Monday, October 31, 2022

184 වන චිත්‍රපටය ලෙස "දෙහදක දුක " චිත්‍රපටය

 1968 ඔක්තෝම්බර් 23 සිංහල සිනමාවේ 184 වන චිත්‍රපටය ලෙස  "දෙහදක දුක " චිත්‍රපටය තිරගත විය.මෙය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන්නේ රොබින් තම්පෝ විසිනි.සහාය අධ්‍යක්ෂණය සදහා ශ්‍රීමති රණසිංහ,බොනිපස් පෙරේරා දායක විය.. "නල්ලවනේ වාල්වන්" ද්‍රවිඩ චිත්‍රපට කතාව ඇසුරිනි..දෙබස් රචනය ඒ.ජේ.ද සොයිසා  වෙතිනි.කැමරා අධ්‍යක්ෂණය සදහා ඒ.එස්.පද්මනාදන්,එස් .දෙවේන්දර්න් සහ තුවාන් කිච්ල් දායක විය..සංස්කරණය ඒ .පක්‍ය දාසන් ගෙනි.තෝමස් ප්‍රනාන්දු සහ ජෝසප් ඇල්ප්‍රඩ් ද එක්ව තිබේ.කළා අධ්‍යක්ෂණය එච්.බී .දයාරත්නසහ ඩැනිස්ටර් පෙරේරා දායක විය.ශබ්ද පරිපාලනය රිචඩ් ද සිල්වා වේ.වේශ නිරුපනය ලෙනි කුරුප්පු වෙතිනි.සංගීත අධ්‍යක්ෂණය මොහමඩ් සාලි ගෙනි.රසායනාගාර සහය එස්.තිරුනවුකරසු සහ මහේන්ද්‍රන් දායකව තිබේ.ගීත පදමාල ධර්මසිරි ගමගේ ගෙනි.සුජාතා අත්තනායක ,ශ්‍රීමති රණසිංහ ,එච්.ආර්.ජෝතිපාල පසුබිම් ගායනා කර තිබේ.කතා සාරාංශය මෙසේය.මැතිවරණ රැස්වීමකින් චිත්‍රපටය ආරම්භවේ.ගුණ ගරුක ධනවත් තරුණයෙක් වූ ගාමිණි (ගාමිණි පොන්සේකා ) තරග වදින්නේ ධනවත් එහෙත් මසුරු සල්ලාලයෙක් වන හීන් හාමු (අසෝක පොන්නම්පෙරුම )සමගය .කිරි බණ්ඩා (මාක් සමරනායක )තම දියණිය චන්ද්‍රා (ලීනා ප්‍රනාන්දු ) ට අධ්‍යාපනය සදහා හීන් හාමුගෙන් නය මුදලක් ගෙන ඇත .චන්ද්‍රා ගේ පෙම්වතා ඩග්ලස් (ආනන්ද ජයරත්න ) ට රැකියාවක් නැත.ගාමිණි ගේ මැදිහත් වීමෙන් ඩග්ලස් ට පොලිස් පරීක්ෂක තනතුරක් ලැබේ.හීන් හාමු නය මුදල වෙනුවට චන්ද්‍රා විවාහ කරදෙන ලෙස කිරි බණ්ඩා ගෙන් ඉල්ලා සිටි.මේ නිසා දිවි නසා ගැනීමට යන චන්ද්‍රා ව ගාමිණි බේරා ගනියි.ගාමිණී නය මුදල ද ගෙවා දමයි.ගාමිණී චන්ද්‍රා හා ඩග්ලස් ගේ විවාහය ද සිදු කරවයි.හීන් හාමු ගාමිණි හා වෛර බද ගනී.නර්තනය සදහා හමු ගේ ගෙදර යන කමලා (විජිත මල්ලිකා ) හීන් හාමු ගේ බලහත්කාර කමින් මිදී පලායන විට ගාමිණි ට හමුවේ.ගාමිණී තම මිතුරකු  (එඩී ජයමාන්න ) ලවා කමලා පිරිමියෙක් ලෙස වෙස් ගන්වා නිවසට රැගෙන යයි.රහස එලිවූ පසු ඔහු කමලා විවාහ කරගනී.මේ අතර උක්කු සින්නෝ (ඩේවිඩ් ධර්මකීර්ති )මරා දැමු හීන් හාමු  බවට නගන චෝදනාවට ගමිනිව විවාහ දින රාත්‍රී ඩග්ලස් විසින් අත්අඩංගුවට ගනී.එයින් පලායන ගාමිණි වෙස්වලා ගෙන මිනීමරුවා සොයයි.උක්කු සින්නෝ ජීවතුන් අතරය.ගාමිණි චෝදනාවෙන්  නිදහස් වේ.සෙසු රංගන දායකත්වයට පියදාස ගුණසේකර,බී.එස්.පෙරේරා,ශාන්ති ලේඛා ,ජෝ ලිවේරා,ලිලියන් එදිරිසිංහ, පීටර් ගුනවර්දන,මානෙල් පොන්නම්පෙරුම,පියරත්න එම.සෙනරත්,බොනිපස් ප්‍රනාන්දු යනාදීන් එක්විය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Wednesday, October 26, 2022

