Monday, December 2, 2019

විශිෂ්ට රංගන ශිල්පී විමල් කුමාරද කොස්තා

විමල් කුමාරද කොස්තා 1948 07 04 කැලණියේ දී උපත ලද්දේය. කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. කොස්තා වේදිකාවට අවතීර්ණය වෙන්නේ ද ගුරුකුල මහා විද්‍යාලය තුලින්මය. පළමු වේදිකා නාට්‍ය ඒ ජේ සෙල්වදුරේගේ
" ගොඩෝ එනකං" විය. ඒ ආරම්භයත් සමග ප්‍රසිද්ධ වේදිකාවේ සංදර්ශන වන අන්දරේ
" යකාගේ කම්මල" "සිත් පෙරලිය" "දියසේන" රංගන දායක විය. හේ ඉන් අනතුරුව ජනප්‍රිය කලාවට පිවිසීමෙන් පසුව සුගතපාල ද සිල්වා, ඩබ්ලිව් ජයසිරි සහ තවත් එවැනි සම්භාව්‍ය නාට්‍යකරුවන්ගේ "දුන්න දුනු ගමුවේ" "හිත හොද අම්මණ්ඩි" පුටු "කොරා සහ අන්දයා" "නැට්ටුක්කාරයෝ" "කවුරුත් එන්නේ නෑ" වැනි නාට්‍ය රංගනයට දායක විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අභිරුපන කලා වේදියා (මයිම් ආට්ස් ) විමල් කුමාර ද කොස්තා වේ. එම මනොරාජිකා රංගන අතර "පෙම්වතා" "ජායාරුප ශිල්පියා" "චාලි චැප්ලින්" "ඉනිමග" "මගියෙක්" "ආදරේ වේදනා" විශේෂිත වේ .ආචාර්ය ගාමිණී හත්තොටුවේගම, බන්දුල විතානගේ, සරත් කැල්ලපොත, හා ධර්මසේන පතිරාජ ආදීන් ගේ රචනාවන් මීට දායක විය.
විමල් කුමාරද කොස්තා මහතාගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය ධර්මසෙන පතිරාජයන් හරහා සිදුවිය. ඒ 1969 තිරයට පෑයු "සතුරෝ" කෙටි චිත්‍රපටයෙනි. 1970 වසන්ත ඔබේසේකරගේ "වෙස්ගත්තෝ" ප්‍රථම සිනමා ආගමනය විය. 1970 සිට 1980 දක්වා ප්‍රශස්ථ සිනමා අත්දැකීම් සිනමා අස්වැන්න කොස්තා නෙලා ගත්තේය.
"බබරු ඇවිත්" චිත්‍රපටයේ සමාජවාදියා, "එයා දැන් ලොකු ළමයෙක්" හි අසීලාචාර තරුණයා, "අහස ගව්ව" කලකිරුණු අපේක්ෂා භාංගවූ තරුණයා වැනි චරිත ඔහු ගේ සාර්ථක සිනමා අස්වැන්න වේ. 1963 රග දැක්වූ "දුන්න දුනු ගමුවේ" හි හොදම වේදිකා නළුවා ලෙස රාජ්‍ය නාට්‍ය උළලේදී සම්මාන ලැබීය.
මෙම චිත්‍රපටවලට ඔහු ලැබූ විවේචනාත්මක ප්‍රසාදය නිසා ඔහුට වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට වලද චරිත නිරූපණයන් සඳහා බොහෝ ආරාධනා ලැබෙන්නට විය. බොහෝ අධ්‍යක්ෂකවරු කැමති නළුවෙකු බවට පත්විය. සුනිල් ආරියරත්න මහතාද වෙනත් චරිතයන් අතර 1979 දී සරුංගලේ හි විස්කි වෙළෙන්දෙකු ලෙසද භාවිතා කළේය. ගාමිණී ෆොන්සේකා විසින් සාගරය මැද (1981) මතට ඇබ්බැහි වූ සිරකරුවෙක් ලෙස ඔහු ගේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන ලදී. 