Tuesday, December 3, 2019

සාඩම්බර 14 වන හමුවීම 2019 10 12 දින...ප්‍රතිභා

ආනන්දනීය සිංහල සිනමාවේ 14 වන හමුව යෙදී තිබුනේ 2019 10 12 දිනටයි. මේ දිනය සුවිශේෂී විය. ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය නිමිති කරගෙන විවිධ වැඩ සටහන් පවත්වා " ප්‍රතිභා" නමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා නේවාසික සහෘදයන්ගේ එකතුවෙන් ප්‍රසංගයක් ජාතික මානසික සුව රෝහල් ප්‍රදාන ශාලාවේදී මෙදින පැවැත්විණි. ඒ සදහා ආනන්දනීය සිනමාවටද ආරාධනයක් විය. එයට අපේ ආනන්දනීය සිංහල සිනමාවේ සහෘදයන් ද ආනන්දනීය සිංහල සිනමා සංසදයට සම්බන්දිත සිනම, වේදිකා, පුංචි තිරය හා ගායකයන් ද කලාකරුවන් ද ආරාධනා ලබා සිටියේය. එදින පස්වරු2.00 ආරම්භය සටහන්ව තිබුනද මෙම වැඩසටහන ආරම්භ වනවිට පස්වරු 2.30 පමණ විය. මේ කටයුත්තට පෙර අපේ සංසදයේ සාමාජිකාවක් වන සෑම් පෙරේරා මහත්මිය ගේ ධන පරිත්‍යාගයෙන් කල සමර් හට් එක වැඩ අවසන් කොට විචිත්‍ර කර තිබෙන අයුරු අපට අපේ අදියුරු ආනන්ද ගමගේ මහතා පෙන්වා දුනි. මේ අනර්ඝ නිර්මාණය කල සහායක කාර්‍යය මණ්ඩලයේ හිතවතෙක් වන ලක්මාල් මහතාව කැදවා සැමට හදුන්වා දෙමින් ඔහුව ඇගයීඅකටද ලක් කරන ලදී. ඉන්පසු ඇරඹුනු මේ ප්‍රසංග කටයුත්තට විශාල පිරිසක් සහභාගිවිය. ප්‍රදාන ශාලාව පිරි ඉතිරී යන පිරිසක් විය. නේවාසික සේවා ලාභීන්ද කාර්යමණ්ඩල පිරිස ද සුව සේවා අමාත්‍යංශයේ සහකාර අතිරේක ලේකම් තුමා සමග රෝහලේ ඉහල වෙද්‍ය තුමන්ලා වෙද්‍ය තුමියන්ලා ගේ සිට මාණ්ඩලික හෙද නිලධාරී නිලදාරිනියන් ද සුළු සේවක ආදී පිරිස් ද සහභාගිවිය. ආනන්දනීය සිංහල සිනමාවේ සාමාජිකයන් අතර අදියුරු ආනන්ද ගමගේ මහතා එම මහත්මිය පොඩි පුතු සිට ධම්මිකා වික්‍රමතුංග මහත්මිය, රන්ජිත් ප්‍රේමලාල් මහතා විජි ශ්‍රී මහත්මිය, මොහමඩ් රියාස් කපුර් මහතා, රජිව් රණසිංහ මහතා, ජයසූරිය නිලන්ගි මහත්මිය, තුසිත ලාල් මහතා, ඉන්දික මල්ලව ආරච්චි මහතා පුතු ඔසද පසිදු පුත, ලංකා රාජනී ගුණසේකර මහත්මිය, නොයෙල් ජයමහ මහතා, වසන්ත සනත් මහතා, රොෂාන් කදුරුවාන මහතා, ආනන්ද වික්‍රම මහතා, ලතා පෙරේරා මහත්මිය ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා, සුජිත් නිශාන්ත මහතා, අරුණ ශාන්ත මහතා, ප්‍රදීප් ධම්මික මහතා, ප්‍රියංකා ප්‍රිය දර්ශනි මහත්මිය, සමන් ආට්ස් මහතා, ජනේෂ් චන්දිමාල් මහත, ආනන්ද කුමාර පින්වනල මහතා, කුසුම් මල්දෙනිය මහත්මිය, ධම්මික ශ්‍රී මහතා, සුජීවා ප්‍රිය දර්ශනි මහත්මිය, ෂෝන් මැක්ෂිමස් දිසානායක මහතා, සුනිල් මහත්මා, දිලිප මනෝහර මහතා, ප්‍රියන්ති සෙල්වා මහත්මිය, සුනේත්‍රා ගමගේ මහත්මිය, චිරානි බෝබුවල්ගේ මහත්මිය, අනෝමා වික්‍රම ආරච්චි