Thursday, September 29, 2022

178 වන කතානාද සිංහල චිත්‍රපටය " වනසරා

  178 වන කතානාද සිංහල චිත්‍රපටය " වනසරා ' වේ .තිරගත වුවේ 1968 ජුනි 27 දිනදීය.එස්.ඒ.සෝමරත්නගේ නිෂ්පාදනයකි.එල්.එස්.රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණයකි.සහාය අධ්‍යක්ෂනය සහ කතාව තිර පිටපත  ද රචනා කළේය.මම්රා අධ්‍යක්ෂනය නොයෙල් පෙරේරා ගෙනි.සංස්කරණය එල්.එස්.රාමචන්ද්‍රන් සමග ටී  .වී.සත්‍යනාදන් වේ.දෙබස් රචනය ජී.ටී.වික්‍රමසිංහ සහ මඩවල රත්නායක ගෙනි.සංගීත අධ්‍යක්ෂනය ප්‍රේමසිරි කේමදාස යන්   ගෙනි .ගීත පදමාලා කරුණාරත්න අබේසේකර වේ.පසුබිම් ගයනා සදහා ලතා වල්පොල.,මල්ලිකා කහවිට, ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල,මොහිදීන් බෙග් දායක විය.

වනාන්තර ගතව ජීවත්වුපුද්ගලයෙකු ප්‍රධාන කොට මෙහි කතාව විය.වනයේ දී පුරා විද්‍යා නිලධාරින් දෙදෙනකු බේරා ගන්නා මහලු වනසරා (රෝයි හදපාන්ගොඩ ) තම අතීතය ඔවුනට හෙළිකරයි.සරා කුඩා කල දගයෙකි පියාගේ දුවම් නිසා නිවසින් පලායයි.. මේ යන අතර  නිධානයක් ගනීමට දරුවකු සොයන යකදුරු කණ්ඩායමකට සරා හසුවේ.  හදිසි ශබ්දයකට බියවෙන යකදුරන් පලායයි.සිහිසුන් සරා වැද්දෙකුට හමුවේ.සරා වනගත දිවියට හුරුවේ.වනයේදී  අලියකුට අසුවෙන වසන්ති (ශිරානි ගුණතිලක )සරා විසින්  බේරා ගෙන වසන්ති ගේ  සැමියා වන මිනින්දෝරු  එඩී ට (ස්ටැන්ලි පෙරේරා )බාරදෙයි.  එඩී තම ලිපිනය කෙටු පිහියක් සරාටා තෑගි කරයි.  ගුරුවරයෙකු සමග සර නගරයට පැමිණේ.මෙහිදී එඩී ගේ නිවසේදී වසන්ති සරාට හොදින් සැලකුම් කරයි.නැවතත් වනයේ මැනීම් කටයුතු වලට යන එඩී වසන්ති ද කටුව යයි.එහිදී වසති හා සරා අතර අනියම් සබදතාවක් වේයැයි කම්කරුවෝ පවසති.මෙයින් කුපිත් වන සරා වසන්තිව පැහැර ගෙන යයි.එඩී පොලිසිය සමග සරා හා වසන්ති සොයා යයි.යහපත මිනිසකු වන සරා නිරුපද්‍රිතව වසන්ති එඩී ට බාර කරයි.ඔහු අත් අඩංගුවට පත්වේ.සෙසු රංගන දායකත්වයට පියදාස ගුණසේකර,ආර්.ඒ.සුනිල්,එඩී ජුනියර්,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,පිටිපන සිල්වා,වින්සන්ට් වාස්,ඩී .ආර්.නානායක්කාර ,දෙඅවක හාමිනේ,තිසා හාමි,ජී.ටී.වික්‍රමසිංහ,අයිරාංගනී පෙරේරා, ආදීන් දායකව තිබේ.1969 සරසවි සම්මාන උළෙලේදීමේ චිත්රපටය වසරේ හොදම චිත්‍රපට 5 අතරට තේරිණි.හොදම තිර කතා රචක ,හොදම කැමරා අධ්‍යක්ෂණය,හොදම කැමරා  කරණය වෙනුවෙන් සම්මාන ලද්දේය.

               මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Tuesday, September 27, 2022

"බයිසිකල් හොරා " චිත්‍රපටය177 සිනමා පටයයි

 "බයිසිකල් හොරා " චිත්‍රපටය 1968 මැයි 26 තිරගත වෙන්නේ සිංහල කතා නාද සිනමාවේ 177 සිනමා පටයයි .ඊ .ඒ.පී .එදිරිසිංහ ගේ නිෂ්පාදනයකි.අධ්‍යක්ෂණය කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා වේ.කතාව සහ දෙබස් රචනය ද කේ.ඒ.ඩබ්ලිව් ගෙන්ම වේ.කැමරා අධ්‍යක්ෂණය ලෙනින් මොරායස් ගෙනි.කලා අධ්‍යක්ෂණය ජේ.ඒ . වින්සන්ට් වේ.සංස්කරණය එල්මෝ හැලිඩේ ය.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි ගෙනි.වේශ නිරුපනය රෙජී ද සිල්වා වේ.සටන් අධ්‍යක්ෂණය රොබින් ප්‍රනාන්දු ගෙනි.සංගීත අධ්‍යක්ෂණය මාස්ටර් ප්‍රේමසිරි කේමදාස විය.පසුබිම් ගායනා සදහා ජේ.ඒ.මිල්ටන් පෙරේරා.වික්ටර් රත්නායක,ලතා වල්පොල ධර්මදාස වල්පොල දායක විය.ගීත පදමාලා කරුණාරත්න අබේසේකර,ධර්මසිරි ගමගේ,,ඔගස්ටස් විනයාගරත්නම්,තලංගම ප්‍රේමදාස,විසිනි. කතා සාරාංශය සමාජයේ නොවැදගත් වෘතිකයෙකු ප්‍රධාන චරිතය විය.මේ චිත්‍රපටය සුරවීර (ඩී .ආර්.නානායක්කාර ) මන්ත්‍රී වරයාගේ අතීත ආවර්ජනයක් ලෙස චිත්‍රපටය  ආරම්භවේ.මන්ත්‍රී වරයෙක් වන පෙරේරා ගේ ( ඩේවිඩ් ධර්මකීර්ති ) කුලී නිවසක සුරවීර බිරිද (රුබී ද මැල් )දියණිය ස්වර්ණා (ජීවරාණි කුරුකුලසූරිය ) සමග වාසය වේ.සුරවීර ගේ අරමුණ බයිසිකලයක් මිලදී  ගැනීමයි.ස්වර්ණා  හා සුගත් පෙම්වතුන් වේ.සුගත් (ඔස්වල්ඩ් ජයසිංහ ) පෙරේරා  මන්ත්‍රීවරයා ගේ පුතාය.මව (ජෙසිකා වික්‍රමසිංහ )විය.මේ අතර බයිසිකලයක් සොරකම් කරන සුරවීර ස්වර්ණා ගේ කීම අසා නැවත එය බුදු පිළිමයක් ලග තබා එයි.මේ අතර ලිපියක් තැපැල් කිරීමට එන පෙරේරා මන්තිරි වරයා  බුදුන් වැද ලිපිය තැපැල් කර ටැක්සියකින් යන්නේ  බැග් එක අමතකවයි  .මේ බෑගය  දුටු සුරවීර එය පෙරේරාට බාර දේ.ඒ සදහා රුපියල් 150 පෙරේරා සුරවීරට දෙයි.එයින් බයිසිකලයක් ගන්නා සුරවීර තමා ගේ හිතවතෙක් වූ ජෝර්ජ් ගේ සහයෙන් කාර්යාලවලට බත් ගෙනයන රැකියාවක් සොයා ගනී. මේ රැකියාව නිසා බොහෝ දියුණුවට පත්වේ.   මොනිකා (සන්ධ්‍යා කුමාරි) ජෝර්ජ් ගේ නැගණිය වේ.මොනිකා ද ස්වර්ණාගේ මිතුරියකි.දෙදෙනාටම කුණ්ඩසාලේ කෘෂි අධ්‍යයන  පීටයේ ඉගෙනීමට අවස්තාව ලැබේ.මන්ත්‍රී බිරිද සුගත් මොනිකාට විවාහ කරදීමට තීරණය කරයි.මේ නිසාවෙන් මොනිකා  ස්වර්ණා දෙදනා විරසක වේ..  සුගත් හා  ස්වර්ණා ගේ සම්බන්ධයට සුරවීර අකමැති වේ.ඒ ජෝර්ජ් නිසාය.නමුත්  ජෝර්ජ් ගේ මැදිහත් වීමෙන් සුගත් සවර්ණා විවාහය .සිදුවේ.මංගල දිනයේ බයිසිකල් කඩයකින් බයිසිකලයක් ගෙන පදින සුරවීර පොලිසියට හසුවේ.ඒ සුරවීර කලින් සොරකම් කල බයිසිකලය මෙයම නිසාය.සුරවීර ගේ සගයෙකු (දොන් සිරිසේන )ඉදිරිපත් වී බයිසිකලය සොරකම් කලේ තමා බව පිළිගනී.සුරවීර නිදහස් වේ. සුරවීර පළාතේ මන්ත්‍රී වරයා වී බයිසිකල් සාප්පුව වීවෘත කරයි. අමතර රංගන දායකත්වය ලිලියන් එදිරිසිංහ,සෝනියා දිසා,පර්ල් වාසුදේවි,රිචඩ් ඇල්බට්,ජෝසප් සෙනවිරත්න ,ලැටීෂියා ප්‍රනාන්දු,රොබින් ප්‍රනාන්දු,බී.එස්. ප්ර්රෙරා,ගැමුණු විජේසුරිය,හර්බට් අමරවික්‍රම, තලතා ගුණසේකර,ආදීන්වේ.1969 සරසවි සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය බයිසිකල් හොරා වේ.එසේම හොදම නළුවා ඩී .ආර්.නානායක්කාර වේ.හොදම සහාය නිළිය ජෙසිකා වික්‍රමසිංහ වුවාය.1970 ප්‍රථම ගුවන් විදුලි සම්මාන උළෙලේ හොදම චිත්‍රපට  අධ්‍යක්ෂණය හා හොදම තිර නාටකයට   කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරාට සම්මාන හිමිවිය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, September 25, 2022

