Thursday, February 27, 2020

ඔසද පසිදු මල්ලව ආරච්චි..... විකසිත වන ගී පියුම

2009 දෙසැම්බර් 07 සදුදා දිනට එළිවෙන උදේ මල්ලව ආරච්චි පවුලට තවත් සාමාජිකයෙක් එකතු  වුනා  ඒ ඔසද පසිදු මල්ලව ආරච්චි සිගිත්තායි .දෙමාපියන් දෙදෙනා සහ වැඩිමල් සොයුරිය සමග ආදරයෙන් සෙනෙහසින් ඔසද දරුවා ටික ටික ලොකු මහත් වුනා 2014 වසර වනවිට ඔසද ගම්පහ විශාකා ජාත්‍යන්තර පෙර පාසලට ඇතුලත් වුනා මුල කාලයේ සිටම තමන් ගේ කටයුතු පිළිවෙලට කරකියා ගන්න ඔසද දක්ෂයි පෙර පාසලේ දී දරුවා නිතර ගී ගැයුමට ඕනෑකමක් පෙන්නුම් කළා පන්තියේ ගුරුතුමිය ගෙන් නිතරම ගීත ගයන්න අහනවා  පෙර පාසල් විවිධ ප්‍රසංග මතු වෙන්නේ ඔයකාලේ .පන්ති කාමරය තුල දරුවා ඒ කාලේ ජනප්රිය" අන්තිම සටනේ හුස්මට සම වී "ගීතය ගයලා තිබුනා  පන්ති භාර  ගුරුතුමිය වන දිලේකා නදීශානි මේ හැකියාව හදුනාගෙන   පාසලේ ගායන අවස්තාවන් සදහා දරුවා ඉදිරිපත්කලා පෙර පාසලෙන් පසුව සුමේද විද්ද්‍යාලයට දරුවා අතුලුවුනා ඒ තුලදී ද දරුවාගේ හැකියාව මත   පාසලේ ප්‍රාතමික අංශයේ ගායන කණ්ඩායමමේ සාමාජිකයකු වෙන්න හැකිවුණා එයින් පසුව 2016 වසරේ සමස්ථ ලංකා පාසල් සංගීත තරගයේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ සමුහ ගායනයෙන් කලාප තරගයෙන් ප්‍රථම ස්ථානයත් බස්නාහිර පළාත් තරගයෙන්  තෙවන ස්ථානයත් ලබාගන්න හැකිවුනා 2017 වසරේ සමස්ථ ලංකා පාසල් සංගීත තරගයේ කලාප හා පළාත් තරග වලින් ප්‍රථම ස්ථානය මෙන්ම සමස්ත ලංකා තරගයෙන් තුන්වන ස්ථානය ලබාගත්තේය .එසේම සිංහල භාෂා දිනයේ පද්‍ය ගායනා තරග සහ ළමා ගී ගායනා  තරග වලින් ද විවිධ ජයග්‍රහණ සහතික ලබා ඇත 2018 වසරේ  English Day තරග වලින් ද කලාප   ප්‍රථම ස්ථානය ලබා ගත්තා දරුවා නැගෙන හිර වැලිවේරිය ශ්‍රී පුර්වාරාමයේ සුචරිතවර්දන දහම් පාසලේද ඉගෙනුම ලබයි  එහිදී ද ගුරුතුමියන් දරුවාගේ දක්ෂතා හදුනාගෙන පොසොන් බැති ගී සංදර්ශන ආදියට විශේෂයෙන්ම තෝරා ගත්තා. එහිදී සංගීත් නිපුන් මහාචාර්ය  සනත් නන්දසිරි සුරින් ගේ බෝමලුවේ මල් සුවදක පැටලී  ගීතය වාදක කණ්ඩායමක් සමග අපුරුවට ගායනා කොට ප්‍රදාන ආචාර්ය සියනෑ අලුත්කුරු දෙකෝරළයේ උප ප්‍රධාන අදිකරණ සංගනායක පුජ්‍ය ගරු වැල්ලගිරියේ ගිරියේ රත්නසිරි නායක  හිමියන් ආචාර්ය මුල්ලේගම සුමන හිමියන් ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ඉමහත් ප්‍රසාදයට ලක්විණ.දැනට ඉගෙනුම ලබන සුමේද විද්‍යාලයේද ප්‍රසංග ආදියේදී ඔසද මුලින්ම තෝරා ගැනේ පසුගිය" හෙළ බස"  දිනයේ ද පංති මට්ටමේ ගයනා වලදී ඔසදව තෝරා ගනු ලැබීය .ලෝක ළමා දිනය නිමිතිකර නිට්ටබුවේ පැවති එළිමහන් සංදර්ශනයක දී ද ප්‍රථම වරට ගී ගයනා කරන්න පන්ති භාර ආචාර්ය මහත්මියගේ අනුග්‍රයෙන්   අවස්තාව උදාවිය ජනකාන්ත කරුනාරත්න දිවුල්ගනේ සූරීන් ගේ අන්දර යායේ ගීය අග්‍රා සංගීත කණ්ඩායම සමග ගායනා කළේය . දිවංගත ප්‍රවීණ ග්‍රන්ථ කතෘ ප්‍රවීන ගීත නිබන්ධක හියුබත් දිසානායකයන් ගේ පුත්  ජනප්‍රිය පුවත්පත්  ලේඛක මාධ්‍යවේදී  ෂෝන් මැක්ස්මස් මහතා ද දරුවාගේ හැකියාවන් අගය කරමින් එතුමා විසින් ගීත ලියා සංගීතවත්  කොට සෙල්ලම් කාලේ සහ යාලුවෝ යන  ස්වතන්ත්‍ර  ගීත දෙකක්  මේ වනවිට ප්‍රකාශයට පත්කොට තිබේ ශිෂ්‍යත්ව විභාගයෙන් ද ඉහල ලකුණක් ලබාගනිමින් අධ්‍යාපනය ද ඉදිරියට යාමේ අපේක්ෂාව දරුවාට පවතී. හේෂාන් ගමගේ සංගීත ආචාර්ය තුමා යටතේ  සංගීතය පිළිබද අධ්‍යනයක ද දැනට නිරතව  සිටී .ගම්පහ සුමේද විද්‍යාලයෙන් සමුගන්නාවිට ඔසද පාසැලේ සංගීතයේ ප දස්කම් වෙනුවෙන්ම උපහාර තිළිණයක් ද විශේෂයෙන් ප්‍රදානය කරන ලදී ....දැනට ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය ට ඇතුලත්ව හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී මෙහිදීද ගායනා අංශයෙන් සිසුදරුවන් හා ගුරුමන්ඩල යේ ද අවධානයට ලක්ව සිටී ....

Monday, February 24, 2020

ශාන්ති ලේඛා ...හෙළ සිනමා රංග ශිල්පිනිය

රීටා අයිරින් ක්වින් හෙවත්  ශාන්ති ලේඛා  ලෙස වඩාත් හොඳින් හැඳින්වූ ඇය ශ්‍රී ලාංකික නිළියකි. ඇය සිංහල සිනමාවේ වෙනත් ඕනෑම නිළියකට වඩා චිත්‍රපටවල මවගේ චරිතය රඟපෑවාය.ලේඛා 1929 ජූලි 1 වන දින කළුතරා හි උපත ලැබුවාය. දැඩි කතෝලික පවුලක රීටා අයිරින් ක්වින් උපත ලැබූ අතර අධ්‍යාපනය ලැබුවේ කන්‍යාරාමයක ය. කුඩා අවදියේදීම නර්තනයට යොමු වූ තරුණ රීටා ප්‍රසංග කලාව කෙරෙහි විශේෂයෙන් “ජෛව දර්ශනය” කෙරෙහි ඇල්මක් දැක්වූවාය.ශාන්ති විරාජ්  ශාන්තිලේඛා ගේ ස්වාමියා විය   ඔවුන් ප්‍රථම වරට මුණගැසුණේ ඇය කළුතරාහි ශුද්ධ වූ පවුල් කන්‍යාරාමයට සහභාගී වෙමින් සිටියදීය. සිනමාවට පිවිසි අනෙක් සියලුම නළු නිළියන් මෙන් ඇයද මුලින්ම වේදිකාවට පිවිසියේ ඩී. ටී. ප්‍රනාන්දුගේ ශාන්ත ප්‍රභා වේදිකා නාට්‍යයේ   ප්‍රධාන චරිතය රඟපාමිනි. ඒ 1942 දී ය.පසුව ඇය ඩොමී ජයවර්ධන සහ නෝනා සුබෙදා රඟපෑ නාට්‍යවල නර්තන ශිල්පිනියක් ලෙස කැපී පෙනුණි.වේදිකාවේදී ඇය ස්වාමියා ගේ නම ආරෝපනය කර ශාන්ති ලේඛා නමින් ප්‍රසිද්ද වුවේය . ශාන්ති ලේඛා 1953 සුජාතා  චිත්‍රපටයේ පළමු චිත්‍රපට භූමිකාව රඟපෑවාය. නාන ඇඳුමක් ඇඳ සිටි ඇය ඩොමී  ජයවර්ධන සමඟ "පෙම් රැල්ල නැගී ගල්තල්ලේ වදී " ගීතයට ප්‍රේමා ගේ භූමිකාවට  නැටුවාය.ඇගේ  චිත්‍රපට රගපෑමේ  අදහසට විරුද්ධ වූ ඇගේ පවුලේ අය  ඇයව අධෛර්යමත් කිරීමට උත්සාහ කළහ. සිනමාව   ඇයව යක්ෂයා වෙත ගෙන ගිය බව ඇගේ පූජකවරිය ඇගේ දෙමාපියන්ට පවා පවසා තිබුණි. එහෙත් මේ සියලු උත්සාහයන් තියුණු වූවත් නිෂ්පල  විය. තරුණ රීටා රඟපෑමෙන් ආකර්ෂණය වී තිබුණි. ඇයව ආපසු රැගෙන යාමට කිසිවෙකුට කළ නො හැකි වූයේ ය . චිත්‍රපටයෙන් පසුව රුපියල් පන්සීයකට වෙනත් සමාගම් වල චිත්‍රපට රග නොපෑමට කේ ගුණරත්නම් සමග ගිවිසුමකට එලබුනාය ඒ අනුව 1954 වසරේ  වරද කාගේද චිත්‍රපටයේ රූපා  සහ රදල පිළිරුව ලැවිනියා  කේ ගුණරත්නම් ගේ  චිත්‍රපට දෙකද රගපැවේය. නැවත 1956 දොස්තර චිත්‍රපටයද රීටා ලෙස  කේ ගුණරත්නම් ගේ  චිත්‍රපටයහි ඇය රංග පෑවේය  .1957 ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ ජීවිත සටන රගපැවේය 1958 කේ කේ පනික්කාර් ගේ සල්ලි මල්ලි චිත්‍ර චිත්‍රපටයද රංගනය කළේය ශාන්ති ලේඛා ප්‍රථම වරට මව් චරිතයකින් සිනමාවට එන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා ගේ සංදේශය චිත්‍රපටයෙනි. එහි ගම්මුලාදනියාගේ බිරිද විය .ඉන්පසුව  මව් චරිත සහ වැඩිහිටි චරිත දිගටම රංගනය වුවේය .ශාන්ති ගේ චිත්‍රපට ගණනින් දෙසීයකට ආසන්නවේ .ප්‍රේක්ෂකයාට අමතක නොවන චරිත ලෙස ගම්පෙරළියේ මහකප්පින වලව්වේ හාමිනේ සැපත සොයා හි  නපුරට උදව් කරන රත්නා අල්ලපු ගෙදර සේපාලිකා ගේ මව දෙලොවක් අතර අනතුරට පත් අයගේ මව පරසතු මල් හි කමලා ගේ මව සැනසිලි සුවයේ විමල් ගේ මව රන්සළු හි සරෝජනී ගේ මව රෑණගිරව් හි දිසා ගේ මව දෙහදක දුක හි ගාමිණී ගේ මව නාරිලතා හි ජීන් කවුද හරි රීටා ගේ මව බිනරමලී කිරි අම්මා අක්කර පහේ සෙන ගේ මව තුන්මන් හන්දියේ සිරිසේන ගේ මව පුජිතයෝ හි බටුවන්තලාව මහත්මිය නිධානයේ අයිරින් ගේ මව තුෂාරා සම්පත් ගේ මව හොදට හොදයි වයලට් අහස් ගව්වේ විජේ ගේ මව ලසදා හි  සමදරා වැනි චරිත සදා මතකයේ වේ .සිනමාවේ ආරම්භයේ සිටි නලුනිලියන් මෙන්ම වර්තමාන නවකයන් ද සෑම තරාතිරකම නලුනිලියන් සමහ ලේඛා ගේ රංගනය යෙදී තිබේ .පැරණි සිනමා අදියුරුවන් නිපයුවන් සමගද රංගන කටයුතු සිදුව තිබේ. 1960 දශකය තුල චිත්‍රපට 30 ට වැඩි  ප්‍රමාණයක් රංගනය වී තිබේ 1970 සිට 1980 දශකය චිත්‍රපට 70 ඉක්මවා රංගන දායකත්වය ලබාදී තිබේ .1980 සිට 1990 දශකය චිත්‍රපට 40 ආසන්න දායකත්වයක් ලබාදී තිබේ .1990 පසුව දායකත්වය අඩුවක්  විය මේ වනවිට   මෙතුමිය වසර 60 ඉක්මවා සිටී .ගාමිණී ෆොන්සේකාගේ පරසතු මල් (1968) සහ මුදලිනයක සෝමරත්නගේ බිනරමලී  (1969) සඳහා සරසවිය චිත්‍රපට උළෙලේදී හොඳම සහාය නිළිය ලෙස සම්මාන දිනා ගැනීමට ශාන්ති  ලේඛා  සමත් විය. මයුරිගේ කතාව  සහ රිදී නිම්නය  වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන දිනා ගත්තාය.අපේ සිනමාවේ මවගේ ප්‍රතිරූපය මූර්තිමත් කළ නිළියන් තිදෙනෙක් සිටියහ. පළමුවැන්න, අයිරාංගනී  සේරසිංහ මහත්මිය වන අතර දෙවැන්නා , දෙනවක  හාමින්ය . මේ දෙදෙනා එකට එකතු වූයේ ඔවුන්ගේ පරිණතභාවය, අවබෝධය සහ මාර්ගගතභාවය පිළිබඳ නිශ්චිත හැඟීමක් වන අතර එමඟින් ඔවුන්ගේ චරිත මනාව සලකුණු විය. ගම්පෙරලිය  නම් කෘතියේ දී, ඇය එරංගානි සේරසිංහ නොපැමිණෙන විට මාතර  හාමිනේ  රඟපෑමට තෝරා ගන්නා ලදී. මේ සිනමාවේ  අනෙක් මව් චරිතය වේ එතැන් සිට රංගනය වූ චිත්‍රපට වලින් හතරෙන් තුනක්ම මව් ච්රිතවේ .සුජතාහි දගකාර සුරුපිනිය පසුව වයෝ වෘද්ධ තපෝ වෘද්ධ රංගන  ශිල්පිනිය වුවාය සුජාතා ගෙන් 1953 ඇරබි සිනමා දිවි මග 1999 සුරගන යහනෙන් නිමා කරනලදී 50 දශකයේ සිට 20 වන දශකය ආරම්භයට පෙර සිනමා රංගනය නිමාකල ඕතොමෝ විසිවන සියවස තුල  2009 මයි මස 11 දිනෙන් දිවි සැරිය අවසන් කලේ   ප්‍රංශයේ දීය .සුවිශේසී මතක සටහන් ඉතිරි  කොට සමුගත් එතුමියට  සග මොක්සුව ලැබනු ඇත. එය ආනන්දනීය සිංහල සිනමාවේ උපහාර යයි. අන්තර් ජලයේ ද තොරතුරු ලබා ගෙන මේ සටහන ලියා දැක්වුවෙමි .....

