Friday, December 25, 2020

චතුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිදමුලගේ රෝයි ඇලෝෂියස් පීලික්ස් ද සිල්වා

 

චතුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිදමුලගේ රෝයි ඇලෝෂියස් පීලික්ස් ද සිල්වා මාතලේ යටවත්තේදී ජන්ම ලාභය විය.යටවත්තේ සිංහල පාසැල මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල මරදානේ ශාන්ත ජෝසප් යන විදුහල් තුලින් අධ්‍යාපනය ලබා තිබේ. ඉගෙනුම ලබන කාලයේ සිටම රංගනයට ඇල්මක් විය පවුලේ සාමාජිකයන් සමග ද මුලින් රංගන කළේය.මනප්පුවා ගේ චරිතය දක්ෂ ලෙස අනුකරණය කළේය.ප්‍රේම් ජයන්තට ඇලුම් කල ඔහු ඒ ආකාරයට හිස පිරුවේය.ස්ටැන්ලි පෙරේරා ගේ සිහින් උඩු රැවුල අනුව සකස් විය.මොරටුවේදී ගිටාර් වාදකයෙක් හා ගායකයෙක් ලෙස ප්‍රකට විය."සොහොයුරෝ" චිත්‍රපටයට ළමා නළුවකු සොයන බව අසා කදානේ චිත්රාගාර්යට ගියේ පාසල් අදුමිනි.එස්.එම් .නායගම් ඔහුට නැවත පාසල් යනලෙස තරයේ කියා සිටියේය.සිරිල් පී.අබේරත්නයන් ගේ සුදු  මැණිකා චිත්‍රපටයට රෝයි තෝරා ගත්තේය.නමුත් ඒ චිත්‍රපටය නිෂ්පාදනය නොවීය."සුජාගේ රහස " සදහා නළු නිලියන් තෝරන විට රෝයි ඉදිරිපත් විය.අධ්‍යක්ෂක පී.නීලකන්ටන් රොයිට කැමති වුවේ ඉන්දියාවේ ප්‍රකට නළුවෙක් වන ජෙය ශන්කර් ගේ හැඩ හුරුකම රෝයි ට වූ නිසාය."සුජාගේ රහස " නීති වේදියා ලෙස රෝයි ද සිල්වා ගේ ප්‍රථම සිනමා ආගමනය විය.සුදුදුව, සැනසිලි සුවය,සැගවුණු මැණික ,රුහුණු කුමාරි ,උතුම් ස්ත්‍රිය පික් පොකට් ,සුමුදු භාර්යා රෝයි ගේ සිනමා ජිවිතයේ මුල් රංගනයන් වේ.1970 පසුව තරුවක් ලෙස මුදුන්  පෙත්තට එන්නේ ජෝ දේව් ආනන්ද ගේ  ගීතා, සුජීවා,  සුකිරි කෙල්ල ,  චිත්‍රපට තුලිනි. එසේම සිනමාවේ රෝයි සුමනා යුගයක් .බිහිවන්නේ ද හතර පෙරලිය ,සුනේත්‍රා, ඔබයි මමයි, ආදිය තුලිනි.හතර පෙරළියේ දී තවත් පෙරලියක් වී සුමනා සමග ගොඩනැගුන පෙම් සබදතාව 1975 දෙදෙනාගේ විවාහයේ  ප්‍රතිපලය විය.මුලින් තමා ප්‍රියකළ ස්ටැන්ලි පෙරේරා සමග සිනමා  අධ්‍යක්ෂණයට රෝයි අත  ගැසීය.1977 ටොම් පචයා ප්‍රථම නිර්මාණය වේ.දැවෙන පිපාසය,.සමනල කුමරියෝ ,සිගපූර් චාලි ,හතර වටේ,මේ දෑස කුමටද .සිනාවයි ඉනාවයි,ශීලා ,මගේ නංගි ශ්‍යාමා ,රන්වන් රේකා ,රන්තිලකා ,සුදු පරවියෝ,හොද හිත,මගේ රන් පුතා,දීපාන්ජලි ,සමන්මලී,මිනිසුන් අතර මිනිහෙක්,අනුෂා,සිල්වා,ආදර රත්නේ,මිහිදුම් සිහින ,සැනසුම ආදී චිත්‍රපට ද රෝයි ගේ විවිධ චරිතාංග වලින් ඔපවත්  වුවේය.