Saturday, March 28, 2020

රුපකායට වඩා ප්‍රතිභාව මතුකළ ජෝ අබේවික්‍රම රංග වෙදියානෝ

1927 ජුනි 22 රත්නපුරයේ  ලොල්ලොපිටියේ ග්‍රාමයේ ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් ජෝ අබේවික්‍රම උපත ලද්දේය. ජෝ අබේවික්‍රම දරුවන්  සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය.වන සතුන් ගහණ පිටිසර පරිසරයේ ජෝ ගහ කොළට සතා සිව්පාවාට වඩාත් ඇලුම් කළේය. මුවන් ඌරන් පාරේ වෙලේ එහා මෙහා පනින රාත්‍රියට කොටියා පවා කෑගසන වැනි වන ගහන වූ   කුඩා කළ හැදුණු වැඩුණු පරිසරය හා වටපිටාව හේතුවෙන් ඔහු තුළ වෙහෙස වී වැඩ කිරීමට මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රසංශාත්මක චින්තනයක් වර්ධනය කර ගැනීමට හැකිවිය.දිප්පිටිගල මිශ්‍ර පාසල, රත්නපුර සීවලී සහ රත්නපුර ශාන්ත ආලෝෂියස් යන විදුහල්වලින් අධ්‍යාපනය ලබා ගත්තේ ඉංග්‍රීසි මාධ්‍ය තුලිනි.ගමේ සිට රත්නපුරයට සැතපුම් හතක් පමණ දුර විය. බොහෝවිට ප්‍රවාහන පහසුකම් අඩුනිසා පයින්ම පාසලට යන්නට ද සිදුව ඇත   වයස 15දී පමන ජෝ අබේවික්‍රම පනාමුරේ සිදුකල ලංකාවේ අවසන් අලි ගාල සියැසින් දැක ඇත. පසුකාලීනව පනාමුරේ අවසන් අලි ගාලේ සැබෑ සිදුවීම පිලිබඳව සමාජය දැනුවත් කිරීමට  ඔහුගේ මතකය ඉවහල්විය.  ඔහුගේ ජීවන අභිලාෂය ව පැවතුණේ සංගීතඥයකු බවට පත් වීමය.පලමු රැකියාව ලෙස ඔහුට ලැබුනේ 1940 දශකය අග භාගයේ දී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි ව සිරිසේන විමලවීරගේ නව ජීවන නම් චිත්‍රාගාරයෙහි සේවය කිරීම ආරම්භ කළේය. ආරම්භක අවධියේදී ඔහු කාර්යාල කටයුතු ඉටුකරන්නෙකු ලෙස ක්‍රියා කළ නමුත් අවසානයේදී චිත්‍රාගාරය මගින් රත්නපුර ප්‍රදේශයේදී පටිගත කළ චිත්‍රපට හා සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිවිය.චිත්‍රාගාරය වෙනුවෙන් සේවය කරන අතරතුර ඔහු චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයන් හා ඇදුනුම්කම් ඇති කර ගත්තේය.මේ   අතර 1955 දී දේවසුන්දරී චිත්‍රපටයෙහි චරිතයක් ලබාගැනීමට සමත්විය.සෙන්පතියකු ගේ චරිතයකි. නමුත් ආරියදාස පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් විකට චරිතයක් ලැබුනේය.  ඒ සදහා ඉන්දියාවට යාමට සිදුවිය ඉන්දියාවේ මාස 23 කාලයක් ගතකළේය .  දේවසුන්දරී ඔහු රඟපෑ පළමු චිත්‍රපටය වුව ද එය තිරගත වීමට පෙර ප්ලොරිඩා ජයලත් ගේ යොමු කිරීමෙන්  ටී. .සෝමසේකරන් අදියුරු හා නිපයු වූ   'සරදම්' චිත්‍රපටයේ රගපෑ අතර එයත් විකට චරිතයකි. කුහුබුවන් එකතු කරන පොලිස් නිලධාරියා ගේ චරිතය වේ.  මුලින්ම ලංකාවේ තිරගත වුවේ 1957  සරදම් චිත්‍රපටයයි. මෙයින් ජෝ ගේ රංගනය පිළිබද කතා බහක් වුවේය.  පසුව 1959  රඟපෑ චිත්‍රපට හතරක්ම තිරගත විය.ඒවා නම් අවිශ්වාශය.. ශ්‍රී 296.. ගැහැණු ගැට.. හා සිරිමලී වේ .1960 වසරේ නළගන හා පිරිමියෙක් නිසා  තුලින් ජෝ නැවත රිදී තිරයේ පැවුවේය .මේ අවදිය සිනමාවේ විකට චරිතම රංගනයට වැඩිපුර ඉඩ සැලසුනේය. 1961 දරුවා කාගේද සහ 1962 රන්මුතු දුව චිත්‍රපට ද  සුවිශේසී රංගන  විය. සෙරන්බිඩ් සිනමා සමාගමේ තිස්ස ලියනසුරිය ශේසා පලිහක්කාරයන් ජෝ  ගේ සිනමාවේ හැරවුම් ලක්ෂයට දායක වුවෝ වෙති.ශේසා පලිහක්කාර ජෝ ට දිගු ගමනක් මේ ක්ෂේත්‍රයේ යා හැකි බවට අනාවැකි පළකළේය   .1962 වසරේ සැප්තැම්බර් මස ජෝ මුලින් රගපෑ දේව සුන්දරී තිරගත විය. ඒ චිත්‍රපටය එතරම් සාර්ථක නොවූ බව ජෝ සම්මුක සාකච්ඡාවකදී පැවසීය .1963 දීපශිකා සහ වෙන ස්වර්ගයක් කුමටද තිරහත විය .1964 වසරේ හෙට ප්‍රමාද වැඩියි ..ගැටවරයෝ ..සුබසරන  සැප සිතේ ..සිතක මහිම ..චිත්‍රපටවලින්  ගැටවරයෝ හි සෙමනේරිස් ගේ  චරිතය ප්‍රේක්ෂකයා වඩාත් ආදරෙන් වැලද ගත්තේය .1965 වසර ජෝ ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයට ලගා කළේය .එම වසරේ චන්ඩියා ..