Saturday, February 15, 2020

ආනන්ද ජයරත්න ඉතාම කඩවසම් උත්තුංග දේහදාරියෙකි.


ආනන්ද ජයරත්න ඉතාම කඩවසම් උත්තුංග දේහදාරියෙකි. බටහිර නළුවෙකු ගේ පෙනුම ට වඩා බොලිවුඩ් තිරයේ රංග ධරයකුගේ පෙනුමට වඩාත් සමීපය. ඒ ධර්මේන්ද්‍ර නම් අසහාය රංග ශිල්පියාය . 1930 දී මාතර නූපේ උපන් ආනන්ද මූලික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල සීවලී විදුහලෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විදුහලෙනි.ආනන්ද වෘත්තියෙන් ගුරුවරයෙක් වූයේය. හිටපු කතානායක, සබරගමු ආණ්ඩුකාර වි. ජ. මු. ලොකු බණ්ඩාර සහ හිටපු ඇමැති සමරවීර වීරවන්නි යන දෙදෙනා ආනන්දගේ ශිෂ්‍යයෝ වෙති. එසේම ආනන්ද විනෝදාංශයක් වශයෙන් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වාර්තාකරුවකු වශයෙන් කටයුතු කළේය. එපමණක් ද නොවේ. ඔහු ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩකයකු ලෙස ද කැපී පෙනුණේය.බස් රථයක ගමන් කරන සිරිල් පී අබේරත්නයන් අහම්බෙන් ආනන්ද ජයරත්නයන් දැක කතා බස් කොට චිත්‍රපටයක රංගනයට ආරාධනයක් කළේය.ඒ කතාව  මල්පල දරා සම්මුඛව දන හදුනාගෙන  චිත්‍රපටයේරංගනයට අවස්තාව උදාවිය. ඒ චිත්‍රපටය 1956 සිරිල් පී අබේරත්නයන් අද්‍යක්ෂනය කල "සුරතලි" වේ.  සුරතලීආනන්ද පමණක් නොව එච්. ආර්. ජෝතිපාල සිනමාවට ප්‍රවිෂ්ට වූ චිත්‍රපටයයි . ජෝතිපාල මේ චිත්‍රපටයට ගැයූ සිරියාමේ සාරාගීතය වෙනුවෙන් චිත්‍රපටයේ පෙනී සිටියේ ආනන්දය. එසේම විකට නළු ඇල්. ඇම්. පෙරේරා රඟපෑ මුල්ම චිත්‍රපටය ද මෙය වන්නේය.සුරතලීට පාදක වූයේ රාජ් කපූර්ගේ අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ බර්සාත්ය. එහි ප්‍රේම්නාත් රඟපෑ චරිතයයි සුරතලී හි ඒ චරිතය  ආනන්ද රඟපෑවේ.සුසිල් ලෙසය ඒ  චරිතයේ නමය. සුසිල් සෙල්ලක්කාර තරුණයෙකි. මීට ඉහත එබඳු සෙල්ලක්කාර තරුණයකුගේ චරිතයක් රඟපා තිබුණේ ඩොමී ජයවර්ධනය. ඒ සුජාතාචිත්‍රපටයේය. එහෙත් ආනන්ද සුරතලීචිත්‍රපටයේ ප්‍රේම්නාත් හෝ ඩොමී අනුකරණය නොකර තමන්ටම ආවේණික වූ රංග ශෛලියකින් එකී චරිතය නිරූපණය කළේය. ඒ රංග භාවිතාව බොහෝ දුරට බටහිර නළුවන්ගේ් රංග ශෛලිියට සමාන වූයේය.තමා මාලන් බ්‍රැන්ඩෝ, රිචඩ් බර්ටන්, ඇන්තනි ක්වීන්, සර් ලෝරන්ස් ඔලිවියර්, බර්ට් ලැන්කැස්ටර් වැනි බටහිර නළුවන් ප්‍රිය කරන බව ආනන්ද වරක් කියා තිබිණි. ඩොමීගෙන් පසු සිංහල සිනමාවේ බිහි වූ වඩාත්ම සරාගීපුරුෂ සංඥාර්ථය ආනන්ද වූයේය. සුරතලීචිත්‍රපටයේ රූ ගැන්වීම් සිදු කෙරුණේ ඉන්දියාවේදීය. ඒ සඳහා ආනන්ද දෙමසක නිවාඩුවක් ඉල්ලා සිටියත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. චිත්‍රපටය තිරගත වන විට ආනන්ද ගුරු වෘත්තියෙන් ඉවත් කරනු ලැබ තිබිණි. සුරතලීමංගල දර්ශනය දා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතාය. චිත්‍රපටය නිම වූ පසු ආනන්ද හමු වූ දහනායක මහතා ඔහුට සුබ පැතුවේය.ආනන්ද සුබ පැතුම පිළිගෙන ඔහුගේ රැකියාව අහිමි වීම ගැන ඇමතිවරයා  දැනුවත් කළේය රැකියාවේ පිහිටුවීමක් ඇමති අනුග්‍රහයෙන් සිදුවිය. සුරතලීචිත්‍රපටයේ රංගන සාර්ථකත්වයත් සමඟම ආනන්දට චිත්‍රපට ගලාගෙන ආවේය 1958 දී ඒ බී රාජා සහ එල් එස් රාමචන්දර් අධ්‍යක්ෂ්නය කල සොහොයුරෝ චිත්‍රපටය ආනන්ද ගේ දෙවන චිත්‍රපටය විය. ආනන්ද  චිත්‍රපටයක්  තුලින් නැවත  තිරයට එන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණයෙන් යුතු සන්දේශය යෙනි  කැරලි නායකයෙක් වන  බණ්ඩාර චරිතයයි ගාමිණී පොන්සේකා ද මේ චිත්‍රපටයේ ආනන්ද ගේ සහායක තම්මිට ලෙස රංගනය විය .1960 වසරේම සුන්දර බිරිද, වීර විජය ද තිරගත්විය සුන්දර බිරිද දී යෝගානන්ද ගේ අධ්‍යක්ෂණක් විය. වීර විජය කේ එස් සේතුමාතවන් අධ්‍යක්ෂණක් විය. 1963 වසරේ නැවත එම මස්තාන් ගේ අධ්‍යක්ෂණ යන් වූ   උඩරට මැණිකේ චිත්‍රපටය සහ අදට වැඩිය හෙට හොදයි  ද ආනන්ද ගේ රංගනය විය අදට වැඩිය හෙට හොදයි නැවත ගාමිණී සමග එක්ව රංගනය විය 1964 වසර ආනන්ද රංගනය වූ  කල කල දේ පල පලදේ සාන්ත කුමාර සෙනෙවිරත්නගේ අධ්‍යක්ෂණයකි.බෞද්ධ ඉතිහාසයේ ඉතාම ජනප්‍රිය ජාතක කතාවක් ඇසුරෙන් විමලනාත් දිසානායකයන්  අධ්‍යක්ෂණයකල පටාචාරා චිත්‍රපටය සුවිශේසී රංගනයක් විය.  එසේම බොදුනුවන් ගේ ඉමහත් ප්‍රසාදයට ලක්වූ චිත්‍රපටයක් විය. එහි කුමරියට පෙම්බැදි මෙහෙකරු ආනන්ද වූ අතර කුමරිය සන්ද්‍යා කුමාරියම විය . 1964 වසරේම පී තිලකන්ටන් අධ්‍යක්ෂණය කල  සුජා ගේ රහස හි ද ආනන්ද රංගනය වුවේය.ජීවරාණි විජිත මල්ලිකා ලීනා ද සිල්වා රෝය් ද සිල්වාද රවීන්ද්‍ර රුපසෙන ද මෙහි තවත් රංග දායකයෝ විය   1965 වසරේ අහමඩ් කමුර් හා නන්දසේන කුරේ ගේ  සැපත සොයා ,එල් එම පෙරේරා ගේ හතර මහා නිධානය ,ආදරයයි කරුනාවයි රංගනය වූ චිත්‍රපට වේ ආදරයයි කරුනාවයි ආනන්ද ජයරත්න ගේම අධ්‍යක්ෂනයක් විය මෙහි විශේෂත්වය තමාද සුප්‍රකට  රංගන ශිල්පියෙක් වුවත් එහි ප්‍රදාන චරිතය ගාමිණීට භාර කළේය .1965 වසරේම ඩබ්ලිව් එම එස් මහේන්ද්‍රන් ගේ අධ්‍යක්ෂනයක් වූ යටගිය දවස චිත්‍රපටයේ ද ආනන්ද ගාමිණී  දෙදෙනාම රංගන දායක විය සන්ද්‍යා ජීවරාණි ද මේ චිත්‍රපටයේ රංගනය කලෝය 1968 රොබින් තම්පෝ ගේ අධ්‍යක්ෂනයක් වූ දෙහදක දුක චිත්‍රපටයේ ද ගාමිණී ආනන්ද එකට රංගනය වුවාය.1969  තිරගතවූ මී මැස්සෝ ධර්ම ශ්‍රී කල්දේරා ගේ අධ්‍යක්ෂනයකි මේ චිත්‍ර පටයේ වලවකාර වල්  හාමු හාමු ගේ චරිතය ආනන්දගේ ශුන්ගාරය මත්කළ අමුතුම එකක් විය .ඉන් පසුව ආනන්ද ගාමිණී දෙදෙනා ගේ එකට රංගනයක් අපට හමු නොවේ .1970 නීල් රූපසිංහ ගේ දැන් මතකද චිත්‍රපටයේ ආනන්ද ගේ  රංගනය හා මේ සීත සුවදෙන රැයේ ගීතය අපට සදා අමතක නොවේ. මාලනී සමග රංගනය කල පළමු චිත්‍රපටය මෙය වේ.1972 වසරේ දී කේ ඒ  ඩබ්ලිව් පෙරේරා ගේ ඉහත ආත්මයේ අනුලා කරුණාතිලක සමග රංගනය විය.1975 නීල් රුපසිංචිත්‍රපටයද හගේ අධ්‍යක්ෂනයක්වූ  ලස්සන කෙල්ල චිත්‍රපටයේ ආනන්ද රංගනය විය ගීතා කුමාරසින්හද මේ  චිත්‍රපටයහි රංගනය විය.නීට ප්‍රනාන්දු ශ්‍රියානි අමරසේන ආදීන්ද මෙහි රංගනය විය.හැත්තෑව දශකයේ දී ආනන්ද රඟපෑවේ චිත්‍රපට තුන හතරක පමණි. ඒවායින් වඩාත් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළේ ඉහත ආත්මයචිත්‍රපටයේය  . මව්පියන්ගේ දුරාචාරවත් විවාහ ජීවිතයක් හේතු කොට ගෙන මානසිකව පීඩාවන්ට ලක් වී ජීවිතය අඳුරු කර ගන්නා තරුණයකු (සනී) ලෙස ආනන්ද එහි මාහැඟි රංගනයක් ඉදිරිපත් කළේය. ඒ හැරුණු කොට ලස්සන කෙල්ලචිත්‍රපටයේ ආනන්දගේ රඟපෑම් (විජේසේකර මුහන්දිරම්) වුව ප්‍රමාණවත්ය. .1976 සරදියෙල් ගේ පුතා නීල් රුපසිංහගේ  අධ්‍යක්ෂනයක්වූ අතර මාලනී සමග දෙවන වරටත් ආනන්ද මෙහි විශේෂ චරිතයක් රංගනය විය .1976 වසරේම සරත්චන්ද්‍ර හේරත් ගේ වානරයෝ චිත්‍රපටයේ ද නවක නිලියක් වන රත්නාද සිල්වා සම්ග රංගනය විය.1979 දයානන්ද රොඩ්රිගෝ ගේ අධ්‍යක්ෂනයක්වූ අනුෂා චිත්‍රපටය ද ආනන්ද ගේ රංගනයෙන් ඔපවත් විය.1993 චන්ද්‍රරත්න මාපිටිගම ගේ   අධ්‍යක්ෂනයක්වූනෙලුම් හා සමන්මලී චිත්‍රපටයේද ආනන්ද රග පා තිබේ 1994 මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ අහස් මාලිගා චිත්‍රපටයෙන් ආනන්ද ජයරත්නයන් ගේ  රංගනය අවසන්ව ඇත .ආනන්ද ශ්‍රීී ලංකා - ජර්මන් හවුල් නිපැයුමක් වූ ත්‍රී යෙලෝ කැට්ස්’ (කහ බළල්ලු) චිත්‍රපටයේද චරිතයක් රඟපෑවේය. ඒ රහස් පරීක්ෂකවරයකු ලෙසිනි.ආනන්ද දක්ෂ චරිතාංග නළුවකු වුවත් ඔහුගේ ප්‍රතිභාවෙන් සිංහල සිනමාව නිසි ප්‍රයෝජන ගත්තේ නැතැයි කීම අතිශෝක්තියක් නොවේ ඔහු කිසිදා සම්මානයකට පාත්‍ර නොවූ නළුවෙකි. සිංහල සිනමාව ආනන්දගේ ප්‍රතිභාවෙන් නිසි ප්‍රයෝජනයක් නොගත්තේ් ඇයි? ඊට හේතුව ඔහුගේ පැවැත්මේම තිබූ දුර්වලතාද? ආනන්ද කරදරකාරයෙක්ය යන ආකල්පයක් සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු තුළ තිබූ බවක් පෙනේ. ඒ සම්බන්ධයෙන් ආනන්ද පවා අදහස් දැක් වූ අවස්ථා තිබේ.මම කරදරකාරයෙක් හැටියට දැන් හුඟක් අය හඳුන්වනවා. ඇත්ත මම කරදරකාරයෙක්.හැබැයි ඒ කරදරකාරයෙක් වුණේ එහෙම කියන ඒ අයත් මට කරදරයක් වුණු නිසා. ඇත්ත කිව්වම මිනිසුන්ගේ මුහුණු ඇකිළෙනවා. ඇත්ත පෙනි පෙනී බොරුව කරන්න මං ඉගෙන ගෙන නැහැ’ (සරසවිය 1972 ඔක්තෝබර් 13).ආනන්ද කිසිවකුට යටත් නොවූ පුද්ගලයකු බව නම් පැහැදිලිය. වරක් චිත්‍රපටයක රූගත කිරීමකට ඉන්දියාවට ගිය අවස්ථාවක දෙමළ සිනමාවේ සුපිරි නළු සිවාජි ගනේෂන් ආනන්ද සිටි චිත්‍රගාරයට පැමිණියේය. ඒ මොහොතේ ආනන්ද සිටියේ කකුළක් පිට කකුළක් දමා පත්‍රයක් බලමිනි. ආනන්ද වෙත පැමිණි කිසිවෙක් කකුළ පහළට දමන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය.නමුත් ඔහු ප්‍රත්ක්ෂේප කළේය .ආනන්ද පසු කලෙක ලීල් ගුණසේකරගේ පෙත්සමනවකතාව චිත්‍රපට ගත කිරීමට අදහස් කරගෙන සිටියත් ඔහුගේ මරණය නිසා එය ව්‍යර්ථ වී ගියේය.ආනන්ද 1966 බිහි වූ හෙළ චිත්‍රපට නළු නිළි සංගමයේ (නළු නිළි හවුලේ) සම ලේකම් වශයෙන් කටයුතු කළේය. රුසියාවේ මහා ලේඛක මැක්සිම් ගෝර්කිගේ කියුමක් ආනන්ද නිතරම සිහිපත් කළේය. ඒ මෙපරිදිය.
ජීවිතේ කියන්නේ තමන් විතරයි. තමන් නැතිවට අනෙක් මිනිස්සු ජීවත් වෙනවාආනන්ද තවත් උද්ධෘතයක් නිතර ගෙනහැර පෑවේය.
ජීවිතය අදට පමණක් සීමා වූවක්. ඊයේ සිහිනයක්, හෙට මායාවක්.
ගාමිණී ෆොන්සේකා වැනි නළුවකුට පමණක් දෙවැනි විය හැකිව තිබූ රංග ප්‍රතිභාවක් විශද කළා වූ මේ විශිෂ්ට ගණයේ චරිතාංග නළුවා 1984 දී සිරුරට ගිනි තබාගෙන අකාලයේ ජීවිතක්ෂයට පත් වූයේය.නමුත් සිංහල සිනමාවේ නොමැකෙන නමක් තැබූ රංගන ශිල්පියෙක් ලෙස අදටත් ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් තුල නොමියේ .එතුමාට ආනන්දනීය සිංහල සිනමාවේ උත්තමාචාරය පුදමු . සගමොක් සුව පතමු .ප්‍රවීණ මාධ්‍යවේදී සුනී මිහිදුකුල සුරින්ගේ ලිපියක් ද ඇසුරු කරගෙන මේ ලිපිය සකස් කල අතර අපගේ ගෞරවය  ප්‍රණාමය එතුමාට පුදමි ......

Friday, February 14, 2020

දොන් ඩේවිඩ් හේවාවිතාරණ.....අනගාරික ධර්මපාල

1864 සැප්තැම්බර් 17 දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කල උත්තම චරිතයක් වෙන ධර්මපාල තුමන්.
ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට එතුමා පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද එතුමා වේ.
එතුමා අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය.
එතුමාගේ පියා එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ ය. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ,මල්ලිකා ධර්මගුණවර්ධන විය.
එ‍මෙන්ම එතුමා 1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබු අතර පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය..
වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි.
වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය.
ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහාණිය එහි දී එතුමා සියැසින් දුටුවේ ය.සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය. එතුමා ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය.
බ්‍රිතාන්‍ය ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ එතුමා බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ. එතුමා ඉන් නිදහස ලැබුවේ 1921 දී ය.
එමෙන්ම එතුමා ගව මස් කෑමට එරෙහිව නැගීසිටි අතර ගම් නියම් ගම් පුරා මිනිසුන් දැනුවත් කරමින් ගියේය.හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වන දින, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය.
සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු
ලැබුවේ,හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.

සදා නොමියන විද්වතාණෝ ..මහා ඇදුරු සර්ත්චන්ද්‍රයෝ ....