1970 ගණන්වලින් පසුව කලාතුරකින් සිදු කළ සැහැල්ලු චරිත වැඩි ප්‍රමාණයකට යොමුවිය විය. "සිල්වා" සහ "ජීවිතයෙන් ජීවිතයක්" වැනි චිත්‍රපටවල ඔහු ප්‍රධාන චරිත නිරූපණය කිරීමට පටන් ගත් කාලය ද මෙය වේ. 1990 දශකයේ සිට ඔහු බොහෝවිට චිත්‍රපටවල විහිලුකාර චරිතයක් කර ඇත. "නිල්ල සොයා", "ආශාදෑසින්", "මල්කැකුළු', "චංචල රේඛා" වැනි චිත්‍රපට වලින් සේන සමරසිංහ යන්ටද ඔහු නැතිවම බැරි නළුවෙක්, විනෝදය සපයන්නෙකු බවට පත්වි.
1970 වෙස්ගත්තෝ ආරම්භයේ සිට 2019 සංගිලි චිත්‍ර පටය දක්වා චිත්‍රපට 128 ක් පමණ ඔහු ගේ රංගන දායකත්වය ලබා දී තිබේ. විටෙක ත්‍රාසය මවමින් චන්ඩියෙක් ලෙස ද විටෙක සමාජවාදීයෙක් මෙන්ද හාස්‍ය මතුකරන විකටයෙක් මෙන්ද දර්ශනවාදී උගතෙක් මෙන්ද විවිධ චරිත ඔහු විසින් මවා ඇත.
ඒ රංගන දායකත්වය මෙසේ පෙළ ගස්සා දැක්විය හැක. "හත්දින්නත් තරු" පෙරේරා දොස්තර, "දාහකින් එකෙක්" චන්දරේගේ මිතුරා, "අහස ගව්වේ" ගුනේ, "එයා දැන් ලොකු ළමයෙක්" සිරිපාල, "මරුවා සමග වාසේ" ජස්ටින්, "බබරු ඇවිත්" වීරසේන, "අනුපමා" සිමා, "සාගරයක් මැද" මතට ඇබ්බැහි සිරකරුවා, "රක්තා" උමාරි, "එක්ටම් ගේ" මාටින්, "චංචල රේඛා" වේ දං චුටිට පෙම් බැදී පොඩි මහත්තයා, "ඈතින් ඈතට" විමලේ ආදී වේ. එම චිත්‍රපටයේ 'කැන්දන් යන්නම් මල්මාලා දාලා' ගීතය ද සමුහයේ එක චරිතයක් කොස්තා ගේ විය.
අප්‍රමාණ ප්‍රේක්ෂක හදවත් මුසපත්කල ඒ සුවිශේසී රංගධරයා 2016 11 16 දී ස්වසන දුශ්කරතාවක් මුල්ව කළුබෝවිල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කල අතර නොවැම්බර් 20 වනදිනදී වසර 68 රංගනය නිමකොට දිවිරගමඩලෙන් බැස ගියේය ....අගස් ගව්වේ ගුනේ ද අකටයුතු ක්‍රියා පටිපාටියක දී පාර මාරුවන විට ජීවිතයෙන් සමුගත් රුප රාමු සමග පසුබිමේ වාදනය වූ.... ඉරා අදුරුපට පෙරදිග අහසේ පොකුරු පොකුරු තරු නිවියන්නට පෙර අරුනලු උදයේ දිලිසෙන පිනි මත පියමන් කොට ......කදුලක් සුසුමක් හැදින් ගලන තෙක් එකමුතු වී අපි ඉමු මිතුරු එන්න මගේ පියමිතුරෝ ගීතය ....ඔබට සිහි කැදවමින් විමල් කුමාර ද කොස්තා ගේ ආපදානය නතර කරමි ......
එතුමාට අමා මහ නිවන් සුව අත්වේවා.

No comments:

Post a Comment