Wednesday, November 23, 2022

1969 මාර්තු 21 තිරගත වුවේ "නාරිලතා සමග පිං ගොනා "

 1969 මාර්තු 21 තිරගත වුවේ  "නාරිලතා සමග පිං ගොනා " නැමති චිත්‍රපට යුගලය වේ සිංහල කතානාද සිනමාවේ 192 වන්නැයි .පිං ගොනා කෙටි චිත්‍රපටයකි.එල් දාවිත් සින්නෝ නිෂ්පාදක වරයා  විය. තිස්ස ලියනසුරිය ගේ අධ්‍යක්ෂණයකි.   දෙබස් මෙන්ම ගීත රචනයට ද ධර්මසිරි ගමගේ දායක විය.කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ.බී .ද සිල්වා ගෙනි.සංස්කරණය අහමඩ් ගපුර් වේ.කලා  අධ්‍යක්ෂණය ගුණරත්න රත්නායක වේ.මර්වින් බෙන්ස් ගේ ශබ්ද පරිපානය කි.වේශ  නිරුපනය රොහාන් මුදන්නායක විය.සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස මාස්ටර් වේ. නැටුම් අධ්‍යක්ෂණය එස්.මලල් ගෙනි.ගීත රචනා  අරිසෙන් අහුබුදු,  ජෝර්ජ් ලෙස්ලි රනසිංහ කරුණාරත්න අබේසේකර ආදීන් වේ. වික්ටර් රත්නායක,සුජාතා අත්තනායක ,ශාන්ති ගීතදේව,නන්දා මාලනී, පසුබිම් ගායනයට දායකව තිබේ .කතා සාරාංශය රන්ජිත් (ටෝනි රණසිංහ )උඩරට අගුරු  දුම්රියේ නියාමක වරයෙකි.සෝමා (අනුලා කරුණාතිලක )ඔහුගේ බිරිද විය.රමණි(බේබි රියාෂා) මේ දෙදෙනා ගේ දියණිය විය.දුම්රියේ රියදුරු සුරේන්ද්‍ර (කිත්සිරි පෙරේරා )දුම්රිය රියදුරු වේ.එහි පයර්මන් අල්පෙනිස් (ජෝ අබේවික්‍රම )වුවාය.මේ තිදෙනා හොදම මිතුරන් ද වුවාය.වැසි සහිත දිනක තරුණියක් කලබලයෙන් දුවවිත් ගමන් කරන දුම්රියේ  නියාමක මැදිරියට ගොඩවේ .නියාමක මැදිරියේ පිටස්තර කෙනකුට යාම තහනම්ය.ගමන් ගන්න්න දුම්රිය නිසා රන්ජිත් මෙය ඉවසා සිටි.මේ දෙදෙනා ගේ කතාබහෙන් දෙදෙනා අතර සම්බන්ධයක් මතුවේ.මේ තරුණිය දේවිකා (සන්ධ්‍යා කුමාරි )නම් විය.නුවර සමාජ ශාලාවක නලගනකි.සමාජ ශාලා අයිතිකරු විල්සන් (එච්.ඩී .කුලතුංග )සමග දේවිකා ගේ සම්බන්ධයක් තිබුනත් රන්ජිත් නිසා ඇය  විල්සන් ගෙන් ඈත්වෙයි.දේවිකා සමග ජීවත්වීම අරඹන රන්ජිත් බිරිද සෝමා ගෙන ද මිතුරන් ගෙන් ද ඇත්වේ .ඔහු  දේවිකා ගේ නළගන වෘතිය ද නවතා දමයි.පියා නොඑන ශෝකයෙන් රමණි අසනීප වේ.රන්ජිත් දරුවා බැලීමද ප්‍රතික්ෂේප කරයි .දුකට පත්වන සෝමා දුම්රියට පැන දිවි නසාගැනීමට දරන උත්සාහය වළකින්නේ සුරේන්ද්‍ර හා අල්පෙනිස් නිසාය.දේවිකා හමුවන සුරේන්ද්‍ර තම වරද දේවිකාට පහදා දේ.රන්ජිත් විවාහක පියෙක් බව හෙළි කරයි.මේ අතර එහි පැමිණෙන විල්සන් දේවිකාට අඩන්තේට්ටම් කරන විට විල්සන් හා ගැටෙන සුරේන්ද්‍ර අතින් විල්සන් මියැදේ .සුරේන්ද්‍රට නීතියෙන් වසර දෙකක දඩුවමක් නියම වේ.රන්ජිත් බිරිද හා දරුවා වෙත යයි.සුරේන්ද්‍ර නිදහස් ව එනතුරු  බලා සිටින බවට දේවිකා පොරොන්දු වේ.

     නාරිලතා සමාග තිරගත වූ පිං ගොනා චිත්‍රපටය ද තිස්ස ගේ අධ්‍යක්ෂණයකි.මුදලිනායක සෝමරත්න ගේ කතාවක් ඇසුරිනි. දොන් සිරිසේන  ,දේවිකා කරුණාරත්න ,ඩී .ආර්.නානායක්කාර  ,චිත්‍ර ා වාකිෂ්ඨ ,මෙහි රංගනය විය ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයම විය. රැකියාවක් නැති මෝඩ තරුණයකු වන පින්හාමි (දොන් සිරිසේන )ජීවත් වන්නේ තම බාප්පා (ඩී  .ආර් .නානායක්කාර ) සමගිනි.ඔහු තමාට විවාහයක් කරදෙන මෙන් නිතර බාප්පාට ඇවිටිලි කරයි.අල්ලපු ගමේ සුරුපි තරු නියක් (දේවිකා කරුනාරත්න )ඔහුට ජෝඩු කරයි.මේ  හා සිදුවන හාස්‍යමය සිදුවීම් මේ කෙටි චිත්‍රපටයේ සාරය විය.

         1970 පැවැති 7 වැනි සරසවිය සිනමා උළෙලේදී  නාරිලතා චිත්‍රපටය හොඳම කැමරා ශිල්පී,ඩබ්ලිව්.ඒ.බී .ද සිල්වා හොඳම සංස්කාරක,අහමඩ් ගපුර් හොඳම ගායිකාව (ලතා වල්පොල), හොඳම ශබ්ද පරිපාලක  මර්වින් බෙන්ස් හොදම සංගීතය ප්‍රේමසිරි කේමදාස  සම්මාන දිනූ අතර වසරේ හොඳම චිත්‍රපට තුන අතරට ද තේරුණි.කිත්සිරි පෙරේරා ගේ රංගනය ද විචාරක ප්‍රසංශාවට ලක්විය.මේ චරිතයට ගාමිණි පොන්සේකා රංගනයට සිටියත් ඔහුට දින ලබා ගැනීමේ ගැටළුවක් නිසා ඉවත්ව තිබේ.ගාමිණීට නොදෙවෙනි වන ලෙස ප්‍රශස්ත රංගනයක් කිත්සිරි පෙරේරා කලබව විචාරක මතයයි.

                 මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි


Monday, November 21, 2022

සිංහල කතානාද සිනමාවේ 191 වැන්න " කොහොමද වැඩේ "චිත්‍රපටයයි.