එදිරිවීර සරච්චන්ද්ර 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය. ඔහුගේ මූලික අධ්යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තොමස් විද්යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්යාලවලින් සම්පූර්ණ කළේය. ඔහු කොළඹ විශ්ව විද්යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.ඔහුවැල්ලවත්තේ ශාන්ත පීතර විද්යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු ලේක් හවුස් ප්රකාශන ආයතනයේ පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු අයිලීන් බෙලන් සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්ව විද්යාලයේ බාහිර ශිෂ්යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ ශාස්ත්රපති උපාධිය හැදෑරුවේය. ඔහු නැවත කොළඹ විශ්ව විද්යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්යාලයට ප්රවේශය ලබා ගත්තේය
ශ්රී ලාංකික නාට්ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්රී ලංකාවේ ප්රමුඛ නාට්ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්රංශයේ ශ්රී ලංකා තානාපතිවරයා ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්රථම නාට්යය මනමේ නාටකයයි. මෙය නාඩගම් හෝ ජන නාට්ය සම්ප්රදායේ සිට නවීන වේදිකා නාට්ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්රථම සැබෑ සිංහල නාට්ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්ය, බෞද්ධ ජාතක කතා හෝ සිංහල ජනශ්රැත මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්රියත්වයක් ලබා දුනි.
සරච්චන්ද්ර 1956 වර්ෂයේ දී සිය ප්රථම නාට්යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්රදායික නාඩගම් නාට්ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහු නාට්ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහබාහු (1961) නාට්ය ඔහුගේ හොදම නිර්මාණය ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය.
1982 වර්ෂයේ දී යාපනය විශ්ව විද්යාලය හා පේරාදෙණිය විශ්ව විද්යාලය සරච්චන්ද්රට සාහිත්යය පිළිබඳ ආචාර්ය උපාධිය ප්රදානය කරන ලදී. එසේම එම වර්ෂයේදී පේරාදෙනිය සරසවිය විසින් ඔහුට ගෞරව සහිතව විශ්රාමලත් මහාචාර්යයවරයෙකුගේ තත්වය ලබා දෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී දකුණු ඉන්දීය කේරළ රාජ්යය විසින් ඔහුට කුමාරන් ආසියානු ලෝක ත්යාගය ප්රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්යය සඳහා රාමන් මැග්සේසේ ත්යාගය දිනා ගත්තේය.
මහාචාර්ය සරත්චන්ද්රයන් ගේ නාට් වන්නේ මනමේ..සිංහබාහු..එලොව ගිහින් මෙලොව
ආවා ...රත්තරන්...පබාවතී..ලෝමහංස..බවකඩතුරාව...වෙස්සන්තර...ඒකට මට හිනා හිනා....වෙල්ලවැහුම්...හස්තිකාන්ත මන්ත්රය...පේමතෝ ජායතී සෝකෝ...බහින කලාව...වඳින්න ගිය දේවාලේ...ආදී නිර්මාණයන්ය.
එතුමා ගේ නවකතා වන්නේ මළගිය ඇත්තෝ (1959)වල්මත් වී හසරක් නුදුටිමි(1962)
මළවුන්ගේ අවුරුදු දා (1965)ලොකු පුතා නොහොත් බන්දුලගේ පුරාවෘත්තය හෙට එච්චර කලුවර නෑ (1975) විලාසිනීයකගේ ප්රේමය (1988) ඇඳිරිනීතිය සහ පුරහඳ (1978) පාත්තරය සමඟ (1986) දොළ මත පෙණ කැටි (1987) යන නිර්මානයන් වේ කෙටිකතා වන්නේ කාලයාගේ ඇවෑමෙන් (1969) මායං රූපය (1974) රූප සුන්දරී (1984) මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993) රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970) ආදියයි
ගවේශන කෘති සහ වෙනත් පර්යේෂණාත්මක නිබන්දනයන් සාහිත්ය විද්යාව (1949) සිංහල නවකතා ඉතිහාසය හා විචාරය (1951) කල්පනා ලෝකය (1958) නාට්ය ගවේෂණ (1967) සිංහල ගැමි නාටකය (1968) වෙස් මුහුණ ද සැබෑ මුහුණ ද? (1971) නූතන සිංහල ප්රබන්ධ (1943)
සිංහල නවකතාව (1950) ශ්රී ලංකාවේ ගැමි නාට්ය (1952) සංජානනය පිළිබඳ බෞද්ධ මනෝ විද්යාව (1958)වෙනත් අපේ විත්ති (1942) අසම්පූර්ණ චාරිකා සටහන් (1967) ධර්මිෂ්ඨ සමාජය (1982) පින් ඇති සරසවි වරමක් දෙන්නේ (1985) ආදිය වේ
මහාචාර්ය තුමා ගේ දරුවන් වන්නේ නන්දිතා සරච්චන්ද්ර, සුනේත්ර සරච්චන්ද්ර, කිසාගෝතමී සරච්චන්ද්ර, යශෝධරා සරච්චන්ද්ර, රන්සි සරච්චන්ද්ර යන ය වේ සුවිශේසී සේවාවක් සිංහල සාහිත්යට කලාවට නාට්යා රන්ගකලාවට කල් එතුමාණන් ගේ අභාවය එතුමාට වසර 82 කාලයේ දී 1996 අගෝස්තු මස 16 වනදා කොලබදී සිදුවිය. එතුමා මියගියත් එතුමා ගේ නිර්මාණයන් සදාකාලික බවක් උසුලනු ඇත .... එතුමාට නිවන්සුව ප්රාර්ථනා කරමු.....

අද්දර ආරච්චිගේ ගුනේන්ද්‍ර කමල් .....



1962 පෙබරවාරි 5 වන දින අද්දර ආරච්චිගේ ගුනේන්ද්‍ර කමල් උපත ලබන්නේ කොලඹදීය. ඔහුගේ දෙමාපියන් මැණික් ව්‍යාපාරිකයන් විය. කොළඹ වෙස්ලි විද්‍යාලයේ සම්පුර්ණ අධ්‍යාපනය නිම කළේය. පාසල් සමයේ කලාව ගැන දැඩි උනන්දුවක් හා කැපවීමක් ඔහු තුල විය. කැන්ඩියන් නැටුම් ප්‍රගුණ කළේය. සාහිත්‍ය .. විවාද.. ක්‍රීඩා ආදී සැම අංශයකදීම ඉදිරියෙන් සිටියේය. ඔහු පාසලේ ‘සිංහල සාහිත්‍ය සංගමයේ’ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.1981 දී පාසලේ ශිෂ්‍යයෙක්ව සිටියදී ගාමිණි ෆොන්සේකා මහතා ගේ සාගරයක් මැද චිත්‍රපටයේ නළුවෙකු ලෙස ප්‍රථම රංගනයට පිවිසියේය. එහි අකීකරු විප්ලවවාදියා විය. ඉන් පසුව පාරමිතා, පාරාදීසේ, its a matter of time වැනි චිත්‍රපටය වල ඔහු සැහැල්ලු පෙම්වතා ගේ චරිතය කළේය . පුජා.. සදරේකා.. සුජාතා.. චිත්‍රපටවල සෙල්ලක්කාර මෙන්ම දුෂ්ඨ චරිත රංගනයක් කළේය. ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයේ මතට ඇබ්බැහිවූ තරුණයකු ලෙස ප්‍රධාන චරිතයක් රංගනය කළේය. කමල් සප්ත කන්‍යා හි අනිල් ලෙස ද එකදා වැහි හි චාලි ලෙසද බිතු සිතුවම්හි මහින්ද ලෙසද ජුල්යට් ගේ භූමිකාවේ දේවින්ද ලෙසද කිණිහිරිය මල් සහ සලෙළු වරමේ විශ්ව විද්‍යාලය සිසුවා ලෙසද අග්නි දාහයේ සොබනා ලෙස ද ප්‍රධාන රංගනයන් කරමින් ජනප්‍රිය නළුවකු ලෙස ස්ථාවරයක් ලබා ගත් අතර අනෙක් පසින් දක්ෂ නළුවෙක් ලෙස විචාරක ඇගයුමට ලක්විය. කමල් තමන් රගපාන චිත්‍රපට තමන් විසින්ම තෝරා බේරා ගෙන රංගනයේ යෙදුණි. සප්ත කන්‍යා චිත්‍රපටයට ඔහු පසුබිම් ගායනයක් ඉදිරිපත් කළේය. ඒ දමයන්ති ජයසුරිය සමග ගැයූ උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයයි. පුදුමයකි ඒ ගීතයම ජනාධිපති සම්මානයට පාත්‍ර විය. එක රැයින් ජනප්‍රිය ගායකයකු වූවානම් ඒ කමල් වේ. ගුඩ් බායි ටෝකියෝ චිත්‍රපටයටද ඔහු පසුබිම් ගීතයක් ගයනා කළේය. සරසවිය සුමති ජනාධිපති සම්මානයෙන් පුද ලබන්නට හේ වාසනාවන්ත විය. ඒ හොදම නළුවා, හොදම සහාය නළුවා, ජනප්‍රිය නළුවා සහ පසුබිම් ගායක යන සම්මානයන්‍ය. කමල් පුංචි තිරේද මුල් පෙලේම නළුවෙකි. පින්මද පුතුන්, රන් කහවනු, පලායාම, නිල මහනෙල්, හිරුට මුවාවෙන්, බිදෙන බැදුම, වෙද හාමිනේ, දඩුබස්නාමාණය වෙස්මුහුණු, ප්‍රේම පාරමී, සමුද්‍ර ජායා ආදී ටෙලි නාට්‍ය සුවිශේෂීවේ. ටෙලි නාට්‍ය සදහා ද කමල් ගීත ගැයුවේය. සිහින දනව්ව, ප්‍රේම පාරමී, සමුද්‍ර ජායා ඒ ටෙලි නාට්‍ය වේ. කමල් ආචාර්ය සාලමන් පොන්සේකා මහතා යටතේ ද රංගනය හදාරා තිබේ. දඩුබස්නාමාණයේ රනා අමතක නොවන රංගනයකි. 1995 සුමති ටෙලි සම්මාන දෙකක් දඩුබස්නාමාණය වෙනුවෙන් ලබා ඇත. 1981 සාගරයක් මැද චිත්‍රපටයෙන් පටන්ගත් සිනමා ආගමනය 2019 ගින්නෙන් උපන් සීතල දක්වා චිත්‍රපට 40 ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය දී තිබේ. ටෙලි සිනමා 20 පමණ සහ වේදිකාවේ ද නාට්‍ය 06 පමණ ඔහු ගේ රංගන වපසරියට අයත්වේ. සිරස සහ හිරු රියලිටි සංදර්ශන වලදී සත්කාරකයා( presanter ) ලෙස ද කටයුතු කළේය. 2005 පසුව ටෙලි සිත්තම් වල රංගනය අඩුවක් විය. ගිනෙන් උපන් සීතල චිත්‍රපටයේ දවිප්ලවවාදියෙක් වූ රෝහණ විජේවීර ගේ ප්‍රති නිර්මාණයද ඔහුගේ රංගන දිවියේ ප්‍රතිභාව මනාව ඉස්මතුවන චරිතයකි. අනුරානි අද්දර ආරච්චි කමල් ගේ ආදරණීය භාර්යාව වේ. කමල් ට පුත්‍ර රත්නය 2 වේ. කමල් ගේ ගීත අතර උන්මාද වූ ප්‍රේමාදරේ සහ තුන් සිත දැහැන් ගතවෙලා ගීයත් හරිම ආස්වාදජනක් ගී වේ. තරුණ පරපුරේ ඇගයුම් ලද රංග ශිල්පියෙක් ලෙස ගායකයෙක් ලෙස කමල් අගය කල යුතුවේ. එතුමාට යහපත ජය අත්වේවා ....ආනන්දනීය සිංහල සිනමා රසවතුන් ගේ පැතුමයි ...මේ ලිපිය සැකසීමේ දී ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය පොතින් තොරතුරු ලබාගතීමි. එතුමාට අපේ ප්‍රණාමය .....!!!!!

