Tuesday, December 3, 2019

සිංහල සිනමාවේ අසහාය සටන් වේදී විල්සන් කරූ නාරත්න

ලුම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විල්සන් කරුණාරත්න මහතා පාසැල් සමයේ සිටම දෙස් විදෙස් සිනමා පටවලට ඇලුම් කල තැනැත්තෙකි ඔහුට අවශ්‍ය සටන් ජවනිකාවන් නරඹන්නයි. මෙහෙම යන අතර මොහිදීන් මාස්ටර් ගෙන් චීන අඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළේය. පුණ්‍යා බුලත්සිංහල ගේ යොමු කිරීමක් මත 1974 වසරේ තිරගතවූ සුබයර් මකීන් ගේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ සටන් ජවනිකාවක මුලින් ම ඉදිරිපත් කළේය. පළමු ප්‍රතිවාදියා වුයේ ද අසහාය සටන් අදියුරු මෙන්ම සටන් නළු රොබින් ප්‍රනාන්දු රංග ශිල්පියාණෝය. තමන් ගේ කුසලතාවය අපුරුවට ප්‍රේක්ෂකයන්ට පෙන්වා දුන්නේය. ජීවන ගංගා, සරදියෙල් ගේ පුතා, යකඩයා, හිත මිතුරා, සංඛ පාලි, හිතුවොත් හිතුවාමයි, කොටි වලිගය, දෙමෝදර පාලම, යකඩ පිහාටු ච්ත්‍රපට අදටත් ප්‍රේක්ෂක හදවතේ නොමියෙන මතක සටහන් ඇතිකරලීමට සමත්වේ. සටන් නළුවකුටම තම චරිතය සීමානොවී දුෂ්ඨයා ලෙස ද අපුරු රංගනයන් සසර චේතනා හි නිකලස්, සත්වෙනි දවස අමනුල්ලා, කොටි වලිගය, දෙමෝදර පාලම මොරිස්, දිනුම එකදා වැහි, රෝදය පැටී මහත්තයා, වරදට දඩුවම් කරු, පාලිමන්ට් ජෝක්ස් වලිසුන්දර ලෙස සිනමා දුෂ්ඨයා ලෙස ජන මන හද බැද ගත්තේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි මොහොට්ටාල, කෝ හතුරෝ චිත්‍රපට වල ප්‍රධාන භූමිකාවන් ත්‍රාසජනක ලෙස ඉදිරිපත් කළේය. කිවුලේ ගෙදර මොහොට්ටාල හි අඩි 80 පමණ සිට කල පිම්ම, සසර චේතනා හි දුම්රියේ සටන මාරක අවස්ථාවන්ය. 1974 හදවත් නැත්තෝ තුලින් වූ සිනමා ආගමනය 2014 පරපුර දක්වා ඇදී ආවත් රංගන කාර්ය තවම නිමානොවී ඇත. මේ වනවිට රංගන දායකත්වය ලබා දුන් චිත්‍ර පට 80 ආසන්නය. සිනමාවේ සිටි සක්විති ගාමිණී, ආදරණීය විජය ගේ පටන්ම මෙතෙක් රිදී තිරයේ සිටි සෑම රංගන ශිල්පියෙක් සමගම සටනකට නො පැටළුනානම් එය පුදුමයකි .ස්වර්ණවාහිනියේ විකාශනය වූ දන්න කෙනක් චිත්‍රපටයේ එම වැඩ සටහන අතර තුර අකිල සමගද සටනක් කළේය. නිළියන් ද කිහිපදෙනකු මොහු හා සටන් වලට පැටලී තිබේ. තමන්ගේ දක්ෂතා තරමට ඇගයීමක් නම් සිදුවුනා දැයි අපට ද ටිකක් සැක සහිතය. ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් මෙතුමා
අගයය කලෝය. ඒ 2019 03 20 වන දින මෙතුමාට සමරු ඵලකයක් පිළිගන්වමින් මෙතුමාගෙන් එදා අපි විදි රසය එතුමාටම පැවසුවේය. මහත් අමන්දානන්දයට පත් මෙතුමා එදා " මා ජීවිතයේ ලැබූ ලොකුම වින්දනයක් මේ දවස කියූ මෙතුමා, සැබෑ සිංහල චිත්‍රපට රසිකයන්ගෙන් ලැබූ මේ අගය කිරීම වෙන කිසිදා නොලැබූ" බව පැවසුවේය. එසේම අපි ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් සහභාගි වූ අශෝක සෙනරත් මුදලිගේ මහතා සංවිධානය කල ගාමිණී ෆොන්සේකා මහතාගේ ගුණ සැමරුම් උළෙලකදී සිනමාවේ අති දැවැන්තයන් නුදුටුවත් විල්සන් කරූ නම් පැමිණ සිටියේය .ඒ හැම දෙයක්ම මතක් කරමින් ඔබට නිදුකින් නිරෝගිව යෙහෙන් වැජඹෙන්නට සුබ උපන්දිනයක් වේවායි සිනමාවට ආදරේ කරන ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් විසින් සුබ පැතුම්......( ආචාර්ය නුවන් නයනජිත් කුමාර සුරින් ගේ ශ්‍රී ලංකේය සිනමා වංසය තුලින්ද තොරතුරු ලබා ගත් බව සෙනෙහසින් බැතියෙන් සටහන් කරමි) .

No comments:

Post a Comment