Monday, December 2, 2019

ආනන්දනීය සිංහල සිනමාවේ අපි 2019 06 30....සලරූ සිත්තම් .....

ආනන්දනීය සිංහ
 සිනමාවේ සහෘදයන් හා අදියුරු ආනන්ද ගමගේ මුලිකත්වය ඇතිව දෙවන වරටත් ජාතික මානසික සෞඛ්‍ය විදායතනයේ දී 2019 ජුනි 30 දිනදී නැවත හමුවක් විය. ඒ ජනප්‍රිය වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනි අනුෂා දිල්හානි කරුණාරත්න මහත්මියගේ හා ඇගේ දයාබර ස්වාමි ලක්ෂ්මන් ද කොස්තා මහතගේ අනුග්‍රහයකත්වයෙන් පැවති ජාතික මානසික සෞඛ්‍ය විදායතනයේ නේවාසිකව සිටින රෝගීන්ට පුනරුත්තාපන වැඩසටහනක් ලෙස සංගීතය නර්තනය ගායනය සහිත මානසික සුවතා වැඩසටහනක් පවත්වා දිවා ආහාරයක් පිරිනැමීම අරමුණු පෙරදැරිවයි. මේ සදහා හේතු පාදකව තිබුනේ ඒ මහත්මිය ගේ ආදරණීය පියාණන් වන ආර් බී කරුණාරත්න මහතා සහ දයාබර සොහොයුරා වන ලක්ෂ්මන් රූපසිංහ මහතා රිය අනතුරකින් වූ හදිසි අභාවය නිසා ඔවුනට පින් අනුමෝදන් කිරීමයි. මෙයට දිල්හානි මහත්මියගේ දයාබර මෑණියන් හා පුංචි අම්මාත් සහභාගි විය. මෙදින පෙරවරු නවය වනවිට මමත් ඉන්දික මල්ලව ආරච්චි මහතාත් ජාතික මානසික සෞඛ්‍ය විදායතනයේ පළමුවන නේවාසික වාට්ටුවට ඇතුළු වනවිට අපේ අදියුරු ආනන්දගමගේ මහතා සමග ප්‍රදීප් ධම්මික, ආනන්ද වික්‍රමගේ, ෂා වීඩියෝ නිර්මාතෘ ලලිත් නිශාන්ත, දිනේෂ් චන්දිමාල් යන මහත්වරුන් එතැන සිට හර්දයාංගවම ආචාර සමාචාරයෙන් පැමිණෙන සියලු දෙනා පිළිගැනීමට සුදානම්ව සිටියේය. ඉන් අනතුරුව අපේ සහෘදයන් වන ආනන්ද වික්‍රමාරච්චි, සමන්ත වීරකෝන්, රජීව රණසිංහ, සමන් ආර්ට්ස් සහ පුතු සුජිත් නිසාන්ත, අරුණ ශාන්ත, චතුර පතිරණ, රන්ජිත් ප්‍රේමලාල්, නීල් ඉන්ද්‍රජිත්, ජානක ඉලුක්කුඹුර යන මහත්වරුන් සහ වීජී ශ්‍රී, ධම්මිකා වික්‍රමතුංග, ලතා පෙරේරා, නිර්මලා ගුණසිංහ, සෑම් පෙරේරා සහ ධම්මිකා යකුපිටිය යන මහත්මීන් ද වරින්වරට පැමිණුනි .මීට අමතරව ආනන්ද ගමගේ මහතා ගේ සහ අනුෂා දිල්හානි කරුණාරත්න මහත්මිය ගේ ආරාධිතයන් ලෙස ෂෝන් මැක්සිමස් දිසානායක, විල්මන් සිරිමාන්න, ජයසේකර අපොන්සු, විල්සන් කරුණාරත්න, සුමිත් මුදන්නායක, ප්‍රසාද් ගලප්පත්ති, මොහාන් හෙට්ටිආරච්චි, රන්ජිත් ඩයස්, හේලිය අත්තනායක, කුමාර රණපුර, සුගත් ජානක, ලසන්ත ගමගේ, ජයන්ත කරුණාරත්න, කේ ආර් සුනිල්, ආරියසේන ගමගේ යන මත්වරුන් ද රොහානි වීරසිංහ, චාන්දනී ධම්මිකා යන මහත්මීන් ද චිත්‍රපට අදියුරු ආනන්දකුමාර පින්නවල මහතා සහ ඔහුගේ සලරූ සිත්තම් නර්තන කණ්ඩායමේ පිරිසද එක්විය. මේ කාලයතුල සියලු දෙනා ආචාර සමාචාර පවත්වමින් එකිනෙකා පුදිගලිකව මෙන්ම සමුහව ජායාරුප ගැනීම ද සිදුවූ බව අප දුටුවේය. සුවිශේෂී සිද්දියක් ලෙස ආනන්ද නම් ඇති සතර දෙනකුද එක්ව ජායාරුපයක් ගැනීම ද විශේෂයක් විය. අපේ සහෘදයන් මෙන්ම ආරාධියන් ද ජීවමානව පලමු වතාවට දැකීමත් අපට මහත් සංතෘෂඨියක් ඇති විය.
