මතුකර පෙන්වීය. විරිදු සුරල් ද සුවසේවාවේ වැදගත්කම ජීවිතයක වටිනාකම පැය 24 සේවයට කැපවූ වෙද, හෙද සේවාවේ අගය පසක් කළේය. පරාජිත පෙම් වතකු සියදිවි නසා ගන්න ගැන උත්සාහය ජීවිතයේ වටිනාකම රංගනය ද අග්‍රගන්‍යවේ. මෙය විශේෂයෙන් ඇතුලත් කර තිබුනේ මෙවර මානසික සෞඛ්‍ය තේමාව වන prevention suicides වලට අදාලවයි. වෙද්‍ය තුමන් ගේ ස්තුති කතාව අනතුරුව කාවාඩි සංගීතයට සියල්ලෝම රංගනයට යොමුවී අසීමිත වින්දනයක් ලබා ගත්තෝය. අපි මෙන්ම සේවාදායකයෝද මනුහගීම් දැනීම් කළා කාමී බැවින් අනුන බව මේ ප්‍රසංගයේ අපට ඉතාම පැහැදිලිවිය. රාත්‍රී 6.30 වනවිට සියල්ල නිමාවිය ..උන් එදා දුන් රග දුටොත් වෙන සැපක් කවරකු පතා

වේදිකාව පුංචි තිරය රිදී තිරය ජයගත් ආනන්ද වික්‍රමගේ

ආනන්ද වික්‍රමගේ 1953 අගෝස්තු 4 වන දින උපත ලැබූ මෙතුමා කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබුවේය. තමා අධ්‍යාපනය ලැබූ කොල්ලුපිටියේ පොල්වත්ත විහාරයේ ඉරුදින දහම් පාසල නිෂ්පාදනය ටී බී ඉලංගරත්නයන් ගේ ශෛලාසනය නාට්‍යයේ ප්‍රදාන චරිතයක් කරමින් රංග ප්‍රතිභාව මතු කළේය. ඉන්පසුව වේදිකාවට අවතීර්නය වූ මෙතුමා වැනිසියේ වෙළෙන්දා ...නෙයිනගේ සුදුව... දෙව්ලො දෝණි... ඇතුළුවේදිකා නාට්‍ය රැසකම රංගනය කළ අතර ශ්‍රී ලංකා සිනමාව, වේදිකා නාට්‍ය හා රූපවාහිනියේ සම්මානලාභී නළුවෙකි. වේදිකා නාට්‍යයේ සිට හාස්‍යය මතුකලහැකි ඉහළ දක්ෂතා ඇති නළු ආනන්දයන් නාට්‍යමය චරිත නිරූපණය කරමින් සිය රංගන ජීවිතය ආරම්භ කළ අතර එය රූපවාහිනී කතා මාලාවල හොඳම විකට නළුවෙකු බවට ද පත්විය. 1979 විජය ධර්මස්රි ගේ චුඩා මාණික්‍යය චිත්‍රපටයේ රගපාමින් සිනමාවට පිවිසිණි සමාවෙන්න ..ආයාචනා .. සුබෝධා ..බට්ටි ..එකදා වැහි ..සුරනිමල.. කැපී පෙනෙන චරිත රංගනයන් කල ඔහු සරසවිය සුමති සම්මානයන්ට ද පාත්‍රවීමට කසලතා මතුකළේය. ජොලි හලෝ ..චෙරිඕ හොල්මන් ...නුබ නාඩන් අපට පිස්සු..චිත්‍රපටවල හාස්‍ය ජනක රංගනය පොදු ජනමන බැද ගත්තේය. සාමා තුලින් ටෙලි නාට්‍ය කලාවට පිවිසි ආනන්දයන් තාරා දේවි ..මවකගේ ගීතය... පටලැවිල්ල...නාමල් ගොල්ල...ඉසුරු ගිර..ඇතුලූ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට දායක විය. ඔහු වඩාත් කැපී පෙනෙන්නේ පබා ටෙලිනාට්‍යයේ හි මර්වින්ගේ චරිතයයි , පටලවිල්ල ටෙලිනාට්‍ය යේ හි ද්විත්ව රංගනය, දේශපාලන වාදක කන්ඩායමේ ඇන්ඩ් කොම්පැනි සභාපති තුලින් ප්‍රේක්ෂක ජන හද මන නොමැකෙන සටහන් තැබුවේය. වෙස්මාරුව ටෙලි නාට්‍ය ලියා අධ්‍යක්ෂණය කරමින් ප්‍රදාන චරිතයද රග පෑවේ ආනන්ද ගමගේ ම වේ..1979 චුඩා මාණික්‍යය චිත්‍රපටයේ රගපාමින් සිනමාවට පිවිසි ආනන්ද 2016 වනවිට චිත්‍රපට 50 පමණ රංග දායකත්වය දී තිබේ. ජනකාන්ත රංග ශිල්පිනියක් වන මානෙල් වානගුරු මෙතුමාගේ ආදරණීය බිරිදවේ. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටිති - ජනිත් වික්‍රම ගේ සහ සංඛේත් වික්‍රමගේ දෙදෙනාම රංගන ශිල්පියෝය 66 වන දිවි සැතපුම පසුකල එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමු.....

Sunday, December 15, 2019

සිංහල සිනමාවේ කටකාර අම්මණ්ඩි පර්ල් වාසුදේවි ...

1915 මාර්තු 30 වන දින ගාල්ලෙහි පර්ල් පීටර්ස්  උපත ලැබුවේ බර්ගර් පවුලක ය.පසුව ඇය පර්ල් වසුදේවි නම් වුවාය  ඇය කොළඹ කොටහේනේ   ගුඩ් ෂෙපර්ඩ් කන්යාරාමයේ අධ්යාපනය ලැබූ අතර කුඩා කල සිටමනාට්‍ය  කලාව කෙරෙහි උනන්දුවක් දැක්වූවාය. වාසුදේවි 1930 දී රංගන ශිල්පිනියක ලෙස රංගනයට පිවිසියේ අපරික්ශකාරි නඩු තීන්දුව  නාට්යයේ රාජ  කුමරියකගේ චරිතය රඟපාමිනි. ඉංග්රීසි භාෂාව පිළිබඳ ඇගේ චතුර කථිකත්වයත් සමඟ ඇය වැනීසියේ වෙළෙන්දා  අනුවර්තනයක රංගනය මෙන්ම  ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළාය. රාමායනයෙහි සීතාගේ චරිතයට පණ පොවා වාසුදේවි එඩී මාස්ටර්ගේ කණ්ඩායමට එක්විය.ගුවන් විදුලි ගීත ගායනයටද වාසුදේවිට අවස්තාව උදාවිය.  නාට්‍ය  රචකයාගේ පුත් එඩී ජූනියර් විසින් නාට්‍ය  වලදී  සංගීතය රචනා කරන ලදී. පර්ල් සහ එඩී ජූනියර් එකට වැඩ කිරීමෙන්  ඇතිවූ සම්බන්දය අනුව 1940 දී  එඩී ජුනියර් සහ පර්ල් වසුදේවි විවාහ විය.1949 සිරිසේන  විමලවීරයන් ගේ  චිත්රපටියක්  වන අම්මා චිත්රපටයෙන් වාසුදේවි එඩී ජූනියර් සමඟ සිනමා දිවියට පිවිසියේය.එහි  නීලා ලෙස ප්‍රධාන භූමිකාවක් රංගනය කළේය .එම චිත්රපටයේ ද ගීත ගායනා ඇය විසින් සිදු කරන ලදී .එතැන් සිට චිත්රපට කිහිපයක රගපෑම් කොට පසුව කලකිරීම් තත්වයන් නිසා දශකයක පමණ  කාලයක් සිනමාවෙන් දුරස්ව සිටියේය. ලැඩී  රණසිංහගේ බලවත් ඉල්ලීම නිසා" සැකය" චිත්රපටයෙන් නැවත සිනමාවට පිවිසියේය.ඒ ආරම්භයෙන් පසුව කටකාර හාස්‍යමය  ස්ත්රී  භූමිකාවන් නිරුපනය කරමින් විශාල චිත්රපටි සංඛාවක් රංගනය කළේය. මහදැන මුත්තා... ඇමතිකම.. ලොකුම හිනාව... සහායට ඩෑනී...  කෝලන්කාරයෝ... ඇර සොයිසා... චිත්රපටවල හාස්‍යමය  රංගන මෙන්ම සුසී චිත්රපටයේ කම්කරු කාන්තාවක් ලෙස සෙලෝහාමි ගේ භූමිකාව අපුරු රංගනයකි.දුෂ්ට චරිත නිරුපනයේ හැකියාව ඇය පෙරළිකාරයෝ චිත්රපටයෙන් මනාව ඔප්පු කළේය  පසුව ඇය සිය දියණිය වන සුජීවා ලලී සමඟ සිතිජය ඇතුළු චිත්රපට රංගනය කළේය සමස්ත ලෙස චිත්රපට 150 කට අධික සංඛ්යාවක මෙතුමිය රංගන දායකව තිබේ .ඒවා අතර මාතර ආච්චි.. අපරාදය හා දඩුවම... දිනුම් කනුව... හදවත් නැත්තෝ... චන්ඩි පුතා... ඇගේ  ආදර කතාව.. හරියට හරි.. හුලවාලි... පොඩි මල්ලි... හදයා සිරිල් මල්ලි.. ලස්සන කෙල්ල.. ආදිය විශේසවේ . 1949 අම්මා චිත්රපටයෙන් ඇරබි සිනමා ගමන 1989 වරදට දඩුවම් චිත්රපටයෙන් අවසන් විය 1987 වසරේ  දී මෙතුමිය දිවි සින්මාවෙන්ද සමුගත්තේය .අදත් පැරණි සිනමා ලෝලීන් ගේ හදවත්තුළ පර්ල් වාසුදේවි චරිතය සදා නොමැකෙන සිහිවටනයකි.ආනන්දනීය සිංහල සිනමා වෙන් අපි  එතුමියට මොක් සුව පතමු ...මේ ලිපිය සැකසීමේ දී සරසවිය කතෘ ජනකාන්ත ලේඛක සම්මානනීය විචාරක මාධ්යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ද උපයෝගි කරගත්බව ගෞරවයෙන් සදහන් කරමි ....

Sunday, December 8, 2019

ජනහද දිනු ප්‍රවීන රංගන ශිල්පිනිය ලිලියන් එදිරිසිංහ ....



1922 මැයි 19 වන දින ඉබුල්ගොඩ ප්‍රදේශයේ උපත ලැබූ ලිලියන් එදිරිසිංහ සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැන්නා විය . ඇගේ පියා ලුවිස් එඩිරිසිංහ ගොවියෙකු වූ අතර මව කළු කන්කානමලාගේ පොඩි නෝනා ගෘහණියක් විය. ඇය වර්තමානයේ පැරකුම්බා මහා විද්‍යාලය ලෙස හැඳින්වෙන කොස්සින්නේ පරකන්දෙනිය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත ඇය පාසල් නාට්‍යවල රඟපෑමට පටන් ගත් අතර ලක්ෂ්මි බායිගේ දැඩි රසිකයෙකි. මොහමඩ් ගවුස් මාස්ටර් යටතේ කලාව හැරු එතුමිය 1940 දී "බිහිසුණු ලංකාව "නාට්‍යයේ රගපාමින් කළා ලොවට අවතීර්නය විය. ඇය 1942 දී විවාහ වූ අතර යුවළ පුතෙකු බිහි කළහ.අගේ දරුවා , මාස දෙකකට පසු මිය ගියේය. ඇගේ සැමියා ද වැඩි කල් නොගොස් මිය ගියේයපසුව හුදකලාව හා වේදනාව මකාගනු වස් .දිගටම රංගන කාර්යයේ නිරත වන්නට ඇය තීරණය කළේය හර්බට් එම්. සෙනෙවිරත්න බී. ඒ.ඩබ්ලිව් ජයමාන්න යන ප්‍රවීනයන් ගේ මගපෙන්වීමෙන් මෙතුමිය සිනමාවට පිවිසියේය .1954 අයිරාංගනී චිත්‍රපටයේ ඉස්කෝලේ හාමිනේ ගේ චරිතය තුලින් මෙතුමිය විටෙක පවුලේ සමගිය බිද දමන තරුණ පරපුර නොමගට යවන ගැහැනියක ලෙස භූමිකාවක් මවමින් ප්‍රේක්ෂකයා ගේ වයිරයට බදුන් වූ අතර වරෙක දක්ෂ බොක්සින් ක්‍රීඩිකාවක් ලෙස ප්‍රේක්ෂකයා හාස්‍යයෙන් මුසපත් කළේය.මේ ආරම්භයත් සමග විවිධ චරිත ඔස්සේ ඇය සිනමා දිවිය තුල ඇති මහත් රංගන කාර්යක් ඉටු කළේය. ශ්‍රී ලංකා සිනමාව, වේදිකා නාට්‍ය හා රූපවාහිනිය යන අංශවල සම්මානලාභී නිළියකි. ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පැරණිතම ය අතරින් සුවිශේසී රංගන ශිල්පිනියක් වන මෙතුමිය දශක හතරකට වැඩි කාලයක් පුරා මූලික වශයෙන් දුෂ්ට හා ප්‍රහසන චරිත නිරූපණය කළ වෘත්තිය රංගන ශිල්පිනියකි 1954 ආරම්භවූ සිනමා ආගමනය 1996 හිත හොද ගැහැනියක් චිත්‍රපටය දක්වාම විහිදී ගිය අතර චිත්‍රපට 150 ප්‍රමානයකට රංගන දායක වී තිබේ.සිනමාවට නැතිවම බැරි නිලියක් ලෙස ද ඇය හදුන්වා දිය හැක." දීපසිකා" "සරසවිය " සම්මානයන් ගෙන්ද ඈ පිදුම් ලැබීය. එකම වසරේ චිත්‍රපට වැඩිම ගණනක් රග පෑ නිළිය ලෙස ඈ සම්මානයට පාත්‍රවුවාය ඒ 1966 වසරේ චිත්‍රපට 12 රගපෑම වෙනුවෙනි.එතුමිය රංගනය කල චිත්‍රපට අතර... සැඩ සුළං...සුරතලි ..සුන්දර බිරිද ....කුරුළු බැද්ද ...අල්ලපු ගෙදර ...දරුදුක ...ලසදා ..කෝලං කාරයෝ ...කැකිල්ලේ රජ්ජුරුවෝ ..ඇර සොයිසා ..අනුරාගම් ..වාසනා ..ආදී චිත්‍රපට වල චරිත වඩාත්ම ප්‍රේක්ෂක මන බැද ගත්තේය .ප්‍රේක්ෂකයා හාස්‍යයෙන් කුල්මත් කිරීමට රංගනය මෙන්ම එතුමිය ගේ ස්ථුල ශරීර ස්වභාවයද හේතුවිය .කටකාර හැපිචෝල් චරිත මනාවට රංගනය කිරීමට එතුමිය දක්ෂ වුවේය .මෙතුමිය ගේ රංගන ප්‍රතිභාව තුල අයිරාංගනී හි ඉස්කෝලේ හාමිනේ... දෙයින් ගේ රටේ බබම්මා... සිහිනයේ චන්ද්‍රා ගේ මව... සුදු සදේ කළු වලාහි... මැණිකේ ගේ මව.. දීපසිකා සුමනා... සුලලිත් සෝබනී පොඩි හාමි.... සසරක හැටි ලුන්සිනා.... අල්ලපු ගෙදර බේබි... සැකයේ මදුරි ගේ මව.... සිහින හතක බේබිනෝනා... දරු දුක ඔමරි හාමි.... කවුද හරි රන්සිනා... ලොකුම හිනාවෙ එන්ගල්සිනා... ලසදා කදිරම්මා... වාසනා නර්ස් නෝනා... සුදු පරවියෝ අංගෝ කැපී පෙනෙන චරිතවේ . 1993 දෙසැම්බර් 26 දින එතුමිය දිවි රග මඩලෙන් බැස ගියාය. නමුත් එතුමිය දායකත්වය දැරූ රංගනයන් අදත් ලොකු කුඩා කාගේත් හදවතේ ලැගුම් ගෙන පවතී.සිනමාවේ ඇති දැවැන්තයන් මෙන්ම මේ චරිතද නැවත මවා පෑමට හැකි මෙවැනි ශිල්පිනියන් සිංහල සිනමාවේ නැවත බිහිවෙනු නොසිතිය හැකි දුලබ දෙයකි. ...ආනන්දනීය සිංහල සිනමාවේ සහුර්දයන් ගේ ගෞරාවය ප්‍රණාමය සමග ලිලියන් එදිරිසිංහ රංගන ශිල්පිනියට අපි නිවන් සුව පතමු..... .මේ ලිපිය සැකසීමේ දී සරසවිය කතෘ ජනකාන්ත ලේඛක සම්මානනීය විචාරක මාධ්‍යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ද උපයෝගි කරගත්බව ගෞරවයෙන් සදහන් කරමි ....