 සිංහල කතානාද සිනමාවේ 191 වැන්න " කොහොමද වැඩේ "චිත්‍රපටයයි.තිරගතව තිබෙන්නේ 1969 මාර්තු 05 වන දිනදීය.ටී.එන් .හසන් ගේ නිෂ්පාදනයකි.අධ්‍යක්ෂණය එස්.රාමනාදන් විසිනි.කේ.එස්.ගෝපාල් ක්‍රිෂ්ණන් අධ්‍යක්ෂණය කල "අයිරාම් රූපායි" දමිළ චිත්‍රපටයේ ඇසුරිනි තිර රචනය සහ සංස්කරණය ද  එස්.රාමනාදන් වේ.කතාව සහ දෙබස් පුන්‍යා බුලත්සිංහල ගෙනි.කැමරා අධ්‍යක්ෂණය ලිනී ද කොස්තා වේ.නැටුම් අධ්‍යක්ෂණය එම.වී.බාලන් ගෙනි.සංගීත අධ්‍යක්ෂණය ආර්.මුත්තුසාමි මාස්ටර් වේ.පසුබිම් ගායනා ඩබ්ලිව්.ඩී අමරදේව,සුජාතා අත්තනායක,ධර්මදාස වල්පොල ,ලතා වල්පොල දායක  විය.කතා සාරාංශය රිචඩ් ඇල්ප්‍රඩ් ජයසුන්දර (අසෝක පොන්නම්පෙරුම )රාත්‍රී සමාජශාලා හිමියෙකි. රිචඩ් එහි සේවය කරන කරුනා (සෝනියා දිසා ) විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටි.ඔහු කොළඹ නැති දිනක රිචඩ් ගේ මිතුරු වික්‍රමසුරිය රිචඩ් ගේ රියදුරු සයිමන් හා එක්ව කරුණා පැහර ගෙන යයි.කරුණාට බලහත්කාරකම් කරන විට එහි පමිණෙන සරත් (ඔස්වල්ඩ් ජයසිංහ )කරුණා බේරා ගෙන නිවසට ඇරලවයි .කරුණා රැකියාවක් නැති සරත් ගැන අනුකම්පාවෙන් වෙළදාමක් පටන් ගැනීමට සරත්ට මුදල් දෙයි.ඔහු සුළු සුළු වෙළදාමක් අරඹයි.මේ අතර එළවලු  වෙලන්දියක් වන කටකාට ජෝසී නෝනා ගේ (ක්ලැරිස් ද සිල්වා )පරිභව වලට මුහුණ දීමට සිදුවේ.නමුත් සරත් ගේ ගතිඥ වලට පැහැදෙන ජොසී තම නිවසේ නැවතීමට සරත්ට ආරාධනා කරයි.ජෝසී තමන් උපයන මුදල් ද සරත්ට දෙයි.සරත් තමාගේ මුදල් හා ජෝසී ගේ මුදල් ද කරුණා ලග ආරක්ෂාවට තබයි.සරත් ගේ වෙළදාම දියුණුවේ.රිචඩ් මුදල් දී කරුණා වාසග කර ගැනීමට උත්සාහ කලද කරුණ රිචඩ් දෙන මුදල් විසි කරයි.ඒ මුදල් මිටියක් අසලින් ගමන් කරන ජෝසී ගේ එලවලු වට්ටියට වැටේ .අහම්බෙන් ලැබූ මුදල් නිසා ජෝසී ගේ පිළිවෙත වෙනස් වේ.එයින් සරත් කලකිරේ.සරත් කරුණා ගේ නිවසට යනු දකින ජෝසී සරත්ව  නිවසින් එලවා දමයි.පසුව සරත් හා කරුණා ගේ සංවාදයක් අසන ජෝසී ඇත්ත වටහා  ගනී.නැවත සරත්ට නිවසට ආරාධනා කරයි. ජෝසී නිවසට පැමිණි පසු දකින්නේ තම සොයුරිය මිය ගොස් ඇති ආකාරයයි.උමතු බවට පත්වන ජෝසී පොලිසියට ඇසුවේ.තමාට මුදල් ලැබුන ආකාරය ය පොලිසියට පවසයි.මේවා හොර නෝට්ටුවේ.රිචඩ් ගේ සමාජශාලාව පොලිසිය විසින් වටලයි.ජෝසී හා සරත් සුපුරුදු ලෙස වෙළදාමට බසී.අමතර රංගනයෙන් ඇන්තනි සී පෙරේරා,තලතා ගුනසේකර,,බී.එස්.පෙරේරා,දොන් සිරිසේන,ලිලියන් එදිරිසිංහ,පුජිත මෙන්ඩිස්,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,ශාන්ති අමරසිංහ,අජිත් මෙන්ඩිස්‌ ,ලක්ෂ්මි පෙරේරා,ශිරෝමි ජයකොඩි,විනි රන්වල,වීනා ජයකොඩි,එඩ්මන් සමරනායක,පුන්‍යා බුලත්සිංහල දායකව  තිබේ..මංගල දර්ශනය සොලිසිටර් ජනරාල් එල්. බී. ටී. ප්‍රේමරත්න හා එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැෆයර් සිනමා ශාලාවේදී1969 මාර්තු 05  සවස 6.00 ට පැවැත්විණ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Sunday, November 20, 2022

ඔබ නැතිනම් 190 වැන්නයි .1969 පෙබරවාරි 27 මේ චිත්‍රපටය තිරගත විය.

 මහාදේවන් වේලුපිල්ලේ බාලක්‍රිෂ්ණන් හෙවත් එම්. වී.බාලන්  අධ්‍යක්ෂණය කල ප්‍රථම චිත්‍රපටය "ඔබ නැතිනම් " චිත්‍රපටය වේ.1958 වනලිය චිත්‍රපටයේ කෙටි චරිතයක් තුලින් සිනමා රංගනයට පිවිසි බාලන්  චිත්‍රපට රාශියක රංගන දායක විය.ආලෝකකරණ  ශිල්පියෙක්,නැටුම් අධ්‍යක්ෂණයෙන්, කාර්මික ශිල්පයෙන්,  සහාය අධ්‍යක්ෂණයෙන් ද සිනමාවට දායක විය.  ඔබ නැතිනම් චිත්‍රපටය සිංහල කතානාද සිනමාවේ 190 වැන්නයි .1969 පෙබරවාරි 27 මේ චිත්‍රපටය තිරගත විය.සී.සේරසිංහ, එම්. වී.බාලන්,ලෙස්ලි ද සොයිසා නිෂ්පාදන දායකත්වය දැරීය.තිරපිටපත ද බාලන් ගේ විය.දෙබස් ජෙරාඩ් ප්‍රනාන්දු ගෙනි.කැමරා අධ්‍යක්ෂණය එම් ඒ.ගපුර් වේ.සංස්කරණය එඩ්වින් ලිටින් ගෙනි.කළා අධ්‍යක්ෂණය ජේ.ඒ.වින්සන්ට් වේ.ශබ්ද පරිපාලනය පුංචිහේවා වේ.සංගීත අධ්‍යක්ෂණය ආර්.මුත්තුසාමි මාස්ටර් වේ.පසුබිම් ගායනා සදහා ආර්.මුත්තුසාමි මාස්ටර්,ආර්.නිර්මලා,ජේ.ඒ.මිල්ටන් පෙරේරා,ටෝනි හසන් ,සුජාතා අත්තනායක,මොහිදීන් බෙග් එච් .ආර්.ජෝතිපාල ආදීන් දායකව තිබේ.කරුණාරත්න අබේසේකර සහ නිහාල් ජයසිංහ ගී පදමාලා රචනා කළේය.මෙහි කතා සාරාංශය මෙසේය.මානසික රෝහලක් පසුබිම් වූ චිත්‍රපටයකි.සරත් (ගාමිණි පොන්සේකා )හා ප්‍රියන්ත (බැප්ටිස් ප්‍රනාන්දු )මානසික රෝගීන් දෙදෙනෙකි.කාන්ති  (අනුලා කරුණාතිලක )හා ශාන්ති (විජිත මල්ලිකා) හෙදියන් දෙදෙනෙකි.ප්‍රියන්ත මහා හඩින් රාත්‍රියේ කෑගසන්නෙකි .ඒ අරගලයකදී ඔහු අතින් මව මිය යාමේ ශෝකයෙනි.ඒ සිද්ධිය වී තිබෙන්නේ අලුයම 3 පමණය,සරත් රෝගිව  සිටින්නේ  තම සොයුරිය ගේ මරණය නිසා ශෝකයෙනි.කාන්ති ප්‍රියන්ත කෙරේ පෙමින් බැදුනද ඔහු එයට සතුටු නොවේ.ඔහු අයට ශෝරරියකට මෙන් ප්‍රිය වේ.ප්‍රියන්ත ගේ කැමැත්ත දිනා ගන්නේ ශාන්තිය.ශාන්ති ප්‍රිය කරන්නේ සරත්ටය.ශාන්ති සරත් ගේ මිය ගිය සොයුරිය ගේ ස්වරුපය වේ.සරත ගේ සොයුරිය ගේ අවතාරය නිසා සරත් සැමදා රාත්‍රියේ බියට පත්වේ.සරත් මිය යයි.ප්‍රියන්ත ද සුවවී රෝහලෙන් නික්ම යයි.කාන්ති හා ශාන්ති තනිවේ.රංගන දායකත්වයට බී.එස්.පෙරේරා,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,නෙල්සන් කරුනාගම,පුජිත මෙන්ඩිස්,ලිලියන් එදිරිසිංහ,එම් .වී.බාලන්.ජෝ අබේවික්‍රම,ඩී .ආර්.නානායක්කාර,එම් .එස්.ප්‍රනාන්දු,පොඩි රාලහාමි සේනානායක,එස්.එන් .රාජා,අනුෂා ගීතාන්ජලි,ජස්ටින් පීරිස්,රොසලින් ප්‍රනාන්දු ආදින්  එක්විය.  

            ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Friday, November 18, 2022

189 වන කතානාද චිත්‍රපටයයි.ඒ.සමාජ සතුරෝ චිත්‍රපටය වේ.