2 වන කොටස
පෙරවරු 10 පමණ වනවිට අපි සියල්ලෝම අපගේ මුලික අරමුණේ කටයුතු පිණිස අපේ අදියුරු ආනන්ද මහතා විසින් ජාතික මානසික විදායතනයේ රංග ශාලාව වෙත කැදවා ගෙන යන ලදී. ප්‍රධාන රැගුම් ශාලාව වෙතට අප පිවිසෙන විට එහි සකස්වීම ගැන අතිමහත් සතුටක් දැනිණි .ඒ වෙනුවෙන් අපි ආයතනයේ ආනන්ද ගමගේ මහතා ඇතුළු වෙද හෙද සහ සියලු සෙසු නිලයන්ට ද අපගේ ප්‍රණාමය පුදකර සිටිමු. ප්‍රධාන ආරාධිතයන් අපගේ සහෘදයන් කාර්යමණ්ඩලයේ සියල්ලෝම සහ නේවාසික සහෘදයන් ද සියල්ලෝම අසුන් ගත්හ. අපේ අදියුරු ආනන්ද මහතාගේ ප්‍රියාදර භාර්යාව සිය පුතනුවන් සමග ශාලාවේ අසුන්ගෙන සිටියහ. අපගේ අදියුරු ආනන්ද ගමගේ මහතා විසින් සියල්ලෝම පිළිගනිමින් අපේ අරමුණු කාර්යපිලිබද පැහැදිලි කරන ලදුව ආරාධිතයන් සාම්ප්‍රදානුකූල පහන් දැල්වීමෙන් අනතුරුව සභාවේ කටයුතු ආරම්භ විය. ආරාධිතයන් වෙන් වශයෙන් හැදින්වීමක් අදියුරු ආනන්දයන් විසින් සිදු කරනලදී. ආනන්ද ගමගේ මහතා ගේ වචනයෙන්ම දේශබන්දු කලානිපුන චිත්‍රපට අදියුරු නර්තන අදියුරු මෙම වැඩසටහනේ ද රංගන අදියුරු ආනන්ද කුමාර පින්නවල මහතා, සටන් නළු සටන් අදියුරු සුමිත් මුදන්නායක මහතා එසේම ප්‍රවීණ සටන් නළු සටන් අදියුරු එදා සිනමා වේ ප්‍රවීනයින් හා කරට කර සටන්කල හැමදාමත් අම්බානකට ගුටි කාපු ඔබේ පරාජය අපේ ප්‍රසාදයට හේතු වූ විල්සන් කරුණාරත්න මහතා, ජේෂ්ඨ සිනමා වේදිකා ටෙලි සිනමා නළු මෙන්ම නාට්‍ය අදියුරු නිපයු වූ ජයසේකර අපොන්සු මහතා, ප්‍රවීණ රංග ශිල්පී වේදිකා ටෙලිනාට්‍යය බොහෝ රග දැක්වූ දැනට රන්බැදි මිනිසුන් වැනි නාට්‍ය රංගනය වන විල්මන් සිරිමාන්න