Monday, February 27, 2023

සිංහල සිනමාවේ 217 වන චිත්‍රපටය වුවේ 1970 - 08 - 07 තිරගතවූ - පේනව නේද - චිත්‍රපටය

 සිංහල සිනමාවේ 217 වන චිත්‍රපටය වුවේ 1970 - 08 - 07 තිරගතවූ  - පේනව  නේද - චිත්‍රපටය වේ..බිස්වා ෆිල්ම්ස් වෙනුවෙන් විජේපාල හෙට්ටිආරච්චි  නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.කතාව ,තිර නාටකය,දෙබස් රචනා කලේ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා විසිනි.පුන්‍යා බුලත්සිංහලද සහයව තිබේ සහාය අධ්‍යක්ෂණයට පුන්‍යා සම්මාදන්ව තිබේ.කැමරා අධ්‍යක්ෂණය ඩිල්මන් ජයරත්න ගෙනි.එස්.රාමනාදන් ගේ සංස්කරණයකි.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස සුරින්ය.කරුණාරත්න අබේසේකර, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ,අරිසෙන් අහුබුදු ගීත පදමාලා රචනාකොට තිබේ.එම් .එස්.ප්‍රනාන්දු.සී.ඩී .පොන්සේකා .සී.ටී.ප්‍රනාන්දු ,ලතා වල්පොල,නන්දා මාලනි ආදීන් පසුබි ගායනා කළේය. මෙහි එහි ඇතුලත් වූ ගීත නම් - මිනිමිනි මිනි  ගවුම් හැඩ  වැඩ ඇති ඇදුම් - ,ජීවිතේට අමිල නැවුම් සුවද දැනෙනවා,  සුර පුර වගේ සැණකෙළියක් ගමට ගෙනල්ලා,පොදු එළියක් ලොව පවතින්නේ, යන ගීත වේ.  කතා සාරාංශය මෙසේ විය.මුතුකුඩ කොළඹ  ධනවත් ව්‍යාපාරිකයෙකි.-ඔස්වල්ඩ් ජයසිංහ - ගම්බදට පැමිණෙන මුතුකුඩ වැන්දබු කාන්තාවකගෙන් ඉඩමක් බදු ගෙන එහි සැණකෙළියක් අරබයි.ගමේ අයගේ කරදර  බාධා දුරුව විනෝදයක් සදහා මෙය ආරම්භ කල බව ඔහු ගම්මුන්ට පවසයි.එනිසා ගමේ අයද ඔහුට උදව් දේ.මුතුකුඩ ගමේ තරුණියක් වන රෝසි - ශ්‍රියානි අමරසේන - සමග පෙම් සම්බන්ධයක් ද පවත්වා ගනී. 

 කලාකාමී ගමේ තරුණයෙක් වන චන්දන - ටෝනි රණසිංහ - මේ සැනකෙලියට විරුධය.සැනකෙළිය නිසා ගම්මුන් සුරාවට සුදුවට යොමුවන බව ඔහුගේ අදහස වේ.චන්දන   ගේ කීමට පිටුපාන සමහර ගැමියෝ රන් අබරණ සහ ඉඩම කඩම විකුණා සුදුවටත් සුරාවටත් ඇබ්බැහි වේ.අහිංසක ගැමි තරුණියක වන කාන්ති - අනුලා කරුණාතිලක - උපතින්ම අන්ධ ය.චන්දන  ගේ පෙම්වතිය කාන්ති ය.රෙදි විවීමේ රැකියාවේ  නිරතවන ඇය එම ආයතනයේ සේවය කරන සල්ලාල පුද්ගලයෙක් නිසා - ඩී .ආර්.නානායක්කාර - රැකියාවෙන් ඉවත් වේ.ඇගේ ගායන දක්ෂතාව නිසා සැණකෙළියේ  ගී ගැයීමේ අවස්තාව ඇයට  ලැබේ. දිනක් චන්දන මිතුරන් සමග සැණකෙළි බිමට විත් එහි ගැටුමක් ඇති කරයි.එනිසා සැණකෙළි බිමේ ගින්නක් ඇතිවේ.එයට හසුවන මුතුකුඩ සහ සහචර කොඩිප්පිලි මියයයි.එහි වැටී සිටින කාන්ති චන්දන විසින් රෝහලට ඇතුලත් කරයි.ගින්න අවස්තාවේ රෝසි ද තමා අනාත කල මුතුකුඩ ගෙන් පලි  ගැනීමට පැමිණේ.ඒ වනවිට මුතුකුඩ මියගොස් සිටි නිසා රෝසි ද වෙඩි තබා ගෙන දිවි නසා ගනී.රෝහල් ප්‍රතිකාර වලින් පසුව කාන්ති ගේ දෙඇස් ද සුවවේ.චන්දන ගේ මව දෙදෙනා ගේ විවාහයට අවසර දේ.අමතර රංගනයෙන් රොබින් ප්‍රනාන්දු ,ලිලියන් එදිරිසිංහ ,හර්බට් අමරවික්‍රම,එම් .වී.බාලන්,ශාන්ති ලේඛා ,විනි රන්වල, ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,එම් .එස්.ප්‍රනාන්දු,ශාමා ආනන්දන්,බී.එස්.පෙරේරා,දොන් සිරිසේන ,ජෝසප් සෙනෙවිරත්න,හෙලන් කුමාරි,රුබී ද මැල් ,රත්නා දසිල්වා,තලතා ගුණසේකර,පුජිත මෙන්ඩිස් දායක විය.

 මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Thursday, February 23, 2023