සතුටු කදුළු ..සාරවිට ..හිතට හිත ..අල්ලපු ගෙදර ..සත පනහ...ස්වීප් ටිකට් ..ලදක මහිම ..අතරින් සාරවිට විකට චරිත වූ  සිනමා ජීවිතය අතික්‍රමනය කල බවක් පෙනුම් කළේය. 1957 සරදම් චිත්‍රපටයෙන් සිනමාවට (මුල්ම තිරගත වීම) ආගමනය වූ   පසුව 2013 අබිනික්මන දක්වා දශක 06 පමණ කාලයක් සිනමාව තුල චිත්‍රපට 175 ආසන්න ප්‍රමානයක් රංගනය කළේය. සාරවිට හි  හි සාරයියා..  තුන් මං හන්දියේ අබිලින්... වැලි කතරේ ගෝරිං.. දෑස නිසා නිරුදක.. බඹරු ඇවිත් ඇන්ටන් මුදලාලි.. වසන්තේ දවසක්  සමන්තැන්න ආරච්චිල ...සිරිබෝ අයියාහි සිරිබෝ හාමි... දඩු මොනර හි ජිනපාල ..බැද්දේගම සිලිදු ..සොල්දාදු උන්නැහේ හි සොල්දාදුවා ...මලට නොඑන බඹරු හි සනී හාමු ...මල්දෙනියේ සිමියොන් හි සිමියොන් ..පුජා හි අලුගෝසුවා ජේමිස් ...පුරහද කළුවර හි වන්නිහාමි ආදී චරිත දේශීය සිනමාවේ මං සලකුණු මෙන්ම විශිෂ්ට අග්‍රගන්‍ය චරිතයෝය.ඩී . බී. නිහාල්සිංහයන් ද ජෝ ගේ සිනමා ජීවිතය වෙනස් මගකට ගත් අධ්‍යක්ෂක වරයෙකි.ඒ වැලි කතර හා මල්දෙනියේ සිමියොන් චිත්‍ර පට වේ . වරෙක අවමන්ගල්‍යකදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ජෝ හමු වී කල කල කතාබහක ප්‍රතිපලයක් ලෙස 1975 වසරේ  දැස නිසා චිත්‍රපටයට තෝරා ගත්බවක් පුවත් පත්වලද පලවිය .   ඉන් පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්  ගේ 1976 මඩොල් දුව ..1978  අහසින් පොලවට 1995 අවරගිර 1981 බද්දේගම   චිත්‍රපට වලද ජෝ ගේ ප්‍රතිභාව මතු කළේය .සිනමාව ගැන කිසිම හැදෑරීමක් පත්පොතෙන් වැඩමුළුවලින්  නොකළ ජෝ පවසන්නේ මේ සියලු චරිත තමන්ගේ වටපිටාවෙන් ගමෙන් නගරයෙන් මිනිසුන් ගේ චර්යාවන් ගෙන් උකහා ගත්  ඒවා බවය.තමන් ගේ පියා රංගනයට විවරණ දුන් කතාවක් ජෝ සම්මුඛ  සාකච්ඡාවකදී පැවසීය. ජෝ ගේ වචනයෙන් "මුට මෙලෝ කාරියක් බෑ රගපාන්නනම් පුළුවන් "ඒ පියා ගේ විවරනය  වේ  .   .සාරවිට චිත්‍රපටයේ.. සාරයියා. ..හොදම නළුවා ලෙස 1966 සරසවි සම්මානයෙන් පුද ලද්දේය.ගැටවරයෝ චිත්‍රපටයේ ද හොදම රංගනයට සම්මානිත විය   1979 වසන්තයේ දවසක්හොදම සහාය නළුවා ලෙස ජනාදිපති සම්මානය ද    .1980 ..සිරිබෝ අයියා.හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1981 බැද්දේගම හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1982 මලට නොඑන බඹරු හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1986 පුජා හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1987 මල්දෙනියේ සිමියොන් හි හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1992 ගොළු මුහුදේ කුනාටුව හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1993 උමයන්ගනා හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1996 බිතු සිතුවම් හොදම නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 1999 තීර්ථ යාත්‍රා හොදම සහාය  නළුවා   ලෙස ජනාදිපති සම්මානය ද 2002 වසරේ පුරහද කළුවර  27 සරසවි සම්මාන උළෙලේ හොදම නළුවා ලෙස ද 2002 වසර හි කිනිහිරියා මල් සදහා    27 සරසවි සම්මාන  හොදම සහාය  නළුවා   ලෙස ද 36 වනස් සිග්නීස් සම්මාන උළෙලේ රජත සම්මානය ද රණ තිසර ..ස්වර්ණ සංඛ් ...o .c .i .c විචාරක.. එක්සත් ලංකා රසික.. ස්වර්ණ සිංහ ...සුමති ටෙලි සම්මානයන්ට ද සින්ගපුරු අන්තර් ජාතික සම්මාන උළෙලේ හොදම නළුවාද(පුරහද  කළුවර )වුවේය .ඒ ප්‍රථම හා එකම නළුවා ද වේ. තවද ජෝ අබේවික්‍රමයන් ගේ රංගනය අතර පරසතු මල්.. සිගිරි කාශ්‍යප..සැනසුම කොතනද ..ඇමතිකම ..දහසක් සිතුවිලි ..ආදරවන්තයෝ ..පුංචි බබා...බඩුත් එක්ක හොරු.. උතුම් ස්ත්‍රිය...සිකුරු ලියා ..සුරයා සුරයාමයි  නාරිලතා ... කළුදිය දහර.. වාසනා..හිගන කොල්ලා ..සෙලිනා ගේ වලව්ව...කොළඹ සන්නිය ...උන්නත් දාහයි මලත් දාහයි ...මුවන් පැලැස්ස ..