176 වන චිත්‍රපටය වුවේ "අක්ක නගෝ " චිත්‍රපටයයි

 සිංහල කතානාද සිනමාවේ 176 වන චිත්‍රපටය වුවේ  "අක්ක නගෝ " චිත්‍රපටයයි මෙය තිරගත වුවේ 1968 මයි මස 02 දින වේ.චන්ද්‍රානි විමලසේන සහ පීටර් පෙරේරා ගේ නිෂ්පාදනයකි.අධ්‍යක්ෂණය වින්සන්ට් ඩේවිඩ් වේ.සංස්කරණය කරනු ලැබුවේ ද ඔහු විසිනි. සහ තිර පිටපත එන් .විමලසේන වේ.  දෙබස් රචනය බෙනඩික් ප්‍රනාන්දු වේ.කැමරා අධ්‍යක්ෂණය විලියම් හොල්ම්ස් ගෙනි.ශබ්ද පරිපාලනය මර්වින් බෙන්ස් වේ.වේශ  නිරුපනය එම් .සුබ්බයියා සහ ඩෙරික් ප්‍රනාන්දු ගෙනි.සංගීත  අධ්‍යක්ෂණය පී.එල්.ඒ.සොමපාලයන්ය. ලතා වල්පොල පසුබිම් ගායනා ඉදරිපත් කළේය.ගීත  පදමාලා කරුණාරත්න අබේසේකර  ගෙනි.

කතා සාරාංශය වතු හිමි ධනවතෙක් වන කල්දේරා ගේ (ඩේවිඩ් ධර්මකීර්ති ) භාර්යාව මිය ගොසිනි.දියනියන් දෙදෙනකු ඔහුට වේ.වැඩිමල් දියණිය සන්ධ්‍යා (සන්ධ්‍යා කුමාරි )ඉගෙනුම ලබමින් සිටි.බල දියනිය බේබි සන්ධ්‍යා (බේබි සුරේකා )පියා සමග සිටි.දරුවන් නිසා කල්දේරා නැවත විවාහයක් වේ.කුඩම්මා මධු (ජෙසිකා වික්‍රමසිංහය.)පරුෂ කෙනෙකි.බුදලය තමන්ට ලියන ලෙස කුඩම්මා කල්දෙරාට කියයි.පිය දියණියන්ට භාගයක් අයිති වනලෙස ඔප්පු ලියයි.පියා මිය යාම නිසා දරුවෝ තනි වෙති.දේපල මංකොල්ල කෑමට කුඩම්මා සැලසුම් කරයි.බාල දියණිය පැහැර ගෙන වැඩිමල් දියණියට ඔප්පු අත්සන් කරන්නට මැරයන් ලවා බල කරයි.මේ කටයුතු සැලසුම් වතු අදිකාරී තරුණයා සුසිල් (ස්ටැන්ලි පෙරේරා ) නිසා නොහැකිවේ. නංගි මරා දමනු ඇතැයි බියට වැඩිමල් දියණිය ඔප්පු අත්සන් කිරීමට සැරසෙන විට සුසිල් පැමිණ මැරයන්ට පහර දී  සන්ධ්‍යා මුදවා ගනී.බාල දරුවා බේරා ගැනීමට කරන අරගලයේදී කුඩම්මා තේ කර්මාන්ත ශාලාවේ මැෂිමක හැපී මියයයි.සොයුරියන් දෙදෙනා එක්වේ.සෙසු රංගන දායකත්වයට ජෝ අබේවික්‍රම,ඩී .ආර්.නානායක්කාර ,රිචඩ් ඇල්බට්, ඩොමී ජයවර්දන,පියදාස විජේකෝන්,ශිරානි කුරුකුලසූරිය,ජානකි කුරුකුලසූරිය, උදුලා දාබරේ,ලිලියන් එදිරිසිංහ,ප්‍රසන්න පොන්සේකා,මධුලතා ප්‍රනාන්දු දායක විය.ගීත 4 පමණ මෙහි ඇතුලත් විය ගලනා සීත ජලේ ,සුදෝ සුදෝ සුදු මීදුම මේ ගීත අදත් ජනප්‍රිය වේ.මේවා අනුකාරක ගීත විය.

            මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Saturday, September 24, 2022

ගොළු හදවත" 175 වන්නැයි. 19698 අප්‍රියෙල් 24 තිරගත විය.

 සම්මානනීය ප්‍රවීණ සිනමාවේදී  ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද " ගොළු හදවත" කතානාද සිංහල සිනමාවේ  175 වන්නැයි. 19698 අප්‍රියෙල් 24 තිරගත විය.  කරුණාසේන ජයලත් ගේ ජනප්‍රිය සිංහල නවකතාවක් වූ ගොළු ගදවත නවකතාව ඇසුරින් මෙය නිර්මාණය විය.සිලෝන් ස්ටුඩියෝ වෙනුවෙන් පී.ඊ .ඊ අන්තනිපිල්ලේ ගේ  නිෂ්පාදනයකි.  නව යොවුන් වියේ ආදරයක් වස්තු බීජවූ නවකතාව සිනමාලන්කාරයෙන් පෝෂණය වී නැවතත් ජනප්‍රිය විය. කරුණාසේන ජයලත්ගේ නවකතාවක් ඇසුරින් එහි තිර රචනය දෙබස්  රෙජී සිරිවර්ධන අතින් සිදුවිය. සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි. මෙම චිත්‍රපටය වීරයා, වීරවරිය, දුෂ්ටයා, විහිළුකාරයා, ගීත, සටන් යනාදී සාමාන්‍ය සිනමාවෙන්  බැහැර වන අතර ශ්‍රී ලාංකේය සිනමාවේ එක් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.කැමරා අධ්‍යක්ෂණය එම් .එස් .ආනන්දන් ගෙනි.සංස්කරණය එඩ්වින් ලිටින් සහ සුමිත්‍රා පීරිස්  වේ.කළා අධ්‍යක්ෂණය ජේ.ඒ.වින්සන්ට්වූ අතර වේශ නිරුපනය රෙජී ද සිල්වා ගෙනි.සහාය අධ්‍යක්ෂණය රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු දායකව් තිබේ.

         දමයන්ති කාරියවසම් (ධම්මි) (අනුලා කරුණාතිලක) දඟකාර පාසල් දැරියකි. සුගත් වීරසේකර (වික්‍රම බෝගොඩ) යනු පාසලට අලුතින් පැමිණි ලජ්ජාශීලි  පිරිමි ළමයෙකි. ඔහු නිහඬව ඉගෙනීමට දක්ෂයි. මෙම හැසිරීමෙන් ධම්මි වහාම ආකර්ෂණය වන අතර දෙදෙනාම මිතුරන් බවට පත් වන අතර එය අවසානයේ විශේෂ සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වේ.ඉතා කුඩා වියේදීම දෙමාපියන් අහිමි වූ සුගත්ට සරසවියේ ඉගෙනුම ලබන සහෝදරයෙක් සිටී. සරත් (විජේරත්න වරකාගොඩ) වේ.