 1969  පෙබරවාරි 14 තිරගත වුවේ සිංහල සිනමාවේ 189 වන කතානාද චිත්‍රපටයයි.ඒ.සමාජ සතුරෝ චිත්‍රපටය වේ.ලීඛා චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයකි .අධ්‍යක්ෂණය ටී.සෝමසේකරන් වේ.ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කල අවසන් චිත්‍රපටය

මුදලිනායක සෝමරත්නයන්ගේ ‘සංවත්සරය’ වේදිකා නාට්‍යය එලෙසම රූපගත කර චිත්‍රපටයට නගා ඇත .තිර පිටපත රචනා කලේ  දෙබස් රචනය මුදලි නායක සෝමරත්න වේ.කැමරා අධ්‍යක්ෂණය ඒ.ටී.අරසු වේ.සංස්කරණය එස්.රාමනාද වේ.සංගීත අධ්‍යක්ෂණය අර්ර්.මුත්තුසාමි මාස්ටර් ගෙනි .කරුණාරත්න අබේසේකර ගීත පදමාලා රචනා කළේය.මොහිදීන් බෙග්,ආර්.නිර්මලා,නොයෙලින් පෙරේරා,ජිනදාස පෙරේරා අද්දෙන් පසුබිම් ගායනා කළේය.වේදිකාවෙන් සිනමාවට එක්වූ නලුනිලියන් වැඩි පිරිසක් මෙහි රංගනය විය.මුදලාලි ලෙස ඩී .එම් .කොළඹගේ  ද ගම් සභාපති ලෙස වික්ටර් මිගෙල් ද විජේරත්න වරකාගොඩ ගම මුලාදනී ලෙස ද සැමුවෙල් රුද්‍රිගෝ වෙද මහතා ලෙස ද බර්ටි ගුණතිලක උපාසක රාල ලෙසද ජේ.ඩී .ඒ.ජයකොඩි ගුරුවරයා ලෙස ද ඒ.පී.ජිනදාස පෙරේරා තැපැල් මහත්තයා ලෙස ද සුනිලා ජයන්ති මිලි ලෙස ද චිත්‍රා වාකිෂ්ට වින්නබු නෝනා ලෙස ද ප්ලිශියා පොන්සේකා ගුරුවරිය ලෙස  ද ප්‍රධාන චරිතය වොලී නානායක්කාර ද රංගනය විය සමාජයේ මිතුරන් ලෙස පෙනී සිටින සැවොම සමාජ සතුරන් බව මෙයින් කියැවිණි.සිරිමතී රසාදරී,ඇනස්ලි ඩයස් ,බී.පී.වික්‍රම සින්හද රංගනයට දැයක් විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Tuesday, November 15, 2022

1969 ජනවාරි 11 තිරගත වන්නේ "සෙනෙහස " චිත්‍රපටයයි .ඒ සිංහල කතානාද සිනමාවේ 188 වැනි චිත්‍රපටය වේ

 1969 ජනවාරි 11 තිරගත වන්නේ "සෙනෙහස " චිත්‍රපටයයි .ඒ සිංහල කතානාද සිනමාවේ 188 වැනි චිත්‍රපටය වේ.නිෂ්පාදනය ඩී .එස්.ආර් .පෙරේරා සහ හර්බට් එම් .සෙනවිරත්න වේ.ගීත රචකයෙක් ලෙස සිනමාවට පිවිස පසුව රංගන ශිල්පියෙක් වූ හර්බට් එම් .සෙනවිරත්න මෙහි අධ්‍යක්ෂක වරයා විය.කතාව සහ දෙබස්  කරුණාසේන ජයලත් ගෙනි.හර්බට් එම් .සෙනවිරත්න ද තිර පිටපතට කරුනාසේන  ජයලත්ට  සහයව තිබේ.කැමරා අධ්‍යක්ෂණය එම් .එස්.ආනන්දන් වේ.සංස්කරණය  එඩ්වින් ලිටින් ගෙනි.කළා අධ්‍යක්ෂක වරයා ජේ.ඒ.වින්සන්ට් විය,වේශ නිරුපන්ය් රෙජී ද සිල්වා වේ.සිසිර සේනාරත්න සංගීත අධ්‍යක්ෂණය කළේය.කරුණාරත්න අබේසේකර සමග හර්බට් එම් .සෙනවිරත්න ද ගීත රචනා කරන ලදී.සිසිර සේනාරත්න සමග ඉන්ද්‍රානි සේනාරත්න පසුබිම් ගායනා ඉදිරිපත් කොට තිබේ.

         කතා සාරාංශය මෙසේය..චිත්‍රපටය ආරම්භවන්නේ දෙවන් ලෝක සංග්‍රාමය අවදිය පසුබිම් කරගෙනය.ත්‍රිකුණාමලයට ජපනුන් බෝම්බ දමන විට මවක් මිය යන්නේ තම දියණිය සුමනා (ජීවරාණි කුරුකුලසූරිය)  තනි කරමිනි.කැප්ටන් විජේබාහු (හර්බට් එම් .සෙනවිරත්න )මේ තරුණියට පිහිට වේ.ඇය හා  විවාහ වීමට සිටි දිනයේ දී ඔහුට යුධ පෙරමුණට යාම සදහා විදේශ ගත වීමට සිදුවේ.මේ බව සුමනාට පවසමින් සිටින විට මුහුදු වෙරළේදී වැස්සකට හසුවේ.දෙදෙනා අසල පැල්පතකට යයි.මෙහිදී ඇතිවන සම්බන්ධය නිසා සුමනා ගැබ් ගනී.සමාජ නින්දාව නිසා සිය දිවි නසා ගැනීමට තැත්  කරනවිට කාරුණික වෛද්‍ය වරයෙක් යට පිහිට වේ.වතු පාලකයෙක් වන වික්ටර් (සුමිත් බිබිලේ )හා බිරිද සිල්වියා (ප්‍රේමා ඩැනියෙල්ස් ) යුවල දරුවකු නැති සොවින් පසුවේ. වෛද්‍ය වරයා ගගේ උපදෙස් පිට සුමනා ගේ දරුවා තමන්ගේ දරුවෙක් ලෙස හදාවඩා ගැනීමට යුවල  ඉදිරිපත්වේ.සුමනා ද ඒ නිවසේම මෙහෙකාරිය ලෙස සේවය කරයි.මේ අතර ලංකාවට පැමිණෙන කැප්ටන් සුමනා සොයා යන මුත් සුමනා හමු නොවේ.කාලය ගෙවීයයි.සුමනා ගේ දරුවා සුජාතා (ජානකි කුරුකුලසූරිය) රන්ජිත් නමැති (වොලී නානායක්කාර )සෙල්ලක්කාර වතු පාලකයෙක් හා පෙමින් බැදේ .සුජාතාව මේ සම්බන්ධයෙන් ගලවා ගන්නේ කැප්ටන්  විසිනි.සුජාතා ගේ විවාහ දිනයේදී සුමනා හා කැප්ටන් මුණ ගැසේ .සුමනා තම මව බව සුජාතා දැනගනී .හැදු මවත් වැදු  මවත්  දියණියට දක්වන .සෙනෙහස තේමාව විය.අමතර රංගනය සදහා ජෝ අබේවික්‍රම,එඩ්නා සුගතපාල,දී.එම් .කොළඹගේ ,ආතර් මාදිවෙල, ශ්‍යාමා ආනන්දන් දායකව තිබේ.චිත්‍රපටයේ හොදම රංගනය වුවේ කැප්ටන් ගේ චරිතයයි.මේ රංගනය වෙනුවෙන් හර්බට් එම් .සෙනවිරත්න හොදම නළුවා ලෙස (1970 ) සරසවි සම්මානයට පාත්‍රවිය.ජීවරාණි ද සුමනා ලෙස භාවාත්මක රංගනයට විශේස සරසවි තිළිණයක් ලැබුවේය.1970 තෙරු චිත්‍රපට තුන අතරට ද "සෙනෙහස " චිත්‍රපටය නම්විය.වතු පාලක රන්ජිත් ලෙස වොලී නානායක්කාර  හා කැප්ටන් ගේ මිතුරා ලෙස ජෝ අබේවික්‍රම ද රංගනයෙන් දස්කම් මතු කළේය.මාතු පාදං නමාමි.,මේ වාගේ හද පැවූ ,ඔබේ නාදය කොවුලෝ, සුජාතා සුජාතා ,ආදරයේ රස විහිදා ,මේ ලෝ තලේ සිතු නොසිතු ආදී ගීත වඩාත් ජනප්‍රිය විය. මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Friday, November 11, 2022

හෙළයේ ගීත රැජින ලතා වල්පොල මැතිනිය

 හෙළයේ ගීත රැජින ලතා වල්පොල  මැතිනියට 

 සුබ උපන් දිනක්‌  වේවා ආයු බෝවේවා .