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා

වන්නි ආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙවත් මාලිනී ෆොන්සේකා1947 අප්‍රේල් 30 දින උපත ලබා ඇත්තේ කැලණියේය. රජයේ මුද්‍රණාලයේ සේවය කළ ගිල්බට් ෆොන්සේකා මෙතුමිය ගේ පියාණන් වූ අතර කැලණියේ පෑලියගොඩ සීලවතී ෆොන්සේකා ඇගේ මෑණියන් වුවාය. සහෝදර සහෝදරියන් එකොළොස් දෙනකු වූ පවුලේ පිරිමි සහෝදරයන් ගෙන් පසු තුන්වැන්නිය මාලනී විය. ෆොන්සේකා මහතා සහ මහත්මිය අලුත උපන් බිළිදිය ගේ කේන්දරය ජෝතිෂ්‍යවේදියෙක් ළගට ගෙන ගිය විට එය පරීක්ෂා කර බලා ඔහු අනාවැකි පළ කළේ රටේ රැජිනක් වීමට වාසනාව මේ දරුවා සතු බවයි. මාලනි ඉපදුණු පසු ඇගේ පවුල නුගේගොඩ ජම්බුගස්මුල්ල වෙත පදිංචියට ගියෝය. ඇය සිය මුලික අධාපනය 5 වන ශ්‍රේණිය දක්වා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනීම කළාය. පවුලේ අය වෙදමුලේ, කැලණිය වෙත පදිංචියට ගිය පසු, අධාපනය අවසන් වන තෙක්ම ඇය කැලණිය ගුරුකුල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලදී ලදී. ඒ විදුහලේ ඉගෙනුම ලබන අවදියේදී තිලකරත්න ගුරු මහත්මිය ගේ මග පෙන්වීමෙන් පාසලේ ඉංග්‍රීසි නාට්‍යයක මුල්වරට රගපැවාය. එම විදුහලේ නර්තනය ඉගැන්වූ එස් මලල් ගුරුතුමා ද ඇගේ රංගන පිවිසුමට පදනම දැමුවෝ වෙති. විද්‍යාලංකාර නාට්‍ය සංගමය වෙනුවෙන් එච්. පී. වීරසිරි මහතා නිර්මාණය කල. නොරත රත.. නාට්‍යයේ රගපාමින් මාලනිය ප්‍රසිද්ධ වේදිකාවට ආගමනය වුවාය. 1963 - 1969 කාල පරාශය තුල මාලනිය වේදිකාවේ විවිධ භූමිකාවන් රංගනය කලාය. ඒවා අතර... අමල් බිසෝ ...ඉව බව නැති ලොව..ගුත්තිල ..එරබදුමල් පොට්ටු පිපිලා ...හිරු අවරට ගියාදෝ ...අකල් වැස්ස ...සයුරෙන් ආ ළද ...නුවන පොදිය ..බක තපස් ..නිදි කුම්බා ...ලිය තඹරා ..විශේෂයෙන් හදුන්වා දිය හැක. වේදිකාවේ හොදම නිළිය ලෙස අකල් වැස්ස නාට්‍යය ලංකා කළා මණ්ඩලයේ සම්මානයට පාත්‍ර විය. ඒ රංග ප්‍රතිභාව දුටු චිත්‍රපට අධ්‍යක්ෂක තිස්ස ලියනසුරිය මහතා සහ මහා නළු ජෝ අබේවික්‍රමයන් තිස්ස ගේ.. පුංචි බබා..චිත්‍රපටයේ මාලි ගේ චරිතයට තෝරා ගත්තේය. සිනමා දිවිය දශක ගණනාවක් පුරා ඇරඹුණේ 1968 දී තිස්ස ලියානසුරියගේ... පුංචි බබා... සමඟිනි. ඒ රග පැමටද හොදම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුවාය 1968 අබුද්දස කාලේ ..ආදරවන්තයෝ ද දහසක් සිතුවිලි ..1969 කවුද හරි ..ප්‍රවේසම් වෙන්න ..පාරා වළලු ..1970 දැන් මතකද ..අක්කර පහ.. 1971 දේ අභිරහස හතර දෙනාම සුරයෝ සමනල කුමරියෝ..මාහේනේ රීරි යකා .මුල්ම යුගයේ චිත්‍රපට වේ. ඉන් අනතුරුව 2016 සරිගම චිත්‍රපටය දක්වා චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය දී තිබේ. මාලනිය ඉතාම කෙටි කලක් තුලදී ලංකාවේ අංක 1 සිනමා තාරකාව ලෙස කිරුළු පැළදුවාය. රුක්මණී දේවියගෙන් පසුව සිනමාවේ හිනි පෙත්තටම නැගී ඇය ලංකාවේ නිළි රැජින වුවේ උපතේ දී ප්‍රකාශවූ අනාවැකිය විය හැක. ප්‍රේක්ෂක විචාරක දෙපිරිසේම සම්භාවනාවට පාත්‍රවූ දේශීය නිළිය මාලනියම විය. එය අවිවාදිතයි. ජනප්‍රිය අනුකරණ රංගනය ජනප්‍රිය සිනමා රුපි රංගනය සේම කලාත්මක චිත්‍රපට යන තුන් ප්‍රයාමය තුලම කැපී පෙනෙන දක්ෂතාවන් ඇය සතුවූවාය. පුරා දශක පහක් ද ඉක්මවා රංග ප්‍රාතිහාර්යක් මවා පෑ ඈ නිලි රැජිනම වේ. ජනප්‍රිය සිනමාව තුල දැන් මතකද, හතර දෙනාම සුරයෝ, එදත් සුරය අදත් සුරයා, වාසනා, ආවසොයා ආදරේ, අපේක්ෂා වැනි චිත්‍රපටද
මේ දෑස කුමටද, සුහද පැතුම, සංගීතා, නැවත හමුවෙමු වැනි අනුකරන වාදී චිත්‍ර පට ද සිනමා රුපි කලාත්මක ගනයේ නිධානය, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සිරිපාල හා රන්මැණිකා, සොල්දාදු උන්නැහේ, ස්ත්‍රී, බැද්දේගම, සැලී ..ආදී චිත්‍රපට සුවිශේෂී වේ. සසර චේතනා ක්‍රියාදාම චිත්‍රපටය ස්ත්‍රී, සදමඩල, අහිංසා මාලනියගේ අධ්‍යක්ෂණයෙන් රිදී තිරයට පැමිණියේය.
එම චිත්‍රපට දෙකක් ඈ නිෂ්පාදනය කලාය. රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් පුංචි තිරය ද ය අතික්‍රමණය කලාය. පිටගම් කාරයෝ, මැන ලද පුතේ කිරි දුන්නේ, පින් මද පුතුන්, මහා මේර පාමුල, මග ගිරි දඹ ආදී ටෙලි නළු වලටද රංගන දායක විය. ජාත්‍යන්තර සම්මානයට ද ඇය පාත්‍ර වූ ලාංකික ප්‍රථම නිළිය ඇයමවේ. එයා දැන් ලොකු ළමයෙක්...මොස්කව් උළෙලේදී සිරිපාල රන් මැණිකා නවදිල්ලි උළෙලේ දී සම්මානිත විය. ගාමිණී විජය සමග සිනමාවේ අමරණීය යුගයක් ගොඩනැගු නිලියද මෙතුමිය වේ. එසේම ශ්‍රී ලාංකික නළු පරපුරේ වැඩි දෙනකු හා රංගනය කර තිබේ. ගාමිණි, විජය, ජෝ, තිස්ස, ටෝනි, රවීන්ද්‍ර, කලංසූරිය, කරු දිසානායක, ආනන්ද ජයරත්න, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, වොලී නානායක්කාර, රෝයි ද සිල්වා, විජේරත්න වරකාගොඩ මේ අතර විශේෂයි. එසේම ඊළග පරපුරේ සනත්, ජීවන්, ශෂී හා ලකීගේ පෙම්වතිය ලෙසින්ද රගපා ඇත. සරසවිය.. දීපසිකා .. ඕ සී අයි සී.. ජනාධිපති.. ටොප් ටෙන්.. රණ තිසර.. ස්වර්ණ ශංක.. සොන්ටා.. උන්ඩා..සුමති ටෙලි.. යු ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ.. කලාශුරි..ආදී වැඩිම සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේද මාලනියම වේ. 2010 ඇයව සීඑන්එන් විසින් ආසියාවේ විශිෂ්ඨ සිනමා නළු නිළියන් 25 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කරන ලදී. දකුණු ඉන්දියාවේ මහා නළු සිවාජි ගනේෂන් සමග පයිලට් ප්‍රේමනාත් චිත්‍ර පටයේ ප්‍රධාන නිළිය ද ලෙස මාලනිය රග පැවාය. මෙතුමියගේ ප්‍රශස්ත කළා දිවියට උපහාර ලෙස 2003 වසරේ 56 වන ජන්ම දිනයට කැලණියේ මාලනී පොන්සේකා මාවතක් නම් කරන ලදී. 1996 දී ජනාධිපතිවරයා විසින් සිනමා කර්මාන්තයට කළ සේවය අගය කිරීමක් ලෙස විශ්ව ප්‍රසාධිනි සම්මානය මෙතුමියට පිරිනමන් ලදී. ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 2008 ජනවාරි මාසයේදී මාලිනීට ගෞරව දැක්වීම සඳහා ලොස් ඇන්ජලීස් හි විශාල පිරිසක් එක්රැස් වූහ. ඇයට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ජාලිය වික්‍රමසූරිය සහ වික්‍රමසූරිය මහත්මිය විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. ලොස් ඇන්ජලීස් කොන්සියුලර් ජනරාල් ජාලිය වික්‍රමසූරිය විසින් ඇගයීමේ සමරු ඵලකයක් ලබා දීම සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. සාමාන්‍ය සුළු චරිතයෙන් පෙම්වතිය චරිතයෙන් ද එසේම මව් චරිත දක්වාම විවිධ චරිත එතුමිය රංගනය කලාය. ඕනෑම චරිතයක රංගනයට නිසග ප්‍රතිභාවක් ඇය සතුවිය. රිදී තිරයේ ඉතිහාසයේ දිගු ගමනක් ගාමිණි ෆොන්සේකා සමඟ විජය කුමාරතුංග සමග එක්ව ගිය මාලිනීගේ වෘත්තීය ජීවිතය එයින් වැඩිදියුණු විය. වසර 12 ක් ය ජනප්‍රිය සිනමා තාරකාව වුවාය. 2004 දී ගාමිනිගේ අවමංගල්‍ය උත්සවයේදී මාලිනී ප්‍රකාශ කළේ, “ඔහුගේ රංගනය සිනමා මණ්ඩලය පුරා ආකර්ෂණය වූ අතර ගාමිණී සමඟ ඇසුරු කිරීමේ වාසනාව මට තිබුණි. එම යුගයේ සිනමාව සෙමෙන් මැකී යමින් පවතින අතර ගාමිනිගේ අභාවය එම දිශාවට තවත් පියවරකි” යනුවෙනි. එසේම විජයගේ මරණයද ඇයට ඉතාම ශෝකයක් ගෙනදුන්නේය. මාලනී ගේ සහෝදර සහෝදරියන් අතර සිනමා නිළියන් වන දමයන්ති ෆොන්සේකා, ශ්‍රියානි ෆොන්සේකා, රසදාරි ෆොන්සේකා සහ ආනන්ද ෆොන්සේකා ද වේ. තවත් නිළියක වන සමනලී ෆොන්සේකා, සහෝදර ආනන්ද පොන්සේකා ගේ දියණිය වේ.
සිනමා නළු කරුණාරත්න හගවත්ත රසාදරී පොන්සේකා ගේ ස්වාමියාවේ. ඇගේ වැඩිමහල් සහෝදරයා වන දයානන්ද ෆොන්සේකා 2012 දී මිය ගියේය. ශ්‍රී ලංකික දේශපාලන කරලියේද සුවිශේෂී තත්වයක් ඇය වෙත ලබාදී තිබිණි. 2010 අප්‍රේල් මාසයේදී ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී වරියක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් කරන ලදී. සිනමා අම්බරයේ කුඩා තරුවක් වූ ඇය අවසානයේ සිනමා අම්බරයේ සදවතිය වුවාය. අදත් පායා දිලෙන ඇය හා සමකල හැකි තවත් අයෙක් සිංහල සිනමාවේ පහළ වේදැයි සක සහිතවේ. නිළි රැජිනියෙනි... ආනන්දනීය සිංහල සිනමා සහෘදයන් ගේ එකායන පැතුම ඔබතුමිය නිදුකින් නිරෝගිව යෙහෙන් වැජබේවා යන්නයි.. චිරන් ජයතු ..!!! (.මේ ලිපිය සකස් කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංසය තුලින් ද තොරතුරු ලබාගත් බව ස්තුති පුර්වකව ගෞරවයෙන් ප්‍රකාශ කරමි .....)