 දම්මි සුගත්ට කියනවා තමන් සුගත්ට මල්ලි කෙනෙක් වගේ ආදරේ කළා මිසක් එයා ගැන තවත් බලාපොරොත්තු තියාගන්න එපා කියලා.මේ නිසා සුගත් කලකිරෙ.සුගත් පාසල් අධ්‍යාපනය නිමාකොට උපාධිය ද ලබාගනී.නමුත් දම්මි ගැන පසුතැවීම නිසා බීමට යොමු වේ.දම්මි ඇවැස්ස මස්සිනා  නිහාල් (නලින් විජේසේකර )සමග විවාහ වේ.සරත් ද චම්පා (ශ්‍රියානි අමරසේන) සමඟ විවාහ වේ.

චිත්‍රපටය ආරම්භ වන්නේ බීමත්ව සිටින සුගත් බැලීමට දම්මි පැමිණීමත් ඔහුට බීමෙන් වැලකීමට ඉල්ලීමක් කිරීම දම්මි සුගත් හමුවීමට පැමිණ ඇයගේ හදිසි වෙනස්වීමේ රහස හෙළි කරයි. තම ඥාති සොහොයුරා වන නිහාල් සමඟ තම විවාහය ඔවුන් කුඩා කාලයේදීම ඔවුන්ගේ පියවරුන් විසින් සංවිධානය කර තිබූ බව ඇය ප්‍රකාශ කරයි. තමා තවමත් සුගත්ට ආදරය කරන බව ඇය ඔහුට පවසන්නේ තමාට කිසි දිනෙක ඔහුගේ වීමට අවස්ථාවක් නොලැබෙන බව දන්නා බැවිනි. ඔහුගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම ගැන ඇය ඔහුගෙන් සමාව අයදින අතර ඇය වෙනුවෙන් වෙනස් වන ලෙසත් නැවත නිවසට පැමිණෙන ලෙසත් ඔහුගෙන් ඉල්ලා සිටී.  ඉන්පසුව දෙදෙනා ගේ අතීත ආවර්ජනයක් ලෙස චිත්‍රපටය විකාශනය වේ. සෙසු රංගන දායකත්වය ග්‍රේස් ජයමාන්න,මාපා ගුණරත්න,සුදේශ් ගුණරත්න,මල්කාන්ති පීරිස්,ශියාලතා සුබසිංහ,ඉනෝකා නිල්මිණි,අමරසේන,සුනිලා අබේසේකර,චිත්‍රා වාකිෂ්ට,ගුණදාස සමරවික්‍රම,කුමාරි ලක්ෂ්මි අත්තනායක,සොමී මීගම,සෝමපාල ධර්මප්‍රිය, ඒ.පී.ගුණරත්න,තලතා ගුණසේකර ආදීන්වේ.

  1969 වසරේ 6 වන සරසවිය සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, සහ හොඳම නිළිය,හොදම සංගීත අධ්‍යක්ෂණය ලෙස සම්මානයට පාත්‍ර විය.මේ හැර තවත් සම්මාන ද ලබාතිබේ. පාසල් යන නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනකු අතර ඇති වන ප්‍රේම සම්බන්ධය නිරූපණය කරන මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ගේ තරුණ මහලු දෙපිරිස අතර මහත් ආන්දෝලනයක් ඇති කළ අතර එය ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙසද සැලකේ.ශ්‍රියාණි අමරසේන රඟපෑ මුල්ම චිත්‍රපටය.ද ගොළු හදවත වේ.

                          මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, September 23, 2022

" මාතෘ භුමි " 174 වන සලරුවයි.

 1968 අප්‍රියෙල් 11 තිරගත වුවේ  " මාතෘ භුමි " චිත්‍රපටය වේ.සිංහල සිනමා වංශ කතාවේ 174 වන සලරුවයි.විමලනාත් දිසානායක සහ පී.ඩබ්ලිව් .සිරිවර්දන නිෂ්පාදනය කළේය.අධ්‍යක්ෂණය ද විමලනාත් දිසානායක ගෙනි.තිර රචනය, ගීත පදමාලා ද විමලනාත් දිසානායක වේ. ගීත පද රචනයට මානෙල් පෙරේරා ද දායකව  තිබේ. දෙබස් ආරියදාස කුමාරසිංහ ගෙනි. සංස්කරණය එඩ්වින් ලිටින් වේ.කැමරා අධ්‍යක්ෂණය දයා විමලවීර ගෙනි.සංගීත අධ්‍යක්ෂණය තිලක් කරුණාතිලක වේ.පසුබිම් ගායනා සදහා ජේ.ඒ.මිල්ටන් පෙරේරා ,සරත් සන්දනායක , මොරිස් දහනායක , ජී එස්.එස්.බී.රානි පෙරේරා ,සුමිත් අහංගම ,දයා හේමන්තා අබේසේකර,වී.වර්ධරාජා දායකව තිබේ.සිංහල හමුදා නිලධාරියකු හා දෙමල තරුණියක අතර සම්බන්ධය මෙහි තේමාව විය.කපිතාන් අසෝක් (අසෝක හේවාවිතාරණ )උතුරු කරයට රාජකාරියට යන්නේ කල්ලතෝනි උවදුර මැඩලීමේ නායකයා ලෙසය.මෙම ක්‍රියාන්විතය අතර ඔහු මීනා (චන්ද්‍රකලා සිත්ති  පරීනා  )නැමති තරුණියට පෙම් බදී .ඇය ධීවර තරුණියක ලෙස පෙනී සිටියි.නමුත් ඇය කල්ලතෝනි තරුණියක බව හෙළිවන්නේ ඇගේ ශරීරයේ කොටා ඇති සලකුණක් අනුවයි.මේ නිසා අසෝක් අකමැත්තෙන් වුවද ඇය අතහරි..මීනා ජීවිතයෙන් සමුගන්නීය ..  සෙසු රංග දායක්වුවේ රැල්ෆ් විජේසේකර,එම් .වී .බාලන් ,බර්ටම් ප්‍රනාන්දු,එම් .පී.ගැමුණු,හේරත් බණ්ඩා ,බීඩ්ස් සේවියර්,චන්ද්‍රපාල විජේසුරිය,එම් .ඒ.සිමියොන් ආදීන්ය.චිත්‍රපටය ආරම්භයේ ගොන්ගාලේ ගොඩ බණ්ඩා ,වීර පුරන් අප්පු සිට බණ්ඩාරනායක යුගය දක්වා  ජාතික වීරයන් ගේ රුප පෙළකිනි.ප්‍රථම  වරට කොළඹින් පිට ප්‍රදේශයක මංගල දර්ශනය පැවැත්වීම (ගම්පහ). දමිළ ගීතයක් මෙයට ඇතුළත්ව තිබීම.මෙහි විශේෂත්වයක් විය. චන්ද්‍ර කලා ගේ රංගනය ද අගය කල යුතු තත්වයක විය.දමිල ගීතයක් හා දෙමල සංවාද ඇතුලත් වූ ප්‍රථම චිත්‍රපටය ද මෙයවේ.

මෙහි අඩංගු වූ ගීත 

  ගිනිගෙන දැවෙනා බොල් - වී.වර්ධරාජා 

මැවේ පෙම් හැගුම්  - සරත් සන්දනායක

තුරුවත ලපලු කැකුළු දිලේ - ජේ.ඒ.මිල්ටන් පෙරේරා,ජී එස්.එස්.බී.රානි පෙරේරා

රටේ තොටේ ගමේ ගොඩේ - මොරිස් දහනායක,සුමිත් අහංගම 

ලල් ලල් ලා -  දයා හේමන්තා අබේසේකර

මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, September 19, 2022

173 වැන්න "අබුද්දස්ස කාලේ " චිත්‍රපටය

 කතානාද සිනමාවේ 173 වැන්න "අබුද්දස්ස කාලේ " චිත්‍රපටය විය.තිරගත වුවේ 1968 මාර්තු 25 දිනදීය.කුමාර් මදනායක ගේ නිෂ්පාදනයක් විය.කුමාර් වික්‍රමසුරිය සහ එච්.ඩී .විජේදාස දෙදෙනා ගේ අධ්‍යක්ෂණයකි.කතාව සහ දෙබස්   එච්.ඩී .විජේදාස ගෙනි. තිර පිටපත කුමාර් වික්‍රමසුරිය සම්පාදනය කළේය .කැමරා අධ්‍යක්ෂණය සුමිත්ත අමරසිංහ වේ. කළා අධ්‍යක්ෂණය හේමපාල ධර්මසේන වේ. ගාමිණි ජයසිංහ ගේ සංස්කරණයකි. වේශ නිරුපනය රෝහණ මුදන්නායක ගෙනි.පනීභාරත යන්ගේ නැටුම් අධ්‍යක්ෂණයකි.සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත අමරදේවයන් වේ.ගීත  පදමාලා මහගම  සේකරයන් ගෙනි. රෝහිත විජේසුරිය,අමිතා වැදිසිංහ .රූපා ඉන්දුමතී පසුබිම් ගායනා සදහා දායකව තිබේ. 