මහත්මිය, හංසි අබේරත්න මහත්මිය, විජේ කුමාරි මහත්මිය, සුමුදු වාසනා මහත්මිය සුභා ගුණසේකර මහත්මිය, රෝසානි මිතාරා මහත්මිය, කෞෂ්ල්‍ය පෙරේරාමහතා, අනූෂා දිල්හානි මහත්මිය, මාලා මල්දෙනිය මහත්මිය, යන අය සහභාගිවිය. රංගන ක්ෂේත්‍රයෙන් ජයසේකර අපොන්සු මහතා, එම මහත්මිය එම පියාණන්, මහේෂ් ජයසිංහ මහතා විල්මන් සිරිමාන්න මහතා, සොනාලි ප්‍රනාන්දු මහත්මිය, නාමල් උඩුගම මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය, චන්දන හේවා පතිරණ මහතා, ශාලිකා එදිරිසිංහ, (ඉක්මනින් පිටත්වුවා ය අසනීප තත්ත්ව නිසාය ), නුවනී වලිමුණි, පබසරා මධුෂානි, විල්සන් කරු මහතානන්ද, සුමිත් මුදන්නායක මහතාද සරත් දික්කුඹුර මහතා සරත් පීරිස් මහතා සැනට් දික්කුඹුර මහතා අනුෂා දීල්හානි කරුණාරත්න මහත්මිය, මංගල මඩුගල්ල මහතා, අසෝක සෙනරත් මුදලිගේ මහතා, ප්‍රසාද් ගලප්පත්ති මහතා, ආරියසේන ගමගේ මහතා ආදී ඳ මෙහි රැස්ව සිටියෝය. පලමුව ආරාධිතයන් සදහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
තේ පැන් සංග්‍රහය නිමවනවිටම සියළු ආරාධිතයන් බුලත් හුරුළු දී පිලිගත්තේ ආයතනයේ ලස්සන හෙදනිලධාරිණියන් දෙදෙනෙක් විසිනි. සියළු ආරාධිතයන් අසුන්ගැන්වීමෙන් අනතුරුව ප්‍රතිභා ප්‍රසංගය ආරම්භවිය. කලා කරුවන් හා ආනන්දනීය හිතවතුන් උදෙසා එක් පසක්ද සෞඛ්‍ය නිලධාරීන් සදහා අනිත් පසද වෙන්ව තිබිණි. නිවේදන කටයුතු සදහා ඉතා දක්ෂයන් දෙදෙනකු විය. ඒ මහත්මයෙක් සහ නෝනා මහත්මියකි. පළමු අංගය ගායක කණ්ඩායමක් විසින් පිලිගැනීමේ ගීතය ගායනා කිරීමයි. ඒ ගීයේ අන්තර්ගතය මේ ප්‍රසංගයේ අරමුණ සහ සුවසේවා වේ වැදගත් කමද කියවිණි.
ඉන් පසුව ආරාධිත්යන්ට මල් පැලදීමක් ලෝක ජාතික සුවසේවා ව වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ අය සිදුකරන ලදී. චාරිත්‍යානුකූල මගුල් බෙර වාදනය සමග සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීම වෛද්‍ය තුමන්ලා, හෙද නිලධාරීන්, කලාකරුවන් සහ සේවා මණ්ඩලයේ අයද එකතුවෙන් සිදු කෙරිණි. ඉන්පසුව දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගේ සතරවරම් දෙවිමහ රාජ ගී නදට අපුරු ලාලිත්‍ය ඇති රංගනයක් ඉදිරිපත්විය. එයද ප්‍රසංගයට ආශිර්වාදයක් මෙනි. දියණියක් මල්වර වී ප්‍රථම ස්නානය කරන දර්ශනයක් මුල්ව ගීත නාටකයක් ලෙස අපුරු රංගනයක් වේදිකාව මත දිගහැරිණි. මල්වර්යෙන් පසුව දියණිය යොවුන් විය පත්වීම සිනාමල් ගොඩක් ගීතය තුලින් පෙන්ම්නු කළේය. යෙහෙලියන් හා ඇසුර අන්න බලන් ඉදිකඩ ලග ගී රංගනයේ දැක්විණි. ප්‍රේමවන්තයෙකුගේ ඇල්ම බැල්ම වැටීම සුදු පරවී රෑනසේ ගීතය අපට හෙළිකළේය. රැවටිල්ල ප්‍රේම මායවද තවත් නවමු ගී මගින් කියා පෑවේය. ගමේ ඇවැස්ස පෙම් වතකු