සිංහබාහු ...ආදර හසුන ..එක්ටැම්  ගේ ....කෝලන්කාරයෝ ..පාලම යට...රාජ්‍ය සේවය පිණිසයි ..සුදු අක්කා ... අංගුලි මාල ...ආදී චිත්‍රපට එකින් එකට වෙනස් චරිත විය.1960 - 70 දශකය ගාමිණී ජෝ සුසංයෝගය ඉතාමත් ආකර්ශ්නීයව පැවතිනි තවද මල් යහනාව.. බැරි සිල් ..කැලැ  මල් යන වේදිකා නාට්‍ය ද ජෝ රංගනය කර තිබේ.අදු කොල.. තුන්බිය. ගම්  පෙරලිය ..වනස් පති ..ඉමදිය මංකඩ ..සුසැට මායම් ..ඇසල කළුවර ..  සකිසද එලියස් ..රන්සිරි ගේ සංග්‍රාමය ...සන්නාලියනේ... විෂම භාග යන ටෙලි නාට්‍ය රාශියක රංගනය කළේය. ඉමදිය මංකඩ ...සකිසද එලියස් ..විශාලා මහනුවර ...ඇසල කළුවර .. නිෂ්පාදනයට හවුල් විය .මහ බඹා ට මුහුණු දෙකයි නවකතාව රචනා කලේ ද  ජෝ අබේවික්‍රමයන්ය  ..උන් පුරුකේ බලු වලි  ගේ ගීතයත් ජෝ ගේ රචනයකි .තහංචි ටෙලි නළුවට ද  ජෝ  ගීතයක් ද ගායනා කොට තිබේ .වරෙක දැව සංස්ථාවේ අධ්‍යක්ෂක ධුරයක්ද  හෙබවීය.රංගන කාර්යයේදී අධ්‍යක්ෂක ගේ අනුදනුමට එකගතාවට මිස තමන්ගේ ලොකුකම් මත තමන් ක්‍රියා නොකළ නිසා කිසිම විටක කිසිම අධ්‍යක්ෂක වරයෙකු ගෙන් කිසිම කතාවක් නො ඇසු රංගන ශිල්පියා තමා බව ජෝ වරෙක   සම්මුඛ  සාකච්ඡාවකදී පැවසීය .  .සිනමා සක්විති ගාමිණී පොන්සේකා වරෙක ජෝ ගැන කියා ඇත්තේ චරිතාංග නිරුපනයේ විශිෂ්ටත්වයට පත් මා ප්‍රිය කරන චරිතාංග නිරුපනය කරන එකම  ශිල්පියා ජෝ බවයි ඔහු ඇසුරු සැනකින් සිය මුහුණේ කෝටියක් ඉරියව් මවන්නේය  ..එයින්ද පසක් වන්නේ ජෝ ගේ විශිෂ්ට රංග ප්‍රතිභාවයි .ඉන්දියාවේ පිල්ම් පෙයාර් උළෙල නියෝජනය කල මෙරට ප්‍රථම සිනමා ශිල්පියාද ජෝ  අබේවික්රමයන්ය .1955 සිට රංගනයට දායක වූ සෑම තරාතිරකම නළු නිලියන් සමග ජෝ රංගනය වී තිබේ .විකට රංග ශිල්පියෙක් ලෙස දුටුවන් සිනාවෙන් මත්කළ රුවත්තෙක් ද නොවූ ඒ අසහාය රංගධරයා ශ්‍රී ලාංකික සිනමාව ජාත්‍යන්තරයට ද ඔසවා තැබුවේය.අප කුඩා කල සරසවිය පත්‍රය හි ජෝ ට කියන්න යනුවෙන් අතිරේකයක් ද ඉතාමත්ම ජනප්‍රියව පැවතුනා මට මතකය . .ඉතාමත් සරල දිවි පෙවෙතක් ද විය .අසු හතරවන වියේදී ජීවන සිනමාවෙන් ද සමුගත්තේය ඒ 2011 සැප්තැම්බර් 21 දිනය වේ ..එතුමා ගැන මතකය සදා සිංහල සිනමා ප්‍රේක්ෂක හදවත්තුළ මකාලිය නොහැක්කේය.ආනන්දනීය සිංහල සිනමාවේ උත්තමාචාරය පුද කරමින් අපි  .එතුමාට නිවන් සුව පතමු .මේ ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද ගාමිණී සුමන සේකරයන් කල සම්මුඛ් සාකච්චාවක් සහ අන්තර් ජාලයේ තොරතුරු ද ලබාගත් බව ස්තුති පුර්වකව සදහන් කරමි ...

Sunday, March 15, 2020

ක්ලැරිස් ද සිල්වා


1947 ජනවාරි 26 වන දින මෙරට සිනමාකරුවන් ගේ  පළමු සිංහල චිත්‍රපටය වන කඩවූනු පෝරොන්දුව  තිරගත වුවේය එස්. එම් නායගම් බී. ඒ. ඩබ්ලව්.ජයමාන්න පෙරමුණ ගනිමින් ඒ කාර්යය මල්පල දැරුවේය  බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ඔහුගේ සියලු උත්සාහයන් සමඟ  පළමු සිංහල චිත්‍රපටය නිෂ්පාදනය කර ඉතිහාසය නිර්මාණය කිරීමට  සමත් විය.කඩවූනු පෝරොන්දුව චිත්‍රපටය තිරගත වීමට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ දෙමල හින්දි ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටියහ. ඔවුන්ගේ ප්‍රියතම තාරකාවන් වූයේ සිංහල නළු නිළියන් නොවේ. බී. ඒ. ඩබ්ලව්.ජයමාන්න ගේ උත්සාහය ශ්‍රී ලාංකික  අපේ තරුණ තරුණියන්ට සිනමා නළු නිළියන් ලෙස ඔවුන්ගේ හැකියාවන් ඔප්පු කිරීමට මග පාදා දුනි.බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න පළමු සිංහල සිනමා වීරවරිය වන රුක්මානි දේවි, විකට රංගන ශිල්පී එඩී ජයමන්න සහ තවත් දක්ෂ පුද්ගලයින් සිංහල සිනමාවට හඳුන්වා දුන්නේය. කඩවූනු පෝරොන්දුව  තිරගත කිරීමෙන් පසු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න  තවත් සිංහල චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළේය. 1950 දශකයේ අග භාගයේදී ඔහු උමතු විශ්වාශය නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටි අතර රංගනය සඳහා දක්ෂතා ඇති තරුණ තරුණියන් සොයමින් සිටියේය.