මේග ගර්ජනා  - රූපා ඉන්දුමතී 

සිරියාවයි දැන් ගම -  රෝහිත විජේසුරිය,අමිතා වැදිසිංහ .රූපා ඉන්දුමතී

උතුරු කුරු දිවයින - රෝහිත විජේසුරිය

පායා ආ හිරු දෑස - අමිතා වැදිසිංහ යන ගීත ඇතුලත්ව තිබිණි .

   කතා සාරාංශය ප්‍රධාන චරිතය චාලි (ඇනස්ලි ඩයස් ) සහ ඔහුගේ භාර්යාව (රුක්මනී දේවි ) වේ. පෙරවදන ලෙස චාලි ගේ  ගේ ක්‍රියා කාරකම් පෙළක් මුලින්ම දිග හැරේ.මේ අතර ගමේ වෙද  මහතා (සැමුවෙල් රුද්‍රිගෝ ) සම්මාදමේ චාලි ගේ නිවසට පැමිණීම චාලි ගේ මිත්‍ර සුමිත් (බර්ටි ගුණතිලක ) සමග සම්බන්ධතා ආදිය මතු කෙරේ.චාලි විවාහක යෙක් උවත් ඔහුගේ නෑනා සුසී (විජිත මල්ලිකා ) චාලිට පෙම් කරයි.ඔහුව තමාට ලබාදෙන ලෙස සුසී   රුක් දෙවියකුට බාරයක් ද වෙයි.චාලි ගේ බිරිදගේ සහෝදරයා  අප්පුහාමි ද සුසීට පෙම් බදී .අලුත් අවුරුදු උත්සවයකදී චාලි වැරදීමකින් පොලිස් පරීක්ෂක වරයෙකු ගේ හිසට පොල්ලෙන් ගයි.මේ නිසා පසුතැවෙන චාලි රෝගී වේ.හාස්කම් සහිත දේවාලයකට ගොස් බාරයක් වෙන්න ගමේ අය චාලිට උපදෙස් දෙයි.නමුත් චාලි දේවාලයට යන්නේ දරු සම්පතක් බලාගෙනය.චාලි ගේ බිරිද යන්නේ තරුණ බව ලබා ගැනීමයි.දෙදෙනා කැලෑ වේ අතරමං වේ.බිරිදද මගහැරේ.චාලි වනයේ දිය කදුරකින් ජලය පානය කරයි.චලි ගමට පැමිණෙන්නේ තරුණයෙක් ලෙසිනි.මේ බව දැන ගන්නා බිරිදට ද නැවත එහි යාමට ඔනෑ වේ.චාලිට උවමනා ගමේ සියලු දෙනාම එහි ගෙනයාමටයි.බිරිද එයට විරුද්ධ වේ.ඇය රහසේ තනිවම දිය කදුර සොයා යයි. ගම්ම්මුන් සහ චාලි ද පසුපස යයි.බිරිද දිය කදුරෙන් ජලය පානය කරයි.ඇය ළදරියක් බවට පත්වේ.චාලි ළදැරිය සුසී ට බාර කරයි.ගුවන් විදුලි රංගන  ශිල්පීන් ද යොදා ගත්තේ හාස්‍ය මය තත්වය වැඩි දියුනුවටය.නමුත් සාර්ථක නොවිණි. 1969 පැවැත් වූ සරසවිය 6 වැනි සම්මාන උළෙලේ දී රුක්මණී දේවියට සරසවිය තිළිණයක් හිමි විය.

   සෙසු රංගන දායකත්වය එඩී ජයමාන්න,ඩී .එම් .කොළඹගේ,ඩී .ආර් .නානායක්කාර ,මාලනී පොන්සේකා,ලිලියන් එදිරිසිංහ,කුමාර් වික්‍රමසුරිය සහ ගාමිණි ජයසිංහ ආදීන්ය.

               මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, September 16, 2022

172 චිත්‍රපටය ලෙස " ලන්ඩන් හාමු "

 1968 මාර්තු 4 සිංහල සිංහල කතානාද සිනමාවේ 172 චිත්‍රපටය ලෙස " ලන්ඩන් හාමු " චිත්‍රපටය තිරගත් විය.රත්ත කන්නීර් නම් දෙමල චිත්‍රපටයේ අනුකරනයකි .මාලනී දෙවි සෝමසුන්දරම් නිෂ්පාදක වරිය වුවාය . වුන්ඩුකලි සෝමසුන්දරම් අධ්‍යක්ෂක වරයා විය.තිරපිටපත ඒ.ජේ.ද සොයිසා ගෙනි.එම් .ඒ.ගපුර් කැමරා අධ්‍යක්ෂක වරයා  විය. කළා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් ගෙනි.සංස්කරණය එඩ්වින් ලිටින් විසිනි.වේශ නිරුපනය ඩබ්ලිව්.සෙල්වරාජා ගෙනි.සංගීත අධ්‍යක්ෂක වරයා ආර්.මුත්තුසාමි මාස්ටර් වේ.

කතා සාරාංශය අසෝක් (අසෝක පොන්නම්පෙරුම ) ලන්ඩනයේ සිට මෙරටට පැමිණේ .එනිසා ඔහු ලන්ඩන් හාමු වේ.ඔහු තම මිතුරා ගාමිණි සමග (ස්ටැන්ලි පෙරේරා ) තම නිවසට පැමිණේ.ඔහු තම මව (දෙනවක හාමිනේ ) දුටු විගස ඇය අද සිටින ඇදුම් විලාශය විවේචනය කරයි.එසේම දේශීය දේ හෙලා දකි.තම මවට ද නොසලකන හේ සෙල්ලක්කාර ජීවිතයකට සැරසේ.රැස්වීම් වල ද දේශනා පවත්වයි.මෙවැනි අවස්තාවක හමුවන චන්ද්‍රා (ක්ලැරිස් ද සිල්වා ) හා සම්බන්ධතාවයක් පවත්වයි.එසේම ගංගා (විජිත මල්ලිකා ) සමග විවාහ වන්නේද චන්ද්‍රා සමග සම්බන්ධයත් ඇතිවයි.ගංගා සමග ගැටුම් වේ.එවැනි අවස්තාවක ඔහුගේ පහරක් වැදීමෙන් මව මිය යයි.මෙසේ සිටින කල අසෝක්ට සමාජ රෝගයක් වැළදේ.චන්ද්‍රා අසොක්ව අත්හැර යයි.රෝගයෙන් අසාධ්‍ය වන ඔහු ඉබාගාතේ ඇවිදියි වැසි දිනක ගංගා ගේ නිවස අසලදී අසෝක් මිය යයි.ඒ මොහොතට පෙර තමා අසලට එන ගංගා ගාමිණීට භාර කරයි.මෙහි  සුජාතා අත්තනායක අසෝක පොන්නම්පෙරුම පසුබිම් ගායනා සදහා දායක විය.එසේම මෙහි අඩංගු ගීත වුවේ 

නෙතට පෙනෙනා කෙනෙකු ගේ හද 

අමා රැස් කඩා හලේ සුපුන් සදේ 

වරදී කරන්නෙක් ජීවිතයෙන් 

ආසාව බැන්දා නැතිවේද මන්දා 

ඕ නන්දා ඕ ප්‍රින්සි ඕ  ප්‍රේමා 

ලොවේ ස්ත්‍රින්ටයි සැමා දොස් කියන්නේ 

රුමතියන් කෙලිමඩලක් වූ 

ගායකයන් ගීත රචකයන් පිළිබද සටහනක් නොවීය.

අමතර රංගන දායකත්වය මෙසේය.එම් .වී බාලන්,රිචඩ් ඇල්බට්,මානෙල් පොන්නම්පෙරුම ,බී,එස් .පෙරේරා. ලිලියන් එදිරිසිංහ,ටියුඩර් කරුණාතිලක,ඒ.ආර් .යාසිම් ,එස්.එන් .නඩරාජා ,ජස්ටින් පීරිස්  ආදීන්ය.

       මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

 

Thursday, September 8, 2022

"පුංචි බබා" චිත්‍රපටයයි.ඒ සිංහල කතානාද සිනමාවේ 171 වැන්නයි

 1968 පෙබරවාරි 26 තිරගත වුවේ "පුංචි බබා"  චිත්‍රපටයයි.ඒ සිංහල කතානාද සිනමාවේ 171 වැන්නයි .සුගතදාස මාරසිංහ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටය තිස්ස ලියන්සුරිය ගේ අධ්‍යක්ෂණයකි .වාල්කෙයි (ජීවිතය )නැමති දෙමල චිත්‍රපටයත් බැචුලර්   පාදර් යන ඉංග්‍රීසි චිත්‍රපටයත් ඇසුරින් තැනුණු බව විචාරකයෝ සදහන් කළේය.කතාව සහ දෙබස්  විමලවීර පෙරේරා ගෙනි.තිර පිටපත තිස්ස ලියන්සුරිය වේ.එම් .ඩී .සුමනසේකර ගේ කැමරා අධ්‍යක්ෂණයට ඇන්දෘ ජයමාන්න සහ ඩොනල්ඩ්  කරුණාරත්න සහාය අධ්‍යක්ෂක විය.සංස්කරණය ටයිටස් තොටවත්ත වේ.කලා අධ්‍යක්ෂණය ජේ.ඒ වින්සන්ට් ගෙනි.ශබ්ද පරිපාලනය කේ නිත්‍යනාදන් ගෙනි.වේශ නිරුපනය ඩී .ඩී .ඇන්තනි වේ. නැටුම් අධ්‍යක්ෂණය කේ.  මලල් වේ. සංගීත අධ්‍යක්ෂණය සිසිර සේනාරත්න වේ. ගීත පදමාලා ධර්මසිරි ගමගේ,කරුණාරත්න අබේසේකර,ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ,විමලවීර පෙරේරා ගෙනි පසුබිම් ගායන දායකත්වය සිසිර සේනාරත්න,සුජාතා අත්තනායක ,හරුන් ලන්ත්‍රා,ඉන්ද්‍රානි සේනාරත්න,ගෙනි.මෙහි ඇතුලත් වූ ගීත 

ගංගාවේ නීල ජලේ - සුජාතා අත්තනායක ,හරුන් ලන්ත්‍රා 

මාගේ පුතුට මල් - සිසිර සේනාරත්න

පෙම් මදිරා ජීවිතේ - ඉන්ද්‍රානි සේනාරත්න 

පාර පාර පේන -  සිසිර සේනාරත්න, හරුන් ලන්ත්‍රා 

වසර 54 ගතවුවත් අදද ජනප්‍රියත්වයෙන් එදා මෙන්ය.

කතා සාරාංශය මෙහි ප්‍රධාන කේන්ද්‍රීය චරිතය තිලකසේන වේ.තිලකසේන (ජෝ අබේවික්‍රම )අවිවාහක ලිපිකරුවෙකි.ඔහුට පැරණි පරණ මෝටර් රථයක් විය.ජයසේන (ඇන්තනි සී පෙරේරා) තිලකසේන ගේ  මිතුරාය.මාලා(මාලනී පොන්සේකා ) තිලකසේන ගේ පෙම්වතිය වේ.තම  ප්‍රධානියා නිසා ස්ත්‍රියකට ලැබුණු දරුවෙක් අනාත නිවාසයකට බාරදීමට සලමන්ට (වින්සන්ට් වාස් ) පවරයි.ඔහු දරුවා තිලකසේන ගේ මෝටර් රථයට දමා පලායයි.තිලකසේන දරුවා රැගෙන යයි.ඔහු දරුවා ආදරයෙන් බලාගනී.වේවැල් කුඩයක තබා ගෙන දරුවා කාර්යාලයට ද ගෙනයයි.මාලා ගේ මාමා (ඩේවිඩ් ධර්මකීර්ති )තම ගොවිපලේ පාලක විජේ (ඩොමී ජයවර්දන ) හා විවාහ වෙන්නයි මාලා ට බල කරයි.මේ අතර දරුවා දකින මාලා දරුවා තිලකසේන ගේ යැයි සැක කරයි.ඔහු හා අමනාප වේ.පුවත්පත් දැන්වීමක් අනුව මැණිකා (අනුලා කරුණාතිලක )දරුවා බලා ගැනීමට එයි.දරුවා නිසාම රැකියාවට යාම බධව තිලකසේනට  රැකියාව  ද අහිමි වේ.  වැටුප් නැතත් දරුවා බලා ගැනීමට මැණිකා කැමති වේ.මේ අතර විජේ හා මාලා  ගේ  ගේ මංගල්‍ය ට තිලකසේනද  සහබාගි වේ දරුවා මැණිකා සමග වාහනයේ තබා යයි.මේ අතර මැණිකා දකින සලමන් අයට පහර දීමට සැරසෙන විට ජයසේන එතනට පැමිණේ.ජයසේන සියලු තොරතුරු දැනගනී.දරුවා විජේ නිසා මැණිකාට ලැබුණු බව රහස ජයසේන හෙළි කරයි.මාලා හා තිලකසේන එක්වේ.විජේ ද දරුවා හා මැණිකා විජේ බාරගනී.හාස්‍ය රසයට ද මුල් තැන දෙමින් චිත්‍රපටය නිර්මාණය වී තිබේ.මනුෂ්‍ය ජීවිතයේ අනුවේදනීයත්වය ද ගැබ්ව තිබේ ජෝ අබේවික්‍රමගේ රගනය ඉතාම ප්‍රශස්ත බව විචාරක මතය විය .ඩොමී අනුලා ගේ රංගන ද විශිස්ට විය..ඩොමී ජයවර්දන කුසලතා සහතිකයක් ද රංගනය වෙනුවෙන් ලද්දේය.සෙසු රන්ගනිකයෝ සුජීවා ලලී ,ලයනල් දැරණියගල ,සුජාතා පරමාදන් ,තිලකසිරි ප්‍රනාන්දු සහ හර්බට් අමරවික්‍රම ආදීන්ය.

              මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Monday, September 5, 2022

170 වන සිංහල සිනමා කතානාද චිත්‍රපටය "සිගිති සුරතල් " චිත්‍රපටය

 170 වන සිංහල සිනමා කතානාද චිත්‍රපටය "සිගිති සුරතල් " චිත්‍රපටය විය.1968 පෙබරවාරි 03 තිරගතව තිබේ.නිෂ්පාදනය කේ.කේ.ජගත්තියානිවේ.අධ්‍යක්ෂණය කිංස්ලි රාජපක්ෂගෙනි."තලාස්" හින්දි චිත්‍රපටය ඇසුරිනි. කතාව සහ දෙබස් ආනන්ද සිරිසේන ගෙනි.කැමරා අධ්‍යක්ෂණය විලී බ්ලේක් සහ ඇම් .ඒ.ගපූර් දායක විය.සංස්කරණය සිරි කේ විතාරන  වේ.කළා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට් ගෙනි.ශබ්ද පරිපාලනය ටී.සෝමසේකරන් වේ.නැටුම් අධ්‍යක්ෂණය ඒ.ඉබුල්ගොඩ ගෙනි..වේශ නිරුපනය රෙජී ද සිල්වා වේ.සංගීත අධ්‍යක්ෂණය එම් .කේ.රොක්සාමි මාස්ටර් ගෙනි.සියලුම ගීත කරුණාරත්න අබේසේකර ගේ පදමාලාවේ.පසුබිම් ගායනා සදහා  සුජාතා අත්තනායක,ජේ.ඒ. මිල්ටන් පෙරේරා,රන්ජනී පෙරේරා,මොහිදීන් බෙග් ,සීතා බුලත්සිංහල දායක විය.කතා සාරාංශය කුමුදිනි තරුණ ගුරුවරියකි (ජීවරාණි කුරුකුලසූරිය ) පියා පිං දෙනියා මහතාය(ඩේවිඩ් ධර්මකීර්ති )කොළඹ තට්ටු නිවාසයක පදිංචි කාරයෝය.කුමුදිනි විවාහ වීම ගැන පියා නොසතුටෙන් සිටි.ඒ ඈ ගෙන් මුදල් උදව් උපකාර නොලැබේ යයි හැගීම නිසාය.චන්ද්‍රා (ටෝනි රණසිංහ )පහත මාලයේ නිවසට පැමිණෙයි යයි සිතා කාමරයේ හොල්මන් තිබේ යයි චන්ද්‍රා ට බොරු කියයි.නමුත් චන්ද්‍රා නිවසට පැමිණෙයි.පියා චන්ද්‍රා ට කෙනෙහිලිකම් කරන්නේ ඔහු කුමුදිනි හා යාලුවෙතැයි බියෙනි.චන්ද්‍රා ගේ මිතුරා පුජිත වේ.(ඩී .ආර්.නානායක්කාර )ඔහු පොත් කතුවරයෙකි.පවුල් උපදේශක වරයෙකි.රතී (විජිත මල්ලිකා ) පුජිත් ගේ බිරිදවේ.පවුල් උපදේශනය කලද ඔවුනට දරුවන් නැත මේ දෙදෙනා ගේ මැදිහත්වීමෙන් චන්ද්‍රා හා කුමුදිනී අතර විවාහය සිදුවේ.නමුත් පියා නිසා ආරවුල් ඇතිවේ.මේ හේතුවෙන් දරුවා සමග නිවසින් යන චන්ද්‍රා දික්කසාද වීමට සුදානම් වේ.පුජිත ගේ නිවසේ උත්සවයකට පැමිණෙන චන්ද්‍රා හා කුමුදිනි මිතුරා ගේ අවවාද නොපිළිගෙන බහින් බස් වේ.මේ අතරතුර දරුවා නැතිවේ.දරුවා සොයා ගන්නා පුජිත චන්ද්‍රා ට දරුවා බාරදෙන විට කුමුදිනි ද එතනට පැමිණේ.මේ වනවිට හරි දැක්මට පැමිණි පියා නැවත චන්ද්‍රා හා කුමුදිනී එකතු කරයි.රංගන දායකත්වයට වින්සන්ට් වාස්,ශිරානි කුරුකුලසුරිය,තලතා ගුණසේකර,ජෙනිටා සමරවීර,මනෝජ් මොයට්,ඇග්නස් සිරිසේන,මධුලතා ප්‍රනාන්දු ආදීන් ද විය .1969 සරසවිය 6 වැනි සම්මාන උළෙලේදී හොඳම ගීත රචනය සඳහා සම්මාන හිමි විය (නිදහස් කාහළ නාදය – කරුණාරත්න අබේසේකර) විනිශ්චය මණ්ඩලය මඟින් තෝරන ලද වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.ප්‍රථම ගුවන් විදුලි සම්මාන උළෙලේ හොදම ගීත රචනයට නිදහස් කාහල නාදය ගීතය  ද හොදම සංස්කරණයට සිරි කේ  විතාරණ ද සම්මාන ලැබීය .මෙහි ඇතුලත් වූ ගීත 

