Sunday, January 29, 2023

බක්මහ දීගේ - චිත්‍රපටය කතානාද සිනමාවේ 209 වැන්නයි

 බක්මහ දීගේ - චිත්‍රපටය කතානාද සිනමාවේ 209 වැන්නයි .

බක් මහ දීගේ 1969.12.31 දින රියෝ හි විශේෂ දර්ශනයක් පවත්වන්නේ ලංකා අක්ෂි දාන සංගමයට ආධාර පිණිසයි. එය මහජන ප්‍රදර්ශනය අරඹන්නේ 1970.04.09 දින සිට එල්පින්ස්ටන් ප්‍රමුඛ සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රදර්ශන ශාලා වලයි. නිෂ්පාදනය ප්ර්ජාපාල ශ්‍රී ගුනවර්දන වේ.අධ්‍යක්ෂණය දයානන්ද ගුනවර්දනයන් වේ.වේදිකා නාට්‍ය කරුවෙක් ලෙස මෙරට වේදිකාවේ තම නිර්මාණ පෞරුශය හා අනන්‍යතාව පලකල ගුනවර්දනයන් දක්ෂ රුපවෙදියකු වේ.නිව්මාන් ජුබාල් ගේ  - වෙදහටන - නාට්‍ය රංගනයෙන් වේදිකාවට පිවිසියේය.මනමේ නාටකයට සර්ත්චන්ද්ර්යන් ගුනවර්දයන් තෝ රාගත්තද විභාග කටයුතු නිසා ඒ අවස්තාව ගිලිහිණි.කුරුළු බැද්ද ,රන්සළු ,සිහින හතක් ,වෙසතුරු සිරිත ,හා සද නැග එද්දී ගුනවර්දනයන් ගේ රංගනයන් වූ සිනමාපට වේ. - බක්මහ දීගේ - ඔහුගේම - බක්මහ අකුණු - වේදිකා නාටකය ඇසුරින් නිපදවූ චිත්‍රපටය වේ.ප්‍රංශ ජාතික පියරේ ඔගස්ටීන් කරන්  ඩී .බෝමාෂ් නමැති නාට්‍ය කරුවාගේ මැරේජ් ඔෆ් පිගාරෝ වේදිකා නාටකය ත් ඒ ඇසුරින් ලොරෙන්සෝ ද පොන්ටේ විසින් ගීයට නගා මෝසාර්ට් නම් ප්‍රකට සංගීත වේදියා නිර්මාණය කල ඔපෙරාවක් පාදක කරමින්  - බක්මහ අකුණු -  රචනා කෙරිණි.කතාව තිර නාටකය  සහ දෙබස් දයානන්ද ගුනවර්දනයන් වේ.කැමරා අධ්‍යක්ෂණය විලියම් බ්ලේක් ගෙනි.සංස්කරණය සුමිත්‍රා පීරිස් වේ.කළා අධ්‍යක්ෂණය ඊබට් විජේසිංහ වේ.ශබ්ද පරිපාලනය මර්වින් රොඩ්රිගෝ ගෙනි. නර්තන අධ්‍යක්ෂණය කමල් රත්නසිරි වේ.රසායනාගාර සහාය එස් තිරුනාවුකරසු වේ.චිත්‍රාගාරය හැදල විජය වේ.සංගීත අධ්‍යක්ෂණය සෝමදාස ඈල්විටිගලයන් ගෙනි.ගීත පදමාලාවන් ද දයානන්ද ගුනවර්දනයන් විසිනි .පසුබිම් ගායන සදහා පණ්ඩිත් අමරදේවයන්,විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, අමිතා වැදිසිංහ,අතුල සෝමසිරි,ආදීන් දායක විය.ගීත 11 මෙහි අඩංගු විය.ආදර හැඟුම් , මලකින් මලකට , කන්ද උඩින් සඳ පායන් ලීලා,   දියට නැමුණු මල් , අවි ගත් මදනායක, අහසේ සඳ පායා ආවා ,බක්මහටයි හෙන විදුලි ,සරිගමපා ,පබලිනෝ උඹ පබළු වැලදෝ, ගන්නම් පලි මම ගන්නම් ,මුදලි තුමනි එම ගීත විය.කතා සාරාංශය මෙසේය. මදනායක මුදලිතුමා - ඩැනියෙල් මුතුමාල - ගමේ අධිපතියා වේ ඔහුගේ බිරිද ලමාතැනි - අයිරාංගනී සේරසිංහ - ඉතා රුමත්ය.සුරූපී තරුණියක වන පබුලිනා - අනුලා කරුණාතිලක - ලමාතැනි ගේ සේවිකාව වේ.මුදලි ගේම සේවකයෙක් වන ජාසොං - එල්සන් දිවිතුරුගම - පබුලිනා හා  විවාහ වීමට සිටි.එහෙත් ඔහු ගමේ ගැහැණු කෙනකු  කරුණාවතී ගේ - චන්ද්‍රා කළුආරච්චි - පොරොන්දු පත්‍රයකට අත්සන් කොට මුදල් ලබා ගෙන තිබේ.නය ගෙවීමට නොහැකි වුව හොත් කරුණාවතී විවාහ කර ගැනීමට පොරොන්දුවක් වේ.පබුලිනා  වසගයට ගැනීමට උතසාහ කරන මුදලි කපටි ලියන්නා පෙරේරා  - ඩී .ආර්.නානායක්කාර -  සමග එක්ව මේ පොරොන්දු පත්‍රය මත විවාහය ප්‍රමාද කරවයි.වලව්වේ සේවකයෙක් වන නව යොවුන් වියේ සිටින පේමදාස -ධර්මසිරි බණ්ඩාරනායක - ලමාතැනිටත් ,පබුලිනාටත් ,උයන්පල්ලා වන බයිසප්පු ගේ - ගාමිණී විජේසුරිය - දියණිය මැනිකාටත් - ශ්‍රියානි පෙරේරා - එකවර ආදරය කරයි.මේ පෙම් පලහිලව්   ආදරය නිසා කොතෙකුත්  වරදවා වටහා ගැනීම් ගැටුම් ද වේ.අවසානයේ  පබුලිනා ලෙස සැරසී ලමාතැනි මලවත්තට  එයි..මුදලි ගේ වංක සිත වෙනස් කර හොද මිනිසෙක් වේ.අවසානය හි මුදලි ලමාතතැනි  පබුලිනා ජාසොං ද පේමදාස හා මැනිකාද ලියන්නා හා කරුණාවතී ද එකතුවේ. අකුණු ගසමින් බක්මහ වැහි වසී .අමතර රංගනයට ඇලෝයි ඩයස් අබේසිංහ ,ලුෂන් පෙරේරා ,නිමල් ගම්මුදලි ද එක්විය.සිනමාවේ පළමුවන ප්‍රහසන චිත්‍රපටය මෙයවේ. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Saturday, January 28, 2023