Tuesday, December 3, 2019

හාස්‍ය රංගන ශිල්පී ප්‍රෙඩී සිල්වා



1938 මයි මස 18 වන දින හල්පේ ලියන ගේ මොරිස් ජෝසප් සිල්වා උපත ලද්දේ මොරටුවේ පුවක්අරබේය. පියා මොරටුව නාගරික කවුන්සලයේ ඕවර්සියර් කෙනක් වූ අතර මව ගැලවීමේ හමුදාවේ සාමාජිකාවක් විය. මොරටුවේ මෙතෝදිස්ත හා ශාන්ත සෙබස්තියන් විදුහල් තුලින් අද්‍යාපනය ලද්දේය.
ආචාර්ය ඩී බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කල තරුණ විය නමැති විත්ති කතා චිත්‍රපටයේ මුල්වරට රගපෑවේය. බාලවියේ සිටම ගායන රංගන කුසලතාව උපන් හැකියාවක්ව තිබිණි. ප්‍රෙඩී යන නාමය ජර්මන් ජාතික බොර්මන් මහත්මිය තබන ලද්දකි. පසු කලක මොහුගේ ගායන රංගන කුසලතාව හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා ගේ ඇගයීමට ලක්විය. ඇලන්සන් මෙන්ඩිස් මහතා ලිවූ බාර් බාර් බාර් ගීතය ගයමින් අගමැති තුමාගේ ප්‍රසාදයට පත්විය. ඒ අනුව ගුවන්විදුලි ගායන ශිල්පියෙකු ලෙස රැකියාවක් ලබා ගැනීම සඳහා එහි ප්‍රධානි ලිවි විජේමාන්නයන් වෙත ඉදිරිපත් කළ කොතලාවලයන් ගේ නිර්දේශ ලිපිය ඉමහත් පිටුබලයක් විය. ප්‍රෙඩී සිල්වාගේ පළමු පටිගත කිරීම වූයේ "මොට්ටපාල"ගීතය වේ. මෙය ප්‍රේමකීර්ති අල්විස් සූරීන්ගේ පබදුමකි. සංගීතය යාවත්කාලීන කර ඇත්තේ පී. එල්.ඒ සෝමපාල විසිනි. ඉන්තුරුව ප්‍රේමකීර්ති අල්විස් සමග එක්ව ගීත රාශියක් ඉදිරිපත් කරන ලද්දේය. ඒවා අතර පොදු ජන මන පිනවූ ආරොන් මාමා, පාන් කිරිත්තා, නෑදෑයෝ, හදමාමා, කැකිල් රජ්ජුරුවෝ සුවිශේසී වේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක කේ ඒ ඩබ්ලිව් පෙරේරා ගේ හදුන්වාදීමෙන් 1963 සුහද සොහොයුරෝ චිත්‍රපටයට දායකවිය. රංගනය ගායනය දෙකම එහිවිය. දිය රැල්ල වෙරලේ හැපි හැපි ගීතය එදා සිටම අදත් ජනප්‍රිය වේ. ජෝ දේව් ආනන්දගේ සුජීවා චිත්‍රපටයෙන් ඉදිරියට ඔහු විකට නළුවෙක් පත්වූයේය. ප්‍රේක්ෂකයන්ට අමතක නොවන අලුත් කලාවක් හොයාගත්තමන් ගීයා ද අතිශය ජනප්‍රිය විය. රග නොපා පසුබිම් ගී ගැයූ අවස්ථාද වේ ලොකුම හිනාවේ පරණ කෝට් ගීය එල් එම් රංගනයට ප්‍රෙඩී ගී ගැයුවේය . ප්‍රෙඩී සිංහල සිනමාවට නැතිවම බැරි විකට නළුවෙක් වුවේය. සිනමා වේ අර්බුදකාරී සමයේ පවා ප්‍රෙඩී චිත්‍රපටවල ආදායම් වාර්තා තබන්න සමත්වූවේය සරසවි සම්මානයෙන් විකට නළුවෙක් ලෙස සම්මානලත් එකම නළුවා ද ඔහුවේ. රණ තිසර ජනාධ්පති සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේය. විකට චරිත වලින් මිදුන සුවිශේෂී චරිත ද ඔහු කර ඇත. ළසදා චිත්‍රපටය ඉන් එකකි. එහි ජරමර අස්සේ මන් රංගනයට ජෝති ඔහුට පසුබිම් ගී ගැයුවේය. මමයි රජා හි දුෂ්ඨ යෙක්වුවේය. හාස්‍ය ජනක චිත්‍රපට වලද ප්‍රධාන චරිත කළේය. චෙරියෝ ඩොක්ටර්, ඔක්කොම කණපිට, ඔක්කොම හොදටයි, දුලීකා, සසර, මමයි රජා, නොම්මර 17, ජය සිකුරුයි, ජය අපටයි හා අංජානා ඒ අතර කැපී පෙනේ. සුකිරි කෙල්ල චිත්‍රපටයේ අංග විකල තරුණයා ද ඔහුගේ දස්කම් ප්‍රතිභාව මතුකළේය. මන්ත්‍රී නමැති වේදිකා නාට්‍යද ඔහුගේ නිර්මාණයක් විය පුංචිතිරේ ද ඔහු දස්කම් දැක්වුවේය. චිත්‍රපට 400 අධික ප්‍රමාණයක් ඔහු රගපා තිබේ. සුරේඛා, චලිත රංගාලි, ඔක්කොම හොදටයි ඔහු නිපදවූ චිත්‍ර පට වේ. සරල ගීත හා චිත්‍රපට ගී 400 ආසන්න ප්‍රමාණයක් ගායනාකොට තිබේ. කමලා සිල්වා මහත්මිය හා යුග දිවියේ එතුමිය අභාවප්‍රාප්ත වූවාය. චින්තා හේරත් සමගද විවාපත්විය. අවසානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක සමග යුගදිවි ගෙව්වේය. ජනේෂ් සිල්වා, චාන්දනී සිල්වා, ප්‍රගීත් සිල්වා දුදරුවන් වේ. ඔවුන් ද පියාමෙන් කලාවට යොමුවිය. ජනේෂ් සිල්වා ද මේ වනවිට මෙලොවින් සමුගෙනය. ගීතයෙන් රංගනයෙන් දැක්ක දුටු පමණින් හාස්‍යය මතුකළ ඒ අසහාය කලාකරුවානන් 2001 ඔක්තෝම්බර් 29 දින දිවි රගමඩලෙන් බස ගියේය. ගතවූ කාලයත් අදත් හෙටත් මතුවටත් ඔහුගේ රංගනය ගායනය ප්‍රේක්ෂක ශ්‍රාවක හදවතේ නොමියේ .ආනන්දනීය සිංහල සිනමාවේ අපි එතුමා අභාවයට පත්ව වසර 18 නිමවන් දින එතුමා ජනමන හද පිනවූ සේවයට මෙසේ උපහාර පුදමු එතුමාට සගමොක් සුව පතමු .( ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලංකේය සිනමා වංසය තුලින්ද තොරතුරු ලබා ගත් බව සෙනෙහසින් බැතියෙන් සටහන් කරමි)

සිංහල සිනමාවේ අසහාය සටන් වේදී විල්සන් කරූ නාරත්න

ලුම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විල්සන් කරුණාරත්න මහතා පාසැල් සමයේ සිටම දෙස් විදෙස් සිනමා පටවලට ඇලුම් කල තැනැත්තෙකි ඔහුට අවශ්‍ය සටන් ජවනිකාවන් නරඹන්නයි. මෙහෙම යන අතර මොහිදීන් මාස්ටර් ගෙන් චීන අඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළේය. පුණ්‍යා බුලත්සිංහල ගේ යොමු කිරීමක් මත 1974 වසරේ තිරගතවූ සුබයර් මකීන් ගේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ සටන් ජවනිකාවක මුලින් ම ඉදිරිපත් කළේය. පළමු ප්‍රතිවාදියා වුයේ ද අසහාය සටන් අදියුරු මෙන්ම සටන් නළු රොබින් ප්‍රනාන්දු රංග ශිල්පියාණෝය. තමන් ගේ කුසලතාවය අපුරුවට ප්‍රේක්ෂකයන්ට පෙන්වා දුන්නේය. ජීවන ගංගා, සරදියෙල් ගේ පුතා, යකඩයා, හිත මිතුරා, සංඛ පාලි, හිතුවොත් හිතුවාමයි, කොටි වලිගය, දෙමෝදර පාලම, යකඩ පිහාටු ච්ත්‍රපට අදටත් ප්‍රේක්ෂක හදවතේ නොමියෙන මතක සටහන් ඇතිකරලීමට සමත්වේ. සටන් නළුවකුටම තම චරිතය සීමානොවී දුෂ්ඨයා ලෙස ද අපුරු රංගනයන් සසර චේතනා හි නිකලස්, සත්වෙනි දවස අමනුල්ලා, කොටි වලිගය, දෙමෝදර පාලම මොරිස්, දිනුම එකදා වැහි, රෝදය පැටී මහත්තයා, වරදට දඩුවම් කරු, පාලිමන්ට් ජෝක්ස් වලිසුන්දර ලෙස සිනමා දුෂ්ඨයා ලෙස ජන මන හද බැද ගත්තේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි මොහොට්ටාල, කෝ හතුරෝ චිත්‍රපට වල ප්‍රධාන භූමිකාවන් ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කළේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි අඩි 80 පමණ සිට කල පිම්ම, සසර චේතනා හි දුම්රියේ සටන මාරක අවස්ථාවන්ය. 1974 හදවත් නැත්තෝ තුලින් වූ සිනමා ආගමනය 2014 පරපුර දක්වා ඇදී ආවත් රංගන කාර්ය තවම නිමානොවී ඇත. මේ වනවිට රංගන දායකත්වය ලබා දුන් චිත්‍ර පට 80 ආසන්නය. සිනමාවේ සිටි සක්විති ගාමිණී, ආදරණීය විජය ගේ පටන්ම මෙතෙක් රිදී තිරයේ සිටි සෑම රංගන ශිල්පියෙක් සමගම සටනකට නො පැටළුනානම් එය පුදුමයකි .ස්වර්ණවාහිනියේ විකාශනය වූ දන්න කෙනක් චිත්‍රපටයේ එම වැඩ සටහන අතර තුර අකිල සමගද සටනක් කළේය. නිළියන් ද කිහිපදෙනකු මොහු හා සටන් වලට පැටලී තිබේ. තමන්ගේ දක්ෂතා තරමට ඇගයීමක් නම් සිදුවුනා දැයි අපට ද ටිකක් සැක සහිතය. ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් මෙතුමා
අගයය කලෝය. ඒ 2019 03 20 වන දින මෙතුමාට සමරු ඵලකයක් පිළිගන්වමින් මෙතුමාගෙන් එදා අපි විදි රසය එතුමාටම පැවසුවේය. මහත් අමන්දානන්දයට පත් මෙතුමා එදා " මා ජීවිතයේ ලැබූ ලොකුම වින්දනයක් මේ දවස කියූ මෙතුමා, සැබෑ සිංහල චිත්‍රපට රසිකයන්ගෙන් ලැබූ මේ අගය කිරීම වෙන කිසිදා නොලැබූ" බව පැවසුවේය. එසේම අපි ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් සහභාගි වූ අශෝක සෙනරත් මුදලිගේ මහතා සංවිධානය කල ගාමිණී ෆොන්සේකා මහතාගේ ගුණ සැමරුම් උළෙලකදී සිනමාවේ අති දැවැන්තයන් නුදුටුවත් විල්සන් කරූ නම් පැමිණ සිටියේය .ඒ හැම දෙයක්ම මතක් කරමින් ඔබට නිදුකින් නිරෝගිව යෙහෙන් වැජඹෙන්නට සුබ උපන්දිනයක් වේවායි සිනමාවට ආදරේ කරන ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් විසින් සුබ පැතුම්......( ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලංකේය සිනමා වංසය තුලින්ද තොරතුරු ලබා ගත් බව සෙනෙහසින් බැතියෙන් සටහන් කරමි) .

ඩොමී ජයවර්ධන මහතා අපේ කාලේ දුෂ්ඨයා ගැන කියවමු.

ඕබඩගේ ඩොමී ජයවර්ධන 1927 ජුනි 25 - උපත ලබන්නේ අම්බලන්ගොඩ මීටියාගොඩදීය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හේ පාසල් වේදිකාවේ ද රංගන ශිල්පියෙක් විය. පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළේය. 1943 අම්බලන්ගොඩ වේදිකා ගතවූ නන්දන කීර්ති ගේ නාට්‍යයක් නරඹා එහි රග පෑ නිළියකට වශිකෘතව සිටියේය. ඒ නෝනා සුබෙයිදා රංගන ශිල්පිනිය වේ. ඒ පිළිබදව හැගීම කොතෙක්ද කියතහොත් නන්දන කීර්තිගේ නාට්‍ය කණ්ඩායමට ඩොමී එක්විය. සිහිනය නාට්‍ය මෙන්ම අසෝකමාලා නාට්‍යද ඩොමී නෝනා සුබෙයිදා සමග රග පෑවේය. අවසානයේ නෝනා සුබෙයිදා සමග ඩොමී විවහා දිවියට පත් වුවේය. විවාහයෙන් පුතුන් දෙදෙනකු වීය. නිහාල් ජයවර්ධන රෝයි ජයවර්ධන ඒ දෙදෙනාවේ. ඔවුන්ද කළා ලොවට පිවිසියෝය. සිරිල් පී අබේරත්නයන් ගේ නාට්‍ය වලද ඩොමී රගපෑවේය. පසුව සිරිල් පී ගේ හදුන්වාදීම මගපෙන්වීම මත සිනමාවට එක්වුවේය. ඔහු ප්‍රථම වරට 1953 සුජාතා චිත්‍රපටයේ විකී නැමති දුෂ්ඨ චරිතය සමග රිදී තිරය මත පැවුවේය. ඔහු හින්දි සිනමාවේ ප්‍රාන් වැනි දුෂ්ටඨ චරිත නිරූපණය කරමින් කීර්තියක් අත්කර ගත්තේය. ශ්‍රී ලාංකික කීර්තිමත් නළුවෙක් සහ ගායකයෙක් ද විය. සිනමාවේ දුෂ්ඨම චරිත ඉතාම දක්ෂ ලෙස රංගනය කල හේ වලව් චරිත වලට නම් ඉහලම පෞරුෂයක් ඇති රංග ධාරියායි කීවොත් එය අතිශෝක්තියක් නොවේ. ඩොමී චිත්‍රපට 51 කට අධික ප්‍රමාණයක් රංගනයට දායක වී තිබේ. සුජාතා චිත්‍රපටයෙන් වූ ආරම්භය 1980 ටක් ටික් ටුක් චිත්‍රපටයෙන් අවසන්විය. ඒ චිත්‍රපටය රිදී තිරයට එනවිට ජයවර්ධනයන් දිවි සිනමාවෙන් ද සමුගෙනය. වරද කාගේද, රදල පිළිරුව, චණ්ඩියා, හතර මහා නිධානය, ආත්ම පුජා, කවුද හරි, ලසදා, හිගන කොල්ලා, හිතුවොත් හිතුවාමයි හාමු චරිත සදානුස්මරණීය වේ. එසේම තමන් සංවේදී බව දක්වන රංග ප්‍රතිභාවද දරුදුක, ලයට ලය, සැමියා බිරිදගේ දෙවියාය චිත්‍රපට තුලින් මනාව මතු කළේය. ඒවා දුර්ලභ සානුකම්පිත රංගනයන්‍ය. ඩොමී චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළේය. ඒ දරු දුක සහ සිංගප්පූරු චාලි යන චිත්‍රපට දෙකයි. ළසදා චිත්‍රපටයේ හාමු හේ රංගනය ඉතා විශිෂ්ඨයි. එහි ගෙදර හිටිය රෝස කැකුල ගී රංගනය අගේ කල යුතුවේ. කවුද හරි චිත්‍රපටයේ මී මැස්සෝ ඔබයි මමයි එදා මෙන්ම අපේ හදවත් තුල නොමැකේ. එසේම වනමලට ආසාවේ වනබමරා ආවාසේ ගීත රූපරාමු ප්‍රේක්ෂක හදවතේ නොමැකේ. රදල පිළිරුව, සිහිනය, සුජාතා චිත්‍රපටවල පසුබිම් ගායනය ද කළේය. සරසවි සම්මානයන්ද ඔහු ලබා ඇත. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටවීමට ද එතුමා පුරෝගාමිවිය. කෘත හස්ත ප්‍රතිභාවෙන් අනුන රංගශිල්පියානෝ 1979 දෙසැම්බර් 28 වන දින 52 වසරේ දී එතුමා මෙලොවින් සමුගත්තේය. ඩොමී ජයවර්ධන අනුස්මරණ දිනයක් 2000 ජනවාරි 8 වන දින කොළඹ ජෝන් ද සිල්වා අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. ප්‍රේක්ෂක හදවත් තුල එතුමා ගේ රංග ප්‍රතිභාව අදත් සදානුස්මරණීය වේ ...(ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතාගේ ශ්‍රී ලාං

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස



1937 ජනවාරි 25 වාද්දුවේ තල්පිටියේ,උපත ලත් ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පාණදුර ශාන්ත ජෝන් විද්‍යාලයේත් පසුව ශ්‍රී සුමංගල විද්‍යාලයයේත් අධ්‍යාපනය ලැබීය. යෞවනයෙකු ලෙස ඔහු දක්ෂ දක්ෂයෙක් විය. තම ජ්‍යෙෂ්ට පාසල් සහතික පත්‍ර විභාගය පැවැත්වීමට නියමිතව තිබූ දිනයේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ගුවන් විදුලි සේවයට පැමිණෙන ලෙස කෙමදාසගෙන් ඉල්ලා තිබිණි . ඔහු නියමිත වේලාවට පෙර විභාගය අවසන් කර සම්මුක පරීක්ෂණයට ද ගියේය. ඔහු සම්මුක පරීක්ෂණය සමත් වූ අතර ගුවන් විදුලි සේවයේ සාමාජිකයෙකු විය.වරෙක ඔහු පාසල් සමයේ අයිතිවාසිකම් පිළිබද කතාබහට ගොස් පාසල හැරදා ගිය වගක් ද ඔහුම ප්‍රකාස කළේය ස්වභාවයෙන්ම දඩබ්බරයෙක් වු ඔහු සංගීතය සදහා වස්තු බීජ සොයාගන්නේ වටපිටාව හා ස්වභාවික පරිසරයෙන් බව ඔහු කියා තිබේ දේශමාන්ය කලා කීර්ති ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සම්මානනීය සංගීත රචකයෙකි. ලොව පුරා විවිධ සංගීත ශෛලීන් ගවේෂණය කරමින් සමකාලීන සංගීතයට ගැළපෙන පරිදි අනුගත කරමින් කේමදාසයන් අද්විතීය සංගීත ශෛලියක් වර්ධනය කිරීමට උත්සාහ කළේය. ඔහු සිංහල ජන නාද, හින්දුස්ථානි සංගීතය, බටහිර සංගීතය සහ තවත් බොහෝ සංගීත ප්‍රවාහයන් ඔහුගේ රචනා තුළ ඒකාබද්ධ කළේය. ශ්‍රී ලංකාවේ ඔපෙරා සංගීතයන් හදුන්වා දී ඔපෙරා නිර්මාණය කල එකම සංගීත වෙදියානෝ එතුමා වේ 1966 සැනසුම කොතනද චිත්‍රපටයෙන් සිනමා සංගීතයට පිවිසි එතුමා චිත්‍රපට සංගීතයේ නිම්වළලු පුළුල් කරමින් දැවැන්ත පරිවර්තනයක් සිනමා සංගීතයට එක් කරනලදී 1968 ආචාර්ය ලෙස්ටෙර් ජේම්ස් පීරිස් ගේ ගොළු හදවත සිනමා සංගීතයේ පෙරලියක් ඇති කළේය කේමදාසයන් ගේ වාද්‍ය වෘන්දය ප්‍රේක්ෂක ශ්‍රාවක මස් ලේ ඇට මිදුළු දක්වා කිදා බැස්සේය මන හද සලිත කළේය විවෘත ස්ථානයක මරදානේ සංගීත මන්ජරියක් පවත්වා ගනිමින් සංගීත දැනුම බෙදා දුන්නේය බයිසිකල් හොරා නාරිලතා දෑස නිසා බමරු ඇවිත් නිධානය වැනි චිත්රපට සංගීතය සිනමා සංගීතයේ නව සංස්කෘතියක් බිහි කළේය සරල ගීතය තුල ද එතුමා ගේ සංගීත රචනාවන් ආවේනික අනන්‍යතාවක් පැහැදිලිවම ඇති කළේය එතුමා නිර්මානයක චිත්‍රපට මෙන්ම සරල ගීතය ද ශ්‍රාවක ප්‍රේක්ෂක හද මන පුබුදු කළේය එකකට එකක් වෙනස් සංගීත නිර්මාණ සදා අමරණීය වේ ප්රෙමගීත්යේ ප්‍රේමනීය බව රකිමින් සංගීත රචනා කළේය භාවාතිශය ඇතිකරන ගීතද විනෝද ආස්වාදය මතු කරන රටාවන්ද හරිම අපුරුවේ උදා හරණ ලෙස සුලන් කුරුල්ලෝ ගීය හදුනා ගත්තොත්ඔබ මා ගෙදර හිටිය රෝස කැකුල රෝසා ත්‍රීවිධ කෝණයට අයත් වේ චිත්‍රපට 40 වැඩි ප්‍රමාණයකට සංගීත දායකත්වය පිරිනමා ඇත ගොළු හදවත නාරිලතා බමරු ඇවිත් වසන්තයේ දවසක් සොල්දාදු උන්නාහ සිරි මැදුර අග්නි දාහය ගරිල්ලා මාකටින් තුන්වෙනි යාමය යුගාන්තය චිත්‍රපට සංගීතයට සම්මානිත වූ ඒවාය.
ඇල්ල ලග වලව්ව ගොලු හදවත වෙද හාමිනේ දණ්ඩුබස්නාමානය දුර්ගන්තය රාජනා අකාලසන්ද්‍යා බෝ ගල සවුන්දිරිස් බුබුල ඉඩෝරයක මල් පිපිලා උත් තමාවි කෙලිමඩල සතර දෙනෙක් සෙම්පතියෝ යන ටෙලි නාට්‍යද එතුමා ගේ සංගීතයෙන් ඔපවත් විය සොදුරු වර්ණදාසි අග්නි මානස විල ඔපෙරාවන්ය සංගීත සංධ්වනි ලෙස අවුරුද්ද මුහුද පිරිනිවන් මංගල්ලය එතුමා ගේ වෙසෙස් නිර්මාණයන්ය බැරිසිල් සිතිජය මෝරා අත් එකාදිපති දිරිය මව සහ ඇගේ දරුවෝ ආදී වේදිකා නාට්‍ය ද එතුමා ගේ සංගීතය අයත් විය අන්තර් ජාතික සිනමාවට දායකවිය සුවහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක මනදොල පිරු එතුමාණෝ වකුගඩු රෝගතතවයකට ගොදුරුව වකුගඩු බද්ධ කිරීමක් කර නිර්මාන කාර්යට යොමුවවත් 2008 ඔක්තෝම්බර් 24 දින එතුමා 71 වන වියේදී සංගීත රගමඩලෙන් මෙන්ම දිවි සාරියෙන් ද සමු ගත්තේය මෙතෙක් රචනා කරන ලද එකම බෞද්ධ කැන්ටාටාව වන පිරිනිවන් මංගල්‍ය නම් ඔහුගේ කැන්ටාටාව පදනම් වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අභාවය මත වන අතර එය ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී කෙමදාස පදනමේ සිසුන් විසින් වාදනය කරන ලදී.දුවරුන් දෙදෙනකු මෙලොවට දායාද කර ඇති එතුමා ගේ මග ඔවුහු අනුගමනය කරයි එතුමාට සග මොක් සුව අත්වේවා .....එත්මාගේ නිර්මාණයන් අදත් හෙටත් මතුවටත් ප්‍රේක්ෂක ශ්‍රාවක හදවත් තුළ අමරණීය වේ ........අහංකාර ගාන්ධර්වයා නික්ම ගියේය ඔහුගේ හෘදයාංගම මියැසිය අපේ සංගීත පවසා නිවයි ...

