Tuesday, March 8, 2022

මිලී කහදවල ......

 

කොළඹ නාරාහේන්පිට 1927 උපත ලැබූ නරසිංහ ආරච්චිගේ මිලී කහදවල අධ්යාපනය ලබන්නේ කොළඹ මියුසියස් විද්යාලයෙනි .විවාහයෙන් පසුව රන්ගනයට කැමැත්තක් පැවතියත් තමන්ගේ ආශාව ඉටුවන්නේ බී.ඒ..ඩබ්ලිව් ජයමාන්නගේ හදුන්වා දීමෙනි . එතුමා ගේම තුන්වන චිත්රපටය වූ 1953 තිරගතවූ "කැලෑ හද" චිත්රපටයේ ය.කුල ගවුරවය අකුරට රකින ජයපාල මැතිනිය ගේ චරිතය මනාව රංගනය කළේය.1954 දෙවන චිත්රපටයේ එනම් රදල පිළිරුව හි රදල පිස්සුවක් ඇති රපායල් බාස් ගේ භාර්යාව හෙලේනා ගේ චරිතය රංගනය කළේය .1956 දුප්පතා ගේ දුක 1957 ජීවිත සටන සහ සිරියලතා 1958 සෝහෝයුරෝ සහ දස්කම 1959 පුරුෂ රත්නය 1961 කුරුළු බැද්ද 1962 දේව සුන්දරී 1963 සිකුරු තරුව 1964 කල කල දේ පල පල දේ 1969 මීමැස්සෝ 1972 ලොකුම හිනාව චිත්රපටද රංගනය කළේය . යොවුන් වියේදීම වැඩිහිටි චරිත රංගනය නිසා ඒ චරිත තුලින්ම රංගනය කහදාවල ගේ විශේෂයක් විය .දුප්පතාගේ දුක චිත්රපටයේ නර්තනයෙන් එක්වෙමින් වෙනස් රංගනයක් විය .පුරුෂ රත්නයේ ද කටකාර මව් චරිතයකි. ලොකුම හිනාව චිත්රපටයෙන් පසුව රන්ගනය නිමාකොට කාන්තා සුබසාධන සමාජ සේවා කටයුතු පැත්තට නැබුරු විය .මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ දේශීය සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි...

සීතා ජයවර්ධන.......(රිදී තිරේ පුර්වගාමින් )



