Monday, April 17, 2023

235 වන සිංහල සිනමා පටය - වැලිකතර - චිත්‍රපටය වේ

 235 වන සිංහල සිනමා පටය - වැලිකතර - චිත්‍රපටය වේ.-ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘත්තාන්ත නිර්මාණය සේම ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය.ද මෙයවේ.1967 දී ප්‍රථම සිනමාස් කෝප් කෙටි චිත්‍රපටය නිර්මාණය කලේද නිහාල්සිංහ යන්ය. නිෂ්පාදනය සදහා ස්වර්ණමාලි ගුණතුංග,ඩී .බී.නිහාල්සිංහ .දායක විය.කතාව,තිරපිටපත,දෙබස්,තිස්ස අබේසේකරයන් ගේ නිර්මානවේ.කැමරා අධ්‍යක්ෂණය  සහ සංස්කරණය ද නිහාල්සිංහයන් ගෙනි.සහාය කැමරා අධ්‍යක්ෂණයට කේ.ඩී .දයානන්ද,එම් .වී .හේමපාල,ආර්.ඩී .අතපත්තු .සෑම් ඩීන් ආදීන්ද දායක විය.ශබ්ද පරිපාලනය මර්වින් රොඩ්රිගෝ , ජෝර්ජ් මනතුංග ,ජී.ඩී .කිංස්ලි පෙරේරා,එස්.ගමගේ දායක විය.වේශ නිරුපනය රෙජී ද සිල්වා වේ.සහාය අධ්‍යක්ෂණයෙන් රංජිත් නිව්ටන් ප්‍රනාන්දු,ගුණරත්න රත්නායක දායකව තිබේ.රසායනාගාර පාලනය ජෙරල්ඩ් බී .ජයවර්දන වේ.සංගීත අධ්‍යක්ෂණය සෝමදාස අල්විටිගලයන් වේ.ගීපද මාලා මහගම සේකර යන විසිනි.පසුබිම් ගායනය පණ්ඩිත් අමරදේවයන් වේ.කතාව සාරාංශය නීතිය රකින්නෙකු සහ නිතිය කඩන්නෙකු අතරට මැදිවූ විවාහක බිරිදගේ කතාව මෙහි කේන්ද්‍රීය විය.අවංක නිර්භීත කාර්යශුර පොලිස් නිලධාරියෙක් වන වික්‍රම රන්දෙනිය - ගාමිණි පොන්සේකා - උතුරු කරයට  යවන්නේ එහි වන නීති විරෝධී ජාවාරම් මැර  කටයුතු මර්ධනය පිණිසය..තම තෙමස් ගැබිණි බිරිද තනිකර  පැමිණෙන වික්‍රම වික්‍රමාන්විත මෙහෙයුම් කිහිපයක් කර එහි නිතිය සාමය ස්ථාපිත කරයි.පසුව බිරිද ගීතා - සුවිනිතා වීරසිංහ -ද වික්‍රම හා වාසයට පැමිණේ.දිනක් ඇය මුහුදු වෙරළේ සිටියදී මැර යෙකුගේ   විසින් ඇයව අවමානයට පත්කෙරේ.ඔහු විසින් තමා ගෝරිං මුදලාලි - ජෝ අබේවික්‍රම - බව වික්‍රමට පවසන ලෙස ගීතාට දැනුම් දෙයි. මෙය අසා වික්‍රම කෝප වුවද ඉවසා සිටින්නේ ඔහුව බරපතල .වරදකට හසුකර ගැනීම පිණිසය.දිනක්  නිලධාරින් ගේ සමාජ ශාලාවේ දී වික්‍රම හා ගෝරිං  මුණගැසේ.වික්‍රම ගෙන් රළු ප්‍රතිචාරයක් ගීතා බලාපොරොත්තු වුවද ගෝරිං හා හදුනන ය ලෙස කතා කිරීම ගීතා  ගේ කනස්සල්ලට හේතුවිය.පසුව ගෝරිං වික්‍රම හමුවීමට සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණේ.ගොරින් යම්කිසි පළිගැනීමේ චේතනාවක් පවතින බව වික්රමට පැහැදිලි වේ.ගීතා ගේ බලපෑමෙන් ගැලවී නොගත හැකි වික්‍රම ගෝරිං ගේ නීති විරෝධී ජාවාරම් මැඩලීමට ක්‍රියාත්මක වේ.රාත්‍රී  පොලිස් නිවාසයට පැමිණෙන ගෝරිං පිටව යන්නේ දින හතකින් පසුව පලිගන්නා බව කියමිනි.මැරයකු නිවසට පැමිණ තමාට ද අපහාස කිරීම නිසා ගීතා ගේ බැන වැදීම් වලින් වික්‍රම ද කෝප වේ.ගීතාට ද පහර දෙන වික්‍රම ගෝරිං සොයා ගිය ද ඔහුට පහර දෙනු ලැබේ.ආපසු පොලිස් නිවාසයට පැමිණෙන ගෝරිං තම අතීත කතාව ගීතාට හෙළි කරයි.වික්‍රම ගේ පියාට අයත් නින්දගමේ පදිංචි කාරයෙක් වන සුදු බණ්ඩා - ජෝ අබේවික්‍රම - ගේ නැගණිය මුතු මැණිකා - දේවිකා කරුණාරත්න - වික්‍රම නිසා ගැබ් ගනී.ගමෙන් පිටව යන වික්‍රම නැවත ගමට නොඑයි.දරුවා ලැබෙන විට මුතු මැණිකා මියයයි.සුදු බණ්ඩා හෙවත් ගෝරිං වික්‍රම පසුපස එන්නේ ඒ පලිය ගැනීමටයි.පසුදා පොලිස් නිවාසය පොලිසිය විසින් වටලයි.ගෝරිං තම  සගයා බාටිං - දයානන්ද ජයවර්දන - සමග ගීතා පැහර ගෙන යන්නේ සේවක ලැවිනිස් - නවනන්දන විජේසිංහ - ද මරා දමමිනි.වැලිකතර ආරම්භයේ දී ගෝරිං  ගීතා රථයෙන් ඇද දමයි.අවසන් සටනේදී වික්‍රම අතින් ගෝරිං මිය යයි.රෝහලට ගියද ගීතා ගෙන යහපත් ප්‍රතිචාරයක් නොවේ.නිවසට එන වික්‍රම එහි සිටි නිලධාරින් ගෙන් ද සමුගනියි.වික්‍රම නිදන කාමාරයේ දී තමාම වෙඩි තබා ගෙන මිය යයි.ඒ අවස්ථාවට පෙර ගීතාට ලියන ලිපියේ තමා මුතු මැණිකා බලන්න නොගියේ ඇය තමා ගේ පියාගේම දරුවකු බව හෙළි වීම නිසා බව සදහන් වේ.අමතර රංගනයට කරු නානායක්කාර ,ටියුඩර්  කරුණාතිලක, බුද්ධි වික්‍රම ,පී.බී.මායීල්ලැව ,කිත්සිරි පෙරේරා,පියසේන අහංගම,ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර ,චන්ද්‍රා කළුආරච්චි,එල්සන් දිවිතුරුගම,මාක් ඇන්ටනි ප්‍රනාන්දු ,සුගත් ප්‍රසන්න,ටී.හපුගොඩ ,ජී.ආර්.පෙරේරා  සහ තවත් පිරිස ආදීන් ද දායක විය ජී.ආර්.පෙරේරා ගේ ප්‍රථම සිනමා රංගනය ද වැලිකතර වේ. 1972 විචාරක  සම්මාන උළෙලේ හොදම චිතරපටය වුවේ වැලිකතර චිත්‍රපටයයි.1972 දීපසිකා සම්මාන උළෙලේ ජනප්‍රිය නිෂ්පාදක ලෙසඩී .බී.නිහාල්සිංහ  සම්මාන ලැබීය.1972 විචාරක  සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ද වැලිකතර චිත්‍රපටයයි..1972 විචාරක  සම්මාන උළෙලේ හොදම හොදම නළුවා ලෙස ජෝ අබේවික්‍රම ,ගාමිනි පොන්සේකා හොදම නිළිය ලෙස සුවිනිතා වීරසිංහ සම්මාන ලැබුවේ ද වැලිකතර චිත්‍රපටය වෙනුවෙනි.1972 විචාරක  සම්මාන උළෙලේ හොදම සංස් කරනය සහ හොදම කැමරා කරනය වෙනුවෙන් ද ඩී .බී.නිහාල්සිංහ සම්මාන ලද්දේය. වැලිකතර තිර රචනය ග්‍රන්ථයක්  ලෙස ප්‍රකාශයට පත්විය. 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම තිර රචනය සදහා සම්මානය එයට ලද්දේය.එවැන්නක් සම්මානයට පාත්‍රවූ පළමු අවස්ථාව ද මෙයයි.දේශීය සිනමාවේ 50 වන සංවත්සරයේදී දසවන චිත්‍රපටය ලෙස ද වැලිකතර නම් විය.ආදායම් අතින් ද සාර්ථක වුවාය..මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Friday, April 14, 2023

ඔස්වල්ඩ් ජයසිංහ

 

හෙළ සිනමා අඹරේ එදා දිලුන තරු   ඔස්වල්ඩ් ජයසිංහ 

පීටර් ඔස්වල්ඩ් ජයසිංහ 60 දශකයේ අග භාගයේත් 70 දශකය පුරාත් ජනාදරය දිනු කඩවසම් මනා පෞරුශ්යකින් හෙබි රංග ශිල්පියෙකි.කදානේ ද මැසනාඩ් විදුහලීන් අධ්‍යාපනය ලද හේ දක්ෂ ක්‍රීඩකයෙකි.පාසල් අධ්‍යාපනයෙන් පසුව හෙතෙම ගුවන් හමුදා සේවයේ කලක් නිරත විය. බී.ඒ. ඩබ්ලිව්.ජයමාන්න යන්ගේ - මගුල්  පෝරුව - චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ විය.නමුත්  

 - කපටිකම -  චිත්‍රපටය මුලින් තිරගත විය.1966 කපටිකම පළමුවැන්නයි.1967 මගුල් පෝරුව තිරගත විය.කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ගේ චිත්‍රපට  තුලින් ප්‍රධාන භූමිකා මවමින් වීරයෙක් ලෙස ඉස්මතු විය. බයිසිකල් හොරා ,කතුරු මුවාත්,ලොකුම හිනාව,අපරාධය හා දඩුවම එම චිත්‍රපට වේ.එසේම විකට චිත්‍රපට ,දුෂ්ට චරිත ,ප්ර්තිවීර චරිත ද නිරුපණයට පසුබට නොවිණි.සිංහල සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් සහිත වූ චිත්‍රපට වලින් එකක් වන  - අජාසත්ත - ප්‍රධාන චරිතය ඔස්වල්ද්ජයසිංහ රංගනය කලේ ප්‍රේක්ෂක යන්ගේ ප්‍රකෝපයට තුඩු දෙන තාත්වික රංග වින්‍යා සයකිනි.එසේම චිතපටවල ගීතමය හා සටන් දර්ශන වලදී වඩාත් සැලකිල්ලෙන් ඒවා ඉදිරිපත් කිරීමට ඔස්වල්ඩ් දක්ෂ විය.ඔහුගේ රංගන දායකත්වය පෙළ ගැසුවොත් මෙසේ දැක්වේ.1966 කපටිකම ,1967 මගුල් පෝරුව , 1968 බයිසිකල් හොරා , 1969 කොහොමද වැඩේ ,හරිමග 1970 පේනවා නේද ,1971 කතුරු මුවාත් , සීයේ නෝට්ටුව, 1972 අද මෙහෙමයි,ලොකුම හිනාව ,1973 අපරාධය හා දඩුවම ,1974 දුලීකා ,ශීලා, සුරේකා , හදවත් නැත්තෝ ,කල්‍යාණි ගංගා , ශාන්ති , ලසදා , වස්තුව , රෝඩි ගම , 1976 දමයන්ති , 1976 හාරත හතර, දෙයියන්ගේ තීන්දුව, රන් තිලකා ,1977 සිකුරු දසාව, 1978 කුමර  කුමරියෝ, 1979 රෝස මල් තුනක්, 1981 අජාසත්ත , 1983 කරාටේ ජෝ, තුත්තිරි මල්, 1984 මද්දුම බණ්ඩාර , 1987 කිවුලේ ගෙදර මොහොට්ටාල හර්ද ආබාධයක් සදහා ප්‍රතිකාර ගැනීමට ගොස් සිටියදී 1991 වසරේදී ලන්ඩන් නුවරදී මෙතුමා අභාවප්‍රාප්ත විය එතුමාට නිවන් සුව පතමු.මේ ලිපිය සැකසීමේ දී ආචාර්ය නුවන් නයනජිත් සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථය පරිශීලනය කරන ලද බව ස්තුති පුර්වකව සදහන් කරමි.

Thursday, April 13, 2023

1971 ඔක්තෝම්බර් 22 තිරගත වුවේ - බිදුණු හදවත් - චිත්‍රපටයයි .එය සිංහල සිනමාවේ 234 වැන්නයි .

 1971 ඔක්තෝම්බර් 22 තිරගත වුවේ - බිදුණු හදවත් -  චිත්‍රපටයයි .එය සිංහල සිනමාවේ 234 වැන්නයි .ඩී .ඕ .මනතුංග ලුවී වැන්ඩාස් ට්‍රාටන්,ඒ.ජී ඩයස් ,සහ විජය කුමාරතුංග   ගේ නිෂ්පාදනයකි. ලුවී වැන්ඩාස් ට්‍රාටන් ගේ අධ්‍යක්ෂණයකි.කතාව තිර රචනය දෙබස් ද අධ්‍යක්ෂක වරයා  ගෙනි. ලලිත්  ගුනවර්දන කැමරා අධ්‍යක්ෂය කළේය.එඩ්වින් ලිටින් සංස්කරණය කර තිබේ. සංගීතය අධ්‍යක්ෂණය ටෝනි වීරතුංග වේ.ආනන්ද සෙනෙවිරත්න ගේ පදමාලා වික්ටර් රත්නායකයන් ගැයුවේය.කතාව සැකෙවින් මෙසේය .සුමිත් - රොබින් ප්‍රනාන්දු - බාලවියේ සිට ගුවන් නියමුවෙක් වෙන්න සිහින මයුවේය.ගුවන් නියමු පාසලේදී ගෞරව ලැබ නියමුවෙක් විය.ගුවන් නියමු පාසලේදී ඔහුගේ මිතුරා ආනන්ද .- විජය කුමාරතුංග  -  විය.ආනන්ද ගේ නැගණිය ශිරානි - චන්ද්‍රකලා  - සුමිත්ට සිතින් පෙම් කරයි.මේ අතර සුමිත්ට පාසල් වියේදී පෙම්බදී රේණුකා හමුවේ.ඒ ප්‍රේමය බිද වැටුනේ  සුමිත් ගේ  මවගේ විරුද්ධ විම නිසාය.සුමිත් ගේ සම්බන්ධය නිසා ශිරානි ශෝකයට පත්වේ.ආනන්ද ඇසුරු කල පෙම්වතිය - දේවිකා කරුණාරත්න - සල්ලාල පැවතුම් ඇත්තියකි.එනිසා ආනන්ද බිමට ඇබ්බැහිවේ.සුමිත්  අවවාද  කලත් ආන්න්න්ද නොසලකා හරි.අන්තිමේදී ආනන්ද ගුවන්යානය අනතුරට පත්කරගෙන දිවි නසා ගනී.සුමිත ගේ හා ශිරානි ගේ විවාහයට ද මව විරුද්ධ වේ.එය සිදු වුවහොත මව දිවි නසා ගන්නා බව කියයි.මේ නිසා කලකිරෙන සුමිත තම මිතුරු තිස්ස  -  ශිරාන් වනිගසේකර - අත  ශිරානිට ලිපියක් යවයි.එහි සදහන් වන්නේ පෙරවරු 10  යන තම ගුවන් ගමන අවසාන ගමන බවයි.ශිරානි හා තිස්ස ගුවන් තොටට  එනවිට සුමිත ගේ යානය ගුවන් පථයේ ගමන් කරයි.එහි එඉදිරියට එන ශිරානි එහි හැපී තුවාල ලබයි.සුමිත් ගේ උකුලේ ශිරානි මියයයි.අගේ දේහය තිස්සට බාරදෙන සුමිත් තම අවසන් ගුවන් ගමන පිටත් වේ.නිට ප්‍රනාන්දු,එරල් සීමිත් ,දෙනවක හාමිනේ,ආදීන්ද රංගන දායක විය.විජය රොබින් දෙදෙනාම රංගනය වුවත් වෙළද පළේදී එතරම් සාර්ථක නොවිණි.එල්පිස්ටන් සිනමාහලේ දින 18 පමණක් ප්‍රදර්ශනය සිමා විය.වික්ටර් රත්නායකයන් ගැයූ තේමා ගීතය මෙසේය. 

          ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආදරේ 

          නිල නුවන් බැල්ම හෙලා ලදක් මවන ආදරේ 

           රිදී කදුළු කතා නොකර කතා කියන ආදරේ 

          එපා බිදින්නට හදවත් එක්වුණු ආදරේ 

.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Tuesday, April 11, 2023

සිංහල සිනමාවේ 233 වන චිත්‍රපටය - සීයේ නෝට්ටුව - චිත්‍රපටය විය

 සිංහල සිනමාවේ 233 වන චිත්‍රපටය - සීයේ නෝට්ටුව - චිත්‍රපටය විය.තිරගත වුවේ 1971 සැප්තැම්බර් 17  දිනදීය. නිෂ්පාදනය හෙළදිව පිල්ම්ස් මුලිකව එස්.ඩී .එස් .සෝමරත්න ගෙනි. අධ්‍යක්ෂණය ,කතාව,තිර රචනය,දෙබස් කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා වේ.කැමරා අධ්‍යක්ෂණය එම් .ඒ.ගපුර් වේ.සංස්කරක්නය එඩ්වින් ලිටින් ගෙනි.වේශ නිරුපනය ඩෙරික් ප්‍රනාන්දු ගෙනි.ශබ්ද පරිපාලනය එල්.ඒ.ජෝහාර් වේ.කොණ්ඩා මෝස්තර රන්ජිත් ගුණසිංහ  ගෙනි. නැටුම් අධ්‍යක්ෂණය රොනල්ඩ් ජේ ප්‍රනාන්දු වේ.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස වේ.ගීත පදමාලා ඔගස්ටස් විනයාගරත්නම්,ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,ධර්මසිරි ගමගේ ගෙනි.ගීත ගායනා නන්දා මාලනී,මිල්ටන් මල්ලවආරච්චි,එච්.ආර්..ජෝතිපාල,වික්ටර් රත්නායක ගායනා කළේය.රුපියල් සියක් පාදක වන කතාවක් මෙහි පාදක විය.ජායාරුප ශිල්පියෙක් වන විනි - ජෝ අබේවික්‍රම - ජීවිතය ගැන ලොකු අවබෝධයක්  නැති තරුණයෙකි.ඔහුට සහයට සිටින්නේ පැරණි මතවාද ඇති හෙන්ඩ්රිකස් - ඩී .ආර්. නානායක්කාර - ය. දවසක් තේජා  - ශ්‍රියානි අමරසේන - නැමති තරුණිය මංගල යෝජනාවකට යවන්න ජායාරුපයක් ගැනීමට පැමිණේ.වඩාත් උනන්දුවෙන් එය ගන්න විනි පසුදා ගෙදරටම ගෙනත් දීමට ද පොරොන්දුවේ.පසුදා ජයරුපය ගෙන ආවිට ඉතිරි රුපියල් 10 දීමට නිවසේ මුදල් නැත.මව - ශාන්ති ලේඛා - රුපියල් දහයක් ඉල්ලා ගැනීමට සිල්වා  -ඇන්තනි සී .පෙරේරා - ගේ නිවසට යාමට සැරසේ.තේජා කියන්නේ රුපියල් 100 මාරු කිරීමට නැතිනම් රුපියල් 10 ඉල්ලා ගෙන එන ලෙසයි. සිල්වා ලග කියක් වත් නැත නමුත් කියන්නේ රුපියල් 90 තිබෙන බැවින් ඉතිරි 10 සවසට දෙන්න රුපියල් 100 දෙන ලෙසයි.ඔහුගේ අදහස රුපියල් 100 ගෙන මාරුකර ඔහුට 10 ලබා ගැනීමටයි.නමුත් මව අත  රුපියල් 100 නැතිනිසා මව  යයි. එය තමන්ට කල අපහාසයක් ලෙස සලකන සිල්වා සහ බිරිද මෙරායා  - ලැටිශියා පීරිස් - තරහ ඇතිකර ගනී.තේජා හා විනි විවාහ වේ.ඔවුන්ගෙන් පාලි ගැනීමට සිතන සිල්වා හා බිරිද මෙරායා මංගල  -ඔස්වල්ඩ් ජයසිංහ - නැමැති තරුණයෙක් සමග තේජා ගත්  පින්තුරයක් අගේ නොමන ක්‍රියා පිළිබද ලිපියක් සමග විනි  ට යවයි. මේ සියල්ල බොරුවක් වුවත් එයින් කේන්ති ගන්නා විනි තේජා සමග අරගල ඇතිවේ.විනි වෙන පළාතකට රැකියාවට ද යයි.මේ අතර කාර්යාලයේ වංචාවකට හසුවන සිල්වා ගේ රැකියාව අහිමි වේ.මෙරායා ද වෙනත් සම්බන්ධයක් වී නිවසින් යයි.අසරණව ඉබාගාතේ යන සිල්වාට විනි හමුවේ.සිල්වා විනිට සත්‍ය හෙළිකරයි.තම වරද පිළිගන්නා විනි තේජා සහ දරුවා සොයා යයි.මෙහි අතුරු කතාවක් ද වේ.තේජා ගේ මිතුරිය සුමනා - රුක්මනී දෙවි - සැමියා ගෙන දික්කසාදව සිටි දරුවා ජීවත් කිරීම පිණිස සුමනා ගෙන්ගෙට යමින් භාණ්ඩ අලවි කරයි.ජායාරුපයක් ගැනීමට ගිය විට  හෙන්ඩ්රිකස් ගේ අසංවර  හැසිරීමට අයිතිකරු බණ්ඩාරට  - හර්බට් අමරවික්‍රම ට පැමිණිලි කරයි.සුමන ගැන පැහැදෙන බණ්ඩාර ඇය විවාහ කර ගනී.මේ දෙදෙනාම තෙජාට පිහිට වේ.මේ වනවිටයි  විනි තේජා සොයා එන්නේ ,අමතර රංගනයෙන් බී.එස්.පෙරේරා ,අනුෂා ගීතාන්ජලි ,දෙනවක හාමිනේ ,පියදාස විජේකෝන්,දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, April 7, 2023