1970 ජුලි 15 සිංහල සිනමාවේ 216 වන සලරුව ලෙස - ගීතා - චිත්‍රපටය තිරගත වේ

 1970  ජුලි 15 සිංහල සිනමාවේ 216 වන සලරුව ලෙස -   ගීතා - චිත්‍රපටය  තිරගත වේ.මෙය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ජෝ දෙව් ආනන්දන් වේ.පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය ද මෙය වේ.කතා පුවත 1968 තිරගත වූ ගෝපාල ක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කල -  පනමා  පාසමා - චිත්‍රපටය ඇසුරෙනි.තිර රචනය ද ජෝ දේව් ගේම වේ.සංවාද රචනය රන්ජිත් පෙරේරා වේ.කැමරා අධ්‍යක්ෂණය ටී.අරසු ගෙනි.සංස්කරණය ආර්.එස්.රාජ්කුමාර් සහ එම් .පී.රුපසෙන ගෙනි.කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් වේ.ශබ්ද පරිපාලනය ටී .සුමනසේකර වේ.වේශ නිරුපනය රෙජී ද සිල්වා ගෙනි.ගීත තනු නිර්මාණය ගලගෙදර හග්  විසින් නිර්මාණය කල අතර පසුබිම් හා සංගීත හා සංයෝජනය ටී.එෆ්.ලතීෆ් වේ.කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ සහ ගලගෙදර හග් පද රචනාකළ ගීත එච්.ආර්.ජෝතිපාල,ඇන්ජලින් ගුණතිලක ,සුජාතා අත්තනායක,එම් .එස්.ප්‍රනාන්දු ගායනා කළේය.ගීත 4 අඩංගු විය.පැනපැන එන සදේ,දකින දසුනේ ,මසිත විල් තල චංචල, සහ මිනි ස්කට්ස් ඕනැදෝ කියන්න හාමිනේ මේ ගීත වේ.කතා සාරාංශය මෙසේය ව්‍යාපාරිකයෙක් වන වීරසේකර -ධර්ම ශ්‍රී රණතුංග - සාධාරණ කෙනෙකි.බිරිද මේබල් වීරසේකර - මේබල් බ්ලයිත් -පරුෂ ය.දුප්පතුන්ට ගරහයි.පිළිකුල් කරයි.වීරසේකර ගේ ධනයේ හිමිකාරිය ඇය නිසා වීරසේකර ද අසරණය.මේ දෙදෙනා ගේ දියනිය ගීතා වේ.-ජානකි කුරුකුලසූරිය - විශ්ව විද්‍යාල සිසුවියකි.පුතා අජිත් - අජිත් කුමාර් - සෙල්ලක්කාර තරුණ යෙකි.මේබල් ගේ ඥාති පුත්‍රයා සෑම් - එච්.ආර්.ජෝතිපාල - වාසය කරන්නේ මේ නිවසේමය.ගීතා චිත්‍ර ශිල්පියෙක් වන නිමල් - රෝයි ද සිල්වා - හා ප්‍රේම සම්බන්ධයක් වේ. නිමල වීරසේකර ගේ කර්මාන්තශාලාවේ මුරකරු  - ස්ටැන්ලි පෙරේරා - ගේ පුත්‍රයාය.නිමල් ට නැගණියක් ද වේ.- අනෝමා වත්තල්දෙනිය - වීරසේකර මෙය දනසිටියද නිමල්  යහපත් කෙනකු නිසා නිහඩව සිටි .මේබල් අකමැතිය.ය නිමල් ට රුපියල් ලක්ෂ දෙකක් දේ සම්බන්ධය නතර කරන්න කියා සිටි.ගීත තරයේම කියන්නේ නිමල් හා විවාහ වන බවය..විවාහ වී නිවසේ නතර වන ලෙස කොන්දේසියක් පිට මේබල් ව්වාහයට  අවසර  දේ..මේබල් නිමල්ට නිවසේ මෙහෙකරුවෙක් ලෙසට සලකයි.අජිත් ද තමා පෙම් කරන දුප්පත් තරුණිය චම්පා - නීටා ප්‍රනාන්දු - තමා ගේ මිතුරු රණසිංහ  - දොන් සිරිසේන - ගේ උපායක් අනුව   මලයාසියාවේ කෝටිපති ක් ගේ දුවක් ලෙස මේබල් වීරසේකරට  චම්පා  යෝජනා කරව යි.අජිත් පළමුව අකමැති වී පසුව කැමති වේ.මේ විවාහ දෙකම එකම දින සිදුවේ. පවුල් දෙකම එකම නිවසේ සිටි. සෑම් නිමල් ගේ කිරි වීදුරුවට වස දමයි.නිමල් ගේ බල්ලා එය බී මරණයට පත්වේ.ගීතා සිතන්නේ මෙය මවගේ වැඩක් බවයි.එනිසා ඔවුන් දෙදෙනා නිවසින් පිටවේ. ගීතා නිවසින් ගිය පසු චම්පා මේබල්ට නැන්දම්මාට කුරිරු වේ.මේබල් මේ නිසා ධනවතුන් ගැන කලකිරීම් වේ. මේබල් ගීතාට ද මේබල් තෑගී බෝග යවයි. ගීතා චාම් සාරියක් මවට ඒවා එය ඇන්දොත් නිවසට පැමිණෙන බව කියයි.මේ අතර සෑම් කල වරද හෙළිවේ.සෑම් නිවසින්  පන්නා දමයි . චම්පා ගේ නියම තතු ද හෙළිවේ.මව ගේ  මාන්නය හැර සියලු දෙනාම එක්වේ.රුක්මණී දිව,සීතා කුමාරි ද රංගන දායක වුවාය.

                 මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, February 21, 2023

215 වන සිනමා පටය 1970 ජුනි 16 තිරගත වූ " තෙවත " චිත්‍රපටය වේ.

 215 වන සිනමා පටය 1970 ජුනි 16 තිරගත වූ " තෙවත " චිත්‍රපටය වේ.කෙටි චිත්‍රපට තුනක එකතුවෙන් නිර්මාණය වූ එකම ප්‍රථම සිංහල චිත්‍රපටය ද වේ. (අහළ පහළ, පික්චර් පිස්සා, ගිලිහුණු මල් චිත්‍රපට තුන වේ.) එම් රාමේශ්වරන් ගේ නිෂ්පාදනයකි.අධ්‍යක්ෂණය ටයිටස් තොටවත්ත විසිනි.තිත්රපට තුනේම තිර රචනය,සංවාද රචනය ,සංස්කරණය ද ටයිටස් තොටවත්තයන් ගෙනි.පික්චර් පිස්සා සහ අහල පහල ප්‍රහසන චිත්‍රපට වේ.කැමරා අධ්‍යක්ෂණය ඒ.වීඑම් .වාසගම් වේ.ඇන්දෘ ජයමාන්න ද එක්විය   - ගිලිහුණු මල්  - සුමිත්ත අමරසිංහ ගේ කැමරා අධ්‍යක්ෂණයකි.ෂෙල්ටන් ප්‍රේමරත්න ගිලිහුණු මල් සංගීත අධ්‍යක්ෂණය කළේය.ෂෙල්ටන් පෙරේරා  - අහල පහල සහ පික්චර් පිස්සා - චිත්‍රපට දෙක සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.සෙල්ටන් පෙරේරා,එම් .එස්.ප්‍රනාන්දු,අයිවෝ ඩෙනිස්,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,සනත් නන්දසිරි ,ශ්‍රීමා රණසිංහ ආදීන් පසුබිම් ගායනා කරතිබේ.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර සහ අරිසෙන් අහුබුදු රචනා කළේය.  නොනිදා සිටින්න මුළු රාත්‍රි කාලේ (අහළ පහළ චිත්‍රපටයේ) ,දැක්කම ඔක්කොම හූ කියයි (පික්චර් පිස්සා චිත්‍රපටයේ) ,ගම සතුටින් අවදි වුණා (පික්චර් පිස්සා චිත්‍රපටයේ) පරණ හණමිටි කාරයෝ  (පික්චර් පිස්සා චිත්‍රපටයේ) 

පික්චර් පිස්සාට තේමා වුවේ ,පරණ හණමිටි කරතබා ගැනීම අතහැර දියුණු ලෝකය සමග පෙරට යා යුතුයි යන සංකල්පයයි.ලියනොරිස් මහතා නාඩගම් ලෝලියෙකි.ඔහුගේ තරුණ පුත් බන්දා නිලමේ ගොපලු චිත්‍රපට ලෝලියෙකි.ඔහු අබුඩය ගසා වෙලට බැසීමට කැමති නොවේ.නවින  ක්‍රම මගින් දියුණුව දකින්න සිහින මවයි.පියාට අයත් ඇලකන්දවත්තේ දිය බුබුලකින් ජලය ලබා ගැනීමට යන්ත්‍රයක් සැදීමට උත්සාහ ගනී.ඔහුගේ උදව්වට පැන්චාත් ගමේ කම්මල් කරු චලොහාමිත් ඔහු ගේ බිරිදත් එක්වේ.කුමන්ත්‍රණ බාධා මතුවුවත් තරුණයන්ට අවසානයේ බණ්ඩා ගේ අගය වැටහී වතුර මැෂිම නිර්මාණය කර හෙන්චයියන් පලවා හැර ගම සංවර්ධනය කරයි.

පික්චර් පිස්සා - රංගනය  ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, නවනන්දන විජේසිංහ, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, හර්බට් අමරවික්‍රම

අහල පහල කතාව එකම ගෙදරක දෙපස පදිංචිව සිටින පවුල් දෙකක කතාවයි.එක පවුලක් බොදු යවේ.අනෙක් පවුල කතෝලික වේ.ගුවන් විදුලි ධර්ම දේශනා වලින් දහම දේශනා කලතා දේ නිවසේ ගැහැනුන් ට මේ ධර්ම උපදේශ නොදැනේ..නිවෙස් දෙක තුලින් සමාජයේ යතාර්ථය උපහාසයෙන්  පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා සමත්වේ. 