1925 ඔක්කෝබර් 30 වැනිදා උපන් සීතා ජයවර්ධන ශාන්ති කුමාර් සෙෙවිරත්නගේ ශාන්ති නෘත්ය කලා නිකේතනයෙන් නැටුම් හැදෑරුවාය. කථකලි, මනිපුරි නැටුම් ගැන විශාරදත්වයක් දැරූ ඇය 1948 නිදහස් දිනය නිමිත්තෙන් පැවැත් වූ 'පැජන්ට් ඔෆ් ලංකා' ප්රසංගයේ නැටුම් ශිල්පිනියක් ලෙස හැකියාවන් විදහා පෑවාය. ඊට කලින් 1946 ශාන්ත කුමාර් සෙනෙවිරත්න නිෂ්පාදනය කළ 'අශෝක මාලා' කෙටි බැලේ ප්රසංගයේ සීතා ද, සුජාතා ද සිල්වා (පසුව ජයවර්ධන), වයලට් මෙන්ඩිස්, ඩී. එන්. පී. දිසානායක, බක්මීවැව, බටුගෙදර, ඇග්නස් පෙරේරා සමඟ රඟපෑහ. බම්බලපිටියේ සාන්ත පීටර් විද්යාල ශාලාවේදී 1949 ශාන්ති කුමාර් සමඟ සීතා, සුජාතා ද සිල්වා හා ශිෂ්ය පිරිසක් සමඟ නර්තන ලීලා ප්රසංගයක් පවත්වා ඇත. 1950 රාජකීය විද්යාලයේ දී සමස්ත ලංකා නාට්ය උත්සවයේ සීතා ද, සුජාතා ද, නීලා බාලේන්ද්ර සමඟ එක් වී පෙරදිග නර්තන අංග ඉදිරිපත් කර ඇත. දේශීය සිනමාවේ දෙවන කතානාද චිත්රපටයේ රංගනයට සුදානම්ව සිටියදී වැඩිදුර අධ්යාපනය සදහා එංගලන්තයට යාමට සිදුවූ හෙයින් අශෝකමාලා චිත්රපටයේ රංගනය සීතා ජයවර්දනට මග හැරිණි .ශාන්ති කුමාර් සෙනෙවිරතනයන් ගේ එදා රෑ චිත්රපටයෙන් සීතා සිනමාවට පිවිසේ .කොළඹ විශ්ව විද්යාලයේ උපාධිධාරිනීයකවු සීතා උපාධියක් ලබා සිනමාවට පිවිසි ප්රථම නිළිය වේ.ලංකා විශ්විද්යාලයේ ඉගෙනුම ලබන කාලයේ නිව්මන් ජුබාල්ගේ නිෂ්පාදනය කළ 'ලිලියෝමි' 'ඇන්ටිගනී' ඉංග්රිසි නාට්යවල හා සරච්චන්ද්රයන්ගේ 'පබාවතී' නාට්ය ඇය රඟපෑවාය .1951 පවත්වන සමස්ත ලංකා නාට්ය සංදර්ශනයේදී මනිපූරි සහ කතකලි නැටුම්වලින් ප්රථම ස්ථානය දිනා ගත්තේ සීතාය.සර්ත්චන්ද්ර්යන් ගේ පබාවතී වේදිකා නාට්ය යේ 1952 ප්රධාන භූමිකාවද රංගනය ඇය ගේය. සීතා ජයවර්ධනගේ ජීවිත තොරතුරු අප්රකටය. උඩරට නැටුම් මෙන්ම භරත, මනිපූරි, කථකලි මෙන්ම බටහිර නර්ථනයෙහි ද කුසලතා පෙන්නූ ඇය ලන්ඩනයේ ඉගෙනුම ලබන කාලයේ ලන්ඩන් ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පත්රයේ පත්ර කලාවේදිනියකව සිටියදී පුවත්පත් කලාව ගැන ද ඉගෙන ගෙන ඇත. ලංකාවට පැමිණි ඇය 'සිලෝන් ඔබ්සවර්' පත්රයේ ටික කලක් සේවය කොට 'ටයිම්ස් ඔෆ් සිලෝන්' පත්රයේ කාන්තා පිටුව සංස්කරණය කළාය. 'සිලෝන් විමන්' (ලංකා කාන්තාවෝ) සඟරාවේ සංස්කාරිකාව ද ලෙස ද කටයුතු කොට ඇත..ජීවිත සටන චිත්රපටයේ ද මව සහ දුව චරිත දෙකම රංගනයට සුදානම්ව සිටියද හසිසි අසනීප තත්වයක් නිසා දියණිය ගේ චරිතය පමණක් රංගනය කළේය .සීතා රංගන දායකත්වය දැරුවේ චිත්රපට තුනක් පමණි 1953 එදා රෑ 1957 ජීවිත සටන 1962 සංසාරේ ඒ චිත්රපට වේ .