232 වන සිංහල චිත්‍රපටය වන්නේ 1971- 08 - 28 තිරගතවූ - කේසර සිංහයෝ -

 232 වන සිංහල චිත්‍රපටය වන්නේ 1971- 08 - 28 තිරගතවූ  - කේසර සිංහයෝ - චිත්‍රපටයයි.නිෂ්පාදනය ,අධ්‍යක්ෂණය ,කතාව ,තිර නාටකය සහ දෙබස් රෝලන්ඩ් අමරසිංහ වේ.සටන් අධ්‍යක්ෂණය ද රෝලන්ඩ් අමරසිංහ ගෙනි.කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා වේ.සංස්කරණය මහින්ද අමරසිංහ ගෙනි.වේශ නිරුපනය ඊබට විජේසිංහ ගෙනි.සහාය සනත් විජේවර්දන වේ.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමදාස අතුකෝරල වේ.කරුණාරත්න අබේසේකර සහ සිරිල් ඒ සීලවිමල ගීත රචනා කරන ලදී.එච්.ආර්.ජෝතිපාල,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,ධර්මදාස වල්පොල ,ලතා වල්පොල ,සුජාතා අත්තනායක ,ශ්‍රීමති තිලකරත්න ගීත ගායනා කළේය.සන්සුන් රුවන් හද මන්දිරයේ,කෙසර සිංහයෝ වාගෙමයි අපේ හපන්කම් ,දිලිදුන් අතරේ මයි විමානේ ,කිත්සිරි රැන්ඳු ලක්දද බැන්දු ,හීනෙකි මේ ජිවිතේ මෙහි ඇතුලත වූ ගීත විය.කතා සාරාංශය මෙසේය.ගාමිණි ධනවත් පවුලක දරුවෙකි.දුප්පත් මිතුරෙක් වන සංඛ ඇසුරු කිරික නිසා පිය විරුධ්වේ.සේවකයෙක් ලවා  සංඛට පහර දෙයි.ළමුන් දෙදෙනාම පැන යයි.කුසගින්න නිසා සංඛ ගැහැණු ළමයෙකු ගේ මාලයක් සොරකම් කරයි..ගාමිණී ඒ මාලය ගැහැණු දරුවාගේ පියාට දෙයි.එයට පැහැදෙන පියා ගමිනිට වියදම් කර උගන්වයි.වැඩේ විකුණන ළමයෙකුට පහර දෙන ළමයි පිරිසකට සංඛ පහරදෙයි.මේ නිසා සංඛව චරිත ශෝධනාගාරයකට යවයි.නිතිය හැදෑරු ගාමිණි - විජය කුමාරතුංග මුඩ්ලියර්  ගේ දියණියට ශ්‍යාමා - නීටා ප්‍රනාන්දු - පෙම් බදී .සංඛ - ලයනල් දැරණියගල - නිදහස් මිනිසෙක් ලෙස සමාජයට එයි.ඔහුට ජීවන මාර්ගයක් නැත.චන්ඩි යෙකු ගේ උපදෙස් පරිදි සොරකමට බසී.උපයන දේ දුප්පත් අයට  බෙදා දේ.කපුවෙක් - වේහැල්ලේ පියතිලක - මංගල යෝජනාවක් ගෙන ඒම නිසා ශ්‍යාමා  ගාමිණි ගැන මුඩ්ලියර් ට කියයි..එහෙත් කතා කවුරුවත් නැති නිසා පිය මගුලට කැමති නොවේ.තම පියා සොයා ගාමිණි මගට බසී.ඔහු අනතුරකට ලක්වේ.ශ්‍යාමා හා පියා ද ගාමිණී බැලීමට යයි.පුවත්පතකින් අනතුර ගැන දැනගන ගාමිණි ගේ  පියා ද රෝහලට එයි.මේ අය එකට මුණ ගැසේ .මුඩ්ලියර්  හා ගාමිණි ගේ පියා පැරණි හිතවතුන් ය.මේ නිසා ගාමිණි හා ශ්‍යාමා  විවාහ වේ.සමාජ ශාලා අයිතිකරුවෙක් වන විජේ - පියදාස විජේකෝන් - මාලයක් ගෙන ඒම සදහා චිත්‍රා හට - ප්‍රියංකා පෙරේරා -  මුදල් දෙයි.අතර මගදී විජේගේම මිනිසුන් එම මුදල් .පැහර ගනී.චිත්‍රාට රැකියාව අහිමි වේ.චිත්‍ට රා සංඛ මුණ ගැසේ .ඇය හා මිතුරු වේ.ධනවත් ව්‍යාපාරික නෙවිල් - දයානන්ද ජයවර්දන -- විජේ ගේ මිතුරියක් වන  ලීනා - අනුෂා ගීතාංජලි - සමග අනියම් සම්බන්ධතාවක් වේ.විජේ ගේ උපාය ලීනා හරහා නෙවිල් ගේ මුදල් ලබා ගැනීමයි.උපායක් මත නෙවිල් තම බිරිද මරා දමයි.ඒ අසලින් යන සංඛ එහි කැදවා සිහිසුන් කර මිනීමරුවා ලෙස  අත්  අඩංගුවට පත් කරයි.උසාවියේදී විනිසුරු ගාමිණි සංඛ හදුනා ගනී.ගාමිණී ගේ පියා තම වරද හදුනා ගෙන සංඛ වෙනුවෙන් නඩුවට වියදම් කරයි.ශ්‍යාමා සංඛ වෙනුවෙන් පෙනී සිටි.සිද්දිය දුටු අයා ගේ සාක්ෂියෙන් සංඛ නිදහස් වේ.ගාමිණි ඔහුට හා ශ්‍යාමා ට අයත් තේ වත්තක පාලනය බාරදෙ.යි.අමතර රංගනයට තිලකා දැරණියගල,බර්ටම් ප්‍රනාන්දු,කුමාර් අමරසිංහ,විමල් ජයවර්දන,රුවන් ,පියරත්න එම් .සෙනරත් ,ලලිතා අල්මේදා,සිරි පෙරේරා ආදීන් දායක විය .මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Monday, April 3, 2023

1971 අගෝස්තු 04 දිනදී 231 වන චිත්‍රපටය ලෙස තිරගත වන්නේ - අභිරහස - චිත්‍රපටය

 1971 අගෝස්තු 04 දිනදී 231 වන චිත්‍රපටය ලෙස  තිරගත වන්නේ   - අභිරහස - චිත්‍රපටය වේ. නිමලවීර චිත්‍රපට වෙනුවෙන් නිමල් වීරක්කොඩි ගේ නිෂ්පාදනයක් වූ අතර අධ්‍යක්ෂණය ලෙනින් මොරායස් වේ.ජේම්ස් හැඩ්ලි චේස් ගේ නවකතාවක් ඇසුරෙනි . "යාර් ආවල්" නමින් දමිළ බසින් ද චිත්‍රපටයක් තිරගතව ඇත. එස්.ඒ.අලගේෂන් කතාව රචනා කල අතර චන්ද්‍ර  අනගිරත්න  දෙබස් ලියා තිබේ.තිර පිටපත ලෙනින් මොරායස් ගෙනි.එම් .ඒ.ගපුර් කැමරා අධ්‍යක්ෂක වරයා විය එම් .පී රුපසේන  ගේ සංස්කරණයකි.කළා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා වේ.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි ගෙනි.වේශ නිරුපනය ඩෙරික් ප්‍රනාන්දු වේ.නැටුම් නිර්මාණය හෙලන් කුමාරි සමග බියුල ඩයස් කරුණාරත්න  ගෙනි.කොන්ඩා  මෝස්‌තර රන්ජිත ගුණසිංහ වේ.සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සොමාපාල වේ.ගීත රචනා කරුණාරත්න අබේසේකර ,ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගෙනි.එච්.ආර්. ජෝතිපාල ,ඇන්ජලින් ගුණතිලක ගෙනි.ඈත දිලිසෙන හිරු සදු රන්තරු,සුසුදු රැල්ල වැල්ලේ පෙරලි ගීත ගයයි යලි යලි,රැයේ නැගී සරාගී හැගුම් පිපාසය ,සිතුම් පැතුම් සද ආදරේ යන ගීත ඇතුලත් විය.ප්‍රේමකීර්ති ද අල්විස් ගේ පළමු ගීත රචනා මේ චිත්‍රපටයෙනි. කතාව සැකෙවින් මෙසේය.රංජිත් - විජය කුමාරතුංග - එංගලන්තයේ සිට පැමිණෙන මාලනී - ස්වර්ණා කහවිට -  කැදවා එන්නට ගුවන් තොටුපලේ සිටි.තමා වනිග සේකර මහතා ගේ රියදුරු මෙන්ම ලේකම් බවත් වනිගසේකර මහතා අසනීප නිසා තමා පැමිණි බව රංජිත් මාලනීට කියයි.මාලනී රුවතිය නමුත් දෙපා අබාධයක් නිසා සිටින්නේ රෝද පුටුවක වේ. මාලනී තම කුඩම්මා - තලතා ගුණසේකර දකින්නේ   දකින්නේ පළමු වතාවටය.කුඩම්මාත් මාලිනි දකින්නේ පළමු වත්වටය.රංජිත් මාලනීට කිවේ බොරුවක් බවත් පියා ව්‍යාපාරික වැඩකට දුර බැහැරට  පිටතට ගොස් බව කුඩම්මා කියයි.රාත්‍රී භෝජන සංග්‍රහයට වෛද්‍ය ජයවීර - සම්පත් ශ්‍රී නන්දලෝචන - ද එක්වේ.රාත්‍රී ශබ්දයක් ඇසි මාලනී එය බැලීමට යනවිට ඇය  දකින්නේ පියා කන්තෝරු කාමරයේ පුටුවක මැරී සිටින ආකාරයයි.ඇය  කියන්නේ කුඩා කලසිටම සැම දෙයටම බිය වනබවයි.  එංගලන්තයේදී තම හොදම මිතුරිය සුනිලා දියේ ගිලි මිය ගිය බවක් ද කියයි.රංජිත් කියන්නේ ඇය දුටු දේ ඇත්ත විය හැකි බවත් වෛද්‍ය වරයා හා කුඩම්මා එකතුව පියාට අනතුරක් කරන්නට ඇති බවත්ය.ක්‍රමයෙන් මාලනී සහ රංජිත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවේ.තවත් දිනක පියා ගේ මිනිය තිබු  පුටුව තෙත බරිත නිසා රංජිත්  කියන්නේ මිනිය ශීත කරනයේ හෝ පිහිනුම් තටාකයේ සගවා ඇති බවකි.පසුදින කුඩම්මා නිවසේ නැති නිසා රංජිත් සහ මාලනී මිනිය සොයයි .තටාකයේ කිමිදෙන රංජිත් මිනිය එහි ඇති බව කියා සිටි.මාලනී සමග රංජිත් මෙය පොලිසියට දැන්වීමට යන විට අතරමග කුඩම්මා සිටි.රංජිත් වාහනය නතර කර අත් තිරිංග තද නොකර වාහනයෙන් බැස  යයි .වාහනය ඉදිරියට ඇදී ප්‍රපාතයෙන් මුහුදට වැටේ.එම රිය වනිගසේකර ගේ මිනියද වේ.මේ පිලිබදව පරීක්ෂන මෙහෙයවන පොලිස් පරීක්ෂක - බැසිල් ද සේරම් - රංජිත්  ද සමග  රිය ගොඩ ගැනීම බලන්න යයි.රිය ගොඩ ගත්තද එහි වුවේ එක මිනියකි.මාලනී නිවසට පැමිණේ .පවුලේ නීති වේදියා - වොලී නානායක්කාර - ද පැමිණ සිටි.රංජිත් පොලිස් පරීක්ෂක වරයා  ද නිවසට  පැමිණේ .මාලනී ලෙස සුනිලා  රහස් හෙළිදරව් කර ගැනීමට වෛද්‍ය වරයා ගෙන්වූ කෙනෙකි.සියල්ල හෙළිදරව්වේ. රංජිත් වෙඩි තබා පනී .වෙඩිල්ල වදින්නේ කුඩම්මාටයි .පොලීස් නිලධාරියෙක් - රොබින් ප්‍රනාන්දු - රංජිත් හඹා ගොස් සටන්කර මෙල්ල කර ගනී.සුනිලා නැවත එංගලන්තය බලා යයි. මාලනී පොන්සේකා ,එච්.ආර්.ජෝතිපාල ,සෝනියා දිසා,පියදාස විජේකෝන්,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,හෙලන් කුමාරි ,බියුලා ඩයස් ,ටියුඩර් කරුණාතිලක,ආදීන ද රංගන දායක විය.ආදායම් වාර්තා සහිත සාර්ථකව තිරගත විය.අනු කරන වුවත් ගීත අදටත් එදාමෙන් ජනප්‍රිය වේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Wednesday, March 29, 2023

229 වන සිංහල සිනමා චිත්‍රපටය - කතුරු මුවාත් - වේ

 229 වන සිංහල සිනමා චිත්‍රපටය  - කතුරු මුවාත් - වේ .තිරගත වෙන්නේ 1971 ජුනි 20  දිනයි.නිෂ්පාදනය පී.ඩබ්ලිව් .සිරිවර්දන සහාය ,කේ.එච් ගුණදාස,එල්මෝ ජයවර්දන ගෙනි. අධ්‍යක්ෂණය කතාව,සංවාද ,තිර  රචනය කේ.ඒ.ඩබ්ලිව් .පෙරේරා ගෙනි.කැමරා අධ්‍යක්ෂණය එම් .ඒ.ගපුර් වේ. සංස්කරණය එඩ්වින් ලිටින් ගෙනි.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි වේ.වේශ නිරුපනය ඩෙරික් ප්‍රනාන්දු වේ.රසායනාගාර පාලනය සී .මහේන්ද්‍රන් වේ.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස යන්වේ.ගීත පදමාලා තලංගම ප්‍රේමදාස ,සරත් විමලවීර,මානෙල් පෙරේරා ගෙනි.ජේ.ඒ.මිල්ටන් පෙරේරා,ලතා වල්පොල , ඇන්ජලින් ගුණතිලක ,සී.ඩී .පොන්සේකා පසුබිම් ගායනා කළේය.කතා සාරාංශය මෙසේය. නිවසින් නිවසට කතුරු මුවාත් කරන්නෙකි,ලෝඩ් අයියා - ඩී ආර්.නානායක්කාර -  ඔහු දිනක් දුම්රියක ගමන් කරනවිට පොතක් කියවමින් සිටින තරුණයෙක් දෙස ඔහු සුසිල්  - ඔස්වල්ඩ් ජයසිංහ - තරුණියක් බලා සිටිනු දකී තරුණිය වයලා  .- නිලා ලියනගෙදර - වේ.මේ දෙදෙනා යාලු කිරීමට ලෝඩ් කපුකම කරයි..මෙවිට මේ දුම්රිය මැදිරියට පැමිණෙන රාජා - සේනාධීර රූපසිංහ - ලෝඩ් සමග ගැටුමක් ඇතිකර ගනී . ඒ වයලාට කපුකම කල නිසාය.වයලා කලක් රාජා හා සම්බන්ධතාවක් වී තිබේ.මෙයට මැදිහත් වෙන සුසිල් රාජාට පහර දෙයි.වයලා තමා ගේ කාර්යාලයේ ප්‍රධානියා ගේ  - ඩේවිඩ් ධර්මකීර්ති -දුව බව සුසිල් පසුව දැනගනි .එසේම සුසිල් සමග සේවය කරන සුසිලා - ජානකි කුරුකුලසූරිය - ලෝඩ් ගේ දියණිය වේ.වයලා කපටි නිසා වයලා ගෙන්  සුසිල් බේරා ගැනීමට සුසිල්ට ආදරය වේ.කාර්යාලයේම  සේවය කරන සල්ගාදු - රෙක්ස් කොඩිප්පිලි - අයකැමි - පියදාස විජේකෝන් -  නැති අවස්තාවක හොර යතුරක් භාවිතා කොට සේප්පුවෙන් මුදල් සොරකම් කරයි.අහම්බෙන් අයකැමි පැමිණ ගැටුමක් වේ.සල්ගාදු අතින් අයකැමි මරුමුවට පත්වේ.මේ අවස්ථාවේ සුසිල් ද අයකැමි හමුවීමට පැමිණේ සල්ගාදු හොරකමට හා මිනි මරුමට සුසිල්ව පාවාදෙයි..