183 වැන්න " දහසක් සිතුවිලි " චිත්‍රපටය

 සිංහල කතානාද සිනමාවේ 183 වැන්න " දහසක් සිතුවිලි " චිත්‍රපටය වේ.තිරගත වන්නේ 1968 සැප්තැම්බර් 20 දිනදීය.හෙළ කළා පෙළ නිෂ්පාදනයකි.ජී.ඩී එල් .පෙරේරා ගේ අධ්‍යක්ෂණයකි.කතාව හා තිරපිටපත ද ජී.ඩී එල් .පෙරේරාම වේ.කැමරා අධ්‍යක්ෂණය ඩී .බී.නිහාල්සිංහ ගෙනි. සහාය කැමරා අධ්‍යක්ෂණයට කේ.ඩී .දයානන්ද සහ එම් .වී . හේමපාල දායක විය. සංස්කරණය එස්.ඒ. නිසාර් ගෙනි.ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග  සමග මර්වින් රොඩ්රිගෝ  වේ.කළා අධ්‍යක්ෂණය ගාමිණි වික්‍රමසේකර ගෙනි. රසායනාගාර සහාය ජෙරල්ඩ් ජයවර්දන වේ.සංගීත අධ්‍යක්ෂණය ජයතිස්ස අලහකෝන් වේ.දේවානන්ද වෛද්‍යසේකර සමග නන්දාමාලනි පසුබිම් ගීත ගායනා  කළේය. පද රචනා නිමල් වික්රමසේකර වේ.කතා සාරාංශය කතාන්තර රීතියන් බාහිරව සිද්දීදාමයක් මුල්ව චිත්‍රපටය නිර්මාණය විය.ලලිත් (හෙන්රි ජයසේන )ප්‍රධාන ලිපිකරු මුහුණදෙන මානසික ගැටුම මෙහි තේමාව විය.සලරුව අර්බෙන්නේ මංගල්‍ය උත්සවයක දර්ශනයකිනි .මංගල්‍ය යට පැමිණෙන ලලිත් කිසිවකු දකිනු රිසියෙන් විටින් විට විමසිලි මත්ව සිටි.තමා ගේ සේවා ස්ථානයට අලුතින් පැමිණෙන නිලන්ති (නිලන්ති විජේසිංහ )කෙරෙහි ලලිත් ගේ සිතේ ආදරයක් ඇතිවේ.ලලිත් ගේ මිත්‍ර සනි (ජෝ අබේවික්‍රම )මිට උදව් දේ.නවීන විලාසිතා ඇති කෙළිලොල් ජීවිතයට කැමැත්ත නිලන්ති ගේ වේ.ලලිත් සුළු දෙයින් පවා සැලෙන කෙනෙකි.එම ආයතනයේම සේවය කරන සාගර (ධම්ම වන්නිආරච්චි ) සමග නිලන්ති ගේ සම්බන්ධයක් ඇතැයි ලලිත් සැක කරයි  දෙදෙනා එක්ව තමන් රවටා විනෝද ගමනක ගිය බව ඔහුගේ විශ්වාසය වේ.මේ නිසා ලලිත් බීමට ඇබ්බැහි වේ.මේ නිසා මව (දෙනවක හාමිනේ ) මෙන්ම සොයුරිය (මාලනී පොන්සේකා ) දුකට පත්වේ.සනි සමග සාගර සොයායන ලලිත් සාගරට පහර දීමට සැරසේ. මේ කිසිවක ඇතුලත නොදන්නා නිලන්ති වික්ෂිප්ත වේ.අවසානය මාරුවක් ගෙන නුවර ට යන ලලිත් තම හිත හදා ගන්න උත්සාහ ගනී.අමතර රංගනය ඩී .ආද.නානායක්කාර ,ටෝනි රණසිංහ,සුමනා අමරසිංහ,ලියෝනි වීරසිංහ,චන්ද්‍රා කළුආරච්චි,එල්සන් දිවිතුරුගම ,බුද්ධි  වික්‍රම ,පී.බී.මයිල්ලෑව, චම්පා ලියනගේ,අසෝකා වීරසිංහ ,සුවිනීතා සුබසිංහ,අයිරාංගනී පෙරේරා දායකව තිබේ.