මේ චිත්රපට තුනම ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන් ගේ විය .1954 දී රාජ්කෆූර්, නර්ගිස් ඇතුළු හින්දි නළු නිළියන් පිරිස සුහද ක්රිකට් තරගයට පැමිණි අවස්ථාවේ කඳවල වත්තේ අගමැති සර් ජෝන් කොකලාවලගේ නිවසේදී ඉහළින් කතා කළේ රුක්මණී දේවිගේ ගායනයටත්, සීතා ජයවර්ධනගේ නැටුම්වලට දැක් වූ දක්ෂතාවය ගැනය. ඒ දිනවල පැවැත් වූ ලංකා හා හින්දි නළු නිළියන්ගේ විවිධ ප්රසංගයේදී ද සීතා තම හැකියාවන් තුළින් එතෙර නළු නිළියන්ගේ ප්රසාදය දිනා ගත්තාය.සිංහල සංස්කෘතික ආයතනය ඉදිරිපත් කළ 'මහවැලි නදී ජීවයේ' ප්රසංගයේ සීතා කළ රංගනයට පුවත්පත්වලින් ප්රශංසා හිමිව ඇත. සමස්ත ලංකා නැටුම් ප්රදර්ශනයේ භාරත නැටුම් දුටු ප්රකට ඉන්දියානු නර්ථන විචාරක ක්රිෂ්ණ අයියර්ගේ විනිශ්චය අනුව බරත, කතකලි, මිනිපුරි, යන ඉන්දීය නර්තන පිළිබඳ හතරම දිනා ගත්තේ සීතාය. චිත්ර ශිල්පිනියක් ලෙස ද නිපුණතා දැක් වූ සීතා තමාටම ආවේණික සම්ප්රදායකින් චිත්ර කලා සම්ප්රදායක් අනුගමනය කළාය. එහෙත් මන්ච්, ක්ලී සහ එන්සර් වැනි සුප්රසිද්ධ චිත්ර ශිල්පීන්ගේ චිත්රවල ආභාසය ඇගේ චිත්රවලින් පෙනෙන බව කලා විචාරකයන් පෙන්වා දී ඇත.1951 නොවැම්බර් 09 වැනිදා සිට 15 වැනිදා දක්වා කොල්ලුපිටියේ ඡායාරූප ශිල්පීන්ගේ සංගම් ශාලාවේ සීතා විසින් පවත්වන ලද චිත්ර ප්රදර්ශනය බොහෝ කලාකාමීන්ගේ ප්රශංසාවට ලක්ව ඇත. ඇය විසින් අඳින ලද චිත්ර 50 කින් සමන්විත වූ එම ප්රදර්ශනයෙන් අනාවරණය වී ඇති එක ප්රධාන කරුණක් වී ඇත්තේ ඇය ස්වාභාවික දර්ශන මෙන්ම ආලේඛ්ය චිත්ර ගැන ද එක සමාන දක්ෂතා ඇති බවය. තෙල් සායමින් කරන ලද මේ චිත්ර සඳහා තමා ග්රීට ද ක්රෙට්සර් නමැති චිත්ර ශිල්පිනිය යටතේ චිත්ර කලාව ඉගෙනීමෙන් ලැබූ ආභාසය නොමඳව තම චිත්ර සඳහා ලැබුණු බවය. එහෙත් ඇගේ චිත්ර කලා සම්ප්රදාය ඈටම ආවේණික වූ ඈ විසින්ම ඇගේ ශෛලියෙන් නිපදවා ගත් ශෛලියක් බව කලා විචාරකයෝ පෙන්වා දී තිබුණි. එදා රෑ චිත්රපටයේ චන්ද්රා නමැති චරිතය සමග ශාන්ති කුමාර් සෙනෙවිරත්න ගේ පෙම්වතිය ලෙස රංගනය වුවේය ජීවිත සටනේදී ඇය ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන් ගේ දියණිය ලෙස හර්බි සෙනෙවිරත්න ගේ පෙම්වතා වුවේය .සංසාරේ චිත්රපටයේ ද හර්බි සෙනෙවිරත්න ගේ පෙම්වතිය ලෙස සීතා ජයවර්දන රගපැවේය .සීත ගේ සිනමා දිවිය ඉන් නිමවිය .හර්බි සෙනෙවිරත්න ගේ ද පෙම්වතා චරිත සංසාරෙන් පසුව නිමාවිය. සීතා ජයවර්ධන හිටපු අග්රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ලේළියකි. ඇගේ පියා කර්නල් සී. පී. ජයවර්ධනය. එවකට දේශීය ආදායම් කොමසාරිස්වරයකු වූ සාලිය පරාක්රම සමඟ විවාහ වූ ඇයගේ පුත්රයෙකි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංග්රීසි අංශයේ . මහාචාර්ය අර්ජුන පරාක්රම..1978 වසරේ සීතා ජයවර්ධන මිය යන විට ඇගේ වයස අවුරුදු 53 කි.
මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ සිනමා වංශය ග්රන්ථද ඉසුර වික්රමාරච්චි ගේ සිංහල සිනමා පිටුව ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි .....