සුසිලා කනකර ආදිය වියදම් කර සුසිල්ගේ නඩුවට කතා කරයි.යතුරක් කැපීමට සල්ගාදු දුන් නියමයක් අනුව ඒ ඔත්තුවෙන් සාක්ෂියෙන් සල්ගාදු චුදිතයා වේ. සුසිල් නිදහස් වේ.අමතර රංගනයට ඩී .බී.ලියනගෙදර , ලැටිශියා පීරිස්,දොන් සිරිසේන ,බී.එස්.පෙරේරා, පර්ල් වාසුදේවි ,ජෙසිකා වික්‍රමසිංහ,සම්පත් ශ්‍රී නන්දලෝචන, හර්බට් අමරවික්‍රම,විනි රන්වල,රුබි ද  මැල් ,ප්රීමනාත මොරායස් ,අනුෂා ගීතාන්ජලි දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Monday, March 27, 2023

1971 මාර්තු 24 තිරගත වෙන්නේ 228 වන චිත්‍රපටය ලෙස - රන් ඔන්චිල්ලා - චිත්‍රපටය

 1971 මාර්තු 24 තිරගත වෙන්නේ 228 වන චිත්‍රපටය ලෙස  - රන් ඔන්චිල්ලා - චිත්‍රපටය යි.ධර්ම ශ්‍රී කල්දේරා නිෂ්පාදනය ,අධ්‍යක්ෂණය,කතාව ,තිරරචනය,මෙන්ම දෙබස් ද රචනා කළේය.ඩබ්ලිව් .ඒ.බී.ද. සිල්වාගේ කැමරා අධ්‍යක්ෂණයකි.සංස්කරණය එම් .පී.රුපසේන වේ.කළා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා ගෙනි.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි සහ ටී.සෝ සේකරන්  වේ. වේශ නිරුපනය ඊබට් විජේසිංහ ගෙනි.සටන් අධ්‍යක්ෂණය රොබින් ප්‍රනාන්දු සමග කුමාරසාමි වේ.අයි.ඒ.ජොහාර් සහ සී.මහේන්ද්‍රන් රසායනාගාර පාලනය විය.නැටුම් අධ්‍යක්ෂණය සෝමපාල මුදුන්කොත් ගේ වේ.නැටුම් ශිල්පින් රත්නා ද සිල්වා ම්කුසුම් මුදුන්කොත් ගේ ,ඒ.ඇල් .සිරිමා,,සේනක තිලකරත්න,චන්ද්‍රිකා සිරිවර්දන ආදීන්ය.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස වේ.ගීත පදමාලා ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,සිරිල් ඒ.සීලවිමල,ඔගස්ටස් විනයාගරත්නම් ගෙනි.පසුබිම් ගායනා ඇන්ජලින් ගුණතිලක,මල්ලිකා කහවිට,මිල්ටන් මල්ලවආරච්චි,සී.ඩී .පොන්සේකා,කේ.සේන දායක විය.ආබාධිතයෙක් වන සුගත් - සිඩ්නි කුමාරතුංග - හා වික්‍රම - විජය කුමාරතුංග - සොහොයුරන් වේ.රිද්මා - පර්ල් කුරේ - සිඩ්නි හා විවාහ වන්නේ ඔහු ආබාධිතයෙක් බව දැනගෙනය.රයට හේතුව රිද්මා ගේ පෙම්වතා සේනක - සේනාධීර රූපසිංහ - ඇය අනාත කොට විදේශ ගතවීමයි.වික්‍රම රේඛා සමග - ස්වර්ණා කහවිට - පෙම් සබදතාවක් වේ.සිඩ්නි සිඩ්නි මෙයට විරුධ්යි.රේඛා ගේ පියා - එච්.ඩී .කුලතුංග මොවුන් ගේ වත්තේ හිටපු මුරකරු බැවිනි.ප්‍රසාද් - රොබින් ප්‍රනාන්දු - වික්‍රම ගේ හොදම මිතුරාය.රිද්මා සමග ඇතිවන් ගැටුම් නිසා බුදලය වික්රමට පැවරීමට සිද්නිට ඕනෑ වේ.මේ අතර ප්‍රසාද් සමග අනියම් ඇසුරක් පවත්වා ගන්නා රිද්මා ප්‍රසාද් ලවා සිඩ්නි මරවයි.සිඩ්නි පිහිපහර ලබා සිටින විට වික්‍රම එතනට පැමිණ පිහිය ගලවයි.පොලිසියෙන් පැමිණෙන විට පිහිය අතැති වික්‍රම අත්අඩංගුවට පත්වේ.අතර මගදී වික්‍රම පලායයි.නිවසේ සේවයකළ සයිමන් - දොන් සිරිසෙන - හා ලීසි - ලලිතා අල්මේදා - මෙන්ම රේඛා ද අතුරුදහන් වේ.රිද්මා ගේ පැරණි පෙම්වතා සේනක  පැමිණ නැවත රිද්මා හා සම්බන්ධයක් ඇතිවේ.සයිමන් ,ලීසි,රේඛා  සොර කණ්ඩායමක අතවර වලට  ලක්වේ.වික්‍රම හොර නායකයා මරා රේඛා ගලවා ගත්ත ද ඇය එතනින් පැනයයි.සොරු මිය ගිය  නායකයා වෙනුවට වික්‍රම පත්කර ගනී.දුප්පතුන් ගෙන් නොව ධනවතුන් ගෙන් මංකොල්ල කෑම වික්‍රම ප්‍රතිපත්තිය කර ගනී.එයට විරුධවන තවත් සොරෙක් - ලයනල් දැරණියගල - වෙනම කණ්ඩායමක් හදා ගනී.මේ අතර ගැමියන් අතරට එන රේඛා සිහිසුන් වේ.ගැමි ස්ත්‍රියක් - සීතා කුමාරි - හට  පිහිට වේ.පොලිසිය සොරමුල වටකරයි. පලායන වික්රමට වෙඩි වදී .යටත්වන අනෙක් නායකයා සොරමුල පාවාදෙයි.වික්රමට ගමේ තරුණියක් - දේවිකා කරුණාරත්න - පිහිට වේ.තරුණිය වික්රමට පෙම් බදී .ඇගේ පියා  පියා - ශේන් ගුණරත්න - පොලිසියෙන් රැගෙන එයි.වික්‍රම පලායයි.අතරමගදී සේනකට වික්‍රම පිහිටක් වේ.මේ නිසා සේනක ගෙන් වික්රමට රැකියාවක් ලැබේ.සේනක රිද්මා බැලීමට එන්නේ වික්‍රම සමගිනි.ඒ වනවිට රැකියාවක් සොයා රේඛා ද එහිවේ.ප්‍රසාද් මේ අවස්ථාවේ එතනට පැමිණේ.සේනක හා ගැටුමක් වේ.වික්රමද ඊට හවුල් වේ.පොලිසියෙන් මේ අවස්තාවට පැමිණෙන්නේ රිද්මා ගේ  දුර ඇමතුමකිනි.ප්‍රසාද් සියල්ල හෙළිකරයි.රිද්මා සහ ප්‍රසාද් පොලිස් අඩංගුවට පත්වේ.වික්‍රම  සහ රේඛා එකතු වේ.අමතර රංගනය සදහා ජෙසිකා වික්‍රමසිංහ,මල්ලිකා ජයරත්න,මාලනී රත්නායක,චන්ද්‍රිකා සිරිවර්දන ,එම.පී.ගැමුණු, ජෝ ලිවේරා ආදීන්ද එක්විය මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, March 26, 2023

1971 මාර්තු 03 සිංහල සිනමාවේ 227 වැන්න - කලණ මිතුරෝ - චිත්‍රපටය - තිරගත විය

 1971 මාර්තු 03 සිංහල සිනමාවේ 227 වැන්න - කලණ මිතුරෝ -  චිත්‍රපටය - තිරගත විය.දොස්ති හින්දි චිත්‍රපටයේ අනුකරන්යකි.දෙබස් රචනා කලේ ආනන්ද සිරිසේන වේ.කේ.කේ.ජගත්තියානි ගේ නිෂ්පාදනයක් විය.කිංස්ලි රාජපක්ෂ ගේ අධ්‍යක්ෂණයකි.කැමරා අධ්‍යක්ෂණය දයා විමලවීර වේ. කළා අධ්‍යක්ෂණය ද කිංස්ලි රාජපක්ෂ වේ. සංස්කරණය සිරි කේ විතාරණ ගෙනි.රොහාන් මුදන්නායක වේශ නිරුපනය කළේය.මර්වින් බෙන්ස් ශබ්ද පරිපාලක වරයාය.සංගීත අධ්‍යක්ෂණය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් වේ.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර සමග ඔගස්ටස් විනයාගරත්නම් වේ.වික්ටර් රත්නායක,මොහිදීන් බෙග්,ලතා වල්පොල පසුබිම් ගීත ගායනා කළේය. කලණ මිතුරු දහමයි , දිනෙක යන මෙතැන් සිට,උපන් කාට උනත් මේ , භවෙන් භවය මම ඔබෙන් ලබන ලද ,මහා මේර සාගර උසුලන පොලෝ තලේ,ගීත වික්ටර් රත්නයක් ගේ ගායනා වේ. යුග්ම තාරකා හිනැහෙන ලතා වල්පොල ගේ ගායනයකි . අභිමාන ධීර වීර මේ අභිජාත ශ්‍රී ලංකා මොහිදීන් බෙග්  ගායන කරතිබේ. කතා සාරාංශය මෙසේය. ජයන්ත - වික්‍රම බෝගොඩ - රිය අනතුරක් නිසා පාදයක් අහිමිව නිවසට එන  විට අසාධ්‍ය ලෙස රෝගීව සිටි මව දක්නට නොලැබෙයි.පාසල් ගාස්තු ගෙවීමට නොහැකි නිසා ඔහු ගේ ඉගෙනුම කඩාකප්පල් වී තිබේ.මහ මගට වැටෙන  ජයන්තට කිසිවකු පිහිට නොවේ.කිහිලිකරුවෙන් ඇවිද යන ජයන්ත දුම්රියේ  හැපෙන්න යන අන්ධ තරුණයෙක් බේරා ගනී.ඔහු නමින් තිස්ස - තිස්ස විජේසුරේන්ද්‍ර - වේ. ඔහුගේ රක්යාව  මගමග ගී ගැයිමයි. ස්වභාවික විපතකට පත්වන ඔහුට සොයුරිය ද අහිමිව තිබිණි.තස්ස සොයුරිය සොයමින් සිටි.ජයන්ත ද මවුත්  ඕගනය වාදනය කරමින් තිස්සගේ වෘ තියට සම්බන්ධවේ. අසල නිවසක සිටින ශිලු නමැති දැරිය ඔවුන් හා මිතුරු වේ.නමුත් අගේ සොයුරා - ටෝනි රණසිංහ - එයට අකමැතිය.ජයන්තට පාසල් යාමට තිස්ස වියදම් දෙයි.නමුත්  සෙසු සිසුන්හේ හිංසාවන් නිසා ජයන්තට ඉගෙනීම එපාවේ. මේ අතර දැරිය මිය යයි.ඇගේ  සොයුරා තිස්ස තම නිවසට රැගෙන යයි.දැරිය බලාගත්තේ ඔහු ගේ සොයුරිය - නිලා ලියන්ගෙදර - විසිනි.ඔවුන් මුණ ගැසෙන්නේ නැත.විදුලි පහන් එළියෙන් පාඩම් කරන ජයන්තව එතනින් පලවා හරින රස්තියාදු කාරයෝ එතන සුදු කෙළිති.පොලිසියට හසුවන ඔවුහු ජයන්ත ද තම සගයෙක් බව කියයි.ජයන්තට හිතවත් ගුරුතුමා - ඩී .ආර්. නානායක්කාර - ඔහුව බේරා ගන්නේ කොන්දේසියක් පිටය.ඉගෙන ගැනීමට තිස්ස සිටින කාමරය හැරදා එන ලසය.තම අරමුණ ඉටුකර ගැනීමට ජයන්ත එයට එකගවේ.ජයන්ත අහිමි වීම නිසා තිස්ස රෝගිවේ.වැසි දිනක තම මතුරා සොයා යනවිට තිස්ස ඇදවැටී රෝගය උත්සන්නවේ .රෝහලේ දී උවැටන් කරන්නේ ඇගේ සොයුරිය වේ.මේ වනවිට ඇය ශිලු ගේ සොහොයුරා හා විවාහවී සිටි.ජයන්ත විභාගයෙන් ඉහලින්ම සමත්වේ.රෝහලේදී මේ පුවත තිස්ස ට දැනගන්නට ලැබේ.තිස්ස රෝගී නිසා ජයන්ත තිස්ස බැලීමට පැමිණේ.මිතුරෝ එකිනෙකා වලද ගනී.තිස්ස තම සොයුරියද ආදරයෙන් වැලද ගනී. අමතර රන්ගධාරින්  වුවේ එඩී ජයමාන්න,දොමි ජයවර්දන ,එම් .වී. බාලන්,ශිලු, ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,නිමල් ගම්මුදලි ආදීන් වේ. තිස්ස විජේසුරේන්ද්‍ර ගේ පළමු ච්ත්‍රපටය මෙය වුවත් තිරගත වනවිට තුන් වැන්න විය.දොස්ති මෙරට ජප්රිය වූ තරමට  - කලණ  මිතුරෝ - මෙරට ජනප්‍රිය නොවිණි.එල්පින්ස්ටන් සිනමාහලේ දින 32 පමණක් ප්‍රදර්ශනය විය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.




Friday, March 24, 2023

1971 පෙබරවාරි 11 තිරගත වන්නේ සිංහල සිනමාවේ 226 වන චිත්‍රපටයයි.

 1971 පෙබරවාරි 11 තිරගත වන්නේ  සිංහල සිනමාවේ 226 වන චිත්‍රපටයයි.එය තිමති වීරරත්නයන් ගේ අධ්‍යක්ෂනයක්  වූ - දැවෙන පිපාසය - චිත්‍රපටය වේ.පැසිපියා පිල්ම්ස් වෙනුවෙන්  පබ්ලික් දොඩන්ගොඩ ගේ නිෂ්පාදනයක් වේ. කතාව සහ දෙබස් සහ ගීත රචනය හෙන්රි ධර්මසේන ගෙනි.සංස්කරණය කරනු ලැබුවේ ඒ.ඒ. අමරදාස විසිනි.තිර රචනය ,කැමරා අධ්‍යක්ෂණය තිමති වීරරත්න වේ.සංස්කරණයට ද තිමති වීරරත්න දායකව තිබේ.ගීතනු සහ සංගීත අධ්‍යක්ෂණය පී.වී.නන්දසිරි විසිනි. ලතා වල්පොල ,පී.වී.නන්දසිරි, එච්.ආර්.ජෝතිපාල ,ශ්‍රීමති තිලකරත්න පසුබිම් ගායනා කරන ලදී.ගීත 4 අඩංගු විය.මේ මහා ජීවන කතරේ,ලස්සන ලස්සන මල්වාගේ,රිදී වලා තුලින් එබී ,තෘෂ්ණා පිපාසේ  කාම පිපාසේ මේ ගීත වේ.මෙහි රිදී වලා තුලින් ගීතය පෙර නිර්මාණය කල කේවල ගීයකි.එය ලංකාවට පැමිණි භාරතීය කළා ශිල්පී බ්‍රිජු මොහාන් මහාරාජ් විසින් වේදිකා ප්‍රසංගයක දී ගයන  ලදී. එය මේ චිත්‍රපටයට එකතු කර තිබේ.කතා සාරාංශය මෙසේය. රහස් පරීක්ෂකයෙක් වන රොබින් - රොබින් ප්‍රනාන්දු - රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව නීලා - නිලන්ති විජේසිංහ - බෝඩිමට ඇරලවයි.කාමරයෙන් ඇසෙන ශබ්දයක් නිසා එතනින් ගමන් ගන්නා විසුළු ස්වභාවයේ පුද්ගලයන් දෙදෙනෙකු කාමරයට ඇතුළු වෙති.එම ශබ්දය එන්නේ නිලා සහ ඇගේ යෙහෙළිය අයිරින් - ගර්ලි ගුනවර්දන - අසමින් සිටින ගුවන් විදුලි නාටකයකිනි .රෝයි - රෝයි ද සිල්වා - හා ස්ටැන්ලි - ස්ටැන්ලි පෙරේරා - නම් මේ විසුළු ස්වභාවයේ දෙදෙනා නැතිවූ තරුණියන් සෙවීමේ නියුතු පෞද්ගලික රහස් පරීක්ෂකයන් දෙදෙනෙකි. - ටින් ටින් කතාවේ රහස් පරීක්ෂකයන් ඇසුරෙන් මෙය නිර්මාණය කොට තිබේ - .තරුණියන් වැඩිපුර නැතිවෙන්නේ බදුල්ල ප්‍රදේශයෙනි.ඒ පිළිබද පරීක්ෂණය රොබින් ට පැවරේ.බදුල්ලට යන රෝයි හා ස්ටැන්ලි සර්කස් පැසිපියා සංදර්ශනය නරබති.එහිදී ද තරුණියක පැහර  ගනී.මේ තරුණියන් පාලු නිවසක රදවා ගැනේ.ඔවුන් ගේ රැකවරණයට සැරපරුෂ ස්ත්‍රියක් වේ.- පර්ල් වාසුදේවි - නිවසේ කාමරයක විශාල චිත්‍රයක් තිබේ.ප්‍රධානියා අනදෙන්නේ මේ චිත්‍රයේ ඇස්දෙකෙන් නිරීක්ෂණය කරමිනි.තරුණියන්ට වධදෙන කණ්ඩායමේ නායකයා පියදාස - පියදාස ගුණසේකර - වේ.නිලා ගේ දෙමාපියන් නැත .ය තමා හදා වඩාගත් මාමා ජයසේකර - දොන් සිරිසේන - හා නැන්දා -ශාන්ති ලේඛා බැලීමට බදුලු යයි.නිලාගේ පියා විද්‍යා පරික්සකයෙකි .පරීක්ෂණයක් වැරදි ඔහු සමග නිවසත් විනාශවු බව කියයි.රොබින්  හා නිලා එක්ව  සිටිනු මාමාට හා නැන්දාට පෙන්වන්නේ නිලා හා විවාහ වීමට සිතා සිටින නොයෙල් ය.රොබින්  නිලා හා විවාහ වීමට අවසරය පතයි. විවාහ වී මධු සමයට යන අතර පාලු පෙදෙසදී රිය යාන්ත්‍රික දෝෂයකට ලක්වේ.අතර මග ඉන්ධන හලේ වෙස්වලාගෙන සිටින සාජන් දයානන්ද - දයානන්ද ජයවර්දන - හමුවේ.ඔහු ද තරුණියන් සෙවීමේ පරීක්ෂනයට සම්බන්ධව සිටි.රොබින් නිලා හා පරිසරයේ ඇවිදීමට යන අතර සිරෙන් පැනයන ලුකස් - එඩී ජුනියර් - හමුවේ..වැස්සක් කඩා වැටේ එයින් බේරීමට ලුකස් පෙන්වන කඩා වැටුණු නිවසකට දෙදෙනා යයි.දයානන්ද කැටිව ඒමට යන ලුකස් ව අතරමගදී මරා දැමේ.නිවසේදී නිලා ද අතුරුදන් වේ.දයානන්ද පැමිණේ රොබින් ඔහුව පොලිසිය කැදවා ගෙන ඒමට යවයි.අතර මගදී ඔහුව මරා දැමීමට කරන උත්සාහයෙන් ඔහු ගැලවේ.නිලාව ගෙන ගොස් අයට වධ දීමට පියදාස සැරසෙන විට පින්තුරයෙන් බලා සිටින ප්‍රභූ එය වලක්වයි.එවැන්නක් නතර කරන්නේ පළමු වතාවටය.පොලිස් පරීක්ෂක -බැසිල් ද සේරම් - කණ්ඩායම සමග කඩා වදී .රොබින් මැරයන් හා සටන් කර නිලා හා තරුණියන් බේරා ගනී.හසුවන් ප්‍රභූ - ශේන් ගුණරත්න - නිලා  තම දියණිය බව කියයි.අගේ කරේ තිබෙන මාලයේ ලොකට්ටුවේ පියාගේ හා මවගේ පින්තුර වේ.පියා දෙවන වරට විවාහ වන බිරිද තම දෙවැන්නා - ධම්ම ජාගොඩ - සමග අනියම් සබදතාවක් වේ.මෙය පියාට හසුවේ.තම දියණිය නැගණියට හදා ගැනීමට දේ .බිරිද  හා අනියම් සැමියා මරා දමයි.තමා ද මියගිය ලෙස ජීවත්වී තරුණියන්ට වැඩ හිංසා කරයි.ඒ බිරිග කෙරෙහි වූ ද්වේශය නිසාය.මේ පාපොච්චාරන්යෙන් පසු ව ඇගිල්ලේ වූ මුදුවේ වස පානය කර දිවි නසා ගනී.රොබින් ප්‍රනාන්දු ප්‍රධාන චරිතයක් කල පළමු චිත්‍රපටය මෙය වේ. අමතර රංගන යට පියදාස විජේකෝන්, විතාරණ ,පුජිත මෙන්ඩිස්,ශ්‍රියානි  පෙරේරා ,බන්දු මුණසිංහ,එච්.ආර්.ජෝතිපාල .ගුණසේකර කේ.පතිරණ, ස්ටැන්ලි ද .සිල්වා දායකව තිබේ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Wednesday, March 22, 2023