සාඩම්බර 14 වන හමුවීම 2019 10 12 දින...ප්‍රතිභා

ආනන්දනීය සිංහල සිනමාවේ 14 වන හමුව යෙදී තිබුනේ 2019 10 12 දිනටයි. මේ දිනය සුවිශේෂී විය. ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය නිමිති කරගෙන විවිධ වැඩ සටහන් පවත්වා " ප්‍රතිභා" නමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා නේවාසික සහෘදයන්ගේ එකතුවෙන් ප්‍රසංගයක් ජාතික මානසික සුව රෝහල් ප්‍රදාන ශාලාවේදී මෙදින පැවැත්විණි. ඒ සදහා ආනන්දනීය සිනමාවටද ආරාධනයක් විය. එයට අපේ ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් ද ආනන්දනීය සිංහල සිනමා සංසදයට සම්බන්දිත සිනම, වේදිකා, පුංචි තිරය හා ගායකයන් ද කලාකරුවන් ද ආරාධනා ලබා සිටියේය. එදින පස්වරු2.00 ආරම්භය සටහන්ව තිබුනද මෙම වැඩසටහන ආරම්භ වනවිට පස්වරු 2.30 පමණ විය. මේ කටයුත්තට පෙර අපේ සංසදයේ සාමාජිකාවක් වන සෑම් පෙරේරා මහත්මිය ගේ ධන පරිත්‍යාගයෙන් කල සමර් හට් එක වැඩ අවසන් කොට විචිත්‍ර කර තිබෙන අයුරු අපට අපේ අදියුරු ආනන්ද ගමගේ මහතා පෙන්වා දුනි. මේ අනර්ඝ නිර්මාණය කල සහායක කාර්‍යය මණ්ඩලයේ හිතවතෙක් වන ලක්මාල් මහතාව කැදවා සැමට හදුන්වා දෙමින් ඔහුව ඇගයීඅකටද ලක් කරන ලදී. ඉන්පසු ඇරඹුනු මේ ප්‍රසංග කටයුත්තට විශාල පිරිසක් සහභාගිවිය. ප්‍රදාන ශාලාව පිරි ඉතිරී යන පිරිසක් විය. නේවාසික සේවා ලාභීන්ද කාර්යමණ්ඩල පිරිස ද සුව සේවා අමාත්‍යංශයේ සහකාර අතිරේක ලේකම් තුමා සමග රෝහලේ ඉහල වෙද්‍ය තුමන්ලා වෙද්‍ය තුමියන්ලා ගේ සිට මාණ්ඩලික හෙද නිලධාරී නිලදාරිනියන් ද සුළු සේවක ආදී පිරිස් ද සහභාගිවිය. ආනන්දනීය සිංහල සිනමාවේ සාමාජිකයන් අතර අදියුරු ආනන්ද ගමගේ මහතා එම මහත්මිය පොඩි පුතු සිට ධම්මිකා වික්‍රමතුංග මහත්මිය, රන්ජිත් ප්‍රේමලාල් මහතා විජි ශ්‍රී මහත්මිය, මොහමඩ් රියාස් කපුර් මහතා, රජිව් රණසිංහ මහතා, ජයසූරිය නිලන්ගි මහත්මිය, තුසිත ලාල් මහතා, ඉන්දික මල්ලව ආරච්චි මහතා පුතු ඔසද පසිදු පුත, ලංකා රාජනී ගුණසේකර මහත්මිය, නොයෙල් ජයමහ මහතා, වසන්ත සනත් මහතා, රොෂාන් කදුරුවාන මහතා, ආනන්ද වික්‍රම මහතා, ලතා පෙරේරා මහත්මිය ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා, සුජිත් නිශාන්ත මහතා, අරුණ ශාන්ත මහතා, ප්‍රදීප් ධම්මික මහතා, ප්‍රියංකා ප්‍රිය දර්ශනි මහත්මිය, සමන් ආට්ස් මහතා, ජනේෂ් චන්දිමාල් මහත, ආනන්ද කුමාර පින්වනල මහතා, කුසුම් මල්දෙනිය මහත්මිය, ධම්මික ශ්‍රී මහතා, සුජීවා ප්‍රිය දර්ශනි මහත්මිය, ෂෝන් මැක්ෂිමස් දිසානායක මහතා, සුනිල් මහත්මා, දිලිප මනෝහර මහතා, ප්‍රියන්ති සෙල්වා මහත්මිය, සුනේත්‍රා ගමගේ මහත්මිය, චිරානි බෝබුවල්ගේ මහත්මිය, අනෝමා වික්‍රම ආරච්චි මහත්මිය, හංසි අබේරත්න මහත්මිය, විජේ කුමාරි මහත්මිය, සුමුදු වාසනා මහත්මිය සුභා ගුණසේකර මහත්මිය, රෝසානි මිතාරා මහත්මිය, කෞෂ්ල්‍ය පෙරේරාමහතා, අනූෂා දිල්හානි මහත්මිය, මාලා මල්දෙනිය මහත්මිය, යන අය සහභාගිවිය. රංගන ක්ෂේත්‍රයෙන් ජයසේකර අපොන්සු මහතා, එම මහත්මිය එම පියාණන්, මහේෂ් ජයසිංහ මහතා විල්මන් සිරිමාන්න මහතා, සොනාලි ප්‍රනාන්දු මහත්මිය, නාමල් උඩුගම මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය, චන්දන හේවා පතිරණ මහතා, ශාලිකා එදිරිසිංහ, (ඉක්මනින් පිටත්වුවා ය අසනීප තත්ත්ව නිසාය ), නුවනී වලිමුණි, පබසරා මධුෂානි, විල්සන් කරු මහතානන්ද, සුමිත් මුදන්නායක මහතාද සරත් දික්කුඹුර මහතා සරත් පීරිස් මහතා සැනට් දික්කුඹුර මහතා අනුෂා දීල්හානි කරුණාරත්න මහත්මිය, මංගල මඩුගල්ල මහතා, අසෝක සෙනරත් මුදලිගේ මහතා, ප්‍රසාද් ගලප්පත්ති මහතා, ආරියසේන ගමගේ මහතා ආදී ඳ මෙහි රැස්ව සිටියෝය. පලමුව ආරාධිතයන් සදහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
තේ පැන් සංග්‍රහය නිමවනවිටම සියළු ආරාධිතයන් බුලත් හුරුළු දී පිලිගත්තේ ආයතනයේ ලස්සන හෙදනිලධාරිණියන් දෙදෙනෙක් විසිනි. සියළු ආරාධිතයන් අසුන්ගැන්වීමෙන් අනතුරුව ප්‍රතිභා ප්‍රසංගය ආරම්භවිය. කලා කරුවන් හා ආනන්දනීය හිතවතුන් උදෙසා එක් පසක්ද සෞඛ්‍ය නිලධාරීන් සදහා අනිත් පසද වෙන්ව තිබිණි. නිවේදන කටයුතු සදහා ඉතා දක්ෂයන් දෙදෙනකු විය. ඒ මහත්මයෙක් සහ නෝනා මහත්මියකි. පළමු අංගය ගායක කණ්ඩායමක් විසින් පිලිගැනීමේ ගීතය ගායනා කිරීමයි. ඒ ගීයේ අන්තර්ගතය මේ ප්‍රසංගයේ අරමුණ සහ සුවසේවා වේ වැදගත් කමද කියවිණි.
ඉන් පසුව ආරාධිත්යන්ට මල් පැලදීමක් ලෝක ජාතික සුවසේවා ව වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ අය සිදුකරන ලදී. චාරිත්‍යානුකූල මගුල් බෙර වාදනය සමග සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීම වෛද්‍ය තුමන්ලා, හෙද නිලධාරීන්, කලාකරුවන් සහ සේවා මණ්ඩලයේ අයද එකතුවෙන් සිදු කෙරිණි. ඉන්පසුව දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ සතරවරම් දෙවිමහ රාජ ගී නදට අපුරු ලාලිත්‍ය ඇති රංගනයක් ඉදිරිපත්විය. එයද ප්‍රසංගයට ආශිර්වාදයක් මෙනි. දියණියක් මල්වර වී ප්‍රථම ස්නානය කරන දර්ශනයක් මුල්ව ගීත නාටකයක් ලෙස අපුරු රංගනයක් වේදිකාව මත දිගහැරිණි. මල්වර්යෙන් පසුව දියණිය යොවුන් විය පත්වීම සිනාමල් ගොඩක් ගීතය තුලින් පෙන්ම්නු කළේය. යෙහෙලියන් හා ඇසුර අන්න බලන් ඉදිකඩ ලග ගී රංගනයේ දැක්විණි. ප්‍රේමවන්තයෙකුගේ ඇල්ම බැල්ම වැටීම සුදු පරවී රෑනසේ ගීතය අපට හෙළිකළේය. රැවටිල්ල ප්‍රේම මායවද තවත් නවමු ගී මගින් කියා පෑවේය. ගමේ ඇවැස්ස පෙම් වතකු ගේ පැමිණීමක් ද ගී තුලින් පෙන්නුම් කෙරුණි. ගමේ පෙම්වතාට අකමැත්ත ප්‍රකාශ වුනේ කොන්දේ දිගට බැදලා වැනි ප්‍රහසන ගීයකිනි. ගමේ පෙම්වතාගේ ලැදියාව පුංචිකාලේ අපි සින්දු කියපු හැටි ගීයෙන් මතු කළේය. යනවානම් අනේ රත්තරන් නන්දා මාලනියගේ ගීය දෙදෙනා පැනලා යන බවට ඉගියකි. දුව පැනලා ගිය බව මාමයි බෑනයි ප්‍රකාශ කලේ මගේ සුදු බෑනන්ඩිට බුද්දන් සරනේ ගීය සමගය. රංගන යෙනි රත්තරන්දුවේ රත්තරන්දුවේ ගීය දෙදෙනා ගිය බවත් නැවත පැමිණීමට ආයාචනයකි. නැවත නව යුවල මාපියන් සොයා පැමිණේ පරණ පෙම් වතා පෙරදිනයක මා පෙම්කල ගිය ගයන්නේ උපේක්ෂාවෙනි ඉදීවි කොතැනක හෝ සහකාරයා ලෙස පරණ පෙම්වතාටද මනාලියක් ලැබේ. රයක් උපද්දා ගීයෙන් ඔවුන් අලුත් ජීවිතය ගැන කියැවිණි. ඉරහද පායන් ලෝකේ සැපදුක සමබර වේ ඒ ගීත නාටකය නිමාවිය. හරිම අපුරු ආශ්වාදයක් සබාතොමෝ විදගත්තෝය. මීලගට මුළුතැන් ගෙයි විප්ලවය ද අපුරු රංගනයකි. එය සේවා ලාභීන්ගේ කුසලතාව පිලිබිඹු කළේය. එහි පෙනේරය නැටුම චිත්තාකර්ශ්නීයයි. අනතුරුව ආනන්ද ගමගේ මහතා පැමිණි සිටි අපේ හිතවත් රංගන ශිල්පීන් හදුන්වාදෙමින් අප සැම පිලිගත්තේය. මෙහිදී සරත් දික්කුඹුර, ශිරෝමිකා ප්‍රනාන්දු, නාමල් උඩුගම, මහේෂ් ජයසිංහ, ෂෝන් මැක්සිමස් දිසානායක, සැන්ට් දික්කුඹුර, විල්සන් කරූ, සුමිත් මුදන්නායක ජයසේකර අපොන්සු යන මහත්ම මහත්මීන් ගැන කෙටි ඇගයීමක්ද ආනන්ද මහතා විසින් සිදුකරන ලදී. ආනන්දනීය සිංහල සිනමාව වෙනුවෙන් තිදෙනෙකුට අවස්ථාව ලැබීමද විශේෂයකි. ඉන් ජයසේකර අපොන්සු මහතා ආනන්දනීය සිංහල සිනමාව ගැන ඉතා ප්‍රශංසා මුඛයෙන් කතා කළේය. එය අප සැමටම මහත් වූ අභිමානයකි. අනතුරුව අපොන්සු මහතා එතුමා වේදිකාවේ රග දැක්වූ පාතාලයේ සොල්දාදුවෝ හා තටු නාට්‍යයේ කොටසක් වාචිකව රග දැක්වීය. අසෝක සෙනරත් මුදලිගේ මහතාගේ ගායනයත් සුජිත් නිශාන්ත මහතා ගේ ගායනයත් අපට සොදුරු ආශ්වාදයක් එක්කළේය. හින්දි ගීත වලට නර්තනයන් කිහිපයද සහජ කුසතා මතුකර පෙන්වීය. විරිදු සුරල් ද සුවසේවාවේ වැදගත්කම ජීවිතයක වටිනාකම පැය 24 සේවයට කැපවූ වෙද, හෙද සේවාවේ අගය පසක් කළේය. පරාජිත පෙම් වතකු සියදිවි නසා ගන්න ගැන උත්සාහය ජීවිතයේ වටිනාකම රංගනය ද අග්‍රගන්‍යවේ. මෙය විශේෂයෙන් ඇතුලත් කර තිබුනේ මෙවර මානසික සෞඛ්‍ය තේමාව වන prevention suicides වලට අදාලවයි. වෙද්‍ය තුමන් ගේ ස්තුති කතාව අනතුරුව කාවාඩි සංගීතයට සියල්ලෝම රංගනයට යොමුවී අසීමිත වින්දනයක් ලබා ගත්තෝය. අපි මෙන්ම සේවාදායකයෝද මනුහගීම් දැනීම් කළා කාමී බැවින් අනුන බව මේ ප්‍රසංගයේ අපට ඉතාම පැහැදිලිවිය. රාත්‍රී 6.30 වනවිට සියල්ල නිමාවිය ..උන් එදා දුන් රග දුටොත් වෙන සැපක් කවරකු පතා