අනුලා කරුණාතිලක

1946 ජනවාරි 22 ජන්ම ලාභයවූ අනුලා කරුණාතිලක ගේ පවුලේ හතර දෙනකු වේ වැඩිමල් අක්කා දෙවනියා ඇය වූ අතර බාල සොයුරියන් දෙදෙනකු විය . වැල්ලවත්ත බාලිකාවෙන් මුලික අධ්‍යාපනය ලැබුවේය.සිය සොහොයුරිය ගේ බලවත් ඉල්ලීම මත 1962 වසරේ "දවස" පුවත් පත සංවිධානය කල රුප සුන්දරී තරගයට අනුලා ඉදිරිපත් විය. පළමුව ඉදිරිපත් කල ජායාරුපය ප්‍රත්ක්ෂේප විය. එවකට දවස පුවත්පතේම ජායාරුප ශිල්පී වූ දයා රණවීර මහතා මගින් ඔහුම ලබාගත් ජායාරුපයක් ඉදිරිපත් කළේය .මේ ජායාරුප දවස පුවත් පතේ ද පලවිය. තරග කරුවන් රාශියක් අබිබවා අනුලා ජය ගත්තේය.මේ අතරතුර විශේෂ සිද්දියක් ද විය .දවස රුපසුන්දරී තරගය අවසානයේ නැරබීමට පැමිණ සිටි  සුප්‍රකට සිනමා ශිල්පීන් වන සුමිත්‍රා පීරිස් මහත්මිය සහ තිස්ස අබේසේකරයන් අනුලා ගැන  පරීක්ෂාවෙන් සිට   සුගතපාල ද සිල්වා සහ ජී ඩබ්ලිව් සුරේන්ද්‍රයන් මගින් අනුලාට පණිවිඩයක් යැවීය .ඒ ඉදිරියේ නිෂ්පාදනය වන ගම්පෙරළියේ රංගනය උදෙසාය.අවසාන ප්‍රතිපලය ලෙස ගම්පෙරළියේ ලයිසා චරිතය තුලින් 16 වන නාඹර වියේ අනුලා ගේ ප්‍රථම සිනමා ආගමනය  විය ඒ 1963 වසරයි .අනුලා ගේ රුපවාහිනි වැඩ සටහනකදී අනුලා මෙසේ ප්‍රකාශ කළේය ගම්පෙරළියේ ගාමිණී සමග දෙබස් කියවීමට අවස්තාවක් විය. ගාමිණි අනුලා ගෙන් ඔබ කැමතිම නළුවා කවුද ඇසීය. එකපාරටම අනුලා කියා ඇත්තේ ඔයානම් නෙමේ යන වචනයයි. ඒ තරම් ගාමිණීට බියක් වූ බව ඇය පවසයි. නමුත් පසුකාලීනව ගාමිණී තරම් විසිස්ටයෙක් ගුරුවරයෙක් සිංහල සිනමාවේ නොවූ බවද අනුලාම පවසා සිටී .1963 අපේ කට්ටියේ නාට්‍යය ක්වූ  ධර්මසිරි වික්රමරත්න්යන් ගේ" රන්තෝඩු ""නාට්‍ය යේ දේවිකා ගේ චරිතය රගපා රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නිළිය වුයේ අනුලාය.ගම්පෙරලියෙන් පසුව රගපෑමට අවස්ථා එලබුනත් පියාගේ හා අනුලා ගේ කැමැත්ත මත මගහැරීම් ද විය 1965 ටයිටස් තොටවත්තයන් ගේ චන්ඩියා හි සුමනා ගේ චරිතයට අනුලා තෝරා ගත්තේය .65 වසර තුල සොදුරු යුවල චිත්‍රපටය ද  1966 පරසතු මල්  හා සීතල වතුර අනුලා ගේ රංගනයෙන් ඔපවත් විය 1967 වසරේ දරු දුක රන්සළු වසන්ති සැඩොල් කදුළු චිත්‍රපට අනුලා ගේ රංගනයේ තවත් අවස්ථා වේ .1968 වසරේ පුංචි බබා සහ ගොළු හදවත චිත්‍රපට රංගනය විය රාගයෙන් තොර පිරිසිදු ආදර කතාව දම්මි සුගත් ආදර අන්දරය සිංහල සිනමාවේ අදත් සුවිශේසී චිත්‍ර පටයකි .අනුලා ගේ අදහස් ප්‍රකාශ කිරීම අනුව ගොළු හදවත කියවූ ඇයට දම්මි ගැන වයිරයක් ඇතිවූ බව පවසයි එසේම දයිවය විසින් ඒ චරිතයම රංගනයට ලැබීමත් තවත් විශ්සයකි .අනිලගේ සමකාලීන වයස් සීමාවී සිටින අය පවා අදත් දම්මි කියා අමතන්නේ ඒ චරිතයට වූ බැදීම නිසාවෙනි .1969 වසර වනවිට රිදී තිරයේ බැබලෙනම තාරකාවක් බවට අනුලා පත්විය .සම්ප්‍රදායික පෙම්වතිය ගේ චරිතය ඇගේ රංගනයෙන් බැහැර විය .තමන්ට ආවේනික අව්‍යාජ අහිංසක නිලි චරිතයක් ඇය සැමවිටම තෝරා ගත්තේය .1969 වසරේ බක්මහ දීගේ නාරිලතා පාරා වළලු ඔබ නැත්ජ්නම් මොකද වුනේ මී මැස්සෝ චිත්‍රපට ද සුවිශේසී රංගනයන් වේ ගම්පෙරළියේ සිට රශ් චිත්‍රපටය දක්වා චිත්‍රපට 30 කට ආසන්න ප්‍රමානයක් ඇගේ රංගන යෙන් ඔපවත් විය එකකට එකක් වෙනස් චරිත වේ .ගම්පෙරළියේ ලැයිසා චන්ඩියා හි සුමනා පරසතු මල් නෝනා දරුදුකේ සුමනා රන් සළු හි සරා නාරිලතා හි වීරසුරිය මහත්මිය මොකද වුනේ ලුසී බක්මහ දීගේ පබුලිනා රංගනයේ අග්‍ර පල වේ .අඹ යාළුවො ගග අද්දර හිරුසද මායිම ලාබයි ඇපල් මහතලා හටන රෝස කටු හයවෙනි පටුමග සේපාලිකා සිත් බිදී රැක තාරුකා පුංචි තිරේ අගේ දස්කම්ය. කාරයෝ රන්තෝඩු වේදිකා වේ දස්කම්වේ .1965 ජනප්‍රිය නිළිය 1969 හොදම නිළිය ගොළු හදවත 2011 යු ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානය ඇගේ රංගන දිවියේ අග්‍ර පලයන් වේ .ප්‍රවීණ ජායාරුප ශිල්පී මාද්‍ය වේදී දයා රණවීර මෙතුමිය ගේ සහකරුවානන්ය මේ දෙපලට පුතුන් දෙදෙනකි. දැන් අනුලාවෝ දරු මුණුපුරන් ලත් දෙමාපිය සුව විදිමින් සිටී .දැන් කාලය වුවත් මව් චරිත මිත්තනි චරිත රංගනයට කැමැත්ත වේ නිදුකින් නිරෝගිව  දිගාසිරි ලබන්නට වෙතුමියට වාසනාවෙවා .ආනන්දනීය සිංහල සිනමාවේ  ප්‍රණාමය ගෞරවය පිරිනමමු .