අහළ පහළ - රංගනය  ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී.පෙරේරා, පර්ල් වාසුදේවි, ජෙසිකා වික්‍රමසිංහ, පද්මිනී එදිරිසූරිය, නිහාල් ජයවර්ධන, ප්‍රැන්සිස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ගැමුණු විජේසූරිය

ගිලිහුණු මල් හි  තේමාව කොළඹ මන්දිරයක වැඩ කාරකමට දරුවකු ගෙනයාමට උත්සාහ කරන කපටි අතරමැදියෙක් ඒ නිසා මානසිකව ආකුලතාවයට පත්වන මවක ගේ කතාවයි.1970 හොදම කෙටි චිත්‍රපටය ලෙස  - ගිලිහුණු මල් - 1971 විචාරක සම්මාන උළෙලේ සම්මානයට පාත්‍රවිය. 

ගිලිහුනු මල් - අයිරාංගනී සේරසිංහ, රූබි ද මෙල්, පිටිපන සිල්වා, ධර්මදාස කුරුප්පු, ජයන්ත කුමාර ජයමාන්න ,මෙහි ගීත අඩංගු නොවිණි 

මෙම තේවත චිත්‍රපටය වෙනුවෙන් ජේ.ඒ. වින්සන්ට් නිර්මාණයකල පෝස්ටරය කැනඩාවේ පැවති ජාත්‍යන්තර සිනමා ප්‍රචාරක උළෙලක දී ගෞ රව සම්මානයට පාත්‍ර විය.එවැනි ජාත්‍යන්තර ඇගයීමකට ලක්වූ මෙරට  ප්‍රථම සිනමා පෝස්ටරය ද එය වේ..

           මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Friday, February 17, 2023

සිංහල සිනමාවේ 214 වැන්න ආත්ම පුජා චිත්‍රපටය වේ.

 සිංහල සිනමාවේ 214 වැන්න ආත්ම පුජා චිත්‍රපටය වේ.සිනමාස් වෙනුවෙන් කේ ගුණරත්නම් නිෂ්පාදනය කරන ලදී.අධ්‍යක්ෂණය එම් .මස්තාන් වේ.ඔහුග්ව් අවසාන අධ්‍යක්ෂණය වේ.60 දශකයේ ඉන්දියානුවන් චිත්‍රපට අධ්‍යක්ෂණය ට මතුවූ විරෝධතාවය නිසා මස්තාන් මෙරට හැර ගියේය.පසුව අධ්‍යක්ෂණ කටයුතු ගාමිණි පොන්සේකා නිමකළේය.එනමුදු අධ්‍යක්ෂක ලෙස නාමාවලියේ සදහන් වුවේ මස්තාන් ගේ නමයි.තිරගත වුවේ 1970 මැයි මස 15 වනදාය."ද කොසිකන්ප්‍රදර්ස්" ප්‍රංශ ග්‍රන්ථය ඇසුරිනි (මෙය ද කෝසිකන් බ්‍රදර්ස්’ ලෙස ඉංග්‍රිසියෙන් ද, ‘අපූර්ව සහෝදරන්ගල්’ නමින් දමිළ බසින් ද "නිෂාන්" සහ "ගොරා ඕර් කාලා" නමින් හින්දි බසින් ද තිරයට නැගී ඇත).කතාව සහ දෙබස්   රත්නසිරි එරත්න ගෙනි.කැමරාකරනය ඒ.වී.එම් .වාසාගම් සහ වී වාමදෙවන්.දෙදෙනාය.සංස්කරණය ඩබ්ලිව්.ඩී .කේ.රුබන් ගෙනි.සංගීත අධ්‍යක්ෂණය එම් .කේ..රොක්සාමි මාස්ටර් වේ.ස්වතන්ත්‍ර ගීත විය.කරුණාරත්න අබේසේකරයන් ගේ ගීත පදමාලාවේ.පසුබිම් ගායනය සදහා සුජාතා අත්තනායක,මොහිදීන් බෙග්,එම් .එස්. ප්‍රනාන්දු ,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල දායක විය.එහි ඇතුලත් වූ ගීත නම් - සඳ හිරු පායා දිලුනට ඝන අඳුරුයි - ,හිම අරනේ තුරු සෙවනේ -,රන ගිරෙන් එන සුළං -, මසුරන් පොදියයි හසරැල් නදියයි යන ගීතාවේ.කතා සාරාංශය මෙසේය.යුරෝපයේ රටක පාලකයා  වන සොලමන් සිගේරා - සේනාධීර රූපසිංහ - හා බිසවට - තලතා ගුණසේකර - සිරුරෙන් බද්ධ වූ නිවුන් දරුවන් ලැබේ.සැත්කමකින් දෙදෙනා වෙන්කර  තැබුවත් එකෙකුට දැනෙන හැගීම් දැනීම් අනෙකාට ද දැනේ.අසල්වැසි රාජ්‍ය යේ  පාලකයා මාක්ස් අල්මේදා - එච්.ඩී .කුලතුංග - මේ රාජ්‍යය ආක්‍රමනය කර සොලමන් සිගේරා සහ බිසව ඝාතනය කර දමයි. සොලමන් සිගේරා ගේ රාජකීය වෛද්‍ය වරයා -හර්බට් අමරවික්‍රම - සහ සෙන්පතියා ඇල්ප්‍රඩ් එදිරිමාන්න -  දරුවන් දෙදෙනා රැගෙන පලායයි.දෙදෙනා දෙතැනක වැඩේ.වෛද්‍ය වරයා සමග නගරයේ හෙන්රි -ගාමිණි පොන්සේකා - ද සෙන්පතියා සමග ජෙරී - ගාමිණි පොන්සේකා වනාන්තරයේ  ද වාසය වේ.හෙන්රිට දැනෙන සතුට ප්‍රීතිය දුක ජෙරී ට ද දැනේ.මෙනිසා ජෙරී මහත් පීඩාවට පත්වේ.හෙන්රි තම පෙම්වතිය රාජකුමාරි - ක්ලැරිස් ද සිල්වා - සමග පෙම් සුවය විදින විට ඒ මිහිර ජෙරිට ද දැනේ .අල්මේදා හා සටන් අරබන විට හෙන්රි ජෙරී දෙදෙනා එක්වේ.රාජ කුමාරිට පෙම් බදින ජෙරී නිසා තම සොහොයුරා සමගද සටන් වදී .අවසාන සටනේදී ජයග්‍රහණය සමීපයේ තිබියදී අල්මේදා ගේ සෙන්පති ලුසිපර් - ඩොමි  ජයවර්දන - ජෙරිට පිටුපසින් කදු පහරක් ගස ජෙරී මරා දමයි.හෙන්රි අල්මේදා හා ලුසිපර් මරා දමා රාජ්‍ය අත්කර ගනී.ගාමිණි පොන්සේකා දෙසොහොයුරන් රංගනයේදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු එක චරිතයක රංගනය කරතිබේ.වාණිජ සිනමාව තුල මේ රංගනයන් ඉතාම විශිෂ්ට ගනයේ විය.කඩු සටන් හා සෙසු දර්ශන ස්වභාවිකත්වයට ඉතාම සමීප විය.අමතර රංගනයට නෙල්සන් කරුනාගම,ඇන්තනි සී. පෙරේරා, ශාන්ති ලේඛා ,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,රෝයි හදපාන්ගොඩ,දොන් සිරිසේන,බී එස්. පෙරේරා,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,බන්දු මුණසිංහ,ඊ .එම් .පී.බණ්ඩාර ,පදිමා සිරිවර්දන,ග්‍රේස් ජයමාන්න ,මනොන් මනි,රන්ජනී පෙරේරා,ජස්ටින් ප්‍රනාන්දු,ප්‍රැන්සිස් ප්‍රනාන්දු ආදීන් දායකව තිබේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, February 14, 2023