මහතා සුප්‍රසිද්ධ ගත්කතුවර ගීත නිබන්දක, සාහිත්‍ය වේදී හියුබත් දිසානායකයන් ගේ පුත් ගායක සිනමා වේදී විචාරක පුවත්පත් කලාවේදී, විශේෂයෙන්ම සරසවියේ එදා අපි වින්ද චිත්‍රපටයක් ගැන සෑම සතියකම රහට ලියන ෂෝන් මැක්සිමස් දිසානායක මහතා,
ප්‍රවීණ රංග ශිල්පී ආරියසේන ගමගේ මහතා, ප්‍රසිද්ධ රංගන ශිල්පීනී රොහානි වීරසිංහ මහත්මිය, ජනප්‍රිය චිත්‍රපට සටන් නළු කුමාර රණපුර, වේදිකා නළු සුගත් ජානක, වේදිකා නළු මිස්ටර් බීන් හෙවත් ප්‍රසාද් ගලප්පත්ති යන මහතුන් එසේම අපේම සහෘදයන මේ අතරටම ඔවුන්ගේ ප්‍රතිභාවන් සමග හදුන්වාදීමක් ද අපේ අදියුරු ආනන්ද ගමගේ මහතා වෙතින් සිදුවිය. ඊළගට සංදර්ශනය ආරම්භවිය. හරිම චමත්කාරයි රමණීයයි හා ආකර්ෂණීය ලෙස සියලු දෙනා ගේ හද මන පිනවීමට ඒ රංගිකයෝ සමත්විය. ආනන්ද කුමාර පින්නවල මහතා සමග රංග ශිල්පිනිය ඉදිරිපත් කල පළමු ගීතය හොදට හොදයි හි මල් වැහි සීතල මල් වැස්සේ ගීතය විය ...දෙවන ගීතය සලරූ සිත්තම් රංග ශිල්පීන් ආදරේ හිතෙනවා දැක්කම චිත්‍රපටයේ රෑ දාවල් මල් හැගුම් මෙහි පානා ගීතය විය. අතීත සිනමා මතකයන් අපට සිහිගැන්වීමට මේ රගහලුවෝ සමත් විය. ජෝති මහතා එදා විජයට ගාමිණී ට ගැයූ ගීත ඇසෙද්දී ඒ රැගුම් දකිද්දී අප අමන්දානන්දයට පත්විය. සුමියුරු ජෝති 15 ක් සමඟ හිංදි ගීත 2 ක්ද සදහාද ඉදිරිපත් මේ මනස්කාන්ත දසුන් වලින් අපි එදා සිනමාවේ කිමිදුනිමි. මෙන්න සැබෑ සිංහල සිනමාව යැයි අපට මොනවට පසක් විය. මෙවන් සොදුරු වැඩසටහනක් දෙනෙතින් බලාගැනීමට තරම් අපි වාසනාවන්තයෝ වූයෙමි.
මේ සංදර්ශන නොදුටු දෑස් මොකටද යැයි දහස්වර සිතුනි.
