Tuesday, December 3, 2019

ටෙනිසන් කුරේ මහතා හමුවීම 2019 09 14


ආනන්දනීය සිංහල සිනමාවේ වර්ෂ පුර්ණය යෙදී තිබුනේ 2019 සැප්තැම්බර් මාසයටයි. එය ඊයේ දිනයේදී උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබුවා. 2018 09 24 සිංහල සිනමාවේ ජේෂ්ඨ නළු හා සටන් අධ්‍යක්ෂක ඇලෙක්ස්සැන්ඩර් ප්‍රනාන්දු මහත්මාගෙන් ආරම්භවූ ගමන තවත් සිංහල සිනමාවේ ජේෂඨ නළු හා සටන් අධ්‍යක්ෂක විල්සන් කරුණාරත්න මහතා දෙවන වතාවට හමුවිය. අපේ හමුවීම් වල තුන්වැන්නා වුයේ සිංහල සිනමාවේ මෙන්ම වේදිකාවේ ද ප්‍රබල රංග වේදියකු වූ සුමින්ද සිරිසේන මහතානන්ය. මේ අතර වාරයේ ආනන්දනීය සිංහල සිනමාවේ ප්‍රජා සත්කාරයන්ද හතක් ඇතුලත්විය. ( ඒ වගේම තවත් අතිරේක සත්කාරයන් 3 ක්ද විය.) වර්ෂ පුරණය යෙදී ඇත්තේ 12 වන හමුවීමයි. පොදුවේ සලකා බලනවිට මාසයට එක හමුවක් වී තිබේ. ආනන්දනීයන් හැටියට එය අවංකව නිහතමානිව සතුටු විය හැකි තත්වයක් වේ. 12 වන ආනන්දනීය හමුව මෙන්ම 04 සිනමා ශිල්පී හමුවට යොදා ගත්තේ සිංහල සිනමාවේ තවත් සුවිශේසී රංග ශිල්පියෙක් වන හාස්යෝත්පාදක රංගනයේ මුල්ම පුරුකක් වන එඩ්වඩ් ටෙනිසන් කුරේ මහතාවයි. මේ කටයුත්ත සම්බන්දිකරණය වුයේ රජිව් රණසිංහ මහතා සහ එතුමාගේ සහෝදර විශ්ව විද්‍යාල ආචාර්ය ලලින්ද රණසිංහ මහතා වේ.
ස්ථානය දෙහිවල මෙතෝදිස්ත දෙවස්තානයයි. මෙදින පෙරවරු 9.45 මම ඉන්දික මල්ලවාරාච්චි මහතා අපේ මුනුපුරු ඕසද සහ ප්‍රදීප් ධම්මික මහතා විජිශ්‍රී මහත්මිය දේවස්ථානයේ ගේට්ටුවෙන් අතුලු වනවිට නිර්මලා ගනසිංහ මහත්මිය සුබද්‍රා සුමනරත්න මහත්මිය චතුර පතිරණ මහතා රොෂාන් කදුරුවාන මහත්මා සහ ජනේෂ් චන්දිමාල් මහතා දේවස්ථාන දොරටුවෙන් සිනාපිරි මුහුණින් ඉදිරියට පැමිණියේ අප පිලිගැනීමටයි. අපේ සහෝදර රංග ශිල්පී ජනේෂ් සිප වැලදගෙන දයාබරව අප පිළිගත්තේ ඉතාම ලබැදිවයි. ඉන් අනතුරුව අපේ තවත් සහෘදයන් වන රජිව් රණසිහ මහතා එතුමාගේ සොහොයුරු ආචාර්ය ලලින්ද රණසිංහ මහතා, ධම්මිකා වික්‍රමතුංග මහත්මිය සහ තවත් මහත්ම මහත්මීන් ද අපේ වෘත්තීය ජායාරුප ශිල්පී ශීතන් ගුණවර්ධන මහතාද පැමිණිනි. සුළු මොහොතකින් අපේ නිර්මාතෘ ආනන්ද