රංගනවේදී රෙක්ස් ජෝශප් කොඩිප්පිලි

රෙක්ස් ජෝශප් කොඩිප්පිලි 1938 ඔක්තෝබර් 6 වන දින බදුල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා දොන් හෙන්රි කොඩිප්පිලි මිනින්දෝරුවරක්යෙකි. ඔහුගේ මව ඊතන් කොඩිප්පිලිය. ඔහුගේ පියා මාස 18 ක් වයසැති විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුරකින් මිය ගියේය. ඔහුගේ සහෝදරයන් දෙදෙනා සමඟ ඔහු හැදී වැඩුණේ ඔහුගේ මව ගේ සේවනේය. ඔහු සිය සහෝදරයන් දෙදෙනා සමඟ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුගේ සහෝදරයන් මුලින්ම පාසලෙන් පිටව ගියද, සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් ඔහු ශ්‍රී සිද්ධාර්ථ මධ්‍යම විද්‍යාලයයට ඇතුළත් විය. ඉතා කුඩා අවධියේ සිටම ගායනය දක්ෂතා දැක්වූ ඔහු වයස අවුරුදු හතේ දී අභාවප්‍රාප්ත අග්‍රමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩීබණ්ඩාරනායකයන් අතින් ඌව පළාතේ හොඳම ගායකයා ලෙස සම්මානයට ලබා ඇත.ඔහු සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී රොහාන නාට්‍ය සංගමය නමින් නාට්‍ය කවයකට සම්බන්ධ විය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන තෙක් නාට්‍ය සංගමයහි වේදිකා නාට්‍ය පහක් පමණ රඟ පා තිබේ . කොඩිප්පිලි හමුදා පොලිසියේ ශාරීරික පුහුණු උපදේශකයෙකි. 1961 දී ඔහු සිය පොලිස් සේවය අවසන් කළේය. පසුව කොළඹ කොටුවේ මරීනා කැෆේ හෝටලයේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අතර පසුව .ඔහු සලාකා හි කළමනාකරු ලෙසද සේවය කර ඇත. එහිදී ඔස්වල්ඩ් ජයසිංහ සමඟ මිතුරු විය.1969 දී ඔහු ජයසිංහව නුගේගොඩ රූපගත කිරීමකට එක්ව ගිය අවස්තාවක චිත්‍රපටයේ අධ්‍යක්ෂක කේ. ඩබ්ලිව්.පෙරේරාට මුණගැසිනි. ඒ අනුව කතුරු මුවාත් චිත්‍රපටයට සම්බන්ධව දුෂ්ඨ චරිතයක් තුලින් සිනමාවට අවතීර්ණය විය. රෙක්ස් ජෝශප් කොඩිප්පිලි ශ්‍රී ලංකා සිනමා නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද විය . මූලික වශයෙන් ඔහුගේ සිනමා ජීවිතයේ වැඩි කාලයක් දුෂ්ඨ චරිත රඟපෑ කොඩිපිලි චිත්‍රපට 143 කට වැඩි ගණනක රගපාමින් චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළේය.1974 සිහසුන සහ 1982 බයිසිකලේ ඒ චිත්‍රපට දෙක වේ. ලොකුම හිනාව චිත්‍රපටයේ මෝටර් සයිකල් ධාවනයක් සමග සටන්කාමී මාරාන්තික රංගනයක් කරමින් අනතුරට ද ලක්වුවේය. ඔහු රංගනය කළ විශාල චිත්‍රපට අතර සිහසුනේ කාල්, දමයන්තිහි රොබට් වික්‍රමසිංහ, මරුවා සමග වාසේ සීමන් අප්පු, මුවන් පැලැස්සේ කදිරා, රක්තා හි හිසබුගා කල ධානු ගේ රංගනය, බයිසිකලේ කළු මහත්තයා, චන්දිරා හි සක්කර මාමා, කොටි වලිගයේ සාජන්ට් සිල්වා, ක්‍රිස්තු චරිතයේ පිලාත්, අහිමි දඩමං හි තුවාල ලත් මිනිසා, යනාදී චරිත සුවිශේෂීවේ .සාගරිකා චිත්‍රපටයේ පසුබිම් ගායකයකු ලෙස ද කකුළුවා නටන්නේ දිය රත්වෙනතුරු ...ගීය ගායනා කර ඇත. හේ රන් කහවනු ටෙලි නාටකයෙන් පුංචි තීරයේ ද රංගනයට එක්ව තවත් ටෙලි නාට්‍ය වලට ද රංගන දායකත්වය දුන්නේය .එතුමා සරසවිය කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇත්තේය. 1986 විවාපත් ඔහු ගේ සහකාරිය කැතරින් කොඩිප්පිලි වූ අතර ඔහුට ප්‍රසන්න, රෝසාන්ති, සුරේකා නමින් දරුවන් තිදෙනෙක් වේ. 1971 සිට 2017 දක්වා කාලය තුල චිත්‍රපට 143 ට වඩා දුෂ්ටයෙක් ප්‍රේමවන්තයෙක් සටන්කාමියෙක් වැනි චරිත තුලින් ජනමන පුබුදු කල කල මේ රංගවේදියණෝ අද අසුපස්වන විය පසුකර සිටින විට 2023 දෙසැම්බර් 24 දිවිමඩලෙන් සමු ගත්තේය එතුමාට ආනන්දානිය සිංහල සිනමාවේ සාතිශය ශෝකය පළකරමු.

ආනන්දනීය සිංහලසිනමාව 13 වන හමුවීම ගැන 2019 09 30

ආනන්දනීය සිංහල සිනමාවේ 13 වන හමුව 2019 09 30 දිනට යොදාගෙන තිබිණි. සාමාජික අපට දැනුම් දී තිබුක්නේ සිංහල සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා මහතාණන් ගේ 15 වන ගුණ සමරුව දිනය එදින බැවින් ගාමිණී ෆොන්සේකා මහතා පදනමේ සභාපති දමිත් පොන්සේකාමහතා ගේ ප්‍රධානත්වයෙන් මාධ්යවෙදී අසෝක සෙනරත් මුදලි ගේ මහතාණන්ගේ සංවිධානයෙන් පවත්වන ලේ පරිත්යාග පුන්‍ය කර්මය සහ සමරු උත්සවයට අපට සහභාගී වනලෙසයි. මේ අනුව අපි එදින පෙරවරු 9.15 වනවිට නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිනුනෙමු. මමත් ඉන්දික මල්ලවාරච්චි මහතාත් ප්‍රදීප් ධම්මික මහතාත් ආනන්ද වික්‍රමාරච්චි මහතාත් සමග පුජ්‍ය ශාස්ත්‍රවේදී ගරු කඩිහිංගල ධම්ම දස්සි හිමියන් සහ ඇඹිලිපිටියේ සුමේදානන්ද හිමියන්ද වැඩම කරන ලදී. ඒ අවස්ථාවේ එහි කලින් පැමිණ සිටි ධම්මිකා වික්‍රමතුංග මහත්මිය ආනන්ද වික්‍රම මහතා රජිව් රණසිංහ මහතා රොෂාන් කදුරුවාන මහතා අපව සුහදව පිලි ගන්නා ලදී. එසේම මහා සංඝරත්නයද නමස්කාරයෙන් පිළිගනු ලැබීය. සෙනරත් මුදලි ගේ මහතාණන් ද එතුමාගේ කාර්යමණ්ඩලය ද මෙහි විවිධ කටයුතුවල නිරතව සිටින බව පෙනිණි. ප්‍රසංග පිගේරා මහතාද පැමිණි අතර මා වෙතට පැමිණ ආචාර සමාචාර කළේය. ප්‍රථායෙන්ම ජනකාන්ත රංග වේදිනියක් වන සුමනා අමරසිංහ මහත්මියද එතනට සම්ප්‍රාප්ත වුවාය. ප්‍රවීන සටන් අදියුරු විල්සන් කරු රංගවේදියා ද පැමිණුනේය. සදුන් විජේසිරි රංග වෙදියනෝ ද පැමුණුනි. අපේ සාමාජිකයන් ද වරින් වරට සම්ප්‍රාප්ත විය. තුසිත ලාල් මහතා ද මොහමඩ් රියාස් කපුර් මහතාද, කුමාර මුණසිංහ මහතාද අපේ සහෘදයන් අතර විය . අපේ අදියුරු ආනන්ද ගමගේ මහතාද සුජිත් නිශාන්ත මහතාද මීලගට පැමිණුනි. ටෙඩී විද්‍යාලංකාර රංග ශිල්පියානන් ද මේ අවස්ථාවට පැමුණුනි. අපේ ලතා පෙරේරා මහත්මිය නිලන්ගි ජයසූරිය මහත්මියද පැමිණ අසුන් ගන්නවා දුටුවෙමි. මේ අතර තුර වාරයේ අපේ රණවිරුවන් ද වෙනත් අයද පැමිණ ලේ පරිතයාග යට යොමුවන බව අප දුටුවෙමි. මේ අතර ආනන්දනීය සිංහලසිනමාවේ අපි විසින් රැගෙන එන ලද කිරි පැකැට් පරිත්‍යාගය අසෝක සෙනරත් මහතා වෙත භාර දෙනු ලැබීය. රුපවාහිනි ගුවන් විදුලි මෙන්ම මාධ්‍යලෝකයේ දැවැන්තයෙක් වන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතානන්ද මේ අවස්ථාවේ පැමිණියේය. නියමිත වෙලාව තරමක් පරමාද වුයේ දමිත් ෆොන්සේකාමහතා ගේ පැමිණීමයි .ඒ අතර ඉන්ද්‍රජිත් ලියනගේ මහතානන් සභාවේ කටයුතු ආරම්භයට සුදානමින් පුර්ව පුරෝකතනයක් කරන ලදී. තවද ජනප්‍රිය රංගන ශිල්පීන් වන සරත් පීරිස් මහතා සහ සරත් දික්කුඹුර මහතා ද මේ අවස්ථාවට පැමිණියෝය. ඉක්බිති වැඩම කරසිටි පුජ්‍ය ශාස්ත්‍රවේදී කඩිහිංගල ධම්ම දස්සි හිමියන්ට පිරිස පන්සිල් හි පිහිටුවීමට නමස්කාර පුර්වකව ආරාධනය කළේය. මින් අනතුරුව දමිත් ෆොන්සේකා මහතා ද සම්ප්‍රාප්ත විය. අනුස්මරණ සභාවේ ඊළගට අසෝක සෙනරත් මුදලි ගේ මහතා පැමිණ සියළු දෙනාම සංඝරත්නය මුලිකව පිලි ගැනීමේ කතාව කරන ලදී. ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතානන් කතාකරමින් ගාමිණී පොන්සේකා මහතා ගේ සේවාව සිනමාවේ දැවැන්ත කාර්ය භාරය නිදසුන් සහිතව සාරවත් කතාවක් කළේය. පුෂ්පෝපහාරයක් ද පැමිණි සිටි සිනමා නළු නිලියන් මෙන්ම දමිත් පොන්සේකාමහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
අනතුරුව අසෝක සෙනරත් මුදලි මහතා සංවිධානය කළ උපහාර තිලිණ පිදීමක් දමිත් පොන්සේකා මහතා සිදු කරන ලදී. සිනමා රංග වේදී රෝයි ද සිල්වා මහතා වෙනුවෙන් උපක්හාර තිළිණය සුමනා අමරසිංහ මහත්මියට පිරිනැමුවේය. ටෙඩී විද්‍යාලංකාර මහතාට ද උපහාර තිළිණයක් පිරි නැමුවේය. ජයසේකර අපොන්සු මහතාටද උපහාර තිළිණයක් පිරිනැමීමට සුදානම්ව තිබිණි. ඒ මහතා නොපැමිණි නිසා ඒ වෙනුවෙන් සදුන් විජේසිරි මහතා එය භාර ගත්තේය. ඉන් පසුව සුමනා අමරසිංහ මහත්මිය සභාව අමතමින් රෝයි ද සිල්වා මහතාගේ සහ ගාමිණී ෆොන්සේකා මහතා ගේ සම්බන්ධය ගැන විසිතුරු ලෙස කතාවක් කළේය. එසේම ගාමිණී ෆොන්සේකා මහතා ගේ මහත්මාගුණය කැපවීම ගැනද සුමනා අමරසිංහ මහත්මිය පැහැදිලි කලාය. මීලගට සදුන් විජේසිරි කළා කරුවානෝ ගාමිණී ෆොන්සේකා ගේ ප්‍රතිභාව මහත්මා ගුණය නොසැලෙන අභිමානය සිනමාවට මෙන්ම සැමට දැක්වූ උදව් උපකාර මෙන්ම සමාජීය වශයෙන් ඔහු ලගාකරගත් උත්තරීතර තත්වයන් ගැනද විග්‍රහ කළේය. දමිත් ෆොන්සේකා මහත්මා පිය ගුණ වරුණ මෙන්ම පියාගේ කල උපකාර තරමට පියාට ප්‍රති උපකාර නොලබන බවත් අසෝක සෙනරත් මුදලි මහතා ගේ අගය කිරීම මේ කටයුතු අගය කලයුතු බවත් ප්‍රකාශ කළේය. සිනමාව වෙනුවෙන් දැනට ඒ මහතා කරගෙනයන සංරක්ෂණ කටයුතු ගැනද පැහැදිලි කිරීමක් කළේය. මේ සත්කාරයට දායකවූ සැමට තමන්ගේ ගෞරවය පිරිනමන බවද එතුමා සදහන් කළේය. ස්තුති කතාව අසෝක සෙනරත් මුදලි මහතා විසින් පවත්වන ලදී. ආනන්ද ගමගේ මහතාද ආනන්දනීය සිංහල සිනමාවේ කාර්ය භාරය ගැන සභාව දැනුවත් කළේය. අපේ වැඩ පිළිවෙලට නළුනිලි සහයෝගයක් ලබා දෙනලෙස ද ඉල්ලා සිටියේය. පැමිණි සියළු නළු නිළියන් ඊට හොද ප්‍රතිචාර දැක්වූවෝය. සහාවේ කටයුතු ජාතික ගීය ගයනා වෙන් අවසන් විය. ගරු ස්වාමීන් වහන්සේලා ගේ ලේ පරිත්‍යාගයන් කිරීම ඉන් අනතුරුව සිදුවිය. සියලු දෙනාට ආහාර පාන සමග කිරි පානයක් පිරිනමා සංග්‍රහයක් සිදුවිය. සිනමාවේ ඇති දැවැන්ත ක්වූ සක්විති ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් කළා ක්ෂේත්‍රයේ සම්මාදම නම් ඉතාම අවම බව කථිකයන් ගේ අදහස් දැක්වීමේදී කියවුන අතර මගේ සිතටත් එවැනි කුකුසක් ඇති වුනේ මේ ලංකාවේ හැටිද , යන අදහසයි. සිනමාවට ආදරය කරන අපි සියල්ලෝම ඒ සිතුවිලි ඇතිව එතනින් පිටමං වුවේය.
එසේම අප කෙරෙහි සෙනෙහසින් මගේ ආරාධනායෙන් වැඩම කොට ස්වේච්ඡාවෙන් ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වූ නැගෙනහිර වැලිවේරිය ශ්‍රී පුර්වාරමවාසී පුජ්‍ය ශාස්ත්‍රවේදී කඩිහිංගල ධම්මදස්සි හිමිපානන්ටත් පුජ්‍ය ඇඹිලිපිටියේ සුමේදානන්ද හිමිපානන්ටත් ආනන්දනීය සිංහල සිනමාව වෙනුවෙන් නමස්කාර පුර්වක ප්‍රණාමය පුදකර සිටිමු.
ගාමිණී ෆොන්සේකා මහතාගේ දියණිය ද මේ අවස්ථාවට සහභාගි වූ බව දන්වා සිටින්නෙමු.