Wednesday, February 12, 2020

සන්ද්‍යා කුමාරි

1945 01 06 කොළඹ කොටහේනේ උපත ලැබූ ජයසුරිය ආරච්චි ගේ මේරි ඉවෝන් පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොටහේනේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. සිරිසේන විමලවීරයන් ගේ හමුවීම තුලින් කළා ලොවට අවතීර්ණ වීමක් සිදුව තිබේ. ප්‍රථම වරට වීමලවීරයන් මුණගැසී ඇත්තේ සොදුරු සන්ද්‍යා වකදීය. සන්ද්‍යාවේ හමුවූ කුමාරිය ඉවෝන් පෙරේරා සන්ද්‍යා කුමාරි නමින් හදුන්වාදීමේ ගෞරවය විමලවීරයන්ට අත්වේ. විමලවීරයන් ගේ රොඩී කෙල්ල වේදිකා නාට්‍ය ඇගේ කලාවට ප්‍රවිෂ්ඨ වීමේ දොරටුව විය. විමලවීරයන් රොඩී කෙල්ල සිනමාවට ගෙන ඒමට ප්‍රබල උත්සහයක් ගත්තද එය අසාර්ථක වී තිබේ. පාසල් ජිවිතයේ සිටම රංගනයට ඇලුම් කරමින් සිටි සන්ද්‍යා සිනමා නිලියක් වන්නේ බී. නන්දිසේන කුරේ නිපදවූ සැපත සොයා චිත්‍රපටයෙනි. මුල්ම රංගනය එය වුවත් සංධ්‍යා රගපෑ සිනමාස් සමාගමේ " අදට වැඩිය හෙට හොදයි " කලින් තිරගත විය. ඉන් ආරම්භවූ සිනමා ජීවිතය සාර්ථකව ඉදිරියට ගලා ගියාය. එම් මස්තාන් අධ්‍යක්ෂණය කල ධීවරයෝ තුලින් ඇය සුපිරි නිළියක් බවට පත්වූවාය. ධීවර ගම්මානයක කලහකාරීව හැසිරෙන පිරිමි නොරිස්සන රොසලින් චරිතය සංධ්‍යා ගේ මෙන්ම සිනමාවේ ද අමරණීය නිළි භූමිකාවක් විය. ඒ චිත්‍රපටයේ ඔරුවක නැගී "මාලිගාවේ මා රැජිනි මුහුද යහනවේ" ගීතය 60 දශකයේ සිනමාව අගය කල සැමගේම මතකයේ අදටත් ජනප්‍රියව පවතින ගීයක් වේ. 60 දශකයේ සිනමා නිලි ත්‍රිත්වයක් විය. ඒ ජීවරාණි, විජිත මල්ලිකා, සහ අපේ කතා නායිකාව සංධ්‍යා වේ. ඕනෑම කැමරා කෝණයකට හුරු බුහුටි රංගන විලාශයක් මවා පැමේ ඇති දක්ෂතාවක් සංධ්‍යා සතුවිය. එසේම අන්‍යයන් ගේ සිත් බදීනා රූ සපුවද ප්‍රේක්ෂක හදමන බැද ගෙන සිනමාවේ මුදුන් පෙත්තට යාමට අවකාශයක් වුවාය. මේ වකවානුවේ ගාමිණි සංධ්‍යා සුසංයෝගය ප්‍රේක්ෂක මනදොල සපුරාලීය. අදට වැඩිය හෙට හොදයි .. ධීවරයෝ.. යටගිය දවස.. සුර චෞරයා.. ශත පනහ ..සැනසුම කොතනද ..ඔබදුටු දා ..ඉපදුනේ ඇයි .. සුරයන්ගෙත් සුරයා ..ඔක්කොම හරි... ආදී චිත්‍රපට සංධ්‍යා ගාමිණී සුසංයෝගයේ සදානුස්මරණීය චිත්‍රපට වේ. ශ්‍රී ලාංකික නළු පරපුරේ සෑම සියළුම නළුවන් සමග රංගන ප්‍රතිභාවන් දැක්වීමට සංධ්‍යා වාසානාවන්ත වී තිබේ. ජෝ අබේවික්‍රම, ආනන්ද ජයරත්න, ප්‍රේම් ජයන්ත, ස්ටැන්ලි පෙරේරා, එච් ඩී කුලතුංග, ඩී ආර් නානායක්කාර, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, හියුගෝ ප්‍රනාන්දු, ඩොමී ජයවර්ධන, ටෝනි රණසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, ඇලෙක්ස්සැන්ඩර් ප්‍රනාන්දු, ඇන්තනී සී පෙරේරා, වොලී නානායක්කාර, රොබින් ප්‍රනාන්දු, රෝයි ද සිල්වා, ජෝතිපාල මෙන්ම වර්තමාන නළුවන් රැසක් සමග ද අලිබබා සහ හොරු හතලිහ, හිතේ දුකක් නැති මිනිසා, චිත්‍රපට වලදී දායක වී තිබේ. එසේම නිලියන් අතර විජිත මල්ලිකා, ජීවරාණි, ශාන්ති ලේඛා, ජානකි, උදුලා, සුමනා අමරසිංහ, ක්ලැරිස්, මාලනී, අනෝජා ආදීන්ද නවක නිලියන් හා එක්ව ද රංගනය වී තිබේ. ප්‍රමාණිකව බලනවිට 1963 අදට වැඩිය හෙට හොදයි සිට 1991 අලිබබා සහ හොරු හතලිහ දක්වා චිත්‍රපට 43 පමණ වේ. 60 දශකයේ අති ඉහල ආදායම් වාර්තා තැබූ (box office ) ච්ත්‍රපට වන සිතක මහිම... සුජා ගේ රහස... අල්ලපු ගෙදර.. සත පනහ.. සැනසුම කොතනද.. ඔක්කොම හරි.. අක්ක නගෝ.. සුර චෞරයා.. සුරයන්ගෙත් සුරයා.. ආදිය අගේ රංගනයෙන් හැඩවූ ඇති සාර්ථක චිත්‍රපට ලෙස හැදින්විය හැක. ඇය බොහෝවිට නාගරික නවීන පන්නයේ දගකාර චරිත මෙන්ම අනෙක විද සමාජ අතවරයන්ට ගොදුරු වූ චරිත ද රග පා ඇත. පසුකාලීනව මව් චරිතද සකුන්තලා.. අනුපමා.. චිත්‍රපට වලදී දැක ගත හැකිවිය පටාචාරා චිත්‍රපටයේ අඩ නිරුවත් දුරස්ථ රුප රාමු ඒ කාලයේ වඩාත් කතාබහට ලක්විය. ජනප්‍රිය හා කුසලතා සම්මානයන්ට ද සරසවිය, ස්වර්ණ සංඛ, ගුවන් විදුලි සම්මානද එතුමිය ලබා ඇත. මෝටර් රථ ඉජිනේරු වරක් වූ උපාලි පෙරේරා මහතා සමග විවාහ වී සිටි අතර හදිසි අනතුරකින් එතුමා මිය ගියේය. දෙවන වර ව්‍යාපාරිකයෙක් වූ ශ්‍යාමල් අතපත්තු සමග විවාහ විය. පසු කාලීනව මදුවිතට පෙම්බදී එතුමිය රෝග පීඩා නිසාම 1994 වසරේ දී දිවියෙන් සමුගන්නට සිදුවුවාය. සංධ්‍යා කුමාරි කී පමණින් පැරණි සිනමා ලෝලීන්ගේ අමන්දානන්දයක් මේ වනතුරුම පවතී. ඇගේ රංග කුසලතාව රුවැති ආකර්ශනීය පෙනුම අදත් අපේ මනසේ සිහින සිතුවමකි ..ආනන්දනීය සිංහල සිනමාවේ උත්තමාචාරය එතුමියට පුදකරමු ..එතුමියට සගමොක් සුව අත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු ...මේ ලිපිය සකස් කිරීමේදී පුවත්පත් කතෘ කලා විචාරක සිනමාවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාරන් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරු කරගත්බව කෘතවේදීව ගෞරවයෙන් සදහන් කරමි ......

Tuesday, February 11, 2020

ජෝතිශය ගැන කියවීමක් ......