උපහාරයක් ලෙස ජීවන තතු බිදක් 


1933 නොවැම්බර් 11 වන දින බම්බලයේ ජෝසප් ලින්ස් ප්‍රනාන්දු හා මාතර එලිසබෙත් මියුරියෙල්ට බම්බලපිටිය  මහ රෝහලේදී තෙවන දරුවා වූ රීටා  ජෙනවිට් ප්‍රනාන්දු ලැබිණ. ඇයට විනිෆිඩා නම් වැඩිමහලු සොයුරියක්ද, ගොඩිෆ්‍රි නම් වැඩිමහලු සොයුරෙක්ද වූහ. ඇගේ මව විවාහයට පෙර කන්‍යරාමයක ගුරුවරියක් ලෙස හා ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද කටයුතු කළ අයෙක් වූවාය.


ඔවුන් ගල්කිස්ස පීරිස් මාවතේ පදිංචියට ආ ගමන ඇගේ පසුකාලීන කලා ජීවිතයට මහත් පිටුවහලක් වූයේ, වින්සන්ද අල්විස්, සුසිල් ප්‍රේමරත්න, සී.ටී. ප්‍රනාන්දු, ඩී. ජී. වික්‍රමසිංහ වැනි ප්‍රවීන කලාකරුවන් අසල්වාසීන් වීම නිසාය.


රීටා, ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබන සමයේ පටන්ම ගායනයට, නැටුමට, රංගනයට දැඩි ආශාවක් දැක්වූවාය. පියාගේ පියානෝ එකෝඩියනයන්, වයලීනයත්, ග්‍රැමෆෝනයත් ඇගේ ඉදිරි ගමනට රුකුලක් විය.


වයස දහයේදී පමණ රීටා පල්ලියේ ගීතිකා කණ්ඩායමට තෝරාගැනිනි. පසුව ඇය එහි නායිකාව ලෙස තේරී පත් වූවාය. පාසලේ සෑම නාට්‍යයකටම ඇය ගායනයෙන්, රංගනයෙන් හෝ නර්තනයෙන් දායක වූවාය. එක් නාට්‍යයක හිඟන්නෙකුගේ චරිතය රඟමින් “තිලෝගුරු නාමයෙන්“ යන ගීතය ගයමින් කළ රංගනය කෙතරම් ප්‍රේක්ෂක සිත් ගත්තේද කියතොත්, වේදිකාවට විශාල වශයෙන් කාසි වැටෙන්න විය. වරෙක ඇය එක් රැයකින් සරස්වතී නැටුමක් පුහුණු වී ඉදිරිපත් කළාය.


ඩබ්.ඩී. අමරදේව(එදා ඇල්බට් පෙරේරා) සංගීතවත් කළ නිර්මාණයකට ඇය ඉදිරිපත් කළ හංස නැටුම ඇය ලද විශේෂ භාග්‍යයක් සේ ඇය සලකයි. සී.එල්. ෆොන්සේකා මහතාගේ ගුවන් විදුලි ගීත නාට්‍යයක සමූහ ගායනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇයට ලැබිණි. එයට පියාගේ සහ පාසලේ ප්‍රධාන කන්‍යාතුමියගේ දැඩි විරෝධතා එල්ල විය. එවිට මර්සලීන් ජයකොඩි පියතුමා සහ පී. එල්.ඒ. සෝමපාල සමඟ බිෂොප්තුමා වෙත ගිය මව සහ රීටා අවසරය ලබාගත්හ.


වින්සන්ද අල්විස්ගේ සරල ගී වැඩසටහනක ඔහුත් සමඟ “කඳුළු දෙනෙතින් වෑහෙන“ ගීතය ගැයූ ලතාට පසුව අර්වින් ෆොන්සේකාගේ සරල ගී වැඩසටහන්වලට දායක වීමට අවස්ථාව ලැබිණ. එහිදී ගැයූ “නමෝ මරියනි“ ගීතය පසුව කොලොම්බියා තැටියකට නැඟිණ.


විශේෂ

“රීටා“ අප දන්නා කියන “ලතා“ වූ ආකාරයද පුදුමාකාරය. සුසිල් ප්‍රේමරත්න හඳුනාගත් පසු, භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ “චෝඩගයි“ නම් හින්දි ගීතය ඇයට පුහුණු කරවූයේය. එහිදී භාරතීය ලතාගේ ලගන්නා ස්වරයම ඇය වෙතින් දුටු සුසිල් ඇයට ලතා යන නම සුදුසු බව යෝජනා කළේය. පවුලේ අවසරය ඇතිව ඊට පසු “රීටා“, “ලතා“ විය. ඇය ජී. එල්. ඒ. සෝමපාල මහතාගේ සරල ගී වැඩසටහන්වලටද සම්බන්ධ වූවාය.


ලතා - ධර්මදාස පෙම් පුවත ඇරඹෙන්නේ “ප්‍රේම තරඟය“ චිත්‍රපටයත් සමගිනි. 1957 දී විවාහ දිවියට ඇතුළත් වූ මොවුන් දෙපළට සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද යනුවෙන් දරුවන් සිව් දෙනෙකි.


චිත්‍රපට ගමන

“හරි හරි“ නම් ගීතය, ඇගේ ප්‍රථම ගීතයයි.(“එදා රෑ චිත්‍රපටය“) - සංගීතය - මොහොමඩ් ගවුස් සහාය ගායනය - හර්බි සෙනෙවිරත්න

තිරයේ සාමාජිකයෙක් ලෙස

1 එදා රෑ

නිළිය

1953

2 ප්‍රේම තරඟය

නිළිය

1953

3 රදල පිළිරුව

නිළිය

1954


ගීත සඳහා දායකත්වය

1 අහිංසක ප්‍රයෝගය [ හඬකැවූ ]