208 වන කතානාද සිනමා පටය වුවේ 1969 දෙසැම්බර් 30 දින තිරගතවූ - හන්තානේ කතාව

 208 වන කතානාද සිනමා පටය වුවේ 1969 දෙසැම්බර් 30 දින තිරගතවූ  - හන්තානේ කතාව චිත්‍රපටයයි - සිමාසහිත සමකාලීන චිත්‍රපට නිෂ්පාදනයකි. අධ්‍යක්ෂණය සුගතපාල සෙනරත් යාපා වේ.70 දශකයේ බිහිවන නව ජනප්‍රිය සිනමාවේ පෙරගමන්කරු සුගතපාලයන් වේ..ජී.ඩී .එල් පෙරේරා ගේ කලාපෙල සංස්කෘතික සංගමයේ  සාමාජික්යෙකි. පසුව සම ලේකම් ද විය.වේදිකා නළුවෙකි.දස්කොන් චිත්‍රපටයෙන් සිනමා නළුවෙක් ද විය. - සාමා චිත්‍රපටයේ ද  සාමාට පෙම්බදී සිරිසේනය.එම චිත්‍රපටයේ වනන්තරේ ගල් අරඹේ  ගීතය ද යාපාගේය.මෙහි කතාව ද සෙනරත් යාපාගේය.තිරපිටපත සදහා ධර්මසේන පතිරාජ,බර්ටි ජයසේකර,බර්ටි ගුණසේකර දායක විය.සුමිත්ත අමරසිංහ ගේ කැමරා අධ්‍යක්ෂනයකි . චිත්‍රාගාරය දළුගම සරසවි චිත්රාගාරයයි.සංස්කරණය ටයිටස් තොටවත්තයන් වේ.කළා අධ්‍යක්ෂනය පුෂ්පානන්ද වීරසිංහ වේ.මර්වින් රොඩ්රිගෝ ශබ්ද පරිපාලනය කළේය.දෙබස් රචනය සහ සහාය අධ්‍යක්ෂණයෙන් විජය ධර්ම ශ්‍රී දායක විය.සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාසයන්වේ.ස්වතන්ත්‍ර ගී තනු මෙහි විය.ගීත රචනය මහගම සේකර ,ධර්මසිරි ගමගේ ,සුගතපාල සෙනරත් යාපා දායක විය .සිනමා ගීත ඉතිහාසයේ එකම ගීතය දෙදෙනෙකු රචනය කල විරල අවස්තාවක් ද මෙහිවේ.පණ්ඩිත් අමරදේවයන්.සනත් නන්දසිරි,වික්ටර් රත්නායකයන් සමග නන්දා මාලනිය පසුබිම් ගායනා කළේය.මෙහි අඩංගු ගීත වුවේ දිගන්තයේ ඝණ අවිඳු අඳුර , සරා සොඳුරු මල් පැටලී , මහගිරි අරනේ මේ දිවි උයනේ , අනන්ත වූ දෙරණ සරා යන ගීතයන්  වේ.කතා සාරාංශය මෙසේය පේරාදෙණිය විශ්ව විද්යාලය පසුබිම් වූ විශ්ව  විද්‍යාල ශිෂ්‍ය  ජීවිතය විවරණයක් විය.අනුර සුබා බන්දු තිදෙනා ගේ ප්‍රේම ත්‍රි කෝණය මුලික වස්තු  බීජයයි.අනුර - ටෝනි රණසිංහ - ගැමි ජීවිතයේ සාරධර්ම මත ජීවිතය ගෙන යන්නෙකි.ඔහු ගේ මාමා දියණිය විවාහ කර දීමේ අපේක්ෂාවෙන් සිටි.සුභද්‍රා - ස්වර්ණා මල්ලවආරච්චි - විශ්ව විද්‍යාල පීටාධිපතිගේ දියණිය වේ.සරාගේ පෙනුමින් යුතු ඇය ජීවිතය විදින්නට කැමතිය.බන්දු - විජය කුමාරතුංග - මතුපිටින් ද ඇතුලතින් ද ජීවිතය සරලව ගත්   විනෝදකාමී කෙනෙකි.අනුර පළමු වසරේ ශිෂ්‍ය ක් ලෙස ඇතුලත් වීමෙන් චිත්‍රපටය ඇරඹේ.පැරණි සිසුන් වූ බන්දු ඇතුළු පිරිසගෙන් නවක වදය විදින්නට ද අනුරට සිදුවේ.සුබා ගේ සිත් අනුර වෙත ඇදෙන්නේ ඔහුගේ නිවුණු ස්වභාවය නිසාය,නේවාසිකාගාර සභාපති තරගයෙන් අනුර ජය ගනී.ශිෂ්‍ය සංගම් සභාපති තරගයේදී බන්දුට පරාජය වේ.මේ නිසා බඳු ඇතුළු පිරිසගේ විරෝධයට  අනුර ලක්වේ.ගැටුමකදී තුවාල ලබන බන්දු බැලීමට යන සුබා ඔහු පිළිබද ඇල්මක් ඇතිකර ගනී.අවසන්වසර විභාගයෙන් පසු පිරිස හන්තානේ කන්ද නගිති.අතර මග දී කදු ගැටයක පිපි උඩවැඩියා මලක් දකින සුබ අනුරට එය කඩා දෙන ලෙස ඉල්ලීමක් කරයි.ඔහු එය ප්‍රතික්ශේප කරයි.මල කඩා ගන්නා බන්දු කදු ගැටයෙන් පහලට වැටේ .තම සහකරු සුබා  තීරණය කරන්නේ එවිටය. කදු මුදුනට නැගීමෙන් පසු තමන් ගෙනා ජලය බිමට වැටි විසිර යාම නිසා කට්ටියක් වතුර .ගෙනෙන්නට යයි.වැස්සක් ඇදහලේ කණ්ඩායම වැස්සේ නර්තනයක යෙදේ.සුබා සොයා යන  අනුර දකින්නේ සුබා වැළදගෙන ඇය සිප ගන්නා බන්දුය .මොහොතක් ඒ දෙස බලා සිටින අනුර වියරුවෙන් මෙන් වැස්සේ නටන කණ්ඩායමට එකතුවේ.අමතර රංගනයට ශෝබනි අමරසිංහ, සුනිලා ජයන්ති,දෙනවක හාමිනේ,අමරසිරි කලන්සුරිය,දයා තෙන්නකෝන්,සමන්ති ලැනරෝල් එඩ්මන්ඩ් ජයසිංහ,ප්‍රෑන්ක් ගුණසේකර,බර්ටි ජයසේකර,හේමා ගුනවර්දන,සෝමපාල ලැනරෝල්,ජයා ටී හේරත්,ජේ.බී.එල්. ගුණසේකර,පුෂ්පානන්ද වීරසිංග ,ධර්මදාස කුරුප්පු,තිලක් ධර්මසිරි, මාලා වජිරා පෙරේරා,ආදීන් දායක විය.1970 සරසවි සම්මාන උළෙලේ සම්මානයකට දායක නොවිණි.ලංකා විචාරක හා  ලේඛක සංගමයේ හොදම නළුවා ලෙස ටෝනි රණසිංහ සම්මානයට පාත්‍ර විය.මේ සමඟින් ගාමිණී ගනේගොඩ සහ සමන් බොකලවෙල රඟපෑ විනාඩි 17 කින් යුත් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයද සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයකි. මෙය ඉන්දියානු ජාත්‍යන්තර ට්ත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානය දිනා ගත්තේය.අමරසිරි කලන්සුරිය,දයා තෙන්නකෝන්,සමන්ති ලැනරෝල්  බර්ටි ජයසේකර,සෝමපාල ලැනරෝල් ධර්මසේන පතිරාජ ආදීන් සිනමාවට එක්වූ චිත්‍රපටය  ද මෙයවේ.ස්වර්ණා මල්ලවආරච්චි ගේ දෙවන  චිත්‍රපටය වේ.විජය ගේ ද පළමු චිත්‍රපටය විය නමුත් රංගනය කල චිත්‍රපට දෙකක් තිරගත විය.ප්‍රධාන චරිතය කල චිත්‍රපටය මෙයවේ.වික්ටර් රත්නායක ගේ පසුබිම් ගායනා ඇතුලත් පළමු චිත්‍රපටය  ද මෙය විය මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, January 24, 2023