1970 මැයි 09 තිරගත වෙන්නේ - අක්කර පහ - චිත්‍රපටයි.එය සිංහල සිනමාවේ 213 වැන්න

 1970 මැයි 09 තිරගත වෙන්නේ - අක්කර පහ - චිත්රපටයි.එය සිංහල සිනමාවේ 213 වැන්න වේ.නිෂ්පාදනය සිලෝන් ස්ටුඩියෝ වේ.අධ්යක්ෂණය ලෙස්ටර් ජේම්ස් පීරිස් වේ.1959 දොන් පේද්රික් සම්මානය දිනාගත් මඩවල ඒ. රත්නායකයන්ගේ නවකතාව ඇසුරිනි.තිර රචනය ග දෙබස් සම්පාදනය ද තිස්ස අබේසේකරයන්ගේය.මෙහි මාන දෙකක් විය ඉංග්රීසි අධ්යාපනය සදහා නගරයට එන ගැමි තරුණයන් මුහුණ දෙන ගැටුම සහ ගොවි ජනපද ව්යාපාර වල ආරම්භයත් ඒ හා සමගම ගැමි ජනතාවයන් හි සිදුවන විපර්යාසයත් මේ මාන දෙක වේ.1977 අප්රියෙල් පළවූ නවයුගය සගරාවේ රත්නායකයන් මේ පිළිබද නොසගවා අදහස් ප්රකාස කර තිබිනි. ගමේ සිට නගරයට එන සේන චරිතය රත්නායකයන් ගේ අත්දැකීම් බවයි.එම් .එස්. ආනන්ද කැමරා අධ්යක්ෂණය කර ඇත.සුමිත්රා පීරිස් , එඩ්වින් ලිටින් දෙදෙනා ගේ සංස්කරණයකි.පණ්ඩිත් අමරදේවයන් ගේ සංගීත අධ්යක්ෂණය විය.කළා අධ්යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් ගෙනි. ගීතය රචනය වේ.ගායනය පණ්ඩිත් අමරදේවයන් වේ.කතා සාරන්ශ්ය් මෙසේය.1940 දශකයට පසුතල වේ.සමන්තැන්න ගමේ ගොවියෙක් වන බණ්ඩා - ගාමිණී විජේසුරිය -හා භාර්යාව - ශාන්ති ලේඛා - ව්දිමහල් දියණිය කුමාරි - මාලනී පොන්සේකා - සේන මැදවත්ත - මිල්ටන් ජයවර්දන - පුතනුවන් විය.සේන ගැමි දැරිවියක් වන සදවති - අනෝමා වත්තල් දෙනිය - සමග පෙම් සබදතාවක් වේ.බිහිවෙමින් පවතින සමාජයට ගැලපෙන්න නම් ඉංග්රීසි උගත් යුතු අදහස දරන පියා සේන මහනුවර ඉංග්රීසි පාසලකට ඇතුලත් කරයි.පාසලේ මිත්රවන සමරසේන මිතුරා - ඩග්ලස් රණසිංහ - ගේ අනු දැනුමෙන් ඇග්නස් පෙරේරා -රුබි ද මෙල් - මහත්මියගේ නිවසේ බෝඩින් වෙයි.ලීනා - ශිරානි කුරුකුලසූරිය - සහ තෙරේසා ඇග්නස් පෙරේරා ගේ දියණියන් දෙදෙනාවේ.පාසල් සිසුවියක් වන සුජාතා ද එම නිවසේ බෝඩිමේ වේ.ලීනා හා සුජාතා සේන ගෙන් පාඩම් අසාගනී.තෙරේසා මගහරි.නමුත් පසුව තෙරේසා සේන සමග මිත්ර වේ.මෙහිදී තෙරේසා ගැන කැමැත්තෙන් සිටි සමරසේන බෝඩිමෙන් යයි.නාගරික පැවැතු ඇති තෙරේසා නිසා සේන ද ක්රමයෙන් වෙනස් වේ.සේනට ඉගැන්වීම සදහා පියා උගස් තැබූ දේපල අහිමිව පියා අසරණ වේ.මිනිපේ ගොවිජනපදයෙන් ඉඩම් අක්කර පහක් ලබාගෙන බණ්ඩා දරුපවුල සමග මිනිපේ යයි.නැවත සේන නුවර එනවිට තෙරේසා වෙනස්ව සිටි.ඇය රංජිත් - බැසිල් ද සේරම් සමග විවාහ වන බව සේනට කියයි.සෙන පෙනී පෙනී ප්රේමාලිංගන යේ දේ.මේ අතර සුජාතා ද නිවාස අත්හැර ගොස්ය.සුජාතා හා සේන අතර සම්බන්ධයක් වේ යැයි තෙරේසා පියාට කීම මීට හේතුවිය.තවත් අසරණ වන සේන ගේ ඉගෙනීම අඩාල වේ. මිනිපේ යන සෙන නිවසින් අතුරු දැන් වේ.පොළොන්නරුවේ ලී මෝලක වැඩකරන සේන බීමට ද ඇබ්බැහිවේ.වසරකට පසු දෙමාපියන්ට දැන ගන්නට ලැබෙන්නේ සේනට හෘදයා බාදයක් වලදිරෝහළේ සිටින බව්වයි.දෙමාපියන් ඔහු නිවසට රැගෙන එයි.පිය ගොවිතැනින් සරුව ගමේ ද නායකයාව සිටි.කුමාරි ගුරු පත්වීමක් ලබා විජේරත්න - ලාල් හේවාපතිරණ - හා විවාහ ගිවිස සිටි.අගේ විවාහයට සදලතා මව මව සමග - සීතා කුමාරි - පැමිණේ.සේන හා සලාත එකතුවන් බව හගවීමෙන් චිත්රපටය නිමාවේ .සේන ගේ පාසල් මිත්රෙක් ලෙස අමරසිරි කලන්සුරිය ද ලොකු ඉස්කෝල මහත්තයා .ලෙස මාපා ගුණරත්න ද ඉංග්රීසි ගුරුවරයා ලෙස විජේරත්න වරකාගොඩ ද වෛද්ය වරක් ලෙස ලයනල් දැරණියගල ද උපාලි සේනානායක,ස්ටැන්ලි ද සිල්වා ද රංගන දායකත්වය වුවේය.මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයද ගාමිණී වේරගම යන් ගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද පරිශීලනය කළ බවද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

May be a black-and-white image of 2 people, child and text that says "Play"

Sunday, February 12, 2023

සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න

  

සම්මානනීය  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා සිංහල සිනමා දායකත්වය 

විද්‍යෝදය විභූෂණ සාහිත්‍ය කලා ශිරෝමණී මහාචාර්ය සුනිල් ආරියරත්න කුරුවිට බණ්ඩාර  1949 ජූලි 28 වන දින නුගේගොඩදී  උපත විය.සහෝදර සහෝදරියන් 6 දෙනෙකු සමඟ පවුලේ සිව්වන දරුවා ලෙස උපත ලැබීය. ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුට සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සිටිති. ඔහුගේ සහෝදරයන් වන නිමල් කුරුවිට බණ්ඩාර නීතීඥයෙකු වන අතර තිලකරත්න කුරුවිට බණ්ඩාර මාධ්‍යවේදියෙකු සහ කර්තෘවරයෙකු වේ.ඔහු 1963 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) සාමාන්‍ය පෙළට පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ විභාගය සමත්වීමෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය පිරිවෙනට (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වේ) තේරී පත් විය. 1971 දී ඔහු පළමු පන්තිය සමඟ සිංහල ගෞරව උපාධියක් ලබා ගත්තේය.1972 කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ඔහු 1975 සිට 1976 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ අර්ධකාලීන කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේය. වසර තුනක් කථිකාචාර්යවරයෙකු ලෙස  ඉන්පසු ස්ථිර සහකාර කථිකාචාර්යවරයකු ලෙස නැවත කැලණියට පැමිණියේය. 1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට බැඳුණු ආරියරත්න එහිදී සහකාර මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලබා 1994 දී මහාචාර්යවරයකු බවට පත් විය. 1989 දී ඔහු දෙමළ භාෂාව හැදෑරීමට මදුරාසියට ගියේය. 2000 දී, ඔහු සන්නිවේදන පීඨයේ සිංහල භාෂාව සහ ජනමාධ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස උසස් කරන ලද අතර, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ එම ජයග්‍රහණය අත්කරගත් ලාබාලතම පුද්ගලයා බවට පත් විය

2011 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමන ලදී. 2015 දී, සාහිත්‍යය සහ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු කළ දායකත්වය අගයමින් සාහිත්‍යය පිළිබඳ දෙවන ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය.