ගායනය - ඔ රාත්‍රියේ මේයාමේ සඳ රාජයා බලන්නේ

0000

2 එදා රෑ

ගායනය - හරි හරි හා හා

ගායනය - හැබෑට මාගේ

ගායනය - මයි ප්‍රීති ප්‍රීති ඩාලිං

1953

3 ප්‍රේම තරඟය

ගායනය - සැම මලින් රොන් සොයන්

ගායනය - හෝ හඬදී බැස යන

ගායනය - දරුණු ගිනි දැල් වී

ගායනය - උගත්තු වියත්තු

ගායනය - සැපත ස්වර්ගේ

ගායනය - හොඳ හොඳම වේය ලොව

1953

4 පුදුම ලේලි

ගායනය - පාළු වුණා හර්ද රාජ්ජේ

ගායනය - දිය ගෙදර ඇත්තේය

ගායනය - සුදු සුහද මගේ

ගායනය - ඕ මහද බිඹු කල

ගායනය - අපි පිවිතුරු වූ

1953

5 අහංකාර ස්ත්‍රී

ගායනය - හද ගලවාලා

ගායනය - ප්‍රේමයේ චන්ද්‍රයා

ගායනය - ලංකාරෙන් මලක් පිපී

ගායනය - ජීවිතේ විකාරෙකි

ගායනය - මනහාර මේ හෙල භූ®මි

1954

6 රදල පිළිරුව

ගායනය - පෙම් ලෝකේ නයන රසී පෙම්

ගායනය - මිහිර පෙන්නවා දී ආලේ පෑ

ගායනය - දින දිනේ අඳුරේ යයි

ගායනය - ආලේ කාවී කාලේ

ගායනය - සුන් සුන් සුන් ඩාලිං

ගායනය - දිලිසේවී රූපේ ප්‍රේමවන්ත

ගායනය - ගී කියන්න ගී කියන්න

ගායනය - නම්බුව සොයා සොයා

1954

7 මාතලන්

ගායනය - ඉවසනු හදේ

ගායනය - දිනිදා උදය

ගායනය - සඳ කොමලි

ගායනය - දොයි දොයි දොයි

ගායනය - පෙම්මාලා ගොතා

ගායනය - සුලලිත වූ කලා

ගායනය - දිනේ දිනේ සව්ශ්‍රීනි

ගායනය - මවලා අනේ භූමි

1955

8 දොස්තර

ගායනය - දිළිඳු බව ලැබ

ගායනය - ශ්‍රී ලංකාදීපේ

1956

9 ඩිංගිරි මැණිකා

ගායනය - මාගේ දෝසේ නිසා

ගායනය - පෙරදිග මුතු ඇටයයි මේ

ගායනය - සැබෑවේ සිහිනය මාගේ

ගායනය - පෙම් රාජ්‍යයේ

ගායනය - ගොවියා වේ රටක බලේ

ගායනය - මාව හංගා වනේ

ගායනය - කවි පංතිය

1956

10 දුප්පතාගේ දුක

ගායනය - සේතනි අයියගේ හෝටලේ

ගායනය - පුර හඳ ලෙසටම බබලනවා

ගායනය - ඉඟි බිඟි පාලා කුල්මත් වීලා

ගායනය - ආයි ආයි ලොව පෙරළෙනවා

1956

11 රම්‍යලතා

ගායනය - ප්‍රීතිය හර්දේ පුරා

ගායනය - සසරේ මේ ප්‍රේමේ

ගායනය - පෙම් යාත්‍රාව තනා

ගායනය - ආදරේ සාපෙදෝ

ගායනය - ඕ ප්‍රේමසිරි

ගායනය - සංගීතයේ සිරිඟර රසයේ

1956

12 රේඛාව

ගායනය - සීගිරි ළඳකගේ

1956

13 සූරයා

ගායනය - සුදු සුදා රෑ වුණා

ගායනය - පිවිතුරු මනහර

ගායනය - අත දෙන්න දෙන්න

1957

14 සිරියලතා

ගායනය - හොඳ කාලේ යළි ආවේ

ගායනය - හරි ගියා පරමාර්තේ

1957

15 සුකුමලී

ගායනය - සීතලයි, සීතලයි

ගායනය - හර්දේ ඇදේ

ගායනය - කෙනෙක් කොහෙන්දෝ

ගායනය - ආලෝකේ දේවි හර්දේ

1957

16 සරදම

ගායනය - නොදනිමි කොහෙද යන්නේ

ගායනය - පොඩි කාලේ හිඳ

ගායනය - නටා ගීත ගයා

ගායනය - පෙම් හද විමනේ

ගායනය - අහසේ සඳ සේ

1957

17 සූරසේන

ගායනය - ආනන්ද ශ්‍රීය වෑහෙයි

ගායනය - පාවී පාවී ආකාසේ

ගායනය - ආලෝකේ ආලෝකේ

ගායනය - වසන්තේ වනේ

ගායනය - සඳ කාන්ති වැදී

1957

18 සොහොයුරෝ

ගායනය - කෝමල ප්‍රේම සුදා

ගායනය - වැසුනා දොර ආදරේ

1958

19 දෙයියන්නේ රටේ

ගායනය - සීත ගඟුලේ සීත හිමේ

1958

20 සල්ලි මල්ලි සල්ලි

ගායනය - සිරියාව මතුවේ විනෝදේ

ගායනය - ආකාසේ ඉහළ පාවෙනවා

ගායනය - සමඟිව අදිමුකෝ දැල මූදේ

ගායනය - සාදු ප්‍රියේ භගවා

1958

21 සුනීතා

ගායනය - ප්‍රීති බෝ වේ මා හදේ

ගායනය - පායා සැංගි සැංගි

ගායනය - පෙම් ලෝකයක් මවාලා

ගායනය - කරුමේද මගේ

ගායනය - පාවි යාවි යාවී

1958

22 සේපාලි

ගායනය - දෙදෙනාගේ ආලේ

ගායනය - දැන් කාලේ වාගේ ලෝකේ

ගායනය - ඇයි අනේ වේදනා

1958

23 වනමෝහිනි

ගායනය - සිහිනේකි බාල කාලේ

ගායනය - පිපෙන පියුමන්

ගායනය - එනවයි කීවේ - නෑ තව ආවේ

ගායනය - ඩිං ඩිං ඩිං ඩිං ගැස්සෙන සද්දේ

ගායනය - දෑතට දෑතට තියලා

ගායනය - සව් සත් ප්‍රබෝධ දී

1958

24 පුරුෂ රත්නය

ගායනය - ජීවිතේ ගංගාවකි

1959

25 ශ්‍රී 296

ගායනය - මේ එන්න සනසන්නම්

ගායනය - ජීවන ගංගා ඉවුරේ අපි

1959

26 සිහිනය

ගායනය - හා හද දෙදරා

ගායනය - මගේ ජීවේ

1959

27 සිරිමලී

ගායනය - කරුණාව යුක්ති ධර්මේ

ගායනය - ආකාසේ ආවසේ

ගායනය - රන් කරලිනි සාර වෙලා

ගායනය - පෙම් හද මෝරයි

ගායනය - සිනාසේවි චන්ද්‍රා

1959

28 සංදේශය

ගායනය - රෑන ගිරා රෑන

ගායනය - පුන්සඳ එළියයි

ගායනය - රැජිණ මමයි

ගායනය - සුදට සුදේ

1960

29 සුන්දර බිරිඳ

ගායනය - සිරිය සොබන නයන

ගායනය - සිත මාගේ පෑරුණා

ගායනය - නිනි දේ නිනි දේ

ගායනය - ආදරේ මාගේ් මා දමා

ගායනය - හද සිනමාවේ නළඟන

ගායනය - රඟ පා විනෝදේ

1960

30 පිරිමියෙක් නිසා

ගායනය - සිදු වූ දේ අහෝ අපරාදේ

ගායනය - ඇඟට කඩන් මොකද වදේ

ගායනය - බහී ගංගා රාණි මං ආරං

ගායනය - සුවඳැති පිපුණු කුසුම

ගායනය - දුටුදා වගේම ලස්සනයි

1960

31 වීර විජය

ගායනය - ඉරණමට සැවොම ගැති වේවි

ගායනය - ආසිරිදායක මෑණි

ගායනය - පෙම් තිසරානෝ

ගායනය - සිසිල හමන්නේ

ගායනය - සෝ ගිනි බුර බුරා

1960

32 කුරුළු බැද්ද

ගායනය - ඔය බැල්ම ඔය කැල්ම

ගායනය - කුරුළු කොබෙයි පරෙවි වගේ

1961

33 සුවිනීත ලාලනී

ගායනය - දොයි දොයිය පුතේ

ගායනය - තනි වී මේ ලෝකේ්

1961

34 දරුවා කාගේද

ගායනය - චන්ද්‍රා පායා

ගායනය - එන්නකෝ ගන්නකෝ

ගායනය - නිල්වලා යාවි පාවෙලා

1961

35 අදට වැඩිය හෙට හොඳයි

ගායනය - සෙත්සිරි සෙත්සිරි මංගල වේ

ගායනය - සෝක සුසුම් මාරුතේ

ගායනය - බාලොලි ලොලි දොයිය බබා

ගායනය - රසඳුන් නෙත දී සදසේ

ගායනය - ආව් ආව්

1963

36 සුහද සොහොයුරෝ

ගායනය - ගීතයක් නිසා අගේ

ගායනය - සෝ ගිනි හදේ නැඟ ඒ

ගායනය - සමඟි දමින් බැඳිලා

ගායනය - ඔයයි මමයි විනෝදේ

1963

37 උඩරට මැණිකේ

ගායනය - රඟ රම්මා රං රඟ රම්මා

ගායනය - සඳ සොඳුරියගේ ගෙලේ

ගායනය - සුර නර පුජිත

ගායනය - හදේ බැඳි දා ප්‍රේ්මේ

ගායනය - සැපතේහි වේවා

1963

38 සුදු සඳේ කළු වලා

ගායනය - සුදු සඳේ එන්න අනේ

ගායනය - මල් ගස්වැල් ගංගා ලොවේ

ගායනය - සොම්නස ඉතිරේ මා හර්දේ

ගායනය - කෝ අනේ දුගියා

1963

39 දීපශිකා

ගායනය - කං කං බූරු

ගායනය - මේ ජීවිත කාන්තාරේ

ගායනය - එන්නා කරුමේ

1963

40 හෙට ප්‍රමාද වැඩියි

ගායනය - පෙම් පිඬුවයි අමා විලයි

ගායනය - බැති පෙම් දයා

ගායනය - පෙම් බැඳි අඟනක්

ගායනය - ප්‍රීති සිත ප්‍රීති

ගායනය - සොඳුරේ මිහිරේ

1964

41 ගැටවරයෝ

ගායනය - හීන හතක් මැද

හෙට ප්‍රමාද වැඩියි

  • ගායනය - පෙම් පිඬුවයි අමා විලයි
  • ගායනය - බැති පෙම් දයා
  • ගායනය - පෙම් බැඳි අඟනක්
  • ගායනය - ප්‍රීති සිත ප්‍රීති
  • ගායනය - සොඳුරේ මිහිරේ
1964

41ගැටවරයෝ

  • ගායනය - හීන හතක් මැද
1964

42කල කල දේ පල පල දේ

  • ගායනය - ආනන්දයි ප්‍රේමණීය
  • ගායනය - සසරේ දුකයි ලෝකේ
  • ගායනය - පාඩම් කළා ඉතිං ඉවරයි
  • ගායනය - ආදරයෙන් හදවත් බැඳිලා
  • ගායනය - නාදේ සුමදුර වේවා
1964