- රෝමියෝ ජුලියට් කතාවක් -

 - රෝමියෝ ජුලියට් කතාවක් - 

207 වන කතානාද චිත්‍රපටය වුවේ - රෝමියෝ ජුලියට් කතාවක් - චිත්‍රපටයයි. 1969 දෙසැම්බර් 21 දින  ප්‍රදර්ශනය වූයේ මංගල දර්ශනය පමණි. මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරුණේ 1970 ජූලි 15 වෙනිදා සිටය.නිෂ්පාදනය එස්.සංගදාස සිල්වා විසිනි.අධ්‍යක්ෂණය ජී.ඩී .එල්.පෙරේරා වේ.කතාව තිර නාටකය දෙබස් රචනය ද ජී.ඩී .එල්.පෙරේරා වේ.කැමරා අධ්‍යක්ෂණය කේ.ඩී .දයානන්දයන්ය. කේ.ඩී තනිව කැමරා අධ්‍යක්ෂණය කල පළමු  චිත්‍රපටය මෙයවේ. සංස්කරණය එස්.එම් .නිසාර් වේ.සහාය අධ්‍යක්ෂණය නිමල් වෛද්‍යසේකර වේ.සංගීත අධ්‍යක්ෂණය ෂෙල්ටන් ප්‍රෙමරත්න  යන්ගෙනි. ගීත පදමාලාවන් මර්සලින් ජයකොඩි පියතුමා ,නිමල් වීරසේකර,තිස්ස කාරියවසම් ගෙනි.පසුබිම් ගායනා නිහාල් ජයවර්දන,සරත් සන්දනායක,සුනිල් සාන්ත,ගාබෝ ඇන්ඩ් ද බ්රෙක්වේස් සංගීත කණ්ඩායම දායක විය. හාරසියයක් වසරකට පෙර ,නැති තත් බිදුනා, ඉහලවෙලේ කොකෙක්,my dreams are roses යන ගීත අඩංගු විය.දිගම තේමා ගිතය ද මේ චිත්‍රපටයේ වේ.එය නිහාල ජයවර්දන ගැයූ  අතර ඔහුගේ  පළමු පසුබිම් ගායනය ද විය..ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක් සඳහා ඉංග්‍රිසි ගීතයක් ඇතුළත් වීම සුනිල් සාන්තයන් එම ඉංග්‍රීසි සින්දුව ගැයීම මෙන්ම සුනිල් සාන්තයන්ගේ  ගේ එකම චිත්‍රපට ගීතයද මෙය වේ..මෙහි ජුලියට් ගේ චරිතය මොනා මංගලිකා රංගනය කළේය.එය අගේ පළමු සිනමා ආගමනය වී නිම්වලල්ල චිත්‍රපටයේ රංගනයෙන් පසුව සිනමාවෙන් ඉවත්විය.වේදිකාවේ ඇති දක්ෂයෙක් වූ ඩග්ලස් රණසිංහ සිනමාවට ආගමනය ද මේ චිත්‍රපටය වේ.විජය ගේ දෙවන චිත්‍රපටය වුවත් මුල්ම් වරට සිනමා කැමරාවට මුහුණ දෙන්නේ මේ චිත්‍රපටයෙනි. .කතා සාරාංශය මෙසේය.කොළඹ ජීවත්වන ගජනායක - පියදාස ගුණසේකර - හා අත්තනායක - පී.බී .මයිල්ලැව - පවුල් ධනවත්ය.පරම්පරාවෙන් ධනවතුන්වන ගජනායක රදලයන්ය.අත්තනායක් ධනවත් වුවත්  රදලයන් නොවේ.අසාධාරණයෙන් මුදල් උපයා ධනවත්ව සිටි.නමුත් වර්තමානයේ ගජනායකලාට සමව සිටි.දේශපාලන වශයෙන් දෙපිලකය.මේ නිසා පවුල් දෙක අතර දැඩි විරසකයක් වේ.ඔවුන්ගේ අනුගාමිකයෝද දුටු තැන සටන් වදී මහා මැතිවරනයක් ලග එන බැවින් මෙම ගැටුම් ප්‍රචණ්ඩ කාරීය .ගජනායක පවුලේ එකම දියණිය ජුලියට් - මෝනා  මංගලිකා - අත්තනායක පවුලේ පුත් රෝමියෝ - ඩග්ලස් රණසිංහ - සාදයකදී මුණ ගැසී දුටු මනතින් ප්‍රේමයෙන් බැදේ .පවුල් දෙකේ විරසකය නිසා දෙදනා අසරණ වේ.ඔවුන් ගේ පිහිටට සිටින්නේ ගජනායක නිවසේ රියදුරු - ජෝ අබේවික්‍රමය - මැතිවරණ දිනයේදී සේවකයා ගේ ආධාරයෙන් ඔවුහු  පලායති.දේශපාලන මැරයන්ගේ බෝම්බයකට ගොදුරුවන රෝමියෝ හා ජුලියට් මියයති.සෙසු රංගන යනට , රුක්මනී දේවි ,  අයිරාංගනී සේරසිංහ,ඩී ..ආර්.නානායක්කාර ,විජය කුමාරතුංග,බුද්ධී වික්‍රම,නිහාල් ජයවර්දන,දෙනවක හාමිනි,චන්ද්‍රා කළුආරච්චි ,කාන්ති ලංකා,සදුන් විජේසිරි, එල්සන් දිවිතුරුගම,ධම්ම ජාගොඩ ,ෂෙල්ටන් සිල්වා,වයලා ශිරෝමි,අයිවන් පණ්ඩිතරත්න ආදීන් දායකව තිබේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, January 20, 2023