    1969 සරසවිය සම්මාන උළෙලේ, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය සඳහා සම්මාන සහ වසරේ හොඳම චිත්‍රපට පහ අතර මුල්තැන ද හිමි විය.

ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ 1969 සම්මාන උළෙලේ හොඳම තිර රචනය, හොඳම නළුවා, හොඳම ඡායාරූප ශිල්පය සම්මාන 1969 දී නවදිල්ලියේ අන්තර් ජාතික චිත්‍රපට උළෙල ද නියෝජනය කළේය.

1969 විචාරක සම්මාන උළෙලේ දී හෙන්රි ජයසේන හොදම නළුවා ලෙස තේරිණි. නිහාල්සිංහ හොදම කැමරා අධක්ෂක ලෙස තේරිණි.

දහසක් සිතුවිලි සමඟින් ‘නිහඬ කතාවක්’ කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

 

 


Thursday, October 20, 2022

182 වන චිත්‍රපටයයි. "රුහුණු කුමාරි"

 1968 සැප්තැම්බර් 18 තිරගත වුවේ කතානාද සිනමාවේ 182 වන චිත්‍රපටයයි. "රුහුණු කුමාරි" ඒ චිත්‍රපටය වේ .මෙය නිෂ්පාදනය කොට අධ්‍යක්ෂනය කලේ ඩබ්ලිව්.එම් .එස් .තම්පෝ විසිනි .කතාවදෙබස්  හියුගෝ ප්‍රනාන්දු ගෙනි.කැමරා අධ්‍යක්ෂණය එස්.දේවේන්ද්‍ර වේ.නෝමන් ප්‍රනාන්දුගේ සංස්කරණයකි.කළා අධ්‍යක්ෂණය එල්.බී.කේ.ඩයස් වේ.ශබ්ද පරිපාලනය රිචඩ් ද සිල්වා වේ.වේශ නිරුපනය ලෙනින් කුරුප්පු ගෙනි. සටන් අධ්‍යක්ෂනය රොබින් ප්‍රනාන්දු සමග ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ගෙනි.සංගීත අධ්‍යක්ෂණය තිලක් කරුණාතිලක ගෙනි පසුබිම් ගායනා සදහා එච්.ආර්.ජෝතිපාල,සුජාතා අත්තනායක ,ලතා වල්පොල ,මොහිදීන් බෙග්,දායකව තිබේ.කතා සාරාංශය ගාල්ලේ දීප්ති (නීටා ප්‍රනාන්දු ) වේ.පාල (ස්ටැන්ලි පෙරේරා )හා නිහාල් (රෝයි ද සිල්වා) වොලිබෝල් තරගයකට කොළඹ සිට ගාල්ලට යයි.ඔවුන් ගේ වැන් රියෙබෝන්ට්ටුවේ සිට බිමට පැනීම නිසා දීප්ති ට තුවාල වෙයි..මේ සිදුවීමෙන් පසුව දීප්ති හා නිහාල් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවේ.දොස්තර විභාගයට සතියක් තබා දීප්ති බැලීමට  කොළඹ සිට එන නිහාල්  ගේ යතුරු පැදිය  අනතුරකට ලක්වේ.මේ බව දන්වා එවන ලිපිය දීප්තිට ලැබෙන්නේ ද නැත.සිතින් වේදනා විදින දීප්ති රැකියාවක් සොයා කොළඹ එයි.කොළඹදී තරුණියක හා සිටින නිහාල් දකින දීප්ති එය වරදවා තේරුම් ගනී.නිහාල් ගේ මංගල්‍ය යි සැක  සිතා  දීප්ති යන  මංගල උත්සවයකදී මේ අවුල විසදෙ.නිහාල් දෙපා නැති අයකු බව දීප්ති දැන ගනී.ඒ යතුරු පඩි අනතුරේ ප්‍රතිපලය වේ.එය නොතකන දීප්ති නිහාල් තම සැමියා ලෙස තෝරාගනී.නිහාල් ගේ පියා රුහුණේ ශේස්ට කාන්තාවන් සිටින බවත් දීප්ති රුහුණු  කුමාරියක් බවත් පවසයි.තම්පෝ ගේ අවසන් චිත්‍රපට අධ්‍යක්ෂණය ද මෙයවිය.අතිරේකව රංගනයට ඩොමී ජයවර්දන,රොබින් ප්‍රනාන්දු,ඇන්තනි සී පෙරේරා ,ගර්ලි ගුනවර්දන ,හියුගෝ ප්‍රනාන්දු,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,දොන් සිරිසේන ,බී.එස්.පෙරේරා,මානෙල් පොන්නම්පෙරුම ,ලිලියන් එදිරිසිංහ,පද්මා ස්වර්ණකාන්ති,පියරත්න එම් .සෙනරත්,සීත කුමාරි,අනුෂා ගීතාන්ජලි,සුරියරානි පෙරේරා දායක විය.

                මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Wednesday, October 19, 2022