පෙති ගෝමර,ඔබට දිවුරා කියන්නම්,අහිංසා,රස රහසක්, අම්මේ ඔබනිසා , අංගුලිමාල ,ඔක්කොම රජවරු,හොදින් නැත්නම් නරකින්,මඩු සිහින ,ක්‍රිස්තු චරිතය,ඔබට පමණයි ආදරේ,ජය ශ්‍රී වේ කුමරියේ ,සුරනිමල,මුවන්පලස්සේ කදිරා,සාගර තිලින ,ජායා මායා,පරිත්‍යාගය,සසර සැරිසරන තෙක් ඔබ මගේ,මැවිලා පෙනේවි රූපේ,කම් ඕ ගෝ චිකා ගෝ ,යසස ,නොහඩන් කුමරියේ,ආත්මා,සුදු පිරුවට,අපායේ තප්පර 84 දාහක් ,සංසාර ප්‍රාර්ථනා,මයි නේම් ඉස් බන්දු චිත්‍රපට ද රෝයි ද සිල්වාගේ රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් මුසපත් කළේය.රෝයි ද  සිල්වා මූලික වශයෙන් හාස්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ සාර්ථකම වාණිජ චිත්‍රපට  අධ්‍යක්ෂවරයකු බවට පත් විය. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වූයේ 1977 දී ස්ටැන්ලි පෙරේරා සමඟ අධ්‍යක්ෂණය කළ ටොම් පචයා චිත්‍රපටයයි. 2016 දක්වා ඔහු චිත්‍රපට 33 ක් අධ්‍යක්ෂණය කළ අතර, චිත්‍රපටවලින් සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් පහසුවෙන් දින 100 පසුකර බ්ලොක්බස්ටර් ජනප්‍රියත්වයට පත්විය.ඒවා අතර තැන ගිරවි,මිහිදුම් සිහින,කඩවුණු පොරොන්දුව (නැවත නිෂ්පාදනය )සුමිතුරෝ,හිත හොද කොල්ලෙක් ,තාත්ති මන් ආදරෙයි,ගෙදර බුදුන් අම්මා,මඩු සිහින්,හිත හොද පුතෙක්,චෙරිඕ ඩොක්ටර් ,ඔක්කොම කණපිට,සුරයන් අතර වීරයා,ජීවන් මල්ලි, ලවු 94,විජේ සහ අජේ,චෙරිඕ කැප්ටන්,චෙරිඕ ඩාලින් ,රඹා සහ මදු ,රෑ දනියෙල්  දවල් මිගෙල්  1, රෑ දනියෙල්  දවල් මිගෙල් 2,සහ පෙම් කැකුල ආදිය වේ. සිල්වාගේ පළමු ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂණය 1991 දී ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම් ය. දීර්ග ලෙස දෙබස් කීමේ හැකියාව ද ඔහු සතු විය ගායනයෙන් ද ටොම් පචයා සහ මිනිසුන් අතර මිනිසෙක් හි පසුබිම් ගීත ගැයුවේය.තිර රචනය දෙබස් රචනය ද ඔහු සතුවූ තවත් හැකියාවන් වේ.නිෂ්පාදන දායකත්වය ද චිත්‍රපට කිහිපයකම  දැරුවේය.ආසියාවේ ඔලිම්පික් කවුන්සිලයේ වැඩබලන සභාපති ලෙස සේවය කළේය.2018 ජුනි 30 වන දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෘදයාබාධයකට  ප්‍රතිකාර ලබමින් සිටියදී ද සිල්වා මිය ගියේය. 2018 සැප්තැම්බර් 1 වන දින ද සිල්වාගේ ස්වයං චරිතාපදානය තාරංගනී ශාලාවේදී එළිදක්වන ලදී. පොතේ නම අඩ  සියවසක සදාදාර රෝයි.නම්වේ.2020 ජුලි 5 වන දින, ද සිල්වාගේ බිරිඳ සුමනා  අමරසිංහ මහත්මිය  රෝයි ද සිල්වා  සිහිපත් කරමින් වසර දෙකක කාලයක් කොළඹ  දානයක් සංවිධානය කළේය.එතුමාට අමාමහ නිවන් සුව පතමු.මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ "ශ්රී ලාංකේය සිනමා වංශය" ග්රන්ථය සහ  ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්  බව ස්තුති පුර්වකව සදහන් කරමි.....