බොරැල්ලේ උපත ලත් මැටිල්ඩා ක්ලැරිස් ද සිල්වා අනුරාධපුරයේ පවුලේ කන්‍යාරාමයේ සහ නාවලපිටියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඇය අධ්‍යාපනය ලද්දේය කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ රුක්මනී දේවියගේ රංගනයට වශීව නිලියක් වෙන්න අදහස් වුවේය .ශේෂා පලිහක්කාර ගෙන් නර්තනය හැදෑරුවේය  දිනක් අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසු වියක්  එවකට ඉතා ජනප්‍රිය සිනමා රැජින රුක්මානි දේවි මුණගැසීමේ අදහසින් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ නිවසට ගියේය. ඒ වන විට රුක්මණී දේවි  පදිංචිව සිටියේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ගේ නිවස අසල නිවසක ය.දැරිය ඇගේ යෞවන වයසේදී ඉතා ආකර්ශනීය රූපයක් ඇති අතර ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබා සිටියාය . ඇය වැරදි නිවසකට ගොස් ඇති බව ඇය දැන සිටියාය. නමුත් නිවසේ සිටි පුද්ගලයා ඉතා විමසිලිමත් විය. එහෙත්, ඇය මේ තමා අබියස සිටින්නේ  සිංහල සිනමාවේ පුරෝගාමියා යැයි ඇය කිසි විටෙකත් නොසිතුවාය. ඒ අවස්ථාවේ ඇයට අවශ්‍ය වූයේ ඇගේ ප්‍රියතම සිනමා  වීරවරිය වන රුක්මණී දේවි  හමුවීමයි.බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න. ඇගේ ආශාව තේරුම් ගෙන ඇයව ඇගේ ප්‍රියතම වීරවරියගේ නිවසට යොමු කළාය. ඔහු ඒ සමගම ඇය සමඟ කතාබහ කිරීමට පටන් ගත්තේය, විශේෂයෙන් සිංහල සිනමාවේ අනාගත වීරවරියක් බවට පත්විය හැකි දක්ෂ යෞවන යෞවනියක් තමා සොයා ගත් බව ඔහුට හැඟුනි. කෙටි කතාබහකින් පසුව, ඔහු දැනගත්තේ දැරිය කොළඹට පැමිණියේ පාසැල් නිවාඩු කාලය නෑදෑයන් සමඟ ගත කිරීමට බවය. ඇය රුක්මනීට බෙහෙවින් ඇලුම් කළාය, ඇයට අවශ්‍ය වූයේ සිනමා  තරුව දැකීමට හා කතා කිරීමට ය.මේ කාලය වන විට බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න  දෙවන වීරවරිය ලෙස ඔහුගේ නව චිත්‍රපටය සඳහා ඇයව රැගෙන යාමට තීරණය කළාය.සති දෙකකට පසු රුක්මනී බැලීමට පැමිණි දැරිය මිනර්වා චිත්‍රපට කණ්ඩායම සමඟ ඉන්දියාවට ගොස් උමතු විශ්වාසය චිත්‍රපටයට  සිය රංගන  දක්ෂතා ලබා දුන්නාය.සිංහල චිත්‍රපට 100 කට ආසන්න සංඛ්‍යාවක රඟපෑ සිංහල සිනමා වීරවරිය ක්ලැරිස් ද සිල්වාගේ ආරම්භය එයයි.  නැවත ශ්‍රී ලංකාවට පැමිණ, අනුරාධපුරයේ ශුද්ධ වූ පවුල් කන්‍යාරාමයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන ගියේය. ඇය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කර ජ්‍යෙෂ්ට  පාසල් සහතික පත්‍ර (එස්එස්සී) පොදු විභාගය සමත් විය.ක්ලැරිස් සිංහල සිනමාවේ නිරූපිකාවක් වන රුක්මානි දේවිගෙන් පසු සිංහල සිනමාවේ දෙවන වීරවරියයි. ඇගේ දෙමව්පියන් කිසි විටෙකත් ඇගේ වෘත්තියට විරුද්ධ නොවූ අතර  සිංහල සිනමාව පෝෂණය  කිරීමට ඇයට ඉඩ දුන්නේය.
                           ක්ලැරිස් ද සිල්වා පවසන  අයුරින් ඔවුන් රඟපෑම ආරම්භ කරන යුගයේ  අද මෙන් දියුණු තාක්ෂණයක් සිනමාව සතුව නො තිබුණේය  ඔවුන් රංගනය කල  චිත්‍රපට සියල්ලම පාහේ කළු සුදු වර්ණයන්ගෙන් යුක්ත විය.නමුත්  සියල්ලම බොක්ස් ඔෆිස් වාර්තා සහිත  ජනප්‍රියම චිත්‍රපට වේ. එකල  කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා කිසිදු බාධාවකින් තොරව ලාභ උපයා ගැනීමට හැකි යුගයක්  විය,  චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් ඇයට විශාල මුදලක් ගෙවා ඇති බව ද ඇය පවසා තිබේ . “ඒ වකවානුවේ  සිංහල චිත්‍රපට නිෂ්පාදනය කළේ පහසුකම් නොමැතිකම නිසා. විදේශ රටවලය  සියලුම චිත්‍රපට කාර්ය මණ්ඩලය ඉන්දියාවට රැගෙන යා යුතුව තිබුණි.