181 වන චිත්‍රපටය "ඉදුනිල " චිත්‍රපටය

 සිංහල කතානාද සිනමාවේ 181 වන චිත්‍රපටය  "ඉදුනිල " චිත්‍රපටය වේ.1968 අගෝස්තු 20 මෙය තිරගත විය.බී.ඩී .එල්. ඩබ්ලිව් .සිරිසේන සහ කිංස්ලි රාජපක්ෂ   නිෂ්පාදන්‍යා කළේය.අධ්‍යක්ෂණය කිංස්ලි රාජපක්ෂ ගෙනි.කතාව කිංස්ලි රාජපක්ෂගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි. දෙබස් ආනන්ද සිරිසේන වේ.කැමරා අධ්‍යක්ෂණය තිමති වීරරත්න වේ.සංස්කරණය සිරිල්  කේ විතාරන  ගෙනි.ශබ්ද පරිපාලනය නිමල් වීරක්කොඩි සහ ටී සෝමසුන්දරම් වේ.රෝහණ මුදන්නායක වේශ නිරුපන ශිල්පියාවේ.සංගීත අධ්‍යක්ෂණය ලයනල් අල්ගම ගෙනි.මඩවල එස්.රත්නායක ,පියසිරි විජේරත්න ගී පදමාලා රචනා කර තිබේ.කතා සාරාංශය මැණිකක්  ලැබීම නිසා වන කරදරයක් ගැන කතාව විය.සුවාරිස් සිල්වා (අසෝක පොන්නම්පෙරුම )පහත රට සිට මැණික් ගැරීමට රත්නපුර  නිල් අරඹට පැමිණේ.කුරිරු ගති ගුණ ඇත්තෙකි .තමාට මැණික් නොලැබෙන්නේ රුම් කරුවන් සොරකම් කරන නිසායයි ඔහු සැක  කරයි.කරුන්කා පුවක් ගෙඩියක් ඉනේ සගවා ගෙන සිටින සේවකයන්ට පවා පහර දෙයි.ගුණසිරි (ටෝනි රණසිංහ )යහපත් ගැමි තරුණයෙකි.ඉන්දුමතී (ජීවරාණි කුරුකුලසූරිය)ගුණසිරි ගේ පෙම්වතිය වේ.ගුණසිරි,රන් බණ්ඩා (රොබින් ප්‍රනාන්දු )සහ ජෝන් සිංනෝ (ගාමිණි අබේසිංහ ) පතලේ  සේවකයෝ වේ.රන් බණ්ඩා අයුක්තියට එරෙහිවේ.  ජෝන් සිංනෝ අරක්කු වලට වහ වැටී සුවාරිස්ට එක්වේ.