1969 දෙසැම්බර් 18 දින 206 වන කතා නාද සිනමා පටය තිර ගතවේ..- මොකද වුනේ -

 1969 දෙසැම්බර් 18 දින  206 වන කතා නාද සිනමා පටය තිර ගතවේ..- මොකද වුනේ - මේ චිත්‍රපටය වේ මෙදින පැවැත්වූයේ මංගල දර්ශනය පමණි. මහජන දර්ශනය සඳහා තිරගත වීම ආරම්භ කළේ 1970 ජනවාරි 18 දිනයි මෙම චිත්‍රපටය සමඟ ‘අස්වැන්න’ නම් කෙටි වාර්තා චිත්‍රපටය ද පෙන්වන ලදී...සිමාසහිත  මොනරිදු පිල්ම්ස්  සහ අභය බණ්ඩාරනායක ගේ නිෂ්පාදනයකි.පියසිරි ගුණරත්න ගේ අධ්‍යක්ෂණයකි.ජායාරුප ශිල්පියෙක් ,ගුවන් විදුලි ශිල්පීයෙක් හා පුවත් පත් කලාවේදියෙක් වන පියසිරි ගුණරත්න චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්හි සිනමා හා රුපවාහින් විශ්ව විද්‍යාලයේ සිනමාව පිළිබද ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වේ.තිර රචනය ට පියසිරි ගුනරත්නට ප්‍රේමරංජිත් තිලකරත්න ද එක්විය දෙබස් රචනය ද ප්‍රේමරංජිත් තිලකරත්න වේ.කැමරා අධ්‍යක්ෂණය ඩිල්මන් ජයරත්න ගෙනි.සංස්කරණය ද පියසිරි ගුණරත්න ගෙනි.නාමාවලිය සැකසීම ඒ.ඩී .රන්ජිත් කුමාර ගෙනි.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස යන්වේ.පසුබිම් ගායනා සදහා නන්දා මාලනී ,සී.ටී.ප්‍රනාන්දු දායක විය පදමාලාවන් දීප්ත ලීලාරත්න,සහ සිරිපාල තිලකසේන ගෙනි.දන්නෝ දනී අපි කොල්ලෝ තමයි සහ ගහ කොළ පිබිදේ මල් පල ගැන්වේ ගීත එහි ඇතුලත් විය.කතා සාරාංශය මෙසේය.ගණිකාවක් පිළිබද තේමාවකි.ගමු කාන්තාවක් වන ලුසී -  කරුණාතිලක - රා මදින පීතර ගේ බිරිද විය.අතුරෙන් වැටෙන පීතර මියයයි.දරුවා සමග තනිවන ලුසීට  ගමේ පිරිමින් ගෙන්  වන අතවර නිසා කොළඹට පැමිණෙන ඇය සිගමනෙන් ජීවත් වෙයි. අහම්බෙන් හමුවන ගමේ යෙහෙලියක් ගෙන් නවාතැන් පහසුකම් ද ලැබේ.සිගමන්ට වැටෙන්නට පෙර කාරුණික ධනවතෙකු ගේ නිවසේ මෙහෙකාරියක් ලෙස සිටි.ස්වාමි  දුව කෘරය .විශ්ව විද්‍යාල සිසුවෙක් වන පුතා නිවාඩුවට පැමිණි විට යට බලහත්කාරකම් කිරීමට උත්සාහ කරයි.ඒ නිසාය එතනින් පිටව සිගමන් යන්නේ,නවාතැන් ලැබී මුඩුක්කු පරිසරයකය ඇය ජීවත් වන්නේ ,ජීවත්වීම සදහා ගණිකා වෘතියට යොමුවන්නට සිදුවේ,පාල  මේ  පරිසරයේම සිටින ගුණ යහපත් ටැක්සි රියදුරෙකි.ඔහු ලුසී හා දරුවා වෙත සෙනෙහස දක්වන්නේ ඇය ගණිකාවක් බව අමතක කරමිනි.ඔහුගේ උත්සාහය ඇය යහමගට ගෙන විවාහ දිවියක් ගත කිරීමටයි.ඔහු ගේ අවංක බව තේරුම් ගෙන ඔහු සමග ජීවත් වීමට ඇය තීරණය කරයි.ඔවුන් පලායාමට සැලසුම් කරන්නේ මුඩුක්කුවේ කාවාඩි සංදර්ශනයක් පැවැත්වෙන රාත්රියකය.එහෙත් මෙය ඉව වටෙන් මැරයෝ ගැටුමක් ඇති කරයි.ජේන් අක්කා නමතිගනිකා නිවාස හිමිකාරිය ගේ අනෙන් මැරයෝ එල්ල කරන බෝම්බන්මුදුක්කුවේ පැල්පත් ගිනි ගනී.ගින්නට හසුවන් ලුසී ගේ දරුවා ද මියයයි.මලකද  ඔසවා ගන්නා ලුසී උමතුවෙන් ඉදිරියට එන දුම්රිය දෙසට දිවයයි.තිරයේ දිස්වන්නේ මොකද වුනේ   යන්නයි. රංගන දායකත්වයට එල්සන් දිවිතුරුගම,චන්ද්‍රා කළුආරච්චි,ගාමිණි වික්‍රමසුරිය,නවනන්ද විජේසිංහ,පුජිත මෙන්ඩිස්,චන්දන වාදසිංහ, දෙනවක හාමිනේ ,දේවිකා විජේසේකර,එම.ඒ.සිමියොන්,අභය බණ්ඩාරනායක,අනිල් විජේකෝන්,හපුආරච්චි වෛද්‍ය සේකර,ඉන්ද්‍රානි ඇග්නස්,ලලිතා පෙරේරා,ගාමිනි විජෙසුරිය ආදීන් ද එක්විය.  අනුලා කරුණාතිලක ගේ  රංගනය විශිෂ්ට විය කේමදාසයන් ගේ මියසියද විශේෂ විය 1970 විචාරක සම්මාන උළෙලේ දී අනුලා කරුණාතිලක හොදම නිළිය ලෙස ද හොදම සංගීතයට කේමදාසයන් ද සම්මාන ලැබුවාය.1972 හොදම චිත්‍රපට 30 අතර 27 වන චිත්‍රපටය ලෙස - මොකද වුනේ - නම් කෙරිණි. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


 සුමිත්‍රා ගුණවර්ධන 1935 මාර්තු 24 දින අවිස්සාවේල්ලේ "බොරළුගොඩ ගුණවර්ධනගේ" නමින් හැඳින්වෙන මාක්ස්වාදී පවුලක උපත ලැබීය. ඇගේ පියා හෙන්රි (හැරී ලෙසින් වඩාත් ප්‍රකට) ගුණවර්ධන අවිස්සාවේල්ලේ නිතිවෙදියෙක්   වූ අතර සුප්‍රසිද්ධ දේශපාලඥයින් වන පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධනගේ සොහොයුරා සහ ඇගේ මව හැරියට් වික්‍රමසිංහ මධ්‍යම පාන්තික පවුලක වූවෙකි. , සුමිත්‍රාට යන්තම් වයස අවුරුදු 14 දී ඇගේ මව මිය ගියාය. ඒ වන විට ඇගේ සොහොයුරා ගාමිණී අවුරුදු පහක් වැඩිමල් වූ අතර ඇගේ සහෝදරිය චන්ද්‍රලතා අවුරුදු තුනකින් වැඩිමල්ය. ඇයට රංජිත් මල්ලි කෙනෙක්ද සිටී. ඔවුන්ගේ මවගේ මරණයේ ඛේදවාචකයෙන් පසු ගාමිණී දකුණු ප්‍රංශයට ගොස් ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු සමඟ යාත්‍රාවක ජීවත් විය.

               පීරිස් අවිස්සාවේල්ලෙන් අධ්‍යාපනය ආරම්භ කළ අතර පසුව කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වූ අතර අවසානයේ ලන්ඩන් උසස් පෙළ කිරීමට කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයට ඇතුළත් වූවාය.

පීරිස් ලන්ඩන් චිත්‍රපට තාක්‍ෂණ පාසලෙන් චිත්‍රපට නිෂ්පාදනය හැදෑරූ අතර චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් පිරිනමන ලදී (1957-1959). එකල එහි මේ විෂය හදාරමින් සිටි එකම කාන්තාව ඇයයි. විශ්‍රාම යාමෙන් පසු, ඇය කෙටි කාලයක් සඳහා උපසිරැසි සමාගමක් වන Mai Harris හි වැඩ කිරීමට පටන් ගත් අතර පසුව ශ්‍රී ලංකාවට පැමිණියාය. ලෙස්ටර්ගේ සහ සුමිත්‍රාගේ අන්‍යෝන්‍ය මිතුරෙකු වූ වර්නන් මෙන්ඩිස්ගේ නිවසේදී ඇයට තම අනාගත සැමියා මුණගැසුණේ ය 


පසුව ඇය ලංකාවට පැමිණි පසු ඇගේ සොහොයුරා වන ගාමිණී ලෙස්ටර් අමතා ඇගේ සහෝදරිය ඔහු සමඟ රූගත කිරීමක වැඩ කිරීමට ඇති හැකියාව පරීක්ෂා කළේය. ලෙස්ටර් එකඟ වූ අතර සුමිත්‍රා ඔහුගේ දෙවන චිත්‍රපටය වන සංදේශයේ සහය අධ්‍යක්ෂක ලෙස වැඩ ආරම්භ කළේය. පසුව 1963 දී ඇන්ටන් වික්‍රමසිංහ, ලෙස්ටර් සහ සුමිත්‍රා ප්‍රධාන කොටස්කරුවන් ලෙසින් සිනෙලංකා නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කරන ලදී.

            පීරිස් ඇගේම සිනමා අධ්‍යක්ෂවරයාගේ මංගල ගමන ආරම්භ කළේ ඇගේ පළමු චිත්‍රපටය වන - ගැහැණු ළමයි -  තුලිනි.තරුණ වසන්ති චතුරානි වැනි  අලුතින් සොයාගත් දක්ෂතා සහිත නිලියක් සිනමාවට  ඇතුළත් කරමිනි. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ජනප්‍රිය වූ අතර එකල පැවති චිත්‍රපට උළෙලවල සම්මාන රාශියක් ලබා ගැනීමට සමත් විය. වසන්ති චතුරානි, විජය කුමාරතුංග සහ සනත් ගුණතිලක රංගනයෙන් දායක වූ ඇගේ මීළඟ චිත්‍රපටය වන ගංගා අද්දර චිත්‍රපටය තවත් බොක්ස් ඔෆිස් හි ජයග්‍රහණයක් විය. පසුව ඇය තවත් බොහෝ වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති අතර ඒවා සියල්ලම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් විය.