සිංහල සිනමා කර්මාන්තයේ හොඳ පැරණි වකවානුව  ගැන අදහස් දැක්වීමකදී  ක්ලැරිස් පවසා තිබුනේ  ඇගේ පළමු චිත්‍රපටයෙන් පසුව ඇයට එස්.එන්. නයගම් සහ සමාගම ඉතා වාසිදායක කොන්දේසි සහිතව ගිවිසුමක් අත්සන් කිරීමට.ඉඩ ලැබුණු බවයි “අපි අපේ රූගත කිරීම්, ඩබින් සහ අනෙකුත් සියලුම නිෂ්පාදන කටයුතු ඉන්දියාවේ ඉතා සතුටින් කළා. එහිදී අපට දකුණු ඉන්දියානු සහ බොලිවුඩ් සිනමා තරු මුණගැසුණු අතර ඔවුන් අපට ඉතා හොඳයි. රාජේන්ද්‍ර කුමාර්, වහීඩා රෙහෙමාන්, මීනා කුමාරි, විජයන්ති මාලා සහ තවත් බොලිවුඩ් තරු රැසක් සාද හා විවිධ සමාජ උත්සව සඳහා අප හා එක්විය.ක්ලැරිස්ට අනුව මෙම නළුවන් සිංහල නළු නිළියන්ගේ රංගනය නිසා පෙලඹී ඇති අතර සමහර නිෂ්පාදකයින් ඇයට දෙමළ චිත්‍රපටවල රඟපෑමට ආරාධනා කළහ. “මම එස්.එන්. සමඟ ගිවිසුම්ගතව සිටි බැවින් ඔවුන්ගේ ආරාධනා පිළිගැනීමට මට නොහැකි විය. එළඹ ගත ගිවිසුම වෙනස් කිරීම හෝ කඩකිරීම  තමා කිසි විටෙකත් නොසිතූ බවත් විශ්වාශය හා  විනය පවත්වා ගෙන ගිය බවත් එය කලාකරුවන්ට ඉතා අත්‍යවශ්‍ය බවත් ඇය පැවසුවාය.ලංකා චිත්‍රාගාරය ආරම්භ කිරීමෙන් පසු විජය චිත්‍රාගාරය සහ එස්.පී.එම්. ශ්‍රී ලංකාවේ චිත්‍රාගාරය සිංහල නළු නිළියන් චිත්‍රපට නිෂ්පාදනය සඳහා ඉන්දියාවට යාම නතර කළේය. "එතැන් සිට අපගේ අසල්වැසි නළු නිළියන් සමඟ තිබූ සම්බන්ධය හා මිත්‍රත්වය අපට අහිමි විය," ක්ලැරිස් පැවසීය.මගේ හැකියාවන් පරම්පරා දෙකකට දායක කිරීමට මට හැකි වූ නමුත් බලධාරීන් රට වෙනුවෙන් අප කරන සේවය පිළිගන්නේ නැත. කර්මාන්තයේ පරිහානියට ප්‍රධාන හේතුව මෙයයි..ක්ලැරිස් ද සිල්වාගේ වචනයෙන් කිවහොත් "මම යෞවන වයසේදී සිනමා කර්මාන්තයට අවතීර්ණ වී මගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කළෙමි. මම බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිලාභයක් ඉල්ලා නොසිටිමි. මට කියන්නට අවශ්‍ය වන්නේ ආරම්භයේ සිටම කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටින පුද්ගලයින් නොසලකා හරිමින් හඳුනාගත යුතු බවයි.මම චිත්‍රපට 30 ක පමණ රඟපා ඇති අතර ඒ සියල්ලටම හොඳ ආදායමක් ලැබුණා. අරුණ ශාන්ති, ප්‍රේම්  ජයන්ත්, රවින්ද්‍ර රූපසේන, ආනන්ද ජයරත්න, ගාමිනි ෆොන්සේකා, අශෝක පොන්නම්පෙරුම, ශේෂා පලිහක්කාර, ධර්මශ්‍රී රණතුංග, ජෝ අබේවික්‍රම සේනාදීර රූපසිංහ ඔස්වල්ඩ් ජයසිංහ ඇන්තනි සී පෙරේරා හියුගෝ ප්‍රනාන්දු ඩී ආර් නනායක්කාර සහ ස්ටැන්ලි පෙරේරා මා සමඟ රඟපෑ මගේ සම රංගන ශිල්පීන් ය.සන්ද්‍යා කුමාරි විජිත මල්ලිකා සුමනා අමරසිංහ උදුලා දාබරේ ලීනා ද සිල්වා ජීවරාණි ආදී නිලියන්ද සමකාලීන රංගන ශිල්පීනීන් වේ .නවක රංග ශිල්පීන් සමගද පසුකාලීන ව රංගනයට දායක වී තිබේ   මම විවිධාකාර භූමිකාවන්ට ජීවය ලබා දුන්නෙමි: පුදුම ලේලි  හි මම අකාරුණික භාර්යාවක් වූ අතර, අහංකාර ස්ත්‍රී හි අහංකාර ස්ත්‍රීය වීමි මම එවකට  විකට නළුවෙක්,වන ජෝ අබේවික්‍රම සමග  අල්ලපු ගෙදර අසල් වාසී තරුණ ගීයට පෙම්බැදි  කාන්තාව වුවාය.වීර  විජය හි මම කුමරියකගේ චරිතය නිරූපණය කළෙමි.ආත්ම පුජා හි සෙසොහොයුරන් පෙම් කරන කුමාරිකාව වුවාය  මාතලන් මම චරිත හතරක් කළ ඉතා වැදගත් චිත්‍රපටයකි; රැජින, ගමේ කෙල්ල, නර්තන ශිල්පිනියක් සහ මවක්.මාතලන් චිත්‍රපටයේ තල ගොඩේ උපන් තල ගොඩේ හැදුන චිත්‍රවල්ලි අමතක නොවන චරිතයකි . මම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදන සමාගම් සඳහා රඟපෑවා.එම සමාගම් මා සමඟ ගිවිසුම් අත්සන් කළේ රංගනයට අමතරව මම ගායනා කිරීම සහ චිත්‍රපටවල නැටුම් ජවනිකාද කළේය 1952 උමතු විශ්වාසයෙන් පසුව 1953 පුදුම ලේලි තුලින් නැවත මතුවිය 1955 මාතලන් හි චරිත හතරක් රංගනය කළේය .