1971 ජනවාරි 04 තිරගත වන්නේ 225 චිත්‍රපටයයි.ඒ - පුජිතයෝ

 1971 ජනවාරි 04 තිරගත වන්නේ 225 චිත්‍රපටයයි.ඒ - පුජිතයෝ - චිත්‍රපටය වේ. වික්ටර් පෙරේරා ගේ නිෂ්පාදනයකි. ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා ගේ අධ්‍යක්ෂණයකි. ඇලන්සන්  මෙන්ඩිස් ගේ කතාවක් වේ.තිරනාටකය සහ දෙබස් සිරිල් හෙට්ටිගේ ගෙනි.කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ද  අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා ගෙනි .ශබ්ද පරිපාලනය මර්වින් රොඩ්රිගෝ වේ.වේශ නිරුපනය ඊබට් විජේසිංහ ගෙනි.මේ දශකයේ ප්‍රමුඛ පෙලේ සිනමා කරුවෙක් වන එච්.ඩී ප්‍රේමරත්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ සංස්කරණයට සහාය විය.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසයන් වේ.සිරිල් හෙට්ටි ගේ ,සිරිල් ඒ.සීලවිමල ,ධර්මසිරි ගමගේ, ධර්ම ශ්‍රී කල්දේරා ,සරත් විමලවීර,ලියු ගේය  පද ඩබ්ලිව් .ඩී .අමරදේව වික්ටර් රත්නායක , ,,ඒ.ජේ.කරීම්,ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න ,ජයතිස්ස හෙට්ටිආරච්චි ,මිල්ටන් මල්ලවආරච්චි,ලතා වල්පොල,සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළේය.මිල්ටන් මල්ලවආරචිචි  ගායනයට එක්වන්නේද මෙම චිත්‍ර පටයෙනි.කතා සාරාංශය මෙසේය.මණ්ඩාවල මුදලාලි -   එච්.ඩී .කුලතුංග - හා මැණිකේ ගේ -ශාන්ති ලේඛා  - දියණිය ඉන්ද්‍රා -  ස්වර්ණා කහවිට - පාසල් ශිෂ්‍යාවකි. ය පාසල් යන්නේ බණ්ඩා - දොන් සිරිසේන - සමගිනි.සිඩ්නි - ලයනල් දැරණියගල - ඉන්ද්‍රා විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන සිටි.ඉන්ද්‍රාත්  පියාත් එයට අකමැතිය.සල්ලාල පැවතුම් ඇති සිඩ්නි එම නිවසේ සේවිකාවට පවා රාගික බලපෑම් කරයි.මැන්ගෝ ගේ - දෙනවක හාමිනේ ගේ - පුතා ජයන්ත නොහොත් බිංදු - වොලී නානායක්කාර - වේ.දියණිය නීලා ය.- නිලන්ති විජේසිංහ - ඇගේ දෙනෙත අන්ධය .ඔවුනට පිහිට වන්නේ ඩයස් - ධර්මදාස කුරුප්පු - මාමා ය.බින්දු ගේ මිතුරු බන්දු  - ස්ටැන්ලි පෙරේරා - නිලාට පෙම් කරයි.දිනක් සිඩ්නි නිලාව බලයෙන් කාර්යට නංවා ගැනීමට උත්සාහ කරයි.ඊට මැදිහත් වන බිංදු හා බන්දු සිද්නිට පහර දෙයි.මේ නිසා සිඩ්නි ගේ මැරයෝ බින්දු හා බන්දු  සේවය කරන වෙඩි බෙහෙත් කම්හලට ගිනි තබයි.අනතුරට පත්වන බන්දු නිලා  වෛද්‍ය වරයෙක්  - ජෝ දඹුළුගල - ලගට රැගෙන යයි.එහි එන අක්ෂි වෛද්‍ය වරයෙක් වන මංගල - තිස්ස විජේසුරේන්ද්‍ර - නිලා සුවකළ හැකිබව පවසයි.රිකියාවක් සොයා මණ්ඩාවල නිවසට එන  බින්දුට ඉන්ද්‍රා මුණ ගැසේ .දෙදනා අතර පෙම් සබදතාවක් ඇතිවේ.බන්දුට වෛද්‍ය වරයා  ලග රැකියාවක් ලැබේ.මේ අතර සිඩ්නි වෛද්‍ය වරයා ළඟ ඇති ලිපියක් සොරා ගැනීමට උත්සාහ කරන්නේ මැණිකේ ගේ උපදෙස් අනුවය.මැදිහත් වන බඳු වෛද්‍ය වරයා බේරා ගනී.නිලා ගේ දෙනෙත් සුවකරන මංගල ඇයට නිවසට යාමට හෝ බඳු මුණ ගැසීමට ඉඩ නොදෙයි.ඒ මන්ගලද නිලාට පෙම් කරන බැවිනි.රාත්‍රී මණ්ඩාවල නිවසට පැමිණෙන සිද්නීරා පහර ගැනීමට සැරසෙන විට බිංදු මැදිහත් වේ.සිඩ්නි තබන වෙඩිපහරක් නිවසට පැමිණ සිටින මණ්ඩාවලගේ   ගේ සොහොයුරා ජගත්ට  - සතිස්චන්ද්‍ර එදිරිසිංහට - එල්ලවේ.ඔහු සිඩ්නි ගේ පියා බව හෙළිවේ.මේ අහර නීලා ද මංගල සමග එහි පැමිණේ.ජගත් ගේ පළමු බිරිය මියගිය පසු ඔහු බිමට ඇබ්බැහි වේ.ඔහුට පිහිට වන්නේ මැන්ගෝ ගේ දියණියයි.එහත දියණියන් දෙදෙනෙක් ලැබුණු පසු මව මිය යයි .එක දියණියක් මැන්ගෝ ලග වැඩෙන අතර අනෙක් දියණිය මණ්ඩාවල හදාගනි.මේ විස්තරයයි සොරා ගන්නට උත්සාහකල ලිපියේ ඇත්තේ.ඉන්ද්‍රා හා නිලා සිඩ්නි ගේ සොහොයුරියන්ය. මංගල සමග නීලා විවාහ වියයුතුයි සියලු දෙන අනුමත කලත් බඳු ගේ කටහඩ ඇසෙන නීලා බන්දුට සමීප වේ.ජෝ දඹුලුගල .සිනමාවට එක්වන්නේ ද මේ චිත්‍රපටයෙනි.අමතර රංගනයෙන් ෂේන් ගුණරත්න ,සෝනියා දිසානායක ,වයි.එම.කරුණාතිලක,පියදාස විජේකෝන්,විමල් කුමාර ද කොස්තා ,ලලිතා අල්මේදා ,ක්‍රිස්ටි පෙරේරා,වින්සන්ට් සේරසිංහ අද්දෙන දායකව තිබේ.


Monday, March 20, 2023

1970 දෙසැම්බර් තිරගත වූ - සුළි සුළං - චිත්‍රපටය සිංහල සිනමා වේ 224 වැන්නයි

    1970 දෙසැම්බර් තිරගත වූ -  සුළි සුළං -  චිත්‍රපටය  සිංහල සිනමා වේ 224 වැන්නයි .විජිත මල්ලිකා ඇන්ටන් ප්‍රනාන්දු දෙදෙනා  ගේ නිෂ්පාදනයක් වූ අතර ඇන්ටන් ප්‍රනාන්දු ගේ අධ්‍යක්ෂණයකි.දීර්ග කාලයක් චිත්‍රපට නිෂ්පාදන අංශයට සම්බන්ධව සිටි ඔහුගේ පළමුවන හා එකම අධ්‍යක්ෂනය වේ.විජිත මල්ලිකා ගේ ප්‍රථම විවාහක ස්වාමියා ද ඇන්ටන් ප්‍රනාන්දු වේ.පිටපත හා දෙබස් රචනය කේ හියුගෝ ප්‍රනාන්දු ගෙනි.කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස් ගෙනි,සංස්කරණය බර්නාඩ් රෙජිනෝල්ඩ් වේ. නැටුම් අධ්‍යක්ෂණය හෙලන් කුමාරි ගෙනි.සංගීත අධ්‍යක්ෂණය ටී.එෆ්.ලටීෆ් වේ.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ ,සිරිල් ඒ.සීලවිමල ගෙනි.ලාසිලනියස් කණ්ඩායම තනුව නිර්මාණය කර ගැයූ පෙම්ලොවේ සුරතලා ගීතය ද මේ චිත්‍රපටයේ විය.ලතා වල්පොල,ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක ,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල ,මොහිදීන් බෙග්,කැමිලස් පෙරේරා ආදීන පසුබිම්  ගායනා කළේය.කතා සාරාංශය මෙසේය.මාළු මුදලාලි ගේ - හියුගෝ ප්‍රනාන්දු - දියණිය මාලා - විජිත මල්ලිකා - රුවත්තියකි.තම පියා යටතේ සේවය කරන සිරිල් - වොලී නානායක්කාර - සමග ප්‍රේමයෙන් බැදේ .තරගකාරී මාළු වෙළෙන්දෙක් වන ඇඩා මහත්තයා - එච්.ඩී .කුලතුංග - සිරිල් සමග ගැටුමක් ඇතිවන්නේ අඩු මුදලට මාළු ගැනීමට යාමෙනි.ඒ අතර ඇඩා මහත්තයා මාලා ට ද පෙම් කරයි.මාලා ගේ මවගේ සොහොයුරා - ඩී .ආර්.නානායක්කාර - බීමට ඇබ්බැහි වූවෙකි.මාලා ගේ පියා තම ව්‍යාපාරයට මුදල් ලබා ගෙන තිබෙන්නේ තම ඉඩම ඇඩා මහත්තයා ලග උගස් තබාය.ඇඩා මහත්තයා මුදලාලි නිවසට  කැදවා බොන්න දී සිරිල්ව වාඩියෙන් පලවා හරින ලෙස ඉල්ලයි.එසිරිල් තමාට විරුධව පොලිසියට පැමිණිලි කල නිසාය.සිරිල්ට පිහිට වන්නේ මාලය.ඇගේ කනකර බඩු  දී ඔරුවක් ගන්න කියයි.සිරිල්ට  මුහුදේදී විශාල මාලුවෙක් හසුවේ.තවත් ඔරුවක  සිටින මැර ධීවරයෙක් වන - බන්දු මුණසිංහ - මාළුවා ඉල්ලයි. සිරිල් එය ප්‍රතික්ෂේප කරයි.වැල්ලේදී කිසිවෙක් මාළුවා මිලදී නොගනී.එහිදී ඇතිවන් අරගලයේ දී සිරිල් මැරයා ට  පිහියන් අනී . මේ අතර ඇඩා මහත්තයා මාලාට විවාහ යෝජනාවක් ගෙනෙයි.පියා එය ප්‍රත්ක්ෂේප කරයි. උපායෙන් ඇඩා මහත්තයා  පියාව කොළඹ ගෙනගොස් බීමට දී තරුණියක සමග සිටින ජායාරුප  ගනී.ඒවා පෙන්වා බියකර මාලාව තමාට විවාහ කරදෙන ලෙස ඉල්ලයි.මවට අසනීපව සිරිල් ගමට ගිය අතර ඇඩා මහත්තයා මාලාව විවාහ කර ගනී.සිරිල් ගේ ගමේ නැන්දා ගේ දුව කරුණා -ලීනා ප්‍රනාන්දු - හා විවාහ වීමට කල ඉල්ලීම නොතකා සිරිල් නැවත ධිවර ගමට එයි. මාලා ගේ පියා තමාට වූ පීඩා නිසා උමතුව සිටි.මාලා ගේ විවාහ දිවියද අසාර්ථකය.වෙරළේදී ඇඩා මහත්තයා හා සිරිල් අතර ගැටුමකදී මාලා ද එයට මැදිහත් වේ.සිරිල් එවිට මාලා ඇඩා මහත්තයා හා විවාහ බව දන ගනී.ඇඩා මාලාට කසයෙන් තලයි.මාලා සිරිල් ගෙන්  ඉල්ලා තමා බේරා ගන්නා ලෙසය.සිරිල් හා එක්වී ධිවර සංස්ථාවට මලු දෙන ධීවරයෝ ඇඩා ගේ ඒකාධිකාරය බිදී. ඇඩා වෙනත් තරුණියක සමග - පර්ල් කුරේ- නාන තැනට එන මාලා ට පහර දී පන්නා දමයි.මාලා මුහුදට පැන දිවිනසා ගනී.අමතර රංගනයට ඇන්තනි සී.පෙරේරා ,ලිලියන් එදිරිසිංහ , හෙලන් කුමාරි,සෝනියා දිසා ,ශ්‍රියානි ප්‍රනාන්දු,ප්‍රියන්ත ප්‍රනාන්දු ආදීන්ද දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Saturday, March 18, 2023

සුදේශ් ගුණරත්න

 

සුදේශ් ගුණරත්නඋඩුපුස්සෑල්ලාවේ උපතා ලබා කොටහේන ශාන්ත බෙනඩික් විදුහලෙන් අධ්‍යාපනය ලබා ගත්තේය.ගායන ශිල්පියෙක් වීමේ අභිලාසය විය.ලෙනින් මොරායස් සමග ලංකා චිත්රාගාරයට  ගියේ ඒ වෙනුවෙනි.නමුත් චිත්‍රපට නිෂ්පාදක රාජාබ් අලි සුදේශ් ව සිනමා නළුවෙක් කළේය. 1964 සිතක මහිම චිත්‍රපටයේ - පායන පුන්සද  - ගීත දර්ශනයේ  සුළු චරිතයකට පෙනී සිටියේය. 1965 ෆ්ලොරිඩා ජයලත් ගේ ස්වීප් ටිකට්ස් චිත්‍රපටයේ විජිත මල්ලිකා ගේ පෙම් වතා ලෙස  ප්‍රධාන චාරිතයක් රංගනය කළේය.1968 ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ  - ගොළු හදවත - හි වික්‍රම බෝගොඩ ගේ මිතුරා විය.1975 - ඇස් ඉදිරිපිට - ද රංගනය කළේය.1976 වාසනා චිත්‍රපටයේ මාලනීට යෝජිත පෙම්වතා වුවාය.1977 හිතුවක්කාරයෝ 1981 දයාබර නිලූ ,ජීවන්ති 1984 හදවතක වේදනා යන චිත්‍රපට ද සුදෙස් ගේ  විශේෂිත රංගන විය.සුදේශ් ගුණරත්නයන් මධුවිතට පෙම් නොබැන්දේ  නම් අවිවාහක ඔහු සිනමාවට අකාලයේ අහිමි නොවන්නට තිබිණි .

Friday, March 17, 2023

223 වන චිත්‍රපටය - වෙස්ගත්තෝ - වේ.තිරගතව තිබෙන්නේ 1970 දෙසැම්බර් 10

 223 වන චිත්‍රපටය - වෙස්ගත්තෝ - වේ.තිරගතව තිබෙන්නේ 1970 දෙසැම්බර් 10 දිනය.නිෂ්පාදනය ලීනස් දිසානායක සමග ලාල් දිසානායක වේ.අධ්‍යක්ෂණය වසන්ත ඔබේසේකර ගෙනි.සහාය අධ්‍යක්ෂණය සදහා සෝමසිරි දෙහිපිටිය සහ බන්දුල විතානගේ එක්ව තිබේ.කතාව, තිර නාටකය ,දෙබස් වසන්ත ඔබේසේකර ගෙනි."We are no Angles" ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි.කැමරා අධ්‍යක්ෂණය විලි බ්ලේක් ය.සංස්කරණය ලාල් දිසානායක ගෙනි. කළා අධ්‍යක්ෂණය චන්ද්‍රසිරි දෙහිපිටිය වේ.සංගීත අධ්‍යක්ෂණය සෝමදාස ඇල්විටිගල ගෙනි.මහගම සේකරයන්ගේ ගීත පදමාලාවන් වික්ටර් රත්නායකයන් ,වින්සන්ට් ප්‍රේමසිරි,බර්ටි රණසිංහ,පී.කේ .තිලකසිරි පසුබිම් ගායනා කළේය.අඩවන් දෑසින් පවසනු රහසින්,අපි සල්ලිකාරයෝ නම්බු කාරයෝ,කාගේද මේ කාසී දෙයියෝ දුන්න කාසි යන ගීත 3 විය.කතා සාරාංශය මෙසේය.මෙහි ප්‍රධාන චරිත වන්නේ හිරෙන් පැන යන සොරුන් තිදෙනෙකි.සිරිල් - සිරිල් වික්‍රමගේ - සෝමදාස - සෝමසිරි දෙහිපිටිය - ගුණදාස - නාමෙල් වීරමුනි තිදෙනා වේ.සමාජයට පැමිණියද සොරකම හැර කරන්නට වෙන රැකියාවක් නොවේ.ධනවතෙකු ගේ නිවසට ඇතුළුව සොරකම් කරන විට ධනවතාට හසුවේ.දාබරේ -පී.බී. මයිල්ලෑව - එම ධනවතා වේ.සමාජයේ ප්‍රභූ වරයෙක් වුවත් විදේශ විනිමය වංචා කාරයෙකි.මේ වංචා පිළිබද ලිපි ලේඛන සොලමන් සතුය.ඒ ලිපි ලේඛන සොරකම් කිරීමේ කොන්ත්‍රාත්තුව දාබරේ මේ තිදෙනාට පවරයි.දාබරේ ගේ ආධාරයෙන් සොරු තිදෙනා සමාජයේ ප්‍රභූ වරු ලෙස උසස් සමාජයට පිවිසේ.සොලමන් ඔවුන් ගේ ව්‍යාපාර ගැන අසන විට ඔවුන් කියන්නේ කොහු කර්මාන්තය බවයි.තමන්ට වඩා හොරු ප්‍රභූ සමාජයේ සිටින බව තිදෙනා පසක් කර ගන්නේ මේ ඇසුරු කිරීම් නිසාය.ලිපි ලේඛන සොරා ගැනීමට යාමේදී තිදෙනා නැවත පොලිසියට කොටුවේ.දාබරේ ගේ දියණිය - ප්‍රේමා ගනේගොඩ - හා ආයතන ලිපිකරු තරුණයෙකු - ලුෂන් බුලත්සිංහල - අහර පෙම් සබදතාවක් ගැන අතුරු කතාවක් ද මෙහි ඇතුලත් විය.අමතර රංගනයෙන් අයිවන් පණ්ඩිතරත්න,විමල් කුමාර ද කොස්තා ,දයා තෙන්නකෝන්,චන්ද්‍රපාල විජේසුරිය,කරුණා පාල ගමගේ,චන්ද්‍රිකා කෝන්ගහගේ ,ධර්මදාස කුරුප්පු ,චන්ද්‍රසිරි දෙහිපිටිය,පියසේන අහංගම ආදීන් දායක විය.මේ සමඟින් විමල් කුමාර් ද කොස්තා රඟපෑ නිහඬ අභිරූපන කෙටි චිත්‍රපටයක් ද පෙන්වීය.මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

ද සිල්වා රත්නා කුමාරි



 ද සිල්වා රත්නා කුමාරි 

නුවර එළියේ උපත ලද්දේය. එස්.එම් .නායගම් ගේ හදුන්වාදීමෙන් සිනමාවට අවතීර්ණ වුවාය.අති  සාර්ථක -බොක්ස් ඔපීස් වාර්තා තැබූ - 1954 තිරගතවූ -අහංකාර ස්ත්‍රී - පළමු චිත්‍රපටය වේ.රවීන්ද්‍ර රුපසේන  ගේ පෙම්වතිය නිර්මලා  ලෙස රංගනය වුවාය.1955 මෙතුමිය මාතලන් චිත්‍රපටයේ ද මහා මන්ත්‍රී දුෂ්ට බුද්ධි ගේ දියණිය මාතලන් ගේ පෙම්වතිය ලෙස රංගනය කළේය. එම චිත්‍රපටය ද අති  සාර්ථක -බොක්ස් ඔපීස් වාර්තා තැබූවේය.ඉන්පසුව 1957  කේ. වෙලින්ටන් සිල්වාගේ ලේ කදුළු -මිමි 1 6 වර්ණ - හි රංගනය කළේය .එම වසරේම -සුකුමලී -  චිත්‍රපටයේ සුළු චරිතයකින් පසුව සිනමාවෙන් සමුගත්තේය. එතුමියගේ තොරතුරු  වත්මනෙහි අප්‍රකටය .ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරිනි තොරතුරු ලබාගතිමි ජායාරුපය ඉසුරු වික්‍රමාරච්චි ගේ සිනමා එල්කේ වෙතිනි.


