Tuesday, December 3, 2019

එඩ්වඩ් ටෙනිසන් කුරේ……

කන්ද උඩරට බොදු හේරත් මුදියන්සෙලා ගේ රන් මැනිකා සහ පාත රැටික්යෙක් වන එඩ්ගා ආතර් කුරේ යන අයගේ පුතනුවන් වූ එඩ්වඩ් ටෙනිසන් කුරේ උපත ලබන්නේ මොරටුවේදීය. මොරටුවේ මෙතෝදිස්ත පාසලෙන් අධ්‍යාපනය ලබා ඇත. පාසල් සමයේ සිටම කලාවට ලැදියාවක් ටෙනිසන් තුල විය. අපායේ තප්පර අසූහාර දහසක් නාට්‍ය පිටපතක් ලියා නිෂ්පාදනය කලේ පාසල් සමයේය. ඒ වෙසක් නාට්‍යයක් ලෙසය. පසුකලෙක මේ කතාව චිත්‍රපටයකටද නැගිණි. කුඩා කල සිටම සිනමාව ගැනද ඇල්මක් ටෙනිසන්ට වුයේය. මුලින්ම පුරුෂ රත්නය චිත්‍රපටය නරඹා එහි එන ළමා නළුවන් ගේ රගපෑමට සිත වැටීමෙන් පළමු ආසාව ඇතිවූ බව ටෙනිසන් ප්‍රකාශ කරතිබේ. එසේම අල්ලපු ගෙදර චිත්‍රපටයද එකොලොස් වතාවක් නරඹා එහි දෙබස් කට පාඩමින් කියන්න තරම් ඔහු දක්ෂයෙක් විය. රේඛාව චිත්‍රපටයේ රංගනයන් ද මේ ඇල්ම වැඩි කළේය. ඕනෑම කෙනෙකුට යම් දෙයක ස්ථාවරයක් ලබාගන්න ඒ පිළිබද උපරිම අශාවක් ඇල්මක් තිබිය යුතුයි. ටෙනිසන්ටද ඒ අශාව එලෙසින්ම විය. චිත්‍රපට නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂන වලටත් ඉදිරිපත්විය. නමුත් නළුවෙකු ගේ ප්‍රතිරූපයෙන් ඔහු මදක් එපිට සිටි නිසා ප්‍රතික්ෂේප වීම් වැඩිවිය .ජීවන සිනමාවේ දී ද ඔහු යම්යම් අවස්ථාවල රංගන කලබව වරෙක ඔහුම ප්‍රකාශ කර තිබේ. දුම්රියේ යනවිට ටිකට් පරීක්ෂක වරුන්ට මගහරින වැනි රංගන ඔහු කරන්නේ ටිකට් එක අතේ තබාගෙන ටිකට් නැති කෙනකුලෙසයි .වරක විනෝද සමය මෙහෙයවන ඇල්ප්‍රඩ් පෙරේරා සහභාගිවන උත්සවයකදී ටෙනිසන් ද සිටියේය. ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ප්‍රමාද වනවිට විහිළුවක් කර සභාව පිනවන්නටද ටෙනිසන්ට සිදුවිය. ඒ අතර ඇල්ප්‍රඩ් පෙරේරා මහතා පැමිණියේය .නමුත් ඔහු ගේ ඉල්ලීම පරිදි ටෙනිසන් කතාව දිගටම කරන ලදී. එදා ඇල්ප්‍රඩ් පෙරේරා මහතා ටෙනිසන් ගේ කුසලතාව අගය කළේය. විනෝද සමය නැරඹීමට ගුවන් විදුලියට යන්න ද වරම් ලැබිණි. හෙතෙම චාටර් නොවී තමන්ගේම උත්සාහයෙන් ඉදිරියට එන්නට සිතා ගත්තේය. 1972 දී බර්මින් ලයිලි මහතා සමග හද ඇදී සිත්තම් නමැති විත්ති කතා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය .1974 දී දිනේශ් ප්‍රියසාදගේ ඇක්ෂන් නමැති විත්ති කතා චිත්‍රපටයේද පිටපතද ලියමින් රංගනය ද කළේය. හේමසිරි සෙල්ලප්පෙරුමගේ ජීවන්ති ඔහු ගේ ප්‍රථම