එතුලින් ඉමහත් ප්‍රේක්ෂ්ක ලබා වඩාත් ජනප්‍රිය විය .1956 රම්‍යලතා 1958 සොහුයුරෝ 1959 පුරුෂ රත්නය    1960 සුන්දර බිරිද වීර විජය  1962 සුහද දිවිපිදුම 1963 සුහද දිවි පිදුම 1963 සුහද සොහොයුරෝ1964 කලකල දේ පලපල් දේ සහ සුලලිත සෝබනී  1965 ආදරයයි කරුනාවයි සහ අල්ලපු ගෙදර 1967 ඉවසන දනා1968 අටවෙනි පුදුමය ලන්ඩන් හාමු   1969 උතුම් ස්ත්‍රිය කොහොමද වැඩේ හරිමග   සහ පෑන්චා වැනි චිත්‍රපට ඇති සාර්ථක ආදායම් සහිත චිත්‍රපට විය 1970 ආත්ම පුජා ද ක්ලැරිස් ගේ සුවිසේෂි රංගනයකි .උතුම් ස්ත්‍රිය චිත්‍රපටයෙන් පසුව දිගු නිහැඩියාවක සිට 1985 යසපාලිත  ගේ රෝසි චිත්‍රපටයෙන් වැඩිහිටි චරිත සමග නැවත රිදී තිරයට පැවුවේය .1988 රෝයි ද සිල්වා ගේ ගෙදර බුදුන් අම්මා 1989 මමයි රජා 2011 ලක්ෂ්මන් ආරච්චි ගේ ධවල පවුර රංගනයෙන් පසුව  නිහඩ ව සිටී .ක්ලැරිස් ගායිකාවක් ලෙස ද ජනප්‍රිය වී ඇත පුරුෂ රත්නය චිත්‍රපට යේ ගජ මුතු හැර පලදා සිනාසිසී ...ජීවිතේ ගංගාවකි  ...රුහුණු බිමට සෝබමාන ...රුහුණු දීප .. ගීත  මෙන්ම සුහද දිවි පිදුමේ එච් ආර් ජෝතිපාල සමග  ජීවිතයේ ආදරයේ ගීතයද ආර් මුත්තුසාමි සමග ආදරය බන්දා ලන්ඩන් හාමු සදහාද සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කල වීර වික්‍රම චිත්‍රපටය සදහා ද ගී ගයා තිබේ රණ තිසර සම්මානයෙන් පුදලද මේ රංගන ශිල්පිය දැනට හුදකලා ජීවිතයක් ගෙවමින් සිටින්නේය ..ආනන්දනීය සිංහල සිනමාව වෙනුවෙන් අපි එතුමියට නිදුක් නිරෝගී දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමු

Wednesday, March 4, 2020

වන්නියාආරච්චිගේ දොන් ඩේවිඩ් වික්ටර් ජයමාන්න

1915 පෙබරවාරි 15  මීගමුවේ පෙරියමුල්ලේදී  කිතුනු පවුලක  උපත ලැබූ  ජනප්‍රිය ශ්‍රී ලාංකික විකට නළුවෙක් සහ මුල්ම   ශ්‍රී ලාංකික කතානාද  සිනමාවේ නළුවෙක් වන එඩී ජයමාන්න ගේ මුල් නම  වන්නියාආරච්චිගේ දොන් ඩේවිඩ් වික්ටර් ජයමාන්න වේ.මීගමුව  කුරුස්මඩ විද්‍යාලය ශාන්ත පේදුරු විද්‍යාලය ශාන්ත මේරි විද්‍යාලය මාරිස්ටෙලා විද්‍යාලය යන විද්‍යාල තුලින් අධ්‍යාපනය ලබා ඇත .  එඩී සිය සහෝදරයා වන බී. ඒ. ඩබ්ලිව්.ජයමාන්න සමග  දකුණු ඉන්දීය නාට්‍ය කලාව බටහිර නාට්‍ය සමඟ ඒකාබද්ධ කරමින් හාස්‍යජනක චරිත සහිත  බටහිර ක්‍රමවලට ගැළපෙන නාට්‍ය  කණ්ඩායමක්  මෙහෙයවීය. මේ අයුරින්  විකට නළු  එඩී, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නාට්‍ය නළුවෙකු බවට පත්විය.පසුව බී ඒ ඩබ්ලිව් ජයමාන්නගේ මුලිකත්වයෙන්  මිනර්වා කණ්ඩායම පිහිටුවා ගත්තේය රුක්මනී දේවියද  මෙම කණ්ඩායමට එකතුවිය. නාට්‍ය කණ්ඩායමේ කටයුතු ඉදිරියට යන විට එඩී සහ   රුක්මනී දේවි සමඟ සම්බන්ධතාවයෙන් ආදරයක් ඇතිවිය. එහි අවසාන ප්‍රතිපලය වුයේ එඩී රුක්මනී 1943 දී  විවාහයයි . දේවිගේ දෙමව්පියන් විරුධතා  මතුකලත් බාධාවක් නොවීය .1947 දී දකුණු ඉන්දීය නිෂ්පාදක එස්. එම්. නයගම් ශ්‍රී ලාංකික චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට උනන්දු විය. ඔහු බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න  හා සම්බන්ධ වූ අතර ඔහුගේ එක් නාට්‍යයක්  වූ  කඩවුණු පොරොන්දුව  චිත්‍රපටයක් ලෙස සිනමාවට නැංවුනේය .සිය සහෝදරයා ප්‍රධාන චරිතය රුක්මනී දේවි සමග රංගනය වූ අතර   මනප්පුවාගේ  චරිතය රඟපාමින්  මෙම චිත්‍රපටයෙන්  එඩී විකට  සිනමා  තාරකාවක් වුවේ ප්‍රථම කතානාද චිත්රපටන්මය.   ජොසී බාබා සමග( ජෙමිනි කාන්තා ) රංගනය  කල  පළමු චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරය දිනා ගත්තේය .එසේම චිත්‍රපටය අති සාර්ථක විය.ග්‍රේස් ජයමාන්න එඩී  ගේ නැණා වේ .බී. ඒ. ඩබ්ලිව්.ජයමාන්න ගේ භාර්යාවයි
