Monday, December 2, 2019

සුමින්ද සිරිසේන මහතා හමුවූ දවස දිනය 2019 06 09 වන ඉරුදිනයි.

සය වෙනි ආනන්දනීය සිං හල සිනමාවේ සහෘදයන් කළා කෙත අස්වද්දන්න උරදුන් ජනමන පිනවූ සොදුරු මිනිසුන්ට උපහාර පිදීමේ තුන්වන අදියර සදහා යාමට අපි අද ගම්පහ මුලික රෝහල අසලට එකතු උනෙමු. මමත් ඉන්දික මල්ලවආරච්චි මහතාත් රෝහල අසලට යනවිට නිහාල් ගමගේ මහතා සහ ආනන්ද වික්රමාරච්චි මහතා එතනට එක්ව සිටියේය. සුළු මොහොතකින් අපේ අදියුරු ආනන්ද ගමගේ මහතා සමග ධම්මිකා වික්‍රමතුංග මහත්මිය, ලතා පෙරේරා මහත්මිය, රංජිත් ප්‍රේමලාල් මහතා හා සිනෙස් පුවත් පතේ ඡායාරූප ශිල්පී මහතා ද, ඒ සමගම වාගේ විජි ශ්‍රී මහත්මිය, අරුණ ශාන්ත මහතා හා සමන් ආර්ට්ස් මහතා ද පැමිණියේය. ප්‍රදීප් ධම්මික මහතාද, රජීව රණසිංහ, ජනේෂ් චතුරංග මහතා, සෑම් පෙරේරා මහත්මිය, චතුර පතිරණ මහතා අපේ ගමනට එක්කවූ අනිකුත් හිතවතුන්වේ. සුළු මොහොතකින් එක්වරම හදිසි වර්ෂාවක් ද ඇද හැලිනි. එය අපේ ගමනට මල් වැස්සක් සේය. වැස්ස පායන විටම අපේක්ෂිත සියලු සහෘදයන් එක්විණි. සමන්ත වීරකෝන් මහතාද ඊට මදවේලාවකට පසු එක්වූ අතර, විශේෂයෙන්ම ඉතා හදිසි රාජකාරී කටයුත්තක යෙදීම නිසා ආනන්ද වික්‍රම මහතාට පැමිණීමට නොහැකි උවද එතුමාගේ දායකත්වය අපට ලබාදුනි. අද දවසේ ආරධිතයන් ලෙස වසන්ත සනත් මහතා, රෝහණ සිරිවර්ධන මහතා , නොයෙල් ජයමහ මහතා, ජානක ඉල්ලුකුම්බුර මහතා හා ලලිත් රත්නායක මහතා ද අපි හා එක්විය. සියලුම පිරිස 25 පමණ විය පෙරවරු 9.45 රෝහල අසලින් පිටත්ව අපි අද දිනයේ උපහාර පුදන සුවිශේසී කලාතරුවාණන් සොයා ගියේය .......අපි ගම්පහ කච්චේරිය ලගින් හැරී ශ්‍රී බෝධි පාරේ ඇතුලට ගමන් කළෙමු.....(.ගම්පහ කච්චේරිය ද සිංහල සිනමාවට දැඩි සම්බන්දතාවක් ඇති සුවිශේෂී තැනක් වේ. පරසතු මල් හි බොනී මහත්තයා ගේ රුගතවීම් සිදුවූ වලව්ව මෙහිවේ. )
දුහුළු මලක්හි උපාලි වූ ද, දඩුමොණරා හි පුංචි මහත්තයා වූ ද ගුරු ගෙදර මගුල් ගෙදර අමුත්තාවූ ද, සප්ත කන්‍යා හි සරත් වූ ද, යකඩ පිහාටුවේ විල්සන් අයියා වුද සමනලතටු හි සොත්ති මාටින් වුද උත්පලවන්නාහි වෙද මහත්තයා වුද, ඉර හදයට වෙළෙන්දා වුද, ගාමණි හි ස්කොල මහත්තයාවුද, ඇතුළුව සිනමාවේ චිත්‍රපට 13ක සෙසු ප්‍රධාන භූමිකාවන් ද, මනමේ කදා වළලු, සිංහබාහු, මහාසාර, මේග, බව කඩතුරාව, රෝමය ගිනි ගනිද්දී මී පුර වැසියෝ වැනි වේදිකා නාට්‍ය හා ගුරු තරුවේ ලොකු ඉස්කෝල මහත්තයා වූ ද, අන්දරේ ලා හි මහරජ්ජුරුවෝ මෙන්ම වේදිකාව තුලද, ටෙලිසිනමාවේ ද සුවිශේසී රංග වින්‍යාසයන් පා අප හදවත තුල සදා නොමියෙන මතක චරිත මවා පෑ සුමින්ද සිරිසේනයන් බලන්න උපහාර පුදන්න ආනන්දනීය සිංහල සිනමාවේ අපි එතුමාගේ ගෙමිදුලට ගොඩ වැදුනෙමු .....අපුර්ව උත්කෘෂ්ට රංග පර්තිභාවක් මවා පෑ ඒ රංගධරයානෝ අද සිටින අයුරු දකින අපේ නෙතග කදුලක් මතුකලේ ජීවිතයේ අනිත්ය පසක් කරමිනි. විවිධ චරිත අනභිබනීයලෙස රංගනයෙන් ජනමන පසක් කල ඒ සොදුරු රංගධාරියා අපහසුතාවෙන් වුවද පිවිතුරු සිනාවෙන් දෙඅත් පපුවට තබා ආයුබෝවන් කියා අප පිලිගත්තේය. නමස්කාර පුර්වකව අපිද එතුමාට ආචාර කලේ නිරෝගිවේවා දීර්ගායුවේවා යන හර්දයාංගම ආශිර්වාදයෙනි ..
අපේ අදියුරු ආනන්ද ගමගේ මහතා විසින් ආනන්දනීය සිංහල සිනමාව ගැන කෙටි හැදින්වීමක් කිරීමෙන් අනතුරුව අපේ සහෘදයන් එක් එක්කෙනා වශයෙන් හදුන්වා දෙමින් පුද්ගලිකව එක් එක් අය එතුමාට ආචාර සමාචාර කරන්න්ට අවස්ථාවක් උදා විය. වසන්ත සනත් ශිල්පියාණන් සිතුවම් කල සුමින්දයන් ගේ ජායාරුපයක් මේ අවස්ථාවේ අපේ දෙටු සාමාජික ආනන්ද වික්‍රමාරච්චි සහ වසන්ත සනත් මහතා එකතුව පිරිනමන ලදී. එසේම උපහාර ඵලකයක් ද අදියුරු ආනන්ද ගමගේ මහතා විසින් හේතු පාඨය කියවා එතුමාට ගෞරවයෙන් පිරිනමන් ලදී. ඉන් අනතුරුව සුමින්ද සිරිසේන මහතා සහ අපි, ලතා පෙරේරා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් සියල්ලෝම එකතුව දුහුළු මලක් හි එන බොද මීදුම් කදුරැල්ලේ ගීය ගායනා කළේය. සුමිදයන්ද සෙමින් සෙමින් ගීය තොල් මතුරන විට අපට විශාල සතුටක් දැනිණි. මල් හිනා නගන්න සුසුදු ආදරේ ගීතයත්, මධුරයාමේ සුවදේ සාමේ ගීතයක්, මීපුර වැසියෝ නාට්‍යයේ පොත්හතක් අටක් යන ගීයද ගායනා කළෙමු. මේ අතර වාරයේ සුමින්දයන් ගේ ප්‍රියාදර භාර්යා තොමෝ පුතනුවන් සමග එකතුව තේ පැන් සංග්රහයක්ද අපවෙත පිරිනැමුවේය. සුමින්දයන් වෙනුවෙන් අපේ ආනන්දනීය සිංහල සිනමා එකතුවෙන් පරිත්‍යාගයක්ද පිරි නැමූ අතර එය ධම්මිකා වික්‍රමතුංග මහත්මිය සුරතින් පිරිනමන් ලදී. එසේම එතුමාට සෙත් පතමින් මහා ජයමංගල ගාථා සජ්ජායනාවක් ද අප සිදුකළේය. (රණවීර මහතා ඊට ප්‍රමුඛ වූ බව මෙහිලා සදහන් කල යුතුය. -ආනන්දනීය සිංහල සිනමාව ) එතුමා ගේ සතුට මෙන්ම අපට සිහිවටනයක් ලෙස පුද්ගලිකව ජායාරුප ගැනීමක් ද එතුමාගේ කාරුණික අවසරය මත සිදුවිය. වෙලාව මධ්‍යාහ්න 12 ට ආසන්න වන විට අපි අතීතයේ අපේ හද මන පිනවූ උත්කෘෂ්ඨ අභිමානනීය රංගධරයකු හට උපහාර පුදකොට එතුමාට නිදුක් නිරෝගී දීර්ගායු පතමින් එතුමා රැකබලා ගනිමින් සෙවනැල්ල සේ සිටින ලීලා සිරිසේන මහත්මියට හා දරුවන්ට ආශිර්වාද ස්තුතිය පිරිනමා එතුමාගේ නිවසින් පිටත්වුවෙමු .
ඉන් අනතුරුව අපේ ආනන්දනීය සිංහල සිනමාවේ දෙටු සාමාජික චිත්‍රශිල්පී ප්‍රදීප් ධම්මික මහතා ගේ ආරාධනයෙන් එතුමාගේ නිවසට පැමිණුනේය.
ආදරයෙන් අපව පිළිගෙන පලමුව සිසිල් පැනින් අපහට සංග්‍රයක් ලබාදෙන ලදී. ආනන්දනීය සිංහල සිනමාවේ දෙටු සාමාජිකම ප්‍රදීප් ධම්මික මහතා වෙතද උපහාර සමරු ඵලකයක් පිරිනමන ලද්දේ ආනන්ද ගමගේ මහතා ගේ ආරාධනයෙන් රණවීර කත්තොට වන මා හා විජි ශ්‍රී මහත්මිය විසිනි . අප ගේ සිනමා හමුවේ ඉදිරි කටයුතු ගැනද සුහද කතා බහක් ද එහි දේ විය. ආනන්දනීය සිංහල සිනමාවේ ඉදිරි සැලැස්මවල් දෙකක් එහිදී අපට දැනගන්නට ලැබිණි. එසේම අපේ කණ්ඩායම සතුටේදී මෙන්ම දුකේදීත් පිහිට විය යුතු බවද ඒ සදහා අපේ සැලැස්මන් එහිදී අපි විසින්ම සැලසුම් කරන ලදී.
ඉන් පසු පැමිණියේ දහවල් ආහාරය භුක්ති විදින අවස්ථාවයි. ඉතාම ප්‍රනීතව අතුරු පසද සමග අපට ආදරයෙන් සෙනෙහසින් පිරිනැමූ ප්‍රදීප් මහතාට මෙන්ම එතුමාගේ දයාබර මෑණියන් මෙන්ම නැගණිය මෙන්ම මස්සිනාව වෙතද අපගේ ස්තූතියි මේ අවස්ථාවේදී පුද කල යුතුමය. පස්වරු 3.00 ආසන්න වනවිට අපේ හෘදයාංගම තුතිය පවුලේ සැමට පිරිනමා අපි සතුටින් සෙනෙහසින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් එනිවසින් පිටව ආවේය ....
ආදරණීය සෙනෙහෙබර පරාර්ථකාමී හිතවත් සහෘද පිරිසක් සමඟ ගත කල තවත් සොදුරු දවසක් මෙසේ නිමාවට පත්විය.

No comments:

Post a Comment