එඩී ජුනියර්......(බී.එච්.ද සිල්වා )

 


1926 මාර්තු 12 - මීගමුවේ උපත ලැබූ බුලත්සිංහලේගේ හියුබට් ද සිල්වා රංගනයේදී ජනප්රිය නාමය එඩී ජුනියර් විය. ඔහුගේ පියා එඩී ඩි සිල්වා, එඩී මාස්ටර් ලෙස ජනප්රිය වූ අතර ඔහු ප්රවීණ සංගීත රචකයෙකි. ඒ නම ආශ්රිතව ඔහුගේ නාමය වන එඩී ජූනියර් විසින් ජනප්රිය විය.මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ මරදානේ මාධ්ය මහා විදුහලෙන් අධ්යාපනය ලබා තිබේ . කාලයාගේ ඇවෑමෙන් ඔහු සිය පියාගේ රංග කණ්ඩායමට සම්බන්ධ වූයේ සංගීත රචනා කරුවෙකු සහ නළුවෙකු ලෙස ය.රංගන ජීවිතය ආරම්භ කළේ සිරිසේන විමලවීරා විසින් නිෂ්පාදනය කල වේදිකා නාට්ය සමඟිනි.ඒවායේදී රංගනය මෙන්ම ගායනය ද ඔහු විසින් ඉදිරිපත් කළේය..සමුද්ර දේවි වේදිකා නාට්යය හි වඩාත් ජනප්රිය නාට්ය ගීතයක් වන "ගෝවේ ගෑනු පරාදයි" ගීතය එඩී ගේය 1949 දී සිරිසේන විමලවීරයන් නිෂ්පාදනය කළ අම්මා චිත්රපටයේ මුල්ම සිනමා රංගනය වුවේය.සිනමා නළුවෙකු බවට පත්වීමෙන් පසු ඔහු සංගීත අධ්යක්ෂවරයෙකු ද වූ අතර එන්. පාණ්ඩුරංගන් සමග සංගීතය සපයන ලදී. ඔහු පණ්ඩුරාජන් ගේ සහය සංගීත අධ්යක්ෂක ලෙස පෙනී සිටියේය එකල ඔහු බී. එච්. ද සිල්වා.නම් විය.රංගන ජීවිතයේදී ඔහුට නිළි පර්ල් වාසුදේවි මුණ ගැසුණි. ඔවුන් විවාහ වූයේ 1940 දීය.මෙම යුවළට සුජීවා ලලී නම් එක් දියණියක් සිටී. සිතිජය හි මංගල රංගනය ඇතුළු තවත් චිත්රපට කිහිපයකම සුජීවා රඟපෑවේය. 1949 අම්මා හි තිලක 1951 සීදේවි හි රාජේන්ද්ර 1954 රදල පිළිරුව සිනමා දිවියට පිවිසි පසු 1955 සුරංගනී හි සේන 1962 දේව සුන්දරී 1965 සැකය හි අන්දිරිස් අප්පු 1966 සැනසිලි සුවයේ පොඩි රාලහාමි 1967 රන්රස හි ප්රධාන වයිද්යා 1968 පිනිබිදු වනසරා ඇමතිකම 1969 ඔබ නැතිනම් ,හරිමග හි බන්ඩා සහ පික් පොකට් හි මුදලාලි සහ උතුම් ස්ත්රිය සහ පැන්චා ද 1969 වසරේ එඩී ගේ රංගනයෙන් ඔපවත් වූ චිත්රපට වේ.1971 දැවෙන පිපාස, සීයේ නෝට්ටුව 1972 වසරේ සිතිජය ,එදත් සුරයා අදත් සුරයා,හිතක පිපුන මල් ,ලොකුම හිනාව ,මේ දෑස කුමටද එඩී ගේ සොදුරු රංගන විය .1973 මාතර ආච්චි අහ සුහද පැතුම හි රග පෑවේය .මේ ලෙස 1985 කිරි මදුවැල් දක්වා චිත්රපට 70 ආසන්න ප්රමාණයක එඩී ගේ සොදුරු රංගන විය.ඔහුගේ බිරිඳ වාසුදේවි සමඟ. සුරංගනී , රන්රස ,පැන්චා සහ මේ දෑස කුමටද ඇතුළු යුගයේ ජනප්රිය බොහෝ චිත්රපටවල ඔවුහු දිගටම එකට රංගනය කළහ. විටක මුදලි මුහන්දිරම් තේජවන්ත ක් ලෙසද සටකපට ක් ලෙසද දිලිදු දුගී ලෙසද සොදුරු රංග ප්රතිභාවන් ප්රේක්ෂ්කයා වෙත ඉදිරි පත්කළේය .හුලවාලි චිත්ර පටයේ බැලයා ද අපුරු චරිතයකි. කුල ගෙදරින් දුම්බර කදුවැටියේ ගීත රුප රාමුව අපට අමතක නොවේ .ගෝවේ ගෑනු පරාදයි ,කොයිබටදෝ මේ සතා ,ජයසිරි මහා බොඩි මුලෙහි ආදී ගීතයන් ද එඩී ගේය .1982 නොවැම්බර මස 03 මේ සොදුරු රංග වේදියා මෙලොවින් සමු ගත්තේය ...ඔහු ගේ රංග කුසලතාවයන්ට ඇගයීමක් සිදු වුවාදැයි සක සිතේ .එතුමාට සගමොක්සුව පතමු .මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ සිනමා වංශය ග්රන්ථද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි ......