          ජයමාන්න  සහෝදරයන් චිත්‍රපටයේ සාර්ථකත්වය අනුව මිනර්වා නාට්‍ය කණ්ඩායමේ   තවත් නාට්‍ය  කිහිපයක්ම  මෙලෙස සිනමාවට නැගිණි . හදිසි විනිශ්චය   (1949), සැගවුණු  පිලිතුර (1951) උමතු  විශ්වාසය (1952). හදිසි  විනිශ්චයේ ද  මේබල් බ්ලයිත් රංගනයට එක්විය.ඒ චිත්‍රපට බී ඒ ඩබ්ලිව් ජයමාන්නගේ අධ්‍යක්ෂණය වූ චිත්‍රපට විය . 1953 දී සහෝදරයන් ප්‍රථම වරට ශ්‍රී ලංකා සිනමාවේ චිත්‍රපටයක් සඳහා නවකතා පොතක් පාදක කර ගත්තේය ඒ කැලෑ හද චිත්‍රපටය වේ    ඔවුන්ගේ පසුකාලීන චිත්‍රපට අතර අයිරාංගනී (1954), මත බේදය  (1955), පෙරකදෝරු බැණා  (1955), දයිව  විපාකය  (1956), වනලිය  (1958),හදිසි විවාහය (1959) කවට අන්දරේ සහ වනලිය  (1960) සහ මංගලිකා (1963) ජීවිත පුජාව (1961)මගුල් පෝරුව (1967) ආදිය ද  බී ඒ ඩබ්ලිව් ජයමාන්නගේ අධ්‍යක්ෂණය වූ චිත්‍රපට විය. සහෝදරයා අදියුරු වූ චිත්‍රපට දෙකක් වූ හදිසි විවාහය සහ ජීවිත පුජාවේ එඩී රග පෑමක් නොවීය  එඩී කඩවුන පොරොන්දුව නව නිෂ්පාදනයේ ද (1982) මනප්පුවා ලෙස මුල් චරිතය ප්‍රතිනිර්මානය කරමින් රඟපෑවේය.එය සිනමාව තුල අහඹු සිද්දියකි
එඩීගේ සහෝදරයාගේ නිෂ්පාදන හා සම්බන්ධ නොවන කෘති අතර සන්දේශය (1960) හි නැටුම් කණ්ඩායමක වාදකයකු ලෙස රංගනය විය   කොළඹ සන්නියද (1976) අහඹු ලෙස  පොහොසත් වන  සහෝදරයා සමග හාස්‍ය   රංගනයක්  විය .කපටි ආරක්ෂකයා හි  ජාකොබ් වැරදුන කුරුමානමේ බබියා  පෙරලෙන ඉරණමේ පවුචා පෙරකදෝරු බැණා ගුණතිලක රාලහාමි සිරියලතාහි කුරුනිස් දොස්තර චිත්‍රපටයේ දොස්තර සුරසේන හි 441 දිව විපාකයේ දන්ත සැනසිලි සුවයේ කාවින්ද දෙහදක දුකේ අලංකාරි හතර වටේ ගුණදාස හොදට හොදයි අන්කල් සුසී හි බැස්ටියන් දුප්පතාගේ හිතවතා ජිමී ලස්සන දවසක් නිලන්ති ගේ පියා හිතුවොත් හිතුවාමයි සාජන්ට් බණ්ඩා දෙවියනි ඔබ කොහිද ජුවන් අයියා එයා දැන් ලොකු ළමයෙක් හි මාමා හිතක සුවද චිත්‍රපටයේ සැම්සන් මහත්තයා සංඛ් පාලි හි සංඛ් ගේ පියා කොලබ සන්නියේ කතුරු මහත්තයා ආදී චරිත අදත් ප්‍රේක්ෂක සන්තානයේ නොමියෙන චරිත වේ වරෙක විකටයෙක් වැදගතෙක් අහිංසක ගැමියෙක්  සල්ලාල මහතෙක් වැනි විවිධ චරිත තුල අපුරු රංගනයන් එඩී ජයමාන්නයන් ඉදිරිපත් කළේය. එඩී ජනප්‍රිය ගායකයෙක් ද වේ.  "ලපටි රූපේ ඇගේ දැක ගැහෙති මාව වේගේ "ගීතය කඩවුන පොරොන්දුවේ  පැරණි සිනමා ප්‍රේක්ෂකයන්ට රස ආකරයකි .ඒ ගැයුමත් එඩී ගේය . වැරදුන කුරුමානම චිත්‍රපටයේ කොලොම්පුරේ ශ්‍රියා ගීතයත් අදත් ජනප්‍රිය ගීතයක් වේ.උමතු විශ්වාසය චිත්‍රපටයේ" මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැගුම්" ගීතය ද අදත් ඉතාම ජනප්‍රිය ගීයකි. එසේම හදිසි විනිශ්චය කපටි ආරක්ෂකයා කැලැ හද අයිරාංගනී වැරදුන කුරුමානම පෙරලෙන ඉරණම සැගවුන පිළිතුර මතභේදය කොළඹ සන්නිය ආදී චිත්‍රපටවල පසුබිම් ගීත රාශියක් එඩී ගායනා කොට ඇත .නවීන භාර්යාව නමින් නාට්‍ය ගීතද තෙවෙනි කසාදය නමින් ගීත පෙළක් ද අලි ඇල්ලීම නමින් ගීත ද කපිරින්නා ගීතද එඩී ගායනා කොට තිබේ කොලම්බියා ගැර්මපෝන් තැටි සදහා සිංහල කොමික් නමින් විකට ජවනිකා ද එඩී ඉදිරිපත් කොට තිබේ .  1947  කඩවුන පොරොන්දුවෙන් වූ සිනමා ආගමනය 1983 යලි පිපුන මලක් තුලින් ම මිලින විය. පුරා දශක හතරක චිත්‍රපට 75 ආසන්න රංගන දායක විය මතභේදය සහ සිරියලතා නිෂ්පාදනය එඩී ජයමාන්න ගේය .සිනමාවේ ප්‍රවීන ජනප්‍රිය අන්තිම ඉහල තත්ව වල සිටි නලුනිලියන් සමග මෙන්ම නවක නලුනිලියන් සමගද රංගනය වී තිබේ .සිය ප්‍රියම්බිකාව 1978 වියෝවීම එඩී ගේ ජීවිතයට හිස්තැනක් තැබුවේය . ඔහුගේ අවසාන කාලය තුළ ඔහු පදිංචිව සිටියේ 172, හැදල පල්ලියාවත්තේය .  .1981 ජූලි 25 වන දින එඩී හෘදයාබාධයකින් මිය ගියේය.ඔහුගේ මරණය වාර්තා කලේ  අසල්වැසියෙකු වන පී.කේ. මංගල්යය.එඩී ගේ දේහය තැන්පත් කරනු ලැබුවේ මීගමුවේ  හි "මනියෝක්හේන  " සුසාන භූමියේ ය..අදත් එඩී ජයමාන්නයන් ගැන මහත් ජනප්‍රසාදයක් ශ්‍රී ලාංකික සිනමා රසිකයන් හා මහජනතාව අතර ද අමරණීය පවතී  ආනන්දනීය සිංහල සිනමාවේ ගෞරව ප්‍රනාමය පුද කරමින් එතුමාට සග මොක් සුව පතමු .

