Monday, December 2, 2019

කලා කීර්ති සුමින්ද සිරිසේන

කලා කීර්ති සුමින්ද සිරිසේනයන් 1948 ජුලී 04 කෑගල්ල දිස්ත්‍රික්කයේ බොස්සැල්ල ග්‍රාමයේ උපත ලද්දේය.
ඔහුගේ පියා ගමේ සාමාන්‍ය වෙළද ව්‍යාපාරිකයකු විය. හේ සාම්ප්‍රදායික ගැමි නාට්‍ය රංගන ශිල්පියෙක් ද විය.
මව සාමාන්‍ය ගෘහණියකි. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන අතර 1963 දී ශිෂ්‍යත්වයක් ලබා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුවිය.
එහිදී සිංහල නාට්‍ය කලාව සහ කළා ක්ෂේත්‍රයට අමිල සේවයක් කල ප්‍රවීනයන් වූ ආරියවංස රණවීර, ජයසුමන දිසානායක, දයා අල්විස්, විජයරත්න අතුරුපාන යන විද්වතුන් ගේ අධ්‍යාපනය ආභාෂයෙන් සුමින්ද සිරිසේනයන් පෝෂණය විය. 1967 රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේදී අවසන් වටයට තේරී පත්වූ ගිරිකුත නාට්‍යයේ ප්‍රධාන භූමිකාවද නිරූපනය කිරීමට හෙතෙම සමත් විය. තම පාසැල් අධ්‍යාපනයෙන් පසු සිරිසේන මහතා 1969 දී ශ්‍රී ලංකා දුම්රිය සේවයට බැදෙන්නේ එහි විශේෂිත ආධුනිකයෙකු ලෙසටය. එහිදී කොළඹට පැමිණෙන එතුමා ඉන් අනතුරුව ධම්ම ජාගොඩ විසින් පිහිටුවන ලද ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ රංග ශිල්ප ශිල්පිකා පළමු ශිෂ්‍ය කණ්ඩායමට එක් විය. එහිදී රංගන ශිල්ප අධ්‍යයනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එදිරිවීර සරත්චන්ද්‍රගේ නාට්‍ය කණ්ඩායමට බැඳුණු අතර මනමේ, සිංහබාහු, බවකඩතුරාව , මහසාර සහ කඩා වළලු වැනි ප්‍රසිද්ධ නාට වලට රංගන කටයුතු වල යෙදුනහ. සුමින්ද සිරිසේන මහතාගේ ප්‍රථම ටෙලි නාට්‍ය වූයේ 1985 දී ශ්‍රී ලංකා රූපවාහිනිය විසින් නිෂ්පාදනය කරන ලද "සිහින නිම්නය" යයි. ඔහුගේ දෙවන ටෙලි නාට්‍ය වන කුමාරිහාමි, නාට්‍යයෙන් රූපවාහිනී නිෂ්පාදනයක් සඳහා ඔහු මහත් ගෞරවය ලබා ගත්තේය. ඔහු හිච්චි මහත්තයගේ අනුශාසනීය ක්‍රියාකලාපය යහපත් රංගනයක් ඉටුකළේය. එතැන් සිට ඔහු චරිත තුනක් , මොණරාතැන්න, පිපි පියුම, වැටෙන් එහා , පාරමිතා, දුම්රිය අන්දරය, මෙහෙව් රටේ, හිරුට මුවාවෙන් හා බොරළු පාර ඇතුළුව ටෙලි නාට්‍ය 40 පමණ දායක විය. හිරුට මුවාවෙන් හි මෙතුමා රගපෑ හිච්චි මාමාගේ චරිතයද ප්‍රේක්ෂ්ක හදින් කිසිදා නොමැකෙන ජනප්‍රිය චරිතයක් වූ අතර අදද ඇතැමුන් හිච්චි මාමා කියූ සැනින් සුමින්ද සිරිසේන මහතාව හදුනා ගනී
වේදිකා නාට්‍ය තුලින් කලාවට ප්‍රවිෂ්ඨ වූ සුමින්ද සිරිසේන මහතා වේදිකාව තුල සදාදරණීය ප්‍රබල රංග ප්‍රතිබාවයක් මවා පෑවේය. "අන්දරේලා" "ගුරුතරුව" "මීපුර වැසියෝ" ඒ අතර සුවිශේෂී වේ.
එතුමාගේ සිනමා ආගමනය ....1976 06.25 සිට තිරගත වූ "දුහුළු මලක්" සිට 2013 සිට තිරගත වූ "බෝම්බ සහ රෝස" දක්වා සිනමා පට 13ක් සදහා එතුමා රංගනයෙන් දායකත්වය ලබාදුන්නේය.
ඒවානම් "දුහුළු මලක්" "දඩු මොණරා" "ගුරු ගෙදර" "සප්ත කන්‍යා" "යකඩ පිහාටු" "ගිනි කිරිල්ලි" "උඩුගංයාමය" "සමනල තටු" "උත්පලවන්නා" "පිටසක්වල කුමාරයයි පැංචෝ හතයි "
"ඉරහද යට" "ගාමණී" සහ "බෝම්බ සහ රෝස" වේ. රාජ්‍ය නාට්‍ය උළෙලේ දී "මේඝ" 'බවකඩතුරාව" "අන්දරේලා" "රෝමය ගිනි ගනී" ආදී නාට්‍ය වලදී හොදම නළුවා සහාය නළුවා ලෙස ද සම්මානයට ප්‍රාත්‍රවිය. තවද රාජ්‍ය ටෙලි නාට්‍යය උළෙලේ දී සුමති සම්මාන උළෙලේදී, සිග්නිස් සම්මාන උළෙලේදීද, රයිගම් ටෙලිනාට්‍ය උළෙලේදී ද සුමින්ද සිරිසේන මහතා සම්මානයට පාත්‍රවිය. කළා කීර්ති කළා භුසන සම්මානයෙන් ද එතුමාණෝ පිදුම් ලැබූහ. 2012 වනවිට එතුමාගේ ශාරීරික සුවයට බාධා වීම නිසා කළා කටයුතු වලින් බැහැර වන්නට සිදුවිය. ලීලා සිරිසේන ඔහුගේ ප්‍රියාදර භාර්‍යාව වන අතර එතුමන්ට දරුවන් දෙදෙනෙක් වේ. ගම්පහ ප්‍රදේශයේ
ශ්‍රී බොධි මාවතේ එතුමා ගේ නිවාස පිහිටා තිබේ .රසික දන මන පිනවමින් කලාවට අමිල මෙහෙයක් කල කලාකීර්ති කලා විභුෂන සුමින්ද සිරිසේන මහතා දෙසැම්බර් 04 වනදින ගම්පහ පෞද්ගලික රෝහලකදී දිවි සැරියෙන් සමුගත්තේ කළා ලොවට තවත් පිරවිය නොහැකි හිස්තැනක් තබමිනි.එතුමාට නිවන් සුව අත්වේවා මේ ආන්දනිය සිංහල සිනමාවේ සාමුහිකව ශෝක ප්‍රකාශයයි.

No comments:

Post a Comment