කොහෙද විද්දේ කොහෙද වැදුනේ - සුජාතා අත්තනායක 

වනන්තරේ සල්සපු මල් පිපියන් - රන්ජනී පෙරේරා - සීතා බුලත්සිංහල 

සුවද කැකුළු වැනි මල් බදුනේ - සුජාතා අත්තනායක,  රන්ජනී පෙරේරා

නිදහස් කාහල නාදය - ජේ.ඒ.මිල්ටන් පෙරේරා 

සමන් කුලේ සුරංගනා ලොවේ - සීතා බුලත්සිංහල

අසමගිකම් නවතී - සීතා බුලත්සිංහල ,රන්ජනී පෙරේරා

මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, September 4, 2022

සිහල සිනමා වංශකතාවේ 169 වන චිත්‍රපටය වන්නේ "පිනිබිදු " චිත්‍රපටය

 සිහල සිනමා වංශකතාවේ 169 වන චිත්‍රපටය වන්නේ  "පිනිබිදු " චිත්‍රපටයයි තිරගත වන්නේ 1968 පෙබරවාරි 3 දිනදීය.නිෂ්පාදනය ,අධ්‍යක්ෂණය ,කතාව,තිරපිටපත හා දෙබස්  චුලා පාලගොල්ල ගෙනි.කැමරාකරණය තිමති වීරරත්න වේ.සංස්කරණය එස්.වී.චන්ද්‍රන් ගෙනි.කළා අධ්‍යක්ෂණය හෙන්රි ධර්මසේන ,සහ ඩැනිස්ටර් පෙරේරා වේ.ශබ්ද පරිපාලනය සෙන්ට් ජෝන් ගෙනි.වේශ  නිරුපනය ඩී .ඩී .ඇන්තනි වේ.නැටුම් අධ්‍යක්ෂණය රෝලන්ඩ් ප්‍රනාන්දු ගෙනි.සංගීත අධ්‍යක්ෂණය පී.වී..නන්දසිරි විසිනි.ඔහුගේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වේ.ගීත පදමාලාවන් ඩෝල්ටන් අල්විස්,හෙන්රි ධර්මසේන,ස්වර්ණ ශ්‍රී බණ්ඩාර දායක විය.එච්.ආර්.ජෝතිපාල ,ජේ.ඒ.මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක,අමිතා වැදිසිංහ,පී.වී.නන්දසිරි  පසුබිම් ගායනා කර  තිබේ.මෙහි ඇතුලත් වූ ගීත වුවේ 

ටිකිරි ලියා ටිකිරි ලියා - එච්.ආර්.ජෝතිපාල ,සුජාතා අත්තනායක,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,අමිතා වැදිසිංහ 

මුහුදු වෙරළ දිගේ - එච්.ආර්.ජෝතිපාල ,සුජාතා අත්තනායක

මා හදේ ආදරේ - ජේ.ඒ.මිල්ටන් පෙරේරා

සම්මා සම්බුද්ධ - පී.වී.නන්දසිරි

සුරා සුරා උතුම් සුරා - 

කතා සාරාංශය දුක්කම්කටොලු නිසා ජීවිතය නොමගට වැටෙන රූමත්  තරුණියක ගේ කතාව මෙහි ප්‍රධාන චරිතය විය .මත්පැනට ලොල්වූ රෝයි (අරුණ ශාන්ති ) ගේ බිරිද මරා දමා ඇති අතර  නිවසේ සේවිකාවද දුෂණය කොට මරා දැමේ.රෝයි ගේ දියණිය ලතා (සන්ධ්‍යා කුමාරි)පමණක් නිරුපද්‍රිතව සිටී.අසල් වැසි වෛද්‍යවරයා මේ බව පොලිසියට දැනුම් දෙන්නේ ඔහුගේ සේවකයා මේබව දැනුම් දුන් හෙයිනි.රෝයි අත්අඩංගුවට ගැනුනද සාක්ෂි නොමැති නිසා නිදහස් වේ.රෝයි ගේ වත්කම් සියල්ලද  නැතිවේ. අසල්වැසි සේවක ජෝන් ද අතුරුදන් වේ.රෝයි සහ ලතා මුඩුක්කුවක වාසයට යයි.එහිදී චාලි නමැති ගනන්කාරයා (පියදාස ගුණසේකර ) රෝයිට  පිහිට වේ. රෝයි රෝගී වේ.මෙනිසා ජීවන බර දරන්නට ලතාට අපහසුවේ.චාලි ලතාව ගණිකා වෘතියට යොමුකරයි.බ්‍රෝකර් ලෙස කටයුතු කරන්නේ චාලිය.ලත ගේ ගනුදෙනුකරුවෙක් වන ජෝති (එච්.ආර්.ජෝතිපාල) ලතා විවාහ කරගැනුමට කැමතිවේ.ලත අකමැතිය.ජෝති පහදාදෙන ආගමික නබුරුවට කැමතිවන ලතා

චාලි පන්නා දමයි.පසු නොබසින චාලි ලතා පහර ගෙන ගොස් ඇගලුම් ආයතනයක අයිතිකරුට භාරදෙයි.බෝතලයකින් ඔහුට පහර දී ලතා පැනයයි .මේ පුද්ගලයා අතුරුදන් වූ අසල්වැසියා  ජෝන්ය.ලතා සොයා යන චාලි ගෙන් අසල නිවසක සිටින නීති වේදියා රන්ජිත් (රොබින් ප්‍රනාන්දු ) ලතාව බේරා ගනී.චාලි අත්අඩංගුවට ගන්නා පොලිසිය ලතා ගැන විස්තර රංජිත්ට පවසයි.ලතා රන්ජිත් ගෙන් වෙන්වී මහා මගට පිවිසේ.මිනීමැරුම පිළිබද සත්‍යය ජෝන් හෙළිකරයි.තම බිරිද හා සේවිකාව මරාදමා තිබෙන්නේ රෝයි විසිනි .මෙය ජෝන් දැක තිබේ.රහස සගවා ගැනීමට සිය වත්කම් ච්ක්පත්කින් ජෝන්ට රෝයි පවරා  දී තිබේ.පොලිසිය රෝයි සොයා යනවිට රෝයි මිය ගොසිනි.දිවි නසා ගැනුමේ අරමුණෙන් යන ලතාට ගන්ටා නාදයක් ඇසේ.පය පැකිලී  වැටෙන ඇය   නතරවන්නේ .බුදු පිළිමයක් අසලය.අවසානයේ ඇය දසසිල්මාතාවක් බවට පත්වේ.තෙරුවන් සරණයි වැකියෙන් නිමාවේ.අමතර රංගන දායකත්වය තෙරේසා වීරසිංහ,ශාන්ති ලේඛා,බී.එස්.පෙරේරා,පර්ල් වාසුදේවි,එම.කේ.ධර්මදාස ,පිටිපන සිල්වා,එඩී ජුනියර් ,සුජීවා ලලී,සිරි පෙරේරා,ස්ටැන්ලි ද සිල්වා ආදීන් වේ.

    මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Saturday, September 3, 2022

1967 අගෝස්තු 24 දින 161 වන සිංහල කතානාද චිත්‍රපටය ලෙස "රන්රස

 1967 අගෝස්තු 24 දින 161 වන සිංහල කතානාද චිත්රපටය ලෙස "රන්රස " චිහ්රපටය තිර ගතවේ.එස්.පී.මුත්තයියා ගේ (එස්.පී.එම් .)නිෂ්පාදනයකි.ඊලාදු .රත්නම් ගේ අධ්යක්ෂණයකි.ද්රවිඩ සිනමාවේ ජනප්රිය චිත්රපටයක් වූ "පාලම් පලමුම් " (කිරි පැණි ) චිත්රපටයේ අනුකාරක ලෙස මෙය නිපද විනි.දෙබස් රචනය කරුණාරත්න අබේසේකර වේ..කැමරා කරනය විලියම් හොල්ම්ස් ය.කළා අධ්යක්ෂණය නරේන්ද්ර විසිනි.සංස්කරණය වින්සට් ඩේවිඩ් වේ.වේශ නිරුපනය ශේසා පලිහක්කාර ගෙනි.සංගීත අධ්යක්ෂණය එම් .කේ රොක්සාමි මාස්ටර් වේ.ගීත පදමාලාවන් කරුණාරත්න අබේසේකර වේ.සුජාතා අත්තනායක ,හරුන් ලන්ත්රා ඇන්ජලින් ගුණතිලක දායක වී තිබේ.

කතා සාරාංශය එංගලන්තයේ ඉගෙන අසෝක් ලංකාවට එන්නේ පිළිකා වෛද්ය වරයෙක් ලෙසයි .අසෝක හදා වඩා ගත් මාමා (පිටිපන සිල්වා ) වේ . මාමා ගේ බලාපොරොත්තුව ඔහුගේ දුව නාලනී (සන්ධ්යා කුමාරි ) අසොකට විවාහ කර දීමටයි.මහරගම පිළිකා රෝහලේ පත්වීම හදිසියේ ලැබෙන හෙයින්මාමාට හා නැන්දාට (ශාන්ති ලේඛා ) මේ යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකිවේ.පිළිකා ලෙඩුන් වෙනුවෙන් බෙහෙතක් සොයා හනීමට පරීක්ෂණයක් කිරීමට අනුමැතිය ප්රධාන වෛද්ය නිලධාරි (එඩී ජුනියර් ) ගෙන් ලැබේ.අසෝකට සහාය වන්නේ ඉන්ද්රානි නම් (ලීනා ද සිල්වා ) සුරූපී හෙදියයි.අයගේ මාමා හදිසියේ මියයන්නේ අගේ රැකවරණය අසෝකට පවරමිනි..අසෝක තම මාමා ගේ ද අනුමැතිය ඇතිව ඉන්ද්රානි විවාහ කරගනී .විවාහයෙන් පසුව ඉන්ද්රානිට ක්ෂය රෝගය වැළදේ.බිරිද ගේ රෝගය නිසා අසෝක ගේ වෘතීය කටයුතු නොසලකා හරි..මේ නිසා ඉන්ද්රානි නිවසින් පිටවේ.ඇය දුම්රිය අනතුරකින් මියගිය බව ආරංචි වේ.මේ අතර නෑදෑයන්ගේ ඉල්ලීම නිසා අසෝක නාලනී විවාහ කර ගනී.නමුත් ඒ විවාහය සාර්ථක නොවේ.දෙදෙනා අතර ගැටුමකදී අසෝක ගේ ඇස් අන්ධ වේ.දුම්රිය අනතුරින් බේරෙන ඉන්ද්රානි විදේශ ගතව තම අසනීපය සුව වී ලංකාවට පැමිණේ.අන්ධව සිටින අසොකට උපස්ථාන කරන්නේ ඇයවේ.අසොකට කටහඩ පුරුදු වුවද හදුනා ගැනීමට නොහැකිවේ.පසුව සැත්කමකින් දෙඇස සුව වේ.එවිට අසෝක බිරිද හදුනා ගනී.රතු කුරුසයට බැදෙන නාලනී විදේශ ගතවේ.මෙහි ගීත හයක් අඩංගු විය ඒවා ජනප්රිර තාවට ද පත්විණි.රංගන දායකයන් ලෙස විජිත මල්ලික,ඇන්තනි සී පෙරේරා,පර්ල් වාසුදේවි,රිචඩ් ඇල්බට් ,මාක් සමරනායක,ජෝසප් සෙනවිරත්න,බී.එස්. පෙරේරා ,බැප්ටිස් ප්රනාන්දු,අයිරාංගනී හේමලතා,එල්.එම් .පෙරේරා ,ජිනදාස පෙරේරා .ආදීන් ද එක්විය.මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයද ගාමිණී වේරගම යන් ගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද පරිශීලනය කළ බවද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

160 වන චිත්‍රපටය " වසන්ති " චිත්‍රපටය

 සිංහල සිනමා වංශකතාවේ 160 වන චිත්රපටය " වසන්ති " චිත්රපටය වේ තිරගත වුවේ 1967 අගෝස්තු 10 දිනදීය ..ඩග්ලස් වික්රමසිංහ සහ යසපාලිත නානායක්කාර දෙදෙනා විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්රපටය අධ්යක්ෂණය ආනන්ද වික්රමසිංහ වේ.ඩග්ලස් වික්රමසිංහ ගේ පුත්රයා ආනන්ද වික්රමසිංහ වේ. එලඹෙන දශකයේ වාණිජ සිනමාවේ මුල්පෙළේ සිනමාකරුවෙකු වන යසපාලිත නානායක්කාර ද සිනමාවට එක්වන්නේ මේ චිත්රපටයෙනි ඔහු මෙම චිත්රපටයේ කෙටි චරිතයක් ද රංගනය කළේය.ආනන්ද ගැටවරයෝ සහ චන්ඩියා චිත්රපටවල සහාය අධ්යක්ෂ්කවරයාද වුවේය කතාව හා තිර රචනය ආනන්ද වික්රමසිංහ වේ..දෙබස් සහ ගීත රචනය සිරිල් බී පෙරේරා ගෙනි.ටයිටස් තොටවත්ත සංස්කරණය කළේය.කැමරා අධ්යක්ෂණය ලියොන් පෙරේරා ගෙනි.කළා අධ්යක්ෂණය ටී.නාරායන් වේ.වේෂ් නිරුපනය ඩෙරික් ප්රනාන්දු වේ.කතා සාරාංශය මෙසේය. සරත් (ටෝනි රණසිංහ ) ගේ මාමා (ඩග්ලස් වික්රමසිංහ )විශාල බුදලයාක හිමිකරුවෙකි.ඔහුගේ අදහස තම දියණිය අනෝමා (ප්රේමා ගනේගොඩ )සරත් ට විවාහ කරදීමටය.ඩග්ලස් තම වතු පාලනය සරත් ට පවරයි.දිනක් සරත් ට කදුකරයේ ඈතින් ගී රාවයක් ඇසේ .මේ රාවය කිහිප වතාවක් ඇසුනද එහි හිමිකාරිය ඔහුට මුණ නොගැසේ.එය මායාවක් ද යන කුකුස ඔහු ගේ සිතේ පහලවේ.පසුව කට හඩේ හිමිකාරිය දොළක් අසල දී සරත්ට හමුවේ.ඇය වසන්ති (අනුලා කරුණාතිලක )නම් රූමත් ගැමි තරුණියකි.සරත් හා වසන්ති අතර පෙම් සබදතාවක් ඇතිවේ.මෝඩ තරුණයකු වන පුන්චප්පු ද වසන්තිට ඇලුම් කරයි.වතු හිමියා සමග කෝපයෙන් පසුවන ගමේ රාලහාමි පළිගැනීමේ අදහසින් අනෝමා පැහැර ගෙන යයි.මේ අතර සරත් හා වසන්ති ගේ සම්බන්ධය දන ගන්නා මාමා සරත්ව රැකියාවෙන් ඉවත් කරයි.මේ අතර ගමේ මැරවරයෙකුට වසන්ති හමුවෙයි.සරත් අනෝමා බේරා ගන්නා අතර පුන්ච්ප්පු වසන්ති බේරාගනී.වත්තෙන් ඉවත්ව යාමට සරත් තීරණය කලද මෝහනීය හඩ සරත් වසන්ති වෙත ගෙනයයි.රංගනය සදාහා ශාන්ති ලේඛා ,බී.එස්.පෙරේරා ,කුමාරි කාන්තා,මිල්ටන් පෙරේරා ,නවනන්දන විජේසිංහ,එල්සන් දිවිටුරුගම,ලයනල් අල්ගම,යසපාලිත නානායක්කාර දායක විය. සංගීත අධ්යක්ෂක වරයා වුවේ ලයනල් අල්ගම යන් ය.ජේ.ඒ. මිල්ටන්පෙරෙරා,ලතා වල්පොල පසුබිම් ගායනා කරතිබේ.මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයද ගාමිණී වේරගම යන් ගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද පරිශීලනය කළ බවද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