43ධීවරයෝ

  • ගායනය - සතුට සෝකේ ජය පරාදේ
  • ගායනය - නිලට නිලේ විහිදී යයි
  • ගායනය - ඇවිල්ලා ඇවිල්ලා
  • ගායනය - වැල්ල සිඹින රැල්ල
1964

44සුභ සරණ සැප සිතේ

  • ගායනය - දිළිදෙකු වුවද
  • ගායනය - තරුණ ළඳක්
  • ගායනය - සුභසරණේ බැඳිලා
  • ගායනය - සන්තාපේ සෝකේ
1964

45සමාජයේ අපි ඔක්කොම සමානයි

  • ගායනය - පායන ඔබ සුදු සඳක් වගේ
1964

46සසරක හැටි

  • ගායනය - ඔබ මාගේ ලෝකේ
  • ගායනය - නෙළුම් මානෙල්
  • ගායනය - මා මැව්ව පෙම්කෙත
  • ගායනය - හිම වත සඳුන් වනේ
1964

47සුජාගේ රහස

  • ගායනය - හද අම්බරේ පායාලා
  • ගායනය - සිතට සිතන ලෙස
  • ගායනය - ඇරඹුම කොතනද
  • ගායනය - නයන විලේ සීත ජලේ
  • ගායනය - ආම්බරේ බලන්න පුන්සඳේ
  • ගායනය - කවදාදෝ සෝබන සීන ලොවේ
  • ගායනය - ජීවනයේ ආදරයේ
1964

48සැපත සොයා

  • ගායනය - සුවබර යානේ නින්ද පුතාගේ
1965

49සතුටයි කඳුලයි

  • ගායනය - ප්‍රේමේ මිනිසා ලෝ බිහි කළේ
  • ගායනය - ජාතික ආලය දෑ අනුරාගය
  • ගායනය - අමරණීය ආදරේ රන් රස සේ
1965

50සුදෝ සුදු

  • ගායනය - ඉරණම දුක් සුසුම් මවා
  • ගායනය - ලෝකය මා හට උරණ වෙලා
  • ගායනය - සිහින සැබෑවේ
1965

51යටගිය දවස

  • ගායනය - ගඟ යන්නේ කොහෙද ගලා
1965

52හතර මහා නිධානය

  • ගායනය - ලංකා පුරේ
  • ගායනය - මාතා මාතා මාතා
1965

53අල්ලපු ගෙදර

  • ගායනය - ළිඳ තුළ මැදි වුණ මැඩියා
1965

54ළඳක මහිම

  • ගායනය - ඇසට ඇසක් හමු වුනදා
  • ගායනය - ආලෝකය දැක යන්න
  • ගායනය - වළාකුලක් ඇදී ඇවිත්
  • ගායනය - මංගල්ලේ නියම වුණා
1965

55සැනසුම කොතනද

  • ගායනය - ආදරයේ රන් විමනේ
1966

56කොළඹ හාදයෝ

  • ගායනය - ආලෝකේ දීලා අපේ
  • ගායනය - සුහද ලීලාව සෝභාව
1966

57සීතල වතුර

  • ගායනය - මංගල දිනයේ
  • ගායනය - තරු මුතුහර පළඳා
1966

58ඇතුල්වීම තහනම්

  • ගායනය - සිනාසේ සිනාසේ
  • ගායනය - ගින්නෙන් හද ඇවිලෙයි
1966

59කපටිකම

  • ගායනය - දෙහදක ආදර සුව
  • ගායනය - කුරුළු රෑන් රෑන්
  • ගායනය - මම ඔබගේ පෙම් වදනේ
1966

60සැනසිලි සුවය

  • ගායනය - මා මැව්ව පෙම් මාලිගා
  • ගායනය - සොම්නස සුළඟේ පාවෙනවා
  • ගායනය - නිති මා දල්වන පහනේ
  • ගායනය - සිතු පැතු දේ නැසී
1966

61ලයට ලය

  • ගායනය - උන්නේ මුවෙක් වගේ
  • ගායනය - වනේ පෙතේ නිසංසලේ
1966

62සැඟවුණු මැණික

  • ගායනය - පිපිලා හද විලේ
1967

63අමතක වුනාද

  • ගායනය - දෑසේ උවන ඔබයි
1967

64සරණ

  • ගායනය - චන්ද්‍රයා අඳුරු අහසේ නැගී
1967

65වසන්ති

  • ගායනය - පාවෙන රැල්ලේ කාලය
1967

66ඉපදුනේ ඇයි

  • ගායනය - පෙම් නැලවිල්ලේ
  • ගායනය - සුවඳ මලට
1967

67රෑන ගිරවු

  • ගායනය - රොන් රස බේරෙන මල් කෙමියේ
  • ගායනය - කන්ද උඩින් එන
1967

68ඔක්කොම හරි

  • ගායනය - පිපෙන මලක මී මධුවිත
1967

69බයිසිකල් හොරා

  • ගායනය - බුදු රැස් ගඟ ගලා බසී
  • ගායනය - මල් කැකුළු කුලුඳුල්
1968

70වනසරා

  • ගායනය - කල්පනා ඉගිල්ලිලා
1968

71රුහුණු කුමාරි

  • ගායනය - පිපුණු පිංකෙත
  • ගායනය - සිහින ලොවේ කවදා හෝ
  • ගායනය - පොපියන සතුටක්
  • ගායනය - දෙබැම දේදුණු දෑලේ
1968

72කොහොමද වැඩේ

  • ගායනය - හේන් මිරිස් කරලේ
  • ගායනය - ආශාවේ සිහිල් සැදැල්ලේ
1969

73නාරිලතා

  • ගායනය - අවරගිරෙත් නැත
1969

74හරි මග

  • ගායනය - ජය බිමයි නිජ බිමයි
  • ගායනය - අත්තටු සලමින් සිතුවිලි
  • ගායනය - දෑස පෙනේ නම්
1969

75මී මැස්සෝ

  • ගායනය - ගම්මානයේ සිදු වූ
1969

76උතුම් ස්ත්‍රි

  • ගායනය - යුරෝපයේ හිම වැටෙනා
  • ගායනය - පෙහෙකම් ගොවිකම්
1969

77පැන්චා

  • ගායනය - නිදන ලෝකයේ මිහිරි ද
1969

78සුමුදු භාර්යා

  • ගායනය - ප්‍රේම පරවියන් තිදෙනෙකු එක් වී
1970

79දැන් මතකද

  • ගායනය - කොහේදෝ කොහේදෝ
1970

80පේනවා නේද

  • ගායනය - මිණි මිණි මිණි ගවුම
1970

81හාරත හතර

  • ගායනය - ආශාවේ මල් පඳුරු
1976

82ආශා

  • ගායනය - රැලින් රැලට එන
1976

83හොඳ හිත

  • ගායනය - ආයුබෝවන් සැරදේවා
  • ගායනය - ඝන අන්ධකාරේ පාවේ
  • ගායනය - සැපතෙහි වේවා
1977

84යලි ඉපදේ

  • ගායනය - මේ ජීවන කඳුළු ගලා
  • ගායනය - හංකිති හංකිති කවලා
1977

85සැනසුම

  • ගායනය - උදේ මල් පිපේවි
  • ගායනය - පුංචි නීල දෑසේ
  • ගායනය - ශෝක සුසුම් මෝරා
1981

86වලව්වේ හාමු

  • ගායනය - ඇයිදෝ මා දා අමනාපයෙන්
  • ගායනය - තුරුවැල් හිනැහෙයි තටු සලා
1990

87මධු සිහින

  • ගායනය - මේ ගංගා ධාරේ
1990

88සිහින අහසේ වසන්තේ

  • ගායනය - මල් මාවතේ පාවී යමු
  • ගායනය - ආනන්ද වෙනනද රැව් දෙන්නේ
1991

89ඔබට පමණයි ආදරේ

  • ගායනය - රාමා සීතා පෙම් සටනට ආවා
  • ගායනය - ඊයේ රැයේ
1991

90ආසයි බයයි

  • ගායනය - මේ අපිව නොදන්නා
1991

91රජ කෙල්ලෝ

  • ගායනය - යෞවන සිත්වල
  • ගායනය - රන් රන් රන් සුපෙම්
1991

92ලව් ඉන් බැංකොක්

  • ගායනය - මල් මල් ලෝකයේ මල්සරා
1991

93සලඹක් හඬයි

  • ගායනය - පූජාවෝ ජීවිතේ
  • ගායනය - ආකාසේ චන්ද්‍රවෝ
  • ගායනය - ජිම් ජින් තන තන
1991

94ආත්මා

  • ගායනය - හිම රේණු වැටෙනා සීතලේ
1994


සම්මාන

මුල්ම සම්මානය “හීන හතක් මැද“ ගීතය - “ගැටවරයෝ“ චිත්‍රපටය

තවද, සරසවි සම්මාන 05 ක්

ජනාධිපති සම්මාන 02 ක්

දීපශිඛා සම්මානය

රණතිසර සම්මානය

“කලාශූරි සම්මානය“

“වීර විදහන රන්සිළු සම්මානය“ දිනා ගත්තීය.