         1978 ගැහැණු ළමයි ,1980 ගග  අද්දර , 1982 යහළු යෙහෙලි .1984 මායා '1988 සාගර ජලය මදි හැඩුවා  ඔබ හන්දා ,

1996 ලොකු දුව ' ,1997 දුවට මවක මිස ,2003 සක්මන් මළුව ,2018 වෛෂ්ණවී  අගේ විශිෂ්ට සිනමා  කෘතිවේ.

                  1980 ගණන්වලදී, සුමිත්‍රා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ගැටලු, සංඛ්‍යාලේඛන, මහජන අදහස් සහ නිර්දේශ වැනි කර්මාන්තයේ සියලු අංශ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා වසර දෙකක කාලයක් ජනාධිපති කොමිසමේ සාමාජිකාවක් වූවාය. 

පීරිස් 1988-1990 කාලයේ ශ්‍රී ලංකාවේ වර්ල්ඩ්වීව් ඉන්ටර්නැෂනල් හි නිෂ්පාදන භාරව සිටියේය. එසේම 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී ඇය ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකාවක් වූ අතර එම කාලය තුළ ඇය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය ඒ.ජේ.පීරිස් පසුව 1996-1999 ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද පත් කරන ලදී. ඇය "FILM" චිත්‍රපටයේ ද්විත්ව සංවත්සරය පැවති සමයේ එහි උපන් ස්ථානය වන ප්‍රංශයේ - ඇයගේ තනතුරේ සේවය කළ අතර ඇයගේ සහකරු හෝ සහකාරිය වන ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟින් සියලුම උත්සව සඳහා පහසුවෙන් සහභාගී වීමට හැකි විය.

පීරිස් ශ්‍රී ලාංකේය සිනමාවේ වසර පනහක හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තේය

        සුමිත්‍රා පීරිස් අවසන් වරට රූගත කළ -වෛෂ්ණවී -  චිත්‍රපට ව්‍යාපාරය  2012 දී රූගත කරන ලද අතර, ඇය නවතම Red Epic කැමරාවෙන් රූගත කළ පළමු අධ්‍යක්ෂවරිය බවට පත් වූ අතර මෙම පියවර ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් සිනමාවේ ඊළඟ පරම්පරාව සඳහා අඩිතාලම දමා ඇත. . ලෙස්ටර් සහ සුමිත්‍රා පීරිස් 2014 ජූනි 19 වන දින ඔවුන්ගේ ස්වර්ණමය විවාහ සංවත්සරය සමරනු ලැබූ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නමින් නම් කර ඇති මාර්ගය අසල පිහිටි ඔවුන්ගේ නිවසේ සුවපහසුව තුළ සතුටින් ජීවත් වූහ.

ඇය ගැන ලියැවුණු පොත් දෙකක් තිබේ, එනම් සුමිත්‍රා පීරිස් - විලස්නී තම්පෝ-හවුටින් (ඉංග්‍රීසි) සහ සුමිත්‍රා - අජිත් ගලප්පත්ති (සිංහල).සුමිත්‍රා ලෙස්ටර් 

ජේම්ස් පීරිස්  සමඟ 1964 ජුනි 19 දින බොරැල්ල සියලුම සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී විවාහ වූ අතර පසුව පිළිගැනීමේ උත්සවයක් ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පැවැත්විණි.

2005 දී ශ්‍රී ලංකා රජය විසින් කලා කීර්ති නාමය.

2021 දී ජපාන රජය විසින් නැඟෙන හිරු, රන්  රිදී සම්මාන 

දේශීය සිනමාවට ඇය කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.ලන්ඩන් චිත්‍රපට උළෙල - Gehenu Lamai - වසරේ විශිෂ්ටතම චිත්‍රපටය (1978)

ජපානයේ ටෝකියෝ හි දකුණු ආසියානු සිනමා උළෙල - ගංගා අද්දර - ඩිප්ලෝමාව

මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - යහලු යෙහෙලි - ඩිප්ලෝමාව ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ටෝකියෝ - සාගර ජලය - ජපන් රූපවාහිනී මධ්‍යස්ථානයක් විසින් මිලදී ගත් හොඳම චිත්‍රපට දහයෙන් එකක්

නැන්ටෙස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - ලොකු දුව - ඩිප්ලෝමාව (1993)

ෆුකුඕකා ජාත්‍යන්තර සිනමා උළෙල - ලොකු දුව (1994)

ලන්ඩන් චිත්‍රපට උළෙල – දුවට  මවක මිස – ඩිප්ලෝමාව (1998)

ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, ඉන්දියාව - Duwata Mawaka Misa (1998)

Fukuoka ජාත්‍යන්තර චිත්‍රපට උළෙල - Duwata Mawaka Misa (1998)

ගෝල්ඩන් ලෝටස් - "ආසියානු සිනමාවට දායකත්වය" සඳහා ඩෝවිල් සම්මානය (2001) 

 හොදම  සංස්කරණය 

ගම්පෙරළිය - සරසවිය සිනමා සම්මාන (1964) 

දෙලොවක් අතර - සරසවිය සිනමා සම්මාන (1967)

අහසින් පොළවට – ජනාධිපති සම්මාන (1979) සහ OCIC සම්මාන (1979)

බක්මහ දීගේ - විචාරක සම්මාන (1971)

හොඳම අධ්‍යක්ෂණය:

ගංගා අද්දර - සරසවිය සිනමා සම්මාන (1981) සහ ජනාධිපති සම්මාන (1981)

යහළු යෙහෙලි – ජනාධිපති සම්මාන (1983) සහ OCIC සම්මාන (1983)

මායා – සරසවිය චිත්‍රපට සම්මාන (1984) සහ 1986 දී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා ජාතික සම්මානය.

සාගර ජලය - OCIC සම්මාන (1989) සහ ස්වර්ණ සංඛ සම්මාන (1988)

ලොකු දුව – ජනාධිපති සම්මාන (1989) සහ සරසවිය රිදී ජුබිලි සම්මාන (1988)

දුව මවක මිස ජනාධිපති සම්මාන (1996)

සන්නිවේදනය සඳහා සොන්ටා ආතර් සී ක්ලාක් සම්මානය (1988)


 සුමිත්‍රා පීරිස් මහත්මිය  2023 ජනවාරි 19 වන දින වයස අවුරුදු 87 දී මෙලොවින් සමුගත්තේය ,එතුමියට මොක්සුව අත්වේවා 

 