Wednesday, March 15, 2023

1970 නොවැම්බර් 18 සිංහල සිනමාවේ 222 වන චිත්‍රපටය දොරට වඩි

 1970 නොවැම්බර් 18 සිංහල සිනමාවේ 222 වන චිත්‍රපටය දොරට වඩි .සිනමාවට අලුත් අධ්‍යක්ෂක වරයෙක් එකතුවේ.ඒ රන්ජිත් ලාල් ය.රන්ජිත් ලාල් සිනමාවට පිවිසෙන්නේ 1966 දී - වෙර -වාර්තා චිත්‍රපටය සමගිනි එය මිමි 16 විනාඩි 16 සිනමා පටයක් විය.ආනන්ද විදුහලේ   උසස් පෙළ සිසුවෙකුව සිටියදී එහි තවත්  උසස් පෙළ සිසුවන් ද එයට එක්විය.ප්‍රේමකීර්ති ද අල්විස්,ආනන්ද නිලවීර,නම්මුණි ද සොයිසා ,චන්ද්‍රසිරි මුදන්නායක,ඩිල්මන් ජයරත්න,රන්ජිත්කුමාර ඒ  දායකයෝය. 222  - නිම් වළල්ල - චිත්‍රපටයට ද මේ දායකයන් ගේ එකතුවකි .සිසුන් පිරිසක් තැනු පළමු හා එකම චිත්‍රපටය ද මෙයයි.අධ්‍යක්ෂණය රන්ජිත ලාල් වේ.නිෂ්පාදනය සදහා රන්ජිත් ලාල්,ආනන්ද නිලවීර,පී.ටී.අමරසිරි,  නම්මුණි ද සොයිසා,චන්ද්‍රසිරි මුදන්නායක දායකව තිබේ.කතාව රචනා කලේ සුනිල මාධව ප්‍රේමතිලක වේ.තිර රචනය අසෝක ඩයස් වීරසිංහ වේ.කැමරා අධ්‍යක්ෂණය ද ආනාන්ද යේම සිසුවෙක් වූ ඩිල්මන් ජයරත්නය.කළා අධ්‍යක්ෂණය නාමාවලිය  රන්ජිත් කුමාර ගෙනි.මේ වනවිට මෙතුමා 1969 - මොකද වුනේ - නාමාවලි නිර්මාණ කර තිබිණි.සංස්කරණය  හා සංගීත අධ්‍යක්ෂණය ද රන්ජිත් ලාල් වේ.චිත්‍රපට අධ්‍යක්ෂක වරක් සංගීත අධ්‍යක්ෂණය කල පළමු අවස්තාව ද මෙයවේ.ගීත රචනා සුනිල් ආරියරත්න,මහින්ද අල්ගම,හා රන්ජිත් ලාල් ගෙනි.සුනිල් ආරියරත්නයන් එවකට විශ්ව විද්‍යාල සිසුවෙකි.වික්ටර් රත්නායකයන්,සී.ටී.ප්‍රනාන්දු සුරින් ,නෙවිල් ප්‍රනාන්දු ප්‍රධාන ලොස් කැබැල්ලොස් කණ්ඩායම ද එක්විය.හඳට අඬන කිරි දරුවෝ ,නිසයුරු මුතුලැල්, පිපෙන රැයේ ඇතුළත්වූ ගීත වේ ප්‍රධාන චරිතයකට තිස්ස විජේසුරේන්ද්‍ර තෝරා ගන්නා විට එතුමා ද නාලන්දා විදුහලේ සිසුවෙකි.ඒ වනවිට  - කලණ මිතුරෝ - හි රගපාමින් සිටියේය.නමුත් තිරගතවූ පළමු වැන්න නිම් වළල්ල  වේ.කතා සාරාංශය මෙසේය.සිසුවන් ගේ උසස් පෙළ ප්‍රතිපල නිකුත්වේ.ජිනේ - නිශ්සංක අමරසිංහ - අසමත්වේ.දුප්පත්  සිසුවෙක් වූ ජිනේ ජීවත්වන්නේ පියා - පියදාස ගුණසේකර - නැගණිය විමලා - දේවිකා කරුණාරත්න - මිත්තනිය - දෙනවක හාමිනේ -  සමගිනි.විබාග්‍ය අසමත් නිසා ජිනෙට පියාගේ  ඇනුම් බැනුම් වලට ලක්වේ.නැගණිය මුඩුක්කුවේ සිටින මදාවි සෝමේ - සිරිල් වික්‍රමගේ - නමැති මාරයා සමග සම්බන්ධකම් පවත්වයි ජිනේ ට එය නුරුස්සයි.ජිනෙට දයාවෙන් සලකන්නේ මිත්නිය පමණි.නැවත විබාගය ලියන්න සිතන ජිනේ සම්පත් -  තිස්ස විජේසුරේන්ද්‍ර -  ගේ නිවසට යයි.මිතුරන් වන ගීත් - අමරසිරි කලන්සුරිය - හා ආනන්ද - ආනන්ද නිලවීර - ද එකතුවේ.සම්පත් ගේ සොයුරිය චිත්‍රා - ස්වර්ණා මලල්වආරච්චි - විවාහය අසාර්ථකව සිටින  උපාධි ගුරුවරියකි.චිත්‍රා ද දෙමාපියන් සමග සිටි. සම්පත්  පොහොසත්ය.ඔහු ගේ මව - රුක්මනී දේවි - පියා - ජේ.බී.එල් .ගුණසේකර - සම්පත්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා තිබේ.සම්පත් ගේ උපන්දින සාදය දා ජිනේ සම්පත් ගේ 

නෑදෑ  සොයුරියක්  වන නිලූ - ජානකි කුරුකුලසූරිය - හදුනා ගනී.නිලූ එදිනෙදා ජීවිතය විනෝදයෙන් ගවන බරක් පතලක් නැති තරුණියකි. නිලූ ජිනේ ට ආදරය කරයි.එය හුදු විනෝදය පිණිස බවපෙනේ.ජිනේ නිලූ හා බැඩ්මින්ටන් ක්‍රීඩා කරන අතර චිත්‍රා ගෙන් පොත පත කරුණු ඉගෙන ගනී.මේ අතර නිලූ ගීත් සමග ද ප්‍රේම සම්බන්ධ්‍යක්පවත්වන බව සිතන ජිනේ ඒ ගැන කලකිරෙයි . චිත්‍රා ඇලුම් කරන්නේ ජිනේ ගේ සිරුරටයි.ඔහුගෙන් කාමාශාව සංසිදුවා ගැනීම ඇගේ අරමුණ  වේ.මේ තත්වය මත කලකිරෙන ජිනේ සම්පත් ගේ නිවාස හැර මිතුරෙකු ගේ  පියාට අයත් වතු යායක නැවතීමට යයි.එයින්ද පාලු ජීවිතේ හෙම්බත්ව නැවත තම නිවසට පැමිණේ.මිත්තනිය මිය ගොසිනි.විමලා මදාවි සෝමේ හා විවාහව සිටි.පියා දනිවස හැර ගොසිනි.ජිනේ නැවත සම්පත් සොයා යයි.හමුවන්නේ චිත්‍රා ය.ඇය ඔහුගෙන් තම ආශා සංසිදුවා ගනී.නිලූ ගේ ආදරයත් චිත්‍රා ගේ රාගයත් මැද අතරමං වන ජිනේ අලුතින් ජීවිතය ඇරබීමට ඉටා ගනී.රංගන දායකත්වයට මොනා මංගලා ,කිංස්ලි දිසානායක,රත්නසිරි රාජපක්ෂ ,බන්දුල සුරිය බණ්ඩාර සී.ටී.ප්‍රනාන්දු ආදීන්ද එක්විය.වෙළද පළේදී එවකට  - ඔහොම හොදද - චිත්‍රපටය සමග තරගකාරී පසුබිමක් විය දින 20 පමණ ප්‍රදර්ශනයට සීමාවිය.

                 මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී."සරාගී" - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය - රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි."මා වැනි බිළින්දා" - අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම - විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.

මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, March 13, 2023

තුං මං හන්දිය - චිත්‍රපටය සිංහල සිනමාවේ 221 වන චිත්‍රපටය වේ

 තුං මං හන්දිය - චිත්‍රපටය සිංහල සිනමාවේ 221 වන චිත්‍රපටය වේ.1970 ඔක්තෝම්බර් 23 තිරගත විය .චිත්‍රා බාලසුරිය නිෂ්පාදක වරයාවේ.ගීතය,නවකතාව ,ච්ත්‍ර ශිල්පය ,නාට්‍ය පෙළ රචනය, මුර්ති,කංචුක නිර්මාණ,පරිවර්තන,සහ පුවත් පත් කළා වේදය යන පුළුල්  ප්‍රතිභා වෙන් පෝෂිත වූ ලලිත කලයතානයේද විදුහල් පතිවු මහගම සේකරයන් මේ චිත්‍රපටයේ  අධ්‍යක්ෂක වරයාවේ. එතුමා ගේ තුං මං හන්දිය නවකතාව ඇසුරෙනි .සේකරයන් ගේ චරිතාපදානය මෙන්ම ස්වීය අත්දැකීම් වලින් නවකතාව පෝෂණය විය.   මෙහි තිරපිටපත හා දෙබස් ද මහගම සේකරයන් රචනා කළේය.කැමරා අධ්‍යක්ෂණය සුමිත්ත අමරසංහ වේ.සංස්කරණය ජයතිස්ස දිල්ලමුනිවේ. කළා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාලයන් ගෙනි.ඔහු සහාය අධ්‍යක්ෂක වරක්යෙක්  ද විය.රසායනාගාර පාලක එස්.තිරුනාවුකරසු වේ.ගීත පටිගත කිරීම් මර්වින් රොඩ්රිගෝ ගෙනි.වේශ නිරුපනය රත්නසිරි සේනාධීර ගෙනි.සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් අමරදේවයන් වේ.ගායනා විජේරත්න වරකාගොඩ සහ පණ්ඩිත් අමරදේවයන් වේ.පදමාලාවන් ද මහගම සේකරයන් ගෙනි.ගීත 3 ඇතුලත විය.යන්නෙම් දක්නාසේ මා සිත් ගත්තාවූ ඒ ලාලනී,අතීතයෙන්  ගඟ ගලා බසී,ඔබේ ඇසිනි මා දුටුවේ එම ගීත වේ.කතා සාරාංශය මෙසේය.අබිලින් අප්පුහාමි -ජෝ අබේවික්‍රම - කේන්ද්‍රීය චරිතයයි .අත්දැකීම් විකාශනය වන්නේ සොයුරිය ගේ - ශාන්ති ලේඛා - පුතා සිරිසේන දැක්මෙනි..- .කරුණාරත්න රණසිංහ - අබිලින් ගැමි කලාකරුවෙකි.පැතිරුණු ප්‍රතිභාවක් විය.සැමට පිහිට වන යහපත ගති පැවතුම් වලින් හෙබිය.සොයුරා සේතන් අප්පුහාමි -ධර්මදාස කුරුප්පු -වෙළෙන්දෙකි.ආත්මාර්ථකාමිය මසුරුය.සොයුරිය හා සැමියා - ඩී .ඒ.බාලසුරිය - අබිලින්ට හිතවත් වේ.සිරිසේන ඔවුන් ගේ පුත්‍රයාය.සේතන් ගේ ගෙදර මව ද - දෙනවක හාමිනේ - පදිංචිව සිටි.අබිලින් සොයුරිය ගේ නිවසේ සිටි. ගමේ සියලු කළා කටයුතු වලදී මගුල් මඩු,තොරන් ,අවමගුල්  උත්සව සැරසිලි, සියල්ලේදී ගම්මු අබිලින් සොයා එති.කිසිදු දෙයකට මුදල් අය  නොකරයි.නමුත් ගැමියන් බය පක්ෂ කම් දක්වන්නේ කාටවත් උදව්වක් නැති සේතන් ටය.අබිලින් සුදු මැණිකේ  - ගීතානි වික්‍රමසිංහ - සමහ සම්බන්ධකමක් වේ.ඇගේ පියා පොඩි මහත්තයා - චන්දරපාල විජේසුරිය - හා මව - සෝමා බෝපිටිය - විරුද්ද ය.සිරිසේන ද කල හැකියාවන් ඇත්තෙකි ඔහු මාමාට අත් උදව් වේ

අබිලින් එය සලකන්නේ තම කළා උරුමයේ ඊලග පරම්පරාව ලෙසය..සේතන් හා විවාහ වන යසවතී - ස්වර්ණා මල්ලවආරච්චි - ඔහුටම ගැලපේ.ආත්මාර්ථකාමී මසුරුය.අබිලින් රාලහාමි හා එක්ව චිටර් නාට්‍ය මඩුවක් පවත්වයි.එය අසාර්ථක වේ.සුදු මැණිකෙත් වෙනත් අයකු හා විවාහය අබිලින් ගේ කල ජීවිතයේත් පෞ ද්ගලික ජීවිතයේත් පරිවර්තනයක් වේ .එනිසා බීමටත් සුදුවටත් ඇබ්බැහිවේ.සුදුහමිනේ ගේ මගුලේදී විවිධ අලංකාර සැරසිලි භාවිතාවේ.ගම්මුන් ද ඒවාට යොමුවක් වේ.සිරිසේන මරදානේ ටෙක්නිකල් කොලිජියේ චිත්‍ර ඉගෙනීමට අවස්තාව ලබයි.අබිලින් සිරිසේනට  උදව්‍  කිරීම සදහා රාලහාමි ගේ වත්තේ වැඩට යයි.එහිදී නැවතත් බීමට ඇබ්බහි වේ.මේ නිසා ලෙඩ වෙන අබිලින්  රෝහලට ඇතුලත් කරයි.සිරිසේන ගේ චිත්‍රයක් ප්‍රදර්ශනයක දී පළමු ස්ථානය ලබයි.ඒ සතුට විදින්නට මාමා නැත සියල්ලන්  ඉදිරියේ අබිලින් රෝහලේදී මියයයි.අව්මගුලේදී රෙදි දැන්වීම් අදින්නේ සිරිසේනය . අව්සානයහි තුං මං හන්දියෙන් සිරිසේන බසයට නගින්නේ කොළඹට යාමට ඒ මාමා  අනුදත් මාර්ගය වේ. අමතර රංගන යට සෝමසිරි දෙහිපිටිය,කුමාර බාලසුරිය,ගැමුණු විජේසුරිය,ධර්මසේන හෙට්ටිආරච්චි,සුනිල්  ජයවීර, ශ්‍රීමත් බී .ලේකම් ගේ,බී ,එස්,කරුණාරත්න,චන්ද්‍රා කළුආරච්චි ,ධර්මසේන අතුකෝරල,නිමල් ගම්මුදලි ආදීන් දායක විය.ආදායම් උපයිමෙන් එතරම් සාර්ථක නොවීය.1971 සිව්වන විචාරක සම්මාන උළෙලේ දී හොදම චිත්‍රපටය,හොදම නළුවා, - ජෝ අබේවික්‍රම - හොදම අධ්‍යක්ෂණය - මහගම සේකර -   සම්මානයට පාත්‍රවිය.1972 දේශීය සිනමාවට 25 වසරක් පිරීම නිමිත්තෙන් විචාරක සංගමය හොදම චිත්‍රපටය තෝරන විට  තුං මං හන්දිය - චිත්‍රපටයසිව්වන ස්ථානයට තේරිණි.1980 කතෝලික සිනමා පර්ෂද උත්තමාචාර උළෙලේදී 70 දශකයේ විශිෂ්ටම නිර්මාණය ලෙස තුං මං හන්දිය - චිත්‍රපටය තේරිණි.1997 දේශීය සිනමාවේ එතෙක් නිර්මාණය වූ හොදම චිත්‍රපට තොරණ විට හයවන ස්ථානය තුං මං හන්දිය - චිත්‍රපටය ලබා ගත්තේය.1972 වසරේ  17 කාර්ලොච්වාරි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදීත් ,1973 ටෂ්කන්ට් අන්තර් ජාතික ආසියා අප්‍රිකානු සිනමා සම්මාන උළෙලේදීත්  තුං මං හන්දිය - චිත්‍රපටය තිරගත විය.ටෂ්කන්ට් උළෙලේ දීත් තුං මං හන්දිය - චිත්‍රපටය ඩිප්ලෝමා සහතිකයක් හිමිවිය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Thursday, March 9, 2023