මව ගේ අසනීපයට ඉගුරු අලයක් හාරන ගුනසිරිට ලැබෙන ගලක් ගුණසිරි විසි කරයි .මව මිය යයි ඉන්දුමතී ගේ මව කැමති නොවේ.පියා කිසිවක් නොකියයි.මවගේ සත් දවසේ දානය දීමට ගනසිරි සුවාරිස් ගෙන් මුදල් ඉල්ලු විට සුවාරිස් කුඹුර උගසට ඉල්ලයි. දානය දිනයේ ගුණසිරි විසිකළ ගල හමුවේ.ඉන්දුමතී ගේ පියා සමග ගල විකිණීමට යන ගුනසිරිට සුවාරිස් ගේ මැරයෝ පහර දෙයි.ගුණසිරි ගේ නිවසට ද ගිනි තබයි.මින් කිපෙන ගැමියෝ සුවාරිස් ගේ වාඩියට යයි.මේ අතර ජෝන් සිංනෝ සමග ආරාවුලක් ඇතිකර ගන්නා සුවාරිස් ජෝන් සිංනෝ ට  වෙඩි තැබීමට සැරසේ.එවිට වන අලි රංචුවක් පැමිණ සුවාරිස්ට පහර දෙයි.ගුණසිරි හා ඉන්දුමතී විවාහ වේ.විවාහ වන දෙදෙනා විහාරස්තානයට යන දර්ශනයෙන් චිත්‍රපටය නිමාවේ.සෙසු රංගනය ඩේවිඩ් ධර්මකීර්ති,ඩී .ආර් .නානායක්කාර ,තලතා ගුණසේකර, බර්ටම් ප්‍රනාන්දු,ජෙසිකා වික්‍රමසිංහ,ඇග්නස් සිරිසේන,ආනන්ද සිරිසේන,එම් .වී.බාලන්,එම් .එස්.ප්‍රනාන්දු,ආරියපාල සේනාදීර,ලක්ෂ්මී බායි,කිංස්ලි ජයසේකර,ඇල්ප්‍රඩ් පෙරේරා,ජෝර්ජ් පෙරේරා,ඒ.ජේ.ද සොයිසා යනාදීන් දායකවිය.1969 සරසවි සම්මාන උළෙලේ හොදම චිත්‍රපට 5 එකක් ලෙස මේ  චිත්‍රපටය   නිර්දේස විය.  හොදම සහාය නළුවා ලෙස අසෝක පොන්නම්පෙරුම ද හොදම ශබ්ද පරිපාලනය ලෙස නිමල් වීරක්කොඩි හා ටී සෝමසේකරන්  ද සම්මාන ලැබීය.1970 ගුවන් විදුලි ශ්‍රාවක චන්දයෙන් හොදම නළුවා ලෙස  ටෝනි රණසිංහ සම්මාන ලැබීය.