   වයස අවුරුදු 11 දී ඔහු අමල් බිසෝ නමින් පාසල් නාට්‍යයක් ලිවීය. ඉන්පසුව, 1961 දී වයස අවුරුදු 16 දී ආරියරත්න විසින් අහිංසකයෝ  නමින් කෙටිකතා සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරන ලදී ඉන්පසුව 1963 දී ඔහු අපි ඔක්කෝම නමින් කාව්‍ය සංග්‍රහයක් ද, 1964 දී අලකේශ්වර ඓතිහාසික නවකතාවක් ද, 1965 දී සියොතුන්ට රැකවල් කාව්‍ය කතාවක් ද රචනා කළේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරු තිලකරත්න කුරුවිට බණ්ඩාර විසින් රචනා කරන ලද දෙයියෝ නාට්‍යය නිෂ්පාදනය කළේ ය.

විද්‍යෝදයයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටියදී ආරියරත්න තම හැකියාව ඔප්නැංවූයේ 1969 දී ජීවිතය ගීතයක් වගේ නවකතාවක් රචනා කරමිනි. 1971 දී උපාධිය ලැබීමෙන් පසු ඔහු සමීපතම මිතුරන් වන බුද්ධදාස ගලප්පත්ති සහ ජයලත් මනෝරත්න සමඟ එක්ව දොළොස්මහේ පහන නම් කාව්‍ය සංග්‍රහයක් පළ කළේය. ඔහු පහන් කන්ද (1983), යාත්‍රා (1984), පෙම්බර ලංකාව (1990), මධු බදුන් (1994), අඩහැරය (2004) සහ ශ්වේත රාත්‍රිය (2012) වැනි ගී පද කිහිපයක් ලිවීය. ඔහු නන්දා මාලිනී, ඩබ්ලිව්.ඩී. අමරදේව සහ වික්ටර් රත්නායක වැනි ජනප්‍රිය කලාකරුවන්ට ගීත කිහිපයක් රචනා කළ දක්ෂ ගී පද රචකයෙකි. 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජන්ම උරුමයෙන් ලද තවත් කලාංගයක් වූයේ සිනමාවේදය යි. සරසවි විද්‍යාර්ථියකු ව සිටිය දී ම සුනිල් ආරියරත්නයන් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තැබුවේ 1970 දී සරාගී නම් වූ කෙටි චිත‍්‍රපටයෙනි. දුෂ්කර ක‍්‍රියා (1976) සහ බෝසත්වරු අනෙක් කෙටි චිත්‍රපට  වේ. 1978 අනුපමා චිත‍්‍රපටයෙන් ඇරඹි වෘතාන්ත සිනමා  අධ්‍යක්ෂණ කාර්යය තුල 1978 අනුපමා ,1979සරුංගලේ,1979පොඩි මල්ලි ,1980 සිරිබෝ අයියා ,1980කිදුරු කුමාරි, 1981කෝලම්කාරයෝ , 1981වජිරා ,1982 බමර ගීතය 1983 මුහුදු ලිහිණි, 1985මිහිදුම් සළු 1994අහස්  මාලිගා,1981බඹා කෙටු හැටි, 1981සතර පෙර නිමිති 1982ජීවිතයෙන් ජීවිතයක්  1982 කැලැ මල්   1990ක්‍රිස්තු චරිතය 2002සුදු සෙවනැලි 2007උත්පලවන්නා 2012කුස පබා 2016 පත්තිනි 2017 අලි කතාව 2018බිම්බා දෙවි යසෝධරා 2019විජයබා කොල්ලය ,චිත්‍රපටයන් වේ. ආරිය රත්නයන් ගීත රචනා කල චිත්‍රපට නම් නිම්  වලල්ල ,ලොකුම හිනාව,මාතර ආච්චි ,දුලීකා ,දිනුම් කනුව,තරංගා,අමරණීය ආදරේ,රජගෙදර පරවියෝ, දෑස නිසා ,මඩොල් දුව,දමයන්ති ,හුලවාලි,සරදියෙල්  ගේ පුතා,මංගලා,ශ්‍රී මදාරා,හරියන්කොට ඔහොම තමයි,මරුවා සමග වාසේ,ගැහැණු .ළමයි,අමල් බිසෝ,චුඩා මානික්‍ය ,හාදයා එක්ටම්ගේ  ,තවලම අජාසත්ත,බාදුරා මල් ,සදා,සක්විති සුවය,කිරිසුවද,චන්දිරා,සසර චේතනා,මල් දෙනියේ සිමියොන්,සුර සරදියෙල් ,විරාගය,පෙම්රාජ දහන,ස්ත්‍රී,උමයන්ගනා, රාගිනි,අභියෝගය,අඹ යාලුවෝ,සෙයිලම,දෙමෝදර පාලම,බිතු සිතුවම්,අපායේ තප්පර අසුහාරදාහක්,විසිදල,අන්තිම රැය ,මන්දාකිනි,නගරන් ,ඉන්ද්‍ර කීලය,මහදන මුත්තයි ගෝලයෝ රොත්තයි , පොරොන්දුව,සීතල ගිනිකදු,කලුසුදු මල් ,තහනම් ගහ,සුදුසලු,සුළඟ,සමාරා,අබා,නිල්දිය දහර,අපේ යාලු පුංචි බුතයා මහින්දාගමනය,දරුවනේ,අබිනික්මන,මගේ යාලු මාළු,ඇඩ්රස් නෑ ,වසන්තයේ සද,ආදරෙයි මං ,පුංචි අන්දරේ,නිදහසේ පියා ආදියයි.,ක්‍රිස්තු චරිතය ,සුදු සෙවනැලි ,උත්පලවන්නා ,පත්තිනි,අලිකතාව ,බිම්බා දේවි ආරියරත්නයන් තිර රචනා කල චිත්‍රපට වේ.ආරියරත්නයන් සම්මානයට පාත්‍රවූ වේ,1996 සුමති සම්මාන - සංක්‍රාන්ති සමය සඳහා හොඳම රූපවාහිනී ගීත රචනය සඳහා වූ සම්මානය

2002 සරසවිය සම්මාන - හොඳම චිත්‍රපටය සඳහා සුදු සෙවණැලි සම්මානය

2004 සුමති සම්මාන - හොඳම රූපවාහිනී ගී පද රචනය සඳහා රම්‍යා සුරම්‍යා සම්මානය

2010 සුමති සම්මාන – යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය

2011 රයිගම් ටෙලීස් - හොඳම රූපවාහිනී ගීත රචනය සම්මානය

2018 හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් - පත්තිනි සඳහා හොඳම ගීත රචනය සඳහා වූ සම්මානය

2019 Derana Sunsilk Film Awards – Blockbuster Movie of the Year සම්මානය Bimba Devi හෙවත් යශෝධරා වෙනුවෙන්

මෙවැනි සුවිශේසී කාර්ය භාරයක් මෙතුමා වැනි විද්යාර්ති යෙක් ගෙන් සිංහල සිනමාවට සිදුව තිබේ,එතුමාට චිර ජීවනය වේවා.සිනමා ලෝලී අපේ ආදරණීය ගෞරව ප්‍රනාමය වේවා.