3 වන කොටස
මේ සත්ක්‍රියාවේ දායකත්වය අනුෂා දිල්හානි කරුණාරත්න මහත්මිය ගේ අනුග්‍රහය බවත් එතුමිය එතුමිය ගේ ස්වාමි පුතනුවන් වන ලක්ෂ්මන් ද කොස්තා හා මව් තුමිය ඇතුළු තවත් අය ද මේ අවස්ථාවට සහභාගී වී ඇති බවත් අපේ අදියුරු වරින් වරට නිවේදනය කලේ ඉමහත් ගෞරවයෙන් යුක්තවයි. ඊළග රංගනයට පාදක වුනේ අබිරහස සලරුවේ එන සිතුම් පැතුම් සද ආදරේ උදාවේදෝ ගීතයයි. සුදුපාට මීදුම් ගලාලා අර පෙන කන්දේ වැසිලා...ගීතය එදත් සුරය අදත් සුරයා සලරුවේ ගාමිණී මාලනී ගේ රංගනය අපේ මනසට සිහි ගැන්විණි. හින්දි ගීතයක් සමග දර්ශනීය නර්තනයක් සලරූ සිත්තම් ශිල්පිනියක විසින් ඊළගට ඉදිරි පත්කළේය. ආනන්ද කුමාර පින්නවල මහතා ගේ රංගනය ශිල්පිනිය සමග ආශා දෑසින් හි එන අනංගරන් හී සැරේ වැදීලා ගීයට ඉතාම මනස්කාන්ත විය. සමුහ රංගනයක් ඊළගට ඉදිරි පත්වුණේ සලරූ සිත්තම් සියලු දෙනා ගේ සහභාගිත්වයෙනි. මෙතරම් සියුමැලි ද කළුගල් ගීතයට අපුරු රංග වින්‍යාසයක් සලරූ සිත්තම් රගළුවෙක් මන මෝහනීය ලෙස ඉදිරිපත් කළේය. පාට පොදක් තිලක ලා නළල් තලාවේ කස්තුරි සුවද සලරුවේ රංග වින්‍යාසය සමග සක්විති ගාමිණී ගේ සහ නිලි රැජින ගේ රග සොබා අපට පසක් කළේය. අපේ ආනන්දනීය සිනමාවේ සහෘදියක් වන ලතා පෙරේරා මහත්මිය සුජාතා අත්තනායක ගායිකා තොමෝ ගේ මල්සරා ට ප්‍රේමලෝකෙ මාලිගා තනා ගීය තුලින් සබාව රසවත් කළාය.. ජාතික මානසික සෞඛ්‍ය විදායතනයේ සේවාස්ථ තිදෙනෙක් සුනිල් එදිරිසිංහයන් ගේ රා රා පොම්බුලේ ගීතය ආකර්ශනීය රංගනයකින් ඉදිරිපත් කොට සබතොමෝ මුසපත් කළෝය. ආවා සොයා ආදරේ ගීතේ ගයයි සාගරේ අපුරු සලරූ සිත්තම ආනන්ද කුමාර පින්නවල මහතා සමග ශිල්පිණියක් ඊලග අංගයට ඉදිරිපත් කළේය. රොහානි වීරසිංහ රංගන ශිල්පිනිය තිලිනේ ලෙසින් ගීතය සමග ටික්කි ටිකිරි සිනාපා ගී දෙකක් ගයමින් අප රසවත් කළේය. ජෝතිමත් ජෝති ගේ ගීයක් සලරූ සිත්තම් රගලුවෝ සැලෙන ලෙලෙන දළුව විලස රගමින් නිතබ සලමින් අපව ආනන්දනීයත්වයට පත් කළේය. ප්‍රවීණ චිත්‍රශිල්පී ජානක ඉලුක්කුඹුර මහතා තම ගායන හැකියාව ද මතුකරමින් ගොපලු හඩේ මගේ නාමලී බැදි ආදරේ ගැන ආදර ගීය ගැයුවේය. තවත් හින්දි ගීයකට මනස් කාන්ත රංගනයක් සලරූ සිත්තම් රංගන ශිල්පිනියක් ඉදිරිපත් කරන ලදී මීලගට ආනන්දනීය සිනමාවෙන් සැලසුම් කල සමරු ඵලකයක් මෙම වැඩසටහනේ අනුග්‍රාහිකා අනුෂා දිල්හානි කරුණාරත්න මහත්මියට හා ලක්ෂ්මන් ද කොස්තා වන එම මහත්මා වෙත ප්‍රදානය කිරීමට තෝරාගත්තේ රෝහලේ ප්‍රධාන හෙද පාලිකා තුමියයි. සියලු දෙනාගේ උණුසුම් ප්‍රතිචාර මැද එය පිරිනමන් ලදී. තවත් සමරු ඵලකයක් ජාතික මානසික සෞඛ්‍ය විදායතනයේ වාට්ටු අංක 1 භාර දෙවන වෛද්‍යතුමිය විසින් මෙදින රංග වින්‍යාශයන් මෙහෙය වූ ආනන්ද කුමාර පින්නවල මහතා වෙත පිරිනමන ලදී.