මහත්මා එතුමා ගේ භාර්යාව පුතනුවන් සුජිත් නිශාන්ත මහතා හා ඔහුගේ දියණිය හා සිනමා හා වේදිකා නිළි ඉනෝක් ඩිල් මහත්මියද පැමිණිනි. එසේම ප්‍රසිද්ධ සමාජ සේවා වැඩවල මුල් පුරුකක් බදු ලක්මිණි පෙරේරා මහත්මියද, අළුතින්ම අපේ ගමනට එක්වන ගුණදාස කටුවාවල මහතා හ්ස ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියද අප හා එක්වූ අතර විශ්වා සිල්වා සාගරිකා සිල්වා දෙසොහොයුරියන්ද අප හා එක්විය. ඊළගට අපි බලාපොරොත්තුව සිටි අපේ ආරාධිත ටෙනිසන් කුරේ මහතා ඒ මහතා ගේ බැනනුවන් සමග දේවස්ථානයට පැමිණි යේය. සුහදව එතුමා පිළිගෙන දේවස්ථානය තුලට කැදවා ගියේය. ජනක ඉලුක්කුබුර මහතා ලතා පෙරේරා මහත්මිය ද අප හා එක්වුනි. දේවස්ථානය තුලදී ප්‍රථමයෙන්ම බදුල්ලේ ඉදිකරන දාගැබක් සදහා අපේ සහෘදයන්ගේ පරිත්‍යාගයක් වශයෙන් රුපියල් 10, 000 ක මුදල් පරිත්‍යාගයක් එම පුන්‍ය කටයුත්ත භාරව කටයුතු කරන ලක්මිණි පෙරේරා මහත්මිය වෙතභාරදෙන ලදී. මෙය ටෙනිසන් කුරේ මහතාට කරන ගරු කිරීමක් ලෙස එම මහතා ගේ සුරතින් ලබාදුන්නේය. ලලින්ද්‍ර රණසිංහ මහතා විසින් ආරාධිතයන් ගැන හැදින් වීමක් කල අතර ටෙනිසන් කුරේ මහතා ජාතික ක්‍රිස්තියානි සභාවේ ලේකම් වරයෙක් වන අතර ක්‍රිස්තු බැති ගී රාශියක් රචනා කල බවත් ප්‍රථම කිතුනු චිත්‍රපටය වන අකීකරු පුත්‍රයා චිත්‍රපටය මෙතුමාගේ නිර්මානයක් බවද සදහන් කලේය. එතුමා විසින් රචනා කල දෙව් සමිදුන් ගේ බැති ගීයක් ද මේ අවස්ථාවේ සියලු දෙනා එක්ව ගායනා කරනලදී.
ආනන්දනීය සිනමා අදියුරු ආනන්ද ගමගේ මහතාද ටෙනිසන් කුරේ මහතා පිළිගනිමින් එතුමා ගේ සිනමා ජීවිතය ගැන පැහැදිලි කිරීමක් ද මේ අවස්ථවේ කරනලදී. හරියටම දින වකවානු සමග කල මේ පැහැදිලි කිරීම කාගේත් සිත් පුදුමයට පත් කළේය. ජානක ඉලුක්කුඹුර මහතා විසින් සිත්තම් කල ටෙනිසන් කුරේ මහතා ගේ ජායාරුපයක් ජානක මහතා හා ධම්මික මහතා විසින් මේ අවස්ථාවේ ටෙනිසන් කුරේ මහතාවෙත පිරිනමන ලදී. ඊළගට ටෙනිසන් මහතා වෙත ආනන්දනීය සිංහල සිනමාව මගින් උපහාර ඵලකය පිරිනමන ලදී. නිර්මලා ගනසිංහ මහත්මිය හා චතුර පතිරණ මහතා විසින් ටෙනිසන් කුරේ මහතා වෙත මේ තිළිණය පිරිනමන