සිනමා සක්විති ආචාර්ය ගාමිණි පොන්සේකා



සෙම්බුගේ ගාමිණි ෂෙල්ටන් ෆොන්සේකා 1936 මාර්තු 21,උපත වූ ලැබුවේය. ඔහු ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ රජු ලෙසත්, රජ තුන්දෙනාවූ ගාව්මිනි ෆොන්සේකා ජෝ අබේවික්රම සහ ටෝනි රණසිංහයන අයගෙන් පළමු ඔටුන්න හිමි රජු ලෙසත් නම් කල හැක. ෆොන්සේකා උපත ලැබුවේ 1936 මාර්තු 21 වන දින දෙහිවෙල විලියම් සහ ඩේසි ෆොන්සේකාගේ තුන්වන දරුවා ලෙසය. ප්රෙස්බිටේරියන් ආයතනයක මුලික අධ්‍යාපනය ආරම්භ කරමින් ගාමිණී දෙවනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් විය. යෞවනයෙකු ලෙස ඔහු පාසලේ පරිපාලන චරිත අනුකරණය කිරීමෙන් කීර්තියක් ලබා ගත්තේය. ගාමිණී සිංහල භාෂාව හා සාහිත්‍යය හැදෑරීමේ දී ද ඉතාමත් දක්ෂයෙක් විය. ආචාර්ය ඩී. එස්. ජයසේකර මහතාගේ මඟ පෙන්වීම යටතේ වේදිකා නාට්‍යවල රඟපෑමට ඔහුව හඳුන්වා දුන් බව සදහන්ය. සිංහල සාහිත්‍ය ත්‍යාගයත් සඳහා ඉහළම සිව්වන ස්ථානයට පත්විය. මෙම ජයග්‍රහණය සඳහා වන සම්මානය සාන්ත තෝමස් හි අධ්‍යාපනය ලබා උපාධිධාරී ක්වූ සහ ශ්‍රී ලංකා අගමැති ඩී. එස්. සේනානායක විසින් ඔහුට පිරිනමන ලදී. ගාමිණී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද විය . ගාමිණී ෆොන්සේකා 1962 දී ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වන ඩොරති මාග්රට් වැලෙන්සියා ( ටීනා)සමඟ විවාහ වූ අතර ඔහුට චමිලා, තනුජා, දමිත් සහ ඉෂාරා යන දරුවන් සිව්දෙනෙක් සිටියහ. වසර ගණනාවකට පසු ඔහු කෞශල්‍යා සහ පූර්ණිමා ද උපත ලැබීය.
ෆොන්සේකා හදිසියේම සිය ද්විතීයික අධ්‍යාපනය අවසන් කර සොදුරු සිනමා කර්මාන්තයට පිවිසියේය. ඔහුට මුලින් කැමරා ශිල්පියෙකු වීමට අවශ්‍ය වූ අතර දෙවනුව ඩේවිඩ් ලීන්ස්ගේ බ්‍රිඩ්ජ් ඔෆ් ද රිවර් ක්වායි සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව හි දෙවන සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය. සමූහයක කෙනකු ලෙස ෆොන්සේකා ප්‍රථම වරට තිරය මත රේඛාව හි දිස්විය. ඔහු ශ්‍රී ලංකාවේ රූගත කළ ඉංග්‍රීසි රූපවාහිනී කතා මාලාවක යම් යම් කර්තව්‍යන් ද කළේය. ෆොන්සේකාගේ පළමු රංගන භූමිකාව වූයේ දෛව් යෝගය (1959) චිත්‍රපටයේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් සංදේශය (1960) මුලින්ම ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. අදට වැඩිය හෙට හොදයි, රන්මුතු රන්මුතු දුව , ගැටවරයෝ සහ ධීවරයෝ වැනි චිත්‍රපට තුලින් ගාමිණී ජනප්‍රියත්වයට පත්වූ අතර බොක්ස් ඔෆිස් වාර්තා තැබූ රංග ශිල්පියෙක් බවට පත්විය පත්විය. හුදෙක් වාණිජමය චරිත නිරූපණය කිරීමට උත්සාහ නොකළ ෆොන්සේකා මහතා , ජිනදාස ලෙස පෙනී සිටිමින් ගම්පෙරලියෙන් (1964) ජේම්ස් පීරිස් මහතා සමග නව මගකට අවතීර්ණය විය . ටයිටස් තොටවත්ත ගේ චන්ඩියා චිත්‍රපටයේ ෆොන්සේකා ශ්‍රී ලංකා සිනමාවේ ප්‍රථම වීර චරිතය රඟපෑ අතර මයික් විල්සන්ගේ සොරුන්ගෙත් සෝරු (1968) චිත්‍රපටයේ ඔහු සිංහල ජේම්ස් බොන්ඩ්ගේ චරිතය රඟපෑවේය. ෆොන්සේකා ද බොහෝ සම්මාන ලබා ගැනීමට උත්සාහ කළේය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන පරසතු මල්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. ඔහුගේ දේශපාලන උපහාසයක් වන සාගරයක් මැද අධ්‍යක්ෂණය කළේ කොන්ද කෙලින් තබාගත් විශිෂ්ඨ සිනමා කරුවකු වෙමිනි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෙක් චිත්‍රපට අතර උතුමාණෙනි, බාදුරා මල්, මයුරිගේ කටාව, රැමනමාලි, සක්ව්ති සුවය, කොටිවලිගය සහ නොමියෙන මිනිස්සුද වේ. වේ. ඔහු ටෙලි සිනමාවට ඇතුළු වූ අතර කළු සහ සුදු ටෙලි චිත්‍රපටයේ රඟපෑ හොඳම ටෙලි නාට්‍ය නළුවා බවට පත්විය. ඔහු සරුංගලේ (1979) බඹරිදුබඹරිදු සහ මයුරිගේ කතාවට (1980) නැතිවුණා ආදරයක් වෙනුවෙන් සහ 1970 සහ 1980 දශක සඳහා ගීත කිහිපයක් රචනා කර ඇත. නිධනාය (1972) හි විලී අබේනායක ලෙස ෆොන්සේකාගේ භූමිකාව සහ සහකාර පොලිස් අධිකාරී වික්‍රම රන්දෙනිය ලෙස වැලිකතර ඔහුගේ කිරුළු පළඳන ජයග්‍රහණය ලෙස සැලකේ. මෙම චිත්‍රපට දෙකම ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට 10 අතරට ජනාධිපති සම්මාන තේරී පත්වූ අතර ජනාධිපති සම්මානයෙන් ද පුද ලද්දේය . 1980 දී සුනිල් අරියරත්නගේ සරුංගලේ චිත්‍රපටයේ යාපනයේ දෙමළ ලිපිකරු නඩරාජා ලෙස ෆොන්සේකා විසිස්ට රංගනයක් කරන ලදී ...
                                      ගාමිණී , සිංහල තිරයේ වැදගත්ම නළුවා ලෙස සැලකේ. සිනමා සක්විති යන විරුදාවලිය ලත් ලංකාවේ එකම සිනමා තරුව එතුමාවේ. ඔහු සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම වානිජ සිනමාවෙන් ද දක්ෂ වූ නළුවෙකු බව ඔප්පු කළේය. චිත්‍රපට අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළේය. ගාමිණි ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කල චිත්‍රපට සංඛාව 10 වේ. පරසතුමල් උතුමාණෙනි, මයුරි ගේ කතාව, බදුරාමල්, සාගරයක් මැද, සක්විති සුවය, රෑ මනමාලි, කොටි වලිගය, නොමියන මිනිස්සු අන්තිම රැය ආදිය වේ. මේ අතරින් සාගරයක් මැද නොමියන මිනිස්සු කොටි වලිගය හොදම අධ්‍යක්ෂණය වශයෙන් සම්මානයට පාත්‍ර විය. විශේෂ සම්මානයක් 1964 වසරේ ප්‍රථම සරසවි සම්මාන උළෙලේ දී ගම්පෙරලිය වෙනුවෙන් ලබාගත් අතර ධීවරයෝ පරසතුමල්, හොරුන්ගෙත් හොරු, සරුංගලය උතුමාණෙනි, යුගාන්තය හොදම නළුවා ලෙස සම්මානයෙන් පුද ලද්දේය . සරසවිය එක්සත් ලංකා රසික සංගමය ස්වර්ණ සංඛ, දීපශිකා විචාරක, ඕ සී අයි සී, ජනාධ්පති, සුමති, රණතිසර ආදී සම්මාන 43 කින් පුද ලබාතිබේ. ජාත්‍යන්තර විවෘත ව්ශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබන්නද එතුමා ගේ ප්‍රතිභාව හේතුවිය. 1956 රේඛාවෙන් ආරම්භවූ සිනමා ආගමනය 1998 අන්තිම රැය චිත්‍රපටයෙන් අවසන් වනවිට චිත්‍රපට 100 කට රංගන දායකත්වය ලබාදී තිබේ. 1967 හොරුන්ගෙත් හොරු සහ 1972 සහනය චිත්‍රපටයද ගාමිණී ෆොන්සේකා නිෂ්පාදනය කල චිත්‍රපට වේ. සුර චෞරයා, සුරයන් ගෙත් සුරයා, සුරයා සුරයාමයි මෙන්ම සිනමාවේ 50 දශකයේ සිට සුරයා ගාමිණී පොන්සේකා මහතාමවේ. පෙම්වතා මෙන් 50 දශකයේ සිට තුන් කාලීන නිළියන් සමග රංගනය කළේය. 1965 රිදී තිරය පලාගෙන චන්ඩියෙක් මතුවිය. ඒ හැකියාව අන්තිම රැය දක්වාම එකිනෙකට වෙනස් චරිතයෝය. වරෙක හුලවාලියෙක් විය. වරෙක යකඩයා විය. ඉතිහාසය නියෝජනය කල සිගිරි කාශ්‍යප විය. මානමුල තම්මිට වැනි එතිහාසික මෙන්ම ජිනදාස වැනි චරිතද සුවිශේෂී වේ. චිත්‍රපට කිහිපයක හැර එතුමා සැමදාම වීරයා විය. පුද්ගලික ජීවිතයේ ද අභිමානයෙන් සිටි රංග වේදීන්ගෙන් ප්‍රමුඛයා එතුමාය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම චිත්‍රපට 10 තුල චිත්‍රපට හතරකම රංගන දායකත්වය ගාමිණී ෆොන්සේකා වේ. වැලිකතරේ වික්‍රම රන්දෙනිය, නිධානයේ විලී අබේනායක, ගම්පෙරළියේ ජිනදාස මෙන්ම රේඛාවේ ද ගාමිණී ගේ රංග දායකත්වය වේ. ඒ අනුවම ගාමිණී ගේ ප්‍රතිභාව කෙසේදැයි අපට වටහා ගත හැක්කේය. ගාමිණී සිංහල තිරයේ රංගන ශෛලිය විප්ලවීය වෙනසක් කළා පමණක් නොව, කර්මාන්තයේ ආකල්ප වෙනස් කිරීමට ද මහන්සි විය. ආසියාවේ නොපැවති යතාර්ථවාදී විශ්වීය රුපණ වේදය හදුන්වා දීමට ගාමිණී සමත්විය. දියයට රංගනයක් කල ආසියාතික සිනමා රංග වේදියා ඔහුවේ.(රන්මුතු දුව ) තාත්වික සටන් කලාවක් දේශීය සිනමාවට හදුන්වා දීමටද එතුමා පුරෝගාමිවිය. සිනමා රංගනයේ දී ආත්ම පුජාහි ද්විත්ව රංගනයක් ද ගාමිණී රංගනය කළේය. සාගරයක් මැද ද්විත්ව චරිතයක් රංගනය කළේය. එදා ලාංකික සිනමාවේ වැඩිම මුදලක් අයකළ රංගන ශිල්පියා එතුමාවේ. නළු නිලි මෙන්ම කාර්මික ශිල්පීන්ගේ පවා වෘත්තියේ ගෞරවය රැකීමට පුරෝගාමී වුයේ ද එතුමාවේ.
50 දශකයෙන් පසුව කැමරා ශිල්පියෙක් වීමේ අදහසින් සිනමාවට පැමිණ අවසානයේ සිනමා සක්විති ලෙස එතුමා දිගු ගමනක නියැලුණේය. ජාත්‍යන්තර තලයේ සිනමා කරුවකුලෙස රිදී තිරයේ නම බැබලුවේය. ගාමිණී රගපෑ චිත්‍රපටයක් නොබැලු අයෙක් නොවන තරම්ය. සමාජීය සංස්ථාවේද ඇති ප්‍රබල භූමිකාවක් මතුකළේය. 1989 දී එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහුට දේශපාලනයට ආරාධනා කරන ලදී. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්, ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයකු ලෙස සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයද ඉසුලු වේය. ලංකාවේ 03 වන පුරවැසියා ගේ දෙවැන්නා ලෙස ද ඉහලටම එසැවිණි. ඒ එතුමාගේ ප්‍රතිභාව මිස කවුරුන් හෝ ඔසවා තැබීමක් නොවේ. මෙවන් සුවිශේෂී රංගවේදියෙක් මෙන්ම පුරවැසියෙක් නැවත ශ්‍රී ලංකාවේ පහල වේදැයි සැක සහිතය. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජා ඇල හි පිහිටි සිය නිවසේදී 2004 සැප්තැම්බර් 30 දින අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවිය. මේ වනවිට 19 වසරක් නිමාව තිබුනත් එතුමා ගේ නිර්මාණ දකින අපේ හදවත් තුල ගාමිණී ෆොන්සේකා නම් කෘතහස්තයාණන් අමරණීය වේ .... .එතුමාට සගමොක්සුව අත්වේවා ...

ටෙනිසන් කුරේ මහතා හමුවීම 2019 09 14


ආනන්දනීය සිංහල සිනමාවේ වර්ෂ පුර්ණය යෙදී තිබුනේ 2019 සැප්තැම්බර් මාසයටයි. එය ඊයේ දිනයේදී උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා. 2018 09 24 සිංහල සිනමාවේ ජේෂ්ඨ නළු හා සටන් අධ්‍යක්ෂක ඇලෙක්ස්සැන්ඩර් ප්‍රනාන්දු මහත්මාගෙන් ආරම්භවූ ගමන තවත් සිංහල සිනමාවේ ජේෂඨ නළු හා සටන් අධ්‍යක්ෂක විල්සන් කරුණාරත්න මහතා දෙවන වතාවට හමුවිය. අපේ හමුවීම් වල තුන්වැන්නා වුයේ සිංහල සිනමාවේ මෙන්ම වේදිකාවේ ද ප්‍රබල රංග වේදියකු වූ සුමින්ද සිරිසේන මහතානන්ය. මේ අතර වාරයේ ආනන්දනීය සිංහල සිනමාවේ ප්‍රජා සත්කාරයන්ද හතක් ඇතුලත්විය. ( ඒ වගේම තවත් අතිරේක සත්කාරයන් 3 ක්ද විය.) වර්ෂ පුරණය යෙදී ඇත්තේ 12 වන හමුවීමයි. පොදුවේ සලකා බලනවිට මාසයට එක හමුවක් වී තිබේ. ආනන්දනීයන් හැටියට එය අවංකව නිහතමානිව සතුටු විය හැකි තත්වයක් වේ. 12 වන ආනන්දනීය හමුව මෙන්ම 04 සිනමා ශිල්පී හමුවට යොදා ගත්තේ සිංහල සිනමාවේ තවත් සුවිශේසී රංග ශිල්පියෙක් වන හාස්යෝත්පාදක රංගනයේ මුල්ම පුරුකක් වන එඩ්වඩ් ටෙනිසන් කුරේ මහතාවයි. මේ කටයුත්ත සම්බන්දිකරණය වුයේ රජිව් රණසිංහ මහතා සහ එතුමාගේ සහෝදර විශ්ව විද්‍යාල ආචාර්ය ලලින්ද රණසිංහ මහතා වේ.
ස්ථානය දෙහිවල මෙතෝදිස්ත දෙවස්තානයයි. මෙදින පෙරවරු 9.45 මම ඉන්දික මල්ලවාරාච්චි මහතා අපේ මුනුපුරු ඕසද සහ ප්‍රදීප් ධම්මික මහතා විජිශ්‍රී මහත්මිය දේවස්ථානයේ ගේට්ටුවෙන් අතුලු වනවිට නිර්මලා ගනසිංහ මහත්මිය සුබද්‍රා සුමනරත්න මහත්මිය චතුර පතිරණ මහතා රොෂාන් කදුරුවාන මහත්මා සහ ජනේෂ් චන්දිමාල් මහතා දේවස්ථාන දොරටුවෙන් සිනාපිරි මුහුණින් ඉදිරියට පැමිණියේ අප පිලිගැනීමටයි. අපේ සහෝදර රංග ශිල්පී ජනේෂ් සිප වැලදගෙන දයාබරව අප පිළිගත්තේ ඉතාම ලබැදිවයි. ඉන් අනතුරුව අපේ තවත් සහෘදයන් වන රජිව් රණසිහ මහතා එතුමාගේ සොහොයුරු ආචාර්ය ලලින්ද රණසිංහ මහතා, ධම්මිකා වික්‍රමතුංග මහත්මිය සහ තවත් මහත්ම මහත්මීන් ද අපේ වෘත්තීය ජායාරුප ශිල්පී ශීතන් ගුණවර්ධන මහතාද පැමිණිනි. සුළු මොහොතකින් අපේ නිර්මාතෘ ආනන්ද මහත්මා එතුමා ගේ භාර්යාව පුතනුවන් සුජිත් නිශාන්ත මහතා හා ඔහුගේ දියණිය හා සිනමා හා වේදිකා නිළි ඉනෝක් ඩිල් මහත්මියද පැමිණිනි. එසේම ප්‍රසිද්ධ සමාජ සේවා වැඩවල මුල් පුරුකක් බදු ලක්මිණි පෙරේරා මහත්මියද, අළුතින්ම අපේ ගමනට එක්වන ගුණදාස කටුවාවල මහතා හ්ස ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියද අප හා එක්වූ අතර විශ්වා සිල්වා සාගරිකා සිල්වා දෙසොහොයුරියන්ද අප හා එක්විය. ඊළගට අපි බලාපොරොත්තුව සිටි අපේ ආරාධිත ටෙනිසන් කුරේ මහතා ඒ මහතා ගේ බැනනුවන් සමග දේවස්ථානයට පැමිණි යේය. සුහදව එතුමා පිළිගෙන දේවස්ථානය තුලට කැදවා ගියේය. ජනක ඉලුක්කුබුර මහතා ලතා පෙරේරා මහත්මිය ද අප හා එක්වුනි. දේවස්ථානය තුලදී ප්‍රථමයෙන්ම බදුල්ලේ ඉදිකරන දාගැබක් සදහා අපේ සහෘදයන්ගේ පරිත්‍යාගයක් වශයෙන් රුපියල් 10, 000 ක මුදල් පරිත්‍යාගයක් එම පුන්‍ය කටයුත්ත භාරව කටයුතු කරන ලක්මිණි පෙරේරා මහත්මිය වෙතභාරදෙන ලදී. මෙය ටෙනිසන් කුරේ මහතාට කරන ගරු කිරීමක් ලෙස එම මහතා ගේ සුරතින් ලබාදුන්නේය. ලලින්ද්‍ර රණසිංහ මහතා විසින් ආරාධිතයන් ගැන හැදින් වීමක් කල අතර ටෙනිසන් කුරේ මහතා ජාතික ක්‍රිස්තියානි සභාවේ ලේකම් වරයෙක් වන අතර ක්‍රිස්තු බැති ගී රාශියක් රචනා කල බවත් ප්‍රථම කිතුනු චිත්‍රපටය වන අකීකරු පුත්‍රයා චිත්‍රපටය මෙතුමාගේ නිර්මානයක් බවද සදහන් කලේය. එතුමා විසින් රචනා කල දෙව් සමිදුන් ගේ බැති ගීයක් ද මේ අවස්ථාවේ සියලු දෙනා එක්ව ගායනා කරනලදී.
ආනන්දනීය සිනමා අදියුරු ආනන්ද ගමගේ මහතාද ටෙනිසන් කුරේ මහතා පිළිගනිමින් එතුමා ගේ සිනමා ජීවිතය ගැන පැහැදිලි කිරීමක් ද මේ අවස්ථවේ කරනලදී. හරියටම දින වකවානු සමග කල මේ පැහැදිලි කිරීම කාගේත් සිත් පුදුමයට පත් කළේය. ජානක ඉලුක්කුඹුර මහතා විසින් සිත්තම් කල ටෙනිසන් කුරේ මහතා ගේ ජායාරුපයක් ජානක මහතා හා ධම්මික මහතා විසින් මේ අවස්ථාවේ ටෙනිසන් කුරේ මහතාවෙත පිරිනමන ලදී. ඊළගට ටෙනිසන් මහතා වෙත ආනන්දනීය සිංහල සිනමාව මගින් උපහාර ඵලකය පිරිනමන ලදී. නිර්මලා ගනසිංහ මහත්මිය හා චතුර පතිරණ මහතා විසින් ටෙනිසන් කුරේ මහතා වෙත මේ තිළිණය පිරිනමන ලදී. ආනන්දනීය සිංහල සිනමාව අදියුරු ආනන්ද ගමගේ මහතා විසින් සිනමා සහෘදයන් වෙන්වෙන්ව ටෙනිසන් කුරේ මහතාට හදුන්වා දෙන ලදී. මේ අතර කේක් කට්ලට් කෙසේ ගෙඩි පිරිනමා තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි. ඒ සදහා ධම්මිකා මහත්මිය ඉන්දික මල්ලවආරච්චි මහතාද(උපන් දිනය නිමිත්තෙන්), රජීව රණසිංහ මහතා , ලලින්ද්‍ර රණසිංහ මහතා හා තවත් අයද මේ සදහා දායකත්වය දැක්වුවෝය. රණවීර කත්තොට මහතා විසින් ආනන්දනීය සිංහල සිනමාවට ලිවූ ටෙනිසන් කුරේ මහතාණන් පිළිබද විශේශාංග අතිරේකය එතුමා ඉදිරිපිට දී කියවන ලදී. එහි සදහන් සියලු කරුණ තමා ගේ ජීවන චරිතයට අදාළ බවත් ඒ ගැන ඉමහත් ප්‍රසාදයට පත්වූ බවත් කුරේ මහතා සතුටින් ඒ අවස්තාවේ ප්‍රකාශ කරන ලදී. ඉන්පසුව ජයාරූප ගැනීම් ආදිය ද සිදුවිය. අවසානයේ ටෙනිසන් කුරේ මහතා අපේ සහෘදයන් ඇමතුවේය. එතුමා කියා සිටියේ සුළුපිරිසක් වුවත් හෘදයාංගවමව කල මේ උපහාරය ඉතාම වටිනාකමක් ගෙනදෙන එකක් බවයි. පෝස්ටර් බැනර් දමා ශබ්ද විකාශන සහිතව කල උත්සව බොහෝ ගණනකට සහභාගිවුවත් ආත්ම තෘප්තියක් ලැබූ එකම වැඩසටහන මේ බව එතුමා ප්‍රකාශ කිරීම අප සියල්ලන්ම එකවර ලැබූ සම්මානයක් බදු විය. මේ අය හදවතින්ම අවංකව අපට ආදරය කරන අය බව දැනුන බව නැවතත් ප්‍රකාශ කරනලදී. අප විසින් වෙන්කර ගත කාල සීමාවද ඉකුත්වූ බැවින් එතුමා අපට සමුදී මේ ස්ථානයෙන් පිටත්ව ගියේය. අපේ සහෘදයන් පුද්ගලිකව ජයාරූප ආදිය ගන්නා ලදී. ධම්මික ශ්‍රී මහතාද මේ අවස්ථාවේ පැමිණිනි. තරම්ස්ක් ප්‍රමාද වුවත් එතුමාගේ පැමිණීම ඉතාම අගේ කොට සලකන්නෙමු. සමන්ත වීරකෝන් මහතාද මේ අවස්තාවට සහභාගිවීමට පැමිණ ස්ථානය සොයා ගැනීමේ අපහසුවකට පත්වූ බව දන්වන් ලදී. එතුමාටත් දැරූ ප්‍රයත්නය වෙනුවෙන් ස්තූතියි ද ,අප හා එක්වීමට නොහැකිවීම ගැන අපේ කනගාටුව පලකර සිටිමු. දවල් 12.30 පමණ අප සියල්ලෝම එකිනෙකාට සමුදී නැවත යලි දිනක හමුවීමේ අදහස් ඇතිව සතුටින් විසිර ගියෙමු.
තවත් එක් ආදරණීය දවසක් මෙසේ නිමාව දකිත්දී එවන් වූ තවත් සොදුරු දිනයක් ළගදීම උදාවන බව හැගීමෙන් සතුටින් අපි එකිනෙකා ගෙන් සමුගත්තෙමු.