ගායන දිවියේ ස්වර්ණ ජයන්තිය - “ලතා රන්රස ප්‍රණාම“ 1998

පනස් වසරක් තුළ සිංහල සිනමාවට කළ සේවය වෙනුවෙන් “රන්සිළු සම්මානයෙන්ද“ ඇය පුද ලැබුවාය


Saturday, November 5, 2022

187 වන කතානාද චිත්‍රපටය " අටවෙනි පුදුමය" චිත්‍රපටය විය

 187 වන කතානාද චිත්‍රපටය " අටවෙනි පුදුමය" චිත්‍රපටය  විය.1968 දෙසැම්බර් 21 මෙය තිරගත විය.කේ.ගුණරත්නම් ගේ නිෂ්පාදනයකි .එම් .මස්තාන් ගේ  අධ්‍යක්ෂනයක් වේ."පොන්නියි වාල්ග" දමිළ චිත්‍රපටය ඇසුරිනි.තිර  පිටපත ද මස්තාන්ගේම ය.දෙබස් රචනය කේ.හියුගෝ ප්‍රනාන්දු වේ.වාමදේවන් කැමරා අධ්‍යක්ෂණය කළේය.ඩබ්ලිව් .ඩී .කේ.රුබන් ගේ සංස්කරණයකි.පී.කේ තන්ගප්පන් වේශ නිරුපන ශිල්පියාවේ.සහයක කේ.සුබ්බයියාය.සහය අධ්‍යක්ෂණය ඇන්ටන් ග්‍රෙගරි දායකවිය.සංගීත අධ්‍යක්ෂනය ආර්.මුත්තුසාමි මාස්ටර් වේ.පසුබිම් ගායනා සදහා ජේ.ඒ. මිල්ටන් පෙරේරා,සුජාතා අත්තනායක ,මොහිදීන් බෙග් දායකව තිබේ.ගීත පදමාලාවන් කරුණාරත්න අබේසේකර යන්ගේය .කතා සාරාංශය මෙසේය.නන්දන (සේනාධීර රූපසිංහ )සහ චන්න (ජෝ අබේවික්‍රම )එක  කාර්යාලයේ සේවය කරන මිතුරන් දෙදෙනෙකි. චන්න මෙම කාර්යාලයේම සේවය කරන සුසිලාට (සන්ධ්‍යා කුමාරි)පෙම්බදී.එහිම සේවය කරන ප්‍රීමා (ක්ලැරිස් ද සිල්වා ) නන්දනට පෙම් කරයි.නමුත් නන්දන ප්‍රීමාට කැමති නොවේ. නන්දන බැලීමට එන පියාට (හියුගෝ ප්‍රනාන්දු ) ප්‍රීමා ගැන තොරතුරක් ලැබේ.පියා එන්නේ නන්දනට සුසී යෝජනා කිරීමටයි.චන්න සුසී ගේ පියා (ඇන්තනි සී පෙරේරා )උපායෙන් රවටා සුසී විවාහ කරගනී .ප්‍රීමා රැකියාවෙන් අස්වේ..නන්දන  ගේ සොයුරු චින්තක (රෝයි හදපාන්ගොඩ ) නිසා ප්‍රීමා ගේ සොයුරිය ලීනා(ශාන්ති  ලේඛා ) දරුවෙක් ලබයි. නන්දනගෙන් පළිගැනීමටත් අනාතවූ සොයුරිය ගේ දරුවා සුජාත කිරීමටත් ප්‍රීමා  මේ දරුවා නන්දන ගෙන්  තමාට ලැබුන බව නන්දන  ගේ පියාට පවසයි.නන්දන  ගේ පියා ප්‍රීමා  නිවසට බාර ගනී.  ප්‍රීමා සියලු දෙනා ගේ සිත්  දිනාගනී.ප්‍රීමා ගේ සොයුරිය රෝහලේදී මියයයි.නන්දන  ගේ පියා  ප්‍රීමා සහ දරුවා බර ගන්න නන්දනට කීවත් ඔහු එය ප්‍රතික්ෂේප කරයි.නන්දනට අවවාද කිරීමට නිවසට එන චින්තක තම දරුවා බව දැනගනී දරුවා පැහර ගනී. නන්දන දරුවා නැවත සොයා ප්‍රීමා ට බාර දෙයි.දරුවා චින්තක ගේ බව  ලීනා හා චින්තන ගේ  ජයාරූප පෙන්වා නන්දන සියලු දෙනාට තහවුරු කරයි.දරුවා චින්තක   බාර ගනී.නන්දන ප්‍රීමා බාරගනී.අමතර රංගනයට   ඩී .ආර්.නානායක්කාර ,ක්‍රිස්ටි ලෙනාර්ඩ් පෙරේරා,ඒ.එස්.හෙරම්බුව ,තලතා ගුණසේකර,බී.එස්.පෙරේරා,දොන් සිරිසේන,එම් .වී.බාලන් ,ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,ලිලියන් එදිරිසිංහ,විමලා කුමාරි,රිචඩ් ඇල්බට්,සුනිල් ප්‍රේමදාස ,එඩ්මන්ඩ් සමරනායක  දායකව තිබේ.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.

Wednesday, November 2, 2022

186 වන චිත්‍රපටය වේ. එය " වහල් දුපත " නම් විය.

 1968 දෙසැම්බර් 01 තිරගත වුවේ සිංහල කතානාද  සිනමා වේ 186 වන චිත්‍රපටය වේ. එය " වහල් දුපත " නම් විය.ශාන්ති අබේසේකරගේ අධ්‍යක්ෂණයකි.ශාන්ති 1953 තිරගත වූ "පුදුම ලේලි  " චිත්‍රපටයේ වෛද්‍ය වරයෙක් ලෙස කෙටි චරිතයකින් සිනමාවට එක්විය."සැඩ සුළං ", "සිරකරුවා", " දස්කම" ,චිත්‍රපටවල උප ප්‍රධාන චරිත ද කළේය.රෝලන්ඩ් අමරසිංහ ගේ "කොළඹ හාදයෝ"චිත්‍රපටයෙන් වඩාත් ජනප්‍රිය විය.එහි එන ධර්මදාස වල්පොලයන් ගැයූ "ජීවිතේ ප්‍රීති සංචාරෙකි " ගීතය විශේස විය.වහල් දුපත චිත්‍රපටයේ කතාව ,දෙබස්,,තිර රචනය ද සහ නිෂ්පාදනය ද ශාන්ති අබේසේකර වේ.එම් .එස්.බෙලිඅත්ත ද නිෂ්පාදන දායකත්වය දැරුවේය.කැමරා අධ්‍යක්ෂණය ඩබ්ලිව්.ඒ.බී.ද සිල්වා වේ.සංස්කරණය ඒ.ටී.කුමාර් වේ.කළා අධ්‍යක්ෂණය ප්‍රේම් ජයන්ත් ගෙනි.ශබ්ද පරිපාලනය මර්වින් රොඩ්රිගෝ වේ.වේශ නිරුපනය උපාලි විජේසිංහ ගෙනි.සටන් සහ නැටුම් අධ්‍යක්ෂණය ද ශාන්ති අබේසේකර ගෙනි,සහය අධ්‍යක්ෂණය සරත් සන්දනායක දායක විය.සංගීත අධ්‍යක්ෂණය ආර්. මුත්තුසාමි මාස්ටර් ගෙනි.ගීත පටිගත් කිරීම් කදාන සුන්දර සවුන්ඩ්ස් වේ.සරත් සන්දනායක සහ දයා හේමන්තා අබේසේකර පසුබිම් ගායනා කළේය.ගීත රචනය මානෙල් පෙරේරා ගෙනි.කතා සාරාංශය මෙසේය. මේ චිත්‍රපටයේ තේමාව වුවේ දරුවන් පැහැර ගෙන මාළු වාඩි වලට ගෙනයන කණ්ඩායමක් සහ ඊට එරෙහිවන මිතුරන් කණ්ඩායමක් පිළිබද පුවතකි.වහල් වාඩි ගැන අසන සරත් (ශාන්ති අබේසේකර )එබදු දුපතකට පැමිණේ.ළමුන් පැහැර ගෙනවිත්  කරවල වාඩිවලට යොදවන කණ්ඩායමක් පිළිබද තොරතුරු එහිදී සොයා ගනී.එහි දෙමල ජාතික මාළු වෙළෙන්දා ගේ (ඔස්ටින් අබේසේකර )දියණිය (චන්ද්‍රකළා )සමග සරත් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගනී . තම පියා ගේ අමානුෂික ව්‍යාපාරය නතර කිරීමට සරත් ට උපකාර කරන්නේ ඇය වේ.පොලිසියට තොරතුරු ලබාදෙන සරත් මිතුරන් සමග වහල් වාඩියේ මැරයන් හා සටන් කර දරුවන් බේරා ගනී. සරත් ගේ නගරයේ පෙම්වතිය හා සරත් ගේ නැගණිය හා මිතුරාගේ ප්‍රේම සම්බන්ධතා ද අතුරු කතා ලෙස විකාශනය විය.සෙසු රංගනය සදහා රැල්ෆ් විජේසේකර,පියදාස විජේකෝන්,ක්ලෙමන්ට් විජේසිංහ,සුනිලා පෙරේරා,එම් .එස්.බෙලිඅත්ත ,සුනිල් සෝම පීරිස් ආදීන්  දායකව තිබේ.සුනිල් සෝම පීරිස් සිනමාවට එක්වන්නේ ද මේ චිත්‍රපටයේ චරිතයක් තුලිනි.1969 පැවති 6 වැනි සරසවිය සම්මාන උළෙලේදී මෙහි රඟපෑ චන්ද්‍රකලා නිළියට විශේෂ තිළිණයක් හිමි විය.1970 ගුවන් විදුලි සම්මාන උළෙලේ හොදමකලා අධ්‍යක්ෂණයට ප්‍රේම ජයන්ත් සම්මානයක්  ලැබුවාය.  මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.