4 වන අවසන් කොටස
ප්‍රවීණ රංගන ශිල්පී විල්මන් සිරිමාන්න මහතාද සාගරය බදු වේදනාවෝ ගීතය ගයමින් එතුමාගේ ගායන කුසලතාවද අපට පසක් කළේය. සලරුසිත්තම් නිමැයුම් කරු ආනන්ද කුමාර පින්නවල මහතා එම ශිල්පිනියක් සමග කොයි යන්නේ බද නලවා ලැසි ගමනේ ගීය රංගනයෙන් ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව ප්‍රවීන ගායිකා සංගීත වේදී සුජාතා අත්තනායක මහත්මිය ගේ පුත් හේලි අත්තනායකයන් අභිරහස චිත්‍රපටයේ එන ඈත දිලිසෙන හිරුසදු රන්තරු ගීය ගායනා කළේය. ප්‍රවීණ සටන් නළු සුමිත් මුදන්නායක මහතා සුබ පැතුම් එක්කරමින් අතීත සිනමා අත්දැකීම් ද මතුකර ලස්සන කතාවක් සබාවට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවේ බීන් වන ප්‍රසාද් ගලප්පත්ති මහතා ද සමන් ද සිල්වා මතා ගේ ලස්සන ගීයකින් අපව පිනවීය. ආරියසේන ගමගේ මහතාද මාලගිරවියේ ගීතය ගයා අපව රසවත් කරන ලදී. ෂෝන් මැක්සිමස් දිසානායක මහතා ආනන්දනීය සිනමාව ගැන එහි කාර්යභාරය මතුකර දෙන සේවය ගැන ප්‍රසාද සිතින් සබාව ඇමතීය.
එය අපේ ඉදිරිගමනට ආශිර්වාදයක්මවිය. මියුරු පෙම් මදිරාවේ ගීයද සලරූ සිත්තම් රගලුවෝ ඉදිරිපත් කළේය. සීත මීදුමේ ගීතයද තවත් රංගනය විදහා පෑවේය. අවසාන ගීතය රන්මුතුදුවේ පිපි පිපි ගීතයෙන් ආරම්ඹ කොට නොනැවතී සබාවේ සහෘදයන් රංගනයට එක්විය. මෙසේ ආනන්දනීය සිනමාවේ මෙහෙයවීමෙන් අනුෂා දිල්හානි කරුණාරත්න මහත්මියගේ අනුග්‍රහයෙන් පැවති සංගීත වැඩසටහන නිමාවිය. ඉන් අනතරුව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකය පුනරුත්තාපන රෝගීන්ට දිවා ආහාරය පිරිනමන් ලදී. එසේම ආනන්දනීය සහෘදයන්ද සියලුම කළා කරුවන් ද සේවාස්ථ කාර්ය මණ්ඩලයද රසමසවුලෙන් යුතු අන්නපානදී සහිත දිවා භෝජනය භුක්ති වින්දේය. මෙසත්කාරයෙන් ජනිත වන්නාවූ යම් කුසලයක් වේද ඒ පින් දෙවියෝ අනුමෝදන් වේවා එයින් ජනිතවන්නාවූ කුසල බලයෙන් අනුෂා දිල්හානි කරුණාරත්න මහත්මිය ගේ පියානන්ට සහෝදරයානන්ට අත්වී උපදින ආත්මයක් පතා මෙවන් අකල් අභාවයන් සිදුනොවේවායි අපි ඉමහත් බැතියෙන් පතමු .... එතුමානන්ලාට නිවන්සුව අත්වේවා .....

No comments:

Post a Comment