220 වන සිංහල සිනමා පටය - ඔහොම හොදද -

 220 වන සිංහල සිනමා පටය  - ඔහොම හොදද  - චිත්‍රපටය වේ.ඒ.එස්.එම් .බුහාරි ගේ නිෂ්පාදනයකි.ජේකබ් සෙල්වරත්නම් ගේ අධ්‍යක්ෂණයකි.1970 ඔක්තෝම්බර් 11 තිරගත විය.1963 තිරගත  වූ  - පෙරිය ඉඩත්තු පෙන් - චිත්‍රපටය ඇසුරින් නිර්මාණය ව තිබේ.තිර රචනය කාර්මික අධ්‍යක්ෂණය ද සෙල්වරත්නම් වේ.සහය අධ්‍යක්ෂණය නිහාල් ඒ ජයසිංහ වේ.කතාව ඒ.එස්.එම් .බුහාරි වේ.සංගීත අධ්‍යක්ෂණය එම් .කේ.රොක්සාමි මාස්ටර් වේ.ගීත රචනා කරුණාරත්න අබේසේකර සමග නිහාල් ඒ ජයසිංහ වේ ගීත ගායනා එච්.ආර්.ජෝතිපාල,මිල්ටන් පෙරේරා ,මොහිදීන් බෙග්,සුජාතා අත්තනායක,ඇන්ජලින් ගුණතිලක ,ඇන්ටන් ජෝන්ස් දායකව තිබේ. කතා සාරාංශය මෙසේය.සංගීත වේදියෙක් වන ජෝකිනු මාස්ටර් - හියුගෝ ප්‍රනාන්දු - ගේ තරුණ පුතා සිරිමල් - ගාමිණී පොන්සේකා - සංගීතයට කැමති නැත.කොණ්ඩය බදින ඔතැනි තරුණයෙක් වන ඔහු රැකියාවක් කිරීමට කැමතිය.ජෝකිනු කොළඹ සිටින තමාගේ මිතුරු සේදිරිස් අප්පුහාමි - ඩී .ආර්.නානායක්කාර - වෙත සිරිමල් යවන්නේ කොණ්ඩය නොකපන ලෙස අවවාද කරමිනි . .දුම්රියෙන් යන ඔහුට නවීන පන්නයේ තරුණියන් පිරිසක් මුණගැසී ඔවුන් ගේ උසුළු විසුළු වලට ලක්වේ.ඒ කණ්ඩායමේ මුලිකයා තමා සොයා යන සේදිරිස් මුදලාලි ගේ දුව කාන්ති බව .- සෝනියා දිසා - සේදිරිස් ගේ නිවසට ගියවිට සිරිමල්  දැන  ගනී.සේදිරිස් ගේ පුතා සකලසේන   - බී.එස්. පෙරේරා - පික්චර් පිස්සෙකි.ඔහු සිරිමල් යොදවා වීර කොන්ඩයා  නමින් චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කරයි.ඔතැනි කම නිසා නිවසේ මෙහෙකරු තෙපානිස් - පිටිපන සිල්වා - ද සිරිමල්ට නොසලකයි.සේදිරිස් ගේ ව්‍යාපාරයේ අයකැමි ලෙස පත්වන සිරිමල් අවංක නිසා සේදිරිස් වඩාත් මනාපවේ.මේ අතර කොළඹ එන ජෝකිනු ද සිරිමල් කාන්ති හා විවාහ  වනු දැකීමට කැමතිය කාන්ති අකමැතිය..කාන්ති සමාජ ශාලා හිමියෙක් වන මොරිස් - බැප්ටිස් ප්‍රනාන්දු - සමග සබදතාවක් වේ.කාන්ති සමග සමාජ ශාලාවට යන සිරිමල් එහි නැටුමකදී තරුණියකට පහ්කස්යෙන් පහර දෙනු දැක එයට මැදිහත්ව මොරිස් ගෙන කසපාර කයි.මොරිස් ගේ ගෝලයන් සිරිමල් සමාජ ශාලාවෙන් එලියට දමනු  කාන්ති සිනාසිසී මෙය බලා සිටි.අසරණ සිරිමල්ට පිහිට වන නාගරික තරුණයෙක් - රොබින් ප්‍රනාන්දු - සිරිමල්ව ගෙනගොස් කොණ්ඩය කපා බටහිර ඇදුම් අන්දවා ආත්මාරක්ෂක සටන්ද පුහුණු කරවයි.බලගතු යන්ත්‍රයක් ද කරේ බද නිර්භීත තරුණයෙක්  බවට පත් කරයි. සමාජ ශාලාවට තම ගුරු සමග එන සිරිමල් කාන්ති ඉදිරියේම මොරිස්ට කසයෙන් තලයි.කාන්ති සිරි නම් මේ තරුණයා  හා මිත්‍ර වේ.මොරිස් ගේ ජාවාරම්වලට හවුල් වන සිරි ඔහුගී ජාවාරම් ද සගයන් ද  - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,බන්දු මුණසිංහ - නීතියට හසුකර දෙයි.මොරිස් තම රහස් හෙලිකල සේවකයෙක් - පුජිත් මෙන්ඩිස් - ද මරා දමයි.සේදිරිස් ගේ කළමනාකරු - මිල්ටන් ජයවර්දන - ගේ සහයෙන් මොරිස් කාන්ති පැහර ගෙනයයි. සිරිමල්  ඇය  ගලවා ගනී.තමා හා විවාහ වන ලෙස කාන්ති ඉල්ලා සිටියද සිරිමල් බොරු සෝබන කාරියන්ට අකමැති බව කියයි.සිරිමල් ගේ දෙපා නැමද සේදිරිස් හා ජෝකිනු ඉදිරියේ කාන්ති සමාව ඉල්ලයි.සිරිමල් අසතුටු බවම කියයි.සිරිමල් ගේ ගුරු මෙහිදී මැදිහත්ව සැබෑව හෙළි කරයි.කොණ්ඩය කපා දැමීම ගැන ජෝකිනු අසතුටු වේ.සිරිමල්  කාන්ති එක්වේ.අමතර රංගනයට පියදාස විජේකෝන්,හෙලන් කුමාරි,පරිනා ලායි ,ප්‍රෙඩී සිල්වා,දොන් සිරිසේන ,සහ  තවත් ය දායක විය .අනුකරන  ගීත රැසක් විය සෝනියා දිසා ප්‍රධාන චරිතයක් කල පළමු චිත්‍රපටය වේ.60 දශකයේ වීරයාට වඩා ගාමිණීගේ ක්‍රියාකාරකම් වෙනස් අලුත් විය.එම් .ජී.රාමචන්ද්‍රන් ලෙස  හිස් වැස්මක් පැලදුවත් එම් .ජී.ගේ රංග සොබා ගාමිණි අනුකරනය නොකළේය.මේ නිසා ජනප්‍රියත්වයේ ඉහලටම යාමට මේ චිත්‍රපටය ඉවහල් විය .අදායම් අතින් ද ඉහලම වාර්තා ලබා   ගත්තේය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, March 7, 2023

සිංහල සිනමාවේ 220 වන චිත්‍රපටය - ප්‍රියංගා - වේ

 සිංහල සිනමාවේ 219 වන චිත්‍රපටය -  ප්‍රියංගා - වේ.මෙය තිරගත වන්නේ 1970 - සැප්තැම්බර් 20 දිනදීය.මේ සමඟ ‘තවත් දවසක්’  කෙටි චිත්‍රපටය ද පෙන්වීය.නිෂ්පාදනය සිලෝන් තියටර්ස් වේ.අධ්‍යක්ෂණය අමරනාත ජයතිලක ගෙනි.පී.කේ.ඩී .සෙනෙවිරත්නයන් කතාව තිර රචනය සහ දෙබස් රචනා කළේය.එම් .එස්.ආනන්දන් කැමරා අධ්‍යක්ෂණය කළේය. සංස්කරණය එඩ්වින් ලිටින් විසිනි.ශබ්ද පරිපාලනය  නිමල් වීරක්කොඩි වේ.  සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන් ගෙනි.මෙහි ගීත අඩංගු නොවිණි .කතා සාරාංශය මෙසේය.ප්‍රියංගා - කාන්ත්හි ලංකා - සදසිලි - ශ්‍රියානි අමරසේන .දෙදෙනා සොයුරියන්ය. පියා  නැත මව සමග පියා ගේ විශ්‍රාම වැටුපෙන් යැපේ .ප්‍රියංගා දගකාරය, රුමත්ය . කෙලිලොල්ය.ජේස්ට විභාගයට ඉගෙන ගන්නා ඇය තමාට ලිපි එවන තරුණයන්  සැමට ලිපි ලියයි.විහිළු කර ප්‍රීති වෙයි.එහෙත අසංවර තරුණියක් ද නොවේ.සදසිලි ද  රුවතිය.විනිතය,නැගණිය ගේ සැහැල්ලු පැවතුම් විවේචනය කරයි.ප්‍රේමයට නිගා නොකරන ලෙස ඉල්ලයි.ය ප්‍රීති නම් නීති  සිසුවෙක් සමග සබදකම් පවත්වයි.ප්‍රීති සදසිල් සමග සම්බන්ධව සිටින්නේ දෙමාපිය අනුදැනුමෙන් තොරවයි .ප්‍රීති උසස් අධ්‍යාපනය සදහා විදෙස් ගතවන්නේ සදසිලි තනිකරමිනි.ප්‍රියංගා එයට එරෙහිව ක්‍රියා කලත් පලක් නොවේ.ව්දුහලට අලුතෙන් පැමිණෙන ඔගි - විජය කුමාරතුංග - නම් ආචාර්ය වරයා ප්‍රියංගා ගේ දගකාර පැවතුම් වලට ප්‍රිය වේ.ඔහු යට තම ප්‍රේමය ප්‍රකාශ කරයි.ඔහු උඩරට රදල පෙළපතකට අයත්වී.ඔහු ගේ මව - අයිරාංගනී සේරසිංහ - තම පුතා උඩරට  කෙනකු සමග අවාහ විය යුතුයි  තරයේ අදහයි.මේ පිළිබද ඔගි උපායක් යොදයි.ප්‍රියංගා  දමයන්ති ගන්නොරුව නමින් මව සමග උඩරට මාමා ගේ නිවසේ පදිංචි වේ.ඔගි එලෙස මව රවටා ප්‍රියංගා සමග උඩරට චාරිත්‍ර සමග විවාහ වේ.මේ වනවිට සදසිලි ප්‍රීති තමා අමතක කිරීම ගැන සොවින් පසුවේ.පසුව මාමාගේ පුතා සමග විවාහ වීමට තීරණය කරයි.ප්‍රියංගා ද තම අතීත කෙළිලොල් ජීවිතය ගැන කනගාටුවෙ.ඇය උඩරට කාන්තාවක් නොවන බව ඔගි ගේ මවට වූ සැකය සනාථ වේ.මව ඔගි හා ප්‍රියංගා නිවසින් පලවා හරි.ඔගිට ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ත්වයක් ලබා ප්‍රියංගා සමග එහි යයි.ඔගි ගේ මව පියා සමග ඔවුනට සමුදීමට ගුවන්තොටුපලට ගියද ඒ වනවිට ඔගි ප්‍රියංගා පිටත්ව ගොසිනි.රංගන  දායකත්වයට  විජේරත්න වරකාගොඩ,ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර,බර්ටම් විජේසුරිය,එස්.ඒ.ජේම්ස්,ශ්‍යාමා ආනන්දන්,ශිරෝමි ප්‍රනාන්දු,ලක්ෂ්මන් විජේසේකර,ඒ.ජේ.ද සොයිසා ආදීන් එක්විය.විජය කුමාරාතුංග ගේ හතරවන චිත්‍රපටය වුවත් ප්‍රධාන චරිතයක් කල දෙවැන්නයි.කාන්ති ලංකා ගේ දෙවන චිත්‍රපටය වුවත් ප්‍රධාන චරිතයක් රංගනය කල පළමු වන්නැයි.ලක්ෂ්මන් විජේසේකර ගේ ප්‍රථම සිනමා ආගමනය ද මේ චිත්‍රපටය වේ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, March 5, 2023

අයේෂා වීරකෝන්

 

 1935 වසරේ කොළඹ උපත ලැබූ ග්වෙන්දලින් වීරකෝන් දෙහිවල ප්‍රේස්ටියන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය.ලතින් භාෂාව ප්‍රගුණකළ මෙතුමිය  1952 ටයිම්ස් පුවත්පත සංවිධානයකල රූ රැජින තරගයෙන් තෙවෙනි  ස්ථානයට පත්විය.ටයිම්ස් පුවත් පතේ පළවූ ඇගේ ජායාරුපය දුටු චිත්රපට අධ්‍යක්ෂක එස්.එම් .නායගම් මහතා ගේ  - ප්‍රේම තරගය - 1953 -චිත්‍රපටයේ කතා නායිකාව ලෙස ඇයව තෝරා ගත්තේය.අති සාර්ථකවූ - Box Office - වාර්තා තැබූ මෙම චිත්‍රපටය තුලින් ඕ - අයේෂා වීරකෝන් - නමින් ජනප්‍රිය තරු අතරට එක්විය.බටහිර,කතකලි,මනිපුරි,උඩරට ,භාරත ආදී නැටුම් ශෛලින් හි දස්කම් පෑ මෙතුමිය චිත්‍රසේන,ශේෂා පලිහක්කාර ,ඉන්දියාවේ රෝයි චෞද්රි ආදීන්ගන් නර්තනය හැදෑරුවේය.තම රුමත්කම හේතුවෙන් ලංකා රාජනී හෙවත් කුවේණි තරගයෙන් ද මුල් තැන  දිනු අයේෂා ලතින් ,හින්දි,ඉංග්‍රීසි ,භාෂා පිළිබද හොද අවබෝධයක් තිබිණි.  -  DANCE LOST LOVE - නමින් ඉංග්‍රීසි නවකතාවක් ද අයේෂා ලියා තිබේ.අයේෂා රංගනය කල චිත්‍රපට ස්වල්පයෙන් - ජීවිත සටන -  චිත්‍රපටයේ මල්ලිකා නමැති ශෝකී චරිතය විශේස මන් සලකුණකි.1953 ප්‍රේම තරගය ,එම වසරේම - පිටිසර කෙල්ල , 1957 ජීවිත සටන ,1957 සුකුමලී, 1959 සිහිනය එතුමිය රංගනය කල චිත්‍රපට කිහිපය වේ.හිටපු අමාත්‍ය වරයෙක්  වන හැරල්ඩ් හේරත් සමග විවාපත්වූ ඕ තොමෝ ග්වෙන් හේරත් නමින් ප්‍රකට  වුවාය.ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළාය. ආශ්‍රිත තොරතුරු  නුවන් නයනජිත කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ඇසුරිනි.ස්තුතියි 

Saturday, March 4, 2023

1929 උපත ලැබූ ඩබ්ලිව් කේ. රුපසේන

 


1929 උපත ලැබූ ඩබ්ලිව් කේ. රුපසේන නාලන්දා විදුහලේ අධ්‍යාපනය ලැබුවේය..1951 වසරේ දී රුපසේනයන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් නිර්මාණ කරුවෙක් ලෙස සේවයට එක්විය.කුඩාකල සිටම ගීත ගායනයට ප්‍රිය කළේය.දිනක් තම මිත්‍රයෙකු ගේ විවාහ මංගල්‍ය කදී රුපසෙන ගී ගැයුවේය.මෙය අසා සිටි කරුණාරත්න අබේසේකරයන් රුපසේනට ගුවන් විදුලියේ ගී ගැයීමට අවස්තාව ලබා දුන්නේය.පළමු ගීතයද කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කොට දී තිබේ.- කුමුදු පිපිලා ගම සිරියාවයි - එම ගීතය තිලකසිරි ප්‍රනාන්දු සංගීතවත් කළේය.1952 එම ගීතය ගුවන් විදුලි වෙළද සේවයෙන් ප්‍රචාරය විය.ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂනයෙන් ද රුපසේනයන්  සමත් වුවාය.ගායකයෙක් ලෙස එසේ ජනප්‍රිය වෙද්දී ඩබ්ලිව් .කේ .රුපසේන නම  කලාවට අනුචිත නිසා  රවීන්ද්‍ර රුපසේන යන නම සුදුසු බව කරුණාරත්න අබේසේකරයන් රුපසේනයන්ට පැවසීය.ඉන්පසුව රවින්ද්‍ර රුපසෙන නම භාවිතා විය. - සකුන්තලා,සැන්දෑ කාලේ ,මගේ වයිර ගොනා , ඔබයි යසෝධරා ,තිසා වැවේ , ගම්ම්නේ සිරියාවයි,නව අවුරුද්දේ ,අනුරපුරේ හි වැනි ජනප්‍රිය ගුවන් විදුලි ගී රැසක් රවින්ද්‍ර රුපසේනයන් ගැයුවේය.ලදී රණසිංහ නිෂ්පාදනය ලක නලුනිලි හමුව ගුවන් විදුලි වැඩ සටහනට පැමිණ සිටිහියුගෝ ප්‍රනාන්දු මාස්ටර් රවින්ද්‍ර රුපසෙන ගේ කඩවසම් රුව දැක පැහැදී - අහංකාර ස්ත්‍රී -  චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට - දයා - තෝරා ගත්තේය.එකල රවින්ද්‍ර රුපසේනට  දිරි  දුන් තරුණ ගැහැණු ළමයෙක් ටද මේ චිත්‍රපටයේ සාමාන්‍ය චරිතයක් ලැබුනේය.ඒ අන්කිසිවකු නොව පසු කලෙක රවින්ද්‍ර රුපසේන  සමග විවාපත්වූ ලීනා ද සිල්වා ය..රවින්ද්‍ර රුපසේන ගේ ප්‍රථම චිත්‍රපටය ඇති සාර්ථක වූ අතර රවීන්ද්‍ර - ලීනා තරු යුවලක් බවට පත්  වුවේ සිලෝන් එන්ටටෙට්මන්ට් නිපදවු - සුරතලි - චිත්‍රපටයෙනි. - සුන්දර බිරිද ,සුලලිත සෝබනී ,මේ සුසංයෝගයේ ජනප්‍රිය චිත්‍රපට වේ. - සොහොයුරෝ ,නළගන  - කතුන් දෙදෙනෙකු ගේ ආදරයට මැදිවූ සුනිල් - සුජා ගේ රහස ආදිය රවින්ද්‍ර රුපසේන  රගපෑ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතර කැපී පෙනේ.රවීන්ද්‍ර රුපසේන ගේ සිනමා චාරිකාව බලන විට 1954 - අහංකාර ස්ත්‍රී - 1956  සුරතලි - 1958 - සොහොයුරෝ - දස්කම - සුනීතා - 1960 -සුන්දර බිරිද -  නළගන  -1964 - සුලලිත සෝබනී  -  සුජා ගේ රහස - 1967 - අමතක වුනාද යන චිත්‍රපට පෙළ ගැසේ ,ක්ලැරිස් ද සිල්වා,රත්නා කුමාරි ද  සිල්වා,ලීනා ද සිල්වා , දිස්නා රංජනී ,රුක්මනී දේවි ,ආදීන් පෙම්වතිය සදහා රංගනය විය.එකල ජනප්‍රියම තරු වූ හියුගෝ ප්‍රනාන්දු,මාක් සමරනායක,එඩී යාපා, වින්සන්ට් වාස්, බර්ටම් ප්‍රනාන්දු ,ආනන්ද ජයරත්න ,එල්.එම් .පෙරේරා,අරුණ ශාන්ති,රීටා රත්නායක ,පුන්‍යා හීන්දෙනිය,අසෝක පොන්නම්පෙරුම ,ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ,එඩී ජයමාන්න,ජෝ අබේවික්‍රම,ඇල්ප්‍රඩ් එදිරිමාන්න රිචඩ් ඇල්බට්, බොනිපස් ප්‍රනාන්දු  ආදීන්ද සමග මේ  චිත්‍රපට වලදී එක්ව රංගන කටයුතු වී තිබේ.බිමල් සහ පුර්නා  යනුවෙන්  දරුවන් දෙදෙනකු රවීන්ද්‍ර ලීනා යුවලට වුවාය. 1967 පසුව රවීන්ද්‍ර රුපසෙන රංගනයෙන් ඉවත් විය.1978 වසරේදී හෘදයාබාධයක් නිසාවෙන් අකල්හි දිවියෙන් සමු ගත්තේය.එතුමාට නිවන් සුව අත්වේවායි අපි ප්‍රර්ථනා කරමු.මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත්  කුමාර සුරින් ගේ ස්රිලන්කේය සිනමා වංශය කෘතිය පරිශීලනය කර තොරතුරු ලබාගත් බව ස්තුති පුර්වකව සටහන් තබමි.