                 මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Friday, October 14, 2022

180 වැනි සිංහල කතානාද චිත්‍රපටයයි.ඒ "හැංගි හොරා"

 1968 ජුලි 30 තිරගත වන්නේ 180 වැනි සිංහල කතානාද චිත්‍රපටයයි.ඒ  "හැංගි  හොරා" චිත්‍රපටය වේ.ගිල්බට් ගුණරත්න සහ රෝහිනී ජයකොඩි  ගේ නිෂ්පාදනයකි.රෝහිනී ජයකොඩි ගේම  අධ්‍යක්ෂණයකි.සිංහල සිනමාවේ චිත්‍රපට අධ්‍යක්ෂණයට එක්වූ තුන්වන නිළිය රෝහිනී ජයකොඩි වේ.කතාව හා දෙබස් ද රෝහිනී ජයකොඩි ගෙනි.කැමරා අධ්‍යක්ෂණය එම් .ඩී .සුමනසේකර වේ.සංගීත අධ්‍යක්ෂණය ෂෙල්ටන් පේමරත්න වේ.පසුබිම් ගායනා ඉන්ද්‍රානි සේනාරත්න,සුජාතා අත්තනායක ,හැරුණ ලන්ත්‍රා ,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,රන්ජන් ජයතිලක,නිර්මලා අතපත්තු දායක විය.පදමාලාවන් නිහාල් ඒ.ජයසිංහ ගෙනි.ගෙනි. කතා සාරාංශය මෙසේය.සමන් (ටෝනි රණසිංහ )උගත් එහෙත් රැකියාවක් නැති තරුණයෙකි.රත්නායක වලව්වට අයත් පොල්වත්තක හොරෙන් කුරුම්බා කඩන ඔහු මුරකරුට ඇසුවේ.ඔහු සමන් ගසක බදියි.එවිට ශ්‍රියා (සන්ධ්‍යා කුමාරි )පැමිණ සමන් බේරා ගනී.ඇය රත්නයක වලව්වේ අධිපති (අසෝක පොන්නම්පෙරුම ) ගේ දියණිය වේ.රත්නායක හාමු ගේ සොයුරිය ජයසේකර මැතිනිය වේ (රෝහිනී ජයකොඩි)ඇයගේ  පුතා සැම් (ඩොමී ජයවර්දන ) සෙල්ලක්කාරයෙකි. දිනක් බීමත්ව රථයේ වැටි සිටින සැම් රථය සමග නිවසට ගෙන එන්නේ සමන් වේ.මේ නිසා ජයසේකර මැතිනියගේ මැදිහත් වීමෙන් සමන්ට රත්නායක වතුවල රැකියාවක් ලැබේ.මේ අතර සමන් හා ශ්‍රියා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවේ.ජයසේකාර මැතිනියට අවශ්‍ය වන්නේ ශ්‍රියාව සැම් ට විවාහ කරදීමටය.සැම් විදේශ ගතවේ.ජයසේකර බංගලාවේ සිටි පද්මා (නිරූපා  ජයකොඩි )ට දරු උපතක් ඇතිවේ.ජයසේකර මැතිනිය පද්මා නිවසින් පලවා හරි.සමන් හා ශ්‍රියා එක්ව පද්මා ආරක්ෂා කිරීමට උත්සාහ ගනී.පද්මා කවුරුද යන්න නොහගවා ඇය සෑම්ට විවාහ කර දීමට සමන් හා ශ්‍රියා සමත් වේ.අවසානයේ සැම්  පද්මා භාරගන්නේ පද්මාගේ දරුවාගේ පියා තමා බව පිළිගනිමිනි.සමන් හා ශ්‍රියා ද එක්වේ.අමතර රංගන දායකත්වය ඩී .ආර්.නානායක්කාර ,පියදාස ගුණසේකර,දෙනවක හාමිනේ ලිලියන් එදිරිසිංහ,සිරිමතී රසාදරී,දොන් සිරිසේන,වීනා ජයකොඩි,ප්‍රියදර්ශනි පෙරේරා,රන්ජනී පෙරේරා,පුන්‍යා බුලත්සිංහල,හිල්ඩා ඇග්නස්,දමිතා ප්‍රනාන්දු,එඩ්වින් පෙරේරා ආදීන්ය.මෙහි හැරුණ ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක ගැයූ "හංස රානි ආදරේ " ගීතය ජේ.ඒ.මිල්ටන් පෙරේරා සමග සුජාතා අත්තනායක  ගැයූ "ගමන දුරයි කිරියෝ " ගීත එදා මෙන් අදත්  අතිශයින්ම ජනප්‍රිය විය.රෝහිනී ජයකොඩි ගේ දියණියන් දෙදනාම මෙහි රංගනයට දායක වීමත් විශේෂයකි.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Tuesday, October 11, 2022