ජෝති යනු බැබලීමයි. විද්‍යාව යනු  පරීක්ෂන නිරීක්ෂන මගින් කල තහවුරු කිරීමකි. ජෝතීර් විද්‍යාව යනු බැබලීම ගැන කියවෙන විද්‍යාවයි. බබළන්නේ ග්‍රහ තරු වේ. ග්‍රහ තරු ඇසුරෙන් කියවෙන නිසා මේ නම ප්‍රචලිතව ඇත.  තුන්කල් දත් ඉසිවරයන් මේ ශාස්ත්‍රය අධ්‍යාත්මික නුවනින්  ලොවට පහල කලබව කියවේ. එවැනි ඉසිවරයන් අට ලොසක්  ගැන පතපොත  හි කියවේ. සුර්ය, බ්‍රහ්ම, ව්‍යාස, වශිස්ට, ආත්‍රිය, වරහාමිහිර, කාශ්‍යප , නාරද,  ගර්ග, මරිචි ,මනු , අංගීරස, ලෝමස, පෞලිශ, ව්‍යාවන, යවන, භෞගු ,ශෝනක, මේ අටලොසවේ. .ඔවුන් විසින් මේ සම්බන්ධව සැසදිලියෙන් සිද්ධාන්ත පහක් ලියා තිබේ .පෞලිශ සිද්ධාන්තය සුර්ය සිද්ධාන්තය  රෝමක සිද්ධාන්තය වශිස්ට සිද්ධාන්තය බ්‍රහ්ම සිද්ධාන්තය යනු ඒවාය.දැනට එයින් ප්‍රචලිතව පවතින්නේ සුර්ය සිද්ධාන්තය පමණි .තවද  මේ ඉසිවරුන් ගේ ගත්ද වෙනම පළවේ  .වරහා මිහිර, පරාසරය, නාරද සංහිතාව, වෘහත් ජාතකය, හොරා ශාරය ආදියවේ. එනමුදු මේ ශාස්ත්‍රය ලොවට බිහිවූ නිශ්චිත කාල වකවානුවක නිත්‍ය සදහනක් නොවේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියට පෙරද මේ භාවිතයන් වී තිබේ.මේ අනුව කිසිම ආගමකට ජාතියකට  හෝ වෙන් නොවුවාවූ ශාස්ත්‍රයක් වේ.සැම කෙනෙකුටම ප්‍රයෝජන ගතහැකි ලෙස නිර්මාණය වී තිබේ .  ආගම් දර්ශන ආදියටත් එහා ගිය ඉතිහාසයක් ජෝතිශයට වේ .එනිසා කිසිම ආගමකට දර්ශනයකට ඈදා ගැනීමක් වේනම් එය ආසත්‍යයකි.සිධාර්ථ  කුමරු බිහිවීමට පෙර සිහින තේරීම්, එසේම උපත පිළිබද අනාවැකි එසේම, නම් තැබීම් , ආදී චාරිත්‍රයන් සරණ මංගල්‍යය, කටයුතු පවා ජෝතිෂ්‍ය ඇසුරුකොට සිදුව තිබේ. රාවණා යුගයේද ජෝතිෂ්‍යය වඩාත් පෙරටුව ක්‍රියාත්මකව ඇත  ලංකාවේ පුරාන රාජ්‍ය සමයන්හි විශේෂයෙන් කෝට්ටේ යුගයේ භාෂා ශාස්ත්‍ර ඉතාමත් දියුණු කාල  සීමාවකි ජෝතිශ්‍යද ඉහලින් අගය වූ වකවානුවක්ය.පැවිදි පඩිරුවන් වන තොටගමුවේ ශ්‍රී රාහුල හිමි වීදාගම මයිත්‍රී හිමි මේ ශාස්ත්‍රයේ අග්‍ර පල උදාකර ගත්තෝ වෙති. අනුපමේය දැනුමක් උන්වහන්සේලාට විය .ඒ කාලය ජෝතිශ්යේ වඩාත්ම බැබලීමක් වූ කාල පරිච් ජේදයකි. කුන්කුනාවේ හිමියන් බත්තරමුල්ලේ ශ්‍රී විභුති හිමියන් ද  මලවැන්නේ කවිධජ හිමියන් ද ජෝතිශ්යේ දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික විද්වතුන්ය. ගිහි සමාජය තුලත් බරණ ගණිත ඇදුරුතුමා දස්කම් පෑ ජෝතිර්වෙදියෙකි .ඈපා ලිත් පලකල ඇපා පරපුරද හෙන්ද්‍රික් සිල්වා හෙටිටිගොඩ සුරින් එස්. ඩබ්ලිව් කස්තුරිරත්න සුරින් ද ලංකා ජෝතිශ්යට දායක කාරක වුවෝයකොත්මලේ ගණිතයා නමැති ජෝතිර්වෙදියාද කොත්මලේ ජලාශය ඉදිකර තිබෙන භුමිය පරීක්ෂා කොට බොහෝ ඉහත කල අනාවැකියක් මේ වන විට සපලව ඇත. එතුමා පවසා ඇත්තේ මේ කදු දෙක මතු දිනක මතු කලෙක යාවෙන බවකි.එවන් අනාවැකි කී අප්‍රකට ඇත්තෝ මෙන්ම කතා  බහද බොහෝය.  බොදුනුවන් වැඩි පිරිසක් මේ ශාස්ත්‍රය ඇසුරු කරති.එසේම කිතුනුවන් ඉස්ලාමිකයන් ද නැබුරුවක් පවතී. කෙනකු අභිමුවට නොපමුණුවා ඒ අයගේ රුව පෙනුම ලක්ෂණ ගතිගුණ ක්‍රියා කාරකම් පිලිබදව අතීතය වර්තමානය අනාගතය පිළිබද තොරතුරු ප්‍රකාශ කල  හැකි එකම විද්‍යාව  ජෝතිෂ්‍ය ම වේ. සායන ජෝතිෂ්‍යය නිරයන ජෝතිෂ්‍යය යන ප්‍රධාන අංශ දෙකකින් මෙය ක්‍රියාත්මක වේ වඩාත් ප්‍රචලිත නිරයන ක්‍රමය වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ වඩාත් ප්‍රචලිතව භාවිතාවන්නේ නිරයන ජෝතිෂ්‍ය ක්‍රමය  වේ. සායන ක්‍රමය මුල්කර ඈපා පංචාංගය ලංකාවේ පළවේ.ලංකා  ග්‍රහස්පුට ලිත නිරයන ක්‍රමයට ලංකා ලිත් සමාගමෙන් පලකෙරේ. මෙහි ආදී කතෘ එස්. ඩබ්ලිව් . කස්තුරිරත්න මහතා වේ පත් ඉරු කියවා ප්‍රකාශ  කරන ජෝතිෂ  ක්‍රමයක් ද ඉන්දියාවේ භාවිතාවේ .ලංකාවේ වර්තමානයේ ප්‍රවීණ  ජෝතිර්වේදියෙක් වන  අතුල මංචනායක මහතාද නාඩි ජෝත්ර්වෙදී ක්‍රමයක් දැනට අනුගමය කෙරේ.ඉන්දියන් භාවිතාවක් වේ  එය ද දැනට ප්‍රචලිතව ඇත.
වර්තමානය තුල ඒ උතුම් ජෝතිෂ විද්‍යාව මුදලට විකිනෙන බඩ ගොස්ත්රවාදීන්ගේ ව්‍යාපාරයක් ව තිබේ. තොර සිද්ධාන්ත සංහිතා හොරා යන අංග තුනක් මුල්ව ජෝතිෂ්‍ය භාවිතාවේ. සිද්ධාන්ත කොටස උපයෝගිකර ගනිමින් ග්‍රහයන් ගමන් කිරීම කාල වකවානුව රාශි මාරුවීම් ග්‍රහයන් ගේ  උදාවීම් අස්ථ වීම් වක්‍ර වීම් සංයෝග දෘෂ්ටි ග්‍රහ යුධ ග්‍රහණ වීම් ආදිය ගැන කියන්නට හැකිවේ, සංහිතා කොටසට අයත්වන්නේ ලොව වස්තුන් ගේ උපත පැවැත්ම නැසීම යන කරුණු ගැන  නිගමනය  වේ. හෝරා කොටස තුන්වැන්නයි. මේ කොටස උපයෝගී කරගෙන ලග්න උදාව නැකත් ග්‍රහ යෝග අනුව පුද්ගල ජීවිතය පිළිබද උපතේ සිටම මරණය දක්වා කටයුතු පිලිබදව සෑම වැදගත් දේ පිළිබද කටයුතු නැකත් සැදීම  පලාපල පැවසීම සිදුවේ. .එනිසා  පුද්ගල ජීවිතය පිළිබද වැදගත්ම කොටස හෝරා කොටස වේ.මේ තත්වයන් නිශ්චය කරගැනීම සදහා ඊළගට අවශ්‍ය වන්නේ ග්‍රහයන් හා රාශි පිළිබද තොරතුරු .වේ ග්‍රහයන් නව දෙනකු ජෝතිශ්යේ දී පෙන්නුම් කෙරේ.ඒ ග්‍රහයන් අතර රවී සදු ප්‍රදාන ග්‍රහයන් හත්දෙනකු සහ  ස්කන්ධ නොවන බල ශක්ති දෙකක්වේ .ඒ රාහු ග්‍රහයා සහ කේතු  ග්‍රහයා වේ .