Tuesday, November 1, 2022

185 වන කතානාද චිත්‍රපටය "ආදරවන්තයෝ " චිත්‍රපටය වේ.

 185 වන කතානාද චිත්‍රපටය "ආදරවන්තයෝ " චිත්‍රපටය වේ. මෙය තිරගත වන්නේ  1968-නොවැම්බර් -24 දිනදීය.ඩී .එම් හෙට්ටිආරච්චි සහ මර්වින් හෙට්ටිආරච්චි දෙදෙනා  ගේ නිෂ්පාදනයකි.අමරනාත්‍ ජයතිලක ගේ අධ්‍යක්ෂනයක් විය.ඔහු සිනමා විචාරකයෙක් ලේඛකයෙක් ලෙස ප්‍රකටව සිටියේය.ඉන්දියාවේ මහා සිනමාකරු සත්‍යජිත් රායි ගේ සමීපතමයෙ  ක් මෙන්ම අනුගාමිකයෙකි.එසේම ලෙස්ටර් ජේම්ස් පීරිස් යටතේ ද චිත්‍රපට මාධ්‍ය ය අධ්‍යනය කළේය.ධර්මසිරි ගමගේ කතාව සහ දෙබස් ලියා තිබේ.තිර පිටපත සහ කළා අධ්‍යක්ෂණය ද අමරනාත් ජයතිලක ගේමය.කැමරා අධ්‍යක්ෂණය  සෝමපාල ධර්මප්‍රිය ගේය . සංස්කරණය එස්.එම් .නිෂාන් වේ.වේශ නිරුපනය ඊබට් විජේසිංහ වේ.ශබ්දාගාරය සහ රසායනාගාර කටයුතු සරසවි චිත්‍රාගාරය වේ.ශබ්ද පරිපාලනය මර්වින් රුද්‍රිගෝ වේ. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාස යන්  ගෙනි.සුජාතා අත්තනායක ,වික්ටර් රත්නායක ,නන්දා මාලනී පසුබිම් ගායනා කළේය. ගීත පදමාලා මර්සලින් ජයකොඩි පියතුමා සහ  ධර්මසිරි ගමගේ විසිනි.කතා සාරාංශය මෙසේය.නිමල්  (ටෝනි රණසිංහ )සේවය කරන්නේ දෙපා අහිමිව සිටින සමරසේකර ගේ (මයිකල් සුබසිංහ) ගරාජ්යේය.සමරසිංහ ( ගේ දෙපා අහිමි වන්නේ රේසිං කාර් පැදවීමකදීය .මේ නිසා සමරසේකර ගේ සිහිනය නිමල් රේසිං කාර් තරගයට ඉදිරිපත්කොට ජය ගැනීමවේ..සමරසිංහ ගේ බිරිද රූපා (සුනිලා ජයන්ති )සමාජ සේවා කටයුතුවල දේ නමුත් සැමියා පිළිකුල් කරයි.නිමලව තම වසගයට ගැනීම අගේ අරමුණ වේ.සැන්ඩෝ (ඩී .ආර්. නානායක්කාර ) ගරාජයේ සේවකයෙකි.ජේමිස් සින්නෝ (ජෝ අබේවික්‍රම )ටැක්සි රියදුරෙකි.අහිංසක පුද්ගලයෙක් වන ඔහුගේ බිරිද මිය ගොස් තිබේ.එකම දියණිය සුමනා (මාලනී පොන්සේකා) නිමල් හා යාලුය එය පියාද දැනුවත්ව වේ.සමාජ ශාලා අයිතිකරුවෙක් වන බේබි මහත්තයා (වොලී නානායක්කාර )මුදල් මංකොල්ලයක් සදහා ජේමිස් ගේ ටැක්සිය ඉල්ලයි.රුපියල් ලක්ෂයක් දෙනවා කීවත් ජේමිස් අකමැති වේ.ජේමිස් මේබව නිමල්ට ද කියයි.බේබි තම සගයන් යොදවා සුමනා ගේ වසු පැටියා රාත්‍රී සොරකම් කරවයි.බේබි සුමනාට බලහත්කාරකම් කරන විට නිමල් පමින්සුමන බේරා ගනී.නිමල් ගේ ගරාජ්යේදී ජේමිස් ගේ රථයට බේබි බෝම්බයක් සවි කරවයි. බෝම්බය පිපිරීම නිසා නිමල් අනතුරට ලක්වේ.සුමනා නිමල් බැලීමට රෝහලට එනවිට රූපා ද පැමිණේ.රූපා තමන්ගේ නිවසට නිමල් ගෙනයාමට උත්සාහ කරයි නිමල් සුමනා ගේ නිවසට යයි.තමා රුපාට ප්‍රේම නොකරන  බව නිමල්  සුමනාට කියනු රූපා අසා සිටි.මේ නිසා රූපා සුමනා ට පහර දෙයි .නිමල් මැදිහත්ව බේරා ගෙන රූපා නිවසින් පලවා හරි.රූපා බේබි සමග අනියම් සම්බන්ධයක් ඇතිකර ගනියි. රේසිං තරගයේදී  නිමල්ට අනතුරක් කරන ලෙස රූපා බේබි ගෙන්  ඉල්ලයි.රේසිං  තරගයේදී බේබිගේ රථය පෙරලේ.රෝහලේ දී බේබි මියයන්නේ නිමල් ගෙන් සමාව ඉල්ලමිනි.දුම්රිය මාර්ගයක් දිගේ ඇවිද යන රූපා පසුව සිය සැමියාගෙන් සමාව ගනී.නිමල් සුමනා විවාහ වෙති ඔවුන් මධු සමයට යන රේසිං රථයේ " ආදරවන්තයෝ" යන්න ප්‍රදර්ශනය වේ.සෙසු රංගනය සදහා හියු පෙරේරා ජෝ ජයමාන්න ,එච්.ඒ.ඔලිවර් පෙරේරා,ලාල් රුද්‍රිගෝ,සුනිල් සාන්ත පෙරේරා,බස්නායක හාමිනේ ,දායක විය."හිමාලේ සීතල සෙවනේ" ගීතය ට හොදම ගායකයා ලෙස වික්ටර් රත්නායක සරසවි සම්මාන  ලැබුවේය.  මර්සලින් ජයකොඩි පියතුමා ලියු "පුංචි පැංචි " ගීතය ගැයූ නන්දා මාලනී හොදම ගායිකාව ලෙස සම්මාන ලද්දාය.මෙය කෙටි ච්ත්‍රපටයක් නිසා මේ සමග සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කල  "රන්වන් කරල් "අර්ධ වාර්තා චිත්‍රපටය ද  තිරගත විය.මේ  ලිපිය සැකසීමේදී ආචාර්ය  නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය ග්‍රන්ථයද  ගාමිණී වේරගම යන්  ගේ දේශීය සිනමා වංශය  ග්‍රන්ථයද  පරිශීලනය කළ බවද ඉසුර වික්‍රමාරච්චි  ගේ සිනමා තොරතුරු ජායාරුප ලබාගත් බවද ස්තුති පුර්වකව සටහන් කරමි.