ලදී. ආනන්දනීය සිංහල සිනමාව අදියුරු ආනන්ද ගමගේ මහතා විසින් සිනමා සහෘදයන් වෙන්වෙන්ව ටෙනිසන් කුරේ මහතාට හදුන්වා දෙන ලදී. මේ අතර කේක් කට්ලට් කෙසේ ගෙඩි පිරිනමා තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි. ඒ සදහා ධම්මිකා මහත්මිය ඉන්දික මල්ලවආරච්චි මහතාද(උපන් දිනය නිමිත්තෙන්), රජීව රණසිංහ මහතා , ලලින්ද්‍ර රණසිංහ මහතා හා තවත් අයද මේ සදහා දායකත්වය දැක්වුවෝය. රණවීර කත්තොට මහතා විසින් ආනන්දනීය සිංහල සිනමාවට ලිවූ ටෙනිසන් කුරේ මහතාණන් පිළිබද විශේශාංග අතිරේකය එතුමා ඉදිරිපිට දී කියවන ලදී. එහි සදහන් සියලු කරුණ තමා ගේ ජීවන චරිතයට අදාළ බවත් ඒ ගැන ඉමහත් ප්‍රසාදයට පත්වූ බවත් කුරේ මහතා සතුටින් ඒ අවස්තාවේ ප්‍රකාශ කරන ලදී. ඉන්පසුව ජයාරූප ගැනීම් ආදිය ද සිදුවිය. අවසානයේ ටෙනිසන් කුරේ මහතා අපේ සහෘදයන් ඇමතුවේය. එතුමා කියා සිටියේ සුළුපිරිසක් වුවත් හෘදයාංගවමව කල මේ උපහාරය ඉතාම වටිනාකමක් ගෙනදෙන එකක් බවයි. පෝස්ටර් බැනර් දමා ශබ්ද විකාශන සහිතව කල උත්සව බොහෝ ගණනකට සහභාගිවුවත් ආත්ම තෘප්තියක් ලැබූ එකම වැඩසටහන මේ බව එතුමා ප්‍රකාශ කිරීම අප සියල්ලන්ම එකවර ලැබූ සම්මානයක් බදු විය. මේ අය හදවතින්ම අවංකව අපට ආදරය කරන අය බව දැනුන බව නැවතත් ප්‍රකාශ කරනලදී. අප විසින් වෙන්කර ගත කාල සීමාවද ඉකුත්වූ බැවින් එතුමා අපට සමුදී මේ ස්ථානයෙන් පිටත්ව ගියේය. අපේ සහෘදයන් පුද්ගලිකව ජයාරූප ආදිය ගන්නා ලදී. ධම්මික ශ්‍රී මහතාද මේ අවස්ථාවේ පැමිණිනි. තරම්ස්ක් ප්‍රමාද වුවත් එතුමාගේ පැමිණීම ඉතාම අගේ කොට සලකන්නෙමු. සමන්ත වීරකෝන් මහතාද මේ අවස්තාවට සහභාගිවීමට පැමිණ ස්ථානය සොයා ගැනීමේ අපහසුවකට පත්වූ බව දන්වන් ලදී. එතුමාටත් දැරූ ප්‍රයත්නය වෙනුවෙන් ස්තූතියි ද ,අප හා එක්වීමට නොහැකිවීම ගැන අපේ කනගාටුව පලකර සිටිමු. දවල් 12.30 පමණ අප සියල්ලෝම එකිනෙකාට සමුදී නැවත යලි දිනක හමුවීමේ අදහස් ඇතිව සතුටින් විසිර ගියෙමු.
තවත් එක් ආදරණීය දවසක් මෙසේ නිමාව දකිත්දී එවන් වූ තවත් සොදුරු දිනයක් ළගදීම උදාවන බව හැගීමෙන් සතුටින් අපි එකිනෙකා ගෙන් සමුගත්තෙමු.

No comments:

Post a Comment