එඩ්වඩ් ටෙනිසන් කුරේ……

කන්ද උඩරට බොදු හේරත් මුදියන්සෙලා ගේ රන් මැනිකා සහ පාත රැටික්යෙක් වන එඩ්ගා ආතර් කුරේ යන අයගේ පුතනුවන් වූ එඩ්වඩ් ටෙනිසන් කුරේ උපත ලබන්නේ මොරටුවේදීය. මොරටුවේ මෙතෝදිස්ත පාසලෙන් අධ්‍යාපනය ලබා ඇත. පාසල් සමයේ සිටම කලාවට ලැදියාවක් ටෙනිසන් තුල විය. අපායේ තප්පර අසූහාර දහසක් නාට්‍ය පිටපතක් ලියා නිෂ්පාදනය කලේ පාසල් සමයේය. ඒ වෙසක් නාට්‍යයක් ලෙසය. පසුකලෙක මේ කතාව චිත්‍රපටයකටද නැගිණි. කුඩා කල සිටම සිනමාව ගැනද ඇල්මක් ටෙනිසන්ට වුයේය. මුලින්ම පුරුෂ රත්නය චිත්‍රපටය නරඹා එහි එන ළමා නළුවන් ගේ රගපෑමට සිත වැටීමෙන් පළමු ආසාව ඇතිවූ බව ටෙනිසන් ප්‍රකාශ කරතිබේ. එසේම අල්ලපු ගෙදර චිත්‍රපටයද එකොලොස් වතාවක් නරඹා එහි දෙබස් කට පාඩමින් කියන්න තරම් ඔහු දක්ෂයෙක් විය. රේඛාව චිත්‍රපටයේ රංගනයන් ද මේ ඇල්ම වැඩි කළේය. ඕනෑම කෙනෙකුට යම් දෙයක ස්ථාවරයක් ලබාගන්න ඒ පිළිබද උපරිම අශාවක් ඇල්මක් තිබිය යුතුයි. ටෙනිසන්ටද ඒ අශාව එලෙසින්ම විය. චිත්‍රපට නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂන වලටත් ඉදිරිපත්විය. නමුත් නළුවෙකු ගේ ප්‍රතිරූපයෙන් ඔහු මදක් එපිට සිටි නිසා ප්‍රතික්ෂේප වීම් වැඩිවිය .ජීවන සිනමාවේ දී ද ඔහු යම්යම් අවස්ථාවල රංගන කලබව වරෙක ඔහුම ප්‍රකාශ කර තිබේ. දුම්රියේ යනවිට ටිකට් පරීක්ෂක වරුන්ට මගහරින වැනි රංගන ඔහු කරන්නේ ටිකට් එක අතේ තබාගෙන ටිකට් නැති කෙනකුලෙසයි .වරක විනෝද සමය මෙහෙයවන ඇල්ප්‍රඩ් පෙරේරා සහභාගිවන උත්සවයකදී ටෙනිසන් ද සිටියේය. ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ප්‍රමාද වනවිට විහිළුවක් කර සභාව පිනවන්නටද ටෙනිසන්ට සිදුවිය. ඒ අතර ඇල්ප්‍රඩ් පෙරේරා මහතා පැමිණියේය .නමුත් ඔහු ගේ ඉල්ලීම පරිදි ටෙනිසන් කතාව දිගටම කරන ලදී. එදා ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ටෙනිසන් ගේ කුසලතාව අගය කළේය. විනෝද සමය නැරඹීමට ගුවන් විදුලියට යන්න ද වරම් ලැබිණි. හෙතෙම චාටර් නොවී තමන්ගේම උත්සාහයෙන් ඉදිරියට එන්නට සිතා ගත්තේය. 1972 දී බර්මින් ලයිලි මහතා සමග හද ඇදී සිත්තම් නමැති විත්ති කතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය .1974 දී දිනේශ් ප්‍රියසාදගේ ඇක්ෂන් නමැති විත්ති කතා චිත්‍රපටයේද පිටපතද ලියමින් රංගනය ද කළේය. හේමසිරි සෙල්ලප්පෙරුමගේ ජීවන්ති ඔහු ගේ ප්‍රථම චිත්රපටය වේ. එහි සුළු චරිතයකින් වූ ආරම්භය ඔහු සිනමා ලෝකයට අවතීර්ණව ප්‍රමුඛ පෙලේ විකට නළුවන් අතරට එන්නට වාසනාව ලද්දේය. ටෙනිසන් නොම්මර එකයි බන්දු සමරසිංහ සමග කල රංගනය ඔහු ඇත්තෙන්ම කදිම ප්‍රහසන නළුවෙක් බවට පත් කළේය. ප්‍රධාන විකට නළු යුගල ඔවුන් දෙදෙනා විය. එහි ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත යුගලට වුනේ එය විකට චිත්‍රපටයක් වූ නිසාමය. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කල මෙය රාජ් රණසිංහ නිෂ්පාදනය කළේය. දිනේෂ් ගේ ඊළග චිත්‍රපටය වන පෙරළිකාරයෝ ටෙනිසන් කතාව දෙබස් ලියා ඇත. විජය කුමාරතුංගයන්ගේ ප්‍රථම නිෂ්පාදනය වන වරදට දඩුවම් චිත්‍රපටයද එසේමය. ඉන්පසුව සිනමාවේ ඉහලම තලයේ ජනප්‍රිය මෙන්ම සුපිරි නළුවන් සමග ද රංගනයට දායක විය. විජය සමග පෙරළිකාරයෝ රගපෑ ඔහු ගාමිණී සමග දෙමෝදර පාලම රගපාමින් එහිද කතාව දෙබස් ලිව්වේය. එයද නොම්මර එකේ වැඩ පෙන්නූ දිනේෂ් ප්‍රියසාද් ගේම අධ්‍යක්ෂණයකි. පෙරළිකාරයෝ සහ වරදට දඩුවම් චිත්‍රපට වලින් හේ විකට රංගනයේ උපරිම තලයට පැමිණි රංගන ශිල්පියෙක් ලෙස ස්ථාවරයක් ලද්දේය. රාජ් රණසිංහ තිලක් අතපත්තු විජය කුමාරණතුංග ටෙනිසන් ගේ ගමනට ඉනිමන් තැබුවෝ වෙති.
1989 අකීකරු පුත්‍රයා කෙටි චිත්‍රපටය කතාව ලියා අධ්‍යක්ෂණය කළේය. වේදිකාවේ ද ජනප්‍රියම ම හාස්‍යෝත්පාදක රංග ශිල්පියෙක් වුවේ සිසිල් ගුණසේකර ගේ නාට්‍ය වලිනි. රැල්ල ...වඩමාරච්චි ..කැප්ටන් කූල් ..වැනි නාට්‍ය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්විය. හිත හොද චන්ඩියා ..පාරා දීසේ ..හිතට දුකක් නැති මිනිහා ...ආසයි බයයි ..ඇසළ සද... චෙරියෝ ඩොක්ටර් චෙරියෝ කැප්ටන් අපායේ තප්පර අසූහාර දහසක් වැනි වානිජමය ප්‍රමුඛ පෙලේ හාස්යෝත්පාදක රංග ශිල්පියා විය. මේ වනවිට ශ්‍රී ලංකා සිනමාවේ වැඩිම අයකිරීමක් කරන රංග ශිල්පියා ටෙනිසන් කුරේ මහතා වේ. 1981 ජීවන්ති ගෙන් ආරම්භකළ සිනමා ආගමනය 2019 නැති බැරි ටාසන් දක්වා පැමිණ තවම නිමා නොවී රංගන කාර්යයේ නිරතවේ. ඒ අතර 1998 වැනි කාලයේ සිංහල චිත්‍රපට වලට ඉතා අදුරු කාලයක් උදාවිය. සිනමාහල් කරා සෙනග නැතිව සිනමා කර්මාන්තයම අන්ත අසරණ විය. මේ අවස්ථාවේ රෝයිද සිල්වා ටෙනිසන් හා බන්දු එක්කරමින් " රෑ දනියෙල් දවල් මිගෙල් " නිර්මාණය කරන ලදී. මැස්සන් ඇහිරී තිබූ සිංහල සිනමාහල් වලට නව ජීවයක් ඇති විය. රෑ ඩැනියල් දවල් මිගෙල් අතිශයින්ම සාර්ථකව දින 100 පසුකරනින් ප්‍රදර්ශනය විය. බොහෝ සිනමාහල් house full විය. මේ සාර්ථකත්වයෙන් උපරිම ප්‍රයෝජනය ගත් රෝයිද සිල්වා නැවතත් රෑ ඩැනියල් දවල් මිගෙල් 2 නිර්මාණය කලේ 2000 වර්ෂයේය. ආශ්චර්‍යයකි. අංක 1 වාර්තාවද බිද හෙලමින් අංක 2 hiuse full පිට දින 100 ඉක්මවා ප්‍රදර්ශනය විය. මෙහි සාර්ථකත්වය ගෞරවයට ටෙනිසන් කුරේ,බන්දු සමරසිංහ, රන්ජන් රාමනායක යන ත්‍රිත්වයම සම්මාදන් විය. වත්තල ගැමුණු සිනමාහලේ කළමනාකාර තුමා එදා කිව්වේ ගිය අවුරුද්දේම ලැබූ මුළු ලාභය රෑ ඩැනියල් දවල් මිගෙල් 2 , එක මාසෙකින් ඉපයූ බවයි. මේ ඔහුගෙ සාර්ථකත්වයෙන් බිදක් පමණි.
ටෙනිසන් කුරේ මහතා මේ වනවිට රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට ගණන 81 පමණ වේ. තිර රචනය කතාව දෙබස් කල චිත්‍රපටය රාශියකි. අධ්‍යක්ෂණය අතර 1989 අකීකරු පුත්‍රයා ( කෙටි චිත්‍රපටයකි ) 2011 තැන්ක් යූ බර්ටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටයයි. පෙරළිකාරයෝ,
නොම්මර එකයි වරදට දඩුවම්, දෙමෝදර පාලම, අපායේ තප්පර අසූහාර දහසක්, කොලොම්පූර්ර්, වැලා ඉන් ලන්ඩන්, ඇලඩින් ගේ වැල්ඩින් ආදී චිත්‍රපට ව්ශාල ප්‍රමාණයක කතා රචකයා ඔහුය. ඊට අමතරව දෙබස් තිර රචනය ගීත ද ලියා තිබේ. බොහෝ දෙනකු ටෙනිසන් නම් රංග ශිල්පියා නිසා ජීවිතයේ එක් දවසක් හෝ සිනහ වී ඇති බව කිසිදු සැකයක් නැත. එසේම ජීවිතය ජයගත් සුවිශේසී පුද්ගලයෙක් ලෙස මේ රංග ශිල්පියා හදුන්වාදෙන්න පුළුවන්. කෙනකු හිනස්සන එක සැමටම කල නොහැක. එයත් අපුරුම කලාවක් වේ. ඒ තත්වය මොහු ලබා ගෙන ඇත. සරල නිහත්මානිකමද ඔහුතුල වේ, එදත් අදත් හෙටත් මේ රංගන ශිල්පියාට ඒ හැකියාව ලැබෙනු ඇත. එසේම ඒ සදහා එතුමාට දිරිය ලැබේවා ....වරෙක සිනමා සක්විති ගාමිණි පොන්සේකා මහතා ගේ සම්මානයක් ලබන්න ටෙනිසන් කුරේ මහතාව ගාමිණි පොන්සේකා විසින් නම් කරන ලදී ...වටිනාම සම්මානය වන ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ මෙතුමාට කරන ගෞරවයක් වශයෙන් ආනන්දනීය සිංහල සිනමාවේ අපි හෙට ( 14) වෙනිදා එතුමා මුණ ගැසී රස හෝරා තුනක් ගත කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
අපේ හද ගත් ටෙනිසන් කුරේ මහතාණෙනි ඔබට නිදුක් නීරෝගී සුබම සුබ අනාගතයකට අපි මෙසේ සුබ පැතුම් ගෙනෙන්නෙමු.