Friday, February 10, 2023

- දැන් මතකද - චිත්‍රපටය සිංහල සිනමාවේ 212 වැන්න

1970 මාර්තු 13 තිරගත වූ - දන්  මතකද - චිත්‍රපටය සිංහල සිනමාවේ 212 වැන්න වේ. නීල් රූපසිංහ ගේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණයකි.ඇන්ටන් ග්‍රෙගරි සහාය අධ්‍යක්ෂණය කළේය.කථාව සේනාධීර රුපසිංහ සහ  සිරිල් බී පෙරේරා ගෙනි. කැමරාව අධ්‍යක්ෂණය ලෙනින් මොරායස්. වේ. තිරරචනය නීල් රූපසිංහ හා ලෙනින් මොරායස්  ය. දෙබස් රචනා  සේනාධීර රුපසිංහ ගෙනි.,  සටන් අධ්‍යක්ෂණය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු.වේ . නැටුම් අධ්‍යක්ෂනය හෙලන් කුමාරි.විසිනි.70 දශකයේ  නාගරික තරුණ යා හේ විරැකියාව ගැන සංකල්පය ද මේ චිත්‍ර පටයෙන් මතුකළේය.ඩබ්ලිව් .ඩී .කේ රුබ් ගේ සංස්කරණයකි.කළා අධ්‍යක්ෂණය ඩී .එස්.හෙට්ටිආරච්චි සහ ඇන්ටන් ගුරුසාමි වේ.වේශ නිරුපනය කේ සුබ්බයියා වේ.ඇදුම් නිර්මාණය චාන්දනී ලෙනෝරා වේ.කොණ්ඩා මෝස්තර සන්තියා බියුටි පාලර් වේ.විජය චිත්‍රාගාරයේ නිෂ්පාදනය විය.සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාල වේ.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර,සිරිල් ඒ සීලවිමල,නිහාල් ඒ.ජයසිංහ,එම් .එස්.ප්‍රනාන්දු ආදීන් ගෙනි.එච්.ආර්.ජෝතිපාල,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,මොහිදින්  බෙග් ,එම් .එස්.ප්‍රනාන්දු,සුජාතා අත්තනායක,ඇන්ජලින් ගුණතිලක දායක විය.ආදරේ හිතෙනවා  දැක්කම ,හිස් ටින් එකක් වාගේ ,මැණිකෙ මම ආයෙ ගෙදර එනවා,අකල් වැස්ස තුරල් වෙලා, කොහෙදෝ  කොහෙදෝ මොකෝ මේ දුවන්නේ, මේ සිත සුවදෙන රැයේ ඇතුලත් වූ ගීත වේ.කතා සාරාංශය මෙසේය.පියල් අමුණුගම -එච්.ඩී .කුලතුංග - ධනවතෙකි.ඇලිස් - රීටා රත්නායක - පියල් හදුනා ගන්නේ ඩොමී - ඩොමී ජයවර්දන - ජායාරුප ශිල්පියා මගිනි.පියල් නිසා ඇලිස් ගැබ් ගනී.පියල් පියාගේ ඉල්ලීම මත මංගලිකා නම් ධනවත් තරුණිය හා විවාහ වීමට සිදුවේ.මේ නිසා ගැටුමක් ඇතිවේ.  පියල් විසින්  ඇලිස් ගේ ගෙල මිරිකයි. ඇලිස් සිහිසුන් වේ.ඇලිස් මිය ගියායයි පියල් පලායයි.මේ සිදුවීම ඩොමී රහසේ කැමරාවට නගයි.මේ ජායාරුප පෙන්වා ඩොමී වරින්වර පියල් ගෙන් කප්පම් ගනී.මුඩුක්කු පරිසරයක පදිංචි ඇලිස් තම පුතු කපිල - සේනාධීර රුපසිංග - හදා ගන්නේ දුකසේය.තමා ජීවත්වන පරිසරය නිසා කපිල  නොමග ගිය තරුණයෙකි. ඔහු තම මිතුරු මයිකල් - ඇන්තනි සී.පෙරේරා - සහ ජෙරී - බන්දු මුණසිංහ - සමග දඩබ්බර ලෙස ජීවත් වේ.කපිල ගේ පෙම්වතිය 

 - සුමනා අමරසිංහ - මයිකල් ගේ නැගණිය වේ.පියල් ගේ බිරිද මංගලිකා දරුවකු බිහිකර මියයයි.සන්ධ්‍යා - මාලනී පොන්සේකා - නම් වූ පියල් ගේ දියණිය යොවුන් තරුණියකි.එංගලන්තයේ සිට පැමිණෙන ආනන්ද - ආනන්ද ජයරත්න - පියල් ගේ නෑදෑ සහෝදරයා ගේ පුතෙකි. පියල් ගේ අදහස ආනන්දට සන්ධ්‍යා විවාහ කරදීමටය.මේ අනුව ආනන්ද සහ සන්ධ්‍යා අතර පෙම් සබදතාවක් ද ඇතිවේ.මේ අතර ඩොමී සන්ධ්‍යා තමාට විවාහ කරදෙන ලෙස පියල් ගෙන් ඉල්ලා සිටි.නැතිනම් ඇලිස් ගේ රහස හෙළි කරන බවට තර්ජනය කරයි.පියා ඩොමී හා විවාහ වීමට කරන යෝජනාව නිසා සන්ධ්‍යා කලකිරී දිවි නසා ගන්නට තත් කරයි.කපිල ය බේරා ගනී.එසේම ඇය ආරක්ෂා කිරීමට පොරොන්දුවේ.දිනක් නිවසට එන ආනන්දට ඩොමී යයි සිතා කපිල පහර දේ.මෙය සන්ධ්‍යා ගේ උපායක් යයි සිතන  ආනන්ද සන්ධ්‍යා  හා අමනාප වේ..මේ සිදුවීම කපිල මවට කියයි.ඩොමී හමුවට යන ඇලිස් තමා නොමල බවත් මේ කුට උපාය අත්නොහලොත් සියල්ල හෙළිකරන් බව ඇලිස් කියයි.සන්ධ්‍යා හා ආනන්ද විවාහ ගිවිස ගැනීමට ඩොමී ඇලිස් සිරකර තබා පැමිණේ.ඔහු සන්ධ්‍යා පහර ගනී නමුත් කපිල ඇය  බේරා ගනී..නිවසට ගෙන එයි.එහි පැමිණෙන ඇලිස්ට ඩොමී වෙඩි තබයි.ඈ මියයන්නේ පියල්ට කපිල පුතා බව හදුනා දෙමිනි.කපිල පියල් ලග නොසිට බලා සිටින තම මිතුරන්ට එක්වේ.සහාය රංගනයට හියුගෝ ප්‍රනාන්දු,එම් .එස්.ප්‍රනාන්දු,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ,හෙලන් කුමාරි,උදුලා දාබරේ,රෝයි හදපාන්ගොඩ,අනුෂා ගීතාන්ජලි,නෙළී ප්‍රනාන්දු දායක විය. මේ චිත්‍රපටය තිරගත කළ සමයේ   හන්තානේ කථාව, බක් මහ දිගේ වැනි  චිත්‍රපට ද  ප්‍රදර්ශනය විය..  1970 මාර්තු 13 දින ප්‍රදර්ශනය ඇරඹු  -දැන් මතකද - චිත්‍රපටය දින 66ක් සාර්ථකව මරදානේ ගාමිණී සිනමාහලේ ප්‍රදර්ශනය විය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

