Tuesday, December 3, 2019

ජනහද දිනු ප්‍රවීණ රංගවේදියා අමරසිරි කලන්සුරිය

1940 සැප්තැම්බර් 20 දින මහනුවර උපත ලත් අමසිරි කලංසූරිය ගේ දෙමාපියන් වුයේ ෆ්රැන්සිස් අප්පුහාමි සහ බෙන්ගමුවා අරච්චිගේ පොඩි හාමිනේ යන දෙදෙනාවේ. කලංසූරිය බාල කාලයේම මව් වියෝවීම අභාගයයකි. කලංසූරිය කිරිබත්කුම්බුර ශ්‍රී ස්වර්ණජෝති පාසලෙන් පාසැල් ජීවිතය ආරම්භ කළ අතර පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය. කලංසූරියගේ වයස අවුරුදු 15 දී ඔහුගේ පියානන්ද මියගිය විට ඔහුට දෙමව්පියන්ගේ භූමිකාවට යොමුවීවට සිදු වූ වූ අතර ඔහුගේ සහෝදරයන් තිදෙනා රැකබලා ගැනීමට ඔහුට භාර විය. හේ පසුව දුෂ්කරම කාල පරිච්ඡ්දයකට මුහුණ පෑවේය. නමුත් ජීවිතය ජයගත් හෙතෙම අවසානයේ දී සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙක් බවට පත් විය. පසුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට හෙතෙම යොමු විය. කලංසූරිය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ මහියංගනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සුළු සේවකයෙකු ලෙසය. ඉන් පසු ඔහු ශ්‍රීලාංකික හමුදාවේ ලාන්ස් කෝප්රල්වරයෙකු ලෙස සේවය කළේය. හමුදා සේවයට එක්වුවත් එහි දිගින් දිගටම රෑදීමක් නොවීය, පලායාම් පවා සිදුවි ඇත. ඉන්පසු මහනුවර හි මල්ලිකා චිත්‍රාගාරයේ සේවය කළ අතර පසුව ඔහු මහනුවර ලයන් කැෆේ හි සේවය කළේය. කැපේ හිමියා සමඟ ඇති වූ ආරවුලකින් පසු ඔහු කිසිවෙකු යටතේ වැඩ නොකරන බවට තීන්දුවක් ගෙන දුෂ්කර වැඩකටයුතුවල නිරත විය. මේ සඳහා ඔහු රු. 300 ක් ගෙවූ අතර පසුව කෑගල්ලේ සහ පේරාදෙණියේ ඇඳුම් අලෙවි කරන කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඉන් සාර්ථකත්වයට පත් වූ ඔහු මැහුම් ක්ෂේත්‍රයට පිවිසියේය. ලලිත් අතුලමුත්දාලි වැනි නැගී එන දේශපාලන චරිත සමග කුළුපගව හමුදාවට ඇඳුම් සාදා ස්ථාවරයක් හදා ගැනීමට මෙහිදී ඔහුට අවස්ථාව ලැබුණි.
ඉන් අනතුරුව අහඹු ලෙස සිනමා ක්ෂේත්‍රයට ආගමනය විය. ඒ හන්තානේ කතාව තුලිනි කලංසූරිය සිය පළමු චිත්‍රපටය රඟපෑවේ විජය කුමාරතුංග සමඟ සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කතාව චිත්‍රපටයේය. කලංසූරිය, "කලං" ලෙස ජනප්‍රිය විය. ඔහු ගේ දෙවන සම්මානනීය චිත්‍රපටය අහස් ගව්ව විය. ඒ තුලින් 1974 දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.
1978 දී අපෙක්ෂා චිත්‍රපටයේ රඟපෑමට එච්.ඩී ප්‍රේමරත්නයන් ආරාධනය කළේය. මාලනී සමග එහි ප්‍රධාන චරිතය තුලින් නැවතත් ජනාදරයට පත්විය. ඔහු 1986 දී ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු නිපදවූ පූජා චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළේය. ඒ සඳහා වසරේ හොඳම සහය නළුවා ලෙස ජනාධිපති සම්මානය ලැබීය. ඩී බී නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද දිමුතු මුතු ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු රූපවාහිනී කතා මාලාවේ කලංසුරිය ප්‍රධාන චරිතය රඟපෑවේය. තවත් විරාමයකින් පසුව, කලන්සූරිය 2001 දී රොඩ්නි විදානපතිරාන අධ්‍යක්ෂණය කල ශිල්ප දෙනු මැන චිත්‍රපටයට නැවත පැමිණියේය. 1969 සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් ආරම්භවූ සිනමා ආගමනය තුල ඔහු රංග ප්‍රතිබාව දැල්වූ චිත්‍රපට පෙළ ගැස්ම මෙසේය.
1969 රැයත් දවාලත් 1970 අක්කර පහ 1970 නිම්වලල්ල
1974 අහස් ගව්ව
1975 තරංගා
1978 අපේක්ෂා ද 1978 අනුපමා
1978 බබරු ඇවිත් 1979 පොඩි මල්ලි 1980 කාංචනා
1980 පරිත්‍යාගය 1980 සිංහ බාහු
1981 වජිරා
1981 සාගරයක් මැද 1982 ප්‍රදීපා
1982 යස ඉසුරු
1982 සක්විති සුවය 1983 සමනල සිහින 1984 වැල්ලේ තැනු මාලිගා
1985 රැජින
1985 ඩොරීන්ගේ සයනය
1986 මල් වරුසා
1986 පුජා
1987 පොඩි විජේ 1990 පෙම් රජ දහන 1991 දොළොස් මහේ පහන
1994 150 මුල්ලේරියාව 1994 අඹු සැමියෝ 1994 අහස් මාලිගා 2004 දිය යට ගින්දර 2009 රෝසමල් සයනය
2014 කේ සේරා
2017 හිමකතර දක්වා රංග පෙළහර දැක්වේ .
රංගන කාර්යයේදී සරල සුගම පිළිවෙලක් කලංසූරිය අනුගමනය කළේය. නළුවෙක් නොවූ ඔහු තාරකාවක් විය. අදින ඇදුම පවා වෙනස්ම ආකාරයකට විය. ඩෙනිම හැදී නළු චරිතයක් සිනමාවට හදුන්වා දුන්නේද කලංසූරිය යයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ. ආයාසයකින් තොරව රංගන ප්‍රතිබාවෙන් ප්‍රේක්ෂ්ක හද මන බැද ගත්තේය. එදා අපි ඔහුවෙත බැදුන ආදරය අදත් එසේමය. එතුමා ගේ අදහස් අනුව තමන්ගේ භාර්යාව ගේ මගපෙන්වීම ජීවිතයට ආලෝකයක් වූ බව එතුමා පවසයි. ගෞරවකලයුත්තන්ට ගෞරවකලයුතු බව ඔහු ගේ ප්‍රතිපත්තිය විය. අපේක්ෂා චිත්‍රපටයේ මාලනිය සිප ගැනීමේ රුප රාමුවකදී එයප්‍රතික්ෂේප කලේ එබැවිනි. අවසානයේ ඒ රංගන අවස්ථාව සදහා කලං ගේ ඇදුම් ඇදගත් ඩොනල්ඩ් කරුණාරත්න පෙනීසිටි බව කලංසූරියම ප්‍රකාශ කර තිබේ. පසුගිය කාලය මෙතුමා දැඩිලෙස ගිලන් වූයේය.
වර්ථමානයේ නීරෝගී දිවියක් ගත කරන එතුමාට තව තවත් නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ පතමු.

No comments:

Post a Comment