සිංහල සිනමා වංශ කතාව



1901 දී ශ්‍රී ලංකාවටචිත්‍රපට හඳුන්වා දීම සනිටුහන් වේ. ( එවකට ලංකාව ලෙස පමණක් හැඳින්වුණි) එකල රටක ප්‍රථම වරට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන විට බ්‍රිතාන්‍යයේ ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ බෝයර් යුද්ධයේ බ්‍රිතාන්‍යය ජයග්‍රහණය බෝයර් සිරකරුවන් වික්ටෝරියා රැජිනගේ භූමදානය සහ VII වන එඩ්වඩ්ගේ කිරීටය වැනි වාර්තාමය කෙටි චිත්‍රපටයන් ප්‍රදර්ශනය කළේය. තවත් ඉංග්‍රීසි දර්ශන රැගත් චිත්‍රපට තිරගත වූ අතර බ්‍රිතාන්‍යය පදිංචිකරුවන් සහ ඉංග්‍රීසි සංස්කෘතිය වැනි දේට සිංහලයන් ආකර්ෂණය විය. ශ්‍රී ලංකාවේ සිනමාව ප්‍රසිද්ධියට පත්වූයේ ඉංග්‍රීසි ජාතික වෝර්වික් මේජර්ගේ උත්සාහය හේතුවෙනි. සංවර්ධනය කළ “ජෛව දර්ශන” දර්ශන ( "bioscope"). මේවා විවෘත ප්‍රදේශවල සහ තාවකාලික කූඩාරම්වල ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපට විය. පළමු ස්ථිර සිනමාහල් 1903 දී මදන් තියටර්ස් සමාගම විසින් ඉදිකරන ලදී. එහි ඉන්දියානු චිත්‍රපට පෙන්වූ අතර සාර්ථකත්වය අත්කර ගත්තේය. මේ පිහිටුවීම සමග ප්‍රතිවාදී ඔලිම්පියා සිනමාහල් ද සංවර්ධනය කිරීමට එම පිහිටුවීම් ඉවහල් විය. 1925 දී රාජකීය වික්‍රමය ( Royal Adventure) ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු චිත්රපටය බවට පත්විය. ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ආචාර්ය එන්. එම්.පෙරේරා මහතා විසිනි. (සමසමාජ පක්ෂයේ නායක මෙන්ම සමගි පෙරමුණ රජයේ පාර්ලිමීන්තුවේ ශ්‍රී ලංකාවේ පෙරලිකාර මුදල් ඇමති වරයා එතුමාය) කෙසේ වෙතත් මෙම චිත්‍රපටය දල සේයාපට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමට පෙර ගිනිබත් විය. 1933 දී පලිගැනීම චිත්‍රපටය කොළඹදී තිරගත විය.
1920 සහ 1930 ගණන් වලදී චාලි චැප්ලින්, ග්රේටා ගාර්බෝ, ජෝන් බැරිමෝර්, රුඩොල්ෆ් වැලන්ටිනෝ සහ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස්, කනිෂ් American වැනි ඇමරිකානු තරු සමඟ චිත්‍රපට ශ්‍රීලංකාවේ ජනප්‍රිය විය. බැග්ඩෑඩ් හි ෂීක් සහ හොරා විශේෂයෙන් ජනප්‍රිය විය. 1932 දී තිරගත වූ පළමු ශබ්ද චිත්‍රපටය රීගල් සිනමා ශාලාවේදී "සිහිනය" නමින්ප්‍රදර්ශනය විය. 1930 ගණන් වන විට ඉන්දියානු චිත්‍රපට ජනප්‍රිය වූ ඉංග්‍රීසි චිත්‍රපට අභිබවා යාමට පටන් ගත්තේය. ශ්‍රීලංකා බොක්ස් ඔෆිස් ඉපැයීම සඳහා බිල්වා මංගල් මුල් වාර්තාවක් තැබීය. සිනමා ව්‍යාප්තියේ ආරම්භය ඉන්දියානු මදන් සමාගම විසින් ආසියාවේ එම සමාගමේ පුළුල් සිනමා දාමයේ කොටසක් ලෙස කොළඹ එල්ෆින්ස්ටන් සිනමා හල පිහිටුවීම දක්නට ලැබුණි. 1915 දී ආරම්භ කරන ලද එම්පයර් සිනමාව සමාගම ශ්‍රි ලංකාවේ දීර්ගතම සිනමා සමාගම බවට පත් වූ අතර 2003 දී එය කඩා බිඳ දමන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක විය. දකුණු ඉන්දීය නිෂ්පාදක එස්. එම්. නායගම් පළමුව ශ්‍රී ලාංකික චිත්‍රපට කර්මාන්තයේ දියුණුව සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. 1945 දී නායගම් චිත්‍රකලා මුවිටෝන් නමින් සමාගමක් ආරම්භ කළ අතර සිංහල චිත්‍රපටයක් තැනීමේ අරමුණින් ඉන්දියාවේ මදුරෙයිහි චිත්‍රාගාරයක් ඉදි කළේය. විකල්ප කිහිපයක් සලකා බැලීමෙන් පසු ඔහු සාලියා සහ අශෝකමාලගේ ඓතිහාසික ආදර කතාව වටා චිත්‍රපටයක් තැනීමට තීරණය කළ අතර සුදුසු තිර රචනයක් සොයා ගැනීම සඳහා තරඟයක් පැවැත්වීය. ජයග්‍රාහකයා වූයේ අංකුර චිත්‍රශිල්පී ශාන්ති කුමාර් ය. කෙසේ වෙතත් මතභේද හේතුවෙන් මෙම ව්‍යාපෘතිය කඩා වැටුණු අතර නායගම් නාට්‍ය රචක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සමඟ ඔහුගේ ජනප්‍රිය නාට්‍යයක් වන කඩවුණු පොරොන්දුව චිත්‍රපටය සඳහා ගිවිසුමක් අත්සන් කළේය. ශාන්ති කුමාර් [2] ඔහුගේ තිර පිටපත රූගත කිරීමට අධිෂ්ඨාන කරගෙන නායගම්ගේ සමාගමෙන් ඉවත් වූ අතර ඔහුගේ චිත්‍රපටය අරමුදල් සපයන ලෙස ඉල්ලමින් ලංකා තියටර්ස් කණ්ඩායමට එකතු විය. මුල සිටම චිත්‍රපටය එකට එකතු කිරීමේ වඩාත් අසීරු කාර්යයකට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය,කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය ආරම්භ කර මාස දෙකකට පමණ පසු අශෝකමාලා චිත්‍රපටය කොයිම්බතූර් හි රූගත කිරීම් ආරම්භ කළේය. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි 21 වන දින මයිලන් රඟහලේදී තිරගත වූ අතර අශෝකමාලා මාස තුනකට පසු 1947 අප්‍රේල් මාසයේදී එල්ෆින්ස්ටන් රඟහලේදී තිරගත කරන ලදී. මෙම චිත්‍රපට දෙකම ප්‍රේක්ෂ්කයන් අතර ජනප්‍රිය වූ නමුත් ඒවා දකුණු ඉන්දියානු සිනමාවේ ආදේශන නිසා විචාරකයින් විසින් සමච්චලයට ලක් කරන ලදී.
                      කඩවුණු පොරොන්දුව සාර්ථකත්වයට පත්වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඔහුගේ නාට්‍ය පදනම් කරගෙන ජනප්‍රිය චිත්‍රප මාලාවක් නිෂ්පාදනය කළේය. ඒවා නම් පෙරලෙන ඉරණම , කපටි අරක්ෂකයා, වැරදුන කුරුමානම (1948), හදීසි විනිශ්චය (1950), ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු චිත්රපටය ඔහුගේ සියලුම පසුකාලීන චිත්‍රපට සියල්ලම හසුරුවනු ලැබීය. සැගවුනු පිලිතුර (1951)
උමතු විශ්වාසය (1952)
අයිරාංගනී (1954 )
මතබේදය (1955)
දෛව විපාකය (1956)
වනලිය (1958)
හදීසි විවාහය (1959)
කවට අන්දරේ (1960)
ජීවිත පුජාව (1961)
මංගලිකා (1963) ( වෙනත් අධ්‍යක්ෂකවරයෙකුගේ මරණයෙන් පසු සම්පූර්ණ කරන ලදි). ජයමාන්න බොහෝ දුරට දකුණු ඉන්දියානු සිනමාවෙන් උපුටා ගත් සූත්රයකට අනුගත වූ අතර කලාත්මක චිත්‍රපට වල දියුණුවට දායක නොවීය. ඔහුගේ බොහෝ චිත්‍රපට වල රුක්මණී දේවි සහ එඩී ජයමාන්න යුවළ (තිරයේ කිසි විටෙකත් පෙම්වතුන් නොවූවත්) ශ්‍රී ලංකා සිනමාවේ පළමු තරු බවට පත්වීමට ඉඩ සලසයි. නිදහස උදාවීමෙන් පසුව, ශ්‍රී ලංකාව ඉන්දියාවට සහ ඉන් පිටතට ගමන් කිරීම සඳහා තහංචි පැනවූ අතර, වියදම් අඩු කිරීම සඳහා නායගම් සිය ව්‍යාපාරය දිවයිනට ගෙන යාමට තීරණය විය. ඔහු කදාන නගරයෙන් පිටත ඉඩම් මිලදී ගත් අතර ශ්‍රී මුරුගන් නවකලා චිත්රාගාරය (පසුව එස්. පී. එම්. චිත්‍රාගාරය ලෙස හැඳින්වීය) ඉදිකරන ලද අතර එය කලක් රටේ වඩාත්ම දියුණු චිත්‍රාගාරය වී ඇත. ඔහුගේ පළමු නිෂ්පාදනය බණ්ඩා නගරයට පැමිණීම (1952) වන අතර එය දේශීය ප්‍රේක්ෂ්කයන්ට හොදින් ගෝචර විය. දේශීය වශයෙන් නිපදවන ලද පළමු සිංහල චිත්‍රපටය මෙය වන අතර තාක්ෂණයෙන් එය තවමත් දකුණු ඉන්දියානු සම්භවය ලෙස පැවතිණි.
ප්‍රේම තාරංගය (1953) සහ
අහංකාර ස්ත්‍රී (1954)
චිත්‍රාගාරයේ අඩු ගුණාත්මකභාවය හේතුවෙන් (නායගම් අධි තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට විරුද්ධ විය), මෙම චිත්‍රපට බොලිවුඩ් ආනයනයේ ප්‍රමිතීන්ට ගැලපීමට අසමත් විය. දකුණු ඉන්දියානු සිනමාව මත පදනම් වූ ඒවා ඉතා අඩු ගුණාත්මක බවක් විය. (කාර්මික ශිල්පීන් සියල්ලෝම ඉන්දියාවේ ) අතිශයෝක්තියෙන් යුත් නාද රටා, පහත් ප්‍රහසන, විහිළු සහ නර්තන අංග වට්ටෝරු ගතියක්ම ඇතුළත් විය. මෙම මුල් අවදියේ දී සැබෑ දේශීය කලා ආකෘතියක් හැදෑරීමට උනන්දුවක් දැක්වූ සිනමාකරුවන් කිහිප දෙනාගෙන් සිරිසේන විමලවීර වඩාත් කැපී පෙනුණි. සිය කෘතියේ දී දිවයිනට බුද්ධාගම හඳුන්වා දීම අශෝක රජු, රොබින් හුඩ් වැනි චරිතයක් වන සරදීයෙල් වැනි ඓතිහාසික චරිත නිරූපණය කිරීමට විමලවීර ඉතිහාසය ගවේෂණය කළේය. සිංහල චිත්‍රපට තනිව අදියුරු වූ ප්‍රථම සිංහලයා විමලවීරයන්ය අම්මා, සීදේවි, පිටිසර කෙල්ල සරදියෙල්, අසෝකා, පොඩිපුතා, සිරකරුවා එකමත් එක රටක, මා ආලය කල තරුණිය, වනමල, ආදී චිත්‍රපට විමලවීරයන්ගේ විය. කේ. ගුණරත්නම් මෙම කාල පරිච්ඡේදයේ තවත් ප්‍රධාන නිෂ්පාදකයෙක් විය. ඉන්දියාවේ සාලෙම්හි මොඩර්න් තියටර්ස් චිත්‍රාගාරයේ තාක්ෂණිකව භාවිතාව යොදා සුජාතා චිත්‍රපටය නිපදවන ලදී. එය ඉතා සාර්ථක වූ අතර ඊළඟ දශකය තුළ ජනප්‍රිය සිනමාවට බලපෑම් කළේය. එහි ඉහළ නිෂ්පාදන වටිනාකම් හා උතුරු ඉන්දියානු සිනමාව පිළිගත් දකුණු ඉන්දියානු ආකෘතියට ඇතුළත් කිරීම මිස සිංහල ජීවිතයේ සැබෑ ස්වරූපය ග්‍රහණය කර ගැනීමට හෝ ශ්‍රී ලංකාවේ වී ශිෂටත්වයක් නිර්මාණය කිරීමට එය අසමත් විය.
1956 දී වාර්තා චිත්‍රපට නිෂ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම චිත්‍රපට තාක්ෂණ ශිල්පීන් වන විලියම් බ්ලේක් සහ ටයිටස් තොටවත්ත යන මහත්වරුන් රජයේ චිත්‍රපට ඒකකයෙන් ඉවත් වී ශ්‍රී ලංකා සිනමාවේ විප්ලවීය වෙනසක් ඇති කරන අරමුණින් රේඛාව සිංහලචිත්‍රපටය නිර්මාණය කළේය. රේඛාව නිර්මාණය කිරීමේ සෑම අංශයකින්ම සැබවින්ම සිංහල චිත්‍රපටයක් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළහ. තිදෙනා සාම්ප්‍රදායික රූගත කිරීම් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී, චිත්රාගාරයෙන් පිටතදී, සාහිත්‍යමය හෝ ඓතිහාසික තොරතුරු පදනම් කර නොගෙන මුල් කතාවක් නිර්මාණය කිරීම සහ බොහෝ දුරට අද්දැකීම් අඩු නළු නිළියන් යොදා ගැනීම විවාහ සම්ප්‍රදාය ගමේ සිරිත් විරිත් සහ ජන විශ්වාසයන්ට විශේෂත්වයක් ලබා දෙන සිංහල ගමේ ජීවිතය කෙරෙහි මෙම කථාව විශාල අවධානයක් යොමු කළේය. අනුලාගේ අන්ධභාවය සුව සුවකරන්නට සේන නම් පිරිමි ළමයෙකුට හැකියි පැවසීමෙන් පසු ප්‍රාතිහාරයක් ලෙස එය මුල්කරගෙන කුමන්ත්‍රණය කාරී පිළිවෙලක් ද මෙහි කියවිණි . සිනමාකරුවන් නගරයෙන් පැමිණි නිසාත්, මිථ්යා විශ්වාසයන් ගමේ ජනතාවට අතිශයෝක්තියෙන් ආරෝපණය කිරීම නිසාත්, සමහරුන් මෙම කුමන්ත්‍රණය තරමක් බොළඳ දෙයක් ලෙස සැලකුවද, එය තීරණාත්මක සාර්ථකත්වයක් වූ අතර, කෑන්ස් ජාත්‍යාන්තර චිත්‍රපට උළෙලේදී විදේශීය විචාරකයින්ගේ ප්‍රතිචාර හිමි විය. . එය සැබෑ සිංහල සිනමාවේ උපත ලෙස ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස සැලකේ. කෙසේ වෙතත් එකල ප්‍රේක්ෂ්කයන් ප්‍රතිචාර නොදැක්වූ අතර චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක විය. චිත්‍රපටයේ ස්වභාවය සහ එකල සිනමාවේ බහුලව දක්නට ලැබෙන පොදු ක්‍රියාන්විතයන් වලින් වැළකී සිටීම වැනි තත්වද මෙම අසාර්ථකත්වය හේතු විය. නිදසුනක් වශයෙන් ප්‍රධාන ආදර කතාවක් නොමැති වීම සටන් සින්දු බැහැරවීම සමහරුන්ට දුක්ගැනවිල්ලක් විය.
රේඛාව එසේ තිර ගතවූ අතර පෙර ලෙසම ජනප්‍රිය චිත්‍රපට ඉන්දියානු අච්චුව තුළ දිගටම පැවතුනි. සිනමාව ගැන ලොකු උනන්දුවක් තිබු සිංහල දිනපතා පුවත්පත වන “ලංකාදිපා” පළමු චිත්‍රපට උළෙල දියත් කළ අතර එහිදී දීපශිකා සම්මාන පිරිනමන ලදී. ඉන්දියානු සිනමාව අනුකරණය කල ජනප්‍රිය සිනමාවට බලපෑම් කිරීමට රේඛාවා අපොහොසත් වුවද, එය ඒකකවලට ඒකාබද්ධ වූ කුඩා ස්වාධීන චිත්‍රපට නිෂ්පාදකයින්ගේ උත්සාහය ව්යර්ථ කළේය. මෙම කාල පරිච්ඡේදයේ තවත් වැදගත්ම කණ්ඩායමක් මතුවිය ඒ කණ්ඩායම කුරුළු රෑන තිර රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න, නිෂ්පාදක ජෝන් අමරතුංග සහ රංගන ශිල්පිනී පුන්‍යා හීන්දෙනිය විසින් මෙහෙයවන ලදී.
               රේඛාවට පසු විපරම් කිරීම සඳහා අමරතුංග විසින් සෙනෙවිරත්නගේ ගුවන්විදුලි නාට්‍යයක් වන කුරුලු බැද්ද චිත්‍රපටයකට අනුවර්තනය කිරීමට ඔහුව පොළබවා ගත්තේය. කුරුබැද්ද චිත්‍රපටය ඉන්දියානු බලපෑමෙන් තොර වූ අතර සිංහල සංස්කෘතියේ විවිධ අංග අඩංගු විය. මේ අතර සිංහල ප්‍රේක්ෂකය ඉන්දියානු චිත්‍රපට වල කාන්තා නිළියන්ගේ ආදර්ශයට ගත් ජනප්‍රිය චරිතවලට වඩා සැබවින්ම සිංහල චරිතයක් පුන්‍යා හීන්දෙනිය සිය භූමිකාව රඟ දැක්වීය. එය ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක සාර්ථකත්වයක් ලබා ගත් අතර සිංහල ගමේ ජීවිතය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම ගැන ප්‍රශංසාවට ලක් විය. මෙම කණ්ඩායම 1963 දී තේමාත්මකව සමාන වූ සිකුරු තරුව සමඟ ද සම්බන්ධ විය. මෙම අවස්ථාව වන විට රජයේ චිත්‍රපට ඒකකයේ නිෂ්පාදනවල කැපී පෙනෙන වෙනසක් සිදු විය. 1952 දී වැනීසියේ අන්තර්ජාතික සිනමා උළෙලේදී පී. හෙට්ටිආරච්චි ගේ “නිෂ්පාදකයින්, "ද්‍රව්‍ය හා මෝස්තර” වාර්තා චිත්‍රපටය රන් පදක්කම දිනාගත්තේය .1963 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහගේ සහාය ඇතිව විවේචනාත්මකව පිළිගත් ලේඛක මාටින් වික්‍රමසිංහගේ නවකතාවක් පාදක කරගනිමින් ගම්පෙරලිය චිත්රපටය නිෂ්පාදනය කර රිදී තිරයට මුදා හරින ලදී. පුන්‍යා හීන්දෙනිය, හෙන්රි ජයසේන සහ ගාමිනි ෆොන්සේකා රංගනයෙන් දායක වේ. එය ශ්‍රී ලංකා සිනමාවේ සන්ධිස්ථානයක් වූ අතර ජනප්‍රිය සිනමාවේ ඇති සියලුම ගීත, නැටුම්, විකට රංගන සහ සටන් ඉවත් කර වාණිජමය වශයෙන් සාර්ථකත්වයක් අත්කර ගත්තේය. එය රටේ කලාත්මක සිනමාවේ ශාක්‍යතාව සනාථ කළ අතර නවදිල්ලියේ පැවති තුන්වන ජාත්‍යන්තර සිනමා උළෙලේදී ගෝල්ඩන් පීකොක් සම්මානය සහ විචාරකයින්ගේ ත්‍යාගය නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහට පිරිනැමීමෙන් ශ්‍රී ලංකා සිනමාවට කීර්තියක් අත්කර දුන්නේය. මෙක්සිකෝවේ ඇකපුල්කෝ හි පලන්කේ හි පැවති චිත්‍රපට උළෙල පිළිබඳ අටවන ලෝක සමාලෝචනයේදී කලාත්මක නිර්මාණයක් (1964-1970)ලෙස ද ගම්පෙරෙලිය නම් කෙරිණි.