 

Tuesday, February 7, 2023

211 වැනි චිත්‍රපටය වේ.ඒ -සුමුදු භාර්යාව -

 1970-02-04 තිරගතවුවේ සිංහල සිනමාවේ 211 වැනි චිත්‍රපටය වේ.ඒ -සුමුදු භාර්යාව - චිත්‍රපටය වේ.ඒ.ජේ.ජෙයරාජ් ගේ නිෂ්පාදනයකි - සිනේ ආර්ට්ස් -අධ්‍යක්ෂණය සිරිල් පී. අබේරත්න වේ. කතාව සහ දෙබස් රචනය ද සිරිල් පී අබේරත්න ගේම විය.කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා ගෙනි.කරුණාරත්න අබේසේකර ,සිරිල් පී.අබේරත්න පසුබිම් ගී රචනා රචනා කළේය.එම් .කේ රොක්සාමි ගීත නිර්මානය කල අතර සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස වේ.ගීත ගායනා සදහා වික්ටර් රත්නායක,එච්.ආර්.ජෝතිපාල,ආනන්ද ජයවර්දන,ලතා වල්පොල,ශ්‍රීමති රණසිංහ ,චම්පා අතපත්තු,ස්වර්ණා අබේරත්න එකතු විය.කතා සාරාංශය මෙසේය.ත්‍රිකෝණ ප්‍රේමයක කතාවක් විෂය විය.නිලන්ති - ජීවරාණි කුරුකුලසූරිය - රෝහණ - රෝයි ද සිල්වා - සේනක - කනිෂ්ක අබේරත්න - විශ්ව විද්‍යාල සිසුන් වේ.රෝහණ සේනක දෙදෙනාම නිලන්තිට පෙම් කරයි.රෝහණ හදවතින්ම පෙම්කලත් සේනක ආසාවන් තාවකාලික ආශ්වාදය පතා පෙම් කරයි.නමුත් දෙදෙනාටම නිලන්ති ගේ පෙම අහිමිවේ.විශ්ව විද්‍යාල යෙන් පිටවූ ඇය ලසන්ත -නෙල්සන් කරුනාගම - හා විවාහ වේ.දෙදනා විවාහයෙන්  පසුව  දරුවන් ද ලබා සිටින කල්හි ජිවිතයේ ආරාවුල් මතුවේ.එයට හේතුව රෝහණ වේ.ලසන්ත රෝහණ යටතේ ලිපිකරුවෙක් ලෙස සේවය වේ.රෝහණ පිලිබද වැරදි අවබෝධයක් ලසන්තට දෙන්නේ සේනක විසිනි.ලසන්ත ට සැකය ඇතිවන්නේ නොසිතන අවස්ථාවල රෝහණ නිලන්ති හමුවීමයි.නමුත් මැදහත් සිතින් ගැටලුවට එක්වන රෝහණ පවුල් ආරාවුල විසදා දෙයි.නිලන්ති යහපත් බිරිදක් බව සනාත වේ.නිලන්ති ගේ පියා ලෙස ලෙනි ප්‍රනාන්දු රංගනය කළේය.මව ලෙස හිල්ඩා ඇග්නස් රංගනය වූ අතර කාර්යාලයේ යතුරු ලේඛිකාව ලෙස සුමනා අමරසිංහ රංගනය විය කාර්යාල සහයක වුවේ දොන් සිරිසේනයි. - ආලය කාටත් පොදු දෙයකි ,එය සෝක තැවුල් දෙන දෙයකි  -  ගීතය වික්ටර් රත්නායක ද- ආලය කාටත් පොදු දෙයකි ,එය ප්‍රීති විනෝදය දෙන දෙයකි -     එච්.ආර්.ජෝතිපාල ද   මෙම චිත්‍රපටයට ගායනා කළේය.සිරිල් පී අබේරත්න ගේ පදමාලාවකි. එම ගීතය ස්වතන්ත්ර ගීයකි.අනුකාරක  ගීත ද මෙහි විය . .ලිලියන් එදිරිසිංහ,හර්බට් කහවිට,විමලා කුමාරි,පේමනි ගුණරත්න,ස්වර්ණා අබේරත්න, දිලන්ති සමරසේකර ද අමතර රංගනයට දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, February 6, 2023

සිසිර සේනාරත්න සහ චිත්‍රපට සංගීතය

 

සිසිර සේනාරත්න සහ චිත්රපට සංගීතය

සිසිර සේනාරත්නයන් උපන්නේ 1935 මාර්තු 29 වෙනිදා හලාවතදීය. ඔහුගේ පියා හෙන්රි සොලමන් සේනාරත්න වූ අතර මව එම්.ඒ.ලීලාවතීය.එතුමා හලාවත ශාන්ත මරියා විද්යාලයෙන්, මරදානේ මධ්ය විද්යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්යාලයයෙන් අධ්යාපනය ලැබී ය.
ඔහුගේ සීයා ආයුර්වේද වෛද්යවරයෙකු වූ අතර මව ඔහුට මාස තුනක් සපිරෙද්දී ජීවිතයෙන් සමුගෙන තිබිණ.
සිසිර සේනාරත්න යනු ප්රවීන ජනප්රිය ගායකයකි. කෙටි කථා රචකයෙකු විය. වෛද්ය වරයෙක් වීමට කැමැත්තෙන් සිටියේය. සිසිර සේනාරත්නයන්ට ඔහුගේ ම ලයාන්විත ස්වරය මග හරස් කළේ ය. හතරවැනි වසරේදී සප්ත ස්වරය ශ්රැතියට අනුව ගායනා කරමින් සංගීතයේ බහ තේරූ ඔහු පසු කළෙක රජයේ සංගීත විද්යාලයට ඇතුළත් විය. ගුවන්විදුලියෙන් ගායනයට පිවිසි සිසිර සේනාරත්නයන් චිත්රපට පසුබිම් ගායනයට එක්වූයේ ‘පොඩි පුතා’ චිත්රපටයෙනි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්රපටයේ පසුබිම් ගයනයට එක් වූ ඉන්ද්රාණි විජයබණ්ඩාර හඳුනා ගන්නා ඔහු 1962 මැයි 31 වන දා ඇය සමග යුගදිවියට එළැඹුණි.සිසිර සේනාරත්න මහතාගේ දයාබර බිරිද මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්රාණි විජයබණ්ඩාරය.ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.සේනාරත්නයන් ශ්රී ලංකා රේගුවේද සේවය කළේය
සංගීත අධ්යක්ෂණය කළ චිත්රපට වුවේ හඳපාන,හිතට හිත ,සෙනෙහස ,පුංචි බබා ,මගේ රන් පුතා, දීපාංජලී ,ගජමුතු ,රන් එතනා , කවුද හරි ,පුනරුත්පත්තිය
ගීත ගායනා සඳහා දායකත්වය
1955 පළමු චිත්රපටය පොඩි පුතා ,ගායනය - මේ ලෝකේ නවාතැනවේ
1955 රේඛාව ගායනය - ඕළු නෙළුම් නෙරිය රඟාලා
1956 සිරකරුවා ගායනය - ටිකිරි ටිකිරි ටිකිරි ලියා
1957 මා ආලය කල තරුණිය ගායනය - ප්රහේලිකාවකි මගෙය ලෝකේ ,ගායනය - කලාකාරයෙක්නේ
1959 ගැහැණු ගැට ගායනය - රන්වලා තොටිල්ලේ
1959 හදිසි විවාහය ගායනය - ආලේ රස දැනුණා ,ගායනය - සුරතලියේ, සියුමැලියේ
1959 වනමල ගායනය - හුල්ලා - හුප්පි - යැංකි
1960 ජීවිත පූජාව ගායනය - මගේ සුදා පෙම්බරා ,ගායනය - බොළඳ ප්රේමියේ
1961 දස්කොන් ගායනය - කෝකිල දේවී ,ගායනය - ධර්ම රසයෙනි ගායනය - සොම්නස පෙම් රස, ගායනය - නිම් නැත මේ භව
1962 හඳපාන ගායනය - ආලෝකේ පතුරා , - පිදුරු සෙවි කළ පැල්පතේ - ඈත අහසේ නැගේ දිනිඳු
1965 පුංචි බබා ගායනය - මාගේ පුතුට මල් යහන සාදන්නේ - පාර පාර පේන
1968 සෙනෙහස ගායනය - මාතු පාදං නමාමි, - ආදරයේ රැස් විහිදා, - මේ ලෝ තලේ සිතු නොසිතු
1969 හරි මග ගායනය - ඈත අතීතෙන්
1969 කව්ද හරි ගායනය - රිදී කුමාරි සීතල ඇල්ලයි
1969 සමනල කුමරියෝ ගායනය - මංගල මධු මදිරා
1971 ආශා ගායනය - රැලින් රැලට එන
1965 තිරගත වූ ‘හඳපාන’ චිත්රපටයේ සංගීත අධ්යක්ෂවරයා වී 1966 සරසවි සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ ද මේ හෘදයාංගම ගායන ශිල්පියා ය. ඉන්ද්රානි සේනාරත්න මහත්මිය සමඟ "සිසින්ද්රා" ප්රසංගය ලොව වටා පවත්වමින් විදෙස්‌ගත ශ්රී ලාංකිකයන්ද පිනවූ සිසිර සේනාරත්න මහතා 2015 පෙබරවාරි 04 වන දින මෙලොවින් සමුගැනීමට පෙර කලක සිට රෝගීව පසුවූවේය.
එතුමාට නිවන් සුව අත්වේවා