Sunday, March 6, 2022

බර්ටි ගුණතිලක නම් ...ඒ සුන්දර රංග ශිල්පියාණන් ගැන

 


බෙස්තියගේ දොන් බර්ටි සංගතිස්ස  ගුණතිලක; 1924  අගෝස්තු  2 මහනුවර උපත ලැබුවේය .අම්පිටිය මහා විද්‍යාලය ,මහනුවර සංග රාජ පිරිවෙන ආදියෙන් අධ්‍යාපනය ලද්දේය.පාසල් අවදියේ "පුංචි අන්දරේ " නාට්‍ය යේ පුංචි අන්දරේ බර්ටි විය. ආයුර්වේද වෛද්‍යවරයෙක් වීමට සිහින මැවුවද ගුරු වෘතිකයෙක් විය.කුලියාපිටිය ගල්පොල විදුහලේ සේවය කළේය.පුවත් පත් ආයතනවල ද සේව්‍ය කළේය.යු.ඒ.එස්.පෙරේරා මහතා ගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට එක්විය."විහිළු තහළු","විනෝද සමය" වැඩ සටහන් තුලින් අතිශය ජනප්‍රිය වුවේය.විකට ත්‍රිත්වයෙන්  බර්ටි ගුණතිලක  එක අයෙකි.ලෙසින් ශ්‍රී ලාංකේය සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙකු සහ විකට නළුවෙකි ඔහු වඩාත් කැපී පෙනෙන්නේ විනෝද සමය රූපවාහිනී විකට ජවනිකා තුල  "බාබා" චරිතය සඳහා ය.පුංචි තිරයේ ද "නන්දන වින්දන" තුලින් ද තවතවත්  ජප්රිය වුවේය 1952 වසරේ ."බන්ඩා  නගරයට පැමිණීම " තුලින් සිනමාවට ආගමනය විය එතැන්   සිට .1953 එදා රෑ ,1968 අබුද්දස්ස කාලේ,1969 සමාජ සතුරෝ,බිනරමලී,1970 ලක්සෙට කොඩිය ,1974 ජීවන ගංගා,1975 සිකුරු ලියා,1977 මරුවා සමග වාසේ ,1979 ගැහැනියක් ,චුඩා මානික්‍ය ය ,1980 සසරක පැතුම,1881 කෝලන් කාරයෝ,ඉවලුම් ඔරු පෙම් ,1983 සමුගනිමි මා සමියනි,සමනල සිහින,1988 නව ගිලුනත් බෑ න් චුන් ,1990 පාලමයට,වන බඹරා,1991 ආසයි බයයි,1992 රණබිමේ වීරයා,1993 සදරෙඛා ,ජුරිය මමයි,1994 හලෝ මයි ඩාලින් ,1995 පුදුමයි ඒත් ඇත්තයි,දෙවියනි සත්‍ය සුරකින්න,ච්රියෝ කැප්ටන්,1996 මන මෝහිනී,මල් හතයි,1997 පෙම් මල් මාලා ,1999 සීත සමිරේ,2002 සොමි බෝයිස්,2003 හිතහොද පිස්සෝ බර්ටි ගුණතිලක රංගන දායක වූ චිත්‍රපට වේ. 2013 දී කිංස්ලි විජේසුන්දර විසින් රචිත ඔහුගේ චරිතාපදානය සදාදරණිය බර්ටි, ගුණතිලකගේ 89 වැනි උපන්දින සාදය සමඟින් කොස්නාතොට ගොඩකවෙල පිහිටි ඔහුගේ නිවසේදී එළිදැක්විණි. 2013 නොවැම්බර් 13 වන දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සාහිත්‍ය කලා උළෙලේ දී "දේශ නේත්‍රු" සම්මානය පිරිනමන ලදී. 2014 ජනවාරි 12 වැනි දින රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී රූපවාහිනී ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම ජයග්‍රහණ (life time )(සම්මානයෙන් පිදුම් ලබා ඇත. 2021 දී, සිංහල සිනමාවේ මුල් දශක කිහිපය තුළ සිංහල සිනමාවට අමිල මෙහෙවරක් කළ කලාකරුවන් 21 දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද උත්සවයේදී ඔහු ජීවිත කාලය පුරාවටම (life time ) සම්මානයෙන් පිදුම් ලැබීය.2022 මාර්තු 6 වනදින ජීවිත සිනමා වෙන් සමුගන්නා විට 95 වන ජන්ම දිනය ද පසුකර තිබිණි .ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව සිනාවෙන් මුසපත්කල ඒ රංග ධරයාට අපි නිවන් සුව පතමු.මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින්ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය කෘතිය පරිශීලනය කල බව ස්තුති පුර්වකව සදහන් කරමි.