Tuesday, December 15, 2020

 

1933 වෙන්නප්පුවේ දුම්මලදෙණියේ දී  වර්ණකුලසුරිය කොස්වත්ත ලියනගේ ඇන්ටනි ස්ටැන්ලි ටෙරන්ස් ජස්ටින් පෙරේරා උපත ලැබීය.තල්දෙන ශාන්ත රීටා මිශ්‍ර පාසලෙන් හා වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල් වලින් අධ්‍යාපනය ලද්දේය.'සන්ඩේ ඔබ්සවර්" පත්‍රයේ දැන්වීමකට අනුව සිනමාවට යොමුවන්නේ බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නගේ මග පෙන්වීමෙනි.1953 බී.ඒ.ඩබ්ලිව්.ජයමාන්නගේම චිත්රපටයක් වූ ප්‍රථමයෙන් සිනමාවට නැගුනු "කැලෑහද" සිංහල  නවකතාවේ ජෝන් ජයපාල ගේ චරිතය සමග එවකට ප්‍රවීණ  නිලි රුක්මනී දේවි සමග ප්‍රධාන රංගනයට භාග්‍ය ලද්දේය.මේ ස්ටැන්ලි පෙරේරා නම් අශය රංගන ශිල්පියාවේ. මේ වනවිට 20 වියැති තරුණයෙකි.1954 නැවත බී.ඒ.ඩබ්ලිව් ගේම "අයිරාංගනී "චිත්‍රපටයේ ගුණසේන තරුණයා ඔහු විය.1956 වසරේම සිනමා නිලියක්වූ ගර්ලි ගුනවර්දන සමග විවාහවිය.විවාහයෙන් පසුව දෙදෙනාම 1956 "දුප්පතාගේ දුක" චිත්‍රපටයේ තිලක් නමැති කැරලිකාර තරුණයා හා ඔහුට පෙම්බදින නාලනී ගර්ලි සමග රග පෑවේය.   .1957 සරදම් හි උදය ලෙස ප්ලොරිඩා ජයලත් ගේ පෙම්වතා විය. 1958 සේපාලි චිත්‍රපටයේ ප්‍රේම් තරුණයා ලෙස ප්ලොරිඩා ජයලත් ගේ පෙම්වතා විය.1961 ගංතෙර චිත්‍රපටයේ ද සිරිමල් හා පියුමා ලෙස ගර්ලි සමග රංගනය විය.1963 සුහද සොහොයුරෝ ,1964 සුබ සරණ සැපසිතේ ,චණ්ඩාලි , සසරක හැටි,1965 සැපත සොයා ,ලාදලු,හතර මහා නිධානය,සොදුරු යුවල,ආදිය  ද ස්ටන්ලිගේ පෙම්වත් චරිත විය.සොදුරු යුවල හි ද්විත්ව චරිතයක් නිරුපනය කළේය.  1966 සුදු දුව,1967 හතර කේන්දරේ,අමතක වුනාද,ඉවසන දනා 1968 ලන්ඩන් හාමු,අක්කනගෝ, වනසරා, රුහුණු කුමාරි රංගන විය.මේවා  අතර ආදායම් වාර්තා ඉහලින්ම වූ චිත්‍රපට ද විය.1969 හතර පෙරලිය,1970 ගීතා,1971 පුජිතයෝ ,සමනල කුමරියෝ,දැවෙන පිපාස ,වෙනස් චරිත වලින් රංගනය විය.1972 සුජීවා,හතර වටේ.ලොකුම හිනාව ,මිරිගුව,1973 සුනේත්‍රා,1975 සුකිරි කෙල්ල,රන්වන් රේඛා.1977 ටොම් පචයා ,1978 සසර,1979 මිනිසුන් අතර මිනිසෙක් .1980 අනුහස ,ගීතා,1982 සදා, කැලැ මල් 1984  GHOSTS CANT DO IT (විදේස චිත්‍රපටය )1985 සදාකල් රැදේවා 1986 මල්දෙනියේ සිමියොන් 1990 වන බඹරා 1991 සළඹ ක් හඩයි දක්වා රංගන වුවේය.මුලින් පෙම්වතා පසුව වැඩිහිටි චරිත කළේය.සැම චරිතයකම ප්‍රේක්ෂක ප්‍රසාදය ලැබුවේය.චණ්ඩාලි හි මොහිදීන් බෙග් ගේ ගීත සමග ජවනිකා හරිම අපුරුය.හතර මහා නිධානයේ උම්බෑ කියා කියා මිල්ටන් පෙරේරා සමග ගීත ජවනිකා සමාජ අසාධාරණයක් ගැන කිවේය. රෝයි ද සිල්වා සමග ටොම් පචයා සම අධ්‍යක්ෂණය කල අතර "සදා " තමන්ම අධ්‍යක්ෂණය කළේය.1956 - 1959 වසර වල ජනප්‍රිය නළුවා ලෙස තේරී පත්විය.1997 ස්වර්ණ ජයන්ති සම්මානයක්,1998 නමස්කාර පුජා විශේස සම්මානයක් රණ තිසර සම්මාන ද ලබා ඇත්තේය.ස්ටැන්ලි ගර්ලි දෙපලට දුවරුන් සිව් දෙනෙකි.ඉන් සබීතා පෙරේරා සිංහල සිනමාවේ රුවැති සම්මානනීය රංගන වෙදිනියකි.ස්ටැන්ලි පෙරේරා මහතා 2011 වසරේජුලි 10 දින දිවි සිනමාවෙන්ම සමුගත්තේ ප්‍රේක්ෂක හදවතේ අමරණීය සිහිවටන තබමිනි.එතුමාට නිවන් සුව අත්වේවා ... මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ "ශ්රී ලාංකේය සිනමා වංශය" ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ "දේශීය සිනමා වංශය" ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි.ලිපියට අත්‍යවශ්‍ය තොරතුරක් කපිල සිරිමාන්න මහතා ගෙන් ලබා ගතිමි එතුමාට ද මගේ ප්‍රණාමය පල කරසිටිමි.