Tuesday, March 3, 2020

දහනායක ගේ නිහාල් රංජිත් සිල්වා... නිහාල් සිල්වා ලෙස

දහනායක ගේ නිහාල් රංජිත් සිල්වා... නිහාල් සිල්වා ලෙස ජනප්රිය වූ ශ්රී ලාංකික විකට න නළුවෙකි.1954 ජනවාරි 10 වන දින කිරුලපොන හි උපත ලැබීය. ඔහු හැදී වැඩුණේ ශ්රී ලංකාවේ නුවර එලියේය . ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ දහනායක ගේ ඇන්ඩරු ද සිල්වා ය. ඔහුගේ මව වටකෙටියා රාජපක්ෂගේ ලුසිහාමි ය. ඇය රෝහල් සේවිකාවක් ලෙස සේවය කළාය. සිල්වාට වැඩිමහල් සහෝදරියන් තිදෙනෙක් සිටින අතර මාලිනී, ශ්රියාවතී සහ පද්මිණී සහ වැඩිමහල් සහෝදරයන් තිදෙනා වන නිමල්, සිරිපාල. සිල්වා අධ්යාපනය ලැබුවේ ශ්රී වෛශාක විද්යාලයේ, වෙල්ලවැටි සහ හැටන්හි ශ්රී වටවල මහ විද්යාලය යන ප්රදේශවලය. ඔහු කීර්තියට පත්වූයේ සාජන් නල්ලතම්බි රඟපාමිනි. මෙම චරිතය තමිල් හින්දු භක්තික හිසක්, කුඩා උඩු රැවුලක්, පොලිස් ඇඳුමක් සහ විභූති, අළු පේළි තුනක් ඔහුගේ නළල මත තබා තිබුණි.සිල්වා නිහාල් ප්රථම වරට රඟපෑවේ 1975 වෙසක් නාට්යයක් වන අශෝක සේනරත් මුදලි විසින් අධ්යක්ෂණය කරන ලද දේශද්රෝහීයා නාට්යයේය අශෝක සේනරත් මුදලි ප්රථම වරට ප්රසිද්ධ වේදිකාවක රඟ දැක්වීමට අවස්ථාව ලබා දෙන ලදී. ඔහු මෙහෙව් රටේ නාට්යයේ රාජා සහ ජිනදාසා යන තවත් මිතුරන් දෙදෙනෙකුගේ පියා ලෙස රඟපෑවේය. ප්රේමදාස හෙට්ටිගොඩ විසින් බහු කෝලම් සොහොන් බෙරේ නාට්යයක් නිෂ්පාදනය කරන විට රංගනයට දායක විය . පසුව ඔහු අමල් බිසෝ, අම්බලමක නඩේ සහ ලේ කදුළු වැනි වේදිකා නාට්යවල රඟපෑවේය.
ඔහුගේ මංගල සිනමා රංගනය 1974 දී හදවත් නැත්තෝ චිත්රපටය හරහා නර්තන කණ්ඩායමක අනපේක්ෂිත භූමිකාවක් රඟ දැක්වීය. 1980 දී එස්. දයානන්ද විසින් අධ්යක්ෂණය කරන ලද ජෝඩු වලලු චිත්රපටයේ දෙමළ උද්යාන මුරකරුගේ චරිතයක් රඟපාමින් නිහාල්ට චිත්රපටයක චරිතයක් ලෙස රඟපෑමට අවස්ථාව ලැබී තිබේ. කදීරා චිත්රපටයේ නිහාල් "මද්දුමේ " චරිතය රඟපෑ අතර එය රෝසි චිත්රපටයේ චරිතයක් රඟපෑමට අවස්ථාව ලබා දීමට අධ්යක්ෂක යසපාලිතා නනායකාරා විසින් බලපෑම් කර තිබේ. ඉන්පසු ඔහු වාණිජමය වශයෙන් සාර්ථක චිත්රපට වන සත්වේනි දවස , අහිමි දඩමන් , කවුළුව සහ සහ කිරි මඩු වැල් වැනි චිත්රපටවල රඟපෑවේය.
ජයසේකර අපොන්සු විසින් අධ්යක්ෂණය කරන ලද සතුරෝ නාට්යයේ නිහාල් ප්රථම වරට නාට්ය නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළේය. ඉන්පසු ඔහු සබවානියා කාක්කෝ නාට්යය නිෂ්පාදනය කළ අතර එහිදී ඕස්ට්රේලියානු නළු ජෝන් මුසෝ ද නාට්යයේ රඟපෑවේය . නිහාල් පසුව රුදිර වාණිජ නාට්යය නිෂ්පාදනය කළ අතර පසුව කවුරුවත් එන්නේ නෑ සහ පතිරාජා එල්. එස්. දයානන්ද විසින් නිෂ්පාදනය කරන ලද ආයිත් ඉතින් හෙට හි වැඩ කළේය. ඔහුගේ කැපී පෙනෙන වේදිකා නාට්ය සමහරක් පැමිණියේ පුන්තිලා සහ රන් සලාකුන හරහා ය. ඔහු ප්රථම වරට සාජා නල්ලතම්බි රඟපෑවේ 1985 දී දයා වයමන් විසින් රචිත නෙයිනා ගේ සුදුවා නාට්යයේ ය. සාජන් නල්ලතම්බි නාට්යය මූල්යමය වශයෙන් සාර්ථක වූ ශ්රී ලාංකික නාට්යවලින් එකකි. එය බෙහෙවින් ජනප්රිය වූ අතර මැදපෙරදිග සිට සිංහල ප්රේක්ෂකයින් දක්වා සාර්ථක ප්රදර්ශන 366 ක් කළේය. එහි ධාවනයෙන් පසු, රැල්ල , කමාන්ඩෝ දියසේන සහ වඩමාරාචි වැනි විකට නළු නිළියන් ශ්රී ලංකා සිනමාහල්වල එහි සාර්ථකත්වයේ ආනුභාවයෙන් පෙනී සිටියහ. සාජන්ට් නලල තම්බි සිනමාවට ද නැගිණි එය නිහාල් සිල්වා ගේම නිෂ්පාදනයක් විය අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ගමන් කල ඔහුගේ වාහනයට 1989 දෙසැම්බර් 3 වන දින දෙහිවෙලා මුරපොලක දී පවත්වාගෙන යද්දී සිල්වාට ශ්රී ලංකා හමුදා සෙබළුන් විසින් වෙඩි තබන ලදී.ප්රතිභා සම්පන්න කලාකරුවෙක් අකාලයේ නැතිවිය අදත් සාජන්ට් නල්ල තම්බි ප්රේක්ෂක මතකයේ වේ ..නිවන් සුව අත්වේවා ...