නැප්චුන් යුරේනස්  ප්ලුටෝ ග්‍රහයන් වෙතත් වඩාත් දුරින්ම පිහිටා ඇති නිසා උපයෝගී වීමේ අඩුවක් වේ .රාශි දොළසට අදිපති ග්‍රහයන් හත්දෙනකු වේ .රාහු කේතු රාශි  අදිපතිත්වය නොදරයි.පුරුෂ රාශි, ස්ත්‍රී රාශි, පුරුෂ ග්‍රහයන්, ස්ත්‍රී ගර්හයන්, ද වේ .ඔවුන් ගේ ක්‍රියා කාරිත්වය ද රාශි අනුවද වෙනස් වේ . රාශියකට නැකත් පාද හතර බැගින් නැකත් විසි හතට නැකත් පාද එකසිය අටක් වේ.රාශි දොලස ද ලග්න ස්ථානය ධන ස්ථානය සහෝදර හා  වික්‍රම ස්ථානයගෘහ  ස්ථානය විද්‍යා  ස්ථානය  සතෘ ස්ථානය කලතෘ ස්ථානය මෘත ස්ථානය  භාග්‍ය ස්ථානය කර්ම ස්ථානය අය ස්ථානය  වැය ස්ථානය වසයෙන් වර්ග කෙරේ.රාහියකට ග්‍රහයන් සතුරු මිතුරු සම උච්ච නීච සවශේත්‍ර වශයෙන් ද බැලීමක් වේ ලග්න ස්තානය ග්‍රහ පිහිටීම දෘෂ්ටි රාශියට වැටෙන දෘෂ්ටි පරිවර්ථන අනුව ජන්මියා  ගේ රුව පෙනුම හැඩතල ශාරීරික ව හිස මොලය බුද්ධිය ක්‍රියාකාරිත්වය විමසේ .දෙවැන්න උරුම හිමිකම් විවාහ ජීවිතය භාර්යාවගේ තත්වය ශාරීරික ඇස බෙල්ල උගුර දත් වැනි දේ ගැන විමසේ .මේ අයුරින් රාශි දොලසටම  යම් යම් කාරකත්ව නෑදෑ  සම්බන්ධතාවන් ශාරීරික ස්ථාන හිමිකම් ද   වේ. ඒවා නුවනින් ගලපා දක්ෂ ජෝතිවෙදියා පලාපල කථනය කෙරේ .  පළමුව ජන්මියකු ගේ උපන් සලකුණු ලබාගෙන ජන්ම කේන්ද්‍රයක් සකස්කර නැකත අනුව දශා ශේෂය ගණනය කල යුතුයි දශා ශේෂය උපයෝගී කරගෙන පලාපල කථනය කෙරේ .මීට අමතරව යෝග දෘෂ්ටි ආදිය ද පලාපල කථනයට  උපයෝගිවේ.ජෝතිෂ විෂයට අමතරව වෙද , කාලගුණ, විනිශ්චය, තත්කාලීන, උපන්, විස්තරද ජෝතිර් වේදියෙක් දැනසිටිය යුතු වේ. වෙනත් වෘතිකයෙක් හමුවන අය විමසන්නේ ඒ විෂයට අදාලව පමණි .නමුත් ජෝතිර්වේදියකු ලගට  එන තැනැත්තා උපතේ සිට මරණය දක්වා අදාළ දේ   විමසා සිටී .ඒ අනුව ජෝතිවෙදියා ද බහුසෘත යෙක් විය යුතයි .සිල්වත් ගුණවත් පරාර්ථය ලැදි කෙනෙකු විය යුතුයි .ආබාධිත යෙකු නොවිය යුතු බවද ජෝතිෂ ගුණාංග යටතේ දක්වා තිබේ . ගොවිකමට ද විශේෂයෙන් යහපතක් මේ සාස්ත්‍රයේ වේ. පුරාන සිංහලයන් එයින් අප්‍රමාන ප්‍රයෝජන ලබා ඇත්තේය. ඒ නැකත් සාස්ත්‍රයේ පලදායිතාවයයි .එක වල්ලට පොල් සියගානක් වන පොල් සිටවීම, තවාන් දැමීම ,පොකුරු යෝග විවිධ සරුපල ලැබීම් ශාස්ත්‍රයේ අරුමය   වේ .
මෑතකදී පරික්ෂාව සදහා ඉදිරිපත් වූ කේන්ද්‍රයක පැහැදිලි කිරීමක් පල කරමි .කුම්භ රාශිය ලග්නය විය .රවිට මහා දශාව ශේසව උපත විය .රවී උපතේ දී සයවැන්නේය .සදු අටවැන්නේය නීච රාහුගෙන් ලග්නාධිපති පීඩාව සිටි හතර වන්නේ කේතු නීච විය උත්පත්ති ග්‍රහ බල ද දුබලය දෙමාපියන් ගේ පැත්තට ද බාධාය . යෝගකාරක සිකුරු පස්වැන්නේ නිසා බාධා සමග ඉගෙනීම ඉදිරියට පමුණුවා තිබේ.බුධ ගුරු පිහිටීම් සෙනසුරු දසවැන්නේ  නීති විෂය තුලින් විනිස්ච්යටම යොමු විය,කුම්භ රාසිය වායෝ බලය හිත හොද කෙනෙක් වේ.රැස් නොකරන ගතිය වේ .පවුලට යහපත් ස්වාමියෙක් පියෙක් වේ.නීච වුවත් ලග්නාදිපති සමග සිටි රාහු එතෙරට පවා යාම් ඊම මතු කළේය  මේ අතරට ඉක්මනින් හදුනාගත නොහැකි කල් අල්ලන රෝග පීඩා මතුවේනීච රාහු එවැනිය  ලග්නාදිපති ගේ දශාවම ගෙවෙන රවී අතුරු දසාව මේ අයගේ ජිවිතයේ අසුභ   බලවත් විය.දෙදහස් දහනවය වසර නිමාවක් නොවී දිවියට සමු දුන්නේය .
මේ  උතුම් සාස්තරය වර්තමානයේ බඩ ගෝස්තර වාදීන් ගේ ව්‍යාපාරයක් බවට පත්ව ඇත තොර තෝං චියක් නැතිව මාධ්‍යයන් හරහා පලාපල අනාවැකි කියමින් අතීත පරාශර වරහා මිහිර ඉසිවරුන්ටත් වඩා ඉදිරියෙන් මානයෙන් උදම්ව සිටී.රෙදි ඇන්දත් රෙදි නැතිවුන් සේ නිරුවතම පෙන්නුම් කරයි.  බුලත් අතට පුංචි පඩුරකට සීමාවූ අනුන්ට පිහිටවූ ජෝතිර්වෙදියා වර්තමානයේ හිත්  පිත් නැති ආත්මාර්ථකාමී    නිල් මොනර කොළ අනුභව කරන්නේක්ව සිටී . තවම ගමේ ගොඩේ සම්ප්‍රදායික ක්‍රමයට පරාර්ථය තකා ජෝතිෂ්‍ය සේවයක් සලසන්නෝ ද වෙති .හදහන කෙසේ හෝ බලා ගත්තත් ඊට අවැසි යාග හෝම කරගන්නටද ඉඩකඩම් විකිණිය යුතුය. දෙවියන් යක්ෂ පිශාදීන් ඒ තරම් අයකරති. සම්බුදු පියාණන් වහන්සේ වදාලේ....
 අන්ත්ලික්ඛේ   න සමුද්ද මජ්ජේ    න පබ්බතානං  විවරන් පවිස්ස   
 න විජ්ජති සෝ  ජගදිප්ප දේසෝ   යත්තිට්ඨිතෝ මුන්ජෙයිය පාප කම්මං ....යනුවෙනි
.තමන් කල අකුසලය මග හැරීමට ලොවේ කෙලවර සිටියත් මුහුද මැද සිටියත් පර්වතයක විවරයක සිටියත් කොයි ලොවේ සිටියත් නොහැක ... යනුවෙනි ... එසේනම් සිල්වත්ව ගුණවත්ව දැහැමිව කල් ගෙවන්නේනම් අෂ්ට ලෝක ධර්මයෙන් නොසැලෙන්නේ නම් ජීවිතය ගෙවා ගැනීම අපහසුවක් නොවේ.ජෝතිශයේ එන වැදගත් අංගයකි විවාහ ගැලපුම ...ආදරයෙන් බැදෙමින් කල් යවා  එකතුවක් වුවත් දෙදෙනාතුල ගුණ දහම් ඒකායන පැවැත්ම නොවේනම් යහපත්ව ඉදිරියට යාමට බාදා වේ. පොරොන්දම කොලයට ගැලපුනත් සම සර්ධා සම ත්‍යාග සම පන්ඝා විය යුතුයි එසේ නොවේනම් යහපත් විවා ජිවිතයක් විදිනු උගහටය .
ආශ්‍රිත පොතපත ....දිවංගත කවුඩානේ පියදාස පෙරේරා මහතා ගේ කේන්ද්‍රයක් බලන හැටි
                               වරහා  මිහිර, ජීවිතය හා ග්‍රහයෝ ,හොරා සාරය ,පුවත් පත් ලිපි, ධම්ම පදය ආදිය වේ ...