චිත්රපටය වේ. එහි සුළු චරිතයකින් වූ ආරම්භය ඔහු සිනමා ලෝකයට අවතීර්ණව ප්‍රමුඛ පෙලේ විකට නළුවන් අතරට එන්නට වාසනාව ලද්දේය. ටෙනිසන් නොම්මර එකයි බන්දු සමරසිංහ සමග කල රංගනය ඔහු ඇත්තෙන්ම කදිම ප්‍රහසන නළුවෙක් බවට පත් කළේය. ප්‍රධාන විකට නළු යුගල ඔවුන් දෙදෙනා විය. එහි ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත යුගලට වුනේ එය විකට චිත්‍රපටයක් වූ නිසාමය. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කල මෙය රාජ් රණසිංහ නිෂ්පාදනය කළේය. දිනේෂ් ගේ ඊළග චිත්‍රපටය වන පෙරළිකාරයෝ ටෙනිසන් කතාව දෙබස් ලියා ඇත. විජය කුමාරතුංගයන්ගේ ප්‍රථම නිෂ්පාදනය වන වරදට දඩුවම් චිත්‍රපටයද එසේමය. ඉන්පසුව සිනමාවේ ඉහලම තලයේ ජනප්‍රිය මෙන්ම සුපිරි නළුවන් සමග ද රංගනයට දායක විය. විජය සමග පෙරළිකාරයෝ රගපෑ ඔහු ගාමිණී සමග දෙමෝදර පාලම රගපාමින් එහිද කතාව දෙබස් ලිව්වේය. එයද නොම්මර එකේ වැඩ පෙන්නූ දිනේෂ් ප්‍රියසාද් ගේම අධ්‍යක්ෂණයකි. පෙරළිකාරයෝ සහ වරදට දඩුවම් චිත්‍රපට වලින් හේ විකට රංගනයේ උපරිම තලයට පැමිණි රංගන ශිල්පියෙක් ලෙස ස්ථාවරයක් ලද්දේය. රාජ් රණසිංහ තිලක් අතපත්තු විජය කුමාරණතුංග ටෙනිසන් ගේ ගමනට ඉනිමන් තැබුවෝ වෙති.
1989 අකීකරු පුත්‍රයා කෙටි චිත්‍රපටය කතාව ලියා අධ්‍යක්ෂණය කළේය. වේදිකාවේ ද ජනප්‍රියම ම හාස්‍යෝත්පාදක රංග ශිල්පියෙක් වුවේ සිසිල් ගුණසේකර ගේ නාට්‍ය වලිනි. රැල්ල ...වඩමාරච්චි ..කැප්ටන් කූල් ..වැනි නාට්‍ය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්විය. හිත හොද චන්ඩියා ..පාරා දීසේ ..හිතට දුකක් නැති මිනිහා ...ආසයි බයයි ..ඇසළ සද... චෙරියෝ ඩොක්ටර් චෙරියෝ කැප්ටන් අපායේ තප්පර අසූහාර දහසක් වැනි වානිජමය ප්‍රමුඛ පෙලේ හාස්යෝත්පාදක රංග ශිල්පියා විය. මේ වනවිට ශ්‍රී ලංකා සිනමාවේ වැඩිම අයකිරීමක් කරන රංග ශිල්පියා ටෙනිසන් කුරේ මහතා වේ. 1981 ජීවන්ති ගෙන් ආරම්භකළ සිනමා ආගමනය 2019 නැති බැරි ටාසන් දක්වා පැමිණ තවම නිමා නොවී රංගන කාර්යයේ නිරතවේ. ඒ අතර 1998 වැනි කාලයේ සිංහල චිත්‍රපට වලට ඉතා අදුරු කාලයක් උදාවිය. සිනමාහල් කරා සෙනග නැතිව සිනමා කර්මාන්තයම අන්ත අසරණ විය. මේ අවස්ථාවේ රෝයිද සිල්වා ටෙනිසන් හා බන්දු එක්කරමින් " රෑ දනියෙල් දවල් මිගෙල් " නිර්මාණය කරන ලදී. මැස්සන් ඇහිරී තිබූ සිංහල සිනමාහල් වලට නව ජීවයක් ඇති