ගේ පැමිණීමක් ද ගී තුලින් පෙන්නුම් කෙරුණි. ගමේ පෙම්වතාට අකමැත්ත ප්‍රකාශ වුනේ කොන්දේ දිගට බැදලා වැනි ප්‍රහසන ගීයකිනි. ගමේ පෙම්වතාගේ ලැදියාව පුංචිකාලේ අපි සින්දු කියපු හැටි ගීයෙන් මතු කළේය. යනවානම් අනේ රත්තරන් නන්දා මාලනියගේ ගීය දෙදෙනා පැනලා යන බවට ඉගියකි. දුව පැනලා ගිය බව මාමයි බෑනයි ප්‍රකාශ කලේ මගේ සුදු බෑනන්ඩිට බුද්දන් සරනේ ගීය සමගය. රංගන යෙනි රත්තරන්දුවේ රත්තරන්දුවේ ගීය දෙදෙනා ගිය බවත් නැවත පැමිණීමට ආයාචනයකි. නැවත නව යුවල මාපියන් සොයා පැමිණේ පරණ පෙම් වතා පෙරදිනයක මා පෙම්කල ගිය ගයන්නේ උපේක්ෂාවෙනි ඉදීවි කොතැනක හෝ සහකාරයා ලෙස පරණ පෙම්වතාටද මනාලියක් ලැබේ. රයක් උපද්දා ගීයෙන් ඔවුන් අලුත් ජීවිතය ගැන කියැවිණි. ඉරහද පායන් ලෝකේ සැපදුක සමබර වේ ඒ ගීත නාටකය නිමාවිය. හරිම අපුරු ආශ්වාදයක් සබාතොමෝ විදගත්තෝය. මීලගට මුළුතැන් ගෙයි විප්ලවය ද අපුරු රංගනයකි. එය සේවා ලාභීන්ගේ කුසලතාව පිලිබිඹු කළේය. එහි පෙනේරය නැටුම චිත්තාකර්ශ්නීයයි. අනතුරුව ආනන්ද ගමගේ මහතා පැමිණි සිටි අපේ හිතවත් රංගන ශිල්පීන් හදුන්වාදෙමින් අප සැම පිලිගත්තේය. මෙහිදී සරත් දික්කුඹුර, ශිරෝමිකා ප්‍රනාන්දු, නාමල් උඩුගම, මහේෂ් ජයසිංහ, ෂෝන් මැක්සිමස් දිසානායක, සැන්ට් දික්කුඹුර, විල්සන් කරූ, සුමිත් මුදන්නායක ජයසේකර අපොන්සු යන මහත්ම මහත්මීන් ගැන කෙටි ඇගයීමක්ද ආනන්ද මහතා විසින් සිදුකරන ලදී. ආනන්දනීය සිංහල සිනමාව වෙනුවෙන් තිදෙනෙකුට අවස්ථාව ලැබීමද විශේෂයකි. ඉන් ජයසේකර අපොන්සු මහතා ආනන්දනීය සිංහල සිනමාව ගැන ඉතා ප්‍රශංසා මුඛයෙන් කතා කළේය. එය අප සැමටම මහත් වූ අභිමානයකි. අනතුරුව අපොන්සු මහතා එතුමා වේදිකාවේ රග දැක්වූ පාතාලයේ සොල්දාදුවෝ හා තටු නාට්‍යයේ කොටසක් වාචිකව රග දැක්වීය. අසෝක සෙනරත් මුදලිගේ මහතාගේ ගායනයත් සුජිත් නිශාන්ත මහතා ගේ ගායනයත් අපට සොදුරු ආශ්වාදයක් එක්කළේය. හින්දි ගීත වලට නර්තනයන් කිහිපයද සහජ කුසතා මතුකර පෙන්වීය. විරිදු සුරල් ද සුවසේවාවේ වැදගත්කම ජීවිතයක වටිනාකම පැය 24 සේවයට කැපවූ වෙද, හෙද සේවාවේ අගය පසක් කළේය. පරාජිත පෙම් වතකු සියදිවි නසා ගන්න ගැන උත්සාහය ජීවිතයේ වටිනාකම රංගනය ද අග්‍රගන්‍යවේ. මෙය විශේෂයෙන් ඇතුලත් කර තිබුනේ මෙවර මානසික සෞඛ්‍ය තේමාව වන prevention suicides වලට අදාලවයි. වෙද්‍ය තුමන් ගේ ස්තුති කතාව අනතුරුව කාවාඩි සංගීතයට සියල්ලෝම රංගනයට යොමුවී අසීමිත වින්දනයක් ලබා ගත්තෝය. අපි මෙන්ම සේවාදායකයෝද මනුහගීම් දැනීම් කළා කාමී බැවින් අනුන බව මේ ප්‍රසංගයේ අපට ඉතාම පැහැදිලිවිය. රාත්‍රී 6.30 වනවිට සියල්ල නිමාවිය ..උන් එදා දුන් රග දුටොත් වෙන සැපක් කවරකු පතා

No comments:

Post a Comment