1967 ජුලි 31 තිරගතවෙන චිත්‍රපටය සිංහල කතානාද සිනමාවේ 159 වැන්න

  1967 ජුලි 31 තිරගතවෙන චිත්රපටය සිංහල කතානාද සිනමාවේ 159 වැන්නවේ .ඒ " සැඩොල් කදුළු " චිත්රපටය විය.නිෂ්පාදනය සිලෝන් තියටර්ස් වෙතිනි.අධ්යක්ෂණය රෙජී පෙරේරා වේ.දේශපාලනයෙන් සිනමාවට පිවිසි සිනමා කරුවෙකි.මෙහි කතාව තිර රචනය රෙජී පෙරේරා ගෙනි.දෙබස් රචනය හා ගීත රචනය හෙන්රි ජයසේන වේ.සංගීත නිර්මාණය ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ය.වසන්ත කුමාර නැටුම් අධ්යක්ෂක වරයා විය.කලා අධ්යක්ෂක වරයා ජේ.ඒ. වින්සන්ට් වුවේය.ජී.ඩී .එල් ..පෙරේරා උපදේසක අධ්යක්ෂක විය.නන්දා මාලනී ,අමිතා වැදිසිංහ,සනත් නන්දසිරි පසුබිම් ගායනා ඉදිරිපත් කළේය.සංස්කරණය එඩ්වින් ලිටින් වේ.කැමරා අධ්යක්ෂණය එම් .එස්.ආනන්දන් වේ.කහා සාරාංශය මෙසේය.බෙර වාදන තරගයකදී බෙරයක් පැලෙන හෙයින් සැඩොල් කුප්පායමේ නායකයා එගොඩ ගොඩේ කිරි හොදා ගුරාගෙන් බෙරයක් රැගෙන ඒමට තම පුතා සුවදා සුරඹා සමග යවයි.මේ ගමන අතරතුර අඹ කැඩීමට යන මේ අය වලව්වේ අධිපතියාට හසුවේ.සුරඹා පැනයයි.සුවදාට ගුටි බැට කන්නට සිදුවේ.අතරමං වන සුවදාට පිහිට වන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය.(සතිස්චන්ද්ර එදිරිසිංහ)සුවදා දාරක නමින් පන්සලේ හැදී වැඩේ.හේ ඉගෙනීමට දක්ෂයෙකි. දාරක (ටෝනි රණසිංහ )පේරාදෙණිය විශ්ව විද්යාලයට ඇතුලත් වේ.වලව්වේ දියණිය අමරා (අනුලා කරුණාතිලක )මේ විශ්ව විද්යාලයටම ඇතුලත් වේ.දාරක හා අමරා පෙම්වතුන් බවට පත්වේ.නිවසින් අමරාට විවාහ යෝජනාවක් ඉදිරිපත්වේ.මේ අතර අමරා දාරකවසිය වලව්වට පැමිණේ.මේ වනතුරු දාරක තම ජන්මය ගැන කිසිවකුටත් කියා නැත.මේ අතර දරුවා අහිමි වීම නිසා ශෝකයෙන් උමතුව සිටින දාරක ගේ මව (මානෙල් ජයසේන ) ද වලව්වට පැමිණේ.දාරක තමා සුවදා යයි කීවද මව පිලි නොගනී .තමා පලද සිටින ව්යාජ ආවරණය ගලවා දමන දාරක මව පසුපස සැඩොල් ගමට යයි.චිත්රපටය අවසන් වන්නේ දෙමාපිය විරෝධය හා කුල ගෞරවය නොතකා අමරා දාරක සොයා ගෙන සැඩොල් ගම්මානයට පැමිණීමෙනි.රංගනයෙන් ජෝ අබේවික්රම,පියදාස ගුණසේකර,දෙනවක හාමිනේ,එල්සන් දිවිතුරුගම ,නලින් විජේසේකර,සෝමා කිරිඇල්ල ,බුද්ධි වික්රම,ලුෂන් බුලත්සිංහල,ගාමිණි විජේසුරිය,මාස්ටර් ටිකිරා,එම් ඩී .අමරසිංහ,සේ න,සදුන් විජේසිරි,කැරන් බ්රෙකන්රිජ් ,මොනිකා වීරසිංහ,යසවතී රාමවික්රම,අරුන්දතී ජයවික්රම,සමන්ලතා හෙට්ටිආරච්චි ආදීන්දයකව තිබේ.1968 සරසවිය 5 වැනි සම්මාන උළෙලේදී හොඳම තිර නාටක රචක, (රෙජී පෙරේරා)හොඳම ගායිකාව නන්දා මාලිනී (දස මස කුස දරා ගීතය) සඳහා සම්මාන දිනූ අතර වසරේ හොඳම චිත්රපට 7 අතරට ද තේරුණි.මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයද ගාමිණී වේරගම යන් ගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද පරිශීලනය කළ බවද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Ananda Gamage, Sarath Weerasuriya and 44 others
17 comments
Like
Comment
Send

158 වැන්න වුවේ "සරුබිම " චිත්‍රපටයයි තිරගත වුවේ 1967 ජුලි 12

 සිංහල කතානාද සිනමාවේ 158 වැන්න වුවේ "සරුබිම " චිත්රපටයයි තිරගත වුවේ 1967 ජුලි 12 වනදිනදීය.එස්,ඩී .එස්.සෝමරත්න ගේ නිෂ්පාදනයකි.අධ්යක්ෂණය එල්.එස්.රාමචන්ද්රන් වේ.සම අධ්යක්ෂක වරයා ලෙස එස්,ඩී .එස්.සෝමරත්න ද දායක විය.කැමරා අධ්යක්ෂණය නොයෙල් පෙරේරා විය සංගීත අධ්යක්ෂකවරයා ෂෙල්ටන් පෙරේරා වේ.ගීත පදමාලාවන් කරුණාරත්න අබේසේකර ගෙනි.පසුබිම් ගායනා සදහා මොහිදීන් බෙග් ,ජී.එස්.බී .රාණි පෙරේරා.සුජාතා අත්තනායක ,ජේ.ඒ. මිල්ටන් පෙරේරා දායක විය.කතා සාරාංශය මෙසේය.අප්පුහාමි (හර්බට් අමරවික්රම )ගමේ ධනවතාවේ.පොල් කඩන මාළු අල්ලන සුද්දප්පු (ඩී ආර්.නානායක්කාර )දුගියාය.පුංචි අප්පුහාමි (මිල්ටන් ජයවර්දන )ධනවතා ගේ පුතය.ඔහුට තරුණ නැගණියක් (ශ්රියාලතා සුබසිංහ ) වේ.සුද්දප්පු ගේ දියණිය කිරි (ජෙනි විනීප්රිඩා )වේ.ඇයට සහෝදරයෙක් වේ.(රෝයි හදාපාන්ගොඩ )පවුල් දෙකේ දරුවන් පිළිබද ගෙතුන කටකතාවක් නිසා කිපුණු අප්පුහාමි සුද්දප්පු සමග රගලයක පැටලේ.සුද්දප්පු ගේ පොරෝ පහරකින් අප්පුහාමි මියයයි .සුද්දප්පුට මරණ දඩුවම හිමි වුවත් පසුව සිර දඩුවමකට හැරේ.පසුව සමාව ලබා එන සුද්දප්පු පැවිදි බවට පත්වේ.අප්පුහාමි ගේ බිරිද (දෙනවක හාමිනේ )දසසිල් මාතාවක වේ.පුංචි අප්පුහාමි යලිත් කිරි ගමට කැදවා ගෙන එයි.කිරි ගේ අයියා පුංචි පප්පුහාමි ගේ නැගණිය හා එක්වේ.මිල්ටන් ජයවරදන ගේ සිනමා ආගමනය ද මේ චිත්රපටයෙනි.අමතර රංගන යට එච්,ඩී .කුලතුංග,ඇන්තනි සී පෙරේරා ,ශාන්ති ලේඛා ,කේ.ජී.මුනිදාස,ප්රැන්සිස් පෙරේරා අයිරාංගනී පෙරේරා,සිරි පෙරේරා දායක විය. මෙම ලිපිය සැකසීමේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්රී ලාංකේය සිනමා වංශය ග්රන්ථයද ගාමිණී වේරගම යන ගේ දේශීය සිනමා වංශය ග්රන්ථයද පරිශීලනය කළ බවද ඉසුර වික්රමාරච්චි ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.