Tuesday, December 3, 2019

රංගනවේදී රෙක්ස් ජෝශප් කොඩිප්පිලි

රෙක්ස් ජෝශප් කොඩිප්පිලි 1938 ඔක්තෝබර් 6 වන දින බදුල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා දොන් හෙන්රි කොඩිප්පිලි මිනින්දෝරුවරක්යෙකි. ඔහුගේ මව ඊතන් කොඩිප්පිලිය. ඔහුගේ පියා මාස 18 ක් වයසැති විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුරකින් මිය ගියේය. ඔහුගේ සහෝදරයන් දෙදෙනා සමඟ ඔහු හැදී වැඩුණේ ඔහුගේ මව ගේ සේවනේය. ඔහු සිය සහෝදරයන් දෙදෙනා සමඟ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහුගේ සහෝදරයන් මුලින්ම පාසලෙන් පිටව ගියද, සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් ඔහු ශ්‍රී සිද්ධාර්ථ මධ්‍යම විද්‍යාලයයට ඇතුළත් විය. ඉතා කුඩා අවධියේ සිටම ගායනය දක්ෂතා දැක්වූ ඔහු වයස අවුරුදු හතේ දී අභාවප්‍රාප්ත අග්‍රමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩීබණ්ඩාරනායකයන් අතින් ඌව පළාතේ හොඳම ගායකයා ලෙස සම්මානයට ලබා ඇත.ඔහු සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී රොහාන නාට්‍ය සංගමය නමින් නාට්‍ය කවයකට සම්බන්ධ විය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන තෙක් නාට්‍ය සංගමයහි වේදිකා නාට්‍ය පහක් පමණ රඟ පා තිබේ . කොඩිප්පිලි හමුදා පොලිසියේ ශාරීරික පුහුණු උපදේශකයෙකි. 1961 දී ඔහු සිය පොලිස් සේවය අවසන් කළේය. පසුව කොළඹ කොටුවේ මරීනා කැෆේ හෝටලයේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අතර පසුව .ඔහු සලාකා හි කළමනාකරු ලෙසද සේවය කර ඇත. එහිදී ඔස්වල්ඩ් ජයසිංහ සමඟ මිතුරු විය.1969 දී ඔහු ජයසිංහව නුගේගොඩ රූපගත කිරීමකට එක්ව ගිය අවස්තාවක චිත්‍රපටයේ අධ්‍යක්ෂක කේ. ඩබ්ලිව්.පෙරේරාට මුණගැසිනි. ඒ අනුව කතුරු මුවාත් චිත්‍රපටයට සම්බන්ධව දුෂ්ඨ චරිතයක් තුලින් සිනමාවට අවතීර්ණය විය. රෙක්ස් ජෝශප් කොඩිප්පිලි ශ්‍රී ලංකා සිනමා නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ද විය . මූලික වශයෙන් ඔහුගේ සිනමා ජීවිතයේ වැඩි කාලයක් දුෂ්ඨ චරිත රඟපෑ කොඩිපිලි චිත්‍රපට 143 කට වැඩි ගණනක රගපාමින් චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළේය.1974 සිහසුන සහ 1982 බයිසිකලේ ඒ චිත්‍රපට දෙක වේ. ලොකුම හිනාව චිත්‍රපටයේ මෝටර් සයිකල් ධාවනයක් සමග සටන්කාමී මාරාන්තික රංගනයක් කරමින් අනතුරට ද ලක්වුවේය. ඔහු රංගනය කළ විශාල චිත්‍රපට අතර සිහසුනේ කාල්, දමයන්තිහි රොබට් වික්‍රමසිංහ, මරුවා සමග වාසේ සීමන් අප්පු, මුවන් පැලැස්සේ කදිරා, රක්තා හි හිසබුගා කල ධානු ගේ රංගනය, බයිසිකලේ කළු මහත්තයා, චන්දිරා හි සක්කර මාමා, කොටි වලිගයේ සාජන්ට් සිල්වා, ක්‍රිස්තු චරිතයේ පිලාත්, අහිමි දඩමං හි තුවාල ලත් මිනිසා, යනාදී චරිත සුවිශේෂීවේ .සාගරිකා චිත්‍රපටයේ පසුබිම් ගායකයකු ලෙස ද කකුළුවා නටන්නේ දිය රත්වෙනතුරු ...ගීය ගායනා කර ඇත. හේ රන් කහවනු ටෙලි නාටකයෙන් පුංචි තීරයේ ද රංගනයට එක්ව තවත් ටෙලි නාට්‍ය වලට ද රංගන දායකත්වය දුන්නේය .එතුමා සරසවිය කුසලතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇත්තේය. 1986 විවාපත් ඔහු ගේ සහකාරිය කැතරින් කොඩිප්පිලි වූ අතර ඔහුට ප්‍රසන්න, රෝසාන්ති, සුරේකා නමින් දරුවන් තිදෙනෙක් වේ. 1971 සිට 2017 දක්වා කාලය තුල චිත්‍රපට 143 ට වඩා දුෂ්ටයෙක් ප්‍රේමවන්තයෙක් සටන්කාමියෙක් වැනි චරිත තුලින් ජනමන පුබුදු කල කල මේ රංගවේදියණෝ අද අසුපස්වන විය පසුකර සිටින විට 2023 දෙසැම්බර් 24 දිවිමඩලෙන් සමු ගත්තේය එතුමාට ආනන්දානිය සිංහල සිනමාවේ සාතිශය ශෝකය පළකරමු.

No comments:

Post a Comment