Monday, May 23, 2022

ස්වර්ණා කහවිට

 

එදා ".බිනරමලී " මෙදා දිවි රගමඩලෙන් බැස ගියාය.

1952 වසරේ නොවැම්බර් මස 01 කහවිට ගේ දෝන ලීනා ස්වර්ණලතා පෙරේරා කොටහේනේදී උපන්නේය.අම්මා නුවර පළාතේය ඇය ඇඩ්ලින් විනිප්රිඩා පෙරේරාය.පියා පිළියන්දල ය.ඇල්ප්රඩ් කහවිටය.ව්යාපාරිකයෙකි.අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි බාලයා ස්වර්ණා විය.ආරියරත්න කහවිට අයියා සුප්රකට පුවත්පත් කලාවේදියෙකි. කොටහේන මධ්ය විද්යාලයෙන් හා කොළඹ බෞද්ධ කාන්තා විද්යාලයෙන් අධ්යාපනය ලබාතිබේ.ඉගෙනුම ලබන කාලයේ පටන් රංගනයට ඇලුම් විය. පාසල් වේදිකාවේ රංගනයන්ට දායක විය.ගුවන් විදුලියහි කරුණාරත්න අබේසේකර යන්ගේ ළමා මණ්ඩපයට ද දායක වුවාය. "සංදේශය " චිත්රපටය පවුලේ අය සමග නරඹා කාන්ති ගුණතුංග ගේ "පුන්සද එළියයි" ගීතයේ නැටුම් බලා සිනමා පිස්සුවක් හැදිනි . ආරියරත්න අයියා නංගි සිනමාවට එක්වනවාට අකමැති විය.සොහොයුරාට රහසින් පුවත්පතක දැන්වීමකට ඉල්ලුම් කල ඇය අර්වින් ජයමාන්න ගේ මිමි 16 නිපද වූ "රහස් දුපත " නැමති චිත්රපටයෙන් රාණි නමැති ප්රධාන ළමා චරිතයෙන් සිනමාවට එක්විය.බිනරමලිට නවක රංගන ශිල්පීන් තෝරණ පරීක්ෂණයට ද මුදලිනායක සෝමරත්නයන් ගේ නිවසට ගියාය. ඇය තෝරාගත් බව නිහාල් සිංහයන් ,තිස්ස අබේසේකරයන් නිවසටම පැමිණ දැන්වූවාය කට්ටිය ගියපසු අම්මාගෙන් ගුටි කෑවාය .අවසානයේ ස්වර්ණා "බිනරමලී " වුවාය .1970 සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්රපටය, හොඳම නිළිය වුවේ ස්වර්ණා කහවිටය.1967 රෑන ගිරව් හිද ස්වර්ණා දායක විය.1971 පුජිතයෝ ,රන් ඔන්චිල්ලා ,අභිරහස ,1973 හොදයි නරකයි,1974 ඔන්න බබෝ බිල්ලෝ එනවා,1975 සිරිල් මල්ලි,සුරයා සුරයාමයි,ලස්සන දවසක්,1976 යාර් අවල්,හරිම බදු තුනක්,උන්නත් දාහයි මලත් දාහයි,ඔන්න මාමේ කෙල්ල පැනපි ,1977 හරියන්කොට ඔහොම තමයි,නිවෙන ගින්න ,1978 සසර ,1981 දයාබර නිලු ස්වාර්නාවන්ගේ රංගනයෙන් හැඩ වූ අනෙක් චිත්රපට විය.පසුගිය කලෙක ජනාධිපති සම්මානයෙන් ද මෙතුමිය පිදුම් ලැබුවාය.
සිනමාවේ දැවැන්තයන් වන ගාමිණි,ජෝ.මාලනී,පියදාස ගුණසේකර ,විජය කුමාරතුංග ,සේනාධීර රූපසිංහ,ශාන්ති ලේඛා,වික්රම බෝගොඩ,ඩී .ආර්.නානායක්කාර ,ස්ටැන්ලි පෙරේරා, සේනාදීර කුරුප්පු ,සෝනියා දිසා ආදීන් සමග නවක පරම්පරාව සමගද රංගන යේ නිරතව ඇත .පෙම් සබදතාවක විරහව නිසා ජීවිතයම අවිවාහකව තමන්ගේ සොයුරු සොයුරියන් ඔවුන්ගේ දරුවන් සමග කාලය ගෙවිනි. වෘතීය කටයුතු පිණිස ද මෙතුමිය කලක් ජපානයේ පදිංචිව සිටියාය.මවට අසනීප නිසා මෙරටට නැවත පැමිණ පියා ගේ ඉල්ලීම මත මෙහිම වාසය කළේය. 70වන වසරේ පියමන් කරන එතුමිය අසනීප තත්වයෙන් පසුවිය 2022 මැයි 23 දින දිවි සිනමාවෙන් සමුගත්තාය .එතුමියට නිවන් සුව පතමු.මෙම ලිපිය සංග්රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයෙන් කරුණු ලබාගත් බව කෘත වේදීව සතන් තබමි.