1968 - මයි 26 දින "ඇමතිකම" 179 වැන්න ලෙසයි.

 1968  - මයි 26 දින "ඇමතිකම"  චිත්‍රපටය තිරගත වන්නේ සිංහල කතානාද සිනමාවේ 179 වැන්න ලෙසයි.මෙම චිත්‍රපටය ප්‍රහසනයකි .දේශපාලන අර්ථ සහිත නිර්මාණයකි. එවැනි විෂයක කතාවක් රැගත්  පළමුවැන්න වේ.එස්.පී.මුත්තයියා (එස්.පී.එම්  ) ගේ නිර්මාණයකි.නිහාල් ඒ.ජයසිංහ ගේ අධ්‍යක්ෂණයකි. කතාව  සහ තිර පිටපත  කිත්සිරි නිහාල් ජයසිංහ වේ. කැමරා අධ්‍යක්ෂණය ජේ.සෙල්වරත්නම් වේ.ශබ්ද පරිපාලනය මර්වින් බෙන්ස් වේ.රුද්රානි සහ රොනල්ඩ් නැටුම් අංග චලන අධ්‍යක්ෂණය කර තිබේ. සම්ප්‍රදායික නැටුම් වාදන පනීභාරත ගෙනි. සංස්කරණය ගෝපිනාත්  සහ  වින්සන්ට් ඩේවිඩ්  ගෙනි.රසායනාගාරය කදානේ එස්.පී.එම්  රසායනාගාරය වේ.සහාය අධ්‍යක්ෂණයට ෂර්ලි පී.විජේරත්න දායකව තිබේ.ආර්.මුත්තුසාමි මාස්ටර් ගේ සංගීත අධ්‍යක්ෂනයකි .නිහාල් ජයසිංහ කරුණාරත්න අබේසේකර ගීත පදමාලා රචනා කළේය.ජේ.ඒ.මිල්ටන් පෙරේරා,එච්.ආර්.ජෝතිපාල ,මොහිදීන් බෙග්,ධර්මදාස වල්පොල ,සුජාතා අත්තනායක ,සිරිමතී රණසිංහ,රොම්ලස් පෙරේරා,කොලින් රුද්‍රිගෝ,නොයෙල් ගුණරත්න ,බී.එස්. පෙරේරා පසුබිම් ගායනයෙන් දායකව තිබේ.