Thursday, February 2, 2023

ලස්සෙට කොඩිය - චිත්‍රපටය

 

1970 ජනවාරි 29 තිරගත වුවේ - ලස්සෙට කොඩිය  - චිත්‍රපටයයි.එය කතානාද සිනමාවේ 210 වැන්නැයි. නිෂ්පාදනය කේ.ගුණරත්නම් වේ අධ්‍යක්ෂණය ශේෂා පලිහක්කාර වේ. අනුර මහානාම ගේ කතාවකි.දෙඇස් රචනය ඇල්ප්‍රඩ් පෙරේරා ගෙනි.ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂක වරයා විය.ඩී .එම.ජයතිස්ස සංස්කරණය කළේය.  පණ්ඩිත ඩබ්ලිව් ඩී අමරදේවයන් සංගීත අධ්‍යක්ෂක වරයා විය.ගීත පදමාලාවන් ඩෝල්ටන් අල්විස්, හා ටී.බී.මැන්දිස් රචනා කළේය.පසුබිම් ගායනා සදහා අයිවෝ ඩෙනිස්,සී.ටී.ප්‍රනාන්දු,අතුල සෝමසිරි,විජේරත්න වරකාගොඩ,ආනන්ද ජයවර්දන,සුජාතා අත්තනායක,අමිතා දළුගම,මල්කාන්ති නන්දසිරි, සහ රූපා ඉන්දුමතී දායකව තිබේ.සහාය අධ්‍යක්ෂණයට රාජා ද සිල්වා, නිෂ්පාදන කළමනාකරු ලෙස ඇල්ප්‍රඩ් පෙරේරා ද,නාමාවලිය දයා කරුණාරත්න ද දායකව තිබේ.කතා සාරාංශය මෙසේය.ගැමි තරුණයෙක් වන පින්සිරි - ජෝ අබේවික්‍රම - මවගේත් -දෙනවක හාමිනේ - මාමාගේත් පිහිටෙන් සංගීත උපාධිය සමත් වේ.රැකියාවක් නැතිකම නිසා විවිධ අපහාස උපහාස වලට ලක්වේ.මාමා ගොවිතැනට පෙලබීම් කලත් පින්සිරි අකමැතිය.මේ නිසා දෙදනා විරසක් වේ.කුසුමා - සොභනි  අමරසිංහ - පින්සිරි ගේ පෙම්වතිය වේ.රිදියගල වත්තේ කොන්දොස්තර ගේ - ඒ.පී.ගුණරත්න - දියනියය. රැකියාවක් නැති නිසා ඔහුද පින්සිරිට කැමති නොවේ.රස්සාවක් සොයා පින්සිරි කොළඹ එයි.නෑදෑයකු ගේ මාර්ගයෙන් රානි වදුරුමාන්න හාමුගේ නිවසේ පැවැත්වෙන සාදයට සේවකයෙක් ලෙස පින්සිරි  යයි.එහිදී  සිදුවන අකරතැබ්බයක් නිසා පින්සිරි පොලිසියට අසුවේ .අහිංසක ක් නිසා පොලිසිය ඔහු නිදහස් කරයි.පින්සිරි සමරසේකර නම් මහතෙක්ව මැරයින් ගෙන් බේරා ගනී.ඔහුගේ ලිපියක් ගෙන නාට්‍ය ආයතනයකට යන නමුත් එහිදී බොහෝ රැවටීම් වලට හසුවේ.මෙහිදී හමුවන රානි ද ඔහුට ප්‍රසිද්දියේ කම්මුල් පහරක් ද  ගසයි.මේ අතර කුසුමා පින්සිරිට  ලිපියක් එවයි.ඒ පියාගේ මුදල් සොරුන් ගත්  නිසා ඔහුගේ රැකියාව අහිමිව සිටින නිසා මුදල් ටිකක් සොයා දුන්නොත් පියාගේ සිත දිනා ගත  හැකිබව දන්වාය .ලේසියෙන් මුදල් සොයන්න නළුවෙක් වීම යයි සිතන පින්සිරි චිත්රාගාරයකට ගියද  අරමුණ ඉටු නොවේ.නැවතත් වංචා රැවටීම් වලට හසුවේ.ගැහැනුන් නටවන කපටි පිරිමි දෙන්නෙක් පින්සිරිට ගැහැණු වෙස් ගන්වා නර්තනයකට ඉදිරිපත් කරයි.වංචාව හෙළිවීම නිසා පහර දීමට එන මිනිසුන් ගෙන් බේරීමට පින්සිරි මිනි පෙට්ටියකද සැගවේ .සමරසේකර මහතා මියගිය ආරංචිය ලැබී එහියන ඔහුට දැනගන්නට ලැබෙන්නේ සියලු බුදලය පින්සිරි නමට ලියා ඇතිබවය.රිදියගල වත්ත ද මේ බුදලයේ ම කොටසකි.පවුලේ නීති වේදියා සමග   රිදියගල වත්තට යන පින්සිරි  වත්තේ භාරකාරත්වය මෙන්ම කුසුමා ගේ හිමිකම්ද ලබයි. අමතර රංගන දායකත්වය සදහා තිලකසිරි ප්‍රනාන්දු,ජෙසිකා වික්‍රමසිංහ,චන්ද්‍රා කළුආරච්චි,සැමුවෙල් රුද්‍රිගෝ,මධුලතා ප්‍රනාන්දු බර්ටි ගුණතිලක,ඇනස්ලි ඩයස්,මාක් සමරනායක,ධර්ම ශ්‍රී මුණසිංහ,ක්‍රිස් ග්‍රීට් ,ෂෙල්ටන් ආටිගල,බන්දු මුණසිංහ,ජේ එච්.ජයවර්දන ,ඇල්ප්‍රඩ් පෙරේරා,මාටින් ගුණදාස සහ තවත් ය දායකව තිබේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.