Wednesday, March 1, 2023

218 වන සිංහල සිනමා පටය තිරගත වන්නේ 1970 අගෝස්තු 26 දිනයි. - සිදාදියෙන් හයක් -

 218 වන සිංහල සිනමා පටය තිරගත වන්නේ 1970 අගෝස්තු 26 දිනයි. - සිදාදියෙන් හයක් - ඒ චිත්‍රපටය වේ. නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ශාන්ති අබේසේකර වේ. නිෂ්පාදනයට ගුණදාස රාජපක්ෂ  ද දායක විය සටන් සහ නැටුම් අධ්‍යක්ෂණය ද ශාන්ති අබේසේකර ගෙනි.සිරි කුලරත්න සහ සරත් සන්දනායක දෙබස් රචනා කළේය.එම් .ඒ.ගපුර් සමග ඩොනල්ඩ් කරුණාරත්න දෙදෙනා කැමරා අධ්‍යක්ෂණය කළේය.සංස්කරණය එම් .පී.රුපසෙන වේ. කළා අධ්‍යක්ෂණය ප්‍රේම් ජයන්ත ගෙනි.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි විසිනි.වේශ නිරුපනය එස්.පී කොස්තා වේ.සංගීතවත් කරනු ලැබුවේ  ටී.එෆ්.ලතීෆ් මාස්ටර් වේ.සිරිල් ඒ සීලවිමල සහ තිහාරියේ මානෙල් පෙරේරා ගීත පදමාලා රචකයෝ විය.ගීත 6 එහි ඇතුලත වූ අතර සරත් සන්දනායක සහදයා හේමන්තා අබේසේකර පසුබිම් ගායනා කළේය.කතා සාරාංශය මෙසේය.සිදාදියේ මැරයන් 6 දෙනකු වට්ටා කතාව ගෙතේ .නායකයා ලෙස රංගනය වුවේ රැල්ෆ් විජේසේකරය.සෙසු මැරයන් ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහ,ශාන්ති දිසානායක,අසෝකා හේවාවිතාරණ,විලි රණවීර,කමල් දිසානායක රංගනය විය.නිදහසේ දාමරික කම් කිරීම සදහා පිටිසර ගම්මානයකට යයි.පල්ලේගම ගමට පැමිණෙන ඔවුන් පාලු ස්ථානයක නවාතැන් ගනියි.රාත්‍රියේ බීමත්ව අසංවරව හැසිරීම නිසා ගම්මු ඔවුන් පැමිණි ජීප් රථයට අලාභ කරයි.මින් කෝප වූ මැරයෝ අසල ක්‍රීඩා සමාජයකට පහර දී එහි තිබු මත්පැන් පහර ගනී.දෙපිරිස අතර ගැටුම උත්සන්නව පවතින අතර එක මැරයෙක්  - අසෝකා හේවා විතාරන -  තොටු පලේ දිය නාන පෙරේරා ගේ දියණිය වන සුප්‍රියාට බලහත්කාරකම් කරයි. එහි පැමිණෙන කණ්ඩායමේ බාලම සාමාජිකයා - ශාන්ති අබේසේකර - මිත්‍ර මැරයාට පහරදී තරුණිය බේරා  ගනී.මේ ගැටුම සංසිදවීමට නායකයා ද මැදිහත් වේ.සුප්රියා හා බේරා ගත මාරයා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවේ.සුප්රියාගේ අවවාද හා ආදරය නිසා තරුණ මාරයා මත්පැන් හා අවි ආයුධ අතහැර  වෙනම වාසය වේ.මැරයන් ආයුධ පරිහරනය කරමින් ස්ත්‍රීන් අපහරණයට යොමුවේ.ගම්මුන් හා මැරයන් අතර අවසාන සටනේ දී තරුණ මාරයා ගම්මුන් හා එක්ව මිතුරු මැරයන්ට එරෙහිව සටන් කරයි.නායකයා හා තරුණ මැ රයා අතර සටනේදී නායකයා මියයයි.එසේම මිතුරු මැරයන් තිදෙනෙක් ද මරා දමයි.ගම සන්සුන් වේ.තරුණය හා සුප්‍රියා එකතුවේ.මුළු කතාවම තරුණයා දුටු සිහිනයක් බව හගවමින් චිත්‍රපටය නිමාවේ.එම් .පී.ගැමුණු,පදිමා සිරිවර්දන ,ජෝ ලිවේරා,ක්ලෙමන්ට් විජේසිංහ,නිලා ලියන්ගෙදර,චිත්‍රා මාසකෝරාළ,ඩී .එස්..බෙලිඅත්ත ,ප්‍රියංකා පෙරේරා,ගුණදාස රාජපක්ෂ ,එම් .ඒ.සිමියොන් ජෝ මයිකල්,චන්ද්‍රා කළුආරච්චි අමතර රංගනයෙන් දායක විය.සරණපාල සුරිය ආරච්චි සිනමාවට එක්වන්නේ මේ චිත්‍රපටයෙනි.ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය මෙය තහනම් කලද පොලි නිලධාරින් තිදෙනෙකු නරබා පසුව අවසර ලබා දී තිබේ.සාර්ථක ප්‍රදර්ශනයක් නොවීය එල්පිස්ටන් සිනමා හලේ ප්‍රදර්ශනය වුවේ දින 20 පමණි.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, February 27, 2023

සිංහල සිනමාවේ 217 වන චිත්‍රපටය වුවේ 1970 - 08 - 07 තිරගතවූ - පේනව නේද - චිත්‍රපටය

 සිංහල සිනමාවේ 217 වන චිත්‍රපටය වුවේ 1970 - 08 - 07 තිරගතවූ  - පේනව  නේද - චිත්‍රපටය වේ..බිස්වා ෆිල්ම්ස් වෙනුවෙන් විජේපාල හෙට්ටිආරච්චි  නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.කතාව ,තිර නාටකය,දෙබස් රචනා කලේ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා විසිනි.පුන්‍යා බුලත්සිංහලද සහයව තිබේ සහාය අධ්‍යක්ෂණයට පුන්‍යා සම්මාදන්ව තිබේ.කැමරා අධ්‍යක්ෂණය ඩිල්මන් ජයරත්න ගෙනි.එස්.රාමනාදන් ගේ සංස්කරණයකි.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස සුරින්ය.කරුණාරත්න අබේසේකර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,අරිසෙන් අහුබුදු ගීත පදමාලා රචනාකොට තිබේ.එම් .එස්.ප්‍රනාන්දු.සී.ඩී .පොන්සේකා .සී.ටී.ප්‍රනාන්දු ,ලතා වල්පොල,නන්දා මාලනි ආදීන් පසුබි ගායනා කළේය. මෙහි එහි ඇතුලත් වූ ගීත නම් - මිනිමිනි මිනි  ගවුම් හැඩ  වැඩ ඇති ඇදුම් - ,ජීවිතේට අමිල නැවුම් සුවද දැනෙනවා,  සුර පුර වගේ සැණකෙළියක් ගමට ගෙනල්ලා,පොදු එළියක් ලොව පවතින්නේ, යන ගීත වේ.  කතා සාරාංශය මෙසේ විය.මුතුකුඩ කොළඹ  ධනවත් ව්‍යාපාරිකයෙකි.-ඔස්වල්ඩ් ජයසිංහ - ගම්බදට පැමිණෙන මුතුකුඩ වැන්දබු කාන්තාවකගෙන් ඉඩමක් බදු ගෙන එහි සැණකෙළියක් අරබයි.ගමේ අයගේ කරදර  බාධා දුරුව විනෝදයක් සදහා මෙය ආරම්භ කල බව ඔහු ගම්මුන්ට පවසයි.එනිසා ගමේ අයද ඔහුට උදව් දේ.මුතුකුඩ ගමේ තරුණියක් වන රෝසි - ශ්‍රියානි අමරසේන - සමග පෙම් සම්බන්ධයක් ද පවත්වා ගනී. 

 කලාකාමී ගමේ තරුණයෙක් වන චන්දන - ටෝනි රණසිංහ - මේ සැනකෙලියට විරුධය.සැනකෙළිය නිසා ගම්මුන් සුරාවට සුදුවට යොමුවන බව ඔහුගේ අදහස වේ.චන්දන   ගේ කීමට පිටුපාන සමහර ගැමියෝ රන් අබරණ සහ ඉඩම කඩම විකුණා සුදුවටත් සුරාවටත් ඇබ්බැහි වේ.අහිංසක ගැමි තරුණියක වන කාන්ති - අනුලා කරුණාතිලක - උපතින්ම අන්ධ ය.චන්දන  ගේ පෙම්වතිය කාන්ති ය.රෙදි විවීමේ රැකියාවේ  නිරතවන ඇය එම ආයතනයේ සේවය කරන සල්ලාල පුද්ගලයෙක් නිසා - ඩී .ආර්.නානායක්කාර - රැකියාවෙන් ඉවත් වේ.ඇගේ ගායන දක්ෂතාව නිසා සැණකෙළියේ  ගී ගැයීමේ අවස්තාව ඇයට  ලැබේ. දිනක් චන්දන මිතුරන් සමග සැණකෙළි බිමට විත් එහි ගැටුමක් ඇති කරයි.එනිසා සැණකෙළි බිමේ ගින්නක් ඇතිවේ.එයට හසුවන මුතුකුඩ සහ සහචර කොඩිප්පිලි මියයයි.එහි වැටී සිටින කාන්ති චන්දන විසින් රෝහලට ඇතුලත් කරයි.ගින්න අවස්තාවේ රෝසි ද තමා අනාත කල මුතුකුඩ ගෙන් පලි  ගැනීමට පැමිණේ.ඒ වනවිට මුතුකුඩ මියගොස් සිටි නිසා රෝසි ද වෙඩි තබා ගෙන දිවි නසා ගනී.රෝහල් ප්‍රතිකාර වලින් පසුව කාන්ති ගේ දෙඇස් ද සුවවේ.චන්දන ගේ මව දෙදෙනා ගේ විවාහයට අවසර දේ.අමතර රංගනයෙන් රොබින් ප්‍රනාන්දු ,ලිලියන් එදිරිසිංහ ,හර්බට් අමරවික්‍රම,එම් .වී.බාලන්,ශාන්ති ලේඛා ,විනි රන්වල, ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,එම් .එස්.ප්‍රනාන්දු,ශාමා ආනන්දන්,බී.එස්.පෙරේරා,දොන් සිරිසේන ,ජෝසප් සෙනෙවිරත්න,හෙලන් කුමාරි,රුබී ද මැල් ,රත්නා දසිල්වා,තලතා ගුණසේකර,පුජිත මෙන්ඩිස් දායක විය.

 මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Thursday, February 23, 2023

1970 ජුලි 15 සිංහල සිනමාවේ 216 වන සලරුව ලෙස - ගීතා - චිත්‍රපටය තිරගත වේ

 1970  ජුලි 15 සිංහල සිනමාවේ 216 වන සලරුව ලෙස -   ගීතා - චිත්‍රපටය  තිරගත වේ.මෙය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ජෝ දෙව් ආනන්දන් වේ.පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ද මෙය වේ.කතා පුවත 1968 තිරගත වූ ගෝපාල ක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කල -  පනමා  පාසමා - චිත්‍රපටය ඇසුරෙනි.තිර රචනය ද ජෝ දේව් ගේම වේ.සංවාද රචනය රන්ජිත් පෙරේරා වේ.කැමරා අධ්‍යක්ෂණය ටී.අරසු ගෙනි.සංස්කරණය ආර්.එස්.රාජ්කුමාර් සහ එම් .පී.රුපසෙන ගෙනි.කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් වේ.ශබ්ද පරිපාලනය ටී .සුමනසේකර වේ.වේශ නිරුපනය රෙජී ද සිල්වා ගෙනි.ගීත තනු නිර්මාණය ගලගෙදර හග්  විසින් නිර්මාණය කල අතර පසුබිම් හා සංගීත හා සංයෝජනය ටී.එෆ්.ලතීෆ් වේ.කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ සහ ගලගෙදර හග් පද රචනාකළ ගීත එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක ,සුජාතා අත්තනායක,එම් .එස්.ප්‍රනාන්දු ගායනා කළේය.ගීත 4 අඩංගු විය.පැනපැන එන සදේ,දකින දසුනේ ,මසිත විල් තල චංචල, සහ මිනි ස්කට්ස් ඕනැදෝ කියන්න හාමිනේ මේ ගීත වේ.කතා සාරාංශය මෙසේය ව්‍යාපාරිකයෙක් වන වීරසේකර -ධර්ම ශ්‍රී රණතුංග - සාධාරණ කෙනෙකි.බිරිද මේබල් වීරසේකර - මේබල් බ්ලයිත් -පරුෂ ය.දුප්පතුන්ට ගරහයි.පිළිකුල් කරයි.වීරසේකර ගේ ධනයේ හිමිකාරිය ඇය නිසා වීරසේකර ද අසරණය.මේ දෙදෙනා ගේ දියනිය ගීතා වේ.-ජානකි කුරුකුලසූරිය - විශ්ව විද්‍යාල සිසුවියකි.පුතා අජිත් - අජිත් කුමාර් - සෙල්ලක්කාර තරුණ යෙකි.මේබල් ගේ ඥාති පුත්‍රයා සෑම් - එච්.ආර්.ජෝතිපාල - වාසය කරන්නේ මේ නිවසේමය.ගීතා චිත්‍ර ශිල්පියෙක් වන නිමල් - රෝයි ද සිල්වා - හා ප්‍රේම සම්බන්ධයක් වේ. නිමල වීරසේකර ගේ කර්මාන්තශාලාවේ මුරකරු  - ස්ටැන්ලි පෙරේරා - ගේ පුත්‍රයාය.නිමල් ට නැගණියක් ද වේ.- අනෝමා වත්තල්දෙනිය - වීරසේකර මෙය දනසිටියද නිමල්  යහපත් කෙනකු නිසා නිහඩව සිටි .මේබල් අකමැතිය.ය නිමල් ට රුපියල් ලක්ෂ දෙකක් දේ සම්බන්ධය නතර කරන්න කියා සිටි.ගීත තරයේම කියන්නේ නිමල් හා විවාහ වන බවය..විවාහ වී නිවසේ නතර වන ලෙස කොන්දේසියක් පිට මේබල් ව්වාහයට  අවසර  දේ..මේබල් නිමල්ට නිවසේ මෙහෙකරුවෙක් ලෙසට සලකයි.අජිත් ද තමා පෙම් කරන දුප්පත් තරුණිය චම්පා - නීටා ප්‍රනාන්දු - තමා ගේ මිතුරු රණසිංහ  - දොන් සිරිසේන - ගේ උපායක් අනුව   මලයාසියාවේ කෝටිපති ක් ගේ දුවක් ලෙස මේබල් වීරසේකරට  චම්පා  යෝජනා කරව යි.අජිත් පළමුව අකමැති වී පසුව කැමති වේ.මේ විවාහ දෙකම එකම දින සිදුවේ. පවුල් දෙකම එකම නිවසේ සිටි. සෑම් නිමල් ගේ කිරි වීදුරුවට වස දමයි.නිමල් ගේ බල්ලා එය බී මරණයට පත්වේ.ගීතා සිතන්නේ මෙය මවගේ වැඩක් බවයි.එනිසා ඔවුන් දෙදෙනා නිවසින් පිටවේ. ගීතා නිවසින් ගිය පසු චම්පා මේබල්ට නැන්දම්මාට කුරිරු වේ.මේබල් මේ නිසා ධනවතුන් ගැන කලකිරීම් වේ. මේබල් ගීතාට ද මේබල් තෑගී බෝග යවයි. ගීතා චාම් සාරියක් මවට ඒවා එය ඇන්දොත් නිවසට පැමිණෙන බව කියයි.මේ අතර සෑම් කල වරද හෙළිවේ.සෑම් නිවසින්  පන්නා දමයි . චම්පා ගේ නියම තතු ද හෙළිවේ.මව ගේ  මාන්නය හැර සියලු දෙනාම එක්වේ.රුක්මණී දිව,සීතා කුමාරි ද රංගන දායක වුවාය.

                 මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, February 21, 2023

215 වන සිනමා පටය 1970 ජුනි 16 තිරගත වූ " තෙවත " චිත්‍රපටය වේ.

 215 වන සිනමා පටය 1970 ජුනි 16 තිරගත වූ " තෙවත " චිත්‍රපටය වේ.කෙටි චිත්‍රපට තුනක එකතුවෙන් නිර්මාණය වූ එකම ප්‍රථම සිංහල චිත්‍රපටය ද වේ. (අහළ පහළ, පික්චර් පිස්සා, ගිලිහුණු මල් චිත්‍රපට තුන වේ.) එම් රාමේශ්වරන් ගේ නිෂ්පාදනයකි.අධ්‍යක්ෂණය ටයිටස් තොටවත්ත විසිනි.තිත්රපට තුනේම තිර රචනය,සංවාද රචනය ,සංස්කරණය ද ටයිටස් තොටවත්තයන් ගෙනි.පික්චර් පිස්සා සහ අහල පහල ප්‍රහසන චිත්‍රපට වේ.කැමරා අධ්‍යක්ෂණය ඒ.වීඑම් .වාසගම් වේ.ඇන්දෘ ජයමාන්න ද එක්විය   - ගිලිහුණු මල්  - සුමිත්ත අමරසිංහ ගේ කැමරා අධ්‍යක්ෂණයකි.ෂෙල්ටන් ප්‍රේමරත්න ගිලිහුණු මල් සංගීත අධ්‍යක්ෂණය කළේය.ෂෙල්ටන් පෙරේරා  - අහල පහල සහ පික්චර් පිස්සා - චිත්‍රපට දෙක සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.සෙල්ටන් පෙරේරා,එම් .එස්.ප්‍රනාන්දු,අයිවෝ ඩෙනිස්,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,සනත් නන්දසිරි ,ශ්‍රීමා රණසිංහ ආදීන් පසුබිම් ගායනා කරතිබේ.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර සහ අරිසෙන් අහුබුදු රචනා කළේය.  නොනිදා සිටින්න මුළු රාත්‍රි කාලේ (අහළ පහළ චිත්‍රපටයේ) ,දැක්කම ඔක්කොම හූ කියයි (පික්චර් පිස්සා චිත්‍රපටයේ) ,ගම සතුටින් අවදි වුණා (පික්චර් පිස්සා චිත්‍රපටයේ) පරණ හණමිටි කාරයෝ  (පික්චර් පිස්සා චිත්‍රපටයේ) 

පික්චර් පිස්සාට තේමා වුවේ ,පරණ හණමිටි කරතබා ගැනීම අතහැර දියුණු ලෝකය සමග පෙරට යා යුතුයි යන සංකල්පයයි.ලියනොරිස් මහතා නාඩගම් ලෝලියෙකි.ඔහුගේ තරුණ පුත් බන්දා නිලමේ ගොපලු චිත්‍රපට ලෝලියෙකි.ඔහු අබුඩය ගසා වෙලට බැසීමට කැමති නොවේ.නවින  ක්‍රම මගින් දියුණුව දකින්න සිහින මවයි.පියාට අයත් ඇලකන්දවත්තේ දිය බුබුලකින් ජලය ලබා ගැනීමට යන්ත්‍රයක් සැදීමට උත්සාහ ගනී.ඔහුගේ උදව්වට පැන්චාත් ගමේ කම්මල් කරු චලොහාමිත් ඔහු ගේ බිරිදත් එක්වේ.කුමන්ත්‍රණ බාධා මතුවුවත් තරුණයන්ට අවසානයේ බණ්ඩා ගේ අගය වැටහී වතුර මැෂිම නිර්මාණය කර හෙන්චයියන් පලවා හැර ගම සංවර්ධනය කරයි.

පික්චර් පිස්සා - රංගනය  ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, නවනන්දන විජේසිංහ, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, හර්බට් අමරවික්‍රම

අහල පහල කතාව එකම ගෙදරක දෙපස පදිංචිව සිටින පවුල් දෙකක කතාවයි.එක පවුලක් බොදු යවේ.අනෙක් පවුල කතෝලික වේ.ගුවන් විදුලි ධර්ම දේශනා වලින් දහම දේශනා කලතා දේ නිවසේ ගැහැනුන් ට මේ ධර්ම උපදේශ නොදැනේ..නිවෙස් දෙක තුලින් සමාජයේ යතාර්ථය උපහාසයෙන්  පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා සමත්වේ. 

අහළ පහළ - රංගනය  ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී.පෙරේරා, පර්ල් වාසුදේවි, ජෙසිකා වික්‍රමසිංහ, පද්මිනී එදිරිසූරිය, නිහාල් ජයවර්ධන, ප්‍රැන්සිස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ගැමුණු විජේසූරිය

ගිලිහුණු මල් හි  තේමාව කොළඹ මන්දිරයක වැඩ කාරකමට දරුවකු ගෙනයාමට උත්සාහ කරන කපටි අතරමැදියෙක් ඒ නිසා මානසිකව ආකුලතාවයට පත්වන මවක ගේ කතාවයි.1970 හොදම කෙටි චිත්‍රපටය ලෙස  - ගිලිහුණු මල් - 1971 විචාරක සම්මාන උළෙලේ සම්මානයට පාත්‍රවිය. 

ගිලිහුනු මල් - අයිරාංගනී සේරසිංහ, රූබි ද මෙල්, පිටිපන සිල්වා, ධර්මදාස කුරුප්පු, ජයන්ත කුමාර ජයමාන්න ,මෙහි ගීත අඩංගු නොවිණි 

මෙම තේවත චිත්‍රපටය වෙනුවෙන් ජේ.ඒ. වින්සන්ට් නිර්මාණයකල පෝස්ටරය කැනඩාවේ පැවති ජාත්‍යන්තර සිනමා ප්‍රචාරක උළෙලක දී ගෞ රව සම්මානයට පාත්‍ර විය.එවැනි ජාත්‍යන්තර ඇගයීමකට ලක්වූ මෙරට  ප්‍රථම සිනමා පෝස්ටරය ද එය වේ..

           මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Friday, February 17, 2023

සිංහල සිනමාවේ 214 වැන්න ආත්ම පුජා චිත්‍රපටය වේ.