කතා සාරාංශය   ගම්පතියෙක්වන බස්තියන් නෙත්තසිංහ (හියුගෝ ප්‍රනාන්දු )ධනවතෙකි.පිලොරිස් බටුගොඩ (ජෝ අබේවික්‍රම )පරණ කඩේ මුදලාලි වේ.පිලොරිස් හිත හොද නිසා පහසුවෙන් රැවටේ .බබානිස් ගුරුන්නාන්සේ (ඩී .ආර් .නානායක්කාර )පිලොරිස් ගේ හදහනේ රාජ යෝගයක් තිබේ යයි රවටා මැතිවරණයට ඉදිරිපාත් කරවයි පිලොරිස් ගේ බිරිද (සිරිමතී රසාදරී) මෙයට විරුද්ධ වේ.පිලොරිස් ගේ තරගකරු බස්තියන් වේ.බබානිස් ගේ බිරිද (පර්ල් වාසුදේවි)සහාය දෙන්නේ බස්තියන්ටය.බස්තියන් හාවා ලකුණෙන් ද පිලෝරිස් ඉබ්බා ලකුණෙන් ද තරග වදී .මේ තරගය විවිධ හාස්‍යෝත්පාදක සිද්දීන් සමග ඉදිරියට යයි.වරෙක් ඉබ්බන් ගැන ලිවූ වෙද  ලිපියක් නිසා පිලොරිස් පුවත් පත් කාර්යාලයකට ගර්ජනා කරයි.පිලොරිස් ගේ දුව නන්දිතා (සන්ධ්‍යා කුමාරි )පුවත්පත් කලාවේදියෙක් වන සේනක (එච්.ආර්. ජෝතිපාල )සමග පෙමින් බැදී සිටි.පිලොරිස් ගේ කැමැත්ත සුබසිංහ ගේ පුත් සිවිල් නිලධාරි අනිල්ට (මිල්ටන් ජයවර්දන )නන්දිතා විවාහ කර දීමටය.එහෙත් අනිල් සේනක සේවය කරන පුවත් පත් කාර්යාලයේ සිටින තරුණියකට පෙම් කරයි.මැතිවරණයෙන් ජන්ද 2111 බස්තියන් ලබන අතර පිලොරිස් 111 ලබා අපය ද රාජ සන්තක වේ.මේ නිසා පිලොරිස් උමතු වේ.මේ නිසා සුබසිංහ පිලොරිස් ද විරසක වේ.පසුව යතා තත්වය තේරුම් ගෙන පිලොරිස් සුව වේ.නව මන්ත්‍රී බස්තියන්ට සුබ පතයි.නන්දිතා හා සේනක පෙම්වතුන් එක්වේ.

    චිත්‍රපටය පුරාම උපහාසය දකිත හැක.වර්තමානයේ මෙන් දෙපිලට බෙදී සැමියා බිරිද දේසපාලන ගැතිකම ,හොර ජන්ද දැමීම,නැකත් නවග්‍රහ පුජා  යාතිකා බාර හැර වීම ,පෙරහරින් දෙසපාලකයන් පිළිගැනීම් , වන්දිභට්ටකම් අනේකය .පරාද වූ පිලොරිස් නව මන්ත්‍රීට කියන්නේ "දැන් ඉතින් මගේ වතු පිටි ඔබතුමා රැකදෙන්න ඕනෑ "යනුවෙනි.චිත්‍රපටය නිමා වෙන්නේ "මුසාවාදා වේරමනී සික්ඛා පදං "වැකියෙනි.

සෙසු රංගන දායකයෝ බී.එස්.පෙරේරා,එඩී ජුනියර්,ලිලියන් එදිරිසිංහ,අයෝනි වීරසිංහ ,එම් .වී.බාලන් ,හිල්ඩා ඇග්නස්,පුජිත මෙන්ඩිස්,ජෝ ලිවේරා ,ජෙසිකා වික්‍රමසිංහ,මධුලතා ප්‍රනාන්දු,සුනිල් වෙස්ලි පෙරේරා,එඩ්වින් පෙරේරා ආදීන්ය.

මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.