ගම්පෙරලියේ සාර්ථකත්වය ශ්‍රී ලංකා සිනමාවේ ගමන් මග සැලකිය යුතු ලෙස වෙනස් කළේය. එය නිකුත් කිරීමෙන් පසුව බොහෝ චිත්‍රපට චිත්‍රපටයේ යථාර්ථවාදී ශෛලිය අනුවර්තනය වීමට උත්සාහ කළ අතර කලින් රූගත කිරීම් වල නිරත විය. මෙම කාලය තුළ සෙනෙවිරත්න නැවතත් පරසතු මල් නම් ගමේ ජීවිතය පිළිබඳ පිටපතක් ඉදිරිපත් කළේය. මෙවර ඔහුට අමරතුංග මුහුණ දුන් මූල්‍ය දුෂ්කරතාවන්ට ගොදුරු නොවන ධනවත් නිෂ්පාදක චිත්‍රා බාලසූරියගේ සහාය ලැබුණි. බාලසූරිය කලාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ අතර ලෙස්ටර්ගේ බිරිඳ සුමිත්‍රා පීරිස් තාක්ෂණික අධ්‍යක්ෂණය ලෙස බඳවා ගත් අතර නැගී එන නළු ගාමිණී ෆොන්සේකාට අධ්‍යක්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. ෆොන්සේකා රේඛාවේහිද ඒ හා සමාන කැපවීමකින් සේවය කර ඇත. කාර්ය මණ්ඩලය අතර කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහ මහතා පුහුණුව ලබා එළිමහන් රූ ගත කිරීම් වලට අනුගත විය. මෙම චිත්‍රපටය විවේචනාත්මක හා ජනප්‍රිය සාර්ථකත්වයක් ලබාගත්තේය. සෙරෙන්ඩිබ් ප්‍රඩක්ෂන් විසින් 1965 දී කලාත්මක මනෝභාවයට ප්‍රතිචාර දැක්වූයේ සාරවිට චිත්පටය තුලිනි. එවකට විකට නළුවෙකු වූ ජෝ අබේවික්‍රම ප්‍රථම වරට ශ්‍රී ලංකා සිනමාවේ චරිතාංග නළුවකු ලෙස රඟපෑවේය. එය මුඩුක්කු ජීවිතය හා එහි ඇති සාපරාධී අංගය සමඟ කටයුතු කළ අතර එම වසරේ චිත්‍රපට සඳහා ජාතික සම්මාන බොහොමයකට උරුම කම් කීවේය. සංදේශය අධ්‍යක්ෂණය කිරීමෙන් පසු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් සමුගත් ටයිටස් තොටාවත්ත එම වසරේම චණ්ඩියා අධ්‍යක්ෂණය කරමින් රට තුළ සිදු කරන ලද ක්‍රියාකාරී පසුබිමද සිංහල සිනමාවේ ආන්දෝලනයක් මතුකළේය ජී. ඩී. එල්. පෙරේරා සිය කලා පෙලා සමිතිය සමඟ ඔහුගේ පළමු චිත්‍රපටය වන "සාමා " චිත්‍රපටයද මෙම කාල පරිච්ඡේදය තුළ රැඩිකල් ලෙස වෙනස් ආකාරයකින් ඉදිරියට ගියේය.
                    1966 දී ප්‍රදර්ශනය කරන ලද සිරි ගුණසිංහගේ සත් සමුදුර චිත්‍රපටය ගම්පෙරලිය චිත්‍රපටයෙන් පසු ලැබූ විශාලතම විවේචනාත්මක සාර්ථකත්වය ලැබුවේය. මෙම චිත්‍රපටය ධීවර ප්‍රජාව යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම සහ දෙනවක හාමිනේ එඩ්මන්ඩ් විජේසිංහ සහ සිරිල් වික්‍රමගේ ඇතුළු නළු නිළියන්ගේ රංගනයද මේ මහත් ප්‍රශංසාවට හේතුවිය. ගුණසිංහගේ නවකතා චිත්‍රපට ශිල්පීය ක්‍රොමාපායන් සමීපව භාවිතා කිරීම මේ චිත්‍රපට සාර්ථකත්වයට හේතුවේ. තිර රචනය හා අධ්‍යක්ෂණය පිළිබඳ ගුණසිංහ සමඟ සමීපව කටයුතු කරනු ලැබුවේ වසන්ත ඔබෙසේකරයන්ය. සංස්කරණය සහ ඡායාරූපකරණය ඩී. බී. නිහාල්සිංහ විසින් මෙහෙයවන ලදී. මේ දෙදෙනාම පසුව තනිවම කටයුතු කල ප්‍රධාන සිනමාකරුවන් වුයේය. ජී ඩී එල් පෙරේරාගේ "සාමා " චිත්‍රපටයෙන් පසු සමකාලීන නාගරික පසුබිම් සහිත නාගරික ජීවිතය පිළිබඳ චිත්‍රපටයක් වන දහසක් සිතුවිලි තිරගත විය. ඩී.බී.නිහාල්සිංහ ශ්‍රී ලංකා සිනමාවේ ප්‍රථම වතාවට විෂයානුබද්ධ කැමරාවක් සහ සෙපියාටෝන් ෆිල්ටරයක් උපයෝගී කරගනිමින් නිහාල්සිංහයන් “සත් සමුදුර ” කැමරාකරණය කළේය. ජී ඩී එල් පෙරේරා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත්වූයේ ගමේ ජීවිතය ශෛලීගත නමුත් විශ්වාසවන්තව ඉදිරිපත්කල සාමා චිත්‍රපටය සමඟය. මෙම කාලපරිච්ඡේදයේ අනෙකුත් ප්‍රධාන චිත්‍රපට අතරට වසන්ත ඔබෙසේකරගේ වෙස්ගතෝ සහ නිහාල්සිංහ ගේ වැලිකතර චිත්‍රපටය පළමු අධ්‍යක්ෂණයෙන්ම ශ්‍රී ලංකා සිනමාවේ ඉහළම චිත්‍රපට 10 න් එකක් බවට පත්වීම සිනමා වංශකතාවේ සලකුණ ( land mark ) ලෙස ඉතිහාසයට ඇතුළත් වේ. "වැලි කතර" යනු තිස්ස අබේසේකරගේ පළමු තිර රචනයයි. ඒ දක්වා ඔහුට "අතිරේක දෙබස් රචකයා " ලෙස නම් කෙරිණි. තිස්ස අබේසේකරගේ අතිවිශිෂ්ට ලේඛන කුසලතා නිහාල්සිංහ විසින් පිළිගැනීම නිසා ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තිර රචනා ලේඛකයා ලෙස වෘත්තිය ආරම්භ කළේය. ඔහු "වැලිකතර " හි අධ්‍යක්ෂණය සිනමාකරණය සහ සංස්කරණය යන අංශයන් ඒකාබද්ධ කරමින් සිනමාස්කෝප් හි ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ වීර කාව්‍යයක් නිර්මාණය කළේය. "වැලිකතර" ශ්‍රී ලංකාවේ හොඳම චිත්‍රපට 10 න් එකක් බවට පත්විය. රංජිත් ලාල් නිම් වලල්ල , ගීත රචක මහගම සෙකර ගේ ස්වයං චරිතාපදාන තුන් මං හන්දිය , පියසිරි ගුණරත්න මොකද වුනේ සහ සුගතාපාල සෙනරත් යාපාගේ හන්තනේ කතාව ස්වාධීන නිෂ්පාදනයක්. ඒ හැරුණු විට, සූර යන්ගේත් සූරයා චිත්‍රපටය ශ්‍රී ලංකා සිනමාව තුල හොලිවුඩ් නිර්මාණය සඳහා සුවිශේෂී චිත්‍රපටයක් වන අතර එහිදී ත්‍රාසජනක ක්‍රියාදාම සහ සංගීත මුසුව වැනි ප්‍රවීනතාවක් මතුවිය. මෙම වාණිජ චිත්‍රපටය විදේශීය චිත්‍රපට පරිවර්තනයන් වූ අතර දුප්පත්කම, අන්ධ නීතිය, අයුක්තිය සහ ප්‍රේමය පිළිබඳ ගැටළු සාකච්ඡා කරයි. එබැවින් විචාරකයින් මෙම චිත්‍රපටවලට එරෙහිව ප්‍රබල විවේචන ද මතුකළේය. නමුත් විශාල ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ද මේ වටා ගොඩනැගුනේ උප සංස්කෘතියක් ද බිහි කරමිනි
                      1971 දී දෙමළ හා හින්දි චිත්‍රපට මගින් ශ්‍රී ලංකාවේ තිරයේ ආධිපත්වයක් හිමි කර ගැනීමට උත්සාහයක යෙදී තිබිණි. මේ කාලයේ සමාජවාදී රජයක් රට තුළ බලයට පත්විය. විදේශීය චිත්‍රපට ආධිපත්වය හේතුවෙන් දේශීයව නිපදවන ලද චිත්‍රපට තිර කාලයෙන් 20% ක් දක්වා පහත හෙලනු ලැබූ අතර විදේශීය චිත්‍රපට 80% ක් (60% දෙමළ, 10% හින්දි, 10% ඉංග්‍රීසි ) අත්පත් කර ගෙන තිබේ. බලය දිනාගත් රජය මෙම අසමතුලිතතාවය දුරු කිරීමට පොරොන්දු වී තිබුණි. එය 1971 අංක 47 දරණ පනත මගින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවන ලැබුවාය. එයින් ජාතික චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම හා ඊට ආධාර සැපයීම සහ ගුණාත්මක භාවයෙන් යුතු චිත්‍රපට මහජනතාවට ලබා දීම යන අරමුණු යටතේය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවචිත්‍රපට නිෂ්පාදනය සඳහා සුවිශේෂී ණය ක්‍රමයක් ක්‍රියාත්මක කර ස්ථාපිත කළේය. තිර කතා ඇගයීමක පදනම මත ණය ලබා දීම මෙය බැංකු ණය දීම ඉතා සාම්ප්‍රදායික වූ අතර බැංකු කර්මාන්තය තුළ එවැනි 'ඇපකරයක්' නොඇසූ අවස්ථාවකි. ලියාපදිංචි කිරීමේ ක්‍රමය හරහා ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂකවරුන්ට සහ ප්‍රධාන ශිල්පීන්ට කාර්මිකයින්ට පූර්ව පුහුණුවක් ලබා ගත යුතුව තිබුණි. මෙම පියවරයන්ට පෙර, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දෙමළ හා හින්දි චිත්‍රපටවල පරිවර්තනයන් වූ අතර, තිර රචනය සඳහා කිසිදු ගෞරවයක් නොතිබුණි. "තිර රචනය" හින්දි හෝ දෙමළ මුල් පිටපතක් බැවින් සංවාද සඳහා එකම ගෞරවය හිමි විය. ණය යෝජනා ක්‍රමය පළමු වරට මුල් තිර ලිවීම සහතික කළ අතර හින්දි සහ දෙමළ පිටපත් වූ කථා සඳහා ණය ලැබීමට අයිතියක් නැත. මේ අනුව වෘත්තීය චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ විය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදා හැරීමේ පද්ධතියක් ආරම්භ කරන ලද අතර එමඟින් රට තුළ නිෂ්පාදනය කරන ලද සියලුම චිත්‍රපට ප්‍රමුඛ ක්‍රමයකට අනුව ක්‍රමවත් සහතික‍යක් එකී චිත්‍රපට වලට නිකුත් කරනු ලැබීය. සිනමාහල්වල තත්ත්ව පාලනය ස්ථාපිත කරන නිකුත්කරන උපකරණ පරීක්ෂා කිරීමේ හා පරීක්ෂා කිරීමේ ක්‍රමයක්ද රජ්‍ය චිත්‍රපට සංස්ථාව තුල විය. රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් ඒකාධිකාරී මිලදී ගැනීම නිසා ආනයනික චිත්‍රපට සඳහා වන පිරිවැය 75% කින් අඩු කරන ලදී. දමිළ චිත්‍රපට සංඛ්‍යාවද විශාල වසයෙන් අඩු විය.
ඒත් දිගටම පැවතුනි. මෙම ක්‍රියාමාර්ගාවල ප්‍රතිඵලය වූයේ 1972 දී මිලියන 30 ක් වූ චිත්‍රපට ඇතුළත් කිරීම් 1979 වන විට මිලියන 74.4 ක් දක්වා වර්ධනය වීමයි. දේශීය චිත්රපට තිර කතා කොටස 20% සිට 58% දක්වා වර්ධනය විය. 1978 වන විට සිනමා ශාලා සංඛ්‍යාවද 365 දක්වා වර්ධනය විය පසුව 2010 වන විට මෙම සංඛ්‍යාව 147 දක්වා පහත වැටී ඇත. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට පෙර පරිදි වෙළඳපල නැඹුරු නොවූ බවත් ඉල්ලුම යටපත් කළ බවටත් මෙය හොඳම සාක්ෂියයි. යටපත් කරන ලද සහ ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා SFC අවශ්‍යවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වසර හතක් තුළ වාර්ෂිකව ඇතුළත් වීමේ පෙර නොවූ විරූ ඉහළ යාමක් සිදුවිය. 1979 න් පසු, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව හි සභාපති ඇන්ටන් වික්‍රමසිංහ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව හි සියලු ක්‍රියාමාර්ග ආපසු හැරවූ අතර, “ඕනෑම කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට අසීමිත ණය ලබා දුන්නේය. චිත්‍රපට සිය ගණනක් නිපදවා ඇත්තේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ දැනුමක් නැති අය විසිනි. එහි ප්‍රතිඵලය වූයේ 1982 වන විට වසර 5 ක සිනමාහල් වෙත මුදා හැරීමට බලාපොරොත්තුවෙන් සිටින චිත්‍රපට ලැයිස්තුවක් තිබීමයි. ප්‍රේක්ෂකයෝ නොසැලකිලිමත් චිත්‍රපට වලට ප්‍රතිචාර දැක්වූහ. ඇතුළත් කිරීම් භයානක ලෙස අඩු වීමට පටන් ගත්තේය. 1979 දී මිලියන 79.4 ක් වූ වාර්ෂික ඇතුළත් කිරීම් දැන් (2009) ඇතුළත් කිරීම් මිලියන 7.2 ක් දක්වා අඩු වී තිබේ. එතෙක් ලාභදායී ආයතනයක් වූ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බංකොලොත්භාවයට ඇද වැටීමට පටන් ගත් අතර රජයෙන් අරමුදල් සම්පාදනය කිරීමෙන් එය දරා ගත යුතුව තිබුණි. ටයිටස් තොටවත්ත සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම කාල පරිච්ඡේදය තුළ කලාත්මක චිත්‍රපට නිපදවීමේ ප්‍රමුඛතම කලාකරුවන් විය. තොටවත්ත විසින් හරලක්ෂය, සිහසුන, සාගරිකා සහ මංගලා වැනි චිත්රපට අධ්‍යක්ෂණය කරන ලද අතර එය ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගන්නා තේමාවන් සමඟ තාක්ෂණික කුසලතා ඒකාබද්ධ කළේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම කාල පරිච්ඡේදය තුළ ඔහුගේ කාර්යයන් වඩාත් සාර්ථක කර ගත් අතර රජය විසින් පනවා ඇති සීමාවන් නොතකා ඔහුගේ වැදගත්ම කෘති කිහිපයක් නිර්මාණය කළේය. 1972 දී එළිදැක්වූ නිධානය ඔහුගේ විශිෂ්ඨතම කෘතිය ලෙස සැලකේ. 1997 දී පළමු වසර 50 තුළ හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපටය රජයේ මණ්ඩලයක් පිලි ගැනීමට ලක් කරන ලදී .ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දක්ෂ අධ්‍යක්ෂණය සහ ගාමිණී සහ මාලිනී ෆොන්සේකාගේ ආනුභාව ලත් රංගනය නිසා එය පැසසුමට ලක්විය. වැනීසියේ අන්තර්ජාතික සිනමා උළෙලේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රිදී ලයන් ඔෆ් ශාන්ත මාක් සම්මානය දිනා ගැනීමත්, ලන්ඩන් සිනමා උළෙලේ දී ඩිප්ලෝමාවක් ලැබීමත් සමඟ වසරේ විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස තේරී පත්වීමත් එය තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් විය. ඔහුගේ පසුකාලීන කෘති දෑස නිසා, මඩොල් දුව ද තීරණාත්මක සාර්ථකත්වයන් විය.
                1977 මැතිවරණයත් සමඟ වඩාත් ධනවාදී පක්ෂයක් බලයට පත් වූ අතර මීට පෙර පනවා තිබූ සමහර සීමාවන් ඉවත් කරන ලදී. නමුත් මෙම ඉවත් කිරීම නිෂ්පාදනය සම්බන්ධයෙන් පමණක් වන අතර, එහි ප්‍රතිඵලය වූයේ ඕනෑම කෙනෙකුට ඇන්ටන්වික්‍රමසිංහ විසින් ලබා දුන් අසීමිත ණය යටතේ නොවරදින ලෙස නිපදවන ලද චිත්‍රපට විශාල ප්‍රමාණයක් ගලා ඒමයි. කුතුහලය දනවන පරස්පර විරෝධයකින් සිනමා ශාලා 100 ක් පමණ නිකුතුවක් බලාපොරොත්තුවෙන් සිටි අතර එසේ සාදන ලද සෑම චිත්‍රපටයක්ම පෙන්වීමට බල කෙරුනි. එහි ප්‍රතිඵලය වශයෙන්, 1979 දී ඇතුළත් වූ චිත්‍රපට 74.4 ක උපරිම පැමිණීම අඩුවීමට පටන් ගත් අතර මේ වන තෙක් එය පාලනය කරගත නොහැකි ලෙස අඩු වෙමින් පවතී. මෙම අඩුවීමට හේතුව රූපවාහිනිය ජනප්‍රිය වීම බව ඔප්පුවී තිබේ. නමුත් ශ්‍රී ලංකා රූපවාහිනී විකාශක රූපවාහිණි සංස්ථාව සම්ප්‍රේෂණය ආරම්භ කළේ 1982 දී පමණක් වන අතර ඒ වන විට දිවයින පුරා සිනමා පැමිණීම මිලියන 51 දක්වා පහත වැටී ඇති අතර එය 1979 දී මිලියන 74.4 ක් බව 1985 දී චිත්‍රපට කර්මාන්තය විමර්ශනය කිරීමේ ජනාධිපති කමිටුව විසින් තහවුරු කරන ලදී. 1980 දී දෙමළ චිත්‍රපට සඳහා පැමිණීම විශාල වශයෙන් පහත වැටුණි. රූපවාහිනිය දිවයින පුරා ගියේ 1983 දී පමණක් බැවින්, චිත්‍රපට ඇතුළත් වීමේ අඩුවීමට හේතු වූයේ රූපවාහිනිය නොව නව දෙමළ චිත්‍රපටප්‍රදර්ශනය නොකිරීමයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් 1978 දී ගැහැණු ළමයි සමඟ අධ්‍යක්ෂකවරියක් ලෙස පිවිසියාය. ග්‍රාමීය ගැහැනු ළමයෙකුට සමාජීය වශයෙන් ඇතිවිය හැකි බාධාවන් පිළිබඳව සොයා බැලූ අතර බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට අමතරව මෙම වසරේ විශිෂ්ට චිත්රමපටයක් ලෙස තෝරා ගැනුණි. ලන්ඩන් සිනමා උළෙලේදී සහ කාර්තේජ් ජාත්‍යන්තර සිනමා උළෙලේ ජූරි සම්මානය ලබා ගැනීමට හැකිවිය . ඇයගේ පළමු සිනමා කෘතියේදී වසන්ති චතුරානි ප්‍රධාන චරිතය නිරූපණය කිරීම ගැන ප්‍රශංසා කළාය. පීරිස්ගේ මීළඟ චිත්‍රපටය වන ගග අද්දර1980 ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වීම සහ රටේ ඉපැයීම් වාර්තා බිඳ දැමීම යන පරිකල්පනය ග්‍රහනය කර ගත්තේය. චිත්‍රපටය සඳහා ජාතික සම්මාන බොහොමයක් අත්පත් කර ගැනීමත්, දකුණු ආසියානු සිනමා උළෙලේදී ඩිප්ලෝමාවක් ලැබීමත් නිසා විචාරකයින්ගේ සිත් ගත්තේය. ධර්මසේන පතිරාජා මෙම කාලය තුළ වඩාත් ක්‍රියාකාරී වූයේ එයා දැන් ලොකු ළමයෙක් 1977බබරු අවිත් 1978, පොන්මානි සහ සොල්දාදු උන්නැහේ 1981 අධ්‍යක්ෂණය කිරීමෙනි. ධීවර ජනතාව සහ නාගරික තරුණ තරුණියන් අතර ඇති වන සමාජ ආතතීන් සම්බන්ධයෙන් කටයුතු කරන ඔහුගේ වැදගත් කාර්යය ලෙස බබරු ඇවිත් පුළුල් ලෙස පිළිගැනේ. පතිරාජාගේ පොන්මානි චිත්‍රපටය දෙමළ භාෂාවෙන් නිෂ්පාදනය කරන ලද්දේ එම භාෂාව රට තුළ නිරූපණය වන සිනමාවේ දියුණුවට දායක වීමටය. හොඳින් සාදන ලද නමුත් මෙම චිත්‍රපටය දෙමළ ප්‍රේක්ෂකයන් විසින් නොසලකා හරිනු ලැබුවේ සිංහල අධ්‍යක්ෂකවරයා කෙරෙහි අවිශ්වාසයෙන් ද යන්න ප්‍රශ්නාර්ථයකි. සොල්දාදු උන්නැහේ පැරණි සොල්දාදුවෙකුගේ, ගණිකාවක්, මත්පැන් සහ සොරෙකුගේ දුක්ඛිත ජීවිත අනුගමනය කළේ ඔවුන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳ ආලෝකය විහිදුවාලීමට ය. පතිරාජ මෙම චිත්‍රපටය සෑදීමෙන් පසු විවේකයට ගියේය. ඔබේසේකර 1979 දී ඔහුගේ වඩාත්ම ගෞරවයට පත්‍ර වූ පළගැටියෝ චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එය නාගරික තරුණයින්ගේ දුෂ්කරතා සමඟ කතාබහක් වැනි පදනමක කටයුතු කළේය. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන දඩයම 1983 ද හොඳ ප්‍රතිචාරයක් ලැබීය. පළගැටියෝ හි තාරකාව වන ධර්මසිරි බණ්ඩාරනායක 1980 දී ඔහුගේ අතිශය ශෛලීගත මංගල චිත්‍රපටය හංස විලක් සමඟ අධ්‍යක්ෂක වරයෙක් ලෙස ගමන ආරම්භ විය.