 සිංහල සිනමාවේ 214 වැන්න ආත්ම පුජා චිත්‍රපටය වේ.සිනමාස් වෙනුවෙන් කේ ගුණරත්නම් නිෂ්පාදනය කරන ලදී.අධ්‍යක්ෂණය එම් .මස්තාන් වේ.ඔහුග්ව් අවසාන අධ්‍යක්ෂණය වේ.60 දශකයේ ඉන්දියානුවන් චිත්‍රපට අධ්‍යක්ෂණය ට මතුවූ විරෝධතාවය නිසා මස්තාන් මෙරට හැර ගියේය.පසුව අධ්‍යක්ෂණ කටයුතු ගාමිණි පොන්සේකා නිමකළේය.එනමුදු අධ්‍යක්ෂක ලෙස නාමාවලියේ සදහන් වුවේ මස්තාන් ගේ නමයි.තිරගත වුවේ 1970 මැයි මස 15 වනදාය."ද කොසිකන්ප්‍රදර්ස්" ප්‍රංශ ග්‍රන්ථය ඇසුරිනි (මෙය ද කෝසිකන් බ්‍රදර්ස්’ ලෙස ඉංග්‍රිසියෙන් ද, ‘අපූර්ව සහෝදරන්ගල්’ නමින් දමිළ බසින් ද "නිෂාන්" සහ "ගොරා ඕර් කාලා" නමින් හින්දි බසින් ද තිරයට නැගී ඇත).කතාව සහ දෙබස්   රත්නසිරි එරත්න ගෙනි.කැමරාකරනය ඒ.වී.එම් .වාසාගම් සහ වී වාමදෙවන්.දෙදෙනාය.සංස්කරණය ඩබ්ලිව්.ඩී .කේ.රුබන් ගෙනි.සංගීත අධ්‍යක්ෂණය එම් .කේ..රොක්සාමි මාස්ටර් වේ.ස්වතන්ත්‍ර ගීත විය.කරුණාරත්න අබේසේකරයන් ගේ ගීත පදමාලාවේ.පසුබිම් ගායනය සදහා සුජාතා අත්තනායක,මොහිදීන් බෙග්,එම් .එස්. ප්‍රනාන්දු ,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල දායක විය.එහි ඇතුලත් වූ ගීත නම් - සඳ හිරු පායා දිලුනට ඝන අඳුරුයි - ,හිම අරනේ තුරු සෙවනේ -,රන ගිරෙන් එන සුළං -, මසුරන් පොදියයි හසරැල් නදියයි යන ගීතාවේ.කතා සාරාංශය මෙසේය.යුරෝපයේ රටක පාලකයා  වන සොලමන් සිගේරා - සේනාධීර රූපසිංහ - හා බිසවට - තලතා ගුණසේකර - සිරුරෙන් බද්ධ වූ නිවුන් දරුවන් ලැබේ.සැත්කමකින් දෙදෙනා වෙන්කර  තැබුවත් එකෙකුට දැනෙන හැගීම් දැනීම් අනෙකාට ද දැනේ.අසල්වැසි රාජ්‍ය යේ  පාලකයා මාක්ස් අල්මේදා - එච්.ඩී .කුලතුංග - මේ රාජ්‍යය ආක්‍රමනය කර සොලමන් සිගේරා සහ බිසව ඝාතනය කර දමයි. සොලමන් සිගේරා ගේ රාජකීය වෛද්‍ය වරයා -හර්බට් අමරවික්‍රම - සහ සෙන්පතියා ඇල්ප්‍රඩ් එදිරිමාන්න -  දරුවන් දෙදෙනා රැගෙන පලායයි.දෙදෙනා දෙතැනක වැඩේ.වෛද්‍ය වරයා සමග නගරයේ හෙන්රි -ගාමිණි පොන්සේකා - ද සෙන්පතියා සමග ජෙරී - ගාමිණි පොන්සේකා වනාන්තරයේ  ද වාසය වේ.හෙන්රිට දැනෙන සතුට ප්‍රීතිය දුක ජෙරී ට ද දැනේ.මෙනිසා ජෙරී මහත් පීඩාවට පත්වේ.හෙන්රි තම පෙම්වතිය රාජකුමාරි - ක්ලැරිස් ද සිල්වා - සමග පෙම් සුවය විදින විට ඒ මිහිර ජෙරිට ද දැනේ .අල්මේදා හා සටන් අරබන විට හෙන්රි ජෙරී දෙදෙනා එක්වේ.රාජ කුමාරිට පෙම් බදින ජෙරී නිසා තම සොහොයුරා සමගද සටන් වදී .අවසාන සටනේදී ජයග්‍රහණය සමීපයේ තිබියදී අල්මේදා ගේ සෙන්පති ලුසිපර් - ඩොමි  ජයවර්දන - ජෙරිට පිටුපසින් කදු පහරක් ගස ජෙරී මරා දමයි.හෙන්රි අල්මේදා හා ලුසිපර් මරා දමා රාජ්‍ය අත්කර ගනී.ගාමිණි පොන්සේකා දෙසොහොයුරන් රංගනයේදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක චරිතයක රංගනය කරතිබේ.වාණිජ සිනමාව තුල මේ රංගනයන් ඉතාම විශිෂ්ට ගනයේ විය.කඩු සටන් හා සෙසු දර්ශන ස්වභාවිකත්වයට ඉතාම සමීප විය.අමතර රංගනයට නෙල්සන් කරුනාගම,ඇන්තනි සී. පෙරේරා, ශාන්ති ලේඛා ,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,රෝයි හදපාන්ගොඩ,දොන් සිරිසේන,බී එස්. පෙරේරා,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,බන්දු මුණසිංහ,ඊ .එම් .පී.බණ්ඩාර ,පදිමා සිරිවර්දන,ග්‍රේස් ජයමාන්න ,මනොන් මනි,රන්ජනී පෙරේරා,ජස්ටින් ප්‍රනාන්දු,ප්‍රැන්සිස් ප්‍රනාන්දු ආදීන් දායකව තිබේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, February 14, 2023

1970 මැයි 09 තිරගත වෙන්නේ - අක්කර පහ - චිත්‍රපටයි.එය සිංහල සිනමාවේ 213 වැන්න

 1970 මැයි 09 තිරගත වෙන්නේ - අක්කර පහ - චිත්රපටයි.එය සිංහල සිනමාවේ 213 වැන්න වේ.නිෂ්පාදනය සිලෝන් ස්ටුඩියෝ වේ.අධ්යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් වේ.1959 දොන් පේද්රික් සම්මානය දිනාගත් මඩවල ඒ. රත්නායකයන්ගේ නවකතාව ඇසුරිනි.තිර රචනය ග දෙබස් සම්පාදනය ද තිස්ස අබේසේකරයන්ගේය.මෙහි මාන දෙකක් විය ඉංග්රීසි අධ්යාපනය සදහා නගරයට එන ගැමි තරුණයන් මුහුණ දෙන ගැටුම සහ ගොවි ජනපද ව්යාපාර වල ආරම්භයත් ඒ හා සමගම ගැමි ජනතාවයන් හි සිදුවන විපර්යාසයත් මේ මාන දෙක වේ.1977 අප්රියෙල් පළවූ නවයුගය සගරාවේ රත්නායකයන් මේ පිළිබද නොසගවා අදහස් ප්රකාස කර තිබිනි. ගමේ සිට නගරයට එන සේන චරිතය රත්නායකයන් ගේ අත්දැකීම් බවයි.එම් .එස්. ආනන්ද කැමරා අධ්යක්ෂණය කර ඇත.සුමිත්රා පීරිස් , එඩ්වින් ලිටින් දෙදෙනා ගේ සංස්කරණයකි.පණ්ඩිත් අමරදේවයන් ගේ සංගීත අධ්යක්ෂණය විය.කළා අධ්යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් ගෙනි. ගීතය රචනය වේ.ගායනය පණ්ඩිත් අමරදේවයන් වේ.කතා සාරන්ශ්ය් මෙසේය.1940 දශකයට පසුතල වේ.සමන්තැන්න ගමේ ගොවියෙක් වන බණ්ඩා - ගාමිණී විජේසුරිය -හා භාර්යාව - ශාන්ති ලේඛා - ව්දිමහල් දියණිය කුමාරි - මාලනී පොන්සේකා - සේන මැදවත්ත - මිල්ටන් ජයවර්දන - පුතනුවන් විය.සේන ගැමි දැරිවියක් වන සදවති - අනෝමා වත්තල් දෙනිය - සමග පෙම් සබදතාවක් වේ.බිහිවෙමින් පවතින සමාජයට ගැලපෙන්න නම් ඉංග්රීසි උගත් යුතු අදහස දරන පියා සේන මහනුවර ඉංග්රීසි පාසලකට ඇතුලත් කරයි.පාසලේ මිත්රවන සමරසේන මිතුරා - ඩග්ලස් රණසිංහ - ගේ අනු දැනුමෙන් ඇග්නස් පෙරේරා -රුබි ද මෙල් - මහත්මියගේ නිවසේ බෝඩින් වෙයි.ලීනා - ශිරානි කුරුකුලසූරිය - සහ තෙරේසා ඇග්නස් පෙරේරා ගේ දියණියන් දෙදෙනාවේ.පාසල් සිසුවියක් වන සුජාතා ද එම නිවසේ බෝඩිමේ වේ.ලීනා හා සුජාතා සේන ගෙන් පාඩම් අසාගනී.තෙරේසා මගහරි.නමුත් පසුව තෙරේසා සේන සමග මිත්ර වේ.මෙහිදී තෙරේසා ගැන කැමැත්තෙන් සිටි සමරසේන බෝඩිමෙන් යයි.නාගරික පැවැතු ඇති තෙරේසා නිසා සේන ද ක්රමයෙන් වෙනස් වේ.සේනට ඉගැන්වීම සදහා පියා උගස් තැබූ දේපල අහිමිව පියා අසරණ වේ.මිනිපේ ගොවිජනපදයෙන් ඉඩම් අක්කර පහක් ලබාගෙන බණ්ඩා දරුපවුල සමග මිනිපේ යයි.නැවත සේන නුවර එනවිට තෙරේසා වෙනස්ව සිටි.ඇය රංජිත් - බැසිල් ද සේරම් සමග විවාහ වන බව සේනට කියයි.සෙන පෙනී පෙනී ප්රේමාලිංගන යේ දේ.මේ අතර සුජාතා ද නිවාස අත්හැර ගොස්ය.සුජාතා හා සේන අතර සම්බන්ධයක් වේ යැයි තෙරේසා පියාට කීම මීට හේතුවිය.තවත් අසරණ වන සේන ගේ ඉගෙනීම අඩාල වේ. මිනිපේ යන සෙන නිවසින් අතුරු දැන් වේ.පොළොන්නරුවේ ලී මෝලක වැඩකරන සේන බීමට ද ඇබ්බැහිවේ.වසරකට පසු දෙමාපියන්ට දැන ගන්නට ලැබෙන්නේ සේනට හෘදයා බාදයක් වලදිරෝහළේ සිටින බව්වයි.දෙමාපියන් ඔහු නිවසට රැගෙන එයි.පිය ගොවිතැනින් සරුව ගමේ ද නායකයාව සිටි.කුමාරි ගුරු පත්වීමක් ලබා විජේරත්න - ලාල් හේවාපතිරණ - හා විවාහ ගිවිස සිටි.අගේ විවාහයට සදලතා මව මව සමග - සීතා කුමාරි - පැමිණේ.සේන හා සලාත එකතුවන් බව හගවීමෙන් චිත්රපටය නිමාවේ .සේන ගේ පාසල් මිත්රෙක් ලෙස අමරසිරි කලන්සුරිය ද ලොකු ඉස්කෝල මහත්තයා .ලෙස මාපා ගුණරත්න ද ඉංග්රීසි ගුරුවරයා ලෙස විජේරත්න වරකාගොඩ ද වෛද්ය වරක් ලෙස ලයනල් දැරණියගල ද උපාලි සේනානායක,ස්ටැන්ලි ද සිල්වා ද රංගන දායකත්වය වුවේය.මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයද ගාමිණී වේරගම යන් ගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද පරිශීලනය කළ බවද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

May be a black-and-white image of 2 people, child and text that says "Play"

Sunday, February 12, 2023

සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න

  

සම්මානනීය  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා සිංහල සිනමා දායකත්වය 

විද්‍යෝදය විභූෂණ සාහිත්‍ය කලා ශිරෝමණී මහාචාර්ය සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර  1949 ජූලි 28 වන දින නුගේගොඩදී  උපත විය.සහෝදර සහෝදරියන් 6 දෙනෙකු සමඟ පවුලේ සිව්වන දරුවා ලෙස උපත ලැබීය. ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිති. ඔහුගේ සහෝදරයන් වන නිමල් කුරුවිට බණ්ඩාර නීතීඥයෙකු වන අතර තිලකරත්න කුරුවිට බණ්ඩාර මාධ්‍යවේදියෙකු සහ කර්තෘවරයෙකු වේ.ඔහු 1963 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළට පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ විභාගය සමත්වීමෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය පිරිවෙනට (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වේ) තේරී පත් විය. 1971 දී ඔහු පළමු පන්තිය සමඟ සිංහල ගෞරව උපාධියක් ලබා ගත්තේය.1972 කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ඔහු 1975 සිට 1976 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ අර්ධකාලීන කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. වසර තුනක් කථිකාචාර්යවරයෙකු ලෙස  ඉන්පසු ස්ථිර සහකාර කථිකාචාර්යවරයකු ලෙස නැවත කැලණියට පැමිණියේය. 1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට බැඳුණු ආරියරත්න එහිදී සහකාර මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා 1994 දී මහාචාර්යවරයකු බවට පත් විය. 1989 දී ඔහු දෙමළ භාෂාව හැදෑරීමට මදුරාසියට ගියේය. 2000 දී, ඔහු සන්නිවේදන පීඨයේ සිංහල භාෂාව සහ ජනමාධ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස උසස් කරන ලද අතර, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ එම ජයග්‍රහණය අත්කරගත් ලාබාලතම පුද්ගලයා බවට පත් විය

2011 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමන ලදී. 2015 දී, සාහිත්‍යය සහ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ දායකත්වය අගයමින් සාහිත්‍යය පිළිබඳ දෙවන ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය.

   වයස අවුරුදු 11 දී ඔහු අමල් බිසෝ නමින් පාසල් නාට්‍යයක් ලිවීය. ඉන්පසුව, 1961 දී වයස අවුරුදු 16 දී ආරියරත්න විසින් අහිංසකයෝ  නමින් කෙටිකතා සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරන ලදී ඉන්පසුව 1963 දී ඔහු අපි ඔක්කෝම නමින් කාව්‍ය සංග්‍රහයක් ද, 1964 දී අලකේශ්වර ඓතිහාසික නවකතාවක් ද, 1965 දී සියොතුන්ට රැකවල් කාව්‍ය කතාවක් ද රචනා කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරු තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් රචනා කරන ලද දෙයියෝ නාට්‍යය නිෂ්පාදනය කළේ ය.

විද්‍යෝදයයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටියදී ආරියරත්න තම හැකියාව ඔප්නැංවූයේ 1969 දී ජීවිතය ගීතයක් වගේ නවකතාවක් රචනා කරමිනි. 1971 දී උපාධිය ලැබීමෙන් පසු ඔහු සමීපතම මිතුරන් වන බුද්ධදාස ගලප්පත්ති සහ ජයලත් මනෝරත්න සමඟ එක්ව දොළොස්මහේ පහන නම් කාව්‍ය සංග්‍රහයක් පළ කළේය. ඔහු පහන් කන්ද (1983), යාත්‍රා (1984), පෙම්බර ලංකාව (1990), මධු බදුන් (1994), අඩහැරය (2004) සහ ශ්වේත රාත්‍රිය (2012) වැනි ගී පද කිහිපයක් ලිවීය. ඔහු නන්දා මාලිනී, ඩබ්ලිව්.ඩී. අමරදේව සහ වික්ටර් රත්නායක වැනි ජනප්‍රිය කලාකරුවන්ට ගීත කිහිපයක් රචනා කළ දක්ෂ ගී පද රචකයෙකි. 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජන්ම උරුමයෙන් ලද තවත් කලාංගයක් වූයේ සිනමාවේදය යි. සරසවි විද්‍යාර්ථියකු ව සිටිය දී ම සුනිල් ආරියරත්නයන් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තැබුවේ 1970 දී සරාගී නම් වූ කෙටි චිත‍්‍රපටයෙනි. දුෂ්කර ක‍්‍රියා (1976) සහ බෝසත්වරු අනෙක් කෙටි චිත්‍රපට  වේ. 1978 අනුපමා චිත‍්‍රපටයෙන් ඇරඹි වෘතාන්ත සිනමා  අධ්‍යක්ෂණ කාර්යය තුල 1978 අනුපමා ,1979සරුංගලේ,1979පොඩි මල්ලි ,1980 සිරිබෝ අයියා ,1980කිදුරු කුමාරි, 1981කෝලම්කාරයෝ , 1981වජිරා ,1982 බමර ගීතය 1983 මුහුදු ලිහිණි, 1985මිහිදුම් සළු 1994අහස්  මාලිගා,1981බඹා කෙටු හැටි, 1981සතර පෙර නිමිති 1982ජීවිතයෙන් ජීවිතයක්  1982 කැලැ මල්   1990ක්‍රිස්තු චරිතය 2002සුදු සෙවනැලි 2007උත්පලවන්නා 2012කුස පබා 2016 පත්තිනි 2017 අලි කතාව 2018බිම්බා දෙවි යසෝධරා 2019විජයබා කොල්ලය ,චිත්‍රපටයන් වේ. ආරිය රත්නයන් ගීත රචනා කල චිත්‍රපට නම් නිම්  වලල්ල ,ලොකුම හිනාව,මාතර ආච්චි ,දුලීකා ,දිනුම් කනුව,තරංගා,අමරණීය ආදරේ,රජගෙදර පරවියෝ, දෑස නිසා ,මඩොල් දුව,දමයන්ති ,හුලවාලි,සරදියෙල්  ගේ පුතා,මංගලා,ශ්‍රී මදාරා,හරියන්කොට ඔහොම තමයි,මරුවා සමග වාසේ,ගැහැණු .ළමයි,අමල් බිසෝ,චුඩා මානික්‍ය ,හාදයා එක්ටම්ගේ  ,තවලම අජාසත්ත,බාදුරා මල් ,සදා,සක්විති සුවය,කිරිසුවද,චන්දිරා,සසර චේතනා,මල් දෙනියේ සිමියොන්,සුර සරදියෙල් ,විරාගය,පෙම්රාජ දහන,ස්ත්‍රී,උමයන්ගනා, රාගිනි,අභියෝගය,අඹ යාලුවෝ,සෙයිලම,දෙමෝදර පාලම,බිතු සිතුවම්,අපායේ තප්පර අසුහාරදාහක්,විසිදල,අන්තිම රැය ,මන්දාකිනි,නගරන් ,ඉන්ද්‍ර කීලය,මහදන මුත්තයි ගෝලයෝ රොත්තයි , පොරොන්දුව,සීතල ගිනිකදු,කලුසුදු මල් ,තහනම් ගහ,සුදුසලු,සුළඟ,සමාරා,අබා,නිල්දිය දහර,අපේ යාලු පුංචි බුතයා මහින්දාගමනය,දරුවනේ,අබිනික්මන,මගේ යාලු මාළු,ඇඩ්රස් නෑ ,වසන්තයේ සද,ආදරෙයි මං ,පුංචි අන්දරේ,නිදහසේ පියා ආදියයි.,ක්‍රිස්තු චරිතය ,සුදු සෙවනැලි ,උත්පලවන්නා ,පත්තිනි,අලිකතාව ,බිම්බා දේවි ආරියරත්නයන් තිර රචනා කල චිත්‍රපට වේ.ආරියරත්නයන් සම්මානයට පාත්‍රවූ වේ,1996 සුමති සම්මාන - සංක්‍රාන්ති සමය සඳහා හොඳම රූපවාහිනී ගීත රචනය සඳහා වූ සම්මානය

2002 සරසවිය සම්මාන - හොඳම චිත්‍රපටය සඳහා සුදු සෙවණැලි සම්මානය

2004 සුමති සම්මාන - හොඳම රූපවාහිනී ගී පද රචනය සඳහා රම්‍යා සුරම්‍යා සම්මානය

2010 සුමති සම්මාන – යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය

2011 රයිගම් ටෙලීස් - හොඳම රූපවාහිනී ගීත රචනය සම්මානය

2018 හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් - පත්තිනි සඳහා හොඳම ගීත රචනය සඳහා වූ සම්මානය

2019 Derana Sunsilk Film Awards – Blockbuster Movie of the Year සම්මානය Bimba Devi හෙවත් යශෝධරා වෙනුවෙන්

මෙවැනි සුවිශේසී කාර්ය භාරයක් මෙතුමා වැනි විද්යාර්ති යෙක් ගෙන් සිංහල සිනමාවට සිදුව තිබේ,එතුමාට චිර ජීවනය වේවා.සිනමා ලෝලී අපේ ආදරණීය ගෞරව ප්‍රනාමය වේවා.