Tuesday, January 17, 2023

1969 දෙසැම්බර් 15 තිරගත වන 'පැංචා' චිත්‍රපටය

 1969 දෙසැම්බර් 15 තිරගත වන  'පැංචා' චිත්‍රපටය කතානාද සිනමාවේ 205 වැන්නයි.නිෂ්පාදනය ඇන්ඩ්රු මුත්තයියා වේ.අධ්‍යක්ෂණය වින්සන්ට් ඩේවිඩ් ගෙනි.වින්සන්ට් ඩේවිඩ් සිනමාවේ අත්දැකීම් බහුල අධ්‍යක්ෂ්ක වරයෙකි.1968 තිරගතවූ "යාර් පයියන්" ද්‍රවිඩ චිත්‍රපටයෙ   හි අනුකරණයකි.කතාව සහ දෙබස්  බෙනඩික් ප්‍රනාන්දු වේ. විලියම් හොල්ම්ස් ගේ කැමරා අධ්‍යක්ෂණයකි.සංස්කරණය ද වින්සන්ට් ඩේවිඩ් වේ.සංගීත අධ්‍යක්ෂණය ටී.එෆ්.ලතීෆ් වේ.ස්වතන්ත්‍ර ගී තනු වේ.ඔගස්ටස් විනයාගරත්නම් ගීත රචනා කොට තිබේ.ගීත 8 මෙහි අඩංගු විය.ලොස් කැබැල්ලොස් ගායකයන් රාගමින් ගැයූ - ලස්සන ලෝකෙට පා ඔසවාලා - ගීතය තනුව නෙවිල් ප්‍රනාන්දු ගෙනි.ජේ.ඒ.මිල්ටන් පෙරේරා ,සරත් සන්දනායක ,ජානක ඉලුක්කුබුර,සුජාතා අත්තනායක,ඇන්ජලින් ගුණතිලක,ලතා වල්පොල,ඇන්ටන් රොඩ්රිගෝ,ප්‍රෙඩී සිල්වා ,සහ ලොස් කැබැල්ලොස් පසුබිම් ගායනා කළේය.ආච්චියේ පෝච්චියේ වතුර නටනවා ,ගැනලා නිම කළ හැකි ද තරු ,හදවත් ගීතේ ආදර රාවේ ,නිදන ලෝකයේ මිහිරි ද ,තල්ල මරලා කන්නකෝ ,කිමිදී ඔබගේ නෙත් අඩියේ ,පැණි රස ලෝකයේ යන ගීත විය.කතා සාරාංශය මෙසේය.සුවසෙන ගේ අරමුණ -මාක් සමරනායක - තම මුණුපුරා කේජු ට - බේබි ශිරෝමි - පියාකු සොයා දීමයි.ජගත්සිංහ -ජෝ අබේවික්‍රම - උද්‍යානයකදී දරුවන්ට මුදල් දෙනු දැක ඒ තම පියා බව පවසා කේජු ජගත්සිංහ  වෙත යවයි.ජගත්සිංහ තමා මුදියන්සේලාගේ ශ්‍රීමත් ජගත්සිංහ බව පවසයි.කේජු තාත්තා කියා ජගත්සිංහ පිටුපස යයි. ළමයා මග හැර යාමට උත්සාහ කලද අවට සිටි අය එයට එරෙහි වේ.තම මිත්‍ර නීතිවේදී රෝලන්ඩ් - ඩී .ආර්..නානායක්කාර - වෙත ජගත්සිංහ යයි.එවිට ද කේජු කියන්නේ ජගත්සිංහ පියා බවයි.සමාජ ශාලාවකට ගොස් කේජු දමා එන්න උත්සාහ කලද එය ද වැළකේ.දරුවා තම පෙම්වතිය රේණු- ක්ලැරිස් ද සිල්වා - වෙත ගෙන යයි.එහිදී ද කේජු කියන්නේ ජගත්සිංහ පියා බවයි.රේණු කෝප වුවත් දිනකට දරුවා තබා ගැනීමට කැමති වේ.ජගත්සිංහ රේණු මව බව කේජුට  උගන්වයි.රෙනුගේ අයියා ඇය ගැන සොයා බැලීමට පවරා තිබෙන්නේ මැටිවල - ඇන්තනි සී පෙරේරා - ටයි.කේජු රේණුට අම්මා යයි කීම මැටිවලට ප්‍රශ්නයකි .ජගත්සින්හට කමනි -විජිත මල්ලිකා - විවාහ කරදීම පියා ගේ - පිටිපන සිල්වා - අරමුණ වේ.කේජු ළමා නිවාසයකට බාරදෙයි.ජගත් හා කමනි අතර නම් ප්‍රසිද්ධිය අසා රේණු විස්සෝප වේ.කමනි ගෙන් ලැබ ප්‍රයෝජන ගත්තද තමා ප්‍රේම කරන්නේ රෙන්ට බව ජගත්සිංහ කමනිට කියයි.රේණුකා හමුවට කමනි ගියවිට ජගත්සින්හට දරුවෙක් සිටින බව රේණු පවසයි.මෙවිට දරුවා පැමිණ තාත්තේ යයි ජගත්සින්හට අමතයි.මව තමා බව රේණු කියයි.පසුව දරුවා ජගත්සිංහ  නිවසට ගෙනයයි .දරුවා රෝලන්ඩ් ගේ බව දෙමාපියන්ට පවසයි.එහෙත් ඒ උපාය ද වරදී .පුවත් පත්ක දැන්වීමක් දමා දෙමාපියන් සොයයි.මව තමා බව කියා රේණු ඉදිරි පත්වේ.ජගත් සහ රේණු එක්වේ. කේජු ඔවුන් ගේ දරුවා බවට පත්වේ.අමතර රංගනයට අසෝක පොන්නම්පෙරුම,බී.එස්.පෙරේරා,රුබී ද මැල් රිචඩ් ඇල්බට්,තලතා ගුණසේකර,ඩේවිඩ් ධර්මකීර්ති,එඩී ජුනියර්,හියුගෝ ප්‍රනාන්දු,පියදාස විජේකෝන්,චිත්‍රා වාකිෂ්ට,ප්‍රසන්න පොන්සේකා දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, January 16, 2023

1969 නොවැම්බර් 29 තිර ගතවූ -පාරා වළලු - චිත්‍රපටය

 1969 නොවැම්බර් 29 තිර ගතවූ  -පාරා වළලු - චිත්‍රපටය

සිංහල සිනමාවේ 204 වන කතානාද චිත්‍රපටය වුවේ 1969 නොවැම්බර් 29 තිර ගතවූ  -පාරා වළලු - චිත්‍රපටය වේ.නිෂ්පාදනය සුදාස් මාස්කෝරාළ සහ සයිමන් මරවනාගොඩ වේ.සුදාස් මාස්කෝරාළයන්  ගේ ප්‍රථම අධ්‍යක්ෂණය විය. - සුකුමලී  - චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙස හා එහි චරිතයක් ද රංගනය කරමින්   සිනමාවට පිවිසෙන මාස්කෝරාළයන් වඩා ප්‍රකට පුවත්පත් කලා වේදියෙක් ලෙසය.පාරාවළලු චිත්‍රපටයේ ද දෙබස් රචනය හා ගීත නිබන්ධනයට ද මාස්කෝරාළයන් දායක විය.කතාව සයිමන් මරවනාගොඩ ගෙනි.කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ඩී .බී . නිහාල්සිංහ යන්වේ.ශබ්ද පරිපාලනය ජෝර්ග් මනතුංග විසිනි.වේශ නිරුපනය ඩෙරික් ප්‍රනාන්දු ගෙනි.සංගීත අධ්‍යක්ෂණය සෝමදාස ඇල්විටිගලයන් විය.සහාය අධ්‍යක්ෂණයට කිත්සිරි පෙරේරා දායක විය.කැමරා සහාය අධ්‍යක්ෂණයට කේ.ඩී දයානන්ද යන ද දායක විය.ගීත නිබන්ධනයට සුදාස් මාස්කොරාලයන් ,අරිසෙන් අහුබුදු ,ඩෝල්ටන් අල්විස් ,නිමල් වික්‍රමසේකර දායක විය,නාරද දිසාසේකර,මල්ලිකා කහවිට,සී.ටී.ප්‍රනාන්දු,ආදීන් ද ගායනයෙන්  දායකවේ  පැරකුම් සයුරේ රළපෙළ රඟදේ, ඉහට උඩින් ඉර අවුවයි , විහිළු විහිළු මේවා හරිම විහිළු , කෝකිල ගීතේ ජීවේ සිදලා , අලුත් හදක් උදාවුනා, ඇතුලත් වූ ගීත වේ. කතා සාරාංශය මෙසේය.ගැමි තරුණයෙක් වන විජේ රන්දෙනිය (ගාමිණී පොන්සේකා ) පියා මිය ගිය පසු මවත් 9ජෙසිකා ව්ක්‍රමසිංහ ) නැගණිය (මාලනී පොන්සේකා ) සමග ජීවත් වීම සදහා ඉගෙනීම අතහැර කුලී වැඩට බසී.හාමුදුරුවන් සමග එක්ව ගමේ සංවර්ධන කටයුතු වලද  යෙදේ .මේ නිසා ගමේ චන්ඩියා සමග ද ගැටෙන්නට සිදුවේ.මේ අතර විජේ ගේ හතර කේන්ද්‍රය පාලු නිසා පවුලම විනාෂ් වූ බව මව දොස් නගයි.චන්ඩින් විජේගේ නිවසට ද ගිනි තබයි.රැකියාවක් සොයා විජේ කොළඹට එයි එහිදී මංකොල්ල කරුවෙක් පැහර ගත් මුදල් බෑගයක් විජේ අයිතිකරුටලබා දෙයි. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකි.(සයිමන් මරවනාගොඩ )ඔහුගේ උදව්වෙන්  වරායේ  කම්කරු රැකියාවක් විජේට ලැබේ. දේශප්‍රේමී කණ්ඩායමක් හා එක්වන විජේ වරායේ වන වංචා මැඩලීමට උත්සාහ ගනී.මේ නිසා මාෂල් නැමති චන්ඩියා ගේ අතවාර වලට විජේ ලක්වේ.ධනවත් ව්‍යාපාරිකයා ගේ දුව ලලිතා - අනුලා කරුණාතිලක - තම නෑදෑ පුතෙකු වන ටයිටස් ට -කිත්සිරි පෙරේරා -  විවාහ කරදීමට මව - රුක්මනී දෙවි - කැමතිය .ටයිටස්  ගේ සල්ලාල ගතිගුණ නිසා පියා එයට අකමැති වේ.නිතිවෙදිනියක් වන ලලිතා ද විජේට කැමති වේ.පියාද එයට සහාය දේ.නිවසේ මෙහෙකාරිය වන සොපියාට  තලතා ගුණසේකර  බලහත්කාරකමක් කරන විට විජේ මැදිහත්ව බේරා ගනී.සොපියා  නිවසින් පන්නා දමයි.ටයිටස් ගේ පෙම්වතිය පුෂ්පා සෝනියාදිසා ගේ නිවසේ සොපියා නතර වේ.සොපියා දුෂණය කිරීමට උත්සහ කරන විට මැදිහත්වන පුෂ්පාව ටයිටස් මරා දමයි.ලලිතා හා පියා  සමග උඩරට ගිය විජේආපසු පැමිණෙන විට පලා යන සොපියා මුණ ගැසේ .රථය ක්‍රියා විරහිත් වූ නිසා ඔවුන් දෙදෙනා නිවසක නතර වේ.පසුදින  මෝටර් රථයේ තිබී සොපියා ගේ  ගේ මල සිරුර හමුවේ. විජේ පොලිස් අත්අඩංගුවට පත්වේ.නමුත් සාක්ෂි නැති  නිසා නිදහස් වේ.ටයිටස් හා ලලිතා ගේ විවාහය පිළිබද කතාවකදී මව පියාට කතුරකින් ඇනීමට තැත්  කරයි .සොපියා ගේ හා පුෂ්පා ගේ මිනීමැරුම් වලට සැකපිට ටයිටස් අත්  අඩංගුවට ගනී.උසාවියේදී මව මේ මිනීමැරුම් වල වගකීම බාරගනී.උසාවිය ඇයට අවවාද කර නිදහස් කරයි.මාෂල් ගේ හොර ජාවාරම් අල්ලා දීම නිසා විජේට රජයෙන්  මුදල් ත්‍යාගයක් ද ලැබේ.ඉන් කම්කරුවන් සදහා විවේකාගාරයක් සාදයි.එය වීවෘත කරන දින මාෂල් එල්ල කල බෝම්බ යකින් ලලිතා ගේ පියා මියයයි.ලලිතා හා විජේ එක්වෙති.අමතර රංගනදාකයන් මෙසේය. එඩී ජයමාන්න,සිරිල් වික්‍රමගේ,පියදාස ගුනසේකර ,සී.ටී.ප්‍රනාන්දු,ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර,මොරිස් දහනායක , ප්‍රෙඩී සිල්වා,එම.ඒ. සිමියොන්, සහ තවත් වේ.මෙම චිත්‍රපටයේ එක් පිටපතක් මංගල දර්ශනය දිනදීම උතුරේ ද පෙන්වීමට අදහස් කළ හෙයින් මෙහි නාමාවලිය මුල සිංහලෙන් ද, අවසන ඉංග්‍රීසි හා දෙමළ භාෂාවෙන් ද යොදා ඇත.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, January 8, 2023

" ප්‍රවේසම්වන්න " චිත්‍රපටය කතානාද සිංහල සිනමාවේ 203 වැන්නයි .

 " ප්‍රවේසම්වන්න " චිත්‍රපටය කතානාද සිංහල සිනමාවේ 203 වැන්නයි .1969 නොවැම්බර් මස 6 තිරගතව තිබේ.නිෂ්පාදනය වයලට් ආනන්දන් වූ අතර අධ්‍යක්ෂණය මාකන්ඩේ  .සෙල්වානන්ද ආනන්දන් (එම් .එස්. ආනන්දන් ) වේ. කතාව එස්. අලගේෂන් ගෙනි.උපුටා ගෙන ඇත්තේ " කුලන්දෙයුම් දෛවමුම් " නැමති දෙමල චිත්‍රපටයෙනි.තිර පිටපත එම් .එස්. ආනන්දන් වේ. දෙබස් රචනය ඒ.ජේ.ද සොයිසා ගෙනි.කැමරා අධ්‍යක්ෂණය එම් .ඒ.ගපුර් සහ කේ.ඒ.කුමාරසිංහ ගෙනි.සංස්කරණය එම් .පී.රූපසිංහ වේ.කළා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් වේ.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි ය.වේශ නිරුපනය ඩෙරික් ද සිල්වා රෙජී ද සිල්වා ආර්.සරවනබාවා ආදීන්   විය.සංගීත අධ්‍යක්ෂණය පී.එල් ඒ.සෝමපාල වේ.ගීත 5 අඩංගු විය.කරුණාරත්න අබේසේකර,හර්බට් එම් සෙනවිරත්න,ඒ.ජේ.ද සොයිසා ආදීන් දායක විය.එච්.ආර්.ජෝතිපාල,සුජාතා අත්තනායක ,ඉන්ද්‍රානි සේනාරත්න පසුබිම් ගායනා කළේය.චුටි දු මාගේ සෙනේ,හොද හොද ළමයින් අපිවාගේ ,ආදරේ සිහිනයකි,හලෝ මිස් කොහේදෝ යන්නේ , හැරු සීත්ලයිනේ සීතලයි ගීත විය.කතා සාරාංශය මෙසේය.  රණසිංහ (ටෝනි රණසිංහ )හා අල්විස් (ජෝ අබේවික්‍රම ) නිවාස සැලසුම් ශිල්පීන් දෙදෙනෙකි.බස්නායක මහත්මිය ගේ (ලිලියන් එදිරිසිංහ )ආරාධනයකට එහි යනවිට ස්කුටරය තරුණියන් දෙදෙනෙකු ගේ ස්කුටරයේ හැපේ.බස්නායක නිවසට යනවිට ඒ තරුණියන් දෙදෙනා ගීතා (මාලනී පොන්සේකා)  හා සුනීතා  ද එහි සිටී.ඔවුන් රණසිංහ හා අල්විස් දෙද්නාට තේ පැන් සාදා දෙන්නේ සීනි වෙනුවට  ලුනු දමාය .මේ සිදුවීම් වලින් ගීතා හා රණසිංහ ද අල්විස් සහ සුනීතා ද මිත්‍ර වේ.බස්නායක මහත්මිය මෙයට විරුධවේ .බුදලයෙන් සතයක් වත් නොදෙන බව කියයි.බස්නායක මහතා(ඩේවිඩ් ධර්මකීර්ති ) මෙයට කැමති වේ.ගීත හා විවාහ වීමට සිටින බස්නායක මහත්මිය ගේ බෑනා මොරිස් (මොරිස් දහනායක )මෙයින්  කෝපයට පත්වේ.මොරිස් රණසිංහ ද සේවය කරන කාර්යාලයෙන් රුපියල් ලක්ෂයක් සොරකම් කරයි.රණසිංහ ප්‍රධානියා නිසා මොරිස් සේවයෙන් අස්කරයි.මෙයට බස්නායක මහත්මිය ද විරුධවේ .ඇගේ උද්දච්ච කම නිසා රණසිංහ සමග ගැටුම් වේ.මේ අතර ගීතාට නිවුන් දරුවන් ද ලැබේ.බස්නායක මහත්මිය හා ගැටී රණසිංහ නිවසින් පිටවෙන විට ගීතාට ද එන ලෙස අනකරයි.කාමරයට යන ගීතා  නොඑයි..රණසිංහ කාන්ති දියණිය (ශ්‍යාමා ආනන්ද )රැගෙන පිටවී යයි.ගීතා සමීපයේ ඉතිරි වන ශ්‍යාමා දියණිය (ශ්‍යාමා ආනන්ද)වේ.කාලයකට .පසුව රණසිංහ කොළඹට පැමිණේ. දැන් දරුවන් දෙදෙනා ඉගෙන ගන්නේ එකම පාසලේය.කාන්තිට නැටුම් උගන්වන ජීන් (සෝනියා දිසා )රණසිංහ වසග කර ගනී.මේ අතර සොයුරියන් දෙදනා දන හැදින කතා බහ වී   දෙදෙනා මාරු වී නිවෙස් දෙකට යයි.ශ්‍යාමා ජීන් පලවා හරින ලෙසට අල්විස් ගේ උපදෙස් මත කටයුතු කරයි.කාන්ති ද සීයා මගීන්  ආච්චි මට්ටු කරයි.අවසානයේ මොරිස් ගීතා හා දියණිය පැහැර ගෙන යයි. රණසිංහ ඔවුන් බේරා ගනී.ගීතා එදා කාමරයට ගොස් ආපසු නාවේ සිහිසුන් වූ බැවින්  හෙළිවේ.නැවත පවුල් සමගිවේ.බස්නායක මහත්මිය ගේ ඔද බිදී සමාව ගනී.අතිරේක රංගනයට බී.එස්.පෙරේරා ,කල්‍යාණි ලියනගේ,ආතර් මාදිවෙල,පර්ල් වාසුදේවි,අමිතා ලියනගේ,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,පදිමා ස්වර්ණකාන්ති,එච්.ආර්.ජෝතිපාල ආදීන් දායක විය.1972 තුන්වන දීපශිකා සම්මාන උළෙලේ ශ්‍යාමා ආනන්ද හොදම ළමා චරිත (ද්විත්ව )නිරුපණයට සම්මාන ලබා ගත්තාය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, January 3, 2023

1969 ඔක්තෝම්බර් 15 සිංහල කතානාද සිනමාවේ 202 වන්න ලෙස "උතුම් ස්ත්‍රිය "චිත්‍රපටය

 1969 ඔක්තෝම්බර් 15 සිංහල කතානාද සිනමාවේ 202 වන්න ලෙස "උතුම් ස්ත්‍රිය "චිත්‍රපටය තිරගතවේ.නිෂ්පාදනය එම් ,අයි.එම් .හුසේන් සහ එච්.එච්.ඊසා වේ.අධ්‍යක්ෂණය වෙන්ගඩසාලම් වේ.කතාව සහ තිරනාටකය ද වෙන්ගඩසාලම් වේ. දෙබස් රචනය කැමරා අධ්‍යක්ෂනය වී.වාමදේවන් ගෙනි.සංස්කරණය එස්.වී.චන්ද්‍රන් වේ.බෙනඩික් ප්‍රනාන්දු සහ මීපුර නිමල් වේ.සංගීත අධ්‍යක්ෂණය ආර්.මුත්තුසාමි මාස්ටර් ගෙනි.ධර්මසිරි ගමගේ ,ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ගීත පදමාලා නිර්මාණය  කළේය.ලතා වල්පොල,ධෙමදාස වල්පොල ,එච්.ආර්.ජෝතිපාල ,මොහිදීන් බෙග්,සුජාතා අත්තනායක ,සයිරාස් මොහමඩ් , ආදීන් පසුබිම් ගායනා සදහා  දායක විය.යුරෝපයේ හිම වැටෙනා කාලෙට, දිලෙන දිලෙන සැවොම, හිතට එන දේ , ගුවන් තලෙන් පාවි, පෙහෙකම් ගොවිකම් ඇතුලත් වූ ගීත විය.කතා සාරාංශය මෙසේය.බණ්ඩාර (ජෝ අබේවික්‍රම )තරුණියන්ට  අකමැතිය. දෙමාපියන් ඔහුගේ මිතුරු නන්දන (රෝයි ද සිල්වා )කැදවන්නේ විවාහයකට බණ්ඩාර කැමති කරගැනීමටය.රසිකා (ක්ලැරිස් ද සිල්වා ) නන්දන ගේ පෙම්වතිය  වේ.පියාගේ දෙවන් බිරිද සුගුනා (ශාන්ති ලේඛා ) සමග  පියාගේ ආරවුල් නිසා නන්දන ය සමග වෙන නිවසක වාසය කරයි.රසිකා ගේ පියා බණ්ඩාර  ගේ වාහනයේ හැපේ.ඒ අනුව බණ්ඩාර හදුනා ගැනීමට රසිකාට හැකිවේ.රසිකා සමග විවාහ වීමට කැමති වුවද මව්පියන්ට අවශ්‍ය රමණි (ප්‍රියංකා පෙරේරා ) බණ්ඩාර ට විවාහ කර දීමටය .බණ්ඩාර ගේ තීරණය නිසා උරන  වන දෙමාපියෝ රමණි රසිකා ගේ නිවසේ නතර කරවති.බණ්ඩාර රසිකා විවාහ කර ගැනීමට යන්නේ දෙමාපියන් සහ නන්දන සමගිනි.රමනිට කල අසාධාරනය නිසා රසිකා බණ්ඩාරට දොස් පවරයි.රසිකාට වඩා  රූමත් තරුණියක් විවාහ කර ගන්නා බවට බණ්ඩාර සපථ කරයි.නන්දන හා  රසිකා එක්ව රමණි රූමත් තරුණියක් ලෙස වෙස්වලා බණ්ඩාර හමුවට එවයි. විවාහ වුවද රමණි අතුරුදන් වෙයි.කුඩම්මා සමග අනියම් සබදතාවක් වේයැයි රසිකා නන්දන ගෙන් වෙන්වේ.මේ සියල්ල සිදුවන්නේ චන්ඩි අප්පු නිසාය.චන්ඩි අප්පු සුගුනා පැහැර ගෙන බණ්ඩාර සිටින පැල්පතට යයි.එහිදී සිදුවෙන ගැටුමෙන් පසුව චන්ඩි අප්පු සියල්ල හෙළි කරයි.බණ්ඩාර හා රමණි ද නන්දන හා රසිකා ද මධු සමය සදහා යන්නේ පවුල් ජීවිතයට උපදෙස් නම් ග්‍රන්ථය ද අතැතිවය.සහය රංගනයට එච්.ඩී කුලතුංග,පර්ල් වාසුදේවි,පිටිපන සිල්වා ,තෙරේසා වීරසිංහ,එඩී ජුනියර්,දොන් සිරිසේන,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,එච්.කේ සෙනෙවිරත්නආදීන් දායක විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.