විය. රෑ ඩැනියල් දවල් මිගෙල් අතිශයින්ම සාර්ථකව දින 100 පසුකරනින් ප්‍රදර්ශනය විය. බොහෝ සිනමාහල් house full විය. මේ සාර්ථකත්වයෙන් උපරිම ප්‍රයෝජනය ගත් රෝයිද සිල්වා නැවතත් රෑ ඩැනියල් දවල් මිගෙල් 2 නිර්මාණය කලේ 2000 වර්ෂයේය. ආශ්චර්‍යයකි. අංක 1 වාර්තාවද බිද හෙලමින් අංක 2 hiuse full පිට දින 100 ඉක්මවා ප්‍රදර්ශනය විය. මෙහි සාර්ථකත්වය ගෞරවයට ටෙනිසන් කුරේ,බන්දු සමරසිංහ, රන්ජන් රාමනායක යන ත්‍රිත්වයම සම්මාදන් විය. වත්තල ගැමුණු සිනමාහලේ කළමනාකාර තුමා එදා කිව්වේ ගිය අවුරුද්දේම ලැබූ මුළු ලාභය රෑ ඩැනියල් දවල් මිගෙල් 2 , එක මාසෙකින් ඉපයූ බවයි. මේ ඔහුගෙ සාර්ථකත්වයෙන් බිදක් පමණි.
ටෙනිසන් කුරේ මහතා මේ වනවිට රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට ගණන 81 පමණ වේ. තිර රචනය කතාව දෙබස් කල චිත්‍රපටය රාශියකි. අධ්‍යක්ෂණය අතර 1989 අකීකරු පුත්‍රයා ( කෙටි චිත්‍රපටයකි ) 2011 තැන්ක් යූ බර්ටි ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපටයයි. පෙරළිකාරයෝ,
නොම්මර එකයි වරදට දඩුවම්, දෙමෝදර පාලම, අපායේ තප්පර අසූහාර දහසක්, කොලොම්පූර්ර්, වැලා ඉන් ලන්ඩන්, ඇලඩින් ගේ වැල්ඩින් ආදී චිත්‍රපට ව්ශාල ප්‍රමාණයක කතා රචකයා ඔහුය. ඊට අමතරව දෙබස් තිර රචනය ගීත ද ලියා තිබේ. බොහෝ දෙනකු ටෙනිසන් නම් රංග ශිල්පියා නිසා ජීවිතයේ එක් දවසක් හෝ සිනහ වී ඇති බව කිසිදු සැකයක් නැත. එසේම ජීවිතය ජයගත් සුවිශේසී පුද්ගලයෙක් ලෙස මේ රංග ශිල්පියා හදුන්වාදෙන්න පුළුවන්. කෙනකු හිනස්සන එක සැමටම කල නොහැක. එයත් අපුරුම කලාවක් වේ. ඒ තත්වය මොහු ලබා ගෙන ඇත. සරල නිහත්මානිකමද ඔහුතුල වේ, එදත් අදත් හෙටත් මේ රංගන ශිල්පියාට ඒ හැකියාව ලැබෙනු ඇත. එසේම ඒ සදහා එතුමාට දිරිය ලැබේවා ....වරෙක සිනමා සක්විති ගාමිණි පොන්සේකා මහතා ගේ සම්මානයක් ලබන්න ටෙනිසන් කුරේ මහතාව ගාමිණි පොන්සේකා විසින් නම් කරන ලදී ...වටිනාම සම්මානය වන ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ මෙතුමාට කරන ගෞරවයක් වශයෙන් ආනන්දනීය සිංහල සිනමාවේ අපි හෙට ( 14) වෙනිදා එතුමා මුණ ගැසී රස හෝරා තුනක් ගත කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
අපේ හද ගත් ටෙනිසන් කුරේ මහතාණෙනි ඔබට නිදුක් නීරෝගී සුබම සුබ අනාගතයකට අපි මෙසේ සුබ පැතුම් ගෙනෙන්නෙමු.

No comments:

Post a Comment