Friday, December 11, 2020

මුණසිංහ අරච්චිලේගේ දොන් බන්දු

 

අකල්හි බැසගිය .සිනමා තරු බැබලවූ සොදුරු තරුවක් ගැන....  

 මුණසිංහ අරච්චිලේගේ දොන් බන්දු 1936 මාර්තු 16 වන දින කොළඹ බොරැල්ලේ  හි උපත ලැබීය. ඔහු ප්‍රථම වරට අධ්‍යාපනය ලැබුවේ රාජගිරියේ හේවාවිතාරණ  විද්‍යාලයෙන් වන අතර ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ලබා ගත්තේය. ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස දස්කම් දැක්වීය. මේ හේතුව නිසා ඔහු පාසලෙන් පසු ටික කලක් හමුදාවට බැඳුණු අතර බොක්සිං කුසලතා පෙන්නුම් කළේය.එම් පී.ගැමුණු ,එම් .පී.ගිල්මන් ඔහුගේ මිතුරන් විය.ඔවුන් ගේ යොමුකිරීමෙන් "වැදිබිම " චිත්‍රපටයේ රගපෑමට කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයට ගිය බන්දු ට එහි දී සිරිසේන විමලවීරයන් හමුවිය. 1959 විමලවීර ගේ "මා ආලය කල තරුණිය" චිත්‍රපටයේ රගපාමින් හා සටන් අධ්‍යක්ෂණය කරමින් සිනමා ආගමනය විය.සිංහල සිනමාවේ පළමු සටන් අධ්‍යක්ෂකවරයා වීමේ භාග්‍ය ඔහු ලැබුවේය.දෙවන චිත්‍රපටය 1961 වසරේ තිරගතවූ වැදිබිම වේ.1962 දස්කොන් ,1963 වෙන ස්වර්ගයක් කුමටද ,හා දීපශිකා 1964 සිතක මහිම ,ගැටවරයෝ,1965 හදපාන ,ලාදළු ,සාරවිට ,හිතට හිත ,සතපනහ ,ස්වීප් ටිකට්ස් ද බන්දුගේ රංගන හා සටන් විය . සටන්කාමි දුෂ්ටයා එසේම දුෂ්ටයා ගේ ගෝලයා ලෙස බහුලව රංගන විය.1966 සද නැග එද්දී 1967 හොරුන්ගෙත් හොරු ,දරුදුක,සරණ ,හිත ගිය තැන බන්දුගේ රංගන සටන් විය.1967 දී ජයන්ති මුණසිංහ හා විවාපත්විය.1969 හරිමග ,සුරයන්ගේත් සුරයා 1970 ලක්සෙට කොඩිය,දැන් මතකද  ,ආත්ම පුජා,ඔහොම හොදද ,සුලිසුළං බන්දු  ගේ  දස්කම් විය.1971 දැවෙන පිපාස ,සමනල කුමරියෝ ද 1972 එදත් සුරයා අදත් සුරයා සුජීවා ,සින්ගපුර් චාලි 1973 මාතර ආච්චි ,ගොපලු හද ,හොදම වෙලාව,සුනේත්‍රා,හොදයි නරකයි,හොදට හොදයි,1974 කස්තුරි සුවද ,සුසී,1975 හිත හොද මිනිහෙක්, තරංගා, ආවා සොයා ආදරේ,කෝකිලයෝ,රජ ගෙදර පරවියෝ ,ලස්සන දවසක්,හදවතක වසන්තය ,සංගීතා 1976 නයනා,කවුද රජා,හරිම බඩු  තුනක්, වානරයෝ ,ලෝක හොරු,ඔන්න මාමේ කෙල්ල පැනපි,රන්තිලකා ආදිය ද බන්දු ගේ රංගන මෙන්ම සටන් විය. 1965 දී ඔහු සාරවිට  චිත්‍රපටයේ සිය වෘත්තීය දිවියේ ප්‍රථම වතාවට දුෂ්ට  චරිතයක් සඳහා තෝරා ගන්නා ලදී. පසුව ඔහු ධිවරයෝ, සත පනහ , ස්වීප් ටිකට් සහ දරු දුක  වැනි චිත්‍රපටවල ප්‍රවීණයෙකු ලෙස රඟපෑවේය. ප්‍රධාන දුෂ්ට  චරිත සඳහා මෙන්ම  චිත්‍රපට කිහිපයකම හෙංචයියෙකු ලෙස ද  ඔහු දිගටම කටයුතු කළේය. විශේෂයෙන් සුරයන්ගෙත් සුරයා, එදත්  සුරයා අදත් සුරයා, හතර දෙනාම  සුරයෝ, සිංගප්පූරු චාලි, සුලි සුලං සහ හිතා හොද  මිනිහෙක්. ඔහුගේ සිනමාවේ විශාල දියුණුවක් ඇති වූ චිත්‍රපට වේ.  ඔහුගේ පළමු චරිතාංග  නිරූපණය සිදු වූයේ සේන දයානන්ද විසින් අධ්‍යක්ෂණය කරන ලද තරංගා චිත්‍රපටයෙනි. 1975 දී සතිස් චන්ද්‍ර එදිරිසිංහ ගේ   රජගෙදර පරවියෝ චිත්‍රපටයේ, මුණසිංහ   ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමඟ හොඳ යථාර්ථවාදී සටන් දර්ශන නිර්මාණය කරන ලදී.ඔහු දක්ෂ කඩුව සටන් විශේෂ .යෙකි. කඩු සටන් ගැන ඔහු ගාමිනි ෆොන්සේකා සහ එච්. ඩී. කුලතුංගගෙන් ඉගෙන ගත්තේය.  1977 සකුන්තලා ,ශ්‍රී මදාරා ,චීන්  චින්  නෝනා ,සිරිපාල හා රන් මැණිකා ,ටොම් පච්යා ,නිවෙන ගින්න,1978 සාර,ටිකිරා,අප්සරා,දීපාන්ජලි,කුමාර කුමරියෝ,අනුපමා චිත්‍රපට ද 1995 මම බය න ශ්‍යාමා ,හිත හොද සුරයෝ දක්වා බන්දු මුණසිංහ රංගනයෙන් සටනින් ඔපවත් විය.1993 දී හදිසියේ රෝගාතුර විය.ඔහුගේ සටන් ගැන එදා මෙදා සියල්ලෝම දනී.දක්ෂයෙකි.නමුත් අකල්හි සමු ගැන්මක් විය. ඔහු 2005 පෙබරවාරි 5 වන දින වයස අවුරුදු 69 දී දිවි සිනමාවෙන් සමු ගත්තේය.උතුම් වූ නිවන් සුව අත්වේවා. මේ ලිපිය සංග්‍රහ කිරීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ගේ "ශ්රී ලාංකේය සිනමා වංශය" ග්රන්ථය සහ ගාමිණී වේරගම මහතාගේ "දේශීය සිනමා වංශය" ග්රන්ථද ඉසුර වික්‍රමාරච්චි ගේ සිනමා එල්.කේ.සිනමා තොරතුරු ජායාරුප ද උපයෝගී